පෙම් වස්සානේ | Pem Wassane
පෙම් වස්සානේ
අකුරු අමුණන මං
නිහඬ සඳවතිය ( රෂී )
🌷🌷🌷🌷
" නමේ ලස්සන බලපන්කෝ.ඒකට ඒකිගේ හැටි.නම නම් මන්දාකිණි ඒත් හැටි රිලවි වගේ"
පන්තිකාමරයත් ඇතුළ් වෙනකොටම වගේ මන්දාකිණිගේ සවනට වැටුණු වචන නිසා හිත කීරි ගැහුනත් ඇය ඒ වගක් නොපෙන්වාම එතනින් ගියේ තවත් දේවල් අහාගන්න බැරි නිසාමයි.
ඇය නමින් මන්දාකිණි.අවුරුදු 19ක පුංචි කෙල්ලෙක්.මෙවර අ.පො.ස.උසස්පෙළට මුහුණ දෙන්න ඉන්න දුප්පත් පවුලක එකම කෙල්ල.මන්දාකිණිට හැමදේකටම හිටියේ ඇගේ අම්මා විතරයි.මොකද මන්දාකිණි ඉපදෙන්නත් කලින්ම ඇගේ පියා වෙනත් විවාහයක් කරගත්ත නිසා මන්දාකිණිට පිය සෙනහස අහිමියි.
හැමදාමත් වගේ මන්දාකිණිට ඇනුම්පද කියන්නේ ඇගේම පන්තියේ අනෙකුත් ලමයි.මොකද මන්දාකිණි කියන්නේ දෙපාරක් හැරිලා බලන්න තරම් ලස්සන කොටින්ම කිව්වොත් පොෂ් කෙල්ලෙක් නෙමෙයි.චීත්ත ගවුමක් ඇඳලා දිග කොණ්ඩෙත් පිට මැදට වෙන්න ගොතලා දාලා පන්තියන මන්දාකිණි ගොඩාක් අයට විහිළුවක්....පන්තියේ අනික් ලමයි කියන දේවල් නිසා හිත රිද්දවගත්ත මන්දාකිණි ගේට්ටුව ලඟට ගියේ ඇයට සිටින එකම මිතුරිය වූ චතූ එනකම්.කල්පනාබරව ගේට්ටුවට හේත්තුවෙලා සිටි මන්දාකිණි පියවි සිහියට ආවේ කවුරු හෝ කතා කරන සද්දෙට
" එස්කියුස් මී "
ගැස්සුන මන්දාකිණි දුටුවේ අහිංසක රුවක්.ඔහු නමින් ගීත්ම.මාපිය දෙදෙනාගෙම ආදරය අහිමි තේරෙන කාලෙක ඉඳලා ලමා නිවාසෙක හැදුණු කෙනෙක්.තලෙළු වූවත් පුදුමාකාර දඩ්බ්බර ගතියක් ඔහුගෙන් පෙනුනා.අකීකරු කොණ්ඩය අතින් හදනගමන් ඔහු කතා කරේ මන්දාකිණිට
" හෙලෝ එස්කියුස් මී"
" මේ....මටද කතා කරේ"
" ඔව් මට කියනවද A/L ආර්ට් සිංහල ක්ලාස් කරන තැන"
" මෙතනින් එහා ක්ලාස් එක"
ක්ලාස් එක දෙසට පියමනින ගීත්ම දෙස බැලු මන්දාකිණි නැවතත් ගේට්ටුව දෙස බැලුවේ චතූ එනවද කියලා.මන්දාකිණි ලඟට සිනාමුසු මුහුණින් ආ චතූ ඇගේ අතින් අල්ලා එක්කන් ගියේ පන්තියට.පන්තියට ගිය මන්දාකිණිගේ හිත ගැස්සුනේ ගුරු පුටුවේ වාඩිවෙලා ඉන්න ගීත්මව දැකලා.
" good morning ළමයි.සමීර සර් මේ මාස දෙකට නෑ.එයා වෙනුවෙන් මමයි ඔයාලට ක්ලාස් කරන්නේ.මං ගීත්ම..ඔයාලා ගැනත් කියන්න මං දන්නේ නෑනේ ඔයාලව"
ගීත්මගේ වදන් හමුවේ එක එක්කෙනා ඔව්න් ගැන හඳුන්වලා දුන්නා.අවසන් අවස්ථව හිමිවුණේ මන්දාකිණිට
" ඔයා ලමයා"
" සර් මං ම....ම...මන්දාකිණි"
" මන්දාකිණි නෙමෙයි සර් රිලවි"
සුපුරුදු පරිදිම සඳුන් කිව්වේ මන්දාකිණිගේ හිත රිද්දමින්.කොපමණ රිද්දුම් බාධක ආවත් ඉගේනීම අතින් මන්දාකිණිව අභිබවා යන්න කෙනෙක් නැති වුණා.
ක්ලාස් එකේ හිටපු පැය ගණනට මන්දාකිණිගේ ඇස් නතර වුණේම ගීත්ම ලඟ.ඒ හැම මොහොතකම මන්දාකිණිගේ හිත ගැස්සුනා.ඒත් ඇයට ඒකට හේතුවක් හිතාගන්න බැරිවුණා.ක්ලාස් එක ඉවර වෙලා මන්දාකිණි ගෙදර යනකම් කල්පනා කරෙත් ගීත්ම ගැන.ගීත්මගේ දිගටි ඇස්වලට මන්දාකිණි බොහො සේ ඇලුම් කරා.....ගෙයි මිදුලට ගොඩ වූ මන්දාකිණි දෙස බැලු දයාවති
" සුදු දෝණි ආවද"
" ඔව් අම්මේ"
උදලූ ගාමින් සිටි දයාවති දෙස බැලූ මන්දාකිණි
" අම්මේ අද කලින්ම ආවද"
" ඔව් සුදු දෝණි.අද දළු වැඩිපුර කැඩුවා.දෝණිට කන්න රොටි ඇති.නාලා කන්න"
කෑම කාපු මන්දාකිණි පාඩම් කරන්න පටන් ගත්තේ විභාගෙට තියෙන්නෙත් තව මාස දෙකක් නිසා.මන්දාකිණිට ඕනි වුණේ හොඳට ඉගෙනගෙන අම්මාව බලාගන්න.මන්දාකිණි දුක දන්න කෙල්ලෙක් නිසා කවදාකවත් අම්මාට දුකක් දුන්නේ නෑ.
උදේම නැගිට්ට මන්දාකිණි අම්මාට වැඳලා ගියේ ක්ලාස් එකට.වෙනදා වගේම ගීත්මගේ ඇස් ලඟදී මන්දාකිණිගේ හිත ගැස්සුනා.විභාගය ලං වෙන්න ලං වෙන්න මන්දාකිණිගේ හිතට කවදාකවත් නොදැනුන දුකක් දැනෙන්න පටන් අරන් තිබුණා.
විභාය සාර්ථකව ලියපු මන්දාකිණි ඇගේ අම්මාට උපකාර කරමින් ගෙදරට වෙලා හිටියා....උදේම ගෙදරට ආ කෙනාව දැකලා මන්දාකිණි ඇසුත් ලොකු කරන් බලා සිටියේ පුදුමයෙන්.
" මොකද ඔහොම බලන් ඉන්නේ"
" සර්..ඔයා"
" ඔව් මට පුළුවන්ද මන්දාකිණිගේ අම්මාව පොඩ්ඩක් හම්බවෙන්න"
මන්දාකිණි දිව්වේ ගේ පිළිකන්නට.මවට පණිවිඩය දුන් මන්දාකිණි කුස්සියට ගියේ තේ එකක් හදන්න.තේ එකත් අරන් මිදුලට එන මන්දාකිණි දෙස ඇගේ අම්මා දයාවති බලා සිටියේ මූණේ හිනාව පුරවන්.
" මගේ පුතේ උඹට කවදාකවත් වරදින්නේ නෑ රත්තරන්"
" අම්මේ මේ ඔයා"
" මන්දාකිණි මං කියන්න.ඔයා ඇඳුමක් ඇඳන් එන්නකෝ"
අම්මාගෙන් ලද අවසරයෙන් මන්දාකිණි වෙන ඇඳුමකුත් ඇඳන් ගීත්ම එක්ක ගියත් ඇය හොඳටම බය වෙලා හිටියේ.ගීත්ම මන්දාකිණිව එක්කන් ගියේ පන්සලට.බුදුන් වැඳපු දෙන්නා පහාල තියේ ගල් තලාවේ වාඩිවුණේ ගීත්මගේ අදහාසකට අනුව.
" මන්දාකිණි "
" ස....සර්"
" ඔයාට වැදගත් දෙයක් කියන්න ඕනි"
" කියන්න සර්"
" මන්දාකිණි මං ඔයාට ආදරෙයි"
ගැස්සුන මන්දාකිණි
" සර් ඔයා මොනාද කියන්නේ"
" ඔව් මන්දාකිණි එදා ඔයාව ක්ලාස් එකේ ගේට්ටුව ලඟ දැක්ක වෙලාවේ මගේ හිතට මොකක්දෝ වුණා.ඔයාව දකින හැම දවසකම හිත ගැස්සුනා...මං දන්නවා ඔයාත් මට ආදරෙයි නේද ආ"
ගීත්මගේ ඇස් දෙස බලා සිටි මන්දාකිණි ගීත්මට කිසිවක් නොකියාම ඔහුගේ පපුවට තුරුල් වුණේ ඇස් වලට කඳුළු පිරෙද්දි.
එදා ඉඳලා දවසෙන් දවස ඔවුන්ගේ ආදර දළු ලා වැඩුණේ පුදුමාකාර ලෙසට.ගීත්මගේ ආදරය මන්දාකිණිට මහාමෙරක් වුණේ පිය සෙනෙහස අහිමි නිසාමයි.ගීත්මට රස්සාව ලැබිලා ගමින් පිටවෙන්න වුණා.ඒත් ඔහුගේ ආදරය නම් වෙනස් වෙන්නේ නෑ කියලා ඔහු මන්දාකිණිට පොරොන්දු වුණා.
මන්දාකිණිගේ උසස් පෙළ ප්‍රතිඵල එන්නෙත් මන්දාකිණිගේ අම්මා ඇයව මේ ලෝකේ තනි කරලා සදහාටම ඇස් පියාගන්නෙත් එකම දවසේ.මන්දාකිණි තනිවුණේ හිතාගන්නවත් බැරි තරම් අසරණ වෙලා.මන්දාකිණි දිව්වේ හංදියේ කඩේට ගීත්මට කෝල් එකක් ගන්න.ඒත් ඇයට අසන්නට ලැබුනේ
" ඔබ ඇමතූ දුරකථන අංකය මේ මොහොතේ භාවිතයේ නොමැත"
යන වදන් ටික.මවගේ අවසන් කටයුතු සිදුකරෙත් ගමේ අය.මොකද මන්දාකිණිටවත් ඇගේ මවටවත් මේ ලෝකේ නෑයෙක් හෝ සිටියේ නෑ.මන්දාකිණි උසස් පෙළ ඉහළින් සමත් වෙලා තිබුණත් මවගේ වියෝව එක්ක ඇය ඒ හැම හීනයටම තිත තිබ්බා.දවසින් දවස ගෙවිලා ගියාත් ගීත්මට කොච්චර කෝල් කරත් ඇයට කිසිදු ප්‍රතිචාරයක් නම් ලැබුණේ.
මන්දාකිණිගේ වාසනාවකට ඇයට පාසලක ගුරුවරියක් ලෙසට රැකියාවක් ලැබුණා.මන්දාකිණි ගැන නිතරම පාහේ හොයලා බැලුවේ චතූ.මාස හයක් යනකම්වත් ගීත්මගෙන් කිසිදූ ප්‍රතිචාරයක් ලැබුණේ නෑ.මන්දාකිණි නොමැරි මැරුණා.ගොඩාක් වෙලාවට තනියම ගෙදර ඉන්න මන්දාකිණි නොකා නොබී හූල්ලන්න පටන් අරන් හිටියේ.ජීවිතය ගැන කලකිරීමේන්
පාසලේදී සිහිය නැතුව ඇදගෙන වැටුණ මන්දාකිණිව පාසලේම තවත් ගුරුවරියන් දෙන්නෙක් හොස්පිටල් අරන් ගියේ කොච්චර කතා කරත් මන්දාකිණිට සිහියක් නැති නිසාමයි.
" ඩොක්ටර් දැන් කොහොමද"
" එයා ගොඩාක් දුර්වලයි.දැන් නම් අවුලක් නෑ ගිහින් බලන්න පුළුවන්"
ඩොක්ටර්ගේ වදන් එක්ක චතූට පණිවිඩය දීලා එයාලා ගියා.පිස්සියෙක් වගේ හොස්පිටල් එකට ආව චතූ
" මන්දාකිණි ඇයි බන් මේ"
" මං මැරිලා යන්නම් චතූ.මට කියලා කවුරුත් නෑ චතූ"
" ඇයි බන් මෙහෙම කියන්නේ.මං නැද්ද ආ.මටත් අම්මා නෑනේ උඹ නේද බං මගේ අම්මා වගේ ලඟින් ඉන්නේ"
මන්දාකිණි චතූට තුරුල් වෙලා ඇඬුවේ ගීත්ම ගැන කියලා.චතූ මන්දාකිණිව එයාගේ ගෙදර එක්කන් ගියේ ජීවිතේට මොනා හරි කර ගනී කියලා බයටම..
දොරට කවුරු හරි ගහාන සද්දෙට ගිහින් බැලුව චතූ දැක්කේ කිහිලිකරුවක ආධාරයෙන් ඉන්න ගීත්මව.
" ගීත්ම අයියේ මොකද මේ එන්න ඇතුළට"
ගීත්මව ඇතුළට එක්කන් ගිය චතූ වුණේ මොනාද කියලා ඇහුවේ
" මොනාද අයියේ වුණේ "
" මං වැඩට ගිය දවසේ බයික් එක ඇක්සිඩන්ට් වුණා චතූ.මං සිහිය නැතුව මෙච්චර දවස් හිටියේ.මන්දාකිණිගේ ගෙදර ගියා එයා නෑ කෝ එයා"
" ගීත්ම අයියේ මන්දාකිණිගේ අම්මා නැතිවුණා.දැන් නම් මන්දාකිණි පන්සල් ගිහින්"
චතූගේ විස්තර එක්ක ගීත්ම ගියේ මන්දාකිණිව බලන්න.පන්සල වෙත පියමැන්න ගීත්ම ඈතිම දැක්කේ ගල්තලාවේ වාඩි වෙලා ඉන්න මන්දාකිණිව.
" සුදු නෝනා"
ගැස්සිලා ඒදෙස බැලු මන්දාකිණිගේ ඇස් වලින් කඳුළු ඔහේ ගලා ගියා.
" ඇයි අඬන්නේ ආ"
" අයියේ ඔයා"
" ඔව් මැණික.දැන් අඬන්න එපා"
මන්දාකිණිව තුරුල් කරගත්ත ගීත්ම සිදුවුණ හැමදෙයක්ම එකින් එක පැහැදිලි කරලා දුන්නා.
මාස තුනකින් මන්දාකිණිව විවාහ කරගත්ත ගීත්ම
" සුදු නෝනා දැන් උඹ මගේ.කවදාකවත් මේ අත මං අතරින්නේ නෑ"
ගීත්මගේ පොරොන්දුව එක්ක මන්දාකිණි ගීත්මගේ පපුවට තුරුල් වුණේ ඇස් වලට උණපු කඳුළු හංගන්
නිමි.
හිතට දැනුන පුංචි දෙයක් අකුරු කරා.වැරදි අඩුපාඩු තියෙනවා නම් සමාවෙන්න.
.
