"කිරි සිහිනය" | Kiri Sihinaya
"කිරි සිහිනය"
"බීමත් පාපතරයන් තිදෙනෙකු අතින් විනාශ වෙච්ච අහින්සක මතාවකගෙ කිරි සිහිනය"(හිතක් ඇත්නම් කියවන්න ...සත්‍යය කතාවක්...නම් ගම් මනක්කල්පිතයි)
"සුභ පැතුම් මිස්ටර් සේනාදිර ...ඒ වගේම මිසිස් සේනාදිර ...ඔන්න මේ පාර නම් පොසිට්ව් වෙලා ...දැන් වත් සතුටුද "
තමන් ඉදිරිපිට වාඩි වෙලා හිටපු යුවල දිහ බලන් වෛද්‍යය වරයා එහෙම කියන කොට ඔහු ඉස්සරහා හිටපු යුවලගෙ ඇස් හරි ඉක්මනින් කදුළු වලින් පිරිලා යනවා වෛද්‍යය වරයා දැක්කා ...නිහඩතාවයෙන් සහා යුවලගෙ ඇස් වලින් ගලපු කදුළු වලින් කිව්වෙ මේක කාලයක් තිස්සෙ ඔව්න් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් කියලා ...
අසිත සේනාදිර ...අව්රැදු තිස් දෙකක් වෙච්ච සරල ගති පැවතුම් තිබුන ඒ වගේම බොහොම නිව්න තැන්පත් පුද්ගලයෙක් ...එතකොට ඔහුගෙ බිරිද විහාරා සේනාදිර ...අව්රැදු තිහක් වයසෑති අසිතටම ගැලපෙන තැන්පත් ගති පැවතුම් තිබුන කන්තාවක් ...දෙන්නා විවාහ වෙන්නෙ පසල් සමයෙ සිට තිබුන ප්‍රේම සම්බන්දයක අවසානය විදිහට...අසිතගෙ රෑකියාව උනේ ගුරැ වෘත්තිය...ඔහු උසස්පෙල ගණිතය විෂය දාරාව ඉගැන්විම් කලා...දෙන්නා විවාහ වෙලා අව්රැදු හතක් යනතුරැත් ඔව්න්ට දරැවෙක් ලැබුනෙ නැහැ...අවසානේ වෛද්‍යය පරික්ෂන කිහිපයක් සිදු කිරිමෙන් පස්සෙ හෙලි උනේ දෙන්නගෙම කිසිම දුර්වලතාවයක් නැහැ කියලා ...මේ කාරනාව නිසාවත් දෙන්නා අතර තිබුන ආදරය නම් බිදක් වත් අඩු උනේ නැහැ...අසිත පණ වගේ තමන්ගෙ බිරිදට ආදර කලා...ඒ වගේම විහාරාත් අසිතට ආදරය කලා ...නමුත් දෙන්නගෙම හිත් වල එක දෙයක් ගැන තිබුනේ ලොකු දුකක් ...ඒ තවමත් දරැවෙක්ගෙ හිනාවක් ,හැඩිමක් ඔව්න්ගෙ කැදෑල්ලෙ නැති එක ගැන ....මේ සියල්ලට අද උත්තරයක් ලැබිලා තිබුනා...දින කිහිපයක සිට විහාරා කලන්තයෙන් ,හිස රෑදාවෙන් පිඩා වින්ද හින්දා අසිත එදා ඇයවත් කැදවගෙන ඔව්න් ප්‍රතිකාර ලබා ගත්ත වෛද්‍යය වරයා හමුවට යන්නෙ විහාරාට බෙහෙත් ගන්න ...නමුත් රෝග ලක්ෂනත් එක්ක වෛද්‍යය වරයට යම් කිසි සැකයක් ඇති උනා ...ඒ නිසා තමා වෛද්‍යව වරයා ප්‍රේග්නන්සි ටෙස්ට් එකක් කරන්නෙ ...එහිදි තමා අනාවරණය වෙන්නෙ විහාරා අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා...
"ඇයි මිස්ටර් අසිත...මේච්චර කාලයක් බලන් හිටියේ මේක නේද ...ඔන්න දැන් ඉතින් මිස්ටර් සේනාදිර තාත්තා කෙනෙක් ...මිසිස් සේනාදිර ඉස්සරහට පරිස්සම් වෙන්න වෙයි..."
වෛද්‍යය වරයා උපදෙස් රෑසක් දුන්නා දෙන්නම ඒ හැම දෙයක්ම අහන් හිටියා ...
"ඩොක්ටර් ගොඩක් ඉස්තුතියි...මේ අරන්චිය අහන්න අපි කොච්චර කාලයක් බලන් හිටියද ...අනේ සතුටුයි ඩෝක්ටර්...එහෙමනම් අපි ගිහින් එන්නම් ඩෝක්ටර්..."
වෛද්‍යය වරයාගෙන් සමුගත් යුවල පිටවෙලා යන්නෙ ගොඩක් සතුටින් ...අසිත හිටියේ නිවසට යනකල් ඉවසිල්ලක් නැතිව ...වාහනය ගෙදර නැවැත්තුවා විතරයි අසිත විහාරාව දැතින්ම වඩාගෙන මුළු නිවස වටේම අරන් ගියේ ඔහු ගොඩක් සතුටින් හිටපු හින්දා...
"සුදු මාව බිමින් තියන්න ..රත්තරන් ...ඔය ඉතින් අහන්නකෝ ...කෝ ..."
විහාරා බොරැවට කිව්වත් ඇයත් හිටියේ අසිතගෙ පපුවටම තුරැළු වෙලා ...මොකද මේ අරන්චිය අහන්න මොන තරම් කාලයක් බලන් හිටියද ,මොන තරම් පුද බිම් වලට භාර හාර උනාද අද වෙනකොට දෙවියන් ඔව්න්ගෙ මුහුනු දිහත් බලලා තිබුනා...
අසිත පරිස්සමට විහාරාව බිමින් තියන්නෙ නිවස ඇතුලටම ගිහින් ...ඒ කරලා අසිත ගොඩක් ආදරයෙන් විහාරාව තමන්ගෙ පපුවට තුරැළු කර ගන්නවා ...ඇගෙ නලලත මත හාදුවක් තඹමින් අසිත දරාගන්න බැරි සෙනෙහසකින් කෙල්ලව තව තවත් පපුවට තුරැළු කර ගන්නවා ...කෙල්ලත් ගොඩක් අශාවෙන් අසිතගෙ පපුවට තුරැළු වෙනවා ...
"ගොඩක් ඉස්තුතියි මැණික ...දැන් අපි දෙන්නා සම්පුර්ණයි ...ආදරෙයි වස්තු ගොඩක් ..."
දින සති ගනන් ගෙවිලා ගියේ අසිතගෙ තහනම් විහාරාට වැඩි කරමින් ...කෙල්ලට ඇවිදින්න බැ,වැඩ කරන්න බැ ...හැම දෙයක්ම අසිත කලා...ඒ ඇයගෙ සැමියා වගේම තාත්තා කෙනෙක් වගේ ඇයව රකිමින් ...
මාස හතරක් ගෙවිලා ගියේ කෙල්ලගෙ කුස ඉස්සරහට එමින් ...කෙල්ල ඇවිද්දෙ ඉණට අතකුත් තියාගෙන ...සමහර දවස් වලට අසිතට හිනා ...ඒ කෙල්ල ඇවිදින හැටි දැකලා ...
දැන් කෙල්ලගෙ බඩට මාස පහයි ...එදා අසිත කෙල්ලගෙ උකුලෙම නිදාගෙන හිටියේ ...එක පාරම අසිතට දැනුනා කෙල්ලගෙ කුස තුලින් කව්රැ හරි තට්ටු කරනවා වගේ ...
"සුදු නෝනා ...මේ බලන්න ..ඔයාට දැන්නේ නැද්ද..."
කෙල්ලගෙ කුසට අත තියන් අසිත එහෙම අහනකොට කෙල්ලට හිනා ...
"අයියො ..සුදු මහත්තයො ..ඔයාගෙ පැටියත් ඉතින් ඔයා වගේම දගයි වගේ ...ඒ දැනුනේ පොඩ්ඩා දගලන සද්දෙ ..."
කෙල්ල ඒ ටික කියලා අසිතගෙ පපුවට තුරැළු වෙනකොටම ආයි වතාවක් දරැවා දගලන්න ගත්තා ...අසිත හරි ඉක්මනට කුසට කන තියලා බැළුවා ...දරැවා දගලනවා ...අසිත දරැවත් එක්ක කතා කලා...
"චුටි පුතේ ...ඉක්මනට එන්න ...අපි දෙන්නා ගොඩක් සෙල්ලම් කරමු ...තාත්ති එක්ක ...හැන්ගි මුත්තන් කරමු ...දවසම හොදද..."
මේ විදිහට කාලය හරි ලස්සනට ගෙවිලා ගියේ දෙන්නගෙ ආදරය තව තවත් වැඩි කරමින් ...අසිත ඉගැන්විම් කලේ නගරයෙ පාසලක නිසා අසිත සහා විහාරා පදිංචි වෙලා හිටියේ නගරය අසාන්න කුලියට ගත් නිවසක ...ඒ නිසා වෙන් විහාරායි අසිතයි ජිවත් උනේ තනියම ...සතියකට දෙපාරක් විතර දෙන්නගෙම ගෙවල් වලින් ඇවිත් බලලා ගියා...
කාලය තවත් මසකින් ඉගිල යද්දි අසිත අමතර පන්තියක ඉගැන්විම් කරන්න භාර ගන්නවා ...ඒ දොලහා වසර සිසුන් පිරිසකට ...මේ සිසුන් අතර හිටියා එක්තරා සිසුන් තුන්දෙනෙක් ...තුන් දෙනාගෙම තාත්තලා හොද සල්ලි කාරයො...දෙමාපියන්ගෙ උවමනවට තමා ඔව්න් පසල් ගියේ ...නමුත් ඔව්න් නොයෙකුත් දේ වලය හුරැ වෙලා තිබුනා ...
එදා පන්තිය පැවැත් උන දවසක් ...අසිත පන්තියට යනකොටත් අර සිසුන් තුන් දෙනා ඇරෙන්න අනෙකුත් සිසුන් ඇවිත් හිටියා...
"ලමයි කෝ අද විහග ,දමිත් ,දුමින්ද ඇවිත් නැද්ද ..."
අසිත ඇහුවේ ඔව්න්ගෙ අසුන් හිස්ව තියෙනවා දැකලා ...
"තාම ඇවිත් නැහැ සර් ...අපෝ එන් නැති එකම හොදයි ...ආවත් මල කරදරේ සර් ...ඒ අය ඉගෙන ගන්නෙත් නැ ...අනික් අයට පාඩුවේ ඉන්න දෙන්නෙත් නැ..."
අසිත නිහඩවම පන්තිය පටන් ගත්තා ...පන්තිය පටන් අරගෙන පැය භාගයක් විතර යනකොට අසිත දැක්කා සිසුන් තුන් දෙනා පන්තියට එනවා ...
"සර් ...අපි ඇතුලට එන්නද .."
ඔව්න් අසිතට කතා කරලා බලන් හිටියේ නැහැ...තුන් දෙනාම පන්තියට ඇවිත් වාඩි උනා ...අසිතට තරහා යන්න වැඩි වෙලාවක් ගියේ නැහැ...
"තමුන්ලා කව්ද ?කව්රැ කියලද හිතන් ඉන්නෙ ...පෙන්නෙ නැද්ද මම මෙතන උගන්නනවා ...ආ ..."
අසිත අහන්නෙ ඔව්න් අසලට යන ගමන්ම ...ඒත් එක්කම අසිතගෙ නාස් පුඩු වලට රින්ගුවේ මත්පැන් ගඳ සහා සිගරට් ගද ...
"නැගිටිනවා තුන් දෙනාම ...මේක අම්මගෙ අප්පගෙ බුදලයක් කියලද හිතන් ඉන්නෙ ..ආ...තමුන්ලා කොහේ හරි රින්ගලා ඇවිත් තියෙනවා ...අනික බලනවා ලගින් එන ගද...වහාම නැගිටිනවා ...ගිහින් අතනින් දණ ගහා ගන්නවලා ...කෝ කෝ ..."
සිසුන් තුන් දෙනා පුටු වලින් නැගිට්යේ අසිත දිහා රවලා බලමින් ...ඔව්න් තුන් දෙනා පුටු වලින් නැගිටින කොට ඔව්න් දැක්කා අනෙකුත් ලමයින්ගෙ මුහුණු වල මතු උන සමච්චල් සිනහව ...තුන් දෙනා පන්තිය ඉවර වෙනකල්ම දණ ගස්සලා තිබ්බා අසිත...මොකද අසිතට උවමනා කලේ ඔව්න්ව හොද මාර්ගයට ගන්න...නමුත් අසිත දන්නෙ නැහැ ඔව්න් තුන් දෙනගෙ හිත් වල අසිත ගැන වෛරයක් ඇති වෙලා කියන්න...
පන්තිය ඉවර වෙලා අසිත ඔව්න්ට අවවාද කරලා පිටත් කරලා යවනවා ...
සතියකට පස්සේ...
දුමින්ද ,විහග ,වගේම දමිත් හිටියේ මත්පැන් බෝතලයක් පානය කරමින් ...ටිකෙන් ටික මත් වෙනකොට ඔව්න්ට නොයෙකුත් දේ මතක් වෙන්න ගත්තා ...දමිත්ට මතක් වෙනවා අසිත ඔව්න්ව දණ ගස්සලා තිබ්බ හැටි...
"මචන් ..අර අසිත කාරයා අපිට දුන්න ගේමට රිප්ලයි එකක් දෙන්නම ඕන මචන් ...දැක්කද එදා අර ඉදන් හිටපු උන් අපිට හිනා වෙච්ච හැටි ...කතා කරපල්ලකෝ..."
"දමියා ඒක හරි ...අපි ඒකාට ගේම් එකක් දෙන්නම ඕන ..ටිකක් ඉවසපල්ලා ...අපිට පොටක් එයිනේ ..."
තුන් දෙනා එදා කතා කර ගත්තා අසිතගෙන් පලි ගන්න ඕන කියන එක ...එදා සිටම අසිත ගැන ඔව්න් හෙව්වා ...විහාරා ගැනත් හැම දෙයක්ම ඔව්න් හොයාගත්තා ...ඔන් එදා තමා ඔව්න්ගෙ හිත් වලට ඒ නරැම අදහස එන්නෙ ...අසිත සහා විහාරා අව්රැදු ගානක් දුක් වෙලා අන්තිමට ලැබුන තෑග්ග විනාශ කරන්න ...
"මචන් මේකයි ප්ලෑන් එක ...අසිත කාරයා ලබන සතියේ නයිට් ක්ලාස් කරනවා ...එදා තමා අපි ගේමට බහින්න ඕන ...අපි යමු ඒකගෙ ගෙදර ...හහ් හහ් හහ් ඒකගෙ ගැණිට දරැවෙක් හම්බ වෙන්න ඉන්නෙ ...අපි ඕකට හොද පාඩමක් උගන්නමු ...එහෙනම් හරිනේ ...ලබන බදදා ..."
සියල්ල කතිකා කරගත් ඔව්න් මේ ලන්කාවේ තවත් තිරිසන් අපරාධයක් ඒ විදිහට සැලසුම් කලා...
විහාරාවත් ...අසිතවත් මේ කිසිම දෙයක් දන්නෙ නැහැ...ඔව්න් දැනන් හිටියානම් මේ තුන්දෙනා මේ සුදානම් වෙන්නෙ ඔව්න්ගෙ මුළු ලොකේම විනාශ කරන්න කියලා අසිත කවදාවත් ඒකට ඉඩක් නොදේවි ...නමුත් කිසිම දෙයක් නොදන්න අසිත එදත් පන්තියට යන්න පිටත් උනා ...
විහග ,දමිත් සහා දුමින්ද අසිතගෙ නිවස ලගට වෙලා ඔහු ගෙදරින් පිටත් වෙනකල් බලන් හිටියා ...
"මචන් අන්න අරැ ගියා ...මෙහෙට වරේල්ලා මේ කෑල්ලත් ගහලම අපි යමු ...කෝ..."
කට්ටියත් එක්කම මත්ද්‍රව්‍යය පානය කලා ...හරියටම රාත්‍රි අටට ඔව්න් මත් ගතියෙන්ම විහාරාගෙ සහා අසිතගෙ නිවස පිහිටි වත්තට ඇතුළු උනා ...කොහේදො සිට උළ ලෙනෙක් කෑ ගහන සද්දෙ අදුරැ රාත්‍රියේ නිහඩතාවය බිදගෙන ඇහෙද්දි තවත් තිරිසන් අපරාධයක් වෙන නිමේෂය ලන් වෙමින් තිබුනා ...
මේ අතර එදින පන්තිය හදිසි කාරනාවක් හේතුවෙන් පවත්වන්නට නොහැකි උනා ...අසිත අටයි කාලට විතර ගෙදර එන්න පිටත් උනා ...
"ටක්...ටක් ...ටක්...ගෙදර කව්ද ..."
විහාරා ගෙදරට වෙලා හිටියේ ගෙදර දොර අගුල් දාගෙන ...ඇය හෙමින් හෙමින් ගිහින් දොර විවෘත කලා...විහාරා දැක්කෙ රතූ උන දැස් අැතිව දොර ලග හිටන් හිටපු තුන් දෙනාව ...
"ඇයි ...කව්ද ඔයාලා ..."
විහාරාට එච්චරයි කියාගන්න පුළුවන් වෙන්නෙ ...මත් වෙලා හිටපු එකෙක් ඇගෙ මුව වසාගෙන ඇයවත් රෑගෙන නිවසට ඇතුල් වෙනකොට අනේක් දෙන්නත් නිවසට ඇතුල් වෙනවා ...විහාරාට කිසිම දෙයක් හිතා ගන්න බැහැ ...
"කෝ යකෝ උබේ අර මිනිහා ...ඒකා ...ඒකා අපිව ලැජ්ජා කලා...අද උගන්නන්නම් උට හොද පාඩමක් ...හහ් හහ් හහ්..."
එක් වරම එකෙක් ඇයව තල්ලු කරලා අතැරියා...විහාරා බිම වැටෙන්ද්දි ඇගේ කුස තදින්ම බිම වැදෙනවා ...ඇය වේදනාවෙන් කෑ ගැහුවත් තිරිසන්නු තුන් දෙනාගෙන් කිසිම උදව්වක් ඇයට ලැබුනේ නැහැ...
විනාඩි දහායක් විතර කෙල්ල අපහසුවෙන් කෙදිරි ගානකොට එක පාරටම දොර ඇරැනා ...හිටගෙන හිටියේ අසිත ..අසිත දැක්ක ගමන් තරැණයින් තුන් දෙනාට කරන්න දෙයක් හිතා ගන්න බැරි වෙද්දි ඔව්න් දැක්කා අසිත අත තිබුන යකඩ පොල්ල ...ඒත් එක්කම අසිත දකින්නෙ වේදනාවෙන කෙදිරි ගාමින් බිම වැටිලා හිටපු තමන්ගෙ ආදරණිය බිරිදව ...
"අතැරපල්ලා ...තොපි ...තොපි මොකක්ද මේ කරන්නෙ ..විහාරා ...මගේ දරැවා ..."
අසිතට එච්චරයි මතක අසිත අත තිබුන යකඩ පොල්ල කිහිප වාරයක් තරැණයින් තුන් දෙනාගෙ ශරිර වලට වදින කොට ඔව්න් සිහි නැතිව බිම වැටුනා ...
අසිත පුළුවන් තරම් ඉක්මනට විහාරාව රෝහලට අරන් ගියාත් අවසනාවට දරැවාව බේර ගන්න වෛද්‍යය වරැන්ට නොහැකි වද්දි අසිත අඩන්න ගත්තෙ පුන්චි දරැවෙක් වගේ ...
පොලිසිය විසින් තරැණයින් තුන් දෙනාව අත්අඩංගුවට ගත්තා ...ඔව්න්ට විරැද්දව නඩු පැවරැවා ...
"මිස්ටර් සේනාදිර ...සමාවෙන්න ආයි මිසිස් සේනාදිරට දරැවෙක් හදන්න බැරි වෙයි ...බිම වැටේනකොට මේයාලෙ ගර්භාෂයට ගොඩක් හාණි වෙලා ...ඒ බලපෑම හින්දා ආයි දරැවෙක් හදන්න බැරි වෙයි..."
අසිතගෙ වගේම විහාරාගෙ මුළු ලෝකයම ගිණි තියමින් ඒ වචන ටික වෛද්‍යය වරැන් විසින් පවසද්දි දෙන්නගෙම අැස් වලින් කදුළු කැට පිටින් වැටෙන්නේ ඔව්න් දැකපු කිරි සිහිනයේ අවසානය ඒ විදිහට සතුටු කරමින් ...
වසරකට පස්සෙ...
පොලිසිය විසින් තරැණයින්ට විරැද්දව නඩු කිව්වා .. අද නඩුවේ අවසාන තීරණය දෙන දවස ...විහාරාට කතා කරගන්න බැරිව ඉන්නකොට අසිත සක්ෂි කුඩුවට යන්නෙ ප්‍රකාශයක් කරන්න ...
"ස්වාමිණි...මමත් මගේ බිරිදත් දරැවෙක් නැති අව්රැදු අටක් දුක් වින්දා ...අපි නොගිය තැනක් නැ ...ඒ කරලා දෙවියෝ අපිට දුන්නෙ මේ දරැවාව ...මට දැන ගන්න ලැබුනා මේ තුන් දෙනා කියලා තියෙනවා මා එක්ක තිබුන තරහට මේ දේ කලා කියලා ...මම එදා මේ තුන්දෙනා අරක්කු බිලා පන්තියට ආව දවසේ දඩුවම් කලා ස්වාමිණි ...ඒ මම ගුරැවරයෙක් ...මට මගෙ ලග ඉගෙන ගන්න දරැවන් හදාන්න ඕන හින්දා ...ඒ උනත් ..මේ අය ඒකට පලිගත්තෙ මගෙ දරැවාගෙන් ...අපි කොච්චර අශාවෙන්ද හිටියේ ...දරැවා එනකල් ...ඒ උනත් අපිට ආයි කවදාවත් අම්මාකෙනෙක් ,තාත්තා කෙනෙක් වෙන්න බැහැ...අපි දෙන්නගෙ දුක දන්නෙ අපි දෙන්නා විතරයි ...මගෙ බිරිද මට දරැවෙක් වගෙ ...මට බැරි උනා ඇයගෙ අශාව ඉෂ්ඨ කරන්න ...අපේ කිරි සිහිනේ ඒ විදිහට අවසන් උනා ...මම මේ ගරැ උසාවියෙන් ඉල්ලා සිටින්නේ මේ වගෙ අපරාධයක් මේ ලොකේ තවත් කෙනෙකුට වෙන්න ඉඩ දෙන්න එපා..."
අසිත තමන්ගෙ ප්‍රකාශය නිමා කරනකොට උසාවියේ හිටපු හැම කෙනෙක්ගෙස ඇස් වල කදුළු ..අවසානේ උසාවිය විසින් තරැණයින් තුන් දෙනාට අව්රැදු විසිපහක බරපතල වැඩ ඇතිව සිර දඩුවම් නියම වද්දි අසිත තමන්ගෙ බිරිදවත් තුරැළු කරගෙනම උසාවි භුමියෙන් පිට වෙලා යන්නෙ ආයි කවමදාකවත් ඉෂ්ඨ වෙන්නෙ නැති ,ඉෂ්ඨ කරගන්න බැරි ඒ කිරි සිහිනය තමන්ගෙ හිත් වලම මරා දමමින්...
පසු වදන ...
ජිවිතේ කියන්නෙ අපිට ලැබුන අහඹු වාසනාවක් ...අද වෙනකොට මේ කතාවේ එන අසිත සහා විහාරා දරැවෙකුගෙ දෙමාපියන් ...නමුත් ඒ ඔව්න්ගෙම නම් නෙමෙයි ..ඔව්න් දරැවෙක් හදාලන්න ගත්තා ...නමුත් ඔව්න්ගෙ හිත් වල ඔව්න්ට අහිම් වෙලා ගියපු ඒ කිරි සිහිනය ගැන දුකක් ඇති ...
කවදාවත් වෛරයෙන් වෛරය සන්සිඳවගන්න එපා ...එහෙම උනොත මේ ලොකේ මිනිස්සු නැති වෙයි ...තිරිසන්නු ඉතුරැ වෙයි ...මත් පැන් වලින් ඇත් වෙන්න ...හොද දේ ජිවිතයට ලන් කර ගන්න ..නරක අත්හරින්න ...ඔබට සුභ අනාගතයක් ....
