"ටැමිල් කෙල්ල" | Tamil Kella
"ටැමිල් කෙල්ල"
(එක් කොටසක කෙටි කතාවක්)
"සලාං...."
ඒ හඩට බියවූ සරෝජා වට පිට බලමින් හනි හනිකට තම දෑතින් ගිලිහුණු වීදුරු පිගානේ කෑලි එකතු කරන්නට වුණා..ඇය මේ වෙහෙසෙන්නේ කෙසේ හෝ කවුරුත් දකින්නට මත්තෙන් එය සගවා ගන්නටයි.....
ඇය කොතරම් හදිසිවුණාද කියනවනම් තම දකුණත වීදුරු කෑල්ලකට කැපී ගොස් ලේ ගලන්නට වුණා..සරෝජාට එය ගාණක් නැත...
"දෙයියනේ ....අදත් මේකි පිගානක් කැඩුවද. .හිටු අද මං මේකිට....."
අත අමෝරාගත් නයෝමි ඇයට පැමිණෙන්නට පෙර සරෝජා දෑත් එකතු කරමින් ලේ සගවා ගත්තා....හතවුනේ නිමේසයක් හඩ නැගෙන්නට පාරවල් දෙකක් ඇයට එල්ලවුනේ....නයෝමිගේ හුරු දෑතින්......
ඒත් ඇය නොසොල්මන්ව ඇත....මෙය දැන් දැන් ඇයට හොදටම හුරුයි.....
"මොකද මොකද ඔය සද්දේ...?"
"බලනවකො මේකි අදත් පිගානක් කඩලා..."
"ඕකට ඉතිං ඔහොම කෑගහලා හරි යනවද.මේ ඉන්නේ පොඩි දරුවෙක්..."
"පොඩි දරුවෙක්..මේකි අපෙ ගෙදර වැඩකාරි..."
"තමුසෙ මේ දරුවට මාසෙට කීයක් පඩිය දෙනවද ...?"
"ඇයි මනිස්සයෝ තුන් වේලටම මස් මාළු කන්ට දෙන එක මදිද....?"
"අනේ ඕයි...මේ පොඩි දරුවා කන්නෙ බත් කටවල් කීයද ...?"
"කීය උනත් කන්න දෙන්නෙ අපිනෙ."
"මෝඩ හරක්..."
"ඔව් ඔව් තමුසෙටත් මේ දෙමලිනෙ වටින්නෙ "
දහසක් හිත් වේදනා අස්සෙන් සරෝජා මේ සියල්ල අසාගෙන උන්නේ සිතේ පමනක් නොව ගතේ වේදනාවද සිතින් දරාගෙනයි.....
..........................................................................................................................................................
සරෝජා මොවුන්ට හමුවෙන්නේ අහබු ලෙසටයි.....ඇය යාපනය ප්‍රදේශයේ ජීවත්වූ අහිංසක දෙමළ පවුලක පුංචි දරුවෙක්...ඇගේ පියා යුධ සමයේ ජීවිතක්ෂයට පත් වෙන්නේ බෝම්බ පිපිරීමකට මුහුණ දෙන්නට වූ නිසයි....
මව ඉන් පසුව දියණියන් තිදෙනෙක් හා එක් පිරිමි දරුවෙක්ට මවක් වෙන්නේ බොහෝම දුක් සහිතවයි. තරු සිනාසෙද්දී දෙනෙත පොපියනා තරම දන්නේ ඇයම පමනයි... ඒත් ඇයට දරුවන් හදා වඩා ගන්නට හරි හමන් ක්‍රමයක් නොතිබූ නිසාමත් එවකට පැවති යුධ වාතවරණය නිසාම බොහෝ දුකක් විදින්නට වුණා....
කාලය ඇයට ලස්සනම ලස්සන පාඩමක් ඉගැන්නුවා. පොඩි පැටවුන් පවා දෙමල සංධානයේ සෙබලුන් සෙබලියන් වෙද්දී ඇය යාපනය දමා රට මැදට පැන ගන්නේ බොහෝ කටුක වෙහෙසක් දරමින්...ඇය එලෙසින් එන්නේ තම වර්ගයාට ආදරයක් නොමැති නිසාම නොව.තම දරුවන් රැකිය යුතුයි තම වර්ගයා රකින්නට යන සිහිනය අතරින්මයි.....
ඇගේ වැඩිමල් දියණිය සරෝජා ඇති හැකි පවුලකට දෙන්නේ කෙසේ හෝ දිවි බේරාගෙන ජීවත්වෙයන් යන හැගීම අතරින්මයි.....බාල හිංසනය.බාල අපරාද.බාල වයස්කාර මේ සියල්ල යුද්ධය ගිල ගෙන ඇති නිසාම තම වැඩිමල් දියණිය සරෝජා කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ඔවුන් හට දෙන්නට ඇයට හැකියාව ලැබුණා.....
ඒ හරහා යමින් එම නිවසට ආදා පටන්ම සරෝජා ඒ නිවහනේ වැඩකාරියයි....එය දන්නේ ඇයම පමනයි. දහසක් දුක්ක දෝමනස්සයන් අතරින් දුකින් කාලය ගෙවනා ඇය දුක කියනා දෙය හොදින්ම හැදිනුවේ මේ සිතිජ ඉමේ නගරයක් තුල නිවසකයි.....
"දෙයියනේ.....මේකිනම් හදන්ටම බෑනෙ...මෙහෙ දිය ඕක කොටි කෙල්ල..."
තම දරුවාගේ පුංචි බෝනික්කා ලයට තුරුලු කරගෙන සරෝජා නලවන්නට පටන් ගත්තා පමණයි. නිවසේ අයිතිකාර ගැහැණිය දිව විත් පුලුන් බෝනික්කා ගෙන පිස දමන්නට වුණා.....
සරෝජා දෑස් මත කදුළු සගවා ගනිමින් එතනින් නික්ම ගියා...ඒ ගියේ මුළුතැන් ගෙය දෙසටයි....ඇයට යන්නට ඉතිරිව ඇත්තේ එය පමනයි....
"සරෝජා ඇයි පුතේ.....?"
ඔහු දරු දුක දන්නා පියෙකි..තම දරුවා පමනක්ම දරුවන් නොවනා ඔහු හෑම දරුවෙකුම දරුවන් ලෙසට දකින්නට හැකි පියෙක් වූයේ ඒ නිසාමයි..... සරෝජා එයට කිසිත් නොකියමින් යන්නට ගියේ හිස සොලවමින්...ඇයද හරිම හුරතල් පොඩි දරුවෙක්..ඔවුන් ලගට පැමිණෙනා විටදී කිසිදු සිංහල අකුරක් නොදැන සිටිය සරෝජාට මුලින්ම යම් දෙයක් කියා දුන්නේ ගොලුවෙකුට මෙණි....
ඒත් ඇය කෙටි කාලයක් තුලදී ඒ සියල්ල නිසි ලෙසින් හුරුවෙන්නේ දක්ෂ දරුවෙක් ලෙසටයි....ඇගෙන් මිදුන ඔහු යන්නේ තමන්ගේ නිදන කාමරය දෙසටයි....
"ඇයි අර සරෝජා මූණ එල්ලන් ගියෙ...?"
"සරෝජා තමයි බලන්නකො දරුවගෙ බෝනික්කා අරං නලවනව මං එද්දින්..දෙන්න හිතෙනව මට...."
ඔහුගේ දෑස් අදුරු වෙන්නට වැඩිවෙලාවක් ගතවුනේ නැත...
"ඇයි ඔයාට ඒ දරුවගෙ හිත තාම කියවන්න බැරිවුනේ....ඒ දරුවත් තාම සෙල්ලම් වයසෙ ඉන්නෙ..බලන්නකො ඒ දරුවා මේ ගෙදර කොයිතරම් වැඩ කරනවද..පොඩ්ඩක් තේරුම් ගන්න ඔයා..."
"ඔව් ඔව් තමුන්ට 😁😁වටින්නෙ මගෙ දරුවට වඩා ඒ පර කොටි කෙල්ල කියන්න මං දන්නවා..."
"මේ ඒ දරුවට කතා කරන්න ඉගෙන ගන්නවා.එහෙම නොවුනොත් මං මේ දරුවා බාර දෙනවා හමුදාවට..."
"ඔව් ඔව් ඒකි බාර දීලා තමුසෙ මේ ගෙදර දරුවගෙ වැඩ ටික කරනවා..."
මේ වචන අස්සෙන් ඇගේ වටිනාකම හොදින්ම ඇය දන්නා බවනම් හොදින්ම වැටහෙයි...ඒත් ඇය කරනා සේවයට ඇගයීමක් නොමැතිකමනම් සිතට ගෙන ආවේ දරාගන්න බැරිතරම් මහා දුකක්...
"ඔයා හිතන්නකො ඔයාට ඒ දරුවා කොයිතරම් වටිනවද කියලා...ඉතිං ඇයි ඔයාට ඒ දරුවට ලෙන්ගතුකමක් දක්වන්න බැරි අන්න එතනයි තියන ප්‍රශ්නය...."
"මට ඔය කෙල්ලගෙ වටිනාකමක් නෑ....තමුන්නෙ ගෙනාවෙ තමුන්ම ඒ කෙල්ල හුරතල් කරනව එහෙනම්...මට කොහෙවත් ඉන්න දෙමලියක් හුරතල් කරන්ට ඕනෑකමක් නෑ..."
"තමුසෙ අම්මෙක් උන එක ගැනනම් මං ගොඩාක් දුක් වෙනව අද...."
තේනුවර මේ කතාකරන්නේ බොහෝම දුක් සහිතවයි. තම බිරිද යම් වත්කමක් රැගෙන විවාහ වී ඔහු සමගින් ආ නිසාම විටෙක තේනුවර අසරණයි...ඒත් සරෝජා ගැන තේරුම් කරන්නට කොයිතරම් වෙහෙසක් ගත්තද යන්න දන්නේ ඔහුම පමනයි.....
ඒත් පලක් නැත.එයින්ද සරණ වෙන්නේ ඔහුම පමනයි....ඒ බද දන්න නිසාම තේනුවර මේ වෙද්දී උන්නේ ඇයි දෙයියනේ මං මෙහෙම පවක් කරගැහුවේ යන දුකක් ඇතිවයි......
සරෝජා කොයිතරම් එපා කිවුවද අහන්නේ නැත..තම දියණියගේ බෝනික්කාට බොහෝ ඇලුම් කල නිසාම එය අතට ගන්නේ කවුරුත් ලගක නොමැති විටකයි....තම දරුවා තුරුල් වෙද්දී සරෝජා තනිවම රැය පහන් කරන්නේ බොහෝ බියක් ඇතිවයි ....කිසිදු ආදරයක් නොවිදිනා ඇය විටෙක තම මව සහෝදරයන් මතක් කරමින් තනිවම හඩා වැලපුනා.....
රැයේ ඇය නිදාගන්නේ බෙඩ් ෂීට් එක ඔලුවේ සිට දෙපතුල් දක්වාම වසා ගනිමින්...ඒ ඇය කරුවලට බිය නිසාමයි...මීයෙකුගේ හඩක් ඇසුනද ඇය තැති ගනී.... ඒ බිය නිසාම විටෙක ඇයට නින්ද යනවා ඇයද දන්නේ නැත...
ඒත් පසුදා අළුයම පහට අවදිව ලිප ගිණි මෙලවිය යුතුයි...ඒ නිසාම ඇය ඇහැරන්නට කවුරුත් නාවද කෙසේ හෝ වෙලාවට අවදිවෙන්නේ කෙදිරිලි හඩ අස්සෙන්මයි....
..........................................................................................................................................................
"ඒ...උබට ඕවා කන්ට කිවුවෙ කවුද...?මෙහෙ දිය ඕක...."
සරෝජා දහවලේ තෙවනුවර ගෙනා බූන්දි මල්ලෙන් කිහිපයක් ගෙන අත මිට මොලවා කන්නට ලෑස්ති වුණා පමනයි...වෙනදාට සරෝජාට ටිකක් දෙන තේනුවරට අද ඇයට දෙන්නට මතක් උනේ නැත...
ඇගේ දෑතේ තිබුන බූන්දි ටික උදුරාගත් ඇය ඒ සියල්ල ගෙන කුණු බක්කියට දමන්නේ දෑත පිසිමින්....ඇය අතේ තැවරුනු පැණි ටික දිවෙන් එහාට මෙහාට කරමින් කන්නට උනා....
"හයියෝ....දෙමලියේ....අත ලෙවකන්න එපා ගෑණියේ...පල ගිහිං අත් දෙක හෝදගන්..මං දන්නෑ මේකි කොහොම හදන්නද කියලා..."
"ඇයි මොකද ඔය කෑ ගහන්නේ ....?"
"කෑ ගහන්නේ....?මේං මේකි මං එද්දින් බූන්දි ටික ඔක්කම කනවා..."
"අනේ මහත්තයා...මං දෙකයි ගත්තේ..."
ඒ වචනයටනම් සරෝජාට ඉබේටම ඇඩුනේ තේනුවරද ඇයට ගුටි බැට දෙයි යන බිය නිසාමයි....
"තමුසෙ මාව මිනීමරුවෙක් කරන්ටද හදන්නේ....?"
අදනම් තේනුවරට බොහෝ තරහක් ඉපදී ඇත...ඒ දරා ගන්නට බැරිතරම් තරහක්....
"කෝ සරෝජා ඔයා ගත්ත බූන්දි ටික...?"
"නෝනා අතට අරං විසිකරා..."
"කොහාටද විසිකරේ....?"
ඇය කුණු බක්කිය දෙසට අත දිගුකලා...තේනුවර එතනට ගොස් එය විපරම් කලා...ඇත්තටම එහි ඇත්තේ බූන්දි කෑලි කිහිපයක් පමනයි...
"කෝ මෙහෙ වරෙන්..ගං මේකෙ තියන බූන්දි ටික ඔක්කම..."
ඔහු තම බිරිදගේ කෙස් වැටිය අල්ලාගෙන එතනට රැගෙන ගියා...එහි ඇත්තේ රණ්ඩුවක සේයාවක්...සරෝජා ඒ අස්සෙන් නිවසින් පිටව පාරට පැමිණියේ ආයෙත් ඒ නිවසට නොයන්නට සිතමින් නොව...ඒ රණ්ඩුවට ඇති බිය නිසාමයි......
ඇයට යන්නට හැකිවුනේ කෙටි දුරයි...තේනුවර විත් ඇය නැවතත් ගෙදරට රැගෙන ගියා...ඒත් සරෝජා උන්නේ බොහෝම දුකකින්මයි......
කාලය ගෙවී යද්දී තම දියණියේ නැකතට අකුරු කියවන දිනය එලබුණා...එදින නිවසේ බොහෝ විශාල උත්සවයක් ඇත...එහි එකම වයසේ හා සමාන වයසේ උන්න සරෝජා අත් උදවු කරුවා උනා....
"අන්න වෙලාව හරි...දැන් කියවන්න...හා" අ" යන්න..ආ යන්න...."
මේ සියල්ල දෙස සරෝජා බලා උන්නේ බොහෝ දුකක් ඇතිවයි..ඒත් ඇගේ දුක දකින්නට මේ මිහිපිට කවුරුත් උන්නේ නැත....
ඒ සියල්ල නිමවෙද්දී සරෝජා ඒ ලෙසින්ම පොතක් හා පැන්සලක් ගෙන අකුරු ලියන්නට වුණා....
"හනේ....දැන් පොත් ටිකයි පැන්සල් ටිකයි ඉවර කරන්ටද මේකි ලෑස්ති...මෙහෙ දිය ඔය ටික..."
තේනුවර කොතරම් වෙහෙසක් ගත්තද තම බිරිද සාදාගන්නට ඔහුට හැකිවෙන්නේ නැත...ඔහුට වෙන කරන්නට දෙයක්ද නැත...
කෙසේ හෝ කල්පනාවෙන් උන්න තේනුවර අවසන යම් තීරණයකට එලබෙන්නේ දරුවා ගැන සිතමින්...එනම් සරෝජාට යහපතක් කරන්නට ඔහුට අවශ්‍ය උනා...ඒ නිසාම ඔහු සරෝජා බාර දෙන්නේ පුනුරුත්තාපන කදවුරකටයි...ඒ ඔහුට සරෝජා ලැබුන ආකාරය මේ සියල්ල නිසි ලෙසින් කියමින්....
මෙලෙසින් දාහක් කම්කටොලුවලින් මිදෙනා සරෝජා ගැන සොයා බලන්නට තේනුවර අමතක කරන්නේ නැත...අයට ආදරය නොලැබුනද අනාගතය සකසා ගන්නට හැකියාව ලැබෙන්නේ තේනුවරගේ උදවුද ඇතිවයි ....
දෙමල කෙල්ලක් උවද දිනකදී...සරෝජා සිංහල අධ්‍යාපනය ලබා රජයේ විශ්ව විද්‍යාලයක උපාධිය ලබා ගන්නේ අසරණයෙක් ලෙසටයි...ඇගෙන් දෙමාපියන් හා සහෝදරයින් වෙන්වූ දා සිටම ඇයට හමුවෙන්නේද නැත...
සරෝජා තමරැකියාව වශයෙන් ගුරු සේවයට බැදී ඇය ඉල්ලා යන්නේ යාපනය ප්‍රදේශයටයි....ඒ තම ජාතිය ගැන සිතමින් නොව...තම මව හා සහෝදරයින් කොතනකදී හෝ හමුවේවි යන විශ්වාසය ඇතිවයි......
..........................................................................................................................................................
අප ගෙන ආ යම් ජීවිතයක් ඇත්නම් අපිට එය කොතනින් හෝ ලැබෙනු ඇත...එහෙත් දෙමාපියගෙන් ලැබෙනා ආදරය ඔවුනට නොලැබෙනු ඇත..ඒ නිසාම අන් දරුවන්ද තම දරුවන් ලෙසින් දකින්නට හැම අම්මෙක් තාත්තෙක්ටම හැකියාව ලැබේවා කියා මා පතනවා....
කතාව අවසානයි....
