#ශාපලත්_ආත්මයක් | Shapalath Athmayak


#ශාපලත්_ආත්මයක්

දෙහස්..... අනේ... එන්නකෝ....ක ක කවුද .. කවුද ඔතන ඉන්නේ... 😲

දුවේ මොකද මේ කෑ ගහන්නෙ... හීනෙකින්වත් බය වුණාද...

අ..... අ...... අම්මේ....අර අර දොර ළඟ

කවුද දුවේ දොර ළඟ ඉන්නේ ... ම්ම් කෝ කවුරුත් නෑ නේ... ඔයා හීනයක් දකින්න ඇති පුතේ...

නෑ අම්මේ මේ මෙතනින් ගියා කවුදෝ

අනේ කෝ පුතේ කවුරුත් නෑ අර බලන්නකෝ.. මේ වතුර ටික බොන්නකෝ පුතේ ම්ම්

අම්මේ මට බයයි අම්මේ... 😥

අනේ බය වෙන්නේ ඇයි පුතේ.. ම්ම් මං ඔයා ළඟ ඉන්නම්..කෝ දැන් නිදාගන්න ඔයා...

** ** **

#මෙනුෂි_සිඳංගනා_තෙල්දෙණිය .... #දෙහස්_නෙහංස_තෙල්දෙණියගේ ආදරණීය බිරිඳ.. තෙල්දෙණිය වලව්වේ වැඩිමහල් ලේලිය..

දුවේ ඔයාට කොහොමද දැන්

මං හොඳින් අම්මේ...

ඊයේ රෑ ඔයා හීනයක් දැකලා බය වුණාද පුතේ..

අනේ මට හිතාගන්න බෑ අම්මේ.. මං දැක්කා කවුදෝ කාමරේ දොර ළඟ ඉන්නවා..

කවුරු ඉන්නද පුතේ..රෑට තුණුරුවන් සිහි කරලා නිදාගන්න එතකොට හරි පුතේ ම්ම්ම්...


හ්ම්ම් හා අම්මේ...

දෙහස්ගේ අම්මා කවදාවත් මට ලේලියක් විදියට සැලකුවේ නෑ..මට හැමදාම දුවෙක්ට වගේ සැලකුවේ .. ගොඩාක් වෙලාවට දෙහස් බිස්නස් වැඩ වලට ගෙදරින් පිට ඉන්නේ.. දෙහස්ගේ මල්ලී එංගලන්තයේ හිටියේ විවාහයෙන් පස්සේ..

** ** **

දෙහස් මොනවද තනියෙම කල්පනා කරන්නේ ම්ම්ම්..

එහෙමට විශේෂ දෙයක් නෑ මෙනූ..

නෑ කිව්වට ඔයාගේ මූණෙන්ම පේනවනේ ඒක.. කියන්නකෝ

මෙනූ..අපි මැරි කරලා දැන් අවුරුදු 5කටත් වැඩී.. ඒත් දන්නවානේ අපි දෙන්නට තවමත් දරුවෙක් නෑ ...

හ්ම්ම්...මට තේරෙනවා දෙහස් ඔයා කියන දේ..අපි කරන්න පුළුවන් හැමදේම කරානේ දෙහස් මේ හීනේ වෙනුවෙන්..ඒත් 😥

අනේ අඬන්න එපා මෙනූ..මං ඔයාට වරදක් කියනවා නෙවෙයිනේ ම්ම්ම්...

දෙහස් මටත් ඔය හීනේ නැතුව නෙවෙයි.. ඒත් ඇයි දෙහස් අපිටම මෙහෙම වෙන්නේ ...

අපි බලමුකෝ මොකද කරන්න පුළුවන් කියලා... හ්ම්ම් කෝ එන්න දැන් නිදාගන්න බුදු සරණයි 😘

බුදු සරණයි 😘..

** ** **

🌌 🌙

එපා අනේ එයාව මට ඕනී දෙන්න... අනේ 😨😨😨

මෙනූ ... මෙනූ ඇයි මේ

අනේ එපා දෙහස් අරන් යන්න එපා කියන්න එයාව.. මගේ පැටියා අනේ දෙන්නකෝ

මෙනූ මොකද මේ.. කෝ නැගිටින්නකෝ.. ම්ම්ම්

දෙහස්...😨

මොකක්ද වුණේ මෙනූ..ඇයි මේ කෑ ගහන්නේ..ඔයා හීනයක්වත් දැක්කද...

වතුර ...

ආහ් ම්ම්ම් මේ වතුර ටික බොන්නකෝ...

දෙහස් මට බයයි..

බයයි..ඇයි මේ මෙනූ

දෙහස් කවුද මගේ පැටියව අරන් යන්න හදනවා දෙහස්..එයා මට සතුටින් ඉන්න දෙන්නේ නෑ කියනවා...

කවුද මෙනූ ම්ම්ම්

දැන් දවස් ගාණක්ම දෙහස්.. කවුද මංදා මාව බය කරනවා..එයා එයා එයාව මං දන්නේ නෑ..සුදුවට ඇඳගත්තු කොණ්ඩේ දිග ගෑණියක්.. අනේ මට බයයි දෙහස්...

ඔයා හීනෙකින් බය වෙලා මෙනූ.. ම්ම් දැන් ඕක අමතක කරලා නිදාගන්නකෝ ම්ම්ම්..කෝ එන්න..

අනේ මට නිදාගන්න බෑ දෙහස් මට බයයි..ඒ ගෑණී.. 😨😨

හරි හරි මැණික මං ඉන්නවනේ ළඟ..ම්ම්ම් කෝ දොයියගන්න දැන්...

දින සති මාස ගෙවිලා යනකොට මෙනුෂි මේ විදියට හීනයෙන් බය වෙන එක එන්න එන්නම වැඩි වුණා..

** ** **

පුතේ ... දෙහස්

අම්මේ...

මේ දුව දැන් බය වෙන එකයි හීනෙන් කියවන එකයි හොඳටම වැඩි වෙලා පුතේ..

හ්ම්ම්..ඒක තමයි අම්මේ..මට මේ දේ නිසා ගෙදරින් පිටට වත් යන්න විදියක් නෑ..අපි මොකක්ද අම්මේ කරන්නේ...

පුතේ මං මේ දන්න යාළුවෙක්ගෙන් අහගත්තේ.. අනුරාධපුර පැත්තේ ඉන්නවලූ හොඳ වෙද මහත්තයෙක්.. ඒ මහත්තයා මේ වගේ දේවල් වලට වෙදකම් කරන කපුවෙක්ලූ.. කට්ටඩි මහත්තයෙක් අපි ගිහින් බලමුද පුතේ...

අනේ මංදා අම්මේ අපි කී තැනකින් එහෙම දේවල් කරාද..තවම ප්‍රතිඵලයක් නෑනේ..

ඒක තමයි පුතේ කියන්නේ..අපි මේ තැනටත් ගිහින් බලමූ..

අනේ මංදා අම්මේ..ඒකත් කරලා බලමුකෝ

මෙනුෂිගේ මේ ක්‍රියාකලාපය බලා සිටීමට නොහැකි වූ කල දෙහස් සහ මව අනුරාධපුර බලා යාමට සූදානම් විය...

** ** **

🚗

දෙහස් අපි මේ ගමන යන්නම ඕනිද ?

ඇයි මෙනූ එහෙම අහන්නේ..

මගේ හිතට මහ අමුතු බයක් දැනෙනවා දෙහස්..

මොකටද මැණික බය වෙන්නේ..අම්මයි මායි දෙන්නම ඉන්නවනේ..ම්ම් අනික අපි යන්නේ ඔයාට සනීප කරගන්නනේ...බය නැතුව යමූ...

අනේ මංදා දෙහස්...

** ** **

පැය ගණනාවක ගමනකින් පසුව දෙහස් ඇතුළු පිරිස වෙද මහතාගේ නිවසට ළඟා විය.

සිරිල් වෙද මහත්තයාගේ ගෙදර මේකද..?

ඔව් මහත්තයෝ.. මේ මහත්තයාලා ආවේ

අපි මේ ආවේ වෙද මහත්තයා හම්බවෙන්න ..

ආහ් එන්න මහත්තයා ඇතුළට.. වාහනෙ ඔය වැට මානෙන් නතර කරන්න මහත්තයෝ ...

ආහ් හරී... අම්මා , මෙනූ.. බහින්න මෙතනින්...

එන්න නෝනේ යමූ...

බෑ...අම්මේ මට යන්න බෑ..අනේ දෙහස්

මෙනූ..මොකද මේ ම්ම්ම්...

අනේ අපි ගෙදර යමූ ආපහු ... ප්ලීස් දෙහස් මට බෑ මෙතනට යන්න..

මෙනූ..අනේ අපි යමූ කෝ එන්නකෝ

බෑ දෙහස් මට බෑ...

මෙනුෂි වියරුවෙන් කෑ ගසන්නට වූයේ වෙද මහතාගේ නිවසට ඇතුළට යාමට නොහැකි බව පවසමින්...ඇයගේ කටහඬද වෙනස් වී තිබුණි..

මොකද මොකද මේ ඔතන සද්දේ...

අනේ මහත්තයෝ බලන්නකෝ... මේ දැරිවි ඇතුළට එන්න බෑ කියනවනේ..

කෝ බලමු..

දෙහස් අනේ මට බෑ.. මට යන්න දීපල්ලා.. 😲😲

මොකද මේ දරුවා කෑ මොර දෙන්නේ.. කෝ යමූ යමූ ඇතුළට...

බෑ මාව පිච්චෙනවා.. මට යන්න බෑ.. අයියෝ මට යන්න දීපල්ලා...

මේ මහත්තයෝ පොඩ්ඩක් මෙහාට ආවා නම්...

දරුවෝ මේ ප්‍රශ්නේ බරපතලයි වගේ ..

අනේ මහත්තයෝ පින් සිද්ද වෙයි..මගේ නෝනව බේරලා දෙන්න.. 🙏

හරි හරි දරුවෝ අපි දැන් මේ දැරිවි මෙල්ල කරගෙන යමුකෝ ඇතුළට....

පියල් කොලුවෝ..ගිහින් අර පිරිත් පැන් බෝතලෙයි ,තෙල් බෝතලෙයි ඇන්න වරෙන්කෝ...

හොඳයි මහත්තයෝ...

අවසානයේදී වෙද මහතාගේ බලයෙන් මෙනුෂි පියවි ලෝකයට ගන්නට විය...ඇයව සන්සුන් කරගත් පිරිස වෙද ගෙදරට ඇතුළු විය...

** ** **

මේ දැරිවි දැන් කියමුකෝ බලන්න ප්‍රශ්නේ...

මේ මහත්තයෝ මට හීනෙකින් මහ රෑට කවුදෝ කෙනෙක් කතා කරනවා..මගේ දරුවා තමයි ඉල්ලන්නේ

එතකොට කෝ දැන් දරුවා...

මහත්තයෝ අපි බැඳලා අවුරුදු 5ක් වෙනවා..ඒත් අපිට දරුවෝ නෑ තාම..අපි ගොඩාක් උත්සහ කරා ඒත් තවමත් බැරි වුණා අපිට ඒ හීනෙට යන්න..

ම්ම්ම් හ්ම්ම්... මේක ටිකක් බරපතලයි..අපි හවසට බලමුකෝ...දැන් ඔය දරුවෝ නාලා කාලා ටිකක් විවේක ගන්න...

හොඳයි මහත්තයෝ....

හොඳින් නාලා විවේක ගත් අපි සූදානම් වූයේ වෙදමහතා පැවසූ පරිදි ඔහුගේ දේවාලයට පිටත් වීමටයි...නිවසට මඳක් ඈතින් නිස්කලංක පරිසරයක එය පිහිටා තිබුණි...වෙලාව සවස හය පමණ විය..

** ** **

මෙතනින් පැදුරක් දාලා වාඩි වෙන්නකෝ ඔයාලා..

🙏 🙏 🙏

ආගමික වතාවක් එක් කල වෙද මහතා ආරූඬයයෙන් ජප කරන්නට විය...

ඕං නමෝ භගවතේ.... 🙏🙏

මෙනුෂිගේ හිසට දෙහි ගෙඩියක් කපා ඔහු ජප කරන්නට වූයේන් මෙනුෂි ආවේශ විය...

පලයව්... ඔක්කොම පලයව්... 👹️👹️
මෙනුෂි වෙනත් ගැහැණු කටහඬකින් කෑ මොර දෙන්නට විය...

කියාපං කවුද මේ නර ආත්මයට කරදර කරන්නේ කවුද... ඇයි උඹ මෙහේ ආවේ..

මං ආවේ මගේ පලිය ගන්න..👹️

මොකක්ද කියාපං බලන්න උඹේ පලිය... කවුද උඹ..

වෙද මහතා මහ හඬින් විමසන්නට විය..

මං සුමාලි... මේ මගේ පලිය ගන්න ආපූ ගමනක්.මගේ ගමනට බාධා නොකර හිටපව්...

කියාපිය මොකක්ද උඹේ පලිය..මේ දැරිවි අතෑරලා නොයන්නේ ඇයි...

මේකී මේකී මගේ ජාති හැතිරියක්.. මං මේ ශාපේ අතාරින්නේ නෑ..මං සුමාලී.. මගේ පෙර ආත්මේ නම.. එතකොට මේකී මගේම නංගී.. නිමාලි...
මෙනූෂිගේ ඇඟට අරක්ගත් ආත්මය කියන්නට විය...


#පෙර_භවය...

මං ඒ ආත්මයේ ගොඩාක් සතුටින් හිටියා මගේ මහත්තයා එක්ක.. අපිට හිටියා පුංචි දුවෙක්...
ඒ කාලේ මගේ නංගිත් අපේ ගෙදර නතර වෙලා හිටියා...ඒ වෙනකොට මං රස්සාවක් කලා... මගේ නංගි නිමාලි තමයි එතකොට මගේ චූටී දෝණී බලාගත්තේ..

ඔය කාලයේ මට කණින් කොණින් ආරංචි වුණා මගේ මහත්තයා එක්ක මගේ නංගිට සම්බන්ධයක් තියෙනවා කියලා..ඒත් මං කියපු පමණින් විශ්වාස කලේ නෑ.. ටිකක් විස්තර හොයලා බැලුවා..දවසක් මම වේලාසනින්ම ගෙදර ආවා..ඒ එනකොට මගේ මහත්තයා මගේම නංගි එක්ක අපි දෙන්නගේ කාමරයේ හිටියේ...😥 ඒ දෙන්නා හිටපු විදියට ඔව් මං යක්ෂාවේශ වුණා.. මගේම නංගි මට ද්‍රෝහී වුණා..මගේම සැමියත් මට ද්‍රෝහී වුණා.. මං තවත් මොනවා කරන්නද..මගේ චූටී දෝණි මං ළඟට අඬාගෙන එනකොට මං කොහොමද ඒ වේදනාව දරාගන්නේ...

එදා මං මගේ වියරුවෙන් උන් දෙන්නට කොටන්න පොරොවක් අරන් ආවත් මට වඩා මගේ නංගි ඉක්මන් වුණා..එයා ළඟ තිබුණු පොල්ලකින් මට ගහන්න හැදුවත් ඒ පහරින් මං වෙන් වෙනකොට ඒ පොලු පහර මගේ දෝණිගේ ඔළුවට වැදුණා.. ලේ විලක් මැද්දේ මගේ දෝණි වැටෙනකොට මගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා.. මගේ දෝණි මගේ අත අල්ලගෙනම මගේ තුරුලේ අන්තිම හුස්ම ටික යැව්වා...

මං මොනවා කරන්නද මගේ ලස්සනම ලෝකේ මෙහෙම කඩාගෙන වැටුණම .. මට තවත් හීන තිබුණේ නෑ.. මං ආයෙමත් ගේ පුරා හොයාගෙන ආවේ උන් දෙන්නව මරන්න ඔව් උන් දෙන්නම හිටියා..මං මගේ දෝත පුරවලා පොරවකින් ගැහුවා උන් දෙන්නට..ඒත් උන් ඒ පහරින් බේරුණා..මට වඩා වේගවත් වුණ මගේ නංගියි මහත්තයයි මට පිහියකින් හදවත පසාරු වෙන්න ඇන්නා.. ඔව් උන් වියරුවෙන් හිනා වෙද්දි මං ශාප කරා උන්ට.." කවදාවත් අම්මෙත් තාත්තෙක් නොවෙන්න ".. ඔව් මේ මගේ ශාපයේ පලිය ගන්නයි මං ආවේ...

මේකි මගේ ජීවිතේම විනාශ කරා.. මගේ දරු පැටියව මරාගත්තා... උඹට කවදාවත් හොඳක් වෙන්නේ නෑ...

#වර්තමානයට....

මෙනුෂි වියරුවෙන් කෑ ගහද්දී සුමාලිගේ කතාව අසාගෙන සිටි දෙහස් සහ ඔහුගේ මව කඳුළු සලන්නට විය...

දැන් ඉතින් මේ ආත්මය ඉල්ලන පලිය මොකක්ද ..
වෙද මහතා අසන්නට විය ...

මට ඕනී මේකිගේ ආත්මය.. මං කවදාවත් සැනසීමෙන් ඉන්න දෙන්නේ නෑ උඹලට..

මනුස්ස ආතමයක් බිලිගන්නට උඹට වරම් නෑ.. මේ ශාපය මෙතනින් නිම කරපන්...

බෑ බෑ උඹලට බෑ මගේ ශාප ගින්න නිවන්න.. මගේ දෝණි නිරාපරාදේ මැරුම් කෑවේ මුන් නිසා..අනේ මගේ දෝණී ...

අනේ මහත්තයෝ මෙනුෂිට ගොඩාක් අමාරු ඇති...මේක නවත්තන්න...

මේ දේවල් තවත් බලා සිටින්නට නොහැකි වූ දෙහස් වෙද මහතාගෙන් ඉල්ලන්නට විය...

මං යන්නේ නෑ..උඹලගෙන් මං මගේ පලිය ගන්නවා..මට මේ නර බිල්ල ඕනී...

සුමාලිගේ වියරු ආත්මය කෑ ගහන්නට විය...

නෑ උඹට මේ නර ආතමය ගන්න දෙන්නේ නෑ..මේ මනුස්ස ආත්මෙන් මිදිලා පලයන් ඈතකට...

වෙද මහතා ආරූඬයෙන් කියන්නට විය..

තවත් මෙනුෂිගේ වේදනාව බලා සිටින්නට නොහැකි වූ කල වෙද මහතා පිරිත් ජප කොට සුමාලිගෙ ආත්මය මෙනුෂිගේ සිරුරින් මුදවන්නට විය...

** ** **

දැන් පේනවනේ මහත්තයෝ වෙලා තියෙන හරියක්..

වෙද මහත්තයෝ අපි දැන් මොකක්ද කරන්නෙ..මගේ නෝනා

ඔය දරුවා බය වෙන්න එපා..අපි මේකට පූජාවක් තියලා බිල්ලක් දෙමු..

මහත්තයෝ ඒ බිල්ල...

බය වෙන්න එපා අපි සත්ව බිල්ලක් දීලා මේ ආත්මෙට සැනසීමක් දෙමූ..හැබැයි ඔය දරුවන්ට ටික දොහක් මෙහේ ඉන්න වෙනවා..

ඒකට කමක් නෑ මහත්තයෝ මේක විසඳලා දෙන්න..අපිට ඕනී එච්චරයි..

සතියක් පමණ ගෙවෙන විට අවශ්‍ය කටයුතු සූදානම් වූයේ වෙද මහතාගේ අනු දැනුම යටතේය.. පූජාව සඳහා සෙනසුරාදා දිනය වෙන් විය...

** ** **

පෙර පරිදිම සුමාලිගේ ආත්මය නැවත් මෙනූෂිගේ ඇඟට ගෙන්නන්නට විය...

උඹලා මාව එලවන්නද හඳන්නේ...නෑ මං යන්නෙ නෑ...

මේ අහපං උඹට බෑ මේ නර ආතමයට කරදරයක් කරන්නට... මේ කෝන්තර තවත් ආත්ම කීයකට උඹ අරන් යන්නද හදන්නේ

හැමදාටම මේ ශාපය තියෙයි..ඔව් මට කරපු දේට හැමදාටම මේ පලිය තියෙයී...

නෑ උඹට දැන් මේ ආත්මයෙන් මිදෙන්නම වෙනවා..උඹ වෙනත් ආත්ම භවයක් ලබාපන්..

මං යන්නේ නෑ .. 👹️👹️

බුදු දහමේ හැටියට වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ.. උඹ දැන් මේ වෛරයෙන් මිඳෙන්න ඕනී.. තවත් ආත්ම භවයක් ලබන්න පින්පෙත් අපි දෙන්නම් මේ ආත්මයෙන් මිදියක් දැන්...

නෑ මං යන්නේ නෑ...👹️👹️

සුමාලිගේ දැඩි විරෝධය මැද්දෙම වෙද මහතා විසින් ඇයගේ ආත්මය මෙනුෂිගේ සිරුරෙන් මුදවන්නට විය...

** ** **

සතියක් පමණ ගෙවෙන්නට ඇත.. නැවත් මෙනුෂිට සුමාලිගේ ආතමයෙන් කරදරයක් නොවුණද මෙනුෂි තමාගේ පෙර ආත්මය ගැන මහත් කනස්සල්ලට පත් විය...

දැන් ඉතින් ඔය දැරිවි ඒ ගැන නොහිතා මේ ආත්මයට සැනසෙන්න පින් දහම් කරන එකයි තියෙන්නේ..ඒ ආත්මෙටත් සැනසීමක් දෙන්න පින්පෙත් පමුණුවන්න..

හොඳයි වෙද මහත්තයෝ...

එහෙනම් මහත්තයෝ අපි ගිහින් එන්නම් ...

හොඳයි හොඳයි..තුණුරුවගේ සරණයි ...

** ** **

තෙමසක් ගත වන්නට වු තැන මෙනුෂිගේ සිහිනය සැබෑ කරමින් ඇය ගැබ් ගන්නට විය... තවත් මෙනුෂි සුමාලිගේ ආතමයට පින් පමුණුවන්න අමතක කරේ නෑ...

#නහී_වේරේන_වේරාණි
#සම්මන්_තීජ_කුදාචනං
#අවේරේනච_සම්මන්තී
#ඒස_ධම්මෝ_සනත්තනෝ...

වෛරයෙන් වෛරය නොසන්සිදේ ... අවෛරයෙන් හෙවත් මෛත්‍රීයෙන් වෛරය සන්සිඳේ...

එයයි අපගේ උතුම් වූ බුදධ වචනය...

නිමි....

ඔන්න යාළුවනේ කතාවක් ගෙනාවා..අදහස් කියන්නකෝ... හැමෝටම ගොඩාක් ආදරෙයි ❤ බුදු සරණයි ☸️ ජේසූ පිහිටයි ✝️

🚫 කතෘ අයිතිය සුරකින්න 🚫

✍️ හංසි සෙව්වන්දි


Comments System WIDGET PACK