කුඩුකාරයා.... | Kudukaraya
කුඩුකාරයා....
ජීවිතයේ ගන්නා සමහර වැරදි තීරණ නිසා..අවසානයේ අත්වන ඉරණම නොසිතන එකක් ව්ය හැකියි..මෙය එසේ කතාවකී..සමාජයට යමක් දීම සදාහා..මා වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දකි....
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
,,ඔහු....
තරංග සම්පත්...
ජගත් අබේනායක සහ දම්මිකා අබේනායක යුවලගේ එකම පුතා...අබේනායක මහතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ අතර දම්මිකා මහත්මිය..වෛද්‍යවරියකි...සම්පත් මෙලොව එලිය දුටු දා සිට මාස තුනක් වැනි කෙටි කාලයක් පමණක් දම්මිකා සෙවනේ හැදුනු වැඩුනු අතර,වැඩි කාලයක් ගත කලේ නිවසේ මෙහෙකාරිය වුනු දයා අම්මා සමගයි.මැදිවියේ කාන්තාවක් වුනු ඇය අබේනායක නිවසේම නතර වී දරුවා රැක බලා ගත් අතර මසකට වරක් පමණක් තම මව බැලීමට දයා අම්මා ගමට ගියාය..ඇයද දරුවකු සිටින සැමියා මිය ගිය කාන්තාවක් වූ අතර.ඇයගේ දරුවාද සිටියේ ඇයගේ මව සමගයි....
සම්පත්ගේ දෙමව්පියන් ඔවුනොවුන්ගේ රැකියාවන් සදහා කාර්‍ය බහුල වෙද්දී.ඉගෙනීම් කටයුතුවලට පවා සම්පත්ව රැගෙන ගියේ සේවකයන් විසිනි..දරුවකුට නිසි වයසේදී ලැබිය යුතු දෙමව්පිය ආදරය ,සෙනෙහස,සම්පත් හට නොලැබුණා..කිවහොත් මා නිවැරදිය...
කාලය ගතවී ගියේ අසුරු සැණකින්...
දැන් සම්පත් දහසය විය ඉක්මවූ තරුණයෙකි..මනා රූ සපුවකින් යුත් සම්පත් හට තම පාසලේ මිතුරු මිතුරියන්ද එමටයි..
""පුතා..එක්සෑමුත් ඉවර එකේ.. නරකද.තාත්තත් එක්ක ඔය බිස්නස් වැඩ වලට පොඩ්ඩක් උදව් කලා නම්...
ඔව්,,මමත් පුතාට කියන්න හිටියේ..
අනේ,,අම්මා,,තාත්තා,,මට නම්..බෑ ඔයාල වගේ කිසිම නිදහසක් නැති ජීව්තයක් ගෙවන්න..මට ඕන ෆුල් සීරියස් එකේ ඉන්න..
මව,පියා,දෙදෙනාම සම්පත්ට කල යෝජනාව ඔහු ප්‍රතික්ෂේප කලා..ඔහුට වුවමනාව තිබුනේ යාළුවන් හා එක්ව නිදහසේ කාලය ගත කිරීමටයි...
"පුතා ,,සීරියස් වෙන්නත් ..සල්ලි ඕන..සල්ලි අපිට නිකම් ලැබෙන්නෑ..අපි ඒකට..මහන්සි වෙන්න ඕන..අනික..මොකක්ද ඔයා අර කලින් කිව්වෙ..නිදහසක් නැති ජීවිතයක් නේද?..
ඔව් ,පුතා ඔයා හරි..දෙමව්පියන්ට කවදාවත් දරුවොන්ගෙන් නිදහස් වෙන්න බෑ..එයාලගේ ජීවිතේ සර්ව සම්පූර්ණ වෙනකම්..අම්මයි මමයි මේ හම්බ කරන්නේ අපිට ගෙනියන්න නෙවෙයි මේ හැමදේම ඔයාගේ.ඔයාගේ අනාගතේ වෙනුවෙන්..ඔයත් දැනගන්න ඕන දෙමව්පියන්ට ශක්තියක් වෙන්න...
මම කැමතියි තාත්තා මොකක් හරි කෝස් එකක් කරන්න..
හරි ,,පුතා කැමති දෙයක්...
එදා,අබේනායකත්,දම්මිකාත් ජීව්තය ගැන සම්පත්ට පහදා දුන්නත්..ඔහු ඒවා කනකටවත් ගත්තේ නෑ..ඔහුට මිතුරන් ගනනාවක් සිටියද ලගින්ම ආශ්‍රය කලේ..චාමර හා.ජගත් යන ම්තුරන් දෙදෙනා පමණයි...
ඒ..මචං..මෙහෙම ඉදලනම් බෑ..බලපන්..වෙන එවුන් පොඩි ශොට් එකක් එහෙම ගහල ආතල් එකේ ඉන්න හැටි..
අම්මෝ..මට නම් බෑ ඕන්..අපේ අම්මයි ..තාත්තයි..දැන ගත්තොත් විනාසයි...
අනේ ,,පලයන් බන්..උඹලෑ අම්මලට කොහෙන්ද උඹ ගැන හොයන්න වෙලාවක්....
සම්පත්ට මිතුරන් එසේ පවසද්දී හිතට දැනුනේ දැඩි වේදනාවකී..
වරෙන්,,වරෙන්,,..
එදා ජීවිතයේ ..පලමු වතාවට සම්පත් මිතුරන් හා එක්ව..මත්පැන් සාදයක් පැවැත්වුවා..කිසිදාක නොබීපු දෙයක් බැවින් සම්පත් සිටියේ මද සිහිසුන් ගතියකින්..චාමරත් ..ජගතුත් දෙදෙනා ඔහුව ගෙනගොස් නිවසට ඇරලුවා...
පුතා...මේ..මොකද...
පුතා...
අනේ..නැග්ටින්නකෝ...
දම්මිකා කලබල වී මිතුරන් දෙදෙනාගේද සහය ඇතිව සම්පත්ව ඔහුගේ කාමරයට ගෙන ගියා..
"අපි ගිහින් ..එන්නම් ..ආන්ට්...
ඉන්න...
ඔය.ලමයි..බීල නේද...
අපි..අපි...පිස්සුද ආන්ටී ..එහෙම නෑ..
නැත්තෙ නෑ මට ඒක ඔය මූණවල් වලින් පේනවා..
තරුණ කාලෙම ජීවිත විනාශකරගෙන දෙමව්පියන්ට දුකක් නොදී ඉන්න..
දම්මිකාගේ වදන් ඔවුන්ට වැදි බණ ව්ය...
ඔලොක්කුවට මෙන් සිනහවී .ඔවුන් එතැනින් පිටවී ගියා...
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
ගුඩ් මොර්නින් අම්මා..
මෝර්නින් තාත්තා..
ඇයි..අද..ඔයාල වැඩට ගියෙ නැද්ද..
කම් පුතා...
අබේනායක සම්පත්ට කතාකොට තමා අසලින් වාඩි කරගත්තා..
පුතා..ඔයා ඊයෙ කරපු වැඩේ බරපතල කම ඔයා දන්නවද?.
පලවෙනි පාර නිසා අපි ඔයාට සමාව දුන්න කියල හිතාගන්න..ආයෙත් මෙහෙම දේවල් වෙන්න බෑ..
ආ මීට පස්සේ ඔයාට ..රෑ ගමන් බෑ හරිද..
අබේනායකගේ වදන් වලට සම්පත් වචනයකුදු නොකිව්වේ තමන් කලේ වරදක් නිසාවෙනි...
නමුත් එදා දඩුවමක් නොදුන් හෙයින්ද,මත්පැන් වල අමුතු රසයක් ඇතිවූ හෙය්න්ද සම්පත් මෙය දිගින් දිගටම කරන්නට වුනා..
මචං..උඹ අම්මලට ඕන විද්යට නෙවයි..උඹට ඕන විදියට ජීවත් වෙයන්..දැන් උඹ බබෙක් නෙවෙයිනේ..
මත්වුනු පසුව මිතුරන් සම්පත්ගේ මනසේ දෙමව්පියන්ට විරුද්ධව උසිගන්වන්නට වුනා..
එදින.සම්පත් වුවමනාවෙන්ම..රෑ බෝවී නිවසට යන්නට තීරණය කලා..සම්පත්ගේ ප්‍රමාදය හේතුවෙන් අබේනායක මගබලා උන්නද..දම්මිකා රාත්‍රි සේවය නිසා සිටියේ ඒවන ව්ටත් කොළඹ ජාතික රෝහලේය...
ආ..ඉලන්දාරිය...ඔය එන වෙලාව නේද..
යමුකො ගෙට..
ඇ...ඇ...ඇයි මට මොනව ,,කරන්නද..
චටාස්....
තවත් වචනයක්වත් පැවසීමට පෙර අබේනායක සම්පත්හට කම්මුල් පහරක් එල්ල කලා...
කෝපයට පත් සම්පත්ද..පියා යැයි නොසිතා ඔහුටද පහරක් ගැසීමට හැදුවද..සම්පත් බිම ඇද වැටුනේ මත් භව වැඩ් නිසා ඇති වූ සිහි විකල්ලෙන්...
අබේනායකත් .දම්මිකාත්..සම්පත් ගැන උන්නේ කලකිරුනු ස්වභායකින්..පසුව දෙදෙනාම එක් තීරණයකට පැමිණියා...
ඒ.වැඩිදුර අධ්‍යාපනයට..සම්පත්ව ඇමරිකාවට යැවීමට..ඔවුන් එයට සූදානම් වුවත් සම්පත් තදින්ම එයට විරුද්ද වුනා..
මම..කොහෙවත්..යන්නෑ.ආයෙ කියන්නෙත් නෑ..
ඔයාලට මාව බරක් නම් මම ගෙදරින් යන්නම්..
එතකොට ,,හරිද..පුතා..ඔයා හිතන්නේ මිඩ්ල් ක්ලාස් ලමයෙක් වගේ ..ඔයාට..මොනවද..පුතා අඩු..
බලන්න..අර සමරනායක අන්කල්ගේ පුතා ඔයා වයසෙමයි..ඒ ලමය ගෙදරින් එලි බහින්නේ..නෑ අවසර නැතුව...
ඒව චීත්තනෙ තාත්තා..මට එහෙම බෑ..
වට්..මොකක්ද.චීත්ත කතාව..
පුතා ඔයා දැන් පමණට වැඩියි...
අබේනායක කොතරම් උත්සහ කලද සම්පත්ව හදා ගැනීමට ඔවුන් ප්‍රමාද වැඩි වුනා...
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
ඒ..මචං..මගෙ යාළුවෙක් ඉන්නව..ඌපට්ට බොක්ක..ඌ.ගාව නම් තියෙනව මරු බීමක්...
මිතුරන්ගේ අනුදැනුම ඇතිව සම්පත්..පාතාලයේ නම ගිය ප්‍රසිද්ධ කුඩු ජාවරම්කාරයෙකු වන රාජාව සොයා යන්නේ ඒ අයුරින්...
ආ..මල්ලිලා..මොකද..මේ පැත්තේ...
රාජයියේ..මේ අර මන් කිව්ව යාළුවා..
ආ මෙයාද ඒ....
ඉතින් මල්ලියා...
රාජාගේ ගුබ්බෑයමට රිංගාගත් සම්පත් ජීවිතයේ දොවනි වරදට අඩිතාලම දමා ගත්තා..
ඒ,,බන්,,මරු,ඈ ක්යල වැඩක්නෑ....
කුඩුවලින් උමතුවට පතව සිටි සම්පත් හට අවසානයේ එය නැතුවම බැරි තැනට පත්වුනා සේම..රාජා කපටිකමින්..සම්පත් ලවා තම ඉලක්කයන් සපුරා ගැනීමට කත් අදින්නට වුනා...
හදිසියේම බිස්නස් වැඩ වගයකට විදෙස්ගතවීමට අබේනායකට සිදු වුනේ ඔය අතර තුරදීය...පසුව
සම්පත් හා මව පමණක් නිවසේ තනිවුනා..රෝහලේ වැඩ කටයුතු අධික නිසාවෙන් දම්මිකා හට සම්පත් ගැන සොයා බලන්නටද කාලය මදි වුනා..ඒයින් උපරිම ප්‍රයෝජන ගත් සම්පත් මිතුරන් සමග එක්වී..රාජාගේ කුඩු ..එකිනෙකා අතර බෙදා හරින්නට වුනා...
සම්පත්ද අධිකව කුඩු බීමට ඇබ්බැහි වී සිටීමෙන් ඔහුට ඕනෑ තරම් මත් කුඩු රාජා විසින් ලබා දෙනු ලැබුවා..එය ලබා ගැනීමට සම්පත් ඔවුන් කී සැම දෙයම කරන්නට වුනා...
රාජා සම්පත්ගෙන් පොරොන්දුවක්ද ගෙන තිබුනා...
ඒ.කිසියම් මොහොතකදී..පොලීසියට අසුවුවහොත් තමාව පාවා නොදෙන ලෙසයි...
සම්පත් ඒ පොරොන්දුවද අකුරටම රැක්කාය...
ගමේ.අසල්වාසීන් .නෑදෑයන් සියල්ලම පාහේ සම්පත්ගේ මුළු පවුලම කොන් කර දමන්නට වුනා..දම්මිකාටත් ,අබේනායකටත්,රටට සමාජයට මුහුණ හංගා ස්ටින්නට සිදු වුනා...සම්පත්ට මොන තරම් අවවාද කලද එලියම සොයමින් යන පලගැටියෙකු සේ විනාශය කරාම ඔහු ඇදී ගියා..අවසානයේ සම්පත් ගෙදරින් පිටවී ගොස් රාජාගේ තිප්පොලේම ලගින්නට වුනා..
දවසක්...
ට්‍රීං.....
හෙලෝ...
හෙලෝ..මචං..පැකට්..එක්ක..ඕන..
බෝගහ යටට වරෙන්..
හරි..හරි...
කතා කලේ තමමිතුරෙකු වූ ජගත්ය..ඔහුගේම දුරකථනයෙනි..සැක සිතන්නට යමක් නොවූයේම එනිසාවෙනි..සම්පත් නියමිත වේලාවට ප්ටත්වී..ගියත්..ජගත් පෙනෙන්නට නොවුනෙන් ආපසු හැරෙත්ම සම්පත්ගේ දෙඅත් වලටම මාංචු වැටී හමාරය..
අනේ,,,සර්,,මාව..අතාරින්න..මම මුකුත් කලේ නෑ...
ආ..උඹ..බබාද..මුකුත් කලේ නැද්ද බලන්න යමන්කො පොලීසියට...
ජගත් පසු පස හඹා ආ පොලිස් විශේෂ කාර්‍ය බලකායේ භටයන්..ඔහුගෙන් ලද තොරතුරු මත සම්පත්ව අත්අඩංගුවට ගනු ලැබූ අතර..මත්කුඩු ලග තබා ගැනීමේ වරදට සම්පත් වැරදිකාරයෙකු වුනා..ඔහුව එයට පොළඹවා ගත් කිසිවෙකු අවසානයේ නොවූයෙන් ද..ඔහු කිස්වෙකුත් පාවා නොදීමෙන්ද..තනිවම දඩුවම් විදීමට ඔහුට සිදු වුනා...
දම්ම්කා හඩා වැල පෙමින් සම්පත්ව බේරා ගැනීමට දැගලුවද අබේනායක මහතා එය වැලැක්වුවා..
එයා..අපෙන් නොලැබුනු දඩුවම් නීතියෙන් ලැබෙයි...
එයාට මේ වුන දේට අපියි වගකියන්න ඕන..පුංච් කාලෙ අපිට එයාන ඇරුන වැඩියි..දැන් ඔයා ලක්ශ ගානක් වියදම් කරල එයාව බේරගත්තත් එයා ඒ වරදම ආයෙ කරයි ..මොකද එයා දන්නව මොන වරද කලත් අම්ම තාත්ත මා එක්ක ක්යල ..ඒක නිසා ..අපි කාලයට මේ දේ විසදන්න බාර දෙමු..
අමාරුවෙන් වුවද.බොහෝ කලින් ගතයුතු තීරණයක් අබේනායක පසුව හෝ ගැනීම සතුටට කරුණක්...
මිතුරන් නිසා සම්පත්හට අලුත් නමක්ද..ලැබුනා."කුඩුකාරයා""" ඒ නම පට බැදෙන්නට තරම් ඔහු වරදක් කලාද...????
මත්,කුඩු.ලග තබා ගැනීම ..විකීනිම..ඇතුළු චෝදනා යටතේ..තරංග සම්පත් ඔබට බරපතල වැඩ ඇතිව වසර පහක සිරදඩුවම් නියම කරනව....
තවමත් ඔහු මග බලනව...මව්පියන් පැමිනේවී ක්යා...දැන් ඔහු තනිවම විදවනවා....තමා ගැන සිත සිතා..
මොහොතක් සිතුවානම්🤔🤔🤔🤔...
නිමි....
පසුවට👇👇👇👇👇👇
දෙමාපියන් ,කුමන රාජකාරියක නිරත වුවද..දරුවන් කෙරේ වැඩි අවදානය දියයුතුය...
සම්පත්ට එසේ වීමට මූලික කරුණ දෙමාප්යන්ගේ වරද නොවද???
ඔබටත් ක්යන්නට යමක් ඇති කියාගෙන යමු.....
මම නිශූ.....
