සමනල තටු සිඳින්නෙපා.. | Samanala Thatu Sidinnepa
සමනල තටු සිඳින්නෙපා..
දිග ඩෙනිම් කලිසමට .. ඇගට ටිකක් ලොකු කලු ටී ශර්ට් එක ඇදලා අතේ කරේ සුදු යකඩ දම්වැල් වගේ මාල වලලු දාගෙන..ඩෙක්ෂූස් දෙකත් දාගෙන පාරේ එහා මෙහා ඇවිදින බැලූ බැල්මට තරුණෙයක් යැයි කිව හැකි අැය දිහා බලාගෙන පොලිස් කණ්ඩායමක්ම හිටියා..ඒ බවක් නොදුටු ඇය ඇයට පවරල තිබුන රාජකාරිය කරන්න ලෑස්ති උනා.. පොලිස් මෙහෙයුම් කණ්ඩායම ඔවුන් වටලද්දි ඇය එතනින් පැනල දිව්වා..
"ඒයි..දුවන්න එපා.. දිව්වොත් වෙඩි තියනවා" තුවක්කුද අතැතිව තමා පස්සෙන් පන්නන පොලිස් නිලධාරින්ගේ අණ නොතකාම ඇය පස්ස නොබලා දිව්වා.. විශේෂ පොලිස් කණ්ඩායමක් පස්සෙන් එනව කියල දැන දැනත් ඇය දිව්වේ බේරෙන්න.. දුවගෙන ගිහින් රේල් පාරට ආව ඇය රේල් පාර දිගේ දුවගෙන ආවා.. ඇයට තෝර ගන්න විකල්ප දෙකක් තිබුණා..එක්කෝ ගඟට පනිනවා නැත්නම් පොලිසියට බාරවෙනවා.. පොලිසියට අහුවෙනවට වඩා මැරෙන එක හොදයි කියල හිතපු ඇය දෙවරක් නොහිතාම ගඟට පැන්නා..පොලිස් පරීක්ෂක සිතිජ අනුහස් ඉක්මන් උනා..බූට්ස් දෙක මිනිත්තුවෙන් ගලවල දාලා ඔහු ගඟට පැන්නා..පිහිනුම් සූරයෙක් වුනු සිතිජ..වතුරත් එක්ක පොරබදන ඇයව අල්ලගෙන ගොඩට පීනුවා.. සිහිමද ගතියෙන් වගේ ඉදපු ඇයව බිම නිදි කරවල අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා..
සර්...අපි මූව...අරන් යන්නද?..
නෑ..පී.සී අබේවර්ධන... මේ කොල්ලා..එච්චර ලොකු වයසක එකෙක් නෙවෙයි වගේ... කෙලින්ම පොලිසියට ගෙනියනවට වඩා..හොදයි...මම තනියම මේක හැන්ඩ්ල් කරනවා..නැත්නම් අපිට මහ මොල කාරයන්ව අල්ලගන්න වෙන්නෑ....සිතිජ එහෙම කියලා කට්ටියට අතින් සංඥා කලා....
පැය බාගෙකට විතර පස්සෙ ඇයට සිහිය ආවා.. ඇය හිටියේ ඇඳක් උඩ... හිමිහිට ඇස් ඇරපු ඇයට මුලින්ම පෙනුනේ සිවිලිම් වහලේ කැරකෙන විදුලි පංකාව... බෝල ඇස්දෙක හතර වටේට කරකවද්දි ඉන්නේ කොහේද කියල හිතා ගන්න බැරි උනා..ඇගේ තරමක තෙත් බවක් දැනෙද්දි ඇයට මතක් උනා ගගට පැන්නා නේද කියල... කලබලෙන් ඇද උඩ ඉඳගත්ත ඇය ඔලුව අල්ලල බැලුවා..
හා.ඉලන්දාරියා..සිහිය ආවා නේද?..ඉතින් ඉතින්.... සිතිජ ඇගේ කරට අත දාගෙනම ඇය ලඟින් ඉඳගත්තා..ඇය ඒ පිරිමි ස්පර්ශයට තරමක් ගැස්සුනත් එය නොපෙන්වා ඉන්න වග බලාගත්තා..
ම.ං...මං මේ කොහේද ඉන්නේ...
මම සිතිජ අනුහස්... ඔයා වගේම කොල්ලෙක් තමයි මං..මට බොරු නොකර..හැමදේම කියන්න ඕනි.මට හැමදේටම උත්තර ඕනි... සිතිජ ඇගේ ඇස් දිහා බැලුවා...ඇය මුකුත්ම කියන්න සූදානමක් නෑ කියල ඔහුට තේරුණා.. සැර වැර කරනවට වඩා ආදරෙන් දෙයක් දැනගන්න පුලුවන්වෙයි කියල ඔහුට හිතුනා..ඒ ඔහු ඉස්සරහ ඉන්නේ හුගක් ලාමක දරුවෙක් කියල ඔහුගේ පොලිස් ඉවට දැනුන නිසා...
මම දන්නව..ඔයා පොඩි දරුවෙක් කියලා..ඉතින් කැමතිද..පරිවාසෙට හරි.. එහෙමත් නැත්නම්.. හිර කූඩුවක හරි... තනිවෙලා දුක්විඳින්න..අනිත් ලමයි අම්මා තාත්තා ලඟ සතුටින් ඉද්දි..සෙල්ලම් කරද්දි..ඔයාගේ මේ ලමා කාලය..තරුණ කාලය නිකරුණේ හිර ගෙයක් ඇතුලේ විනාස කරල දාගන්න කැමතිද?... ඇය සිතිජ දිහාම බලාගෙන හිටියා ඇගේ ඇස් අග කදුලක් වැටෙන්න ඔන්න මෙන්න දිලිසෙනවා ඔහු දැක්කා .
මට ඔයාට උදව් කරන්න පුලුවන්... පොලිස් නිලධාරියෙක් විදියට නම් නෙවෙයි... ඒ සමාජය තේරුම් ගත්ත...අම්ම කෙනෙක්ගේ පුතෙක් විද්යට...ඔයාම තීරණය කරන්න ඉලන්දාරියා... ජීවිතේ හදාගෙන ඉස්සරහට යනවද නැද්ද කියල...මොකද?..ඔයාව මම අත්අඩංගුවට ගත්තේ නීති විරෝධී මත් කුඩු ප්‍රවාහනය කරද්දී...ඔහු එහෙම කියලා නැගිටලා දොර ලඟට ගියා...
ඔ...ඔ.හොම ඉන්න... ඇය දුවල ගිහින් ඔහුගේ අතින් අල්ලගත්තා..
එ.න්.න..මම..කියන්නම්... ඇය ඔහුව ඇදෙන් වාඩි කරවලා ඔහු දිහා බැලුවා.. ඊට පස්සෙ කණ්නාඩිය ලගට ගිහින් ඒතෙන් පේන තමන්ගෙම රුව දිහා බලන් හිටියා..උණු කදුලක් ඇගේ කොපුල් තෙත් කරද්දී..ඇය ඔලුවට අතක් තියාගත්තා..
ඔයා මට ඉලන්දාරියා කිව්වා නේද?..ඇය එහෙම කියලා..ගැහෙන ඇඟිලි තුඩු වලින් ඔලුවේ දාලා තිබුණ විග් එක ගැලෙව්වා..විග් එකට වැහිලා තිබුන ඇගේ දිග කොණ්ඩේ පහලට කඩා වැටුණා
ඉනෙනුත් පහලට තියෙන දිග දුඹුරු පාට කොණ්ඩේ..කඩාගෙන ඇය ඔහු දිහා බැලුවා ඇස් අදහාගන්න බැරුව ඔහු ඇය ලගට ආවා.. දිලිසෙන ඇස් දෙක..රෝස පාට කොපුල් තල..මහත ඇහි බැම.දිගු ඇහි පිය.. ඇයව හුගක් සුන්දර කරලා තිබුණා..
ඒ..එ..තකොට..ඔයා..ගර්ල්..කෙනෙක්ද?... ඔහු පුදුම වෙලා ඇහුවා..
ඔයාට පුදුමයි නේද?.. ඒක ගැන මට පුදුම නෑ..මොකද..මගේ ගැහැනු කම..මුලු ලෝකෙන්ම මම හංගගෙනයි හිටියේ...නෑ..මට එහෙම කරන්න සිද්ද උනා..මට කොල්ලෙක් වෙලා ජීවත් වෙන්න සිද්ද උනා...
මට මුල ඉදලම ඒ කතාව දැනගන්න ඕනි...සිතිජ ඇගේ උරහිසට අත් දෙක තියලා කිව්වා..
********************
මම සමනලී... සමනලී විහංගා... මට අවුරුදු දහ අටයි.....මගේ අම්මා විතරයි මට ඉන්නෙ... තාත්තා ඉන්නවා.. ඒත්.. ඒ මාව හැදුවට තාත්තා උනා මිසක්..එයාට තාත්තා කියන්නවත් සුදුසු නෑ..ඇය වෛරය පිරුණු ඇගේ හදවත එළියට අදින්න ලෑස්ති වුනා.. කේන්තියට සුදු කම්මුල් රතු වෙලා..ලේ පිරිලා...
"මගේ අම්මා හරිම දුප්පත්...එයාට අවුරුදු දාසයේදි තමයි කොළඹට ඇවිත් තියෙන්නේ..ගෙදරක වැඩකාර කමට... ඒ කියන්නේ..මගේ තාත්තගේ ගෙදර..එතනදි තමයි තාත්තට අම්මව හම්බවෙලා තියෙන්නේ..ඇය..එහෙම කියලා.. ජනේලය ලඟට ගියා...
"තාත්තයි අම්මයි අතර ඇති වුන සම්බන්දෙ ප්‍රතිපලයක් තමයි මං.. මාව හම්බවෙන්න ආවම තාත්තගේ අම්මලා තාත්තව රට යවලා.. අම්ම ඒ ගෙදර හැමදාම වැඩ කරලා ඒ අතරේ තමයි මම ඉපදුනේ.. මට අවුරුදු පහක් විතර උනාට පස්සෙ තාත්තා ලංකාවට ඇවිල්ලා .එයා එහේදි කසාද බැදලා..බබෙකුත් හිටියා.. ගෙදර වැඩකාරිව බඳිනවට වඩා එහෙම උන එක හොදයි කියල ආච්චිලත් තාත්තව ගෙදරට අරගෙන.. තාත්තා ලංකාවේ ඉන්න හොදම බිස්නස් කාරයෙක්..
" එතකොට මටත් අවුරුදු හතරක් වෙනවා.. තාත්තා බැදපු කෙනා දන්නෑ ඒ කාලේ මම තාත්තගේ දුව කියලා.. මමත් දන්නෑ..මගේ තාත්තා එයා කියලා..."
"කවදාවත් අම්මා මට කිව්වෙත් නෑ..තාත්තගේ වයිෆ් නපුරුයි... එයාගේ දුවත් ඒ වගේමයි..මට හුගක් වෙනස් කම් කරා..එයාලා මගේ අම්මව මරා ගත්තා..මාවත් විනාස කරා..ඇය ඒ ටික කියල හොඳටම ඇඩුවා...
අම්මට මොකද උනේ...සිතිජ අැය දිහා බැලුවේ අනුකම්පාවෙන්...
"මට අවුරුදු දහයක් විතර යද්දි මං වගේම තාත්තගේ වයිෆුත් දැනගත්තා මගේ තාත්තා කව්ද කියලා..ඊට පස්සෙ එයා මගේ ඉස්කෝලේ ගමන නැවැත්තුවා.. ගෙදර වැඩකාරකම් කරව ගත්තා.. මං ටික ටික ලොකු වෙද්දී..මාව විකුණලා සල්ලි හම්බ කරා.. ඒක දැනගෙන මගේ අම්මා හාට් ඇටෑක් එකකින් මැරුණා.."
"ඊට පස්සෙ තමයි තාත්තාගේ හොර රහසේ කරන බිස්නස් වලට මාව යොදාගත්තේ..කුඩු තැන් තැන් වලට අරන් යන්න.. ඒ විතරක් නෙවෙයි...මට කොල්ලෙක් විදියට හැසිරෙන්න උනා..අැදුම් පවා අදින්න උනේ කොල්ලෙක් විදියට.. විග් එකක් දාගෙන.මට මගේ ගැහැණු කම හංගන්න උනා..එ වගේම..එයාලා..එයාල..මගේ ලමා කාලෙත් උදුරගත්තා.."
ඇගේ කතාව..ඒ ඉකිබිදුමත් එක්ක ඇහෙද්දී..සිතිජගේ හදවත උණු උනා..ඔහු අහිතක් නැතුව ඇයව පපුවට තුරුල් කරගෙන සැනසෙව්වා..
"එයා.. නිර්මා තමාලි එදිරිවීර..මගේ තාත්තගේ වයිෆ්..එයා.. මට හරියට වද දුන්නා..සමහර දාට.. හරියට එකම වෙලාවක් තියාගෙන..මට ගැහුවා.. ඒ මදිවට. මට කුඩු ගහන්න පුරුදු කරා..මම කෙල්ලෙක් කියන එක එයා ගනන් ගත්තේ නෑ.. මට අරක්කු සිගරට්..කුඩු..අබිං..ඒ සේරම පුරුදු කරා..නිර්මගේ දුව සැප විඳිද්දි මං හුගක් දුක් වින්දා...
''ඔය හොඳටම ඇති..තවත් මුකුත් කියන්න එපා.. මට කියන්න ඔයාගේ තාත්තා කවුද?..
" ප්‍ර..ප්‍රවීන් මුතුකුඩආරච්චි"
"මොකක්" සිතිජව විසී වෙලා ගියා..
"ඇයි" ඇය කලබල වෙලා ඇහුවා...
" ප්‍රවීන් කියන්නේ එතකොට සිල් රෙද්ද පොරවගත්ත රාස්සයෙක්..හරියට..හොද මිනිහා කියල ලෝකෙට පෙන්නගෙන.කරන්න තියෙන හැම බලු වැඩක්ම එතකොට කරනවා."..සිතිජ තරහෙන් කෑ ගැහුවා..
" ඔව්..අවුරුදු පහලොව දාසය වෙච්ච පොඩි කෙල්ලන්ව කොල්ලන්ව තියාගෙන එයා ගණිකා නිවාසයක් කරනවා..ඒ වගේම..කුඩු.. අබිං..ප්‍රවාහනය කරන්නත් ඒ අයවමයි යොදවන්නේ....ඇය එකක් නෑර හැමදේම කිව්වා..ඇයට වගේම තවත් පුංචි සමනල සමනලියන් තලා පෙලා විනාස කරල දාන තවත් මෘග යුවලක් ඇගේ උදව්වෙන් අත්අඩංගුවට ගත්තා...ප්‍රවීන්ගේ හැමදේම එක දවසින් විනාස වෙලා ගියා...
****************
දවස් ගානක් සිතිජගේ ගෙදර හිටපු සමනලීට කුඩු නැතුව සික් එක ආවා..ඇය හුගක් වේදනාවෙන් කෑ ගැහුවා..මුලු ඇඟම වෙව්ලද්දි..ඇය ජීවිතය ඉල්ලල කෑ ගැහුවා..පොලිස් නිලධාරියෙක් උනත්..සිතිජට ඇගේ වේදනාව දරාගන්න බැරි උනා..ඒ නිසාම ඔහු..ඇයට කුඩු ගෙනත් දුන්නා..දිගින් දිගටම ඔහු කරේ ඇයට ඒ දේවල් දෙන එක.. අත් කකුල් ගැට ගහලා ඇදේ ගැට ගහල ඉදපු සමනලී හරියට දුක් වින්දා..අන්තිමට සිතිජ ඇයව පුනරුත්ථාපන කඳවුරකට අරන් ගියා..එතනදි ඇය සාමාන්‍ය තත්වෙට පත්වෙන්න හුගක් කල් ගත උනා...
ඒ විදියට කල් ගත වෙලා සමනලී ගෙදර යන දවස උදා උනා..ඇය හිටපු හැමදාකම සිතිජ ඇයව බලන්න ආවා..ඇයව හොදින් රැකබලාගත්තා...එදත් ඔහු ආවේ ඇයව අරන් යන්න..
"සමනලී..අදින් පස්සෙ අලුත් ජීවිතයක් පටන් ගන්න..ආයේ පරන තත්වෙට එන්න එපා.."
"මෙතනින් ගියාට මට යන්න තැනක් නෑනේ"..පුංචි සමනලිය අදත් හුගක් අසරණ වෙලා..දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ මෘග හදවත් තියෙන මිනිස්සුන්ගේ වැරදි නිසා පුංචි සමනල පැටව් හුගක් අසරණ වෙනවා..අනාථ වෙනවා... ඒක අද සිතිජ ඇස් දෙකටම දැක්කා...
"එහෙම කියන්න එපා..සමනලී..ජොබ් එකක් කරන්න .හොද කොල්ලෙක් හොයලා කසාඳ බඳින්න...සිතිජ කියද්දි ඇය මහා හයියෙන් හිනා උනා .
කසාද බඳින්න..හහ්...මාව..හ.හා..මේ මාව..මම අනාථ වෙච්ච කෙලලෙක් සර්..කවුද මාව බඳින්නේ..මගේ ඇගට ආදරේ කරල ලඟට එන්න ඕන තරම් අය ඉඳිවී...ඒත්..මේ හදවතට කවුරුත් ආදරේ නොකරාවී..පුංචි කමට ඈ කියපු වචන හුගක් බරවැඩියි..ඒත්..ඒ දේවල් ඇත්ත..අද ලෝකේ.. ජීවිතේ වැරදුනු කෙනෙක් දිහා හැමදාම ලෝකයා බලන්නේ එකම කෝණයකින්..දවසක ඇයත් අසරණ වේවි...
සමනලී... මම ඔයාගේ හදවතට ආදරේ කරොත්..ඉඩ දෙනවද මට ඒකට.. සිතිජ දෙවරක් නොහිතාම ඇහුවා... හැමදේම උනේ..ඇගේ අසරණ කමට..නොදන්න කාලෙකදී අමිහිරි අත්දැකීම් විඳලා ජීවිතේ විනාස වෙච්ච පලියට ඇය හැමදාම විඳවන්න ඕනි නෑ කියල ඔහුට හිතුනා...සමනලීගේ කැමැත්ත අරගෙන සිතිජ එදාම ඇයව නීත්‍යයානුකූලව ඔහුගේ කරගත්තා..
" දුප්පත් වෙලා ඉපදුනේ පලියට..ධනවතුන්ගේ බිල්ලක් වෙලා තැලිලා පොඩි වුන සමනලී වගේ තවත් සමනල පැටව් කොච්චර ඇත්ද?.. අනේ මිනිසුනේ..අහිංසක..සමනල පැටවුන්ගේ තටු සිඳින්න කලින්..ඒක ගැන..තවත් පාරක් හිතන්න..මේ ඉන්නේ..හෙට ලෝකය බාර ගන්න ඉන්න...අපේ රටේ අනාගත පරපුර...
හිතන්නට යමක්
මල් වගේ පිපිදෙන කැකුලු මරා දාලා
කවදාවත් හිනාවෙන්න බෑ.. ඒ නිසා ඒ කැකුලු මල් වලට පෙති විහදාලා නිදහසේ පිපිදෙන්න ඉඩ දෙන්න..විවිධ විශම වූ ලෝකයේ හෙට රට බාර ගන්න ඉන්න පුංචි සමනල පැටව්..ඇස් දෙක වගේ රැකගන්න..ඒක දෙමව්පිය වැඩිහිටි ඔබ අප කාගෙත් වගකීමක්...
ස්තූතියි...
සමාප්තයි..
Shavi Dissanayaka
කතෘ අයිතිය සුරකින්න
