රෝසි හතරවන කොටස | Rosi 04 Kotasa



01 මෙතනින්  - රෝසි පළමු කොටස 
02 මෙතනින් - රෝසි දෙවන කොටස

හතර වන කොටස

අම්මෝ ලස්සන සත්සර මහත්තයාගේ මූණ නයි කූම්බි කාලා වගේ බලා ඉද්දි ඉදිමුනා.සුදු ෂර්ට් එක කහ පාට තැනින් තැන .ඒ මදිවට කරපිංචා කොල දෙකක් මූණ ලගට විසි වෙලා.ලස්සනයි වගේ අප්පා මෙහෙමත්.

"තමුන්ට ඔලුව හොද නැද්ද කියනවා.බලනවා මගෙ ඇදුම .දෙන්න හිතෙනවා හොම්බ රිවට් වෙන්න.කල වැද්දි."

සත්සරගෙ මූණ හොදටම තරහින්.නිවර්තනා නම් නෙවෙයි මූණ වත් බැලුවෙ.සත්සර බෝල් එකේ තිබ්බ ඔක්කොම ඉදි ආප්ප ටිකට කිරි හොදි ටික වක්කලා.

"තමුසෙ වාඩි වෙලා කන්න ඕනි සේරම.මම මේ ෂර්ට් එක මාරු කරගෙන එනකොට කාලා ඉවර කරන්න ඕනි.කනවා සේරම ."

අම්මෝ මෙච්චර ඉදිආප්ප කන්න.නිවර්තනා බලා ඉද්දි සත්සර කාම්බරයට ගියා.නිවර්තනා හිමින් වාඩි උනා.ආයෙ කන්න පටන් ගත්තා.තව ඉදි ආප්ප එකක් වත් කන්න බෑ.එච්චර බඩ වුල්.ඒත් තව ටිකක් ඉතිරියි.

සත්සර ලස්සන ෂර්ට් එකක් ඇදගෙන ආවා.කෙල්ල හිමින් හිමින් කනවා.කනවා නෙවෙයි අතගානවා .දැන්නම් ඉන්න බෑ.බඩ පුපුරන්න ඔන්න මෙන්න .ඒ පැත්තට මේ පැත්තට ඇබරෙනවා .

සත්සර හිමින් ඔක්කොම බලන් ඉන්නවා .පුන්චි දෝනි ඇහැරලා හිමින් හිමින් පහලට එනවා.

"තාත්තී"

"මගෙ පණ .අන්න ස්වීට් ඩෝල් ඔක්කොම ඉදි ආප්ප කනවා."

සත්සර දෝනි වඩාගෙනම කෑම මේසෙ ලගට ආවෙ.දෝනිගෙ අත් දෙකම මූණෙ.කෙල්ල බලන්නෙ නැන්දි ඔක්කොම බෝල් එකට දාගෙන කන හින්න්දා.

"ස්වීට් ඩෝල් ආන්ටි.මේ මොකෝ මෙච්චර ලොකු වෙලා මෙහෙමද කන්නෙ.වෙරි බෑඩ් නේද තාත්තී."

මෙච්චර පොඩි එකෙක් උනත් බලනවා ඇති මම මේ කන විදිහ ශික්.විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ .

"කාලා ඉවරනම් මේ දරුවා ගන්න.මට වැඩට යන්න ඕනි."

"අම්මෝ නිවර්තනාට නිවන් ගියා වගේ මාර සතුටක් ආවෙ.ඉක්මනටම නැගිටලා අත් දෙකත් සෝදගෙන දෝනි අතට ගත්තා."

සත්සර යනකල් දෝනි එක්ක බලා හිටියෙ.පස්සෙ දෝනිගෙ වැඩ දවසම.පොඩ්ඩො එක්ක ඉද්දි වෙනම ලස්සන ජීවිතයක් ලැබුනෙ.දෝනිට නිවර්තනා නැතුවම බැරි උනා .

නිවර්තනා ඉන්නෙ.කෝ මේ සත්සර මහත්තයාගේ නෝනා කියලා හිත හිත.නිවර්තනා දවල් වෙලා කරුණා අම්මා එක්ක කතා කරන්න ඕනි නිසා දෝනි නිදි කරලා කුස්සියට ආවෙ .

"නෝනෙ මොනවා හරි ඕනිද"
"එපා කරුණා අම්මා .මට කම්මැලි හින්දා ආවා."

"ඉන්නකෝ නෝනට මම බීම බොන්න එකක් දෙන්නම්."
කරුණා අම්මා බීම එක හදනවා.නිවර්තනා හිමින් කරුණා අම්මා කිට්ටු කලා.

"කෝ මේ මහත්තයාගේ නෝනා කරුණා අම්මා .මට කියන්න පුලුවන් ද"

"අනේ නෝනා.මේ ලස්සන පුංචි පවුලට වෙච්චි දෙයක්.එදා නෝනා මහත්තයා මේ පුංචි බේබි එක්ක ටිකක් එලියට ගියා.මම ගෙදර හිටියෙ.

පාක් එකේද මොකේද ඉද්දි මහත්තයාට හදිස්සි වැඩකට යන්න වෙලා.පුංචි බේබි උන්චිල්ලා පැද පැදලු ඉදලා තියෙන්නෙ.වාහනයක් ඇවිත් නෝනා අරන් ගිහින්.

පුංචි බේබි අඩන සද්දෙට අහල පහල අය ඇවිත්.පස්සෙ මහත්තයා එද්දි පුංචි බේබි අඩ අඩ ඉදලා.මහත්තයා පිස්සෙක් වගේ අඩ අඩ නෝනා හොයන්න දැගලුවා.කවමදාකවත් නෝනා මහත්තයා රංඩු වෙලා නෑ.නෝනා මලක් වගේ.කනට ඇහෙන්න කතා කරන්නෙ නෑ.

බැදලා අවුරුදු ගානක් හිටියා බබාලා නැතුව.ඒත් කවමදාකවත් රංඩු කරගෙන නෑ.

සතියක් ගියා ඒත් නෝනා නෑ.පුංචි බේබි අඩනවා කිරි නැතුව .අනේ බොහොම අමාරුවෙන් අපි පිටි කිරි හුරු කලේ."

කරුණා අම්මා කදුලු පිහදානවා.

"සති දෙකකට පස්සෙ රෑක මහත්තයාට කෝල් එකක් ආවා.මහත්තයා පිස්සෙක් වගේ දිව්වෙ. කාන්තාවක් ඔන්න කොහෙද මන්දා කැලේක දාලා තියනවා කියලා .මහත්තයා ගිහින් බලලා අදුනගන්නවත් බෑ.මූණ පුච්චලා.මුලු ඇගම ගොඩාක් එක්ක කරදර කරලා විකලා.පුංචි බේබි වෙනුවෙන් උනපු කිරි නෝනා......"

ආයෙ කරුණා අම්මා අඩනවා .

"මේ අහස පොලොව උහුලන්න පුලුවන් ද නෝනා.මට වාවන්නෙ නෑ.මෙච්චර ලස්සන පවුල.අනේ නෝනාව ගොඩාක් එක්ක කරදර කරලා .පපුව ඇග සේරම විකලා.මුලු ඇගම අදුනගන්න බැරි වෙන්න පුච්චලා දාලා ගිහින් ."

"තිරිසන් මිනිස්සු.මරලත් මදි උන්."

"මහත්තයා පිස්සෙක් වගේ උනා.බොහොම අමාරුවෙන් නෝනා සනීප කර ගන්න දැගලුවා.ඒත් නෝනා මැරිච්ච මිනීයක් වගේ.ගිහින් බලන්නකෝ ඉන්නවා ඉස්සර කාම්බරයට වෙලා.මහත්තයා මේ අපේ නෝනා කියලා අදුනගත්තෙ ඇදුමෙන්."

නිවර්තනාට මහා වේදනාවක් දැනුනේ .හිමින් ඉස්සරහ කාම්බරයට ආවේ .කෙල්ල හොදටම බය උනා .ඒ මූණ දැක්කම රෑ නෙවෙයි දවල් උනත් හොදටම බය වෙනවා .

ඇස් ලොකු වෙලා මූණ එහෙම්මම පිච්ච්ලා .හරියටම මලමිනියක් වගේ.
නිවර්තනා ඉක්මනටම දුවලා ආවා බයේම.

හවස දෝනි එක්ක සෙල්ලම් කර කර හිටියත් නිවර්තනාට මතක් වෙන්නෙම අර මූණ .සත්සරගෙ ලස්සන පවුල් ජීවිතය .ඒ ඇස් කදුලු ආවෙ නිවර්තනා වත් නොදැනීම .

"ස්වීට් ඩෝල් ආන්ටි.මම ඔයාට අම්මි කියන්න ද."
"මගෙ දෝනිට ඕනි දෙයක් කියන්න .කමක් නැහැ මැණික ."

නිවර්තනා අදුර එක්කම දෝනි එක්ක ඉක්මනටම ගෙට ආවා.සත්සර ආවෙ ටික වෙලාවකට පස්සෙ.නිවර්තනා දෝනි එක්ක ලස්සනට ඇග සෝදලා ඇදුම් මාරු කරගෙන ඉන්නෙ.
සත්සර ආව ගමන් පුංචි දෝනි මැණික පැන්නා තාත්තිගෙ අතට.

ටිකක් ඉදලා සත්සර ගියා වෙශ් දාගෙන එන්න.හ්ම් ටිකක් වෙලා යද්දි සරමක් ඇදන් ආවා.නිවර්තනා කුස්සියට ගිහින් තේ එකක් හදන් ආවා.
"මේ තේ එක මහත්තයා ."
"අම්මි මට තේ ඕනි"

සත්සර නොදැනීම පුටුවෙන් නැගිට්ටුනා.ඒ ඇස් කදුලු එන්න ගත්තා.මෙච්චර මහත්තෙක් උනත් හදවතට ගැබුරුම තැනට දැනෙන දෙයක් කීවම කදුලු එන්නෙ අවංක ආදරය කරන කෙනෙක් හින්දා වෙන්න ඕනි.

"මොකද්ද පුතේ කිව්වෙ.අම්මා ඔයාගෙ අම්මා තමයි අර කාම්බරයට වෙලා ඉන්නෙ."
"නෑ.මේ ඉන්නෙ මගේ අම්මා"

දෝනි දුවලා ඇවිත් නිවර්තනාගෙ ඇගට තුරුළු උනා.

යාළුවනේ කතාව ලස්සනයි ද .ලයික් කමෙන්ට් කරන්න .පොඩ්ඩො දෙන්නා එක්ක කතාව ලියන්නෙ.ඉතින් අදහස් කියන්න .කතාව ඉක්මනටම ඉවර කරනවා.අදින්නෙ නෑ.

මගේ කතාවෙ අඩුපාඩු තියනවා නම් කියන්න .ඒක ගොඩාක් වටිනවා.බුදු සරණයි .කතාව බලලා නිකම්ම යන්න එපා.


Comments System WIDGET PACK