මැරයෙකුගේ පතිනිය වී....| Marayekuge Pathiniya vee


මැරයෙකුගේ පතිනිය වී....

අනේ මහත්තයා මගේ දරුවට කරදර කරන්න එපා...අනේ අතාරින්න..මම ණය ටික ගෙවන්නම් කෝමහරි මගේ දරුවව අතාරින්න....
මගේ අම්මා මේ කෑගහන්නේ මුලුගමටම පොලි සල්ලි දෙන මනුස්සයට...නමින් සුදා වන ඔහු ගමේ වෙන සියලුම ජරා වැඩවලට මුලය...මේ ගම නගරයෙන් ඈතට වන්නට තියෙන නිසා එක එක මැර කල්ලි බොහොමයක් මෙහි රජකරති..ඔහුගෙන් අපේ අම්මලා ලබාගත් ණය මුදල ගෙවීමට නොහැකි නිසා ඔහු මාව රැගෙන යාමට පැමින තිබුනේය...
උබලට කීපාරක් මන් කියලා ඇද්ද .ආආ ගෙවන්න කියලා...දැන් කරන්න දෙයක් නෑ...සල්ලි ටික හොයලා දිලා දුවව එක්කන් පලයන්...
අනේ එපා..අනෙ අම්මා බේරගන්න...අනේ අම්මේ...මම කෑගසමින් සිටියදීම ඔවුන් වාහනයට දමාගෙන පිටත් උනේය..මම සිතුමි...උසස්පෙල හදාරලා රස්සාවක් සොයමින් සිටින විටයි මේ සිදුවීමට මුහුන දෙන්න උනේ....මාව ඔවුන් රැගෙන ගොස් දැමුවේ ඔවුන්ගේ තිත් පොලේ වූ කාමරේකට...ඔවුන් දොර වසා යනවත් එක්කම මම කෑගහන්න ගත්තේ දැනුනු දැඩි බියත් සමග...
මේ දොර අරිනවා...මට යන්න දෙනවා..මම කෙතරම් කෑගැහුවත් පලක් වූයේ නැත...රාත්‍රියේ නින්ද මන් අසලකටවත් නොආවේ මේ වගේ තැනක ගෑනුලමයෙකුට කිසිම ආරාක්ශාවක් නොමැති වු නිසාවෙනි...නමුත් උදෑසන වෙන්න මට තදින්ම නින්ද ගොස් තිබුනි..
--------------------------------------------------------------------
ලොක්කා...බලහන්කෝ අපේ සුද්දා කරලා තියෙන වැඩක්...දුම්වැටියක් බිබි හිටි අවුරුදු 25ක පමණ කඩවසම් තරුනයෙකි..ඔහු තමා මේ පලාතේ චන්ඩි රජා ලෙස නම් දරා තියෙන්නේ...දකුනු අතේ වැලමිට දක්වා ටැටූ එකක්ද වම් කන විද කරාබුවක් දමා හිටි ඔහුට නියම මැර ස්වරූපයක් ආරූඪ වි තිබුනි...
ඇයි මොකද්ද මේ පාර ඌ කරලා තියෙන්නේ...
මේකයි ලොක්කා...ඌ කෙල්ලෙක්ව උස්සන් ඇවිත්...ඒ කෙල්ලගේ ගෙදර අය ගත්ත ණය ගෙව්වේ නැ කියලා...
ඔහුගේ හදවතට අමුත්තක් දැනුනා..සාමාන්‍යයෙන් මෙවැනි දේවල් ඔහුගේ ජිවිතේට සාමාන්‍යයි...
කොහේ කෙල්ලෙක්ද බන්...
ලොක්කා ඒකි ලගදි ගමට ඇවිත් තියෙන්නේ...අර සුනිල් කියලා මනුස්සයෙක් ඉන්නේ ඒකාගේ ලොකුදුව..බෝඩිම් කරලයි උගන්නලා තියේන්නේ...ඔහුගේ හදවත ගැගෙන්න ගත්තේ පරන මතකයන් නිසා..
එහෙමත් එකක්ද...උට එහෙම නටන්න දෙන්න බෑ...වාහනේ ගනින්...ඔහු සිගරෙට්ටුව බිම දමා ලග තිබු ශර්ට් එකක් ඇද වාහනේට ගොඩ උනේය....
ඔවුන් සුදාගේ පොට් එකට යනකොට මධ්‍යම රාත්‍රියද ඉක්මවා ගොස් තිබුනි..
බොස්... එහාපොට් එකේ අභිනාස් අයියා ඇවිත්...කෙල්ලව ගෙනියන්න ඕනෙලු...සුදාගේ දෑත් මිටමෙල උනේ හදවතේ තිබූ කේන්තියටයි...
හොදයි අභි..උබ නටනවා වැඩි..ලගදි ගේමට බැහලා ඕනවට වඩා උඩයන්න තියාගෙන...
ඒත් සර් මේ වෙලාවේ අපිට එයත් එක්ක...
ඔව් මන් ඒක දන්නවා යකෝ...ඒ නිසයි මෙහෙම ඉන්නේ...නැත්තන් මේ විදියට මාත් එක්ක කතා කරන්නවත් ඌ ඉතුරු වෙන්නේ නෑ....
සුදා හමුවීමෙන් පසු අභිනාස් කෙල්ලව බැලීමට කාමරේට පැමිනියේය...ඇදේ මුල්ලකට වන්නට ගුලි වි නිදාසිනි සිතුමිගෙව් රුව ඔහුගේ සිත කලබවන්නට විය...ඇය ලගට ගොස් ඇයව දෝතට වඩාගත් ඔහු ඇයවත් රැගෙන තම නවාතැන්පලට ගියේය...
ලොක්කා කෙල්ලට මොකද කරන්නේ ගෙදර යවනවද...?
එපා...අභිනාස් පැවසුවේ කෙල්ලව ඔහුගේ කාමරේ යහන මත තබමින්...එහෙම උනොත් සුදාගේ උන්ගෙන් අයෙත් කරදරයක් වෙන්න පුලුවන්...අනිත් එක් දැන් සුදා මාත් එක්ක ඉන්නේ කේන්තියෙන්...ඒ නිසාම කෙල්ලට අනතුරක් කරන්න පුලුවන්...ධර්මේ කෙල්ලගේ ගේ කොහෙද...වාහනේ අරන් යමන් එහේ...අභිනාස් සිතුමිව කාමරෙන් තබා පිටව ගියේ පිටතින් අගුලු දමායි...
--------------------------------------------------------------------
උදෑසන මට ඇහැරුනේ හිසේ කැක්කුමකුත් සමගයි...දෑස් ඇර වටපිට බලද්දි මම දුටුවේ මා සිටින්නේ කලින් සිටි ස්ථානයේ නොවන බවයි..මම බයෙන් වටපිට බැලුවේ සිටින තැන දැනගැනිමටයි...ඒත් එක්කම දොර ලගින් මතු වූයේ කඩවසම් තරුනයෙකි..ඔහුගේ අතේ පච්චයක් කොටා තිබු අතර කනේ වු කරාබුවද අමුතුම පෙනුමක් ඔහුට එක්කර තිබුනි...ඔහුගේ අතේ වූයේ කෑම පාර්සලයකි...
අහ් මැඩම් නැගිටලා වගේ..මොකෝ උදෙන්ම...?
කවුද තමුසේ...අනේ මට යන්න දෙනවා...මට අම්මලා ලගට යන්න ඕන..කදුලු පුරෝගෙන මන් ඔහු දෙස බලා කිව්වාය....
අනේ මේ මට තමුසෙව හුරතල් කරන්න වෙලාවක් නෑ...මේක කනවා නැත්තන් නිකන් ඉන්නවා...ඔහු පාර්සලය මේසය මත විසික්කර දමා කාමරෙන් පිටත් විය...
දැඩි හිසේ කැක්කුම වගේම මගේ ලගින් සැර සුවදක් හමන්නට විය..ඇදෙන් නැගිට මන් නානකාමරය වෙත ගියමන් මූන සෝදද්දි මගේ මහපට ඇගිල්ලේ තිබූ තීන්තපාරක් දුටුවේය...
මේක කොහෙන්ද මගේ අතට ආවේ...අනේ මන්දා..දැන් ඉතින් මේකත් හෝදන්න එපැයි...මම අමාරුවෙන් අතේ වූ තීන්ත පැල්ලම සෝදා හැරියේය.. කාමරේට ආව මන් නැවතත් ඇදේ ඉදගෙන කල්පනා කරන්නට විය...
අනෙ පව් අම්මලා..හොදටම බය වෙලා ඇති...අනේ මන්දා ණය වලට මොනා කරගනීද..අනේ කල්පනා කරලම අම්ම ලෙඩ වෙවිද...දෑස් යලිත් කදුලින් තෙත් වෙන්න වැඩිවෙලාවක් ගියේ නැත...කල්පනා කරමින් අඩමින් කාලය ගෙවු මට දහවල් වෙනවවත් දැනුනේ නැහැ...දවල් වෙන්නට යලිත් මා සිටි කාමරේ දොර විවෘත විය..නැවතත් ඔහු පැමිනියේය...තිබ්බ කේන්තිය නිසාම මන් ඔහුට රවා අහක බලාගත්තේය...
මේකිට මොන යකා වැහිලද...මට රවන කැත විතරක්...ඒත් එක්කම අභිනාස්ගේ නෙත ගැටුනේ උදේ කැමට ගෙනාපු කෑම එක මේසේ මත තිබු ආකාරයයි...
මා අහක බලාසිටියදි එක්වරම ඔහු මා අසලට ඇවිත් මගේ නිකටින් අල්ලගෙන ඔහු දෙස හරෝගත්තා..
කන්නේ නැතුව මැරෙන්නද හදන්නේ ආආ..?
ඔ..ඔ..හේ..ට.මො...ක.ද...අපහසුවෙන් වචන ගලපමින් මම පැවසුවෙමි...
මගේ ඉනවටා අත දැමූ ඔහු මගේ මූන තවත් ඔහු වෙත ලං කලේය...ඔහුගේ හුස්ම මගේ දෙතොල් මත පතිත වී අමුතුම හැගීමක් මගේ සිතේ ඇති කලේය...
මොනාද කියන්නේ කටගහගෙන එනවද මෙතන ආආ...දැන්ම කන්නයි කිව්වේ..මේ කන්න අකමැතිනම් කියනවා කැමති ඕනම දෙයක් ගෙනත් දෙන්නම්...
ඔහුගේ අත වේගයෙන් ගසාදැමු මා කෑගසන්නට විය...
මට මුකුත් එපා ගෙදර යන්න දෙනවා..මට යන්න දෙනවා...මගේ ඇද අසලින් ඈත් වු ඔහු කටකොනෙන් මන් දෙස බලා සිනාසුනේය...
ඒකනම් කවදාවත් වෙන්නේ නැ...ඔහු මාව ගනන් නොගෙනම කියන්න වියේය..මට දැනුනු කේන්තියත් එක්ක මම ඇදෙන් නැගිට මෙසේ මත වූ කැම පාර්සලය බිමදැමුවේය...ක්ශනිකව ආපු  කේන්තියට එසේ කෙරුවද ඔහුගේ මුහුනේ වු පෙනුම දුටු මා බිරාන්තව ගියේය...
මොකක්ද ඒ තමුසේ කලෙ...කෙලින්ම ඇවිත් මගේ බෙල්ලෙන් අල්ලපු ඔහු මොරදෙන්න උනා..
අනේ ආව් රිදෙනවා මට...අතාරිනවා..මම ඔහුගේ අත් මගේ බෙල්ල මතින් ඉවත් කිරිමට වෙර දැරුවේය...
මෙහේ ඉන්නවනම් ඒ විදියට ඉන්නවා..කෑගහන්න තියාගන්න එපා..
ඇයි ඒ..ඔහේ මගේ කවුද ඒ විදියට මට අණ දෙන්න ...
ඒකද උබට දැනගන්න ඕන..මම ඔහේගේ කවුද කියලද වරෙන් යන්න.. මගේ අතින් ඇදගෙන ඔහු ගියේ පහල මාලයට...මගේ අත අතහැරි ඔහු ලාච්චුවෙන් කොල වගයක් එලියට අරගෙන මගේ මූන වෙත විසික් කලා...
බලපන් ඕක හොදට...මම උබේ කවුද කියලා...හදවත ගැහෙමින් බිම වැටි තිබු කොල පරීක්ශා කල මට හුස්ම හිරවුනාක් වැනිය...
ඒ...ඒ...ක කෝමද...ඒක...එක එහෙම වෙන්න බෑනේ...මේක වෙන්න බෑ..තමුසෙට කොහෙන්ද එච්චර හයියක්...
මා දෙස බලා නෝන්ඩි සිනාවක් දැමු ඔහු සුරුට්ටුවක් දල්වන්න උනා...
එහෙම තමා මට ඕන උනොත් ඕනම දෙයක් මන් ලබාගන්නවා....
හිතේ උපන් කේන්තිය කෙතරම්ද කියහොත් ඔහුහේ මූන සමතලා කිරිමට පවා හැකිය...මා නිදාසිටියදි මගේ ඇගිලි සලකුන භාවිතා කරමින් ව්‍යාජ ලෙස ඔහු මාව විවහ කරගෙන තිබුනි..නමුත් මෙය වැරදියි..
හහ්...තමුසේ හිතන් ඉන්නේ මෙහෙම කලා කියලා මම තමුසෙගේ බිරිද වෙයි කියලද ...ඒ ගැනනම් හිතන්න එපා...ඒක හීනයක් විතරයි...
එක්වරම කටේ රැදි සුරුට්ටුව විසික් කරපු ඔහු මගේ නිකටින් අල්ලා මගේ දෙතොල් සිපගත්තේ මට රිදෙන්නමය...ඔහුගෙන් ගැලවීමට උත්සහ කලත් එයින් සිදුවූයේ මාව තවත් ඔහුගේ ග්‍රහනයට නතු වීමය...
අහ්..අනේ..මම කෙදිරි ගෑවේ ඔහුගේ පහස දරාගත නොහැකි තැනය...තමුසේ මේකත් දැනගන්නවා...මට තමුසෙව බදින්න උවමනාවක් තිබ්බේ නෑ...අනික් එක මන් තමුන්ගෙන් අවසර ගන්න ඕන නැ මන් මොනාද කරන්න ඕන කියලා...මට ඕනිනම් ඕන දේ මන් කරනවා...ඒත් උබ අද වැඩේ වරද්දගත්තා..මන් හිතන් හිටියේ උබ මගේ බිරිද විදියට බලාගන්න...ඒත් උබේ මේ තියෙන ලොකුකම නිසා අද ඒක ඉවර උනා...මේ ප්‍රශ්න ටික ඉවර වෙනකන් උබ මෙහෙ ඉදපන්...ඊට පස්සේ මන් උබට ඩිවෝස් එක දෙන්නම්...මගේ උරහිසේ වද්දගෙන ඔහු ගියේ කෝපයෙන්...
කොච්චර කියෙව්වත් මගේ හිතේ ඔහුගේ බිරිද වීම ගැන සියුම් සතුටක් තිබුනද එය පැවසීමට මා මැලි විය...බිමවැටි තිබු කොල ලගම දනහිස තියාගෙන වාඩි වූ මන් දෝතම මූනේ තියාගෙන අඩන්න විය...අනේ ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ...මට ඕන උනේ ඉගෙන ගෙන හොද රස්සාවක් කරලා අම්මට තාත්තට සලකන්න...ඒත් අන්තිමට මට වුයේ මැරයෙකුගේ පතිනිය වීමටයි...පැයක් දෙකක් නෑ ඊටත් වැඩියෙන් මම අඩන්න ඇති...උරහිසට දැනුනු අතක ස්පර්ශය නිසා මන් ගැස්සි ගියේය...ඒ ඔහුයි...ඒ දෑස් රතු වී තිබුනේ මත්පැන් නිසා බව තේරුම් ගැනීමට මට අපහසු නොවිය...මගේ උරහිස මත වූ අතගසා දමා මන් එතනින් ඉවත්ව යාමට සැරසුනත් ඔහු මගේ බාහුවෙන් අල්ලගෙන මාව ඔහු වෙත ඇදගත්තේය...
ඇයි මැනික මෙහෙම කරන්නේ උබ...ඇයි මන් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැත්තේ ...මන් උබට ආදරෙයිනේ...උබව මන් කියන්නේ නැතුව මගේ කරගත්තට සමාවෙන්න...එත් මට ඒක එහෙම කරන්න උනා...මට ඒක එහෙම කරන්න උනා..ම..ට...කරන්න...උ..නා...ඔහුගේ හිස එක්වරම මගේ උරහිස මත රැදුනි...මගේ දෑස්වලට නැවතත් කදුලු ආවේය...
දෙවියනේ...මෙච්චර වේදනාවක්...ආදරයක් කොහෙන්ද...එතකොට එයත් අකමැත්තෙන්ද මාව බැදලා තියෙන්නේ...මෙතන මොකද වෙන්නේ...හිතන්න ගොඩක් දේවල් තිබුනත් මේ වෙලාවෙ අභිනාස්ව බලාගත යුතුයි...මම ඔහුහේ පතිනියයි...එයයි මගේ වගකීම...මට වඩා බෝහෝ පෘශ්ටිමත් වු ඔහුව වත්තන් කරගැනීම බොහොම අපහසු කාරනාවක් විය...ඒත් මා මේවාට පුරුදු විය යුතුය...සැරෙන් සැරේ හති අරමින් පැයභාගෙට පමන පසු මම ඔහුවත් රැගෙන කාමරය වෙත ගියේය...කාමරේ ෆෑන් එක ඔන් කරපු මම ඔහු ඇද තිබූ ශර්ට් එක ගලවන්න ගියේ ඔහුට පහසුවක් එකකරලීමටයි..ඇදුම් රැක් එකෙන් තුවාය ගෙන එය වතුරෙන් පොගවා  ඔහුගේ මූන සේදුවේය..සියල්ල අවසානයේ ඇද රෙද්ද පෙරවූ මන් ඔහු අසලින් ඉවත් වෙද්දි ඔහු මගේ අතින් ඇද ඔහු ලගට ගත්තේය...මම සිටියේ ඔහුගේ තුරුලේය...නිදාසිටින ඔහුගේ මුහුන දෙස බැලු මගේ මුවගට සිනාවක් ආවේය...අහලා තියෙනවා මන් නපුරු මිනිස්සු ගාව ආදරේ ගොඩක් තියේ කියලා...බලමුකෝ ඒක..ඔහුගේ පපුවට තවත් තුරුල් වෙමින් මම නිදාගන්නට විය....
උදෑසනම නින්දෙන් ඇහැරුන අභිනාස් දුටුවේ තමනගේ පපුවට තුරුල් වෙලා සිටින සිතුමිවය...කොල්ලගේ හිතට ආව සතුට කියලා කියාගත නොහැකි විය...ඔහු සෙමින් ඇගේ කම්මුල මත හාදුවක් තැබුවේය...සිනිදු කම්මුල් මත ඔහුගේ දෙතොල් බොහෝ වෙලාවක් දග කලේය...
කම්මුලට දැනෙන සීතල පහස නිසා මන් එක්වරම කලබලෙන් නැගිට්ටේය...මා දුටුවේ මගේ කම්මුල මත දෙතොල් තබා සිපගනිමින් සිටි අභිනාස්ය...මුවේ දග හිනාවක් මවාගත්ත මන් ඔහු දෙස ඇස්  හිනි කර බැලුවේය...
මේ මොකද...මහ ලොකු චන්ඩියා...මන් ගැන ආදරයක්වත් ඇති වෙලාද?
මගේ වදනින් කැලබුනු ඔහු ගොතගසමින් වචන ගෑලපුවේය...
අනේ මට වැඩේමයි...අනිත් එක ඔහේ කෝමද මන් ලග නිදාගත්තේ...ඊයේ කෑගැහුවේ මාව එපැයි කියලා...ඔහු ඇදෙන් නැගිටින ගමන් කිව්වේය...
මේ බලන්නකෝ..මාව ඊයෙ තුරුල් කරන් නිදාගෙන...දැන් එනව මෙතන කියවන්න...අනේ අභි...මගේ ආමන්ත්‍රයෙන් ඔහු දෑස් විසල් කර මන් දෙස බැලුවේය...
තමුසෙට කවුද මගේ නම කිව්වේ...අනිත් එක මට අභි කියන්න එපා...
අනේ..ඇග තිබ්බට මොලේ නෑ වගේ...ඇයි අර පේපර්ස්වල ඔයාගේ නම තිබ්බේ...?මම සිනාවෙමින් කියන්න ගත්තා...මන් දෙස නුරුස්සනා බැල්මක් හෙලු ඔහු කාමරෙන් පිටව ගියේය...
මගේ දෑස් කදුලින් තෙත්විය...ඔහු මෙසේ මාව නොසලකා හැරීම මගේ සිතට වේදනාවක්...නමුත් මෙය මා විසින් සිදුකරගත් දෙයකි...බිදුනු සිතත් සමග නානකාමරයට ගොස් හොදින් නාගත්තේය....
ලොක්කා...අරූ නටනවා වැඩි...මේ ඊයේ පෙරේදා අපේ බඩු ගෙනාපු ලොරි වගයකට සුදා කොල්ලො ටිකක් දම්මලා චෙක් කරලා තිබ්බා...
අභිනාස් කේන්තියෙන් මේසයට ගැසුවේය...ඌට ඔය විදියට නටන්න මෙහේ කවුරු හරි ඔත්තු දෙනවා...උබ බැලුවද ඒ ගැන....
ඔව් ලොක්කා...මේක කරලා තියෙන්න අපේ චුට්ටේ...ඌ අපිත් එක්ක් ඉදගෙන එහෙට ඔත්තු දෙනවා...
අරන් වරෙන් ඕකව...මන් බලාගන්නම් ඕකා ගැන.....
හොදින් නා ගත්ත මට ඇගට ලොකු පහසුවක් දැනුනි...පහලට ගොස් අභිනාස්ව සෙව්වද ඔහු පේන්න සිටියේ නැත...මම කුස්සියට ගියේ රාත්‍රි ආහාරය සැකසීමටයි...මොනවා නැතත් හැමදේම පිලිවෙලට තියාගන්න ඔහු තම ගෝලයන්ට උපදෙස් දි තිබුනි...හැමදේම පිලිවෙලට නිසි තැනින් තිබුනු නිසා මට ඉවීම පහසු උනා...සියල්ලක්ම ලෑස්ති කොට කෑම මේසයට තැබු මන් කාමරයට යද්දිම ඇසුනු කෑගැසීම නිසා මන් ගල්ගැසුනේය...
අනේ ගහන්න එපා ලොක්කා...ආආ...අනේ අම්මෝ...බේරගන්න...මම දුවලා ගියේ සද්දය එන පැත්තටය...මා එහි යනවිටත් ඔහු තරුනයෙක්ට අතින් පයින් ගහන ගමන් සිටියා...එම තරුනයාගෙ මුලු මූනම ලේ වලින් තෙත් වෙලාය...
අ..භි...නා....ස්..මම කදුලු පිරුනු දෑසින් ඔහු දෙස බැලුවේය...
ඔ..ඔ.යා මොකද මෙතන..මෙතන ඉන්න එපා යන්න...
අහිනාස් ඕක නවත්තන්න ප්ලීස්..අනේ ප්ලීස් නවත්තන්නකෝ...මම දුවලා ගොස් ඔහුගේ අතින් අල්ල ගත්තේය...
යන්න නේද කිව්වේ මගේ අති ගසා දැමු පාර මා විසිවි ගොස් බිමට වැටුනෙ ඔලුවත් බිම ඇනෙද්දියි...ආආ..ඔලුව අල්ලගත් මට දෑස් නිලංකාර වනු දැනුනි...
අනේ මැනික...අභිනාස් ඉක්මනින් කෙල්ලව තම පපුවේ හොවාගත්තේය.අනේ මැනික කතා කරන්නකෝ...ප්ලීස් කතා කරන්නකෝ...අනේ සමාවෙන්න...කවදාවකවත් කදුලක් නොවැටුනු ඔහුගේ දෑස්වලින් කදුලු ගලන්නට විය....ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට එන්න කියනවා...අභිනාස් තම ගෝලයන්ට මොරදෙන්න උනේය...
හිසට දැනුනු බරගතියත් සමග මා දෑස් විවර කලේය...අභිනාස් හිටියේ මගේ ඔලුව මත අත අත තබාගෙනය...මැනික මට සමාවෙන්න...ඔහුගේ වදන්වල පසුතැවීමක් රැදී තිබුනි..මන් ඔහුගේ අත ගසා දමා අනික්පස හැරුනේය...ඔයාට මන් සමාවදෙන්නේ නැ...ඔයා යන්න මෙහෙන්...ඔයා මේ කරන වැඩ නතර කරපු දවසට මන් ගාවට එන්න...නැත්තන් මට ඩිවෝස් එක ඕනි...මම එය කීවේ හිතකින් නෙමේ...
මැනික...සමාවෙන්න...මන් හැමදේම කියන්නම්...එදා ඔයාව සුදා ලග ඉදල මම මෙහෙට ගෙනාපු දවසේ මන් ඔයාලගේ ගෙදර ගියේ ඔයා මෙහෙ කියලා අම්මට කියන්න...ඒ වගේම තිබ්බ තත්වෙත් එක්ක ඔයාව ආයේ ගෙදර යවන්න බැරි නිසා මෙහේ තියගන්නම් කියලා කිව්වම ඔයාගේ අම්මා මගේ අත් දෙක අල්ලා කිව්වේ එහෙම කරනවනම් ඔයාව බදින්න කියලා..මොකද නැත්තන් ගමේ මිනිස්සු ඔයාට කතා හදන නිසා..ඒත් මන් ඔයාට ඒ නිසාම නෙමේ ආදරේ කරන්න ගත්තේ..මන් ඔයාට පොඩිකාලේ ඉදලම ආදරේ කලා...ඔයා ඒක දන්නේ නැ මැනික...ඔයා හිනාවෙද්දි මාත් හිනාවෙලා ඇති..ඔයා අඩද්දි මාත් අඩලා ඇති මැනික...ඔයා ඉගෙන ගෙන වෙන පලාතකට ගිය දවසේ මන් අඩපු තරම් දන්නේ මන් විතරයි සිතු...ඒත් කෝමහරි අන්තිමට ඔයා මගේම උනා...ඒත් ඔයා දැන් මගෙන් වෙන් වෙන්න ඕනෙලු..කමක්  නෑ මැනික...මන් අයින් වෙන්නම්...මම ඩිවෝස් එක දෙන්නම්...මගේ හදවත ගලවගෙන යන තරම් වේදනාවක් දැනුනි...එක්වරම නැගිටගත් මන් අභිනාස්ගේ පපුවට තුරුල් විය...
අනේ එපා...අනේ මාව දාලා යන්න එපා..මට ඕන නෑ ඔයාගෙන් අයින් වෙන්න අභි...අනේ යන්න එපා...මන් ආදරෙයි ඔයාට...මම ඔහුගේ පපුවට වෙලා අඩන්න ගත්තේ පොඩි එකෙකු විලසින්...මොන ගෑනුකෙනාද අකමැති ආදරේ තියෙන තැන රැදෙන්න...
මාත් ආදරෙයි මැනික..මගේ නලල මත උනුසුම් හාදු තැවරු ඔහු මගෙ දොතොල් තරයේ සිපගන්න උනා..කෙමෙන් කෙමෙන් ඔහුගේ දෙතොල් මගේ ගෙල දෙසටත් ලැම මතටත් ස්පර්ශ විය...මා ඇද සිටි ඇදුම ඔහුගේ අතින් ඉවත් වෙද්දි හෝරා කිහිපයකට පසු මා ඔහුගෙම උනේ ආදරේ මිහිර  මා වෙලා ගනිද්දියි...පසුදින විඩාවට පත් ගතින් නැගිටගත් අපි නැවතත් අනුරාගි පැය කිහිපයක් ගතකොට හොදින් ස්නානය කර පහලට පැමිනියේය...
අභිනාස්ගේ අතේ එල්ලිගෙන එක එක ඒවා කියවමින් පැමිනි මා එක්වරම පය පැකිලි වැටෙන්න ගිය හෙයින් ඔහු මාව අල්ලගතේය...මොනාද කරන්නේ..බලගෙන මෝඩියේ...ඔහු මගේ ඔලුවට ටොක්කක් අනිමින් කිව්වේය...අආඅව් අප්පා...මහ නපුරෙක්.. මොකක්...මොකක්ද කිව්වේ...ඉන්නවකෝ හොද වැඩක් කරන්න...ඔහු මාව අල්ලගන්න එද්දි මන් ඉක්මනින් පහලට දුවද්දි..එක්වරම මගේ කුස හරාහා පිහියක් ගියේ කිසිවක් සිතාගත නොහැකි ලෙසය...
මගේ බොදවු දෑස්වලට සුදාගේ වියරු මූන දිස් විය...අවට ලෝකයම නොපැහැදිලි වී යද්දි මාව අල්ලගත්තේ අභීය...මට ඔහුගේ හඩ නොපැහැදිලිව ඇහෙන්නට විය...
අනේ මැනික...අනේ කතා කරන්නකෝ...සුදා උබ මොකක්ද මේ කලේ බ#$%...මගේ කෙල්ලට මොනාහරි උනොත් තියන්නේ නෑ උබව...අනේ සිතු මැනික කතා කරන්නකෝ...
උබ මහා ලොකුවට මට සද්දේ දැම්මේ මේකි නිසානේ නේද...දැන් බලාගනින් මේකි වගේම උබත් පරලොව යන විදිය....අභිනාස් දිහාවට පිහිය දික්කරමින් පැමිනෙනවත් එක්කම ඔහුගේ පපුව හරාහා ගිය වෙඩි උන්ඩයක් නිසා අතවු පිහිය සමගම ඔහු බිම වැටුනි...
ලොක්කා...එතෙන්ට පැමිනියේ අභිනාස්ගේ ගෝලයෝය...ලොක්කා මුගේ අනිත් උන්ට ගේම දිලා එනගමන් හිටියේ..ඒත් මූ පැන්නා ලොක්කා...
යකෝ තොපි එකෙක්ටවත් මූව බලාගන්න බැරි උනාද..මේ බලහන් ඒ ප#%$ මගේ කෙල්ලට පිහියෙන් ඇන්නා...අනේ මැනික කතා කරන්නකෝ...සුනිල් ගනින් යකෝ වාහනේ ඉක්මනට...අනේ මැනික උබට මුකුත් වෙන්න මන් තියන්නේ නැ...මාව වඩාගන්න හදද්දි මන් එක්වරම ඔහුගේ අතින් අල්ලගත්තේය...
අ...අ..අභි...ම..ම...න්..කියන ..දේ..දේ..අහ..අහන්න...
අනේ මැනික අපි පස්සේ කතා කරමු...මන් ඔයාව හොස්පිටල් එක්කන් යන්නම්..ඔයාට මුකුත් වෙන්නේ නැ මැනික...උබ නැතුව මට ජීවත් වෙන්න බෑ මට...අනේ මැනික මාව දාලා යන්න හදන්න එපා..අපිට කොච්චරනම් හීන තියෙනවද...උබේ මේ චුටි බන්ඩියේ මගේ ලමයි හුස්ම ගන්න ඕන මැනික...මට උබ වගේම කෙල්ලෙක් ඕනේ මගේ මැනික...මට උබ එක්ක අන්තිම හුස්ම යනකන් ජීවත් වෙන්න ඔනේ රත්තරන්...අනේ මාව දාලා යන්න එපා...
අ...අ...භි...ම..මන් වෙනුවෙන්..මේ..මේ දේවල්...නතර ක..කරන්න...එ...එ..හෙම..කරනවනම් විතරක් මාව බේරගන්න...
හරි මැනික උබ කියන ඕනම දෙයක් මන් කරන්නම්...අනේ මාව දාලා යන්න එපා...ඔහුගේ රුව බොදවී යද්දි මගේ දැස් පියවුනි...
--------------------------------------------------------------------  
මාස කීපයකට පසු...
අහ්..අනේ අභි...මට අමාරුයි...මගේ කෑගැසිල්ලත් එක්ක කාමරෙට දුවගෙන ආවේ අභිනාස්ය..එදා සිදුවීමෙන් පසු ඔහු ඔහුගෙ මැර ජිවිතයට සමුදුන්නේය...අපි දෙදෙනා ඈත පලාතකට පැමින නිදහසේ සතුටින් ජීවත් උනා...එයිනුත් මාසයකට පසු මගේ කුසේ ඔහුගේ ලමයෙකු ප්‍රාණය ලද්දාය...
අනේ මැනික අමාරුද...කෝ ඉන්නකෝ මගේ චන්ඩි කොල්ලට කියන්න අම්මට රිදෙනවා කියලා...ඔහු මගේ කුස පිරිමදිමින් සිපගන්නට විය....මා ඔහු දෙස බලා සිටියේ කදුලු පිරි දෑසින්.. 
ඇයි මැනික මේ?
 අර මහා නපුරු මැරයනේ මේ හා පැටියා වගේ ඉන්නේ..හැබැයි ඉතින් මන් කැමතිම එයාට...එක්වරම මගේ මූන වෙත ලං වූ ඔහු..
චුට්ටක් ඉන්නකෝ අපේ චන්ඩි පැටියා ආවම මන් ඔයා ගැන බලාගන්න...ඔහු කිව්වේ දගකාර සිනාවක් මූනේ මවාගෙන මගේ දෙතොල් සිපගනිමින්..මන් සිනාසිගෙනම ඔහුගේ පපුවට තුරුල් උනේ අප්‍රමාණික සැනසීමකින්....ඔව් ඔහු තාමත් කලින් වගේමයි..ඒ වගේම මන් තාමත් ඔහුගේ පතිනියයි....❤️❤️❤️
-------------------------------------නිමි----------------------
ඔන්න ලමයි මගේ අලුත් කෙටි කතාව ..කතාව කියවලා කමෙන්ට් කරන්න...ඔයාලගේ කමෙන්ට් මන් ආසාවෙන් කියවන්නේ...❤️තව කතාවකින් හම්බෙනකන් පරිස්සමින් ඉන්න...😍😍



Comments System WIDGET PACK