රාගයේ කඳුළු | Ragaye Kadulu


රාගයේ කඳුළු
    " දමයන්ති අපේ පුතාට නරක තව මල්ලියෙක් හරි නංගියෙක් හරි හිටියනම්.පව් කොල්ලා තනියම"
     "ඔයාට විකාරද සාගර,ඔය ගැන කලින් හිතන්න තිබුණා.දැන් අපේ කොල්ලා ලොකුයි.කොල්ලට ළමයිත් හිනාවෙයි සාගර"
  "අපේ එකාට තාම අවුරුදු දහතුනයි.අනික ලැජ්ජවෙන්නේ මොන එහෙකටද?
"ඔයාට මේවා තේරුම් කරන්න බෑ සාගර.දැන් කාලේ දරුවෝ හරි වෙනස්.අපේ කාලේ වගෙයි නෙවෙයි.හැම දෙයක්ම දන්නවා.මෙච්චර ලොකු ළමයෙක් ඉද්දි දරුවෝ හදන්නේ කොහොමද?දැන් අපිට දරුවෝ හදලා ලැජ්ජා වෙන්න බෑ.අනික මිනිස්සුත් හිනාවෙයි ."
දමයන්ති කවදාවත් කිසිවක් තේරුම් ගන්නා ගෑණියක් නෙවෙයි.සාගර හැමදෙයක්ම දරාගෙන නිහඬ වූයේ එබැවිනි.
    " සුදු පුතා දැන්ම නිදිය ගන්න එපා මැණික.හෙට උදේට ස්කූල්  යන්නත් ඕනි නේ.පොත් ටික ලෑස්ති කරගන්න"
"පොත් ලෑස්ති කරා අම්මා.මට නිදි මතයි"
    "හා හා එහෙනම් නිදාගන්න කම්මැලියා"
සාගර ට හැඟුණේ දරුවා ලොකු මහත් වන දවසක් පාසා දමයන්ති තමාගෙන්  ඈත් වෙන බවය.
  "දමයන්ති ඇයි ඔයා ඔහොම කරන්නේ.වෙනදා වගේ නෑ දැන්.මට ගොඩක් දැනෙනවා.දවස තිස්සෙම වැඩකරන්නේ ඔයාලා වෙනුවෙන්.ඒත් ඔයා කිසිම ආදරයක් නෑ."
"සාගර එදා ආදරේ අදත් ඒ විදියමයි.ඒත් දැන් අපිට වෙනදා වගේ හුරතල් වෙන්න බෑ.අපේ පුතා වුණත් අපි ගැන මොනවා හිතයි ද?"
"පුතා නිදිනේ ළමයෝ.කෝ ටිකක් එන්නකෝ."
"අනේ සාගර එහාට වෙන්නකෝ මම දරුවා ළඟට යන්න.දැන් අපි වයසයි"
"ආහ් එහෙමද මැඩම්.ඔයාගේ තිස්පහ වයසක් ද?
   සිය ආදරයේ සංකේතයක් වූ ආකාශ් පුතු උස්මහත් වෙන දවසක් පාසා දමයන්ති සාගරගෙන් ඈත්විය.
    සාගර  දමයන්ති හා පුතු නිදියගත්තේ එකම සයනයක ය.පුතු ඔවුන් දෙදෙනාගේ මැද ය.
"දමයන්ති දැන් මේ දරුවා ලොකු කියලා ඔයාම නේ කියන්නේ.දැන් මේකාට එහා කාමරේට යන්න කාලේ හරි "
"අනේ මේ සාගර මගේ පැටියට තනියම නිදාගන්න බෑ."
(ඔව් ඔව් උඹට නිදාගන්න වෙලාවට මේකා පොඩියි .දරුවෙක් හදමු කිව්වම මේකා ලොකු යි."සාගර සිතින් සිතුවේ ය."
පසුදින
   ආකාශ් පාසල් බසයෙන් පාසල කරා ගියේය.ඔහු නැවත නිවෙස ට 
පැමිණෙන්නේ දෙකට පමණ ය.
  "දමයන්ති අද මම නිවාඩුවක් දැම්මා.මට ඔයත් එක්ක ටිකක් කතාකරකර ඉන්නෝනේ.
   දමයන්ති ගේ  අත අල්ලාගත් සාගර මිදුලේ තිබු බංකුව කරා ගියේ ය.
"අනේ සාගර වටේ පිටේ  මිනිස්සු දකිවී.
   "ඉතින් මෝඩ ගෑණියේ අපිට මොකෝ."
දමයන්ති ගේ කරෙහි අත රුවාගත්  සාගර බලෙන් මෙන් දවස තිස්සෙම ආලවන්තකම් පෑවේ ය.
   හවස දෙක වෙන විට පුතු නිවෙසට පැමිණියේ ය.
"තාත්ති අද වැඩට ගියේ නැද්ද?
"නෑ පුතා අද අම්මි එක්ක පොඩි චැට් එකක් දාගෙන හිටියා."
කාලය සෙමෙන් ගතවිය.ආකාශ් දැන් නමය ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
"පුතා ඔහොම නාලා හරියන්නෑ.කෝ ඉන්න මම නාවන්න.ඇගේ සබන් ගාන්නෙත් 
නෑ."
දමයන්ති පුතාට ලොකු මහත් වෙන විට ඔහුට කිසිදු පෞද්ගලිකත්වයක් ගොඩනගා ගැනීමට  ඉඩ නොදුන්නේය.ඒ අසීමිත මව් සෙනෙහස නිසා උවද එය අනවශ්‍ය සෙනෙහසකි.සාගර අවවාද කර ද ඒ කිසිවක් දමයන්ති නොතැකුවේ ය.
   සාගර ඔයා වෝශ් 
රූම් ද.අනේ ඉක්මනට එන්නකෝ.මට චූබරයි.මැරෙන්න කලින් එන්නකෝ"
"දැන් ම එන්න බෑ ඕයි.ඔය පිළිකන්න පැත්තට යනවා."
"බෑ පිස්සුද පුතා ඉන්නවා හරි නෑනේ"
"අනේ ගෑණියේ අම්මෙක් දෙයක් පුතෙක් දැක්කට මොකක් වෙනවද.ඌ ආවේ ඕක ඇතුළෙන්.උඹලාවගේ ගොන් ගෑණු හදන්න බෑ"
කාලය කෙමෙන් ගතවන විට දමයන්ති තවත් විකාර අදහස් දරන්නට විය.සාමන්‍ය පෙළ විභාගයට ආකාශ් මුහුණදුන් පසු ප්‍රතිඵල එනතෙක් බොහෝ දිනවල සිටියේ ගෙදර ය.
"සාගර මගේ රෙදි ටික දාන්නකෝ වොෂින් මැෂින් එකෙන් අරන් අව්වට."
"අනේ මට බෑ ඕයි . කොල්ලාට කියන්නකෝ . නිවාඩු දවසට වත් මට නිදහසේ ඉන්න දෙනවකෝ"
"ඔයාට බැරි නම් මම දාන්නම්.දරුවට ජන්ගි  කෑළි බොඩ් කෑළි අල්ලන්න දෙන්න බෑ."
"අනේ යකෝ මගේ තරහ අවුස්සන්න එපා.ඌ උඹේ ජන්ගිය පල්ලෙන්  ජාතවෙලා බොඩිය  
පල්ලෙන් කිරි බීපු එකා"
"උඹ හැමදෙයක්ම හංඟ ගෙන ඉඳපන්කෝ.ඔය විදියට දරුවෝ හැදුවම තමයි උන්ට අම්මා කවුද කියලාවත් පේන්නැත්තේ."
"සාගර මගේ ආකාශ් ට ඔහොම කතාකරන්න එපා."
   දිනක් පියසීලි නැමැති ගමේ ගැහැණියක් දමයන්තිලාගේ  නිවසට පැමිණියේ අටවාගත් කේළමක්  
ද ඇතිවය.
"පියසීලි අක්කේ අවුරුදු දෙකකට විතර පස්සේ අපෙ ගෙදර එන්න මතක්වෙලා නේ?"
"අනේ බන් මට පරක්කුවෙනවා ඉක්මනට යන්නත් ඕනේ.කෝ උඹලාගේ මනුස්සයයි කොල්ලයි"
"සාගර වැඩ අක්කේ.දරුවා ගියා ක්‍රිකට් ගහන්න කියලා"
"මං මේ ආවේ උඹට දෙයක් කියලා යන්න.කේළමක් කියලා හිතන්නෙපා .උඹේම හොඳට.උඹලාගේ කොල්ලා ගැන හොයපන්.ඌ බෝල ගහනවා කියලා ගියාට කොල්ලො කුරුට්ටෝ එක්ක එකතුවෙලා ටෙලිෆෝන් මගුලක්  ඔබඔබා එක එක ජරාව බලනවා කියලා ගම පුරාම ආරංචියි."
"අනේ අක්කේ මගේ කොල්ලා මලක් වගෙයි ඔකාව  හැදුවේ "
"ඕවා දැන් කතාකරලා වැඩක් නෑ.කොල්ලාව බේරගනින් දැන්වත්.වරෙන් යන්න"
    පියසීලි හා දමයන්ති ආකාශ් බෝල ගැසූ ස්ථානයට ගිය අතර ඇය තම දරුවාට නොබැන අන් දරුවන්ට බැන වැදුණේ තම දරුවාව නරක් නොකරන ලෙස ය.
    ...........
සිය රාජකාරි නිමාකර නිවසට පැමිණි සාගර ට හුස්මක් ගන්නවත්  නොදුන් දමයන්ති සියල් තතු එක හුස්මට වැමෑරූවේ ය.
"දමයන්ති ඒ දරුවා කොල්ලෙක් ඔයා ඒක තේරුම් ගන්න ඔය වයසට ඔහොම තමයි.ඔයාට ඉස්සර දේවල් මතක නැද්ද ආ..අපි මැරිලා ඉපදුන්නෑනේ .ඔයායි මායි ආදරේ කරද්දි අපිට ආකාශ් ට තරම් වත් වයසක් නෑ."
කාලය සෙමෙන් ගතවිය.ආකාශ් සාමාන්‍ය පෙළ උසස් පෙළ උසස් ලෙස සමත් විය.ඔහු විද්‍යා විශය ධාරව උසස් පෙළ විභාගය  සඳහා තෝරා ගත් හෙයින් නගරයේ පාසලකට ඇතුළත් විය.
 අධ්‍යාපනයෙන් කොතරම් ඉහළ ට ගියද ඔහුට ජීවත් වීමට ප්‍රමාණවත් සමාජ දැනුමක් නොවීය.
නගරයේ පාසලකට ඇතුළත් වූ ආකාශ් නිවසින් පිටව ජීවත් වූ පළමු අවස්ථාව එය විය.ඔහු තමාට වඩා වයසින් වැඩි මහළු අපර්ණා හා පෙමින් බැඳුණේ ඉබාගාතේ යන සිතුවිලි පෙරදැරිව ය.විද්‍යා විෂය තෝරාගත් දරුවකු වුවද ඔහු හැසිරුණේ බුද්ධිය අතැර ය.අපර්ණා ඔහූට වඩා වයස අවුරුදු දහයකින් වැඩිමහලු වුවද ආකාෂ්ට එය ගැටලුවක් නොවී ය.
    දරුවකුට ලිංගිකත්වය අනවශ්‍ය කුතුහලයක් මතු කරමින් එය සගවා තැබීම නොකළ යුතුය.ආකාශ් ට තිබුණේ ලිංගික කුතුහලයකි.අපර්ණාගේ ඉදිරියට නෙරා ආ විශාල පියයුරු ,මහත් වූ කලවා ආදි එකි නොකී ශරීරාංග ආකාශ් ට නැවුම් අත්දැකීමක් විය.ඔහු අධ්‍යාපන පසෙක තබා රාගය විඳින්නට විය.
  දිනක් අපර්ණා ගෙන් ලද දුරකථන ඇමතුමකින් ආකාෂ්  
සලිත විය.
  "ආකාශ් මට ටිකක් ඇඟට අමාරුයි ඔක්කාරේට එනවා"
    ඔවුන් දෙදෙනා වෛද්‍යවරයා හමු වීමට ගිය අතර වෛද්‍යවරයා පැවසූවේ අපර්ණාගේ මුත්‍ර සාම්පලයක් රැගෙන එන ලෙස ය.
අපර්ණා ගැබිණියක වී ඇති බව දැනගත් විට ආකාශ් ට දෙළෝ පොල් පෙනිනි.
"ඔයා ඔය දරුවාව නැති කරන්න අපර්ණා . අපිට කවදාවත් බඳින්න බෑ.මගේ අම්මට යි තාත්තා ටයි මූණ දෙන්නේ කොහොමද මම"
  "ආකාශ් මට මගේ දරුවා නැති කරගන්න බෑ ආකාශ්.ඔයා ඇයි මේ දේවල් කලින් තේරුම් නොගත්තේ"
  මෙම ආරංචිය දැනගැනීමෙන් පසු ආකාශ් පසු වූයේ මරු විකාරෙනී.
සති කිහිපයක් ගත විය.හික්කඩුවේ මුහුදු වෙරළට මළ සිරුරක් ගොඩ ගසා තිබුණි.ඒ අපර්ණා ගේ සිරුර ය.ඒ ආසන්නයේ ම තිබී තවත් මළ සිරුරක් හමුවිය.ඒ ආකාෂ් ය.
     හික්කඩුව පොලිසිය විසින් ලද දැනුම් දීමකට ආකාශ් ගේ දෙමාපියන් එහි පැමිණියේ ය.
  ආකාශ් ගේ මළ සිරුර දුටු දමයන්ති එතනම ඇද වැටිණි.
සාගර ගොළු විය.පවුලේ එකම කොල්ලා ආකලයේ ම මුහුදට බිලි වීම මොන කරුමයක් ද?
අපර්ණා ට සිහිය ලද පසු ව  සාගර ඇය වෙත කඩා පැන්නේ ය.
"උඹ තමයි බැල්ලී මේ හැමදේටම  වග කියන්න ඕනේ.තෝත් මරාගෙන මාත් මැරෙනවා.තෝ තොට ඕන විදියට දරුවා හැදුවා."
හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් දමයන්ති ද මිය ගියා ය.මිනි දෙකක් එකම වහලක් යට මොන දුකක් ද?
    ..............................
         දරුවෙක් ව කුඩා කළ පටන්ම හදාවඩා ගත යුත්තේ ලිංගික කුතුහලය ඇති නොවන පරිදි ය.මව හෝ සහෝදරිය අසීමිතව සැගවීමට  අවැසි නැත.
  ආදරය වෙනුවට රාගය මත්තේ නැහී ආකාලේ ට පව් ගෙවිය යුතු නැත.මැරුණු එකා මරවන්නේ ඔවුන්ගේ ජීවිත පමණක් නොව නොමැරුණු ජීවිත ද මරවයි.ඉතින් තවදුරටත් ලිංගිකත්වය අනවශ්‍ය ලෙස සඟවා  තැබීම නොකළ යුතු ය.
    නිමි
.......................
සුමුදු නානායක්කාර