#කුඩුකාරයාගෙ_බිරිද | Kudukarayage Birida


#කුඩුකාරයාගෙ_බිරිද

(වෙරලටම දිය වුන දුක්බර කතාවක්)
…………………………………
"පට්ට බැල්ලි කට වහපන් අද මන් තෝව ඉතුරු කරන්නෙ නැ"
වෙරල පුරා විහිදිලා ගියපු නිහැඩියාව බින්දේ වෙරලෙ මායිමෙ ලෑලි ගෙදරකින් එන අමු තිත්ත කුනුහර්ප වලින්..
ඔව් ඒ සුද්දා.හැමොම කතා කලෙ එහෙම.තුන්සියහැටපස් දවසෙම කුඩු ගහලා ඇවිත් තමන්ගෙ බිරිදගෙ ඉදිරියෙ වීරයෙක් වෙන ඔහු ..
අම්මලාටත් හොරා එදා තේනූ සුද්දා එක්ක පැනලා එන්නෙ ජිවිතෙ ආදරෙට හැමදේම කරන්න පුලුවන් කියලා හිතාගෙන.හැබැයි ආව දවසේ ඉදන් අනේකවිද දුක් හමුවෙ ලැලි පුන්චි කාමරෙක ඇති වෙනකන් ගුටි කාලා  අවසානෙට උගෙ ඔනෑ එපාකම් ඉශ්ට කරන්න දාසියක් වගෙ සුද්දා එක්ක නිදි වදින්න විතරයි තේනුට උනේ...
මහ දවාලය ගිනියම් වෙන ටකරං වහලෙ ..පෙලක් ලෑලි දීරා ගිය තැන් දකින වාරයක් ගානෙ තේනුට මතක් උනේ ආදරෙ පේන තරම්ම සුන්දර නැ කියලා.එදා දෙමාපියන්ට පිටු පාලා ආව ගමන මහා කලකිරිමක් ලග නැවතුනෙ හැම දුකක්ම වෙරලෙ රැල්ල එක්ක පා කරලා අරින්නට ඇය පුරුදු උන නිසා.
………………………………
"සුදු අයියේ කවදාවත් මට දුකක් දෙන්නෙ නෑ නේද " 
"නෑ තේනු මන් ආදරෙයි"
පෙරදා ආදර වදන් සිහි වන හැම වරම ඈ ඇවිලෙයි .ඒ හැම වරම දිගු සුසුමක් හෙලුවෙ දුක රහසේම පිටකරලා..
දවල්ට අව්වෙ කරවෙනකන් කරවල වෙලලා හම්බකරන දෙකයි පනහා තේනුටම ගහලා අරන් යන සුද්දා ඒකෙන්ම කුඩු ගහලා ඇවිත් හයි කාරකම් පෙන්නන්න වුනා..
"ඇයි දෙයියනේ............මටම මෙහෙම වෙන්නෙ.........ඇ.....යි?"
තනියෙන්ම තේනු විලාප දුන්නා..ඒත් අහන්න කවුරුත් හිටියෙ නැ..
ඒත් දවසක් උනෙ කවදාවත් නොහිතපු දෙයක්..
"ඒයි ගෑනියෙ ඇරපිය දොර පට්ට වෙ##"
ඔව් එදා ඔහු හිටියෙ මිතුරන් සමග..එතන ඇත්තටම පිරිමි 10කට වඩා හිටියා..ඔක්කොම කඩුල්ල ලග හොද හැටි පැය ගානක් සප්පායම් උනා.
ඒ මගෙ ජිවිතෙ අවසාන දවස..ආදරෙ මට දුන්න එකම දේ..
ඔව් එදා එක පාරටම පැදුරෙ දිගා වෙලා හිටිය මාව සුද්දා වෙරලට ඇදන් ගියෙ බලෙන්මයි..ඇදන් හිටිය මගෙ හැට්ටෙ ඇදලා ඉරලා දැම්මෙ හැමොම ඉස්සරහා..එක එක මාව උන්ගේ සැප ගත්තෙ හොදටම මත් වෙලා. රිදුම් දෙන වේදනාව අස්සෙන් මගෙ යටි බඩෙන් වේදනා ඇදුම් දුන්නෙ ටිකෙන් ටික රුධිරය සිරුරෙන් වහනය වෙද්දි..සත්තු වගෙ මගෙ ඇග හපා කෑව පාපතරයො මාව අමු හපයක් කරෙ එතන හිටපු හැම එකාම සැරින් සැරෙ මාව විනාස කරද්දි..
යාන්තමින් ලා හිරු වැටෙද්දි දරන් උන් වේදනා ඇස් අස්සෙන් ආව කදුලක මම දිය කරෙ සදහටම ඇස් පියාගෙන ..
තේනුගෙ ගන්න ඔනෙ හැමදෙම ගත්ත පාපතරයො මුහුදට ඈව විසිකරන්නෙ ඈ දුක කීව මුහුදෙම  ඈව පා කරලා..
තේනුට සුද්දා දුන්න ආදර පොරොන්දු..තේනු වින්ද දුක, එදා තේනු තැලි පොඩි වී ගිය හැටි දන්නෙ නිහඩ මේ මුහුදයි වෙරලයි විතරයි..
දෙමාපියන්ට පිටු පාලා ආව ගමන නතර උනෙ නිකන්ම මුහුදේ පාවන අයිතියක් නැති මිනියක් වෙලා .
එදා මුහුදෙ නිහඩවම පාවෙන තෙනුගෙ මිනිය වෙරලට ඇවිත් තිබ්බෙ සුද්දාට අවසිහියෙන් උන දේ බරපතල කම පෙන්නමින්..සුද්දා වගේම අනිත් ඔක්කොම හිර බත් කෑවත් කවදාවත් තේනු ආය එන්නෙ නැ..
ඔව් වෙරළ හුගක් ලස්සනයි ..මුහුද හරිම නිහඩයි..ඒ නිහඩ මුහුද මේ වගෙ දුකපිරුන කතා ගොඩක් හංගන් ඉන්නවා..මොකද
නිහඩ හුගක් තැන්වල කෙලවරක් නැති දුකක් තිබුන නිසා.....
…………………………………
ආදරෙදි වැරදි තීරන ගන්න එපා ..කවදාවත් වැරදි දේවල් වලට ඇබ්බැහි වෙන්න එපා..
මොකද වැරැද්දක් උනාට පස්සෙ අඩලා වැඩක් නැ..
…………………………………
😢😢😢😢😢😢
වෙරළ එදා මෙන් අදත් නිහඩයි......
මගෙ දුක දන්නෙ මහ මුහුදයි.......
වෙරළ සිපගෙන දියඹ වෙත යන්නෙ ඒකයි..............
වෙරළෙ ලියවුන හුගක් කවි දුක්බරයි.........
ලෑලි ගේ වහල ඔලුවට බරයි...........
වැරදුන තැන් ආය ගන්න බැ සත්තයි.............
මෙතැන් සිට මලකදත් මුහුදටම බාරයි................
හුස්ම දුක් වින්දා ඇති දැන් නවතින්න අවසරයි..................
නිමි
පාරමි කවී