රෝසි පළමු කොටස | Rosi 01 Kotasa
පලමු කොටස
"ගරු ස්වාමීනී මේ ස්ත්‍රීය මහ රාත්‍රියේ විදියේ අසෝබන ලෙස හැසිරුනා."
"රුපියල් පන් දහසක දඩයක් නියම කරනවා.ආයෙ මේ වගේ නොකරන ලෙස අවවාද කරනවා.දඩ ගෙව්වට පස්සෙ මුදා හරින්න."
නඩු ගනනාවක් ඇහුනා විවේක කාලය උදා උනා. හිර මැදිරියේ ඉන්න අයට ගෙවල් වලින් කෑම ගෙනත් දෙනවා.ඒත් අර අසෝබන ලෙස වීදියේ හැසිරුනා කිව්ව කෙනා ඔහේ වාඩි වෙලා ඉන්නවා.
ඒ ඇස් බිමට හරවගෙන ඉන්නවා බංකුවේ වාඩි වෙලා.විවිධ නඩු වලට ආව කට්ටිය ඉන්නවා උසාවියේ.ලස්සන සුදු මහත අක්කා කෙනෙක් දැක්කා මේ කෙල්ලව.ඔහේ වාඩි වෙලා ඉන්නවා.හිමින් ගිහින්
"සර් අර නංගිට ටිකක් කතා කරන්න.මම දන්න ලමෙක්".
"තමුන්ට අර ගෑනු කෙනා කතා කරනවා."
නිවර්තනා ඉස්සරහ බැලුවෙ එවලෙ.කවමදාකවත් නොදැකපු සුදු මහත නෝනා කෙනෙක් තමා දිහාම බලන් ඉන්නවා.කෙල්ල හිමින් නැගිටලා ආවා ඒ අක්කා ලගට.
"කියන්න නෝනා"
"ආ මේ බත් එක කන්න නංගි .ඔයාව බේරගන්න ගෙදරින් ආවද කවුරු හරි ."
"නැහැ නෝනා මට කවුරුත් නෑ "
"හරි නංගි මම ඔයාව බේර ගන්නම් .හැබැයි අපේ ගෙදර වැඩට එන්න ඕනි.ඔයා කැමතිද "
"අනේ හා නෝනා"
පැයක් පමන වෙලාව ගත උනා.නිවර්තනා තමුන්ට යන්න පුලුවන් .පොලිස් මහත්තයෙක් එහෙම කිව්වා .කෙල්ල ඉක්මනටම බංකුවෙන් නැගිටලා අර ලස්සන නෝනා එක්ක එලියට ආවා .
"යමු නංගි "
නිවර්තනා අර ලස්සන නෝනා එක්ක ත්‍රීවීලර් එකක ලස්සන ගෙයක් ලගට ආවා.අම්මෝ ඇත්තටම මේක මාලිගාවක්.කෙල්ල බයෙන් බයෙන් ආවෙ.නෝනා ලස්සන ගේට්ටුව ලොක් කලා.
කෙල්ලට ලස්සන කාම්බරයක් පෙන්නුවා.බාත් රූම් ඔක්කොම අස්සෙම තියනවා .ඔය අල්මාරියේ ඇදුම් තියනවා .බලලා අදින්න.මම එලියෙන් ලොක් කරගෙන යනවා ඔයා නාලා ඇදුම් ඇදලා ටීවී එක බලන්න.මම එන්නම්.නෝනා එහෙම කියලා පහලට ගියා.
නිවර්තනා අල්මාරිය ඇරලා බැලුවෙ නිකමට.අම්මෝ ලස්සන ලස්සන ඇදුම්.කෙල්ලට ආසයි .ජීවිතේටම කවදාවත් මෙහෙම ලස්සන ඇදුම් ඇදලා නෑ.කෙල්ල ඉක්මනටම බාත් රූම් එකට ගියා.නාලා ටවල් එකත් ඇදන් ඇවිත් ලස්සන ගවුමක් ඇන්දා.කෙල්ල කන්නාඩියෙන් ලස්සන බලනවා.
කෙල්ල ඇත්තටම ගොඩාක් අහිංසක ලස්සන කෙල්ලෙක්.කොන්ඩෙ දිගම දිගයි.හරිම ලස්සන කෙල්ලෙක් .එක පාරම දකින කෙනෙක් ආයෙ බලන තරම් ලස්සනක් ඒ මූණෙ තියනවා.හිනාව පිස්සු වට්ටනවා.ඒත් කෙල්ල හිනාවෙලා ඉන්න තරම් පින් කරලා නෑ.
මහන්සි නිසාම කෙල්ලට එහෙම්මම නින්ද ගියා.නිවර්තනා හොදටම නිදි වෙලාවෙ තමයි අර අක්කා කාම්බරයට ආවේ .අක්කා කෑම එක කාම්බරයෙන් තියලා.නිවර්තනාගෙ ෆොටෝ ටිකක් අරගෙන ඉක්මනටම පහලට ගියා.
නිවර්තනා ඇහැරුනේ හොදටම හවස් වෙලා කෙල්ලට මහා බඩගින්නක් ආවෙ.මේසෙ උඩ කෑම එක දැක්කා.කෙල්ල ඉක්මනටම මේසෙ උඩ තිබ්බ බත් එක කෑවා.ඒ ඇස් හොදටම කදුලු.
ජීවිතය පුරාවට කවදාවත් මෙහෙම රස කෑම එකක් කාලා නෑ.කෙල්ල බත් එක ආසාවෙන් කෑවා.කාලා කෙල්ල කල්පනා කලේ මේ නෝනා ගෙදර වැඩට ගෙනාව නම් මොකෝ මේ දොරත් වහගෙන ගියේ කියලා.
ඒත් වැඩි වෙලාවක් නිවර්තනාට හිතන්න නම් උනේ නෑ.දොර අරිනවා වගේ සද්දයක් ආවා.හ්ම් කවුරු හරි අස්සට එනවා.
හරිම ලස්සන පිරිමි කෙනෙක් .ඒත් මොකටද මගේ කාම්බරයට ආවේ .නිවර්තනා හොදටම බය උනා .කෙල්ල කවදාවත් පිරිමි කෙනෙක් එක්ක මෙහෙම එක කාම්බරයක ඉදලා වත් නෑ.
"මහත්තයා කවුද.මේ මොකටද මගේ කාම්බරයට ආවේ ."
නෑ කිසි කතාවක්.අම්මෝ මහ නපුරු මූණක්.ඒත් හරිම ලස්සනයි .ඇස් මාරම විදිහක්.
හිමින් හිමින් කෙල්ල ලගට එනවා.නිවර්තනා බයේ පස්සට පස්සට ගියා.පුටුවක පැටලිලා කෙල්ල එහෙම්මම බිම ඇදගෙන වැටුනා.
අර පිරිමි කෙනා ඒත් ලගට එනවා.තව නම් යන්න ඉඩක් නැ.නිවර්තනා හොදටම බය වෙලා ඉන්නෙ .අත් දෙකෙන් මූණ වහගත්තා.
"අනේ බුදු මහත්තයෝ මට කරදරයක් නම් කරන්න එපා.මට යන්න දෙන්න."
නිවර්තනා වැද වැටුනා.ඒ ඇස් වල කදුලු හොදටම .ඒත් අර මහත්තයා කිසි කතාවක් නෑ.නිවර්තනාගෙ අතින් ඇදලා එක්ක ගිහින් ඇදට තල්ලු කලා.
"උබ දන්නවද උබේ ජොබ් එක ආ උබ දන්නවද"
"අනේ මහත්තයෝ මම අහිංසක කෙල්ලෙක් .මට සමාවෙන්න .මාව එක්ක ආවෙ ගෙදර වැඩට කියලා ."
ලගට ආ අර ලස්සන මහත්තයා මහ හයියෙන් නිවර්තනාගෙ කම්මුලට පාරක් ගැහැව්වා.කෙල්ල එහෙම්මම ඇදට ආයෙ වැටුනා.මූණ බලා ඉද්දි තඩිස්සි වෙලා තොල පැලිලා ලේ එනවා.
නිවර්තනා කෑ ගහද්දි අර ලස්සන මහත්තයා නිවර්තනාගෙ ඇදුම ඇද්දා.කෙල්ලට දැනුනෙ මහම මහ ලැජ්ජාවක්.
"මට යන්න දෙන්න මහත්තයා .ඔයාටත් ගෙදර අම්මා තාත්තා නංගි අක්කා ඇති ඒ කෙනෙක්ට මෙහෙම දෙයක් උනා නම්.අනේ මහත්තයා මට යන්න දෙන්න."
"උබ එලිවෙනකල් මා එක්ක ඉන්න ඕනි.ඒක තමයි උබේ ජොබ් එක උබට තේරුනාද"
"නෑ නෑ මට බෑ.මට යන්න දෙන්න."
නිවර්තනාට මහ පිලිකුලක් දැනුනා .ලස්සන මහත්තෙක් උනාට මහ බල්ලෙක් .කෙල්ලට කරගන්න දෙයක් නෑ .කොච්චර දැගලුවත් ගැලවීමක් නැහැ .
කෙල්ලව ඇදලා ඇරන් ආයෙ එකක් ගැහැව්වා .නිවර්තනා එහෙම්මම බිම වැටුනා.
"ඔය ඇදුම් ගලවලා මේ ඇදුම ඇදගනින්.මරලා දාන්න ඉස්සෙල්ලා."
නිවර්තනා එහෙම්මම හිමින් නැගිට්ටා.හ්ම් ලස්සන චාම් ඇදුමක් .කෙල්ල හිමින් බාත් රූම් ගිහින් ඇදුම දාගෙන ආවා.ඇත්තටම ගොඩාක් ලස්සනයි .නිවර්තනා හිමින් එලියට ආවා .
අර නපුරු මහත්තයා එක සැරයක් බැලුවා.ඇවිත් නිවර්තනාගෙ අතින් අල්ල ගත්තා .
"හෙලෝ ඔව් හරි...ඕකේ"
අර මහත්තයා නිවර්තනා අතින් අල්ලගෙන කාම්බරයෙන් අලියට ආවා.අම්මෝ පොලිස් මහත්තුරු ගොඩාක් ඇවිත් ගොඩාක් ගෑනු ලමයි එක්ක ගියා අර ලස්සන නෝනාවත් එක්ක ගියා.
නිවර්තනා අර ලස්සන මහත්තයා එහෙම්මම අතින් අල්ලගෙන.
"මිස්ටර් සත්සර කැලුම් දසනායක .අපි මේ අයව එක්ක යනවා."
පොලිස් මහත්තුරුන් අර ගෑනු ලමයි ලස්සන නෝනා අරන් ගියා.නිවර්තනා දැනියි දන්නෙ ලස්සන නෝනා තමාව ගනිකා සේවයට එක්ක ඇවිත් තියෙන්නෙ කියලා .
සත්සර කිසි කතාවක් නැ.මූණ යකෙක් වගේ .බලන්න බෑ.රවාගෙන .ලස්සන ගෙයක් ලග වාහනය නතර කලේ.නිවර්තනා නම් ඉන්නෙ හොදටම බය වෙලා .තොල් දෙකත් හොදටම ඉදිමිලා.
"එනවා යන්න ගේ අස්සට .නැත්තම් තමුසෙව පොලිස්සියට අල්ලලා දෙන්නද ආ කියනවා."
නිවර්තනා වාහනයෙන් බැහැලා ගෙට ආවා සත්සර පිටිපස්සෙන් .
"තාත්තා.....තාත්තා....."
ලස්සන බෝල පැටික්කියෙක් දුවලා ඇවිත් සත්සරගෙ ඇගට පැන්නා.නිවර්තනාට සත්සර ගැන තරහක් පිලිකුලක් ආවෙ.ලස්සන දරුවෙක් ගෑනියෙක් ඉද්දි අර වගේ තැන් වලට රින්ගන එක ගැන.ඒත් නිවර්තනා මොකුත් කියන්න ගියේ නෑ.
"මගෙ සුදු බෝලේ කෑවද මගෙ පණ ."
"නෑ තාත්තී ඔයා එනකල් හිටියෙ .කවුද මේ ස්වීට් ඩෝල්."
"මෙයා ස්වීට් නෑ.නෝටි"
අම්මෝ තාත්තිගෙයි දෝනිගෙයි හුරතල් .නිවර්තනාට ආසයි.සුදු බෝල පැටික්කියෙක්.මලක් වගේ ලස්සන .හරියටම කතා කරන බෝනික්කෙක් වගේ ලස්සනයි .
මේක වෙනස්ම කතාවක්.ඉතින් අදහස් කියන්න .ලයික් කමෙන්ට් කරන්න ඕනි .බුදු සරණයි .
