#විශාඛා පළමු කොටස | Vishaka 01 Kotasa
#විශාඛා
( කොටස් දෙකකින් සමන්විත කෙටි කතාවකි😁)
"විශාඛා,විශාඛා.."
"ආ..අමිල ඔයා අද කලින්ම ආවද 🙂"
" කලින්ම ආවද කටවහපන් උඹ.ශික් උඹ වගේ ගෑණියක් මටත් හම්බුනානෙ"
"අනේ අමිල ඇයි මේ කෑ ගහන්නෙ වටේ පිටේ මිනිස්සුත් ඉන්නවා යමු හෙට "
"ගෙට යන්න.උඹ කරන වැඩ හතර වටේ එකාලම දැනගන්න ඕනි.බලපන් අදත් කන්න ගත්ත බත් එකේ කෙස් ගස් 2ක්.අම්මපා උඹට හරියට උයාගන්නවත් බෑ ඒ මදිවට උයපු කෑම එක බැදගන්නවත් බෑ.අම්මපා මෙහෙමත් කාලකණ්ණි ගෑනු.නොදකින් "
අමිල කෑ ගහගෙන ගේ ඇතුලට යද්දි විශාඛා වටපිට බැලුවා.දෙන්නගෙ රණ්ඩුව හතර වටේ මිනිස්සුන්ට ඇහුනෙ නැත්නම් තමා පුදුමෙ.වටේ පිටේ මිනිස්සු බලාගෙන ඉන්න විදිය දැක්කම විශාඛගෙ ඇස් වලට කදුලු ආවේ හදවත ගොඩක් අසරණ වෙද්දි.අතේ තිබ්බ අමිලගෙ බෑග් එකත් අරගෙන දුවගෙට ගෙට ගියපු විශාඛා බැලුවේ අමිල කොහෙද කියලා.bathroom එකේ ඇහෙන වතුර සද්දෙන් අමිල නාන බව දැන ගත්තු නිසා විශාඛා එතනම ඉදගෙන අඩන්න ගත්තා.
....................................................................................
විශාඛා සෙව්මිණි කියන්නෙ මධ්‍යම පාන්තික පවුලක හැදුණු එකම දරුවා.ගොඩක් හොදට ඉගෙන ගන්න පුලුවන් හැකියාවක් විශාඛට තිබුණා.විශාඛට අමිලව හම්බ වෙන්නෙ O/l කාලෙදි.කෙල්ල හොදින් විභාග pass වෙලා campus යන්න select උනත් අමිලගේ දැඩි විරෝධය මත විශාඛා ගෙදර නතර උනා.
"අනේ අමිල මන් ආසයිනෙ campus යන්න.මට යන්න දෙන්නකෝ plz."
"විශාඛා ඔයාට මට වඩා campus එක වටිනවා නේද.මේ අහන්න පණ ඔයා රස්සාවක් කරනවට මන් කැමති නෑ ගෑණු කෙනෙක් උනහම ගෙදරට වෙලා වැඩ පල කරගෙන ඉන්න පුලුවන් වෙන්න ඕනි.මන් රස්සාවක් කරලා ඔයාව ආදරෙන් බලාගන්නම්.මන් වෙනුවෙන් නතර වෙන්න"
ඒ වෙනකොටත් අමිල රජයෙ කාර්යාලයයක හොද රස්සාවක් කරපු නිසාත් අමිලගෙ වචන නිසාත් විශාඛා තමන්ගෙ සිහිනය අත් ඇරලා දැම්ම.අමිල තමන්ව ගොඩක් ආදරෙන් බලාගනිවී කියන විශ්වාසය විශාඛගේ හිතේ තිබුණා.අවුරුදු 4 ආදර කතාවකින් පස්සේ දෙපාර්ශවයෙන්ම අශිර්වාදය අරන් විශාඛා අමිල එක්ක කුල ගෙට එන්නෙ ගොඩක් සතුටින්...කසාදයෙන් පස්සෙ මාස 6 යනකන් දෙන්නත් එක්ක ගොඩක් සතුටින් හිටියත් විශාඛා අතින් සිද්ද වෙන පුංචි පුංචි වැරදි වලට අමිල තරහෙන් කෑ ගැහුවා.ඒක කොච්චර දුර දිග ගියාද කියනවනම් අද වෙනකොට කුල ගෙය අපායක් වෙලා ඉවරයි..
............................................................................
"අප්පෝ අඩවැඩියාව,ඕක නවත්තගන්නවා.මගෙ දවසම කාලා රෑ ඉන්න ටිකත් කන්න හදන්නෙ"
අමිලගෙ ගොරෝසු කටහඩින් ගැස්සුනු කෙල්ල ඉක්මණට කදුලු පිහදාල නැගිට්ටා"
"ම්ම් අමිල ඔයා ආවද ඉන්න මන් ඔයාට කෑම ලෑස්ති කරන්නම්.අද මන් ඔයා ආස නිසා ඉදියාප්ප හැදුවා🙂"
"අනේ මෙ තියාගන්නවා තමුසෙගෙ මහ ලොකු ආප්පේ.මන් රෑට කන්න යනවා කඩේට.තමුසෙම කා ගන්නවා😒"
මහ හයියෙන් දොරත් වහගෙන එළියට බැහැපු අමිල car එකත් අරගෙන වේගෙන් පියාඹලා ගියා.
"ඇයි දෙයියනේ අමිල මෙහෙම කරන්නෙ මට😔 මන් කොච්චර ආදරෙයිද එයා වෙනුවෙන් මන් නොකරන දෙයක් නෑ ඒත් ඇයි....ඉහි ඉහි ඉහි..😭😭
විශාඛාගෙ ඇඩුම් හඩ කාටවත් ඇහුනේ නෑ.කෙල්ලගෙ පපුව පලාගෙන යන්න තරම් දැනුනා.තමන් ජීවත කාලෙටම අදරේ කරපු පිරිමියා මෙහෙම වෙනකොට දැනෙන හැගීම කියාගන්න බැරි තරන්.ඒ හැගීම විශාඛට එහෙම්ම දැනෙන්න ඇති..
.......................................................................
"හෙලෝ අමිල බබා,කොහෙද ඉන්නෙ ඔයා එන්නෙ නැද්ද අනේ 😏"
"හී මගෙ මැට්ටිට මන් නැතුව පාලුයි වගේ නේද 😘 ඉන්න සොනායා මන් මේ එන ගමන්.කොහෙද අර ගෑණිගෙ අඩවැඩියාවනෙ අදත්.බොහොම අමාරුවෙන් ආවේ මන්"
"මොකක්ද අමිල ඔය මළ වදෙන් තාමත් නිදහස් වෙන්න බැරි උනාද ඔයාට තාම😑
කවද්ද බබී අපි අපේ වෙන්නෙ"
"අනේ මහෙ පැට්ටෝ ඔය ඉතින් ඔයා කලබල වෙනවනෙ.ඉන්නකෝ මන් ආවම අපි කතා කරමු.අද මුලු රෑම ඔයත් එක්ක ඉන්න ඕනි 😏"
"හී හී මැට්ටෝ එන්නකො අදත් වදදෙයි වගේ මට 😏"
අමිලගෙයි සොනයගෙයි මේ කතා බහ විශාඛා දැනගෙන හිටියේ නෑ.සොනායා කියන්නෙ අමිලගෙ office එකේ වැඩ කරන කෙල්ලෙක්.හැඩකාරකමටත් වඩා කොල්ලන්ගෙ වචනෙන් කියන 'sexy' look එකක් තමයි සොනායට තිබ්බේ.office එකේ හැම කොල්ලගෙම වගෙ ඇහැ වැටිලා තිබ්බත් අන්තිමේට අමිලගෙ දැලට කෙල්ල අහු වුනා.මේ ආදර කතාවේ නාමෙන් අද දෙන්න එක්ක නිදි යහනේ සුර සැප විදිද්දි විශාඛා තනියම අඩමින් කාමරේට වෙලා හිටියා..
"ම්හ්..ඔලුව රිදෙනවා පැලෙන්න වගේ.පෙන්ඩෝල් දෙකක්වත් බොන්න ඕනි"
කෙල්ල ඔලුව රිදෙන නිසා පෙන්ඩෝල් හොයන්න කබඩ් එක ඇරියා.කබඩ් එක වේගෙන් ඇරපු නිසා අමිල office එකේ වැඩ වලට පාවිච්චි කරන tab එක වැටෙන්න ගිහින් කෙල්ල අල්ල ගත්තෙ බොහොම අමාරුවෙන්..
"අම්මො..තව ටිකෙන් ඉවරයි.මේක මෙතන වැටිලා මොනවහරි උනානම් මන් ඉවරයි.ම්ම් මට අමිල කවදාවත් මේක අල්ලන්නවත් දෙන්නෙ නෑනෙ.එහෙම කරනකොට මේක මන් වැට්ටුවොත් මාව මරයි "
විශාඛා හැදුවේ ඒක ඉක්මණටම ආපහු කබඩ් එකෙන් තියන්නෙ.ඒත් කෙල්ලට එකපාරටම හිතට ආවේ අමුතු අදහසක්
"ම්ම් නෑ පොඩ්ඩක් ඉන්න.ඇයි මන් බයේ මේක තියන්නෙ.මන් අමිලගෙ කසාද ගෑණි ඇයි මන් මේ හැටි බය වෙන්නෙ.මන් මෝඩ ගෑණියක් නෙමේනෙ මේක බලලා මේකෙ තියෙන දේවල් delete කරලා දාන්න තරම්."
විශාඛා හිතුව දේ සම්පූර්ණයෙන් ඇත්ත.ඒත් කෙල්ලට හිතෙන්න නැතුව ඇති ඒකෙන් ජීවිතේම කණපිට පෙරලෙයි කියලා.
"දෙයියනේ මේ..මේ..සොනායා නේද අමිල එක්ක ඉන්නෙ.ඒත් එයා මෙ..මෙ..මෙහෙම අනේ අම්මා..😭"
විශාඛගෙ ආත්මයම විනාස වෙලා ගියා වගේ හැගීමක් තදින්ම දැනෙන්න වුණා.ඔව් අවන්කව ආදරේ කරන කෙල්ලෙක් දකින්න අකමැතිම දේ විශාඛා එයාගෙ ඇස් දෙකෙන් දැක්කා.අමිලගෙ gallery එක පුරාම තිබ්බෙ සොනායා එක්ක ඉන්න photos.දෙන්න ඇවිදින්න ගියපුවා,office එකේදි ගත්තුවා වගේම.අඩ අනිරුවත්ද බෙඩ් ශීට් එකකින් යන්තම් විලි වහගත්තු සොනයාව අමිලගෙ පපුවට තුරුලු කරගෙන් ඉන්න photos සිය ගානක් ඒකෙ තිබ්බා.විශාඛා ඇඩුවා මුලු රෑ පුරාම ඇඩුවා.තමන්ගෙ වටින හීනය අත ඇරලා දැම්මෙ අමිල නිසා ඒ පණටත් වඩා ආදරේ කරපු නිසා.අද ඒකට තෑග්ගක් විශාඛට ලැබුණා.ඔව් එයාල්ගෙ ආදර කතාවට තිත තියන්න වෙලාව හරි කියලා කෙල්ලට තදින්න දැනුනා.
.........................................................
"විශාඛා මේ දොර අරිනවා නිදිද තමුසේ"
පාන්දර යාමේ අමිල ගෙදර ඇවිත් කෑ ගහනවා මහ හයියෙන්.විශාඛට නම් මේ දේවල් වල තිබුනෙ ලොකු කල කිරීමක්
"කොහෙද අමිල ඔයා මෙච්චර වෙලා ගියේ අහ් වෙලාව කීයද දැන් රෑට කන්න නේ...."
"අනේ කට වහප්න් බැල්ලියේ උඹ උඹේ ප්‍රශ්න වලට මට උත්තර දෙන්න් ඕන්නෑ"
"ම්ම් ඔව්නෙ අර සොනායා ඉන්නවනෙ දැන් ප්‍රශ්න අහන්න නේද"
කෙල්ලගේ මේ කතාවට කොල්ල ටිකක් බය වුණා.හැබැයි මේවා කවදහරි එළි වෙනවා.හැබැයි අමිලට ඕනි උනේ විශාඛව වෙන එකෙකුට පටලවන්න.එතකොට තමන්ට සොනායා එක්ක නිදහසේ ඉන්න පුලුවන් නිසා. ඒක කරගන්න බැරි වුණා මේ එළිවෙච්ච දේත් නිසා
"ඔව් ඇයි උඹට දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ.සොනය මගේ පණ.උඹ මොකියක්ද හරියට වැදගත් විදිහට ඉන්නවත් දන්නවද උඹ "
"මොකක්ද කිව්වෙ මනුස්සයෝ අහ්..ඇයි මට මෙහෙම කලේ මන් මොකක්ද කරේ.සාප වෙනවා තමුසෙට මේ කරල තියෙන ජරා වැඩ වලට තමුසෙ ඒ ගෑණිත් එක්ක හතර වටේ රවුම් ගහලා..😭😭"
"කටවහපන් උඹ මටද බනින්න එන්නෙ ඔහොම හිටපන් මම අද උඹට.."
අමිල ගහපු කනේ පාරට විශාඛා බිම ඇදගෙන වැටුනා.කෙල්ලට කෑ ගහන්නද අඩන්නද කියලා තේරුනෙ නෑ.තමන් ආදරේ කරපු පිරිමියා ගැන තිබ්බ කලකිරීමත් එක්කම කෙල්ල අමිල දිහා අසරණ විදිහට බැලුවා.
"මොකද උඹ.හහ් 😂උඹව සොනායා ගාවින් තියන්නවත් බෑ.බලපන් උඹේ හැටි තාර පීප්පෙ වගේ.උඹේ මූණේ හැටි බලපන් ශික්.අඩුම ගානෙ උඹට මොළයක් තියෙනවද 😂"
අමිල ගහපු කනේ පාර කෙල්ලට රිදුනේ නෑ.ඒත් කියපු වචන ටික හදවතටම වැදුනා.තමන්ට කම්මුලට ගහලා බැල්කනි එකට වෙලා හිනා වෙවී කෝල් එකක අමිල ඉන්නවා දකින විශාඛට ඇස් වලට කදුලු ආවේ නෑ දුක වැඩිකමට..
" මට තේරුණා අමිල ඔයා වෙනස් වෙලා කියලා මට මෙහෙම දුකක් දෙන්න නම් ඇයි ඔයා මට මෙහෙම කලේ අමිල.ඔයා නිසා මන් රස්සාවකට පවා ගියෙ නෑ අඩුම ගානෙ campusවත් ගියේ නෑ.එක අතකින් එහෙම කරපු ඔයා මට මෙහෙම කරලා මදි..හ්ම්ම්ම් 😔"
විශාඛට දැනුනෙ ජීවිතේම හිස් වෙලා කියලා.කෙල්ල සාලෙට ගිහින් බිම ඉදගත්තා.හැමදේම තනියම කියෙව්ව තනියම ඇඩුවා පාන්දර වෙනකන් ඇඩුවා.ඒත් හරියටම පාන්දර 5 වෙද්දි විශාඛා එයාගෙ ජීවිතේ ගැන අවසන් තීරණය අරගත්තා..
*විශාඛා මොකක් කරයිද? බලමු එයාගේ තීරණේ ගැන කව්ද හරියටම කියන්නෙ කියලා.🙂
* හෙට තවත් කොටසක් අරන් එන්නම් 😁
*කතාව ලස්සනයි නම් comments දාන්න වස්තුලා😘
*හැමෝම පරිස්සමින් ඉන්ඩෝ.😘😘 බුදු සරණයි...
-තාරු-
