#විසේකාරි.. | Wisekari


#විසේකාරි..
(කෙටි කතාවකි😍)
"කොහෙද බන් උඹ ඉන්නෙ කීයෙ ඉදන්ද call කරන්නෙ"😠
"හිටපම් යකෝ සිරි ලංකා ඩිපෝවෙ අයිතිකාරයා අපේ බාප්පා නෙමේ උඹට ඕනි වෙලාවට bus එන්න 😒"
"අනෙ මේ..අහගන්නඑපා වරෙන් ඉක්මණට 😒"
මේ යාලුවො කියන මිනිස්සු ඉන්නවා නේද කවදාවත් හරියට වැඩක් කරන එවුන් නෙමේ.මේ එන ගමන් කියලා කියන්නෙ ඒ උනාට පස්ස උඩ දාගෙන ගෙදරට වෙලා බුදි 😒.ආ..මන් ගැන කියන්න අමතක උනානෙ.මන් #නේත්‍ර_හංසජිත්.නම කැතයි ඇයි අහන්න එපා 😒.මගේ පවුලේ අම්මයි,තාත්තයි,නංගියි තමා ඉන්නෙ.මගෙ පණ තමයි ඉතිම් මගෙ නංගි පැටියා.ම්ම්ම්ම්ම් නෑ නෑ හිතුවට වැඩක් නෑ මට තාම කෙල්ලෙක් නෑ 😏.කලින් දෙක තුනක් තිබ්බා.අනේ...ඔය සක්කරවට්ටම් 😒😤...
"ඒයි ඩෝ මන් ආවා"
"ඇති ආවා.මන් හිතුවා clz එක පටන් අරන් interval එකට යන්න වෙයි කියලා"
"තෝ අහගන්නෙපා මගෙන්"
මේ තමයි මගේ අපාය සහයක මිතුරු පොජ්ජ නුවන් 😂😂.කොච්චර අනන් මනන් කිව්වත් මගේ බොක්ක පිට් එක තමා ඔය.අපී මේ යන්න කියලා හදන්නෙ clz එකට.නෑ නෑ A/l clz නෙමේ 😕.A/l කරලා results එනකන් පොඩි It course එකක් කරනකන් ඉන්නේ මේ.කරන ගමන් කියලා පුරාජේරු ගැහැවට තාම ගිහිල්ලා දවස් 3 යි 😂😂
"මේ නේත්‍රයා..මට කෑල්ලක් සෙට් වුණා කියාම්කො"
"අනේ මෙහ් නුවනො උඹෙයි උඹේ කෙල්ලො ගැනයි මන් දන්නවා හොදට 😂😂 දැන් අලුත් එකක් පටන් අරන් සතියක් ගියේ නෑ තව එකක් සෙට් කරගෙන 😤😂"
"එහෙම තමයි යකෝ ඉරණම්කාරිව හොයාගෙන යන්කොට මගෙ හම්බෙන එවුන් හලන්න ඕනි 😒"
"මගුල තමා  😒 යමන් යන්න "
හෑපූ කෙල්ලො ඔය සක්කරවට්ටම් ගැන නම් කතා කරලා වැඩක් නෑ මට අහු වුනේ දෙකට ගනින්න බෑ වගේ ඉදලා දාලා ගියපු එවුන් තමා ශික් 😤
අද නම් මාර කම්මැලි අප්පා තාම් මැඩ්ම් ඇවිල්ලත් නෑ 😒 කෙල්ලො චීත්ත හෝදනවා.කොල්ලො game ගහනවා.මට ඕවා අල්ලන්නෙ නෑනෙ.ඒ නිසා මම චීත්ත හෝද හෝද game ගහනවා ඕයේ.. 😂😂
"ළමයි හැමෝම නිශ්ශබ්ද වෙලා වාඩි වෙන්න"
Game එකට් enter වෙනකොටම මැඩම්.ආවනෙ අපරාදෙ 
"මෙන්න අලුත් යාලුවෙක් ඉන්නවා ඔයාලට.මොකක්ද පුතේ නම ඔයාගෙ"
"#සසංගි මැඩම්🙂"
"Ok සසංගි ගිහින් ඉදගන්නකෝ අපේ දිනූෂිලා ගාවෛන්.දිනූ සසංගිත් එක්ක කතා කරලා ඉන්න ඕනි හොදද"
"කව්ද බොලේ මේ 😐 මේ පැත්තේ කෙල්ලෙක් නම් නෙමේ වගේ.මොකී උනත් මට මොකද අහක බලාගෙන ඉන්නවා 😒"
ම්ම්ම් බොරු කියන්න ඕනි නෑනෙ.අහක බලාගෙන ඉන්නවා කිව්වට ඒක කරගන්න බැරි වුණා.😌හරිම කටකාරියක් ඇවිල්ල පැය දෙක තුනයි කච...කච..කච.. කෝච්චියක් වගේ.අහින්සකකමක් ගෑවිලාවත් නෑ.කොටට පිට මැද්දට වගේ වෙන්න තියෙන කොන්ඩෙත් ponytail එකක් දාලා කොණ්ඩේ පද්ද පද්ද කියෝනව 😂😂.shape ඇග හීනි ඇස් දෙක.තලෙලු හම සෝයි ඉතිම්.ඒ උනාට ඉතිම් මගෙ choice එක ඕක නෙමේනෙ.මම කැමති අහින්සක චාම් කෙල්ලන්ට.ඔය කච කච ගාන එවුන් එක්ක ජීවත්වෙනවට වඩා හොදයි ඇලකට ගිහින් පනිනවා.😒
.................................................................................
දවස් සති හමීට ගෙවිලා ගියා සසංගි නම් මාත් එක්ක ගොඩක් fit ඉතිම් දැන්.වෙන කිසිම දෙයක් නෑ 😕යාලුකමක් විතරයි තියෙන්නෙ.මන් කලින්ම කිව්වනෙ ඒ වගේ කෙල්ලන්ට මන් ආස නෑ ...
"පුතා මේ clz එකේ මැඩම්ගෙන් call එකක්"
නිවාඩු දවස වෙලත් පාඩුවෙ ඉන්න දෙන්නෑ මේ මැඩම් 😖"
" හෙලෝ මැඩම්.🙂"
"ආ පුතා.මේ මන් whatsapp group එකක් හදලා තියෙන්නෙ notes share කරගන්න තියෙනවා ගොඩක්.මන් පුතාව add කරා ඔයත් දන්න අය add කරන්නකෝ "
"හරි මැඩම් 🙂"
මන් දන්න කස්ටියවත් add කොරලා group එක පැත්තට ගියා.කෝ බලමු අපේ උන්ගෙ dp ටික 🙂 අප්පටසිරි 😮 සසංගි නේද මේ ලස්සන බලපන්කො මේකිගෙ.mg එකක් දාන්නත් හිතෙනවා 😑 බෑත් වගේ.ඔන්න ඔහේ දානවා.
"අඩෝ..😏"
"අඩෝ මොකද ඩෝ සීන් එකේද 😁"
😂😂😂 මේකිට පිස්සු කිව්වෙ නිකන්ද.මාර කෙල්ලෙක් තමා..
 අපි එදා ඒ පටන් ගත්ත chat එක ඇත්තටම අපි හොදම යාලුවෝ කරා කිව්වොත් හරි.සසංගි ඇත්තටම මාර හොදයි.හරිම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවනවා.fb එකේ whatsapp වල දාන post,status වලට හිනා කාලා මැරෙනවා 😂😂.අනේ මන්දා මගෙ හිතේ ඒකි ගැන තියෙන්නෙ හරි මෙන්න මේ වගේ හැගීමක්...ශුඑබ්ස්ක්වොඑජෙහක්ව්ව්ජ්ස්න්ස්න්සකම් 😌  තේරුනේ නෑ නේද.මටත් ඒමයි ඕයි 😂😂😂
....................................................................
උදේම clz එකට යද්දි සසංගි ඉන්නවා රෝස මලක් වගේ.
"ගූ මෝනිම් භොක්ක 🙂"
"මොකක් ගූ මෝනිම් මොකක්ද සසංගි ඒ 😂😂"
"ඇයි යකො ඒක මන් හදාගත්තු එකක්.කෝ දැන් උඹත් කියාම්කො බලන්න"
"මට බෑ 😌"
"ඒයි කියනවා ගූ මෝනිම් කියලා"
"බෑ බෑ මන් කියන්නෙ නෑ හූ හූ.."
"ඒයි නේත්‍ර ඔහොම ඉන්නවකො මන් අල්ලගන්න"
"හූ පුලුවන් නම් අල්ලගන්නවකො 😝"
පොඩි උන් දෙන්නෙක් වගේ clz එක වටේටම දිව්වා.ඇත්තමයි මිනිහෙක් හොයන සතුට මේ වගේද කියලත් හිතුනා හරියට කුරුල්ලෙක් වගේ මන් ඉගිලුනා.ඔව් නිදහස සතුට සැහැල්ලුව ඒ තප්පරේදි මට දැනුනා.මට සසංගි ගැන ආදරයක්වත් ඇති වෙලාද  මන්දා 😏
අද දවසම මගේ හිතට කිසිම නිදහසක් දැනෙන්නෙ නෑනෙ.මන් දන්නෑ ඒ ඇයියේ කියන්න.ඒත් මගේ හිතේ තියෙන නොසන්සුන් ගතිය වැඩි වෙන්නෙ සසංගි දිහා මට බැලෙනකොට.මට තේරුම් ගන්න බෑ මට සසංගි ගැන මොන දෙයක් හිතෙනවද කියලා 😕😕
Clz එකත් ඉවරයි හැමෝම ගෙවල් වලට යනවා.මාත් නුවන එක්ක පාරට ඇවිත් ආපහු ඇස් දෙකෙන් හෙව්වෙ කෝ අර කටකාරි කියලා.. අම්මොහ් ඔය එන්නෙ කියනකොට යාලුවොත් එක්ක කියව කියව යනවා.චූටි ඇග පද්ද පද්ද තාලෙට අඩිය තියෙනවා.බලන් ඉන්න ලස්සනයි.ඒ හිනාව ඒ ඇස් දෙක ඒ දගකාරකම. ඔහ්...දෙයියනේ මේ මොකක්ද මට මේ වෙන්නෙ 😖😖😖
ගෙදර ගිහිල්ලා කන්න බත් එක අතට ගත්තත් ඒ මූණ මතක් වෙනකොට මොකක්ද වෙනවා වගේ.බතුත් බාගෙට කාලා ඇදට ගියේ වේලාසනින්ම නිදාගන්න.නින්දවත් හරියට එන්නෙ නෑනෙ ශික්...
................................................
වෙලාව හරියටම හරියටම පාන්දර 2 යි .නින්ද යන්නෙ නෑ මට නම්.පැයක් දෙකක් මගේ හිතත් එක්ක තර්ක කරලා කරලා..මට අන්තිමට තේරුනා මම සසංගිට ආදරේ කරනවා කියලා. මට හිතේ තියාගෙන ඉන්න බෑ මේක මට මේක කියන්නෝනි එයාට නැත්නම් එයාව කවුරු හරි අරන් ගියොත් 😓
ඉක්මණට phone එක අරගෙන සසංගිට mg එකක් දාන්න ගියා.නිකමට වගේ එයාගෙ status බැලුවාම මගෙ හුස්මත් හිර වුණා. දෙයියනේ...😦 සසංගි එයාගෙ boy එක්ක ගහපු ලස්සන photo එකක්  status දාලා.මගේ හීනෙ එතනින්ම කඩාගෙන වැටුනා.මන් ආදරේ පටන් ගන්න හැදුවා විතරයි.ඒත්...😔
වෙනදට clz එකට හිනා වෙලා කෑ ගහගෙන යන මන් අද නිකන් මැරුණ මළමිනියක් වගේ.මට තේරෙනවා clz එකේ එවුනුත් මන් දිහා අමුතුවිදියට බලනවා කියලා.ඒත් මට වැඩක් නෑ.මන් ගිහිල්ලා ඩෙස් එකෙන් ඔලුව තියාගත්තා.
"නේත්‍ර..ඇයි මේ 😟"
ඔව් ඒ කටහඩ මාව පිස්සෙක් කරපු කටහඩ.ඒත් ඒ මල අද මට අයිති නෑ.මගෙ හිතට දැනෙන්නෙ තරහක්ද දුකක්ද කියන්න මන් දන්නෙ නෑ
" විකාර කියවන්නෙ නැතුව මෙතනින් යනව යන්න මට පාඩුවෙ ඉන්න දීල"
මන් මහ හයියෙන් කෑ ගැහුවා.ඒ ඇස් පුන්චි කරලා මගෙ දිහා බලාගෙන ඉන්නවා.මන් බලාගෙන ඉද්දි ඇස් වලට කදුලු පිරෙනවා.අඩන්න එපා මැණික මගෙ හදවත එහෙම කිව්වත් ඒක වචන වලට මට පෙරලන්න උවමනාවක් නෑ.
ඒ මොකක්ද නේත්‍ර උඹ අර කරේ.පව් සසංගි උඹට මොකද මේ වෙලා තියෙන්නෙ.කවදාවත් මෙහෙම ඉන්නවා මන් දැකලා නෑනෙ.
"මට මුකුත් වෙලා නෑ පාඩුවෙ ඉන්න දීපන් නුවන්"
බනින්න පුලුවන් හැම එකාටම බැනලා මන් clz එකෙන් එළියට එනකොට මූණ රතු කරන් අඩ අඩ හිටපු සසංගි මන් ගාවට ආවා.
"තමුසෙට මන් මොකක්ද කරපු වැරැද්ද අහ් තමුසෙට කොහෙන්ද මට එහෙම බනින්න අයිතියක් අහ්..😡"
"මේ කටවහගෙන ඉන්නවා සසංගි තමුසෙ එක්ක මගෙ කතාවක් නෑ."
"ඇයි මට මොනවා කරන්නද අහ්.කිසිම වැරැද්දක් නොකර තමුසෙ මට මෙහෙම කෑ ගැහන්නෙ මොකටද.අනික.තමු...
"මන් තමුසෙට ආදරෙයි..ගොඩක් ආදරෙයි පිස්සුවෙන් වගේ ආදරෙයි..ඒකයි මන් මෙහෙම හැසිරෙන්නෙ...තේරුණාද අහ් තේරුණාද 😡😡😡
ලගට ඇදලා අරන් අත් දෙකෙන් හයියෙන් අල්ලගෙන ඒ ඇස් දිහා බලාගෙන මන් කේන්තියෙන් කිව්වා.ඒ ඇස් මන් දිහා බලාගෙන හිටියේ කදුලු ගංගාවක් පිට කරන ගමන්.
" සසංගි ඔහොම් හිටපන්"
මාව තල්ලු කරල සසංගි දුවගෙන washroom යනකොට යාලුවො කෙල්ල පස්සෙ ගියා විතරයි මට මතක... 😔
......................................................
"නේත්‍ර හොදට වැඩ කරන්න වෙයි.මොකද ලමයො මේ ම්ම් වෙනදට ඔහොම නෑනෙ.හෙට එනකොට assignment එක හරියට කරන් එන්න.😐
"හරි මැඩම්"
දවසම මුසේපේන්තුයි ශික්.මේ හැමදේකින්ම මට ඈත් වෙලා යන්න ඕනි.මට සිහි කල්පනාවක් නෑ මන් මොකද කරන්නෙ කියලා.කවදාවත් මන් කෙල්ලෙක් නිසා මෙහෙම හැසිරිලා නෑ.කොහොම හිටපු එකෙක්ද මම.😖හවස් වෙද්දි හෙමීට හෙමීට bus stand එකට ආවා.ඒත් ගෙදර යන්න තරම් හිතක් නැ.bus දෙක තුනක් යනකන් මන් ඔහේ බලාගෙන ඉදලා අන්තිමට bus නැති නිසාම පයින් යන්න හිතාගත්තා..
"බේරගන්න..උදව් කරන්න අනේ කවුරුත් නැද්ද..බේරග්ශෙව්ජෙජ්ස්..."
පාර දෙපැත්තට වෙන්න තියෙන කැලෑවක් හරියෙන් කෙල්ලෙක් කෑ ගහනවා.දෙයියනේ සසංගිගේ කටහඩ වගේමයි.නෑ නෑ එයා වෙන්න බෑ.මගෙ හදවටත එක තැන නතර වෙලා වගේ.පිස්සුවෙන් වගේ මන් කැලෑ කොටසට දිව්වා.
"දෙයියනේ මගෙ සසංගි..😤"
පාහර මනිහෙක් මගෙ කෙල්ලව කැලෑවට ඇදගෙන ඇවිල්ලා.කෙල්ලගෙ ඇදුම ඉරන්න ලෑස්ති වෙනවා.මන් ආවෙ නැත්නම් මගෙ කෙල්ලට මොනව වෙයිද 😖
"සසංගී..."
කෑ ගහපු පාර ඒ මිනිහා මගෙ දිහා රවලා බලාගෙන ඉන්නවා
"අත ඇරපන් යකෝ මගෙ කෙල්ලව.උඹට කොහෙන්ද හයියක් ආවේ මගෙ සසංගිට අතක් තියන්න අහ්.😠"
"😂😂ඇයි උඹ මොනවා කරන්නද මට.වරෙන් එහෙනම් මාත් එක්ක පොඩි සැපක් ගමු 😏"
"මොකක්ද බ%&$ උඹ කිව්වෙ මම උඹට.."
දුවගෙන ගිහින් ගහපු පාරට මිනිහා බිමට වැටුණා.මිනිහට හිතා ගැන්න බෑ මන් කොහොමද ඌට ගැහුවේ කියලා.හිටපු තැනින් නැගිටලා පිටි පස්ස බල බල මිනිහා දිව්වා.මන් දුවගෙන ගියේ සසංගි ලගට.
"සසංගි ඔයා හොදින්ද කෝ එන්න නැගිටිමු"
කෙල්ල මගෙ පපුව බදාගෙන අඩනවා.
"අනේ මැනික අඩන්න එපා plzz මන් ආවනෙ දැන් ඔක්කොම හරි ම්ම් "
"නේත්‍ර ඔයා ඔයා ආවේ..නැත්නම්..මම මම.."
"ශ්ශ්ශ්ශ්...මුකුත් කියන්න එපා දැන් ඔක්කොම හරි යමු.මන් ඔයාව ගෙදරට ඇරලවන්නම්.මීට පස්සෙ හවස් වෙලා තනියම එන්නෙ බලාගෙනයි හොදද"
"හුම්ම්"
එක තප්පරේකට මට අමතක වුණා සසංගි මට  අයිති නෑ කියලා.හ්ම්ම් මේ දගකාරිව මට අයිති දෙයක් නෙමෙ.මට එයාව බලෙන් ලබාගන්න ඕනිත් නෑ.
"සසංගි,මන් මෙහෙන් ගොඩක් ඈතකට යන්න තීරණය කරා.මොකද මන් වැරදි දෙයක් කරෙ.ඔයාට මන් ආදරේ කරා.ඒත් ඔයාට boy කෙනෙක් ඉන්නවා කියලා මන් දන්නවා.ඔයාට බාදාවක් වෙන්නෙ නෑ මගෙන් මන් යනවා මෙහෙන් 😔"
"නේත්‍ර..ම්ම්.මේ..."
"මුකුත් කියන්න එපා.ඔයා එයාව දාල මන් ලගට එන්නත් එපා.ඒක ගොඩක් නරකයි.යමු මන් ඔයාව ගෙදරට දාන්නම්"
අපි දෙන්න අතරෙ කිසිම කතා බහක් නැතුව සසංගිගෙ ගෙවල් ගාවටම ආවා.
"ඔයා යන්න එහෙනම් මාත් යනවා"
මන් කෙල්ලගේ මූණවත් බලන්නෙ නැතුව ආපහු ආවා.කදුලු බින්දු ඇස් අග රැදිලා එලියට එන්න ඔන්න මෙන්න.
"නේත්‍ර....මට boy කෙනෙක් නෑ "
පිටි පස්සේ ඉදන් සසංගි කෑ ගහනකොට මන් හැරිලා බැලුවා.කෙල්ල මගෙ ලගට දුවගෙන ඇවිත් හිටගෙන හිනා වෙලා බලාගෙන ඉන්නවා.
"එ..එතකොට අර whatsapp එකේ ඔ..ඔයා එක්ක හිටපු කො..කොල්ලා කවුද 🙁"
"ඒ මගෙ මල්ලි නේත්‍ර 🙂"
සසංගිගෙ කටින් ඒ වචනෙ පිට වුණ ගමන්ම මන් කෙල්ලව තුරුලු කරගත්තා.පාරෙ හිටියත් මට ගානක් නෑ.ඒ මූණ මන් අත් දෙකින්ම අල්ලගත්තා
"මැණික කියන්න මට ආදරෙයිද..ම්ම් කියන්න මාව තවත් භාගෙට මර්ලා දාන්න එපා"
"මන් ඔයාට ආදරෙයි නේත්‍ර ඔයාට මම ආදරේ කරන්න ගත්තෙ දැන් මාස දෙකකට විතර කලින්.ඒත් මට ඒක කියාගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.
" ඔය ඇත්තමද සසංගි "
"ඔව් මෝඩයෝ ඔව් 😌"
"මෝඩයා ආ කව්ද දැන් මෝඩයා😓 "
"ඔයානෙ ඇයි අර ඇඩුවෙ clz එකේ හූ..😂😂"
"ආ ඉන්නවකො ඔහොම.."
අද මට මගේ පිස්සු කෝච්චිය නැත්නම් මගෙ කච...කචේ හැමදාටම හිමි වුණා වගේ හැගීමක් දැනුනා.හදවතේ ඇති වුණ ආදරයත් එක්කම මම හිමින්නේ නලල සිපගත්තේ..මගෙ #විසේකාරි ව හැමදාටම මගේම කරගන්න හීන දකිමින්....
                                  -නිමි-