මල්ලි | Malli


කෙටි කතාවකි…
"""පුතා... ලොකු...මේ බත් එක කන්කෝ ….
දැන් කොච්චර වෙලාද බෙදලා...මේක මෙතන හීතල වෙලා ...කන්න පුළුවන් ද ඔහොම…
මට මේ කුස්සිය අස් කරලා නිදා ගන්න යන්න ඕන…….""
අම්මගේ කෑගැහිල්ල හින්දම මම ඉදපු mission එකත් මගදි නවත්තලා කන්න ගියා…
අහ්්….ඔයාලට මං ගැන කිව්වෙ නැහැනේ…
මම කවිදු ... මං computer game pro කෙනෙක්...😌😌😌😌
______&&&&&&______
බත් කාලා මම ආපහු සුපුරුදු පරිදි ගියා game එක ගහන්න…
Game එකට enter උනාම නම් ඉතිං ආයේ වෙන මොකුත් නෑ…
වටපිටාවෙ මොනවාද එන්නෙ...කවුද ඉන්නේ...එලියේ  අව්වද වැස්සද 
මොකුත් අදාල නෑ….
යාළුවොත් එක්ක එකතු වෙලා online missions ගහන එක තරම් ආතල් එකක් නෑ….
කියලා හිතාගෙන ඉදපු කාලයක් තිබ්බා…
ඒත් මට දැන් game එකක් වත්, මොකක් වත් නෑ…, 
දවසක් උන් සිද්ධියක් නිසා මම මගේ ඔක්කොම game අයින් කරා…
මට දැන් තමයි තේරෙන්නේ game වල ඇති දෙයක් නෑ කියලා…
ඒකෙන් උන් එකමදේ මගේ පවුලේ අයත් එක්ක ඉන්න තිබුන chances නැති උනා...මට එයාලට මග ඇරුනා…
Online ලෝකෙ internet  එකේ ගෙවෙන  ජීවිතයට වඩා.. කාමරෙන් එලියට බැහැලා..ගෙදර අය එක්ක කතා කර කර විහිළු තහළු කර කර , එයාල එක්ක ගෙවෙන ජීවිතය කොච්චර සුන්දරද කියලා….
කොච්චර ආදරණීය ද කියලා…. මට හිතෙන්නේ දැන්...
ඒත් මට මොකුත් නෑ දැන්…
මම කරපු ඒ කාලකණ්නි….🤔🤔🤔🤔 ඔව් මම  ඒකෙන් කරගත්ත  එකමදේ කාලය නාස්ති කර ගත්ත එක විතරයි...ඒත් නිසා ඒකට කාලකණ්නි කිව්වට අවුලක් නැහැ….
Game එක ගහන වෙලාවට full ආතල් උනට මම game ගහන නිසා තනිකම, පාළුව දරන් ඉදපු අය ගෙදර ඉදලා….මම කොයි වෙලාවෙද ගහලා ඉවර වෙනිනේ කියලා බලන් ඉදපු කෙනෙක් ඉදලා…..
මම ඒ අය ගැන හිතුවෙ නෑ..වෙලාවකට හිතුනත් එච්චර වැදගත් කමක් දැක්වුයේ නැහැ 
මගේ සතුට මට වැදගත් උනා...
________&&&&&&&___________
අයියේ….අයියේ….
මොකෝ…
මාත් එක්ක cricket ගහන්න එන්නකෝ….🥺
පේන්නේ නැද්ද මම game ගහනවා... පස්සේ cricket ගහමු…..
අනේ අයියා හැමදාම කියන්නේ ඕකමයි…. එන්නකෝ….
කියලා මල්ලි මගේ අතින් ඇද්දා…
මොකක්ද කරන්නේ 🤯😤😤 මගේන් ගුටි නොකා කාමරෙන් එලියට ගිහින් තමුසේ ගේ වැඩක් බලාගන්න…
මල්ලි අතින් ඇද්ද නිසා මට game එකේදි වෙඩි පාරක් වැදිලා out    වෙන්න උන තරහටත් එක්කම මල්ලිට හොදවැයින් පාරක් පිටටත් ගැහුවා…..
මල්ලි අඩාගෙන කාමරෙන් එලියට ගියා…
එදා මට දූක නැති උනාට ...අද නම් මට මාරම දුකයි ඒ ගැන මතක් වෙනකොට…
මම මගේ ආදරණියන්ට වැදගත්කමක් නොදි මොන මගුලක්ද මේ කරේ මෙච්චර කල් කියලා….
____&&&&&____
ආම්මලාත් මට නිතරම වගේ කරන්නේ බනින එක...ඒත් මට game ගහන එක නවත්තන්න බැහැ….game වලට කවුරුත් මොකුත් කියනවටත් කැමති නැහැ…
ඒ මොන මානසිකත්වය ක්ද කියලයි මට හිතෙන්නේ…
මම හිතන්නේ මම games වලට ඇබ්බැහි උනා කියලා ….
හැමදාම වගේ මෙහෙමයි…
කොච්චර බැන්නත් ගැහුවත් මල්ලි එනවා ...ඇවිත් අහනවා ..එකම දේ …
"අයියේ අදවත් එනවද…"
ඒ උනාට මම නෙවෙයි එයාගේ පැත්තවත් බලන්නේ…
එයා කියන එක ඇහුනේ නෑ වගේ ටික වෙලාවක් ඉදියම එයාම යනවා කාමරේ කැරකි කැරකි ටිකක් වෙලා   ඉදලා….
දැන් නම් මට හිතෙනවා ඇත්තටම පව් කියලා….
මාව ඒ වගේ ගණන් ගත්තේ නැති උනොත් කොච්චර දුකද…
ඔක්කොම උනේ හිතන්නේ වත් නැති විදියට….
____________
එදත් මම game ගහන ගමන්……
මල්ලි 10 වතාවක් විතර badminton ගහන්න කතා කරලා මම ආවේ නැති නිසා...මගේ කාමරේම ඇදට වෙලා ඉදියා….
පුතේ ….
පුතේ වහින්න වගේ නේද ….මම බාත් රූම් එකේ ඉන්නේ ස්ලැබ් එක උඩ රෙදි වනලා ඇති ගන්න….
පුතේ…..
අම්මත් ටික වෙලාවක් කතා කරලා bathroom එකේ ඉදන්…
මම headphones ගහගෙන හිටපු නිසා ඇහුනේ ටික වෙලාවක් ගියාම….
______
මට ගේම් එක දාල යන්න බැරි නිසායි...පුටුවෙන් නැගිටින්න තිබ්බ කම්මැලි කමයි නිසායි ...බාගෙට නින්ද ගිහින් ඉදපු මල්ලිව ඇහැරවලා එයාව යැව්වා රෙදි ගන්න….
අනේ අයියා යන්න…
හරි මම badminton ගහන්න එන්නම්...රෙදි ටික ගත්තොත්...කියලා කියපු ගමන් මිනිහා දුවලා ගියා…
මම නේ දන්නේ බොරුවක් කිව්වේ කියලා…
_____&&&&______&&&___
කෝ රෙදි ටික ගත්තද 
අම්ම නාගෙන ඇවිත් කොණ්ඩය පිහිදාන ගමන් ඇහුවා…
මල්ලි ගෙනාවා…
අනේ ඒ පොඩි එකාද යැව්වේ ..රෙදි ටිකවත් උස්සගන්න බෑ ඒ පොඩි එකාට ...කිය කිය අම්මා මටම බැන්නා…
මට ඒක ගානක් නෑ .. බැනුම් අහලා පුරුදුයි නේ…
_____&&&____
අනේ පුතේ….පුතේ….
අම්ම කෑගහනවා ඇහුනා….
පුතේ එන්නකෝ….අම්මා දිගටම කෑගහපු නිසා මම නැගිටලා ගියා…
මම යනකොටත් අම්මා මල්ලිව උස්සන්න හදනවා …
ඉක්මනට call කරන්න ambulance එකකට….
මොකක්ද වෙලා තියෙන්නේ කියලා මටත් හිතා ගන්න බැරි උනා…
මල්ලි රෙදි ගන්න දුවන කොට පඩි පෙළේ උඩ හරියකින් බිමට වැටිලා….
__&_______&&&_____
""""අධික රුධිර වහනය """"""
මල්ලි ගේ මරණ සහතිකය සටහන් වෙලා තියන්නේ එහෙමයි…..
 දැනුත් මගේ අතේ ඒක තියනවා….
මේ සහතික මම ඕන කමින් ම මේස උඩ තියාගෙන මගේ වැරුද්ද මතක් කර කර හැමදාම ඕන කමින් ම දූක් වෙනවා...ඒ මටම දඩුවම් දෙන්න….
මම රෙදි ගන්න ගියානම්...මල්ලි පහලට ආවද බැලුවානම් මල්ලි අද ජීවත් වෙලා නේද කියලමයි මට හිතෙන්නේ….
සමහරවිට මල්ලි වේදනාවකින් ..වැටිලා කෑගහන්න ඇති ඒත් මං headphones දාගෙන නිසා ඇහෙන්න නැතුව ඇති….
අයියේ badminton ගහමු කියලා මල්ලි අහනවා හීනෙනුත් පේනවා…
අනේ මම එයාට එකපාරක් වත් හා කිව්වනම්….
__________
නිමි……
____
මේ කතාව කියවන ඔයා gamer කෙනෙක් වෙන්න පුළුවන් ….
ඔයාගේ අයියා..මල්ලි... සමහරවිට අක්කා ..නංගීත් මේ වගේ වෙන්න පුළුවන්…
ඒවගේමයි ඔයාගේ පුතා දූව මේවගේ පරිගණක ක්‍රිඩා වලට ඇබ්බැහි වෙලා ඉන්න පුළුවන්…
මේක මම නම් දකින්නේ මිනිස්සු අතර තියන අන්තර් පුද්ගල සම්බන්ධතා නැති කරන, ආදරය කරුණාව වැනි මානුෂිය ගුණාංග නැති කරන... තනිකරම කෘත්‍රිම ලෝකයක් කියලා… ..
ඔයාගේ අදහසත්  comment කරන් යන්න…
අන්තිමට කියන්න තියෙන්නේ…
ආදරණීයන්ට ආදරය කරන්න ... සැබෑ මානුෂිය ගුණාංග පුරුදු කරගන්න…
ස්තූතියි 🙏🙏🙏
_______



Comments System WIDGET PACK