රෝසි දෙවන කොටස | Rosi 02 Kotasa



දෙවන කොටස

""සුදු බෝලේ අම්මි බත් කෑවද"
"හ්ම් ඔව් ටිකක් කෑවා"

නිවර්තනාගෙ මූණ නම් ටිකක් වෙනස් උනා.ඒත් කෙල්ල සත්සර පස්සෙන් ගෙට ආවා.අම්මෝ හරිම ලස්සන පිලිවෙලක් තියන ලස්සන මාලිගාවක් .පුංචි දෝනි කෙනෙක් හිටියට ගේ ලස්සනයි .හරිම පිලිවෙලක් තියෙන්නෙ .

"සුදු බෝලේ ගිහින් සෙල්ලම් කරන්නකෝ."
"කරුනා අම්මා"
"එනවා මහත්තයා "

අහිංසක තරමක වයසක කාන්තාවක් අපි ඉන්න ලස්සන සාලෙට ආවා.ඒ ඇස් කාරුණික අසරණ බව කියා පෑවා.

"මේ නෝනාට හොද කාම්බරයක් අස් කරලා දෙන්න."

"හරි මහත්තයා "

"නිවර්තනා සත්සරණි අමරසිංහ .තමුන් මෙහෙ ඉන්න කැමතිද.අකමැතිද."

නිවර්තනා එක පාර පුදුම උනා.කවමදාකවත් කවුරුත් කෙල්ලට සම්පූර්ණ නම කියලා කතා කරලා නෑ.කවුරුත් ඒ නම අම්මා තාත්තා හැරුනු කොට දන්නවා ඇති කියලා කෙල්ල හිතුවෙත් නෑ.

"මොකද සද්දෙ නැත්තෙ මෙහෙ ඉන්න අකමැති නම් යමු තමුන්වත් අර ගනිකාවො එක්කම පොලිස් කූඩුවට දාන්නම්"

බලා ඉද්දි ඒ ඇස් කදුලු පිරුනා.මහාලොකු වේදනාවක් ඒ ඇස් වල අහිංසක කදුලු කියා පෑවා.

"මම ගනිකාවක් නෙවෙයි මහත්තයා ."
"තමුසෙ කවුද මට වැඩක් නෑ.තමුසෙ කැමති නම්.මගේ සුදු බෝලෙ බලා ගන්න ඉන්න පුලුවන් ."

නිවර්තනා ගොඩාක් ආසයි පොඩි දරුවන්ට.කෙල්ලට මතක් උනේ ඒ හුරතල් මූණ .කතාව.කෙල්ලට කදුලු අස්සෙ හිනා.සත්සර ඒ මූණ බලාගෙන ඉන්නෙ .ඒ ඇස් හිනාවෙනකොට පුංචි වෙනවා.හරිම ලස්සනයි .

"මම කැතයි මහත්තයා .පොඩි දරුවන්ට කවුද ආස නැත්තෙ.ආදරේ නැත්තෙ."

"තමුසෙ මගෙ දරුවා ඇස් දෙක වගේ බලාගන්න ඕනි.කිසිම වරදක් වෙන්න බෑ."

"හරි මහත්තයා "

"මම සත්සර මට නම කියන්න "
"හරි මහත්තයා ....සත්සර...."

කරුණා අම්මා තේ දෙකක් අරන් ආවේ ඒ වෙලාවෙ."කාම්බරය ලෑස්ති නෝනා යමු පෙන්නන්න."

නිවර්තනා කරුණා අම්මා එක්ක කාම්බරයට ආවා.අම්මෝ හරිම ලස්සන කාම්බරයක්.කෙල්ලට ඇස් වලට කදුලු ආවා.

"ස්වීට් ඩෝල් ආන්ටී මේ අයි කමීන්"

ආදරේ හිතෙන කටහඩින් කාම්බරයට එන්න අවසර ඉල්ලන සුදු බෝලේ ඉන්නවා.

"එන්න පැටියෝ."

"සිවීට් ඩෝල් ආන්ටි ඔයා මෙහෙ ඉන්නවද.කියන්න ."

"ඔව් පුතේ ඉන්නවා ."

නිවර්තනා වැඩි වෙලාවක් යන්න ඉස්සර සත්සරගෙ ලස්සන දෝනි හුගක් ලං කර ගත්තා.දැන් නම් රෑ හින්දා කරුණා අම්මා ආවෙ කෑම ලෑස්තියි කියන්න .නිවර්තනා පුංචි දෝනි වඩාගෙනම පහලට ආවා .

ඒ එනකොටත් සත්සර කෑම මේසෙට ඇවිත් වාඩි වෙලා.නිවර්තනා දෝනි එක්කම මේසෙට වාඩි උනා .සත්සර කෑම බෙදා ගත්තා.

"මගෙ මැණික එන්න පණ තාත්තා ලගට.මං කවන්නද මගෙ මැණිකට"

"තාත්තී එන්නකෝ ස්වීට් ඩෝල් ආන්ටි ලගට මං ආසයි මෙයාගෙ උකුලෙ ඉන්න."

සත්සර කෑම එක අරන් පුංචි දෝනිට කැව්වා.දෝනි ඉන්නෙ නිවර්තනාගෙ අතේ.හුරතල් වෙවී විකාර කර කර දෝනි බත් කෑවා.වෙනවා සත්සර දෝනිට බත් කවන්න ගිහින් අඩනවා එක්ක.දෝනි හරියට කෑම කන්නෙ නෑ.ඉතින් සත්සර කෑම කන්නෙත් නෑ.

අද නම් නිවර්තනා කියන දේවල් අහගෙන දෝනි ඔක්කොම බත් කෑවා.සත්සරට ගොඩාක් සතුටුයි .

"දැන් දොයිය ගම්මුද මැණික ."

නිවර්තනා ඇහැව්වෙ දෝනිගෙන්.ඒ පුන්චි ඇස් ලස්සනට දිලිවෙනවා.

"හරි මාව ඔයා ගාව දොයි කර ගන්නවා නේද."

නිවර්තනා නම් ආසයි.ඒත් සත්සර දෝනිගෙ අම්මා සත්සරගෙ බිරිද ඒකට කැමති වෙයිද.

"අනේ මැණික තාත්ති එක්ක දොයිය ගම්මුකෝ පණ ."

"ඉතින් තාත්තිත් එන්නකෝ ස්වීට් ඩෝල්ගෙ කාම්බරයට ."

දීපන්කො ඉතින් උත්තර .සත්සර මොකුත් කියන්න ගියේ නෑ .

නිවර්තනා දෝනි එක්ක කාම්බරයට ගියා.කතා කිය කිය ඔලුව අතගාද්දි දෝනි පුලුන් හාවෙක් වගේ නිදි.නිවර්තනා එහෙම්මම දෝනි පෙරවලා පහලට ආවා.සත්සර තවමත් එහෙම්මම පුටුවෙ ඉන්නවා.

"සර් තවම නිදාගත්තෙ නැද්ද"

"තමුසෙට මං නිදි වගේද පේන්නෙ කියනවා."
නිවර්තනා මොකුත් කියන්න ගියේ නෑ .එහෙම්මම ආපහු උඩට එන්න හැරුනා.කෙල්ලට හොදටම හිතට දුකයි සත්සර කතා කරන විදිහට.

"ඉන්න කෑම කාලා යන්න."
"මට බඩ ගිනි නෑ මහත්තයා "

නිවර්තනාට එන්න පුලුවන් උනේ අඩි දෙක තුනක් පමනයි.සත්සරගෙ හැඩි දැඩි අත් වලින් නිවර්තනා අල්ල ගත්තා.නිවර්තනා හොදටම අඩනවා .සත්සර හිමින් ඒ ඇස් බලා ඉන්නවා.

"තමුසෙ කනවද මේ රෑම එලියට දාන්නද කියනවා."

නිවර්තනා හිමින් ඇවිත් කෑම මේසෙන් වාඩි උනා.සත්සර කෑම එකක් බෙදාගත්තා.නිවර්තනා තවම කිසිම සද්දයක් නැහැ .සත්සර තව කෑම එකක් බෙදලා නිවර්තනා ලගට දුන්නා.

කිසි කතාවක් නෑ .කාලා නිවර්තනා කාම්බරයට එන්න ආවෙ.ඒත් සත්සර ටිකක් ඉන්න කීව නිසාම නිවර්තනා එහෙම්මම නතර උනා.

"මට තමුන් ඔක්කොම විස්තර කියන්න ඕනි.අකුරක් නෑර.තමුන් කවුද.ගෙවල්.මේ වෙනකල් සේරම විස්තර ."

නිවර්තනා කවුද.කොහොමද මෙහෙ ආවෙ.ඊලග කොටසට යාළුවනේ .කතාව ලස්සනයි ද කැතයි ද කියලා කියන්න .ලයික් කමෙන්ට් කරන්න .ඔයාලගෙ අදහස්.

https://m.facebook.com/story.php?story_fbid=682595755900975&id=100024516708839


Comments System WIDGET PACK