රෝසි තුන්වන කොටස | Rosi 03 Kotasa KIU


 
 

තුන් වන කොටස

සත්සර මිදුලට ඇවිත් ජම්බු ගහ යට බන්කුවෙන් වාඩි උනා.සත්සර සරම විතරක් ඇදලා හරිම ලස්සන කඩවසම් බවක් ඒ මූණෙ තිබ්බෙ.ඒ වගේම ඇගෙත් පිරිමි කෙනෙක්ට තිබිය යුතු කඩවසම් බව උපරිමයෙන් තිබ්බා.

නිවර්තනා කල්පනා කර කර ඉන්න සත්සර ලගට ආවෙ ටික වෙලාවකින්.

"මොකද මෙච්චර වෙලා.තමුසෙ බඩ ගානවද කියනවා."
"සමාවෙන්න මහත්තයා ."
සත්සර අතින් පෙන්නුවේ බංකුවෙන් වාඩි වෙන්න කියායි.නිවර්තනා ඒ බන්කුවේ අගිස්සෙන් වාඩි උනා.යන්තමට.

"ටිකක් මෙහෙන් වාඩි වෙනවා .ඔතන අයිනෙ වාඩිවෙලා තමුසෙ වැටුනොත්.මට කරත්ත හොයන්න වෙනවා තමුසෙව අදින්න."

නිවර්තනාට නම් කේන්තිත් එක්ක.කොච්චර හොදට පාඩුවේ හිටියත් මේ උරුලෑව ඇගටමයි කඩා පාත් වෙන්නෙ.දෙන්න හිතෙනවා එකක් හොම්බ බොම්බයි මොටයි වෙන්න.

"මොකද මට රවන්නෙ ඒ ගමන කියනවා."

"නිකන් මම රැව්වෙ නෑ.මහත්තයා ."

"හැපින්න වගේ පුම්බන ගමන් නෑ කියනවා.තමුසෙට පේන්නෙ මම පොට්ටයෙක් වගේද ආ.මට කියනවා තමුන් කවුද."

"මහත්තයා මම නිවර්තනා .මම කවුද .ගම කොහෙද.කාගෙ කවුද නම් දන්නෙ නෑ.මට සිහිය එනකොට මම හිටියෙ ඉස්පිරිතාලෙ .කවුද මාව හොස්පිටල් එකට ගෙනත් මම පාරෙ වැටිලා ඉද්දි.කිසිම විස්තරයක් දීලා නෑ.මට සිහිය ඇවිත් තියෙන්නෙ මාස දෙකකින්.ඒත් මම කවුද.කොහෙද මොකුත්ම දන්නෙ නෑ.

එදා මම ඉස්පිරිතාලෙන් එලියට ආවා.ඒත් යන්නෙ කොහෙද මොනවත් දන්නෙ නෑ.පස්සෙ මම පාර දිගේ ඔහේ ඇවිද්දා.හොදටම බඩගිනියි.ඒත් කන්න දෙයක් නෑ මහත්තයා .

පස්සෙ කඩයක් ලගට ආවා.කන්න මොකුත් ඉල්ලුවා.ඒත් දුන්නෙ නෑ.පස්සෙ කඩේ කෑම කකා පොලිස් මහත්තුරු දෙන්නෙක් ඉදලා.මගෙ පස්සෙන් ඇවිත් මම දන්නෙ නෑ.මම පාර දිගේ ආවා.පොලිස් වාහනය ඉස්සර කරලා නැවැත්තුවා."

කතාව නවත්තලා නිවර්තනා අඩනවා .සත්සර බලා ඉන්නවා.නිවර්තනා හොදටම අඩනවා .

"කියනවා මට මොකද උනේ"

"මට කරදර කරන්න ආවා.මම දිව්වා.ඒත් පස්සෙන් ආවා.මහත්තයා .මාව අල්ල ගන්න.ගෑනු ගොඩාක් හිටියා ඉස්සරහ මාත් අතනට ගිහින් හිටියා.පස්සෙ පොලිස් උන් දෙන්නා කෝල් කරලා පොලිස්සියෙන් ගෙන්නුවා .එතකොට අර පොලිස් කාරයෝ දෙන්නා දැක්කා මාත් ඉන්නවා.උන් කිව්වා මුන් සේරම රාත්‍රීයේ වීදියේ අසෝබන ලෙස හැසිරෙන උන් කියලා.පස්සෙ ඔක්කොම පොලිස්සියට අරන් ආවා.

පස්සෙ තමයි මමත් දන්නෙ ඒ ගෑනු නම් ඇත්තටම හොද නෑ කියලා .පස්සෙ නඩු දැම්මා.මට පන්දාහක් ගෙවන්න උනා.ඒත් මං ලග සල්ලි තිබ්බෙ නෑ.පස්සෙ කවුද නඩුවකට ආව නෝනා කෙනෙක් මාව දඩ මුදල් ගෙවලා බේර ගත්තා.

ඒත් ඒ නෝනාත් අපි වගේ අසරණ කෙල්ලො එක්ක ගිහින් මිනිස්සුන්ට විකුනනවා.සර් එදා නොයෙන්න මමත් අද ගනිකාවක්."

නිවර්තනා කතාව ඉවර කලා.සත්සර කිසි කතාවක් නැහැ .ටික වෙලාවක් කිසි ශබ්දයක් නැහැ .

"ඒ ගෑනි හැමදාම ඔයවගේ උසාවියට එනවා.ඇවිත් තමුන් වගේ අසරණ සල්ලි ගෙවන්න බැරි ගොඩාක් නඩු බලාගෙන ඉදලා.අදුරන කෙනෙක් වගේ කතා කරලා ඔහොම ඔය මඩමට අරන් යනවා.

මට තොරතුරක් ආවා.අද ඒ ගෑනි නඩුවකට එනවා.මෙහෙම කෙල්ලෙක් අරන් යයි.ටිකක් බලන්න කියලා.ඒ ගෑනි ආවා.තමුන් එක්ක ගියා.මම හෝදිසියෙන් හිටියෙ.ඒ ගෑනිගෙ නම්බර් එක හොයාගෙන කෝල් කරා .අලුත් එකක් ඕනි කියලා .ඒ ගෑනි තමුන්ට හොරෙන් කාම්බරයට ගිහින් තමුන්ගෙ පොටෝ අරන් .මට එව්වා.මම කිව්වා.වෙන කාටවත් දෙන්න එපා මම ඉල්ලන ගානක් දෙන්නම්.මට මුලින්ම ඕනි කියලා.මොකද මට තමුසෙව බේරගන්න ඕනි උනා.පස්සෙ අපි උන් ඔක්කොම අල්ල ගත්තා."

"පින් සිද්ද වෙනවා මහත්තයා "

"තමුන් මගෙ දරුවව පණ වගේ රකින්න ඕනි.මගෙ නෝනා අසනීපෙන් ඉන්නෙ.තේරුනාද."

"හරි මහත්තයා .මම බලා ගන්නම්"

නිවර්තනා හිමින් ගෙට ආවා.සත්සර නම් එහෙම්මම ඉන්නවා.නිවර්තනා එනකොට දෝනි හොදටම නිදි.සුදු බෝලයක්ම තමයි .

නිවර්තනා ඇවිත් හිමින් ඇදේ හාන්සි උනා.ඇගට තෙහෙට්ටුව නිසාම එහෙම්මම නින්ද ගියා.උදේ නැගිටිනකොට හොදටම දවල් වෙලා හතත් පහු වෙලා.

නිවර්තනාට නැගිටින්නත් බෑ දෝනි පපුවෙ තුරුළු වෙලා
අනේ බලන්න දුකයි .

හිමින් නැගිටලා මූණ සෝදලා ඇදුමක් දාගෙන පහලට ආවා .සත්සර කෑම මේසෙ ඉන්නවා .නිවර්තනා කෑම මේසෙ ලගට ආවා .

"තමුසෙ දැන්ද නැගිට්ටෙ.වෙලාව කීයද.උදේ හයට වත් නැගිටිනවා .අනික දරුවව බලා ගන්න කෙනා හරියට ඉන්න ඕනි ලමයව හදා ගන්න."

නිවර්තනා හොදටම දුකෙන්.මූණ හොදටම අඩන්න ඔන්න මෙන්න .කොහොමද කියන්නෙ පුන්චි දෝනි පපුව අස්සෙ හිටියා නැගිටලා එන්න ලෝබ හින්දා හිටියා කියලා.

"වාඩි වෙනවා"

"මහත්තයා මම දෝනි එක්ක කන්නම්"
"වාඩිවෙන්න දෝනි නැගිටින්නෙ පරක්කු වෙලා ."

උදේ කෑම ඉදි ආප්ප එක්ක පොල් සම්බෝල.අම්මෝ කිරි හොදිත් තියනවා.නිවර්තනා ආසම කෑම.සත්සර නම් තවම බෙදා ගන්නවා.කෙල්ලට නම් ඉන්න බෑ.

"මොකද තමුසෙට කඩි කුලප්පුවද ආ කකුල පාගන්නෙ.රෙද්ද."
"සමාවෙන්න මහත්තයා ."

නිවර්තනා සත්සර බෙදාගෙන ඉවර උනු ගමන් කෑම බෙදා ගත්තා.කෙල්ලට කලබලේ ඉදි ආප්ප දහයක් විතර බෙදාගත්තා.පොල් සම්බෝල කිරි හොදි දාගත්තා.

කරුණා අම්මා වතුර අරන් ආවෙ ඒ වෙලාවෙ.

"කරුණා අම්මා ආයෙ ඉදි ආප්ප හදන්න එපා"

"අනේ ඇයි මහත්තයා .රස නැද්ද."

"නෑ නෑ එහෙම නෙවෙයි .සමහරු ඉදි ආප්ප කන්න ගිහින් මේ පිගන් හැදි එහෙම උනත් කන්න පුලුවන් "

නිවර්තනාට නම් කේන්ති එක්ක.ඇයි යකෝ මෙච්චර අහිංසක විදියට කනවා.ඒත් එක එක කියනවා .හිතුනොත් හලනවා කිරි හොදි එක ඔලුවෙ.නිවර්තනා නම් ඉදි ආප්ප දහය කාලා ඉවරයි .තව ගන්නත් ඕනි.කොහෙද මේ කුනු ලෝබයා ඉන්නවනෙ.

සත්සර හිමින් බැලුවෙ නිවර්තනා දිහා.

"මොකද තමුන් පෙරේත බැල්ම දාන්නෙ.අරන් කනවා.තව තියනවා .ඕනි නම් කුස්සියෙත් අරන් කනවා.හොර බැලලි වගේ මගේ දිහා බලන්නෙ."

නිවර්තනා තව ඉදි ආප්ප අරන් පොල් සම්බෝල බෙදා ගත්තා.හොදි ගන්න තමයි මගුල එපා වෙන්නෙ.ශික් පොඩි හැන්දක් තියෙන්නෙ .මාසයක් ගන්න වෙනවා.අර ලේන් අම්මා ගගක් හිස් කලේ නැට්ටෙන්.ඒ වගේ තමයි මේ පොඩි හැන්දෙන් හොදි ගන්න එකත්.

නිවර්තනා හිතින් බැන බැන හොදි බෙදාගත්තෙ.කරුමෙ කිව්වට බෑ.කෙල්ලගෙ අත ලිස්සුවා.හපොයි ඉස්සරහ හිටපු සත්සරගෙ ලස්සන ෂර්ට් එකට ඉතින් කිරි පොදි දෙයියන්ගෙම පිහිටයි .

කොහොමද ලමයි කතාව.ඔයාලගෙ ලයික් කමෙන්ට් දැක්කම තමයි කතාව ලියන්න ආස.ඉතිං ලයික් කමෙන්ට් කරන්න .බුදු සරණයි .පොඩ්ඩො දෙන්න එක්ක මාර ගේමක් දීලා කතාව දාන්නෙ.



Comments System WIDGET PACK