පහන්දි | Pahandi
#කෙටි_කතාවක් කිවුවට චුට්ටක් දිගයි😁
කියවලා බලන්නකො හොදයිද කියලා 😶
ඒයි ගෑනියේ....... දොර ඇරපන්
අනේ මහත්තයෝ.... ඇයි අදත්
තොට වැඩක්ද ඒක. පලයන් මට කන්න මොනවා හරි ගෙනෙන්
ඉන්න මං ගේන්නම්
තූහ්.......... මේවා කන්න පුලුවන්ද යකෝ. තෝ වගේම තමා තොගෙ කෑමත්.
පහන්දි මදුභාශිනී ඒකනායක. උසස් පෙලත් උඩින්ම සමත් උනු පහන්දිට ලස්සනින් නම් අඩුවක් උනේ නෑ. කැම්පස් යන්න වරම් ලැබුනත් පහන්දිගෙ පවුල් පසුබිම නිසා ඒ ආශාව අත ඇරගන්න උනා. පහන්දිට දෙමව්පියන් සැලකුවේ පිට ලමයෙකුට වගේ. එයාලා ආදරෙන් බලාගත්තේ පහන්දිගෙ මල්ලිව විතරයි. පොඩි කාලෙ ඉදන් අඩු පාඩුකම් ගොඩක් මැද්දෙ හැදුන නිසා පහන්දි තීරණය කලා රැකියාවක් කරන්න. පහන්දිගෙ සුදුකම් වලට රස්සවක් නොලැබුනු නිසා, පහන්දිට සිද්ද උනේ ගාමන්ට් එකක වැඩට යන්න. උදේම වැඩට යන කෙල්ල ගෙදර එන්නෙ ටිකක් රෑ වෙලා. ඔය අතරෙ පහන්දිගෙ ලස්සනට වහා වැටුනෙ ගාමන්ට් එක අයිතිකාරයගෙ එකම පුතා වන දිනුක තරුශාන් ජයකොඩි නම් වූ නොම්බර එකේ සල්ලාලයෙකි. සති දෙක තුනක් පස්සෙන් ආවත් වැඩක් නැති නිසා දිනුක හිතාගත්තා පහන්දිගෙ ගෙදර අය එක්ක කතා කරන්න. අම්මලාටත් ඕන වෙලා තිබුනෙ පහන්දිගෙ කරදරෙන් ඉක්මන්ට ගැලවෙන්න. කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව මේ කටයුත්තට කැමති උනා. දිනුකගේ දෙමව්පියන් මේ කටයුත්තට කැමති උනේ දිනුක කෙල්ලට ඇත්තටම ආදරේ කරනවා කියලා හිතුන නිසා, අනික පොඩි කාලෙ ඉදන් දිනුක ඉල්ලන හැම දේම දෙන එක පුරුද්දක් වෙලා තිබුනා. අන්තිමට කෙල්ලට උනේ නමක් ගමක් වත් හරියට දන්නෙ නැති කොල්ලෙක් එක්ක විවාහ වෙන්නයි.
ඔයා මාව දන්නෙත් නෑ, මං ඔයාව දන්නෙත් නෑ දිනුක, එහෙම පුලුවන්ද කසාද බදින්න.
හරි පහන්දි පැටියෝ අපිට පුලුවන්නෙ කසාද බැදලා අදුන ගන්න
එතකොට අපේ අදහස් වෙනස් කියලා තේරුනොත් මොකද දිනුක කරන්නෙ
එහෙම වෙන්නෙ නෑ මැණික, ඔයා දැන් ගෙදර යන්න, හෙට ලස්සනට ඉන්න ඕනෙ හොදේ, මගෙ මනමාලි.
අනේ මංදා දිනුක, ඇයි මෙච්චර හදිස්සි.
හරි හරී..... දැන් යන්නකො ලමයෝ, බය වෙන්න එපා මං ඔයාව බලාගන්නවා.
හුම්ම්. මං යනවා දිනුක.
ඕකේ මැණික. බා....යී.
ආහ් දිනුක.....
අඩෝ සහනයා........
උබ නම් මාර එකෙක් බන්, කොහොම හරි අන්තිමට උබත් බදිනවා නේද
ආය, දන්නවනෙ මගෙ හැටි.......
කොහෙන්ද බන් ඒකිව හොයාගත්තේ, පට්ට ලස්සනයි යකෝ. ආස හිතෙනවා දැක්කහමත්.
ඒක නිසා තමයි බන් මාත් ඒකිට කැමති උනේ,
උබ සිරාම ලව්ද බන් ඒකිට
පිස්සුද යකෝ.
එහෙනම්
ඔන්න ඔහේ ටික කාලයක් ඉදලා අත ඇරලා දානවා.
එහෙම කරන්න එපා බන්, පව් ඒකි. අහිංසක කෙල්ලෙක් වගේ.
පව් නම් මං අයින් කරහම බාරගනින්
තෝව නම් හදන්න බෑ.....
අනේ මට දැන්ම බදින්න බෑ අම්මෙ.....
බෑ කියලා හරියන්නේ නෑ. උබ හැමදාම ඔහොම ඉන්න ඈ. ඒ කොල්ලට මාර සල්ලියක් තියෙන්නේ. උබට ආය ඔය වගේ කොල්ලෙක් හම්බෙන්නෙ නෑ.
ජීවිතේ කියන්නෙ සල්ලි වලට නෙමෙයි අම්මෙ
අනේ මේහ්. මගේ යකා අවුස්සන්නෙ නැතුව යමන් හෝටලේට. කට්ටිය බලන් ඇති.
ඒ දිනුක ආන් පහන්දි
යකෝ පට්ට ලස්සනක්නෙ බන්
ඒකනෙ යකෝ
කොහොමද මගෙ තේරීම්, සුප්පා නේහ්.
එලම ඈ
හරි එහෙනම් මං යනවා.
හරි බන්
කොහෙන්ද ජයකොඩි මේ ලස්සන කෙල්ලව හොයාගත්තේ
අපේ ගාමන්ට් එකේ වැඩට ආපු ලමයෙක් රවී
පුදුමයි කොල්ල කසාද බදින්න කැමති උනා
අපිටත් පුදුම ඒකම තමා රවී, අපිත් මේකට කැමති උනේ කොල්ලා දැන් වත් හැදෙයි කියලා.
හ්ම් හ්ම්ම්. බලමුකො
වෙඩින් එක ලස්සනට කෙරුනා නේද මැණික
හුම්ම්ම්ම්
මොකද පහන්දි වෙලා තියෙන්නේ
මුකුත් නෑ දිනුක
දැන් දිගටම මට දිනුක දිනුක ග ගා ඉන්නද කල්පනව
ඇයි
ඇයි අහන්නෙ මං දැන් ඔයාගෙ හස්බන්
හුම්ම්ම්ම්ම්
හරි හරි. හිමීට පුරුදු වෙන්නකෝ
හා. මං ඔයාට මහත්තයා කියලා කතා කරන්නම්කො.
අන්න හොද කෙල්ල
පහන්දිගෙ අකමැත්තෙන් උවද දිනුකගේ ආශාවල් ඉශ්‍ඨ කරගත්තේ දෙන්නගෙ මංගල රාත්‍රිය නිසයි. දවස් දෙක තුනක් දෙන්නා හොටෙල් එකේ ඉදලා ගෙදර යන්න පිටත් උනා. ඒ දවස් දෙක තුනේ පහන්දි දිනුකට ටික ටික ලන් උනා.
පහන්දි
ම්ම්ම්........
සේරම බඩු ලෑස්ති නේද මැණික, මුකුත් අමතක උනේ නෑනෙ
නෑ මහත්තයෝ...... සේරම හරි
එහෙනම් අපි යමු.
ආ මගෙ පුතාලා ආවද......
ඔව් අම්මෙ අපි ආවා
එන්න මගෙ දුවේ.......
දුවට නම් මහන්සී පාටයි, කෙල්ලව කාබරේට එක්කන් යන්න පුතා, වොශ් එකක් දාලා එන්න කෑම කන්න
හා අම්මා......
මාස හතරක් පහක් විතර සතුටින් ගෙවිලා යද්දි තමා දිනුකගේ අම්මට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් අම්මා නැති උනේ. අම්මගෙ අභාවයෙන් පස්සෙ තාත්තත් තමන්ගෙ ව්‍යාපාර කටයුතු දිනුකට භාර දීලා වෙන රටකට යන්න ගියා. ඔන්න දැන් තමා දිනුකගේ සැබෑ තත්වය එලියට ආවෙ.
පහන්දි
ඇයි මහත්තයෝ
ඇයි මහත්තයෝ තමා. මොකද පුරුදු වෙන්නද මේ ශර්ට් එක අයන් කලේ.
අනේ මහත්තයෝ දෙන්න මං ආය අයන් කරලා දෙන්නම්.
අනේ මේහ්, මගෙ යකා අවුස්ස ගන්න එපා, ඕක අයන් කරන්න පැය භාගයක් විතර යයි. මට වැඩට යන්න වෙන්නෙ දවල්ට තමා
අනේ ඇයි මෙහෙම කතා කරන්නෙ මට
වෙන කොහොමද කතා කරන්න කියන්නෙ, අයින් වෙනවා මට පරක්කු වෙනවා.
ඔය අතර තමා ගාමන්ට් එකට අලුතෙන් ලස්සන ගෑණු ලමයෙක් ආවෙ. දිනුක ඒ කෙල්ලට කෙල හල හල හිටියේ. ඒ කෙල්ලත් දිනුකට ටිකක් කැමැත්තක් හිටියේ. මොකද දිනුකට අඩුවක් නැතුව සල්ලි බාගෙ තියෙන බව කෙල්ල දැනන් හිටියා.
ආ....... ශෂී......
ආහ් සර්, මගෙ නම් ශෂිනි.
මං දන්නව කෙල්ලෙ. ආදරේට කිව්වෙ
ඈ.... සර් මට ආදරේද
එහෙම කියමුකො
ඉතින් සර් මැරීඩ්නෙ
ඉතින් මොකද, මැරීඩ් අයට ආදරේ කරන්න බැරිද
සර් නම්......
පස්සෙ හම්බෙමුකො හොදේ
හා සර්....
ට්‍රීං ට්‍රීං........
හෙලෝව්
මහත්තයෝ...... මොකද අද පරක්කු
මං යාලුවෙක්ගෙ බර්ත් ඩේ පාර්ටි එකක ඉන්නෙ
අනේ ඉතින් මට කියන්න එපැයි මහත්තයෝ
ඇයි මං කරන වැඩ සේරම කියන්න තමුසෙ මගෙ අම්මද, තියනවා ෆෝන් එක මූඩ් එක කන්නෙ නැතුව
හරි මහත්තයෝ. පරිස්සමින් එන්නකො.
මල විකාර
ඇයි සර්..... කවුද
වෙන කවුද බබා. අර කරුමෙ තමා
ආහ්.... සර්ගෙ වයිෆ් ද
හ්ම්ම්.
සර්ට ගොඩක් ආදරෙයි වගේ නේද.
අනේ ඒකිගෙ ආදරේ.
හහ්.... මටත් ඔහොම්මම කියයිද දන්නෙ නෑ නේද
පිස්සුද බබා. ඔයා ලගින් වත් තියන්න බෑ ඒකිව. මේහ් මට සර් කියන්න එපා අනේ..... දිනුක කියලා කතා කරන්න.
අනේ සර්.
මොකද ඔය ලැජ්ජාව.
හා..... එහෙනම් මං දිනුක කියන්නම්කො
ම්ම්ම්ම් ගුඩ්. අපි එහෙනම් යමුද ඩිනර් එක ගන්න.
හා සර්, අයියෝ වැරදුනා. යමු දිනුක.
දෙන්නගෙ ලව් එන්න එන්නම වැඩි උනා. දිනුකට පහන්දිව පේනකොටත් තරහා යනවා දැන්. ඒත් ඒ අසරනී මේ කිසිම දෙයක් දන්නෙ නැතුව දිනුක මත්තෙම නැහෙනවා. දිනුකට ඕන උනා පහන්දිව ඩොවෝස් කරන්න. පහන්දිට මේ දවස් ටිකේම ඇගට ටිකක් අමාරු නිසා පහන්දි ඩොක්ට කෙනෙක්ව හම්බුනා.
මහත්තයෝ........
මොකද ගෑණියේ කෑ ගහන්නෙ
අනේ මහත්තයෝ ඔයා තාත්තා කෙනෙක් වෙන්න යනවා.
මොකක්
ඔව් මහත්තයෝ.
තමුසෙට පිස්සුද පහන්දි. දැන්ම ලමයි හදන්න බෑ. මට දැන්ම තාත්තා කෙනෙක් වෙන්න ඕනෙ නෑ.
මොනවද කියන්නෙ මහත්තයෝ, එහෙම හිතන්න වත් එපා මේ අපේ වාසනාව. අපේල පැටියා.
අනේ මේ පහන්දි. එක පාරක් කිව්වහම අහනවා. ඔන්න ඕක අයින් කරලා දාමු ඩොක්ට කෙනෙක් හම්බෙලා.
ඔයා හොද සිහියෙන්ද ඉන්නෙ දිනුක. මොනවද මේ කියවන්නෙ.
මොකක්. තමුසෙට කොහෙන්ද මගෙ නම කියලා කතා කරන්න තරම් හයියක් ආවෙ.
අනේ මහත්තයෝ ගහන්න එපා, රිදෙනවා
දිනුකට ඕනෙ උනේ මේ ලමයව කොහොම හරි නැති කරන්න. ඒත් ඒකට පහන්දි චුට්ටක් වත් කැමති නැති නිසා දිනුක හිටියේ මාරයා ආවෙස වෙලා වගේ.
මහත්තයෝ.....
මොකද
මට අද ක්ලිනික් යන්න තියෙනවා, මාව එක්කන් යන්න පුලුවන්ද
තමුසෙටනෙ ඔය ලමයා ඕනෙ. ඉතින් තමුසෙම ඕවා කරගන්නවා.
අනේ ඇයි එහෙම කියන්නෙ. මේ අපේ දරුවා නේද.
අනේහ් මට ඕන්නැති දරුවෙක් නෑ. යනවා යන්න මගෙ ඈහැට නොපෙනී.
එදා ඉදන් දිනුක ශෂීට තව ලං උනා. දෙන්නා ප්ලෑන් කරේ කොහොම හරි ලමයව නැති කරලා පහන්දිව ඩිවෝස් කරන්න. දිනුක ගෙදර යන්නෙ රෑ වෙනකන් ඉදලා හොදටම බීලා. මොකද පහන්දිව දකින්න වත් කැමති නැති නිසා.
ඒයි ගෑණියේ....... දොයි ඇරපන්
අනේ මහත්තයෝ.....ඇයි අදත්
තොට වැඩක්ද ඒක පලයන් ගිහින් මට කන්න මොනවා හරි ගෙනෙන්
ඉන්න මං ගේන්නම්
තූහ්....... මේවා කන්න පුලුවන්ද යකෝ. තෝ වගේම තමා තොගෙ කෑමත්
ඇද හදලද තියෙන්නේ මට නිදි මතයි.
ඔව් මහත්තයෝ
හ්ම්
දිනුක නිදාගන්න ගියේ පහන්දිව තල්ලු කරගෙන. වැටෙන්න ගිහින් අනූ නමයෙන් බේරුනු පහන්දි කාබරේට ගියා. එත් තව කෙනෙක්ට ඉන්න ඉඩක් තියෙන විදියට නෙමෙයි දිනුක නිදාගෙන හිටියේ. පහන්දි කොට්ටයක් දාගෙන බිම නිදාගන්න හැදුවත් පහන්දිට නිදාගන්න බෑ. මාස හයක විතර දරු ගැබක් දරාගෙන බිම නිදාගන්න අමාරුයි.
ඒයි.... නැගිටිනවා
ආහ් ඔයා නැගිට්ටද මහත්තයෝ
මට බඩගිනි කන්න මොනවා හරි හදනවා
හා මහත්තයෝ..... අනේ මට ටිකක් උදවු කරන්නකො නැගිටින්න
අනේ මේහ් මල කෝලන්. විකාර කරන්නෙ නැතුව නැගිටිනවා.
පහන්දි අමාරුවෙන් නැගිටලා අඩ අඩ කුස්සියට ගියා. මේ දුක් එයා බෙදා ගත්තෙ සින්ඩි එක්ක. සින්ඩි කියන්නෙ එයාලා ඇති කරපු බල්ලාට. දිනුක පහන්දිට කොච්චර වද දුන්නද කියනවා නම් පහන්දිට නොගහපු දවසක් නැති තරම්. එයා ටිකක් හරි හිත හදාගත්තෙ සින්ඩිගෙ දග වැඩ බලලා. ඒ හැමදේම දරාගෙන හිටියේ දරුවා ලැබුනහම් සේරම හරියයි කියලා හිතාගෙන.
පහන්දී........ අද දවල්ට උයන්න එපා හොදද. මං කෑම එකක් අරන් එන්නම්
හා මහත්තයෝ
පහන්දිට පුදුම හිතුනා. දරුවා ගැන දැනගත්තත් හරි අද තමා දිනුක ටිකක් හරි ආදරෙන් කතා කලේ.
පහන්දි ආ කෑම එක.
අනේ මහත්තයෝ මට ගොඩක් සතුටුයි ඔයත් එන්න කන්න
මට එපා ඔයා කන්න
කටක් වත් කමුකො මහත්තයෝ
එපා කිව්වනෙ. මං කිව්වෙ මේ.... ඔයා කන්නකො පහන්දි ඔයාටනෙ බඩගිනි මං තේ එකක් බීලා ආවෙ.
හා මහත්තයෝ
මං යනවා වොශ් එකක් දා ගන්න
පහන්දිට ටිකක් සැකත් හිතුනා හදිස්සියේම බත් එකක් ගෙනල්ලා දුන්න එකට. ඒත් ඒක එච්චර හිතන්නෙ නැතුව එක කටක් කෑවා. ඒත් එක්කම ලගට ආවෙ සින්ඩි.
සින්ඩි මැණික........ ඔයාට බඩගිනිද, ටිකක් දෙන්නද ඔයාට. ඔහොම ඉන්නකෝ......
ආ කන්න පැටියෝ. ඇයි කන්නෙ නැත්තෙ
සින්ඩිට බත් ටිකක් අනලා දුන්නා. සින්ඩි ඉව කරලා යන්න ගියා. වෙනදා මොනවා දුන්නත් දුන්න පමාවෙන් කාලා ඉවර කරන සින්ඩි ඇයි අද කෑවෙ නැත්තෙ. අනික චිකනුත් තියෙනවනෙ. අසනීපයක් වත් ද. පහන්දිට ටිකක් හිතට අවුල්. පහන්දි බත් එක අයින් කරලා, දිනුකට දුක හිතෙයි කියලා මුකුත් නොකිය කෑවා වගේ හිටියා.
ආ පහන්දි ඔක්කොම කෑවද.
ඔව් මහත්තයෝ ගොඩක් බඩගින්නෙ හිටියේ
හ්ම්ම්. මං යන්න ඕනෙ.
මට ටිකක් ඇගට අමාරුයි වගේ,
එහෙමද. ටිකක් නිදාගන්න. මං යනවා.
හා මහත්තයෝ
කියලා පහන්දි කාබරේට යනකොට දැක්කා දිනුකගෙ ලයිසන් එක බිම වැටිලා තියෙනවා. ඉතින් පහන්දි ඒක දෙන්න හිතාගෙන යනකොට. දිනුක හෙන සතුටින් කාත් එක්ක හරි ෆෝන් එකෙන් කතා කර කර හිටියා. පහන්දි ටිකක් ඒ කතාව අහගෙන හිටියා.
අද ඉදන් අපේ ප්‍රශ්න සේරම ඉවරයී බබා. අන්න අරකි ඇගට අමාරුයි කියලා නිදාගන්න ගියා. ඔය බඩේ ඉන්න කරුමෙ නැති උනාම අරකිවත් ඩිවෝස් කරන්න පුලුවන් ලමයව මරාහත්තා කියලා.
පහන්දිට මේ කතාව අහලා ඇග හිරිවැටිලා ගියා. එයා කෙලින්ම අත තියාගත්තේ තම පැටියට.
අනේ මගෙ රත්තරන් මැණික, ඔයාට මොනවා හරි උනොත් මේ අම්මත් ජීවත් වෙන්නෙ නෑ. තවත් මේ ජරා මිනිහා ලග ඉන්නෙ නෑ. දිනුක.....
මොකක්. පහන්දි. ඔයා නිදාගත්තෙ නැද්ද
සදහටම මාව නිදි කරවන්නද මිනිහො හැදුවෙ
ආ..... එහෙනම් උබ දැන ගත්තද
ඔව්, දැන ගත්තා, තමුසෙ මහා ජරා මිනිහෙක් ඕයි ශික්. මං හීනෙකින් වත් හිතුවෙ නෑ ඔය වගේ තිරිසන් වැඩක් කරයි කියලා
එහෙමද....... දැන් දැනගත්තද මං තිරිසනෙක් කියලා. මං මේ ගෙදර එක මොහොතක් ඉන්නෙ නෑ
ඉතින් පලයන් මටත් ඕනෙ ඒකම තමා, මං කොච්චර මහන්සී උනාද ඔය වැඩේ කරගන්න. අපරාදෙ
අප්පිරියයි මට තමුසෙගෙ මූණ දැක්කහමත්.
රන්ඩුව අවසානයේ පහන්දි ගෙදරින් යන්න ගියා. යාලුවෙක්ගෙ ගෙදර ටික දවසක් නැවතිලා හිටපු පහන්දි පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා ඩිවෝස් එක ගත්තා. පහන්දිට ලොකු වන්දි මුදලක් එක්ක නිවසක් හිමි උනා. ඒ දේවල් දෙන එක දිනුකට නම් මහා ලොකු දේවල් නොවන නිසා දිනුක සතුටු උනා පහන්දිගෙ කරදරෙන් ගැලවුනු එක්ට.
දිනුක..............
ඇයි බබා.......
අපිට දැන් නිදහසේ ඉන්න පුලුවන් නේද
හ්ම්ම්ම්. පට්ට සැහැල්ලුවක් දැනෙනවා බබා
ඒකනෙ......... ඒක නෙමෙයි ගාමන්ට් එකයි මේ ගෙදරයි කාගෙ නමටද තියෙන්නේ දිනුක
මගෙ තමා බබා. ඇයි
නෑ නිකන් ඉතින් ඇහුවෙ......
හ්ම්ම්ම්ම්ම්
මගෙ බර්ත් ඩේ එකත් ලගයි. ඔයා මට මොනවද දෙන්නෙ......
ඔයාට මොනවද ඕනෙ බබා
ඉල්ලන දේ දෙනවද.....
හ්ම්ම්ම්. දෙන්නම්
එහෙනම්....... මට මේ ගේ දෙනවද
ඉතින් බබා.... මේ ගෙර් අපේනෙ
ඒ උනාට ඔයාගෙ නමටනෙ තියෙන්නේ......
හ්ම්ම්.
දෙනවද කියන්නකෝ.......
ඕකේ බබා. ඕක මොකද්ද
ඔය අතරතුරේ පහන්දිට පැටියව හම්බෙන්න අමාරු උනා, ඒ වෙලාවෙ පහන්දිගෙ ලගින් හිටියෙ පහන්දිගෙ යාලුවා කවී විතරයි. හොස්ට්ල් එකට අරන් ගිහින් විනාඩි 45, 50 වගේ යනකොට නර්ස් කෙනෙක් කවීගෙ අතට හිම බෝලයක් වගේ හුරතල් කොලු පැටියෙක් ගෙනත් දුන්නා.
පහන්දියෝ........ බලහන්කො ලස්සන, මගෙම ඇස්වහ වදී වගේ. ආස හිතෙනවා බන් මේ පුතු පැටියට නම්.
ම්ම්ම්ම්, ලස්සනයි නේද කවී......
ඔව් බන්. ඇරපු අතක් නෑ උබේ මූණම තියෙනවා,
එහෙමද, අනේ ඉතින් මගෙ රන් කද
හොස්ට්ල් එකෙන් ටිකක් කපාගෙන පහන්දි එයාගෙ ගෙදරට ආවා පුතත් එක්ක. කවී නම් පැටියව බිමින් තියන්නෙ නෑ. ඒ තරම් ආස හිතිලා.
ශෂීනි හිටියේ දිනුකගේ සල්ලි වලට කෑදරකමින්. දිනුක ඒ වගක් දන්නෙ නෑ. ශෂීනි කියන හැමදේම කලා. අන්තිමට දිනුක ගාමන්ට් එකත් විකුණන්න තීරණය කලා, ඒ ශෂීනිගෙ කීමට. දිනුක දන්නෙ නෑ ශෂීනිගෙ යටි අරමුණු. අන්තිමට දිනුකගේ සල්ලි වලින්ම දිනුකගේ ගාමන්ට් එක ගන්න ශෂීනිට පුලුවන් උනා. දිනුක නැත්තටම නැති උනා. ශෂීනිගෙ අරමුණ ඉශ්‍ඨ කරගෙන දිනුකව අතඇරලා දැම්මා.
පහන්දිගෙ ලස්සන චූටි පුතා වන රුවීන් සත්සර ඒකනායක හැමෝගෙම හිත දිනා ගත්තේ ක්ශනිකයෙනි. පුංච් කාලෙ ඉදන් ඉගෙනීම් කටයුතු වලට දක්ශ කම් දැක්වූ රුවීන් ශිෂ්‍යත්ව විභාගය ඉතාමත් ඉහළින් සමත් උනේ පහන්දිගෙ ඇස් වල සතුටු කදුලු පුරවමින්. රුවීන්ගේ ඉගෙනීම් කටයුතු වලට ඕන සල්ලි හොයාගත්තේ පහන්දි පුද්ගලික අංශයේ රැකියාවක් කල නිසයි. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන් වලින්ද ඉහල සාමාර්ථ ලබාගත් රුවීන් පාසලේ දිදුළන සහා ආදර්ශමත් ශිෂ්‍යයෙක් බවට පත් උනා. කාලය ඉක්මනින් ගෙවී රුවීන් කඩවසම් තරුණියක් උනා. රුවීන්ගේ එකම අරමුණ උනේ තමන්ගෙ අම්මව හොදින් බලාගැනීමයි. තම තාත්තා තමන්ට සහ අම්මට කරපු දේවල් රුවීන් හොදටම දැනන් හිටියා.
අම්මා ආය වැඩට යන්න ඕනෙ නෑ, දැන් මට රස්සාවක් තියෙනවා මගේ අම්මව මං දැන් බලාගන්නම්.
අනේ ඉතින් මගෙ රත්තරන්...... ඔයාට වරදින්නෙ නෑ.
ගාමන්ට් එකක පරිඝණක අංශයේ වැඩ කටයුතු කල රුවීන් ටික කාලයක් යද්දි ඒ ෆීල්ඩ් එක ගැන හොද දැනුමක් ලබා ගත්තා. අවසානයේ රුවීන් තමන්ගේම කියලා ගාමන්ට් ෆැක්ට්‍රී එකක් පටන් ගත්තා. රුවීන් දිවා රෑ නොබලා තම ව්‍යාපාරය එක ඉහළ තැනකට අරන් ආවා. මොකද රුවීන් දන්නවා තාත්තටත් තිබ්බෙ ගාමන්ට් එකක් කියලා. රුවීන්ට ඕන උනේ තාත්තට වඩා සාර්ථක මනුස්සයෙක් වෙන්න.
දිනුක එදා වේල හොයාගත්තේ කුලී රැකියාවක් කරලා. දිනුක දැන් හොදටම අසරණ වෙලා. දිනුකගෙ හිත කිව්වෙ ඔහුට මේ දේ උනේ අහිංසක පහන්දිට කරපු අපරාදය නිසා කියලා. කොහොම හරි අංක එකේ ගාමන්ට් ෆැක්ට්‍රී එකකට අලුතෙන් වැඩට බදවාගැනීමක් ගැන දිනුකට ආරංචි උනා. දිනුක කල්පනා කරේ ඒ දේවල් ගැන දැනුම තියෙන නිසා ඒ රැකියාවට අයදුම් කරා. දිනුක යන්නෙ දිනුකගෙ පුතා ලගට කියලා හීනෙන් වත් හිතන්නෙ නෑ.
දිනුක සහා අයදුම් කල ගොඩක් දෙනෙක් ගාමන්ට් එකට ඇතුලෙ ඉද්දි දිනුක දැක්ක දෙයින් දිනුකගේ ඇස් උඩ ගිහින් දෙලෝ රත් උනා. පහන්දි තම පුතා එක්ක හරි ආඩබරයෙන් එනවා. අවසානයේ දිනුකව අදුන ගත් පහන්දි
ආ..... දිනුක
අම්මා මේ මනුස්සයව දන්නවද
ඔව් මගෙ පුතේ, මේ මගෙ හිටපු හස්බන්
මොකක්, ඒ කියන්නෙ
ඔව් පුතේ, මේ ඔයාගෙ තාත්තා
අනේ මේ ඉන්නෙ මගෙ පුතාද කියමින් ඉස්සරහට ආපු දිනුකව තල්ලු කල පහන්දි ඒ ඉස්සර. දැන් මේ මගෙ පුතා. මගේ විතරයි. කියමින් රුවීන්ව තම පැත්තට ඇදගත්තා.
ඔහේට දෙන්න රස්සා මගේ ලග නෑ
එහෙම කරන්න එපා පුතා, මොනවා උනත් ඔයාව මට ලැබුනෙ එයා නිසා.
හ්ම්ම්ම්. එයාගෙ වයසත් එක්ක දෙන්න වෙන්නෙ සිකිවුරටි ජොබ් එකක් තමා අම්මා.
කමක් නෑ පුතා, පුලුවන් ජොබ් එකක් දීලා ඉන්න තැනක් නැත්නම් හොයලා දෙන්න. එතනින් එහාට කිසිම සම්බන්ධ කමක් තියාගන්න එපා.
දිනුකට කුලියට නිවසක් සොයා දුන් රුවීන් තම ව්‍යාපාරයේ රැකියාවක්ද ලබා දුන්නා. දිනුක කරපු දේවල් ගැන හිතමින් හැමදාම පසුතැවිලි උනා. පහන්දි පුතා එක්ක ඉතාමත් සතුටින් කාලය ගත කලා.
අඩු පාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න හොදයි නම් ඒත් කමෙන්ට් එකක් දාගෙන යන්න හොරාට එහෙම යන්න එපා ඈ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
