සැබෑ වූ ආදරේ... | Saba U Adare
සැබෑ වූ ආදරේ...
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
" අපේ මහත්තයා හෙට කොහෙවත් යන්න දාගෙන නෑ නේද? හෙට සුදූ බලන්න මනමාලයෙක් එනවා."
" හෙට නිවාඩු දවසනේ නෝනා මම ගෙදර තමයි ඉතිං හෙට. අනේ නෝනේ සුදූ තව පොඩි කෙල්ලක් නේ අවුරුදු විසි තුනක් කියන්නේ දීග දෙන වයසක් නෙමෙයි නේ.."
" අනේ මහත්තයා මමත් ඔයා එක්ක ආවේ අවුරුදු විසි දෙකෙන් . අනික හෙට එන මනමාලයා ලොකූ කාර් සේල් එකක අයිතිකාරයෙක්. අවුරුදු විසි හතයිලු කොල්ලාට. කපු මහත්තයා නම් කීවේ කොහොම හරි ඒ මගුල සෙට් කරමූ කියලා . පවුලම ගොඩ යන්න පොටක්ලූ."
" අනේ මන්දා නෝනේ. අර අවුරුදු විසි අටක් ගිය නෙතූ තාම ගෙදර . නෝනා මේ අවුරුදු විසි තුනේ කෙල්ලට මගුල් හොයනවා."
" කතා කරන්න එපා මහත්තයා ඒ කාලකණ්නි කෙල්ල ගැන මනමාලයෝ කී දෙනෙක් ආවද එන එන මගුලට බෑ කියනවා. අර ලොතරැයිකාරයා එක්ක යන්න තමයි ඔය නටන්නේ. අපේ මූනේ දැලි ගාලා ඕකි අරූ එක්ක ගියොත් තමයි මම ඕකිට හොද වැඩේ කරන්නේ. ඇත්තමයි මම හොයාගෙන ගිහින් මරනවා. මහ මිනිස්සු දෙන්නාත් මරා ගත්තු කාලකණ්නි කෙල්ල. "
" මම යනවා නෝනේ මට පරක්කු වෙනවා. "
" ඔව් ඔව් මම ඇත්ත කියද්දී තමුසෙට තිත්තයි තමයි . මම ලබන අවුරුද්ද වෙද්දී නම් ඕකිට මොකෙක් හරි හොයලා බන්දනවා හොදින් හරි නරකින් හරී. ඕන් මම නොකීවා කියන්න එපා මහත්තයා ."
නැන්දාගෙයි මාමාගෙයි කතාව මම කුස්සියේ පිඟන් සෝද සෝද අහගෙන හිටියේ. මම නෙතුකි මන්දාරි සූරියවංශ. මම පොඩි කාලේ අම්මායි තාත්තායි මල්ලි තුන් දෙනාම හදිස්සි අනතුරකින් මිය ගියේ මාව සදහට ම මේ ලෝකේ තනිකරමින්. තාත්තා තේ වතු දෙකක අයිතිකාරයෙක්. තාත්තාගෙන් පස්සේ අම්මාගේ මල්ලී ඒ කියන්නෙ මගෙ මාමා එයාගේ නෝනයි ළමයි දෙන්නයි එක්ක ඇවිත් අපේ ගෙදර නැවතුනා. මුල දී නැන්දා මට ගොඩක් ආදරයෙන් සැලකුවත් පස්සේ මාව ගෙදර වැඩකාරී උනා.
" නෙතූ... මේ අහපන් හෙට මම බලන්න මනමාලයෙක් එනවා උඹ ඒ මිනිස්සු ඇවිත් යනකන් කොහෙ හරි පලයන්කෝ. එක්කො උඹ අර ලොතරැයි කොල්ලා එක්ක පැනලා යමන්."
සුදූ එහෙම නැත්නම් අපේ මාමාගේ ලොකු දුවගේ හඩින් මම පියවි සියට ආවේ. මට වඩා අවුරුදු හතරක් බාල උනත් අවුරුදු ගණනකින් මට අක්කා කියලා නෑ. නැන්දා වගේම උඩගුයි.
" කොහොමටත් මම හෙට කම්පියුටර් ක්ලාස් එකේ සර්ටිෆිකේට් එක ගන්න යන්න ඉන්නේ ඒ නිසා මම ගෙදර නෑ.."
එහෙම කියලා මම කාමරේට ගිහින් දොර වහ ගත්තා . නැන්දා මාව බලන්න එක්ක ආවේ නාකි මනමාලයෝ. මට වඩා අවුරුදු දහයක් පහළොවක් වැඩිමල් එක්කො ළමයි ඉන්න ගෑනු මැරුණු මිනිස්සු . හොද කොල්ලෙක් ආවත් මම කැමති වෙන්නේ නෑ ඉතිං . මොකද මගේ සුරංග අයියා නිසා. එයා අහිංසක දුප්පත් කොල්ලෙක් . රස්සාවක් විදිහට කරන්නේ ලොතරැයි විකුණන එක. එයාට හිටියේ අප්පච්චී විතරයි . අප්පච්චීත් ඔත්පොළ වෙලා. ලොතරැයි විකුනලා තමයි අප්පච්චීගේ අසනීපෙට බෙහෙත් කරන්නේත්. මාමාට හැමදාම මම පංති ඇරිලා එද්දී ලොතරැයි ගේන්නේ මම . කතා බහ දුර දිග ගිහින් මට වගේ ම සුරංගන අයියාත් අපි දෙන්නාට අපි දෙන්නා ආදරය කරන්න ගත්තා. සුරංග අයියා ගොඩක් අහිංසක කොල්ලෙක් . ඒ වගේ ම ගොඩක් හොද මනුස්සකම් තියනවා.කොච්චර දුප්පත් උනත් මනුස්සයන්ට උදව් කරන්න හරිම කැමතියී.
💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘
පසු දින උදෑසනින්ම මම ලස්සනට ලෑස්ති උනේ සුරංග අයියා මුණ ගැසීමට යන්න. දිගු කෙස් කළඹ තනි කරලට ගොතලා විලුඹ ළගට දිග සුදු අත් රහිත ගව්මක් ඇන්දා. මාමා නම් කියන්නේ මොන ඇදුම ඇන්දත් මම හැඩයි කියලා . මගේ ලස්සනට නැන්දා ගොඩක් ඊරිසියා කලා. මොකද එයාගේ දුවලා දෙන්නාට නැති ලස්සනක් මට උපතින් ම පිහිටලා තිබුනු නිසා.
" නෙතූ... තමුසෙ කොහෙ යන්න ද ? අපි ට හොරෙන් තමුසෙ මොනව හරි බොනවා නේද සුදු වෙන්න."
" පිස්සු ද සුදු ... කාටවත් ඊරිසියා නොකර , වෛර නොකර සතුටින් ඉන්න එතකොට ඉඹේ ම ලස්සන වෙයි."
සුදු රවාගෙන බලාගෙන ඉද්දී මම හිනා වෙලා ගෙයින් එළියට බැස්සා.
" නෙතූ අක්කී... කොහෙද යන්නේ ඉන්න මමත් එනෝ..."
ඒ මාමගේ පොඩි දුව. විහංගි. ගෙදරට නම් චූටි. චූටි මට ගොඩක් ආදරෙයි . චූටිට පිහිටලා තියෙන්නේ මාමාගෙ ගතිගුණ . හරි ම ගුණ යහපත්.
" චූටි කොහෙද යන්නේ. අක්කිගේ මනමාලයා බලන්න ඉන්න එපැයී ගෙදර "
" මට ක්ලාස් අක්කී. අනික මට අපේ අක්කීව පේන්න බෑනේ. මනමාලයා එයාට අකමැති උනොත් කියයි මම නිසා කියලා . සුදූ කීවට ඉතිං එයා සුදුත් නෑනේ. මනමාලයා නම් ෆට්ට හැන්ඩියෙක් වගේ.නෙතූ අක්කී යන්නේ සුරංග අයියා මීට් වෙන්න නේද??"
" බොරු කියන්න ඕනි නෑනේ චූටී. ඔව් මම එයා මීට් වෙන්න යන්නෙ. පව් චූටි ඊයේ රෑ එළිවෙනකන් එයා ගරාජ් එකක වැඩ කරලා අප්පච්චීට බෙහෙත් ගන්න සල්ලි මදි ව. ලොතරැයි විකුනලා මොනව කරන්න ද??"
" වෙන ජොබ් එකකට යන්න කියන්නකෝ අක්කී. එතකොට අපේ ගෙදරින් අකමැති වෙන එකක් නෑ.."
" කීවට වැඩක් නෑ චූටි. එයා කියනවා වෙන ජොබ් එකකට ගියපුහම අප්පච්චීට වෙලාවට බෙහෙත් ටික , කෑම ටික දෙන්න වෙන්නේ නෑ කියලා ."
" ඒක නම් ඇත්ත ඉතිං .අක්කී මම මෙතනින් යන්නම් එහෙනම්. බායි අක්කී.."
" බායි මැණික පරිස්සමින් යන්න. "
මම පය ඉක්මන් කරලා සුරංග අයියාගේ ලොතරැයි කවුලුව දෙසට ගියා.
" මගෙ සුදු කෙල්ල. උදෙන් ම ඇවිත් මොකේ. මමත් දැන් ආවේ. එහෙනම් උදෙන් ම ඔය සුදු අතින් ලොතරයියක් ගන්න.."
" හ්ම්.... ගන්නම්කෝ.. අද මොනවද අදින්නේ.."
" ලග්න වාසනා , මහජන සම්පත, සූපර් බෝල්, කෝටිපති , ශනිදා වාසනා. ඔය සුදු අතින් කැමති එකක් ගන්න."
" ලග්න වාසනාවක් ගන්න. මගෙ ලග්නේ ධනු. ධනු හොයලා දෙන්නකෝ. "
" මේ තියෙන්නේ ... ඔයා කඩා ගන්න."
මම ලොතරැයියක් අරගෙන රුපියල් විස්සක් දීලා ඒ ලොතරයිය සුරංග අයියාගේ සාක්කුවට දැම්මා.
" මේ මොකද සුදු නෝනා."
" ඔයා ගෙදර ගිහින් බලන්න. මම ටී වි එකෙන් ඕක බලනවා දැක්කොත් මට නැන්දා දෙස් දෙවොල් තියයි."
" ඒ ගෑනි මොකද සුදු නෝනා ඔච්චර සැර . ඊයෙත් ඇවිත් මට ජරා විදිහට බැනලා ගියා . වීල් පාර්ක් එකේ ඔක්කොම බලාගෙන හිටියා ."
" එයාට පිස්සු . මට නාකි මනමාලයෙක් බන්දලා දෙන්න දගලන්නේ."
ලොතරැයි කවුලුව පිටුපස තිබුනු ලෑලි බංකුවෙන් මම වඩි උනා.
" ඔයා හොද කෙනෙකුට කැමති වෙන්න නෙතූ.. මම වගේ හිගන්නෙක් සල්ලිකාර ඔයා වගේ කෙල්ලෙකුට ගැලපෙන්නේ නෑ.."
" ඔයා කියන්නේ මට නාකි මිනිහෙක් බදින්න කියල ද ?? එහෙම නැත්නම් ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න තාත්තෙක් බදින්න කියලා ද ? ඔයාට මාව වදයක් නම් කියන්න මම මැරිලා යන්නම්. "
මම ඇස්වල කදුළුත් පුරෝගෙන බංකුවෙන් නැගිටලා එන්න හැරුනා .සුරංග අයියා මාව ඇදලා අරගෙන මාව බංකුවෙන් ඉන්දලා මගේ උකුලේ ඔලුව තියා ගත්තා. වීල් පාර්ක් එක්කේ වගේම අවට තිබුනු පෙට්ටි කඩවලත් හැමෝම අපේ ආදරේ දැනගෙන හිටියා.ලැජ්ජාවෙන් මම වටපිට බැලුවේ කවුරුන් හෝ බලන් ඉන්නවා දැයි බැලීමට .
" ඔලුව අත ගාන්නකෝ... කවුරුත් නෑ බන් තාම කඩවල් ඇරලා නෑ . මේ උදෙන් ම.."
" ඔලුව රස්නෙයී.. උණ ද මන්දා.."
" දවස් දෙකක් රෑ ඇහැරලානේ ඒ නිසා වෙන්න ඇතී . අද නම් නිදා ගන්න ඕනී..."
" ඕනිවට වඩා මහන්සි වෙන්න එපා අයියා . ඔයා ලෙඩ වෙයී."
" අප්පච්චීට බෙහෙත් ටික අරන් දෙන්න එපැයී .. "
ගොඩක් වෙලා මම සුරංග අයියා එක්ක කතා කර කර ඉදලා හවස පුස්තකාලයට ගිහින් මම ගෙදර ගියේ රෑ වෙලා .
" අවලමේ ඇවිදලා ඇවිදලා එන වෙලාව. හිතන්න එපා උඹට ඕනි දේවල් කරන්න අපි ලෑස්ති වෙයි කියලා . මැරුණු මිනිස්සුන්ටත් අපහාස නොකර අපි හොයලා දෙන මගුලකට කැමති වෙයන්..."
නැන්දා ගෙට ගොඩ වෙද්දී ම කෑ ගැහුවා. මම ඇහෙන්නේ නෑ වගේ කාමරේට ගියා.චූටි ත් මගෙ පිටිපස්සෙන් කාමරේට ආවා.
" අක්කී අර මනමාලයා සුදූට කැමති වෙලා නෑ. හොද වැඩේ."
චූටි උඩ පනිනවා. ඒක තමයි නැන්දා ඒ තරහ අපේ පිටින් යවන්න හදන්නේ...
💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘
නැන්දාගේ අඩත්තේට්ටම් අහලා බත් කන්නත් පිරියක් නැති නිසා කලින් ම නිදා ගත්තා. දෙවියනේ ... උදේ බලද්දී මිස් කෝල් තිස් පහයි. ඔක්කොම සුරංග අයියාගෙන් .අප්පච්චීට අසනීප උනාද දන්නේ නෑ. මම බයෙන් බයෙන් නම්බර් එක ඩයල් කලා.
" හෙලෝ... අයියේ ... සොරී මට ඊයේ කලින් ම නින්ද ගියා."
" සුදු නෝනා .. ඔයා දන්නවද ඊයේ ඔයා ගත්තු ටිකට් එක ඇදිලා කෝටිපතියෙක් ඔයා.. "
" මොනවා කියන්නේ අයියේ.. ඔය ඇත්තම ද...මේ මම හීනයක් ද දකින්නේ..."
මම ඇස් පිහ දමමින් ඇදේ ඉද ගත්තා.
" ඔයා එන්න මගෙත් එක්ක කොළඹ යන්න . සල්ලි ගන්න."
" මේ අහන්න අයියේ ... ඔයා ඔය සල්ලිවලින් ගේ හදාගෙන බිස්නස් එකක් පටන් ගන්න. ඔයාට හීනෙකුත් තිබුනනේ හොටෙල් එකෙක් දාන්න."
💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘
" දුව.... මේ බබා අඩනවා..."
" එනවා නැන්දා ..."
ඔව් මම දැන් දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. සුරංග අයියා හොටෙල් දෙකක අයිතිකාරයෙක්. නැන්දා මගෙන් ඇය අතින් උන වරදට සමාව ඉල්ලුවා. නැන්දා පිළිකා රෝගියෙක්. මාමා නොසිතූ විදිහට හදිස්සි හෘර්ද රෝගයකින් මියගියා. සුදූ කොල්ලෙක් එක්ක හොරෙන් ගිහින් තාමත් ආගිය අතක් නෑ. චූටි නංගි කැම්පස් එකේ අවසාන වසරේ. සුරංග අයියා තමයි දැන් හැමෝටම බලන්නේ. එදා ලොතරැයිකාරයා, ගරාජ්කාරයා කියලා බැනුම් අහපු සුරංග අයියා අද නැත්නම් නැන්දා වළලපු තැන්වල ගස්.
මම කාමරේට වෙලා අතීතය ගැන මෙනෙහි කරමින් හිටියේ. බදවටා එතුනු ඒ දෑතේ ස්පර්ශයට මම පියවි සිහියට ආවේ.
" මොකද සුදු මහත්තයා .... "
" දුවටයි , පුතාටයි තනියට තව නංගීයෙක් ඕනී කියන්නේ..."
" අනේ... ඇත්ත ද ?? "
" දරුවෝ කොච්චර හිටියත් වැඩි නෑ සුදු නෝනා . ඔයා මගෙ පණනේ..."
" හ්ම්... හ්ම්... නංගියෙක් ගේමුකෝ.."
" මගෙ සුදු නෝනාගේ වාසනාව, කරුණාවන්තකම නිසා තමයි මේ හැම දෙයක් ම ලැබුනේ..."
" ඔයාගේ කරුණාවන්තකම , නිහතමානීකම , අහිංසකකම නිසා ඔයාට හරි ගියේ. මම නිසා නෙමෙයී.
දන්නවද අයියේ .. " සැමියා බිරිදගේ දෙවියා" කියනවනේ..."
මම ඒ පපුවට තුරුලු වෙලා ඇස් දෙක පියා ගත්තා.
..............අවසානයී ............
හිතට ආපු අදහස් අකුරු කලේ. අදහස් කියන්න යන්න . ඔයාලාගේ අදහස් ගොඩක් වටිනවා මට.❤️❤️❤️❤️
තෙරුවන් සරණයි ! ජේසු පිහිටයී !
