#සදවතියේ..පළමු කොටස | Sadawathiye


#සදවතියේ..

"අම්මේ මන් යනෝ වෙලා ගියෝ"
"පරිස්සමට ගිහින් එන්න.හොඳට වැඩ  ටික කරගන්න ඕනි හොදද?"
 සතීෂ් අනූපම දෑලියබණ්ඩාර.සාමාන්‍යය පවුලක සරල විදිහට හැදුණු එකම කොල්ල.ගොඩක් තැන්පත් වගේම අහින්සක ගතිගුණ කොල්ලට තිබුණා.ආ තව දෙයක් ඕනිම කෙල්ලෙක්ට ආපහු හැරිලා බලන්න හිතෙන handsome look එකකුත් තිබුණා ඉතිම්😋.ඔන්න අද තමයි සතීෂ් අලුත් ඉස්කෝලේ A/L clz එකට යන 2 නි දවස.1 දවසෙම කොල්ලට අලුත් යාලුවො ගොඩක් set උණ නිසාමද මන්දා අද ගොඩක් ආසාවෙන් තමයි sclz ගියේ. සතීෂ්ට හීනෙන්වත් හිතෙන්න නැතුව ඇති අද දවස කොල්ලගෙ ජීවිතේම වෙනස් කරයි කියලා.
" ආ සහෝ කුකුළත් අතේ අරගෙන ඇවිත් ඉන්නේ" 
සතීෂ්ගෙ අලුත්ම අපාය සහායක මිතුරා ලසරු උදේම gate  එක ගාව"
" අපි එහෙම තමයි bro.මේ උඹ මොකද මේ gate එක ගාව කරන්නේ බහිරවයා වගේ?"
"මේ...මේ.. දන්නැද්ද ඉතිං talks පාරක් දාගන්න ඉන්නේ "
"තොපි නම් හදන්න බෑ.මන් යනවා උඹ එන වෙලාවක වරෙන්"
ලසරුගෙ වැඩ වලට තනියම හිනා වෙවී clz එකට ඇවිත් bag එක තියලා කොල්ලා tap එකට යන්න කියල හැරෙනකොටම,
"දඩි බිඩිං ඩෝං"😨
මල මගුලයි.කොල්ලගෙ ඇගේ කෙල්ලෙක් හැපිලා බිම.
" අනේ sry මං..මං.. දැක්කේ නෑ ඔයාව.sry.ssry"
කොල්ලා බය වෙලා හොදටම.පව් අසරණයා.
" sry,තමුසෙ උඩ බලාගෙන ඇවිත් sry කියනවද? පාර බලාගෙන යනවා හලෝ..
බිම වැටුන කෙල්ල නැගිටලා කොල්ලට බනිනවා හොදටම.හැබැයි කෙල්ලගෙ බැණුම් නෙමෙයි ඒ හීනි ඇස් ගාව කොල්ලගේ ඇස් නතර වෙලා වගේ.
කොල්ලට හොඳටම බැනල කෙල්ල ගියා clz එකට.ඒකත් සතීෂ්ට රවාගෙන තමයි ගියේ.හී හී කෙල්ලොනේ..
කෙල්ලගෙ වැඩ දැකලා කොල්ලට හිනා ඉතිම්😂
" නපුරියක්නේ,.මට බැන්න විදිහ.මෝඩි,මොකියක්ද මන්දන්නේ නෑ"
" ඒ මොකද බං මේ තනියම හිනා වෙවී කියවන්නේ? කව්ද දැන් මෝඩි?"
" නෑ නෑ මුකුත් නෑ.මේ ලසරු ඒක නෙමෙයි කව්ද බං අර කෙල්ල"
"කෝ..ආ මේ මේකිද? මේ තුෂිණි නෙ බන්.ආ ආ ආ... උඹට මොකටද ඒක ආදර මල් පවනේද?"
" අනේ පලයන් යන්න."
ආව්ස්, පැණි හිනාව කොල්ලගේ.. මේ මේ වෙන ඕනි එකියක්,ඕකි නම් එපා"
" ඒ මොකද?"
" ඕකි නපුරියක්.කලින් set වෙල හිටියා ලස්සණ කොල්ලෙක්.එකා මේකිට joke එකට කරලා තියෙන්නේ.අන්තිමට වෙන කෙල්ලෙක් එක්ක set  වෙලා ඌ ගියා.මේකි එහෙමටම ලස්සනත් නෑනේ බන්.දාලා යන්න ඇති ඉතින්."
"හුම්ම්"
"හුම් නෙමෙයි ලස්සන කෑල්ලක් set කරගනින් ඕනි නම්.බලපන්කෝ ඒකිගේ හැටි උඹ ළගින් තියන්නවත් පුලුවන්ද"
"හුම්ම්ම්ම්😕"
කොල්ලාගේ හිතට නම් දැන් නිදහසක් නෑ වගේ.උදේ පන්සිල් ගන්නකොට වගේම එදා දවසෙ උගන්නනකොටත් සතීෂ්ගෙ හිත නතර වෙලා තිබුණේ තුෂිණි ගාව.එච්චරම ලස්සනක් නැති හැබැයි සතීෂ්ගෙ හිත නතර වුණ මේ තුෂිණි කව්ද🤔?

*පරිස්සමින් ඉන්ඩෝ බුදු සරණයි.😁



Comments System WIDGET PACK