පාට අහිමි හීන...😥😥 අවසන් කොටස... | Pata Ahimi Hina Kotasa 03
පාට අහිමි හීන...😥😥
අවසන් කොටස...
සතියක් ගෙවිල ගියෙ සෙනිකව. මට දෙනුවන්ගෙ කතව ලියන එක මග ඇරවන්න වගේ පරිවාසෙ දාපු ගෑනු ලමේක්ගෙ කතාවක් වැටුන. මං ඒක පස්සෙ දුවන්න ගද්දි දෙනුවන්ගෙ කතාවෙ
මතකෙ අමතකම වෙලා ගියා.. ඉවර නොකරපු කතාවක් ලේඛකයෙක්ට හිසරදයක්... නිදා ගන්න වෙලාවට ඉදල හිටල කතාවෙ අගක් මුලක් දකින්න මං උත්සහ කලත් ලගකදි බලපු ඒලියන් ෆිල්ම් ටික නිසා මම අමාරුවෙන් හිතින් ගොතා ගත්තු කතාව නිකම් පිටසක්වල කතාවක් වගේ හිතේ ඇදි ඇදී මැකි මැකී ගියා... අලි මදිවට හරක් කියන්න වගේ අහිංසගෙ තාත්තව මුන ගැහෙන වැඩේ තියෙන දවසටත් නොදැනිම ආව... මීට කලින් කීප පාරක්ම ෆෝන් එකෙන් කතා කලත් අහිංසගෙ තාත්තව ෆොටෝ එකකින් ඇරුනම වෙන ක්‍රමේකින් මම දැකල තිබ්බෙ නෑ .... අහිංසගෙ තාත්ත හිටියෙ මැලේසියා වල... නත්තල් වලට ලංකාවට එනව කියල තමයි මාව මුන ගැහෙන්න එන්නෙ..හිටපු පොලිස් ලොක්කෙක් නිසද මංද මං එක්ක ඕනවට වඩා කතා කලේ නෑ..
මොන රෙද්දක් කියයිද දන්නෙත් නෑ...
කෝකටත් කලුපාට සූට් එකක් දා ගත්ත... කලු කියන්නෙ මගෙ ආසම පාට... හවස 6යි බිත්ති ඔරලෝසුව.. ෆෝන් එක රින්ග්ස් ගියෙ ඒ වෙලාවෙම වගේ.. නොදන්න නම්බරයක්... මම ආන්සර් කරල කනට තියා ගත්ත...
"හෙලෝ සර්.."
එහා පැත්ත්‍ර්න් ඇහුනෙ දෙනුවන්ගෙ කටහඩ.. මාව සීතල වෙල ගියා කොහොමද දෙනුවන් කතා කරන්නෙ.. නිදහස් වෙනව කිව්ව දවස් හරි.. මම මට මුමුන ගත්ත...
- හා මේ මගෙ කතාවෙ වීරයනෙ...
+ සර්ට කටහඩ අදුනන්න පුලුවන් නේද...
- ඔව්... මට පුලුවන් තමයි... දැන් කියනව මොනවද ඕන මගෙ කතාව මට දෙන්න...
+ මට මොනව දෙන්නද සර් ඔබතුමා...
- හරි ඔහේට ඇත්ත සිදුවීම කියන්න බැයිනං මට පුලුවන් ඒක මගෙ විදියට හදා ගන්න...
එහා පැත්තෙන් ආවෙ දීර්ග නිහැඩියාවක්...
+ඕන නෑ සර් මම කිව්වනෙ මගෙ කතාව මං සර්ට දෙනව.. නත්තල් තෑග්ග විදියට.. මම තැනක් කියන්නම් එතැනට ඇවිත් අරං යන්න...
- අරං යන්න කියන්නෙ...
කතාවක් කොහොමද අරන් යන්නෙ මේක හිත ඉන්නෙ කතාව කියන්නෙ කේක් ගෙඩියක් කියලද දන්නෙ නැති නිසා ඇහුවත් එහා පැත්තෙන් ඇහුනෙ කී...ං ගාල් සද්දයක් විතරයි මූ නම් යකෙක් කිසිම හිතක් පපුවක් නැතිව කට් කලා නේද අම්මප මූව තව අවුරුද්දක් දෙකක් බරපතල වැඩ ඇතිව හිරේ දන්න ඕන.. මම කාර් එක පාරට දා ගත්ත...
අහිංසගෙ ගෙදර ගේට්ටුවෙන් ඇතුලට වාහනේ දාද්දි අහිංස ලා ක්‍රීම් පාට ගවුමක් ඇදන් හිටිය...
වාහනෙන් බහිද්දි දුවගෙන ඇවිත් අතින් අල්ල ගත්තෙ තදට... ඒ අත්වල වෙනද තියෙන උනුසුම් ගතිය තිබ්බෙ නෑ වගේම ඇගිලි වල තිබ්බ වෙව්ලීම මට එච්චර ඇල්ලුවෙ නෑ..
- මැනික ඇයි මේ...
+ අප්පච්චි... ගියා..
කෙල්ල වෙව්ලුව... කියන දේ තේරුම් ගන්න ඉතින් මලලසේකර එකක් ගෙනාවත් බෑ දැන් නම්... මං ගේ ඇතුලට ඇතුල් උනා.. අහිංසගෙ අම්ම පුටුවක් උඩට වැටිල බලා ගත්තු අත බලා හිටිය...
තත්වෙ එච්චර හොදයි වගේ නොපෙනෙන නිසා වගේම ගේ ඇතුලෙන් ආපු වෙඩි බෙහෙත් ගදට මං එච්චර කැමති උනෙ නෑ ම්ම්ම අම්ම ගාවින් දන නවා ගත්ත..
- අම්ම... මොකද උනෙ...
* සනුක පුතා... තාත්ත එලියට ගියානෙ..
අහිංසගෙ අම්ම හීනෙන් ඇවිදගෙන යන කෙනෙක් වගේ ගේ ඇතුලට ඇවිදගෙන ගියා.. මම අහිංසගෙ ලගට ගිහින් කම්මුල් මගෙ දෝතට ගත්ත.
- කියන්නකො මැනික මොකද උනෙ.. ප්ලීස්...
*අප්පච්චි මං එක්ක නිවුස් බල බල හිටියෙ..
- ඊට පස්සෙ..
* මොකද්ද නිවුස් එකක් ගියා මම දැක්කෙ නෑ මොකද්ද කියල හැබැයි මර්ඩර් කේස් එකක්..
අප්පච්චි ඒක දැකල කෑ ගැහුවෙ පොඩි එකෙක් වගේ... ඒ වෙලාවෙම තමයි අර පිස්සු මිනිහගෙන් කෝල් එකක් ආව...
- මොන පිස්සු මිනිහද...
* ඇයි අර මම කිව්වෙ සතියක විතරඉදල මිනිහෙක් කෝල් අරන් අප්පච්චිව අහල නෑ කිව්වම නිකම්ම කට් කරනව කියල...
මොලේ තියෙන ෆයිල් අවුස්සල බැලුවත් එහෙම එකක් ලොකුවට මගෙ මතකෙ නෑ ඒත් අනිවා කියන්න ඇති මට මතක නැති උනාට....
- ඉතින්..
* ඒ මිනිහගෙන් ආවෙ අදත්... ඒ මිනිහ අප්පච්චි ඉන්නවද ඇහුවම මම ඔව් කිව්ව... ඊට පස්සෙ ඒ මිනිහ කිව්ව දේදුනුගෙන් කෝල් එකක් කියන්න කියල..
මගෙ ඔලුවෙ පොඩි තැනක තොරතුරක් එකපාරටම පත්තු වෙලා නැති වෙලා ගියා... දෙයියනේ මේ ඒ දේදුනුවත්ද...
* පස්සෙ අප්පච්චි කෝල් එක අරන් අහන් ඉදිය.. අප්පච්චි මැලවුනේ අසනීපයක් ෆෝන් වයර් එක දිගේ ආව වගේ එයා රිසීවර් එක පොලවෙ ගහල කෑ ගහල පිස්ටල් එකත් අරගෙන වහලට වෙඩි තියල වාහනෙත් අරගෙන ගියා වේගෙන්... ඇයි කියල අහන්න ගිය අම්මටත් පාරක් වැදුන...
අහිංස ඉකිබින්ද... කරන්නෙ මොකද්ද නොදන්න මං සෙටි එකට බර උනෙ අහිංසගෙ ඔලුව අතගාන ගමන්... මොකක් හරි නරක දෙයක්... මම නිවුස් දාපු එක ඔන්ලයින් රිවස් කරල බලන්න පටන් ගත්ත ෆෝන් එකෙන්.. මැනික කොයි හරියෙද අවුල උනෙ... මම ස්කිප් කර කර යන්න ගත්ත...
* පහු උනා... අන්න අන්න එතන තමා...
"පොලිස් ඉහල නිලයන් දෙකක් කපා කොටා ඝාතනය කෙරේ"
මොකද්ද දෙයියනේ වෙන්න යන්නෙ..
**************************************
ෆෝන් එක රින්ග්ස් යන්න ගත්ත මම හිටියෙ පාරෙ වාහනේ නවත්තගෙන සීට් එකේ ඇල වෙලා උනත් ඒ ටිකටත් නින්ද ගිහින්... මම ඇහැරුන හේතුව වෙච්ච ෆෝන් එකා මං ඇහැ දැම්ම...
දෙනුවන් කතා කරපු නම්බරේ වෙලාව පාන්දර 4 යි ආන්සර් කරල කනේ තියා ගත්ත...
+ සමාවෙන්න සර් රෑ මැද ඇහැරුව නම්...
- අහ් ඒකට කමක් නෑ මොකෝ මේ රෑ වෙල...
+ සර්ගෙ කතාවෙ අන්තිම ටික ලිව්ව... මට මහන්සී සර්.. හරිම මහන්සී...
- ඒ කියන්නෙ මට හෙට උදේ ගන්න පුලුවන්ද...
+ හෙට උදේ මාව හම්බෙන්න සර්ට බෑ තව ටිකකින් මම ගමනක් යනව.. මම ලිපිනෙ සෙන්ඩ් කරන්නම් සර් ඇවිත් අරන් යන්න...
- මම්ප්..
හත්වලාමේ මූ ආයෙ කට් කලා මුට ගහන්න ඕන ග්‍රැහම්බෙල් ගාවට විසික්ක වෙන්න.. මම ආයෙ කෝල් කරන්න හදද්දිම ලිපිනෙ ආව හැරෙන්න ඕන තැ වල විස්තර එක්කම... ලිපිනෙ තිබ්බෙ පානදුර එකක්... මම තිබ්බ ලොකේශන් එක හොයාගෙන පෑගුව... වැඩි අමාරුවක් නොවුනෙ හැරෙන තැන් ඔඇහැදිලිව දාල තිබ්බ නිසා... ඒ වෙද්දි පාන්දර 5.30 නිසා එලිය වැටෙන්න ඔන්න මෙන්න වගේ තිබ්බෙ...ලා...පාට අහස...
පාරෙ ඉන්න මනුස්සයෙක් මම නවත්තල වීදුරුව පාත් කලා... මූනෙ පත සටිස් කැලලක්
- මහත්තය මේ ලිපිනෙ තියෙන්නෙ කොහෙද කියනවද...
= සර් සනුක මහත්තය නේද..
- ඔ.. ඔව් ඔබතුමා කොහොමද දන්නෙ..
= ඔහොමම කෙලින් යන්න මහත්තය.. අන්තිමට් පාර දෙකට බෙදෙන තැනින් වමට හැරෙද්දිම තියෙන සොහොන.. මැද අඹ ගහක් ඇති එතනට යන්න...
පොර ඒහෙම කියල මට වචනයක් වත් කියන්න නොතිය යන්න ගියා.. මං හිටියෙ හීනෙක වගේ මොකද්ද වෙන්නෙ කියල හිතා ගන්න බැරිව... පාන්දර නිසා සොහොන නම් එච්චර ගානක් නෑ.... මම සොහොන වෙනකම් වාහනේ අරන් ආව...
කතාවක් වෙනුවෙන් මෙච්චර කට්ටක් කාපු ඉතිහාසෙ පලවෙනි එකා විදියට වාර්තාවක් තියන්න යන්නෙ... සොහොන විජයාමානව හද එලියට එහෙමත් නැතිනම් අලුත් ඉරේ තාමත් ආපු නැති අලුයම් කිරනකට හැඩට පෙනුන... යකඩ ගේට්ටුව ඇරල තිබ්බෙ...
සොහොනට අඩිය තිබ්බෙ දෙගිඩියාවකින්.. මගෙ හිත කිව්වෙම මෙතන වෙන දෙයක් ඇති කියල උනත් මම ආයෙම ආයෙම අඩි තිබ්බ... මැද හරියෙ අඹ ගහ ඇත්තෙ..
සීත අදුරු සොහොන් කොත් මැදින් මම අඩි තියන් ඇවිදන් ගියා.. පිට කොන්දෙන් ආපු සීතල තාමත් එහෙමමයි... අබ ගහ ගාවට මං ආවෙ හීනෙන් වගේ සමහර තැන් වල පත වලවල් වැටුනොත් ගොඩ එන්න වෙන්නෙ නෑ ඉතින්... දෙනුවන් හිටියෙ කුරුස හැඩේ කනුවක් බදාගෙන මට කෑ ගැස්සුන...
" බුදු අම්මෝ"
දෙනුවන් හිටියෙ ලේ පෙරාගෙන ඔලුවට වැදිච්ච වෙඩි උන්ඩෙකින් ඔලුව බිදිල තිබ්බ... ඒ වගේම ද්‍ර්නුවන් ලග පිස්ටල් එකකුත් වැටිල තිබ්බ... දෙයියනේ දෙනුවන්ව මරල දාල... මම පස්සට අඩි කීපයන් විසි උනා... මූ මොන රෙද්දටද මට කතා කලේ 119 ගහන්න හදද්දිමයි දැක්කෙ සොහොන උඩ තිබ්බ ෆයිල් එක... කතා කරනවද ෆයිල් එක බලනවද මාව අහුවෙයිද මේ මිනී මැරුමට...
ෆයිල් එකේ තිබ්බ පිලිවෙලට අමුනපු හාෆ් ශීට් වල මගෙ කතාවෙ ඉතිරි ටික තිබ්බ.
***************************************
නුබ නොමැතිව
සිනහ නගනයුරු..
මට කියා දී යන්න...
එදා මුනගැහීමෙන් පස්සෙ අපි හැම වෙලාවකම වගේ මුන ගැහුන..පුලුවන් හැම වෙලාවෙම... ගොඩ වෙලාවට එයාගෙ ගෙදර.. ගෙදර හිටියෙ වැඩ කරන ඇන්ටි කෙනෙක් විතරයි... අම්මයි තාත්තයි රට කියලයි කිව්වෙ..
දේදුනු චුට්ටක් අමුතු කෙනෙක් සමහර වෙලාවට ෆෝන් එක කියන්නෙවත් නැතිව ඕෆ් කර ගන්නව... ඒත් මං එයාට පුදුම තරම් ආදරෙයි... හැන්දෑවට පානදුරේ බීච් එකේ මගෙ පපුවට ඔලුව තියන් එයා බලා ගත්තු අත බලන් ඉන්නව.. නොකියන මොකද්දෝ දුකක් එයාට තිබ්බ සර්.. මං ආයෙ ආයෙ ඇහුව එයාගෙ උත්තර්රේ උනෙ නෑ කියන එක විතරයි..
මට හොදටමතකයි එදා.. දෙසැම්බර් මාසෙ පෝය දවස.. මංඑය එක්ක දවසම ඇවිදින්න හිතාන කලුතර බෝධි ගියෙ... කවදාවත් නැතිව එයා කලුතර බෝධිය ගාව නවත්තල තිබ්බ පොලිස් ජීප් එක දැකල මාවත් ඇදගෙන වාහනේට ඇවිත් එන්න ආව... එයා එදා පුදුම තරම් පිස්සෙක් වගෙයි හිටියෙ..
" ඔයාගෙ ෆෝන් එකේ මගෙ මැසේජ් ඔක්කොම මකන්න බබා ප්ලීස් මට ආදරේ නම්..." දේදුනු මාව පානදුරේ කිට්ටුවෙන් බස්සන ගමන් ඉල්ලපු ඉල්ලීම ඒක...
මම හිනා වෙලා ඔලුව වැනුව.. එයාගෙ මැසේජ් ලස්සන මතක මම මකන්නෙ කොහොමද... මොකද්ද වෙන්නෙ කියන්න මම ඇට්තටම දැනන් උන්නෙ නෑ... එවෙලෙ ඉදන් ෆෝන් එක වැඩ කලෙත් නෑ... මම කීප පාරක්ම ට්‍රයි කරල නිකන් හිටිය.. පිස්සු කෙල්ලෙක්..
නත්තල් දවසට් කලින් දවස...
මම බෑග් එක උස්සන් පාරක් පාරක් ගානෙ ඇවිද්ද නත්තල්... බෑග් එක ඉවර වෙන්න තව ටිකයි මං අනිත් කෙනාට පනදුර ස්ටෑන්ඩ් එකෙන් ඉන්න කියල එයාව මුලින්ම හම්බෙච්ච පාකින් එකේ වැඩ පටන් ගත්ත... යාන්තම් එයා ෆ්‍රෙශ්නර් දෙකක් විකුනල පුරුදු අරලිය ගහ යටින් මං වාඩි උනා විතරයි පොලිස් ජීප් එක මං ලග නැවැත්තුවෙ.. මං ගාවට ආවෙ සර්ල හතර දෙනෙක්.. මං පුදුම වෙලා බලා උන්න
+ ඇයි සර්...
- දෙනුවන් කියන්නෙ තමුන් නේද...
+ ඔ...ඔව් සර්... සර්ල මගෙන් මිනව හරි ගත්ත අයද..
මං පුරුද්දට ඇහුවෙ මම පොලීසි වලටත් එක එක බඩු ජාති විකුනන නිසා...
ඒ එක්කම ජීප් එක් එහා පැත්තෙන් තරු ගහපු මහත්තයෙක් බැස්ස..
එයා ඇගිල්ල දික් කරල " සර්ච්"
එච්චරයි කිව්වෙ එක සර් කෙනෙක් මාව අල්ලගෙන ඉද්දි අනිත් අය එහාට අරන් බෑග් එක සර්ච් කරන්න ගත්ත... එයාල බෑග් එකෙන් ගත්තෙ කුඩු පැකට් එකක්.. දෙයියනේ සිග්‍රට් එකක් වත් නොබොන මට කොයින්ද කුඩු...
" සර් බ්‍රවුන් ශුගර්"
= දාගනින් ඔය බල්ලව ඇතුලට
අනුකම්පාවක් නැතිව මාව ෆුඩ්සිටි පාක් එක ගාවින් ඇතුලට ඔබා ගත්ත.. මං පොලීසියෙදි කූඩුවට දැම්ම මං දහ අතේ දිවුරුව... මං දන්න කුඩු ජාතියක් නෑ කියල.. ඒත් උන් මට ගැහුව හොදටම... හරියට බල්ලෙක්ට වගේ...
මං ගුටි කාල හෙම්බත් වෙලා ඉද්දි.. එක පාරටම කූඩුවට ආවෙ වාහනෙන් බැහැපු ලොකු සර්... මං ගාවට ආවෙ තාත්ත කෙනෙක් වගේ හරි ආදරෙන්...
* කොල්ලෝ... නිකංනේ ගුටි කෑවේ... ඇත්ත කිව්ව නම් ඉවරනේ...
+ අනේ.. ස..සර් මගෙ නෙවෙයි සර් ඕව මං සිගරට් එකක් ව්ත් බොන්නෙ නැති අහිංසකයෙක් සර්..
මං ඌ ඉස්සරහ වැද වැටුන..
* ඉතින් හරි බල්ලො තොගෙ නෙවෙයි බඩු මගෙ බඩු... තෝ දැන ගන්න ඕන අනුන්ගෙ බඩු වලට අත තියද්දි... විශේශයෙන් මේ රණසිංහගෙ...
මාව ඇදල අරන් ගහපු කනේ පාරට මං ඇදගෙන වැටුන ඒ තරම් පැර පාරක්... මොලේ හෙලවුනා වගේ දැනුන.. මං සිහි නැති වෙලා වගේ ඔහේ හිටිය...
= සර් මුට සිහි නැති උනා..
* ඔහොම්ම තියපන් බල්ලව.. මරල දාන්න ඕන මට ඕකව.. සාජන් යනව එලියට සිල්ව ඔහොම ඉන්න
= මේ ජරමර අස්සෙ මුකුත් කරන්න එපා සර්.. ප්‍රමෝශන් එකක් අත ලග..
* බලපං සිල්ව ඕකගෙ ෆෝන් එක මට බලන්න ඕන අර පරට්ට බැල්ලි මොනවා මූට කියල තීන්නෙ කියල..
= බැලුව සර් ගෙනාපු වෙලාවෙම..මුට වහ වැටිල ඉන්නෙ ඒකි
* මං ඔය බැල්ලිට ගේ ලියල දුන්න, වාහනේ අරන් දුන්න, සල්ලි දෙනව කිසිම අඩුවක් තියල නෑ අඩුවකට තීන්නෙ කසාද ගෑනි කරගත්තු නැති එක විතරයි...
අත පය කැඩුවට වඩා වේදනාවක් ආව සර් මගෙ පුංචි කෙල්ල කාගෙවත් හොර ගෑනි කියල ඇහෙද්දි...
= ඒත් සර් කාලෙකින් ඒ පැත්තෙ ගියෙ නෑ නේද
* මෙන්න මේ වේ# බල්ල ආපු දවසෙ ඉඅන් ඒකි මාව ගේට් එකෙන් ඇතුලට ගත්තෙ නෑ..
= සර් අපි එලියට යමු...
මට දැනුන ඇගේ පතේ වේදනාව එක්ක මම එහෙමම බිම නිදා ගත්ත...
= ඒයි නැගිටපං ගමනක් යන්න තියෙනව...
මං ගාවට ආපු මහත්තයෙක් මාව ඇහැරුව ගුටි කාපු තැන් වලින් ආපු වේදනාව... මම ඔරලෝසුව බලද්දි පාන්දර 3යි.. මොකද්ද වෙන්න යන්නෙ නොදැන මම ඔහේ බලන් හිටිය.. එයියනේ මගෙ දේදුනු වෙන කාගෙවත්... මේක හීනයක්ද..
= සර්.. ඔෆිස් වාහනේද...
* නෑ සිල්වගෙ කාර් එකේ යමු ඒක ලේසී.. සාජන්වත් දා ගන්නව ඒක තවත් හොදයි..
මාව කාර් එකක දාගෙන පාරක් දිගේ යන්න ගත්ත...
= ගහපුව මොකෝ රිදෙනවද...
+ න්.. නෑ සර්...
= එහෙනම් අපරාදෙ අපිට තව ගහන්න තිබ්බෙ උබට...
වාහනේ නතර උනේ පාර අයිනෙ හතර මං හංදියකට මෙහා ගහක් ගාව පාරම පාලුම ගතියක් තිබ්බෙ පාන්දර නිසා...
මගෙ ෆෝන් එකෙන් කෝල් එකක් ගත්තෙ අර ලොකු සර්...
* දේදුනු.. උබගෙ මහලොකු නලුව අපි ගාව..
එහා පැත්තෙන් ආවෙ දේදුනුගෙ බිදිච්ච කටහඩ..
# එයාට යන්න දෙන්න.. එයා මොකුත් දන්නෙ නෑ ප්ලීස්..
* උබට කන්න බොන්න ඉන්න හිටින්න ඔක්කොම සල්ලි මම දෙන්න උබගෙන් මු වැඩ ගන්න බැල්ලි මම මූව...
මම කතා කරන්න හදද්දිම එහා පැත්තෙ හිටපු කෙනා මගෙ කම්මුලට රිවෝල්වරයක් තද කලා.. ඊට පස්සෙ තඩි ප්ලාස්ටරයකින් කට වහල දැම්ම..
= ලොකු අයගෙ කතා වලට පොඩි අය කට දාන්න නරකයි තොට ගෙදරින් කියා දීල නැද්ද බල්ලො..
# දෙනුවන්ට යන්න අරින්න... මම ඔයාට ඕන දෙයක් දෙන්නම්...
දේදුනුගෙ කටහඩ බිදිල ගියා..
* ඕන දෙයක් නේද හරි එහෙනම් හැංගිල ඉන්න තැනින් ඉස්සරහට ඔය කොලපාට තාප්පෙ ගාවින් නවත්ත ගනින් මූව පනපිටින් තියන්න ඕන නම් උබට..
# හරි මට තේරෙනව.. හැබැයි දෙනුවන් ජීවත් වෙන්න ඕන.. කවදාවත් කරදරයක් වෙන්න බෑ එයාට.. පොරොන්දු වෙන්න..
* මං වචනෙ තියෙන් මිනිහෙක් බැල්ලියෙ උබ වගේ නෙවෙයි.. කිව්ව දේ කරපං
# එයා ඔතන ඉන්නවද
* ඔව් කියන්න දෙයක් තියෙනවනම් කියපං ඌ අහන් ඉන්නෙ..
# පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන හොදද... ඔයාගෙ දේදුනු වැරැද්දක් කලා ඔයාට බොරු කියල... ඒකට දඩුවම ඔයා විදින්න ඕන නෑ මං වින්දම් ඇති.. මට සමාව දෙන්න පුලුවන් නම්...
ෆෝන් එක කට් කරල අනිත් මහත්තය දිහාවට හැරුන..
* ඕකව සීට් එකට තියල මාංචු දාපන් වෙන දේ පේන්න සීට් එක මෑත් කරපන්...
හෙමින් හෙමින් ආවෙ දේදුනුගෙ හයිබ්‍රිඩ් එක.. අපි ඉස්සරහ කොලපාට තාප්පෙ ගාව නැවතුනා..
* එන්න කියපං...
විනාඩියක් එකහමාරක් නිකම්ම ගෙවිල ගියා කලුපාට හයිබ්‍රිඩ් එක දිහාවෙ බලන් හිටිය... ඔයා ඉන්නෙ ඔතන... එක පාරටම දකුනෙන් ආපු පත සයිස් ටිපර් එකක්
" දඩාස්..."
කං බීරි කරන සද්දයක් එක්ක මගෙ අසරන ඇස් ඉස්සරහ කහ පාට ටිපර් එකක් දේදුනුගෙ කාර් එකයි තාප්පෙයි පොඩිපට්ටම් කරගෙන නැවතුනා ප්ලාස්ටරේ නොතියෙන්න මං මැරෙන්නෙ කෑ ගහල මගෙ පුංචි කෙල්ල යට වුනා.. එකෙක් බැහැල ගිහින් රිවෝල්වරන් වෙඩි දෙකක් තියද්දි මං සිහි නැතිව ඇදගෙන වැටුන...😥😥
මට නැති වෙන්න හීන තිබ්බෙ නෑ මං ඇවිදින මලමිනියක් වගේ මිහිපිට. මං ජීවත් වෙන්නෙ එයා ඉතුරු කර්ල දීපු ජීවිතෙන්.. අල්ප්‍ර්නෙත්තක් ඇනුනත් කෑ ගහපු අහිංසකී මං වෙනුවෙන් මැරුන කියල දැනෙන හැම වෙලාවෙම මං සියදාස් වාරයක් මැරුන... මම හැමදේම ගැන ඔඅත්තර කෑලි එකතු කලා... සර් ගැන ඔක්කෝම ගැන මමාවුරුදු ගානම කලේ ඒකට සූදානම් වෙච්ච එක...
වාහනේ ඉදපු ටිපර් එක එලවපු හැම එකෙක්ටම මේ වෙද්දි මම දඩුවම් දීල ඉවරයි සර් මේ ලියුම කියවනව නම් මම මගේ කෙල්ලව මරපු අන්තිම එකාගෙනුත් පලි අරන් ඉවරයි.. ඒ වගේම් එයා ගාවට යන මගේ ගමනත් මං පටන් අරන් ඉවරයි..
සොහොනට ලා ඉර එලියක් නැගෙනහිරිනින් පායලා... මිනිස්සුන්ගෙ ලෝකෙ වේදනාව විතරමයි... මම දෙනුවන් දිහා බැලුව ඔකුවට වෙඩි තියා ගත්තෙ දෙනුවන්මද.. ලියුමෙ පස්සෙ තවත් කොටසක් තිබ්බ...
ප.ලි..
පලිගැනීම කියන්නෙ හොද දෙයක් නෙවේ සර්.. අනුන් දවන්නට අපි අපේ ඇග ගිනි තියාගෙන යනව වගේ වැඩක්.. සර් කැමති වෙයි මගෙ දේදුනුව මරා දාපු කෙනා අදුන ගන්න... එයා ඉන්නව අඹගහේ අත්තක එල්ලිල... ඒ සර්ගෙ මාමන්ඩි.. මට සමාවෙලා අර ඉල්ලීම ඉටු කරන්න... සර්ගෙ කතාව මං දුන්න... මාව දෙදුනු ගාවින්ම පුලුවන් නම් වලදාන්න එච්චරයි මං ඉල්ලන්නෙ... "සුබ නත්තලක් වේවා සර්"
-දෙනුවන්-
-ඉර එලිය පැතිරි අවසන් මුත් අදුරද එහි නැතුවාම නොවේ.. වේදනාබර සිත් ඇත්තෝද, දුක් බර මතක ඇත්තෝද, අදුරින්ම යැපෙති ආලෝකය දැක වේදනා උපදවා ගනිති...-
නයිලෝන් කබේකින් අබගහේ එල්ලපු පපුවත් බඩත් අතරට පිහි තලයක් බස්සපු.. රූපෙටයි ඔලුවට කුඩුවෙන්න වෙඩි තියාගත්තු රූපෙයි අතර සොහොන් කොතක පහලින්
"දේදුනු සංසලා ෆ්‍රර්නැන්ඩෝ"
රවුමට ලියපු තැන ලස්සන හිනාවක් එක්ක දේදුනු බලා හිටිය...
#Blackprince
