#ඊර්ෂ්‍යාව | Irshiyawa
#ඊර්ෂ්‍යාව
මාම්.. මාම්.. මා...ම්.. කොහෙද ඔයා??
හේයී කෙලේයාර්..
ඩෑඩ් මාම් කොහෙද??
මාම් සුපර්මාර්කට් ගියා ක්ලේයාර්.මොකද මේ කෑගහන්නේ..
ඩෑඩ් කෝ ක්ලාක්.. ඔයාලා එයා ගැන හොයනවා මදි.. එයා උදේ ඉදන් මටත් නොකියා ගියා ගියාමයි තවමත් නැ..
ක්ලේයාර් ඔයා ඔයාගෙ නංගි ගැන ඕනවට වඩා වද වෙනවා කියලායි මට හිතෙන්නෙ. ඔයාලා දැන් ලොකු ලමයි. හරි අපි ක්ලාක් ආපුවහම අහලා බලමු ඒ ගැන. දැන් cool Down ක්ලේයාර්..
මේ ගේ දෙනවත් කරගෙන කෑගහන්නෙ ක්ලේයාර්.. සුදු කොන්ඩේ දිගටි නිල්පාට ඇස් .. ඉසබෙල් සහ ජොනතන්ගෙ වැඩිමහල් දියණිය.. ක්ලෙයාර් හොයන්නෙ එයාගෙ අවුරුද්දක් බාල නංගි ක්ලාක්.. දුඹුරු කොන්ඩයක් සහ නිල් පාටම ඇස් ඇති ක්ලාක් ක්ලේයාර්ට වඩා ටිකක් රූමත්.. .දෙදෙනාටම තියන්නෙ අමුතු ලස්සනක්.ඒක ඔවුන්ගෙ දෙමාපියන්ගෙන් ලැබූවක්..
හූ ඌ... වාව් ප්‍රෑන්ක් මම පියාඹනවා.. හහ් හහ් හා.. තව හයියෙන් යමු ප්‍රෑන්ක්.. රූෆ් එක නැති ජිප් එකේ ඉස්සරහා සීට් එක උඩ හිටගෙන හුළඟට කොන්ඩේ විහිදුවමින් අත් උස්සන් කෑ ගගහා දවසෙ සතුට සමරමින් මේ එන්නෙ ක්ලාක්..
සීට් එකේ ඉදගන්න ගමන් ක්ලාක් ප්‍රෑන්ක්ට කිස් එකකුත් දීගෙනම කතාවට වැටුනා..
ප්‍රෑන්ක් සමර් නිවාඩුව නිසා ඇත්තටම මම සතුටෙන්.. ක්ලේයාර්නම් ටිකක් තරහයි මම එහෙ මෙහෙ යනවට.. එයා වැඩිය එන්න කැමතිත් නෑනේ.. අනික් දවසෙ අපි ක්ලේයාර්වත් කොහොම හරි අරගෙන සයිලන්ට් හීල් බලන්න යමුද...
Ok බේබ්... අපි යමු.. මගෙත් යාළුවෝ වගයක් ඉන්නවා.අපි කෑම්පින්ග් කරමු..
වාව් මරුනෙ ප්‍රෑන්ක්. මට හරිම ආසයි. නෙක්ස්ට් වීක් ෂුවර්ද
Ok ෂුවර් ක්ලාක්..
ඔන්න ගෙදරට ආවා. මම යනවා හෙට හම්බෙමු ක්ලාක්.
Ok ප්‍රෑන්ක්.. බායි. ලව් යු..
ක්ලාක් දැන් තමයි ගෙදරට ආවේ හවස 7ට වගේ ඇති.ගෙදර ඉස්සරහා ගාර්ඩන් එක සිමෙන්ති කැට අල්ලපු පොඩි අඩි පාර.. විදුලි පහන් කනු සවි කරපු පේමන්ට් එක . හෙවනට ලොකු විලෝ ගස්.. හරිම පිරිසිදු පිලිවෙල පාරින් සමන්විත මෙම සිටි එක පිහිටා තිබුනෙ කැලිෆෝනියාවේ. ක්ලාක්ව ගෙදරට ගෙනත් ඇරලවලා ගියෙ ඇගේ පෙම්වතා ප්‍රෑන්ක්.. තවමත් අවුරුදු 18ක් වන ක්ලාක් ඉගෙන ගත්තේද කැලිෆෝනියාවලම උසස් පාසලක. ක්ලේයාර් යනු ක්ලාක්ගෙ අක්කා.. එයත් ගියේ ක්ලාක්ගෙ පාසලටමයි. මේ දවස් වල සමර් නිවාඩු ලැබිලයි තිබ්බේ..
හායි මාම්..
හායි ක්ලාක්.. වොෂ් එකක් දාන් එන්න ඩිනර් වලට.
Ok මාම්..
හායි ඩෑඩ්..
උඩ කාමරයට යන්න ගිය ක්ලාක් සැටියේ වාඩී වී ටිවී බලන ජොනතන්ට කතා කිරීමටද අමතක කලේ නැ.
හායි ක්ලාක්.. අන්න ක්ලේයාර් තරහින්.. ඇයි එයාට නොකියා ගියේ ක්ලාක්..
යන්න ගිය ගමන නවතා විසිත්ත කාමරයට පැමිණි ක්ලාක් ජොනතන්ගෙ පිටුපසින් බෙල්ල බදාගනිමින්
ඩෑ...ඩ් ක්ලේයාර් කැමති නැනේ කොහෙවත් යන්න.. ස්ටඩි එක්කමයි. මම කොච්චර අඬ ගැහුවත් එයා එන්නෙ නෑනේ ඩෑඩ්..
හරි හරි ක්ලාක් දැන් යන්න ක්ලේයාර්ට කතා කරන්න..
Ok ඩෑඩ්.. ලව් යු..
ලව් යු හනී..
ක්ලාක් හිමින් සීරුව උඩට ගියේ ක්ලෙයාර් ඇඟට කඩන් පනින බව දන්න නිසාමයි.. ක්ලාක් උඩට යන විටත් ක්ලොයාර් හිටියෙ ප්‍රොජකේට් එකකට අවශ්‍යය යමක් අන්තර්ජාලයේ පිරික්සමින්... ඇඟට පතට නොදැනි ක්ලාක් ගිහින් තමන්ගෙ ඇඳ මතට වැටුනේ කපා හෙලු ගසක් මෙනි.. එය දැක්ක ක්ලේයාර්ට තවත් තරහා ඇවිස්සිනි.
ඊයා.. දවසම එලියේ ඉදන් ඇවිත් බෙඩ් එකත් ජරා කරනවා.. ක්ලාක් නැග්ටලා යනවා වොෂ් රූම් තමුසෙ ගාව ගඳ.. තරහටත් එක්ක ක්ලේයාර් කෑ ගැසුවේ එහෙම.නමුත් ක්ලේයාර් ක්ලාක්ට තදින්ම ආදරය කරනු ලැබුවා..
හරි හරි ක්ලේයාර් ඔයා මට ඊරීසියයි.. මම ප්‍රෑන්ක් එක්ක එහෙ මෙහෙ යනවට තමුසෙ ඊරිසියයි.. ඒකනේ අපිත් එක්ක එන්නත් කැමති නැත්තෙ.. ක්ලාක් කෑ ගැසුවේ දුකට වඩා ක්ලේයාර්ට දැඩි අකමැත්තක් පාමින්..
ක්ලේයාර්ට දුක නොහිතුනාම නෙවේ..
වැඩේමයි මම ඊරිසියා කරන්න.. දවසක තේරේයි ක්ලාක් ඔයාට.. මට ඔයත් එක්ක වාද කරන්න ඕන නැ. ඔයිට වඩා ස්ටඩී ගැනත් හිතන්න.. ක්ලේයාර් අවවාද කෙරුවා.
පිස්සු මම දෙකම බැලන්ස් කරගෙන ඉන්නෙ.. ඔයාට කිසිම ෆන් එකක් ගන්න දන්නැ.. මාර්ක් කොච්චර කාලේක ඉදන්ද පස්සෙන් එන්නෙ නිකමට බැලුවද.. ක්ලාක් කියාගෙන යයි..
මට මාර්ක් කියන්නෙ යාළුවෙක් විතරයි. ක්ලාක්.. එයා ජෙසී ආන්ට්ගෙ මුනුපුරා.. ඒ ඇරෙන්න මට එයා ගැන එහෙම අදහසක් නැ..
හරි හරි ඔයා හරිම බෝරින්ග් ක්ලේයාර්.. ෆන් එකේ ඉන්න අනේ.. මේ මං වගේ.. හරි මට බඩගිනි මම යනවා..
එහෙම කියලා ක්ලාක් එතනින් ගියාට පස්සෙ ක්ලේයාර්ට හිතුනා ක්ලාක් කියන්නෙත් ඇත්ත කියලා.
ක්ලේයාර් ක්ලේයාර්.. පහලට එන්න ඩිනර් ගන්න.. ඉසබෙල් කතා කරා.
Ok මාම්. එන්නම්..
ක්ලේයාර් කල්පනා දැහැනින් මිදී ඉක්මනින් පහලට ගියේ පවුලේ සමාජිකයින් තමන් එනකන් ආහාර නොගන්නා බව දන්න නිසාමයි..
මාම් මට බටර් එක දෙන්න ටිකක්.ක්ලාක් එසේ පවසමින් ජොනතන් දිහාවට ඇස යොමු කරේ හිතේ තියන අදහස පැවසීමටයි..
ඩෑඩ්..
ම්.. කියන්න ක්ලාක්..
ඩෑඩ් අපි නෙක්ස්ට් වීක් එකේ සයිලන්ට් හීල් යන්න කියලයි බැලුවේ...
කවුද යන්නෙ ක්ලාක්..
ප්‍රෑන්ක් , මම , ප්‍රෑන්ක්ගෙ යාළුවෝ ඩෑඩ්.. තව කෙනෙක් ඉන්නවා නමුත් යන්න එයිද දන්නෙ නැ ඩෑඩ්..
එ් කවුද??
ක්ලේයාර්...
ක්ලාක් එසේ කියන විටම බිම බලාන් කෑම ගනිමින් උන් ක්ලෙයාර් ඇස් ලොකු කර ක්ලාක් දිහා බැලුවේ පුදුමෙන් වගේ..
මොකද ක්ලේයාර් කියන්නේ.. ක්ලාක් එක්ක ඔයත් යනවද? ජොනතන් ප්‍රශ්නාර්ථ මුසු බැල්මක් ක්ලේයාර්ට එල්ල කරමින් අසා සිටියේය.
ඔව් ඩෑඩ් .මම කැමති යන්න.. ක්ලේයාර් එසේ කියනවිටම..
ක්ලාක්ට කැස්සක් ඇති වුයේ කාපු සලාද එක ඉස්මොල්ලෙ යාම නිසාය..
වට්.... ආ යු සීරීයස් ක්ලේයාර්.. ?? මට පුදුමයි.. හරි ඒනම් මාර්ක්ටත් එන්න කියමු නේද ඩෑඩ්..
ක්ලාක් එසේ පවසන විටනම් ක්ලේයාර්ට තරහක් ආවත් එය නොපෙන්වා සිටීමට උත්සහ ගත්තේ අමාරුවෙන්ය.
හරි හරි ඒක ක්ලේයාර් කැමතිනම් ව්තරක් වෙච්චදෙන් ඉසබෙල් කිව්වේ ක්ලේයාර්ගෙ හැගීම් තේරුම් ගත්තා මෙනි.
කෑම ගෙන අවසන් වු සියළු දෙනා විදුලි පහන් නිවා දමා නින්දට ගියේය..
කාමරයට ගිය ක්ලාක් ප්‍රෑන්ක්ට දුරකථන ඇමතුමක් ගත්තෙ සයිලන්ට් හීල් යන වැඩේ කන්පර්ම් බව කියන්නටය..
හෙලෝ ප්‍රෑන්ක්..
හෙලෝ ක්ලාක්.. කියන්න.
අපි නෙක්ස්ට් වීක් සයිලන්ට් හීල් යමු.. ඩෑඩ් කැමතියි. පර්මිෂන් රෙඩි.. ආ මේ ක්ලෙයාර්ත් එනවා..
ඕහ් බෙයිබි.. ඕකේ ඒනම් මම යාළුවන්ටත් කියන්නම්..
කෝල් එක කට් කර ක්ලාක් නින්දට ගිය අතර ප්‍රෑන්ක් තම යහළුවන්ද මෙය පවසා දින නියම කර ගත්තේය.
මේසේ සතියකට පසුව සයිලන්ට් හීල් යන දවස උදා විය.. ක්ලේයාර් අකමැති නිසා මාර්ක් මේ ගමනට සහභාගී නොවීය.
බීප් ... බීප්...
මාම්... ඩෑඩ් ප්‍රෑන්ක් ආවා.. ක්ලේයාර් ලෙට්ස් ගෝ.හරියප් ... ක්ලාක්ට ඉවසිල්ලක් නැති තරම්ය..
මාම් ඩෑඩ් අපි යනවා.. බායි..
බායි ක්ලෙයාර්.. බී සේෆ්. කෙයාර්ෆුල්.. ජොනතන් වගේම ඉසබෙල් තම දරුවන් දෙදෙනාට එසේ සමු දුන්නෙ ඉතා සතුටිනි.
ප්‍රෑන්ක් සෆාරි ජිප් එකක් සුදානම් කරගෙන තිබු අතර ප්‍රෑන්ක්ගේ යහළුවන් සිව් දෙනෙකුද ගමනට සහභාගී වී සිට්යේය. සියළුම දෙනා 7ත් දෙනෙකු වු අතර ගැහැනු ලමුන් වශයෙන් සිට්යේ තිදෙනෙකු පමණයි.. ප්‍රෑන්ක් වාහනය පැදවු අතර එක් පිරිම් යහළුවෙකු ඉදරිපස සිටි අතර අනිත් සියළු දෙනා පිටු පස සිටියහ. පැය තුනක විතර ගමනකින් පසුව. සයිලන්ට් හිල් වෙත පිරිස ලඟා වූහ.
හරි කට්ට්ය බහින්න. අපි අපේ කෑම්ප් බඩු ටික අරගෙන ඉතුරු ට්ක පයින් යමුයි ප්‍රෑන්ක් කට්ටිය දැනුවත් කලේය.
අයිස් බොක්ස් එක ටෙන්ට් සේරම හරිද.. තවත් මිතුරෙකු එසේ,අසද්දි.. ක්ලාක් ඒ සියල්ල හරි බව කියා සිට්යාය..
හැමෝම ගමන් ඇරඹු අතර විනාඩි 45 පමණ ගමනකින් පසු කෑම්ප් ගැසීමට සුදුසු ස්ථානයක කට්ටිය නැවතිනි. එය පැත්තක හෙලක් තිබු අතර ඉතුරු පැත්ත තැනිතලා බිමකි... තවම කළුවර වැටී නැති නිසා නිදහසේ හැමෝම තම තමන්ගෙ කූඩාරම් ඉදි කර ගනු ලැබීය. ක්ලාක් සහ ප්‍රෑන්ක් එක කුඩාරමක් ද ක්ලෙයාර් තනි කුඩාරමක් සහ අනිත් යහළුවන් සිව්දෙනාගෙන් පිරිමි ලමුන් දෙදෙනෙක් එක් කුඩරමකත්.. අනික් කුඩාරමේ ඉතුරු ගැහැණු ලමයා සහ පිරිමි ලමයාද ලෙසින් කූඩාරම් 4 සකස් කර ගනු ලැබුනි.
සවස 6 පමණ වන විට ගිනිමැලයක් ගැසු අතර කට්ටිය ඒ වටේට ඉදගෙන ගෙනා.. කෑම සහ මත්පැන් වල රස බැලීමට පටන් ගත්තේය..
ක්ලෙයාර්ට මෙය ටිකක් නුහුරු අත්දැකීමක් වුයේ ඇය පොත් ගුල්ලියක වී සිට් නිසාය.. නමුත් මෙයත් අමුතුම හැගිමක් යයි සිතා සතුටුවිය..
රෑ බෝ වන විට කට්ටිය හොඳ පදමට වැටී තිබුනි.. ක්ලේයාර් පමණක් එතරම් මත්වී නොසිටි අතර සිහියෙන් සිට්යේද ඇය පමණකි. කැම බීම අවසන් කල පිරිස කුඩාරම් වලට ගියේ නිදාගැනීමටය.. නිදාගෙන ටික වෙලාවකදි ඇසුණු ශබ්දයක් නිසා ක්ලේයාර්ට ඇහැරුණි.
කවුද මේවෙලේ ඇවිදින්නෙ... බලන්න ඕනී..
ඇය කුඩාරමෙන් එලියට ඔලුව දමා බැලුවේ ඇවිදින්නෙ කවුද කියා හරියටම දැන ගැනීමටය..
ක්ලාක්.. කළුවරේ කොහෙද මේ යන්නෙ.. එසේ සිතමින් කලේයාර් කුඩාරමෙන් එලියට පැමිණ ක්ලාක් පසු පසුගියේය.
ක්ලෙයාර්ගෙ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තෙ ක්ලාක් යන්නෙ හෙල දිහාවට බව පෙනුන නිසාය.ඇයට හරි හමන් සිහියක් පතක් නැත. බීමත්කම නිසා ඇය තවමත් වෙරිමරගාතේය.
ක්ලාක් ..ක්ලාක් නවතින්න ක්ලෙයාර් කොපමණ කෑගැසුවත් ක්ලාක්ට ගානක් නැත..ඇය දිගටම ඇවිදී. ඇය හෙල ලඟටම කිට්ටු කර අැත. ඊයක වේගයෙන් දිව ගිය ක්ලෙයාර් හෙල තුලට තිබ්බ අඩිය තියන්නට ප්‍රථමයෙන් පසකට ඇද තල්ලු කර දමා ක්ලාක් බේරා ගත් අතර වේගය පාලනය කර ගැනීමට නොහැකිව ක්ලෙයාර් හෙල තුලට වැටීය.
ක්ලාක් බිම ඇදගෙන වැටුනු අතර සිදු වු දෙය නිසා ඇයට වෙරි හීදි තිබුනි.. තමන්ගෙ එකම සොයුරිය පහලට වැටුනු බව පසක් වුයේ තවත් විනාඩි දෙක තුනකට පසුවය. ක්ලාක්ගෙ කෑ ගැසීමට සියළු දෙනා අවදි වු අතර සියල්ලන්ම එතනට එනවිට සියල්ල සිදු වී හමාරය...
මුළු රාත්‍රීයම නිදිවර්ජිතව ගත කර අතර පොලිසි හදිසි ඇමතුම් ඒකකය අමතා වු කරදරය දැනුවත් කල පසු ක්ලෙයාර් සෙවීමට පොලිස් බට කන්ඩායමක් හෙලෙ තුලට බැස සිටියේය. උදේ වන විට ක්ලෙයාර්ගෙ නිසල සිරුරද රැගෙන පහලට බැසි පොලිස් නිලධාරීන් නැවත පැමිණ තිබුනි.......
නිම්...
තම එක කුස උපන් සහෝදර සහෝදරියන් කිසිම මොහොතක ඊර්ෂ්‍යාවකින් ජීවත් නොවන බවත් තමන්ගෙ දිව් දෙවෙනි කොට තම ලේ රැක ගන්නා බවත් මෙයින් පැවසීමට උත්සහ කරමි.
ස්තුතියි 🙏.
