#කුසගින්න | Kusaginna


#කුසගින්න

o_Oo_Oo_Oo_Oo_Oo_Oo_Oo_Oo_Oo_Oo_O❤️

හිරු රැස් දහර මනරම්ව උද්‍යානයේ තණ පිටිය මත වැතී ඇති පිණිබිදු අතර සත් පැහැයෙන් දිදුළමින් දඟකරයි....
කුරුල්ලන්ගේ කීචි බීචි නාදය එක්ක එයටම සවන් යොමු කර සිටි ඇගේ දෙසවන් මිහිරෙන් මත්කරේ සුවපහසු ගීයක පරිද්දෙනි..

ඒ දෙසවන් රැව්දෙන නාදයත් එක්ක ගත දැවටෙන උදෑසන සිහිල් සුළං රැල් සමඟින් ඇය තම අසල සුවපහසුවට නිදා සිටිනා තමාගේ වස්තුව වූ තම එකම පුංචි දරුවා දෙස බලා සැනසුම් සුසුම් හෙළුවේ සෙනෙහසේ අපරිමිත වූ වින්දනයෙනි...දරුවා දෙසම බලාගෙන නිදාසිටිනා තම පුංචි දරුවා අසලින් නැගිටුණු ඇය දරුවාද අවදිකරවාලූවේ කුසට දැනෙන සිහින් කුසගින්නකිනි...

එහෙත් නැත ...ඔහු අවදිවනවා තියා අවදි වන්නට සිතාහෝ නැත..නැවතත් හරිබරි ගැසී සීතලට ගුලි වී නිදිසුව විදින්නේ ඇය තවමත් බලා සිටිය දීමය..

උද්‍යාන කෙළවරේ පොල් අතු වලින් වට කර සෑදූ කුඩා මඬුවක් හිසට වහලක් කර ජීවත් වන ඇයට අහරට යමක් සොයා ගැනීම මේ දවස්වල මහමෙරක් තරම් ක්‍රියාවකි...

ඒ ඇය වැන්නියකට දීමට තරම්වත් අන් අය පිංවත් නොවූ නිසාවෙනි...

කුසගින්නට අහරක් ඉල්ලන සෑම වෙලාවකම ඇයට ලැබුණේ ප්‍රහාර හා බැණුම් පමණී...
එය කොතරම් වේදනාවක් වුවත් ඇය ඉවසූවේ ඇයගේ කුඩා දරුවා නිසාවෙනි..
කෙසේ හෝ දරුවා ජීවත් කරලීම ඇගේ එකම අරමුණ විය...

"අනේ මහත්තයෝ කන්න මොනවහරි දෙන්න..."

"පලයන් යන්න..නිදහසේ කන්නවත් දෙන්නෙ නැති හැටියක්.."

ඇය ඉල්ලු සෑම අවස්ථාවකම ඇයට සිදුවූයේ මෙපමණකී..වේදනාදෙන උණුවෙන හදවත් බොහෝ තිබෙන බැව් පැවසුවත් එය එසේ නැත...වර්ථමානය වන විට එය හාත්පසින්ම වෙනස්‍ වීය...ඉතිං ඇය තේරුම් ගත්තේ එපමණක්මය...
එය කොතරම් වේදනාවක් වුවත් අහරක් ඉල්ලනවා හැර වෙන කිසිඳු පිළිවෙළක් ඇයට දෛවය දී නොමැති සේය...කෙතරම් ගහබැණුම් සිදුවූවත් ඇයට ඇති එකම දේ එය ඉවසා වදාරාගැනීමම පමණක්මය.....

o_Oo_Oo_Oo_Oo_Oo_Oo_Oo_Oo_Oo_Oo_O♥️

එලෙසම තව ස්වල්ප වේලාවක් නිදිසුව විද,
හෙමින් හෙමින් දෑස් විවර කරනා තම අසරණ පැටියා දිහා බලා ඇය හඬ නැගුවේ සිතේ උපන් වේදනාවෙනි...

"බඩගිනිද...."

"ම්හ්...අම්මාහ්..."

සිහින් කෙදිරිල්ලකින් දරුවා පැවසූවේ තවමත් පහව නොගිය නිදිමතිනී..

"මං මොනවහරි ගේනකම් මෙතනින්ම ඉන්නවද...අහ්..
එළියෙ දුවන්න යන්න එපා...ඇවිදින්න කොහෙවත්ම යන්න එපා...අර ඈත පේන ඇවිදින පෙට්ටිදිහා බලන්නවත් එපා...
මෙහෙමම ඉන්න පුළුවන්ද මගෙ පැටියට..."

ඇය ගරාවැටුණ දොර අතරින් පෙනෙනා උද්‍යානය එහා පාරෙ යන වාහන තම පුංචි දරුවාට පෙන්වා පැවසූවේ ඇය සිටිනා ඉසවුවේ අවධානම පසක් කරමිනි...

"අම්මා ඉක්මනට ගිහින් එන්නම්..මගෙ පැටියට බඩගිනීනේ...."

ඉතිං ඇය වෙනදා මෙන්ම තම පණමෙන් රකින දරුවා එතැන තනිකොට දමා උද්‍යාන පාර දිගේ අසල කඩය අසලට ගියේ හෙමි හෙමින් ය...

කඩයේ රාක්කය මත තිබෙනා එක එක වර්ගයේ
කෑම දෙස ඇය බලා සිටියේ වේදනාවෙනි..
එක එක්කෙනා පැමිණ අරගෙන යද්දි, නැතිනම් එතන බංකුවේ වාඩි වී කෑමට ගනිද්දී රාක්කය මත එකින් එක අඩුවෙන ආහාර අතර වේදනාවත් එක්ක ඇයට ඇත්තේ එක බලාපොරොත්තුවක් පමණක්මය...
ඒ එන කිසිවෙකුගේ හෝ උණුසුම් හදවතකින් තමාටත් තම අසරණ දරුවාගේ කුස පිරවීමට එකක් හෝ හිමිවේයැයි කියාය...
ඇය තව තවත් බලා සිටියේ එකෙනෙකා දිහා වේදනාවෙනි..ගෙවී යන තත්පරයක් විනාඩියක් මත්තෙන් තනියම සිටිනා තම පණවන් දරුපැටියා නිසා අපමණ බියෙනි...
ඇගේ වස්තුව එය පමණක්මය...
ඇයට සිටිනා එකම කෙනාත් දරුවා පමණක්මය...

ටිකෙන් ටික පැය භාගයක් පමණ ගොස් අවසානය..දැන්නම් ඇයටද බඩගින්න ඉහිලුම් නැත...
නැවත වරක් කඩය ඉදිරිපිටට ගියේ දුටු විට හෝ යමක් දේ යැයි සිතාය...
එහෙත් සිදු වූයේ නැවතත් බලාපොරොත්තු සුන් වීම පමණක්මය...

"අදත් ඔන්න මූසලකමට බලන් ඉන්න ගත්තා...ශික් හැමදාම මේ මලවදේ මෙතනටම එනවනේ..."

කඩය ඇතුලෙන් ඇසෙන්නේ බැණුම් හඩකි..
අත්දැකීමෙන්ම ඇය දනී ඒ බැණුම් ඇයටම බැව් .....එනිසාම නැවතත් රාක්කය දෙස බලා වේදනාවෙන්ම පසෙකට වූයේ කඩයට තව ගැණුම් කරුවෙකු පැමිණි නිසාවෙනි...

"මොකද මුදලාලි මේ කෑ ගහන්නෙ..."

"අනේ බලන්නකෝ මල්ලි හැමදාමන් මෙතන බලන් ඉන්නවා දැන් පුරුද්දකට අරගෙන..."

ඔහු ඇස් අඟින් පෙන්වා කියන්නේ ආ පුද්ගලයාටය...

"බඩගිනි වෙලා වෙන්න ඇති මුදලාලි..ඔය මොනවාහරි දෙන්න.."

"ඕකුන්ට දීලා පිරිමහන්න බෑ මල්ලි..ඊළඟට හැමදාම පුරුද්දට බලන් ඉන්න ගන්නවා..දීලා නැතුවත් මේ පේන්නෑ..එහෙව් එහේ දුන්නම කොහොම තියේවිද..."

ඇය දෙසම බලා මුදලාලි අවලාද කියන්නේ උස් හඬිනි...

"අහ්..කමක් නෑ මුදලාලි..ඔය මොනවහරි දෙන්න.මං සල්ලි දෙන්නම්.."

ඒ සවන් වැකුණත් සමඟම ඇයට දැණුණේ නිම්හිම් නැති සතුටකි...
කඩේ සිටි කෙනාගේ මුහුණ හපුළු වීය..එහෙත් කෙසේ හෝ ආහාරයක් ලැබෙනවානම් කම් නැත..දරුවා බඩගින්නෙ යැයි මතක් වෙන වාරයක් වාරයක් පාසා දෑසේ කඳුලැලි අළුත් වන්නේ උල්පත් දියකඩක් සේය..

කඩයට ආ පුද්ගලයා කෑම එකක් ගෙන දිගු කරේ සිනාසෙමිනි...ඉතින් ඇයට එය මහමෙරක්‍ ය..
ඉක්මනිම ඇය එය ගත්තේ සතුට උතුරාලමින් ස්තූති පූර්වක බැල්මකිනි..ඒ දෑස් සතුටට දිගුලන්නේ ඔප දමන ලද මැණිකක් පරිද්දෙනි..

ඉක්මන් ගමනින් කෑම එකත් ගෙන උද්‍යාන පාරේ ආ ඇගේ දෑස් නැවතුනේ එක තැනකය...

එකවරම දුටු දසුනින් දහසක් බලාපොරොත්තු තියන් සතුටින් ඉපිලෙමින් ගෙන ආ කෑම එක ගිලිහී බිම වැටුනේ ඉබේටමය...

"අනේහ් මගෙ දරුවා.."

පිට නොවනා හඩක් එක්ක කඳුලැලි රූරා ගියේ වේගයෙනි..
ඉක්මනින් දිවගොස් දරුවා අසල බිම දිගා වූයේ කිසිවක් කරකියාගත නොහැකිවය...

ඇය එතනට යද්දිත් ඇගේ හුස්මපොදවන් දරුවා වාහනයක රෝදයක් සිපගෙන හුස්මහෙලා අවසානය...හැමදාම ඈ බියවූ දේම සිදු වී හමාරය..

ක්ෂනිකයෙන් දරුවා ඔසවා ගත් ඇය පාර පුරා දුවන්නට ගත්තේ වේදනාවෙන් කෑ ගසමිනි...

මවකගේ දරු දුක කුමට සම කරම්ද...කිසිවක් නැත..ඇගේ කඳුළැලි නිමක් නැත..වේදනාබර කෑගැසීම නිමක් නැත..

"අනේ මගෙ දරුවා බේරලා දෙන්න.."

නොගිය කෙනෙක් ඉතුරුව ද නැත..ඒ කිසිවෙකු ඇයට ළං නොවූයේ ඇය තවත් වේදනාවටම පත් කරමිනි...එයයි සමාජයෙ ඇත්ත...ඈ වන් කෙනෙක්ට පිළිසරණක් ඇත්තේම නැත...

"චරාස්..."

එහෙත් එක අතකින් අවාසනාව හෝ වාසනාව ඈ කරා පැමිණ අවසානය..

එකපාරටම වේගයෙන් පැමිණි කාරයක ඇය ගැටුනේ ඇගේ ඔළුව කුඩු වී විසි වී යද්දීය...

"පව් අසරණ බල්ලො දෙන්නා..ඊළඟ ආත්මෙදිවත් හොඳ තැනකම ඉපදේවා.... .!"

අසල සිදුවීම බලාසිටි අයෙකුගේ මුවින් එසේ පිටවූයේ ඇගේ හුස්ම වා තුල ගිමන් හරිද්දීය..

නිමි..

දන්නවද අහක බලන් යන්න හෝ ගල් ගහන්න හෝ නොවේ ..ඔවුන් දිහාත් මදක් හෝ බලන්න ඕන..මොකද එයාලටත් දේවල් හොඳට තේරුම් ගන්න පුළුවන් ..ඒ ඇස් වලිනුත් කදුළු වැටෙනවා..
🚫උපුටා ගැනීම තහනම්🚫
o_Oo_Oo_Oo_Oo_Oo_Oo_Oo_Oo_Oo_Oo_Oo_Oo❤️

කතාව කියවලා හැමෝම දැනෙන දේ කියන්න..❤️

බුදුසරණයි ..❤️


Comments System WIDGET PACK