#හඹාගිය_ඉලක්කය | Habagiya Ilakkaya


#හඹාගිය_ඉලක්කය 

(🔥🔥සත්‍ය කතාවක් පාදක කරගෙන මනංකල්පිතයක්ද සහිතව රචනා කරන ලදි..🔥  📌️කිසියම්  පුද්ගලයෙකුට අපහාසයක් සිදු කිරීමට නොව...... ජීවිතේට යමක් ලබාදීමට පමණි.💐😘💯)
පුතේ ඇති දැන් ඔයා මදිද ඇඩුවා.... මොකෝ ඇඩුවා කියලා ආයේ එනවද අම්මයි.....තාත්තයි...... නෑනේ දැන්  මොකද කරන්න ඉන්නෙ චූටි පුතේ....
අනේ නැන්දම්මේ මට බෑ කොහෙවත්  යන්න අම්මයි  තාත්තයි නැගිටලා එනකම්මම ඉන්නවා......
 චූටි පුතේ තේරුම් ගන්නකෝ එයාලා ආයේ එන්නේ නෑ .... අපිත් එක්ක ඉමු හැමදාම එනවා නේද යන්න....අවුරුදු 9 ක පොඩි එකෙක් දාලා අපිට යන්න බෑ මයෙ පුතේ....
එතකොට නැන්දේ එයාලා එන්නෙ නැද්ද ආයෙ කවදාවත්......
නෑ පුතේ..... 
ඇයි  ඒ දෙන්නා බෙහෙත් ගන්න යද්දි මාව එක්කන් ගියේ නැත්තේ .... එයාලා එක්ක ගියානම් මමත් අම්මයි තාත්තයි වගේ කට්ටිය මාවත් කරේ තියන් යනවද.... 
මොනවද  චූටි මල්ලි මේ කියන  කතා .... ඔහොම කියන්න හොදනෑ..යමු අපේ ගෙදර ලොකු අයියයි මද්දු අයියයි.. පොඩ්ඩා අයියයි  එක්ක ස්කෝලේ යන්න එන්න පුලුවන් ...... යමු නේද ......
අක්කිලාගෙ ගෙදර එන්නම් මම එහෙනම්..
හොද මල්ලියා ....කෝ එහෙනමක්කිට දැන් පෙන්නන්නකෝ ඔයාගෙ පොත්.... ඇදුම් තියෙන තැන්......
එන්න යමු අක්කි කියා ධනුක සත්සර වික්‍රමසිංහ වූ චූටි කොලු ගැටයා පිල උඩින්නැගිට නිවසට ගියා.......
අම්මේ අපි මොකද කරන්නෙ මාමගෙයි  නැන්දගෙයි ඇක්සිඩන්ට් එකට .....ඒ ලොරි කාරයා පිටිපස්සෙන් ගිහින් හප්පලා තියෙන්නෙ.....වන්දියක් ගන්න පුලුවන් අම්මේ මම අහලා තියෙන විදිහට ඒ මනුසයාගෙන්
අනේ පුතේ ඕවා කරන්න කෝ සල්ලි මට බෑ ඔය මිනිස්සුත් එක්ක ඔට්ටු වෙන්න....
හ්ම් ඒකෙත් ඇත්තක් තියෙනවා අම්මා ඒත් ......
ඒත් මේත් ඕනේ නෑ ආයේ ඒ ගැන කතා එපා හරිද.......
පුතේ යමු  නේද  එහෙනම් ඔක්කොම ගත්තනේ ඕනේ කියනනේද  දුවේ මල්ලිගේ
ඔව් අම්මේ ගත්තා..... ධනුක මල්ලි එන්න අපි ඕවා ටික වහනෙට දාගන්නම්.....කියා වෑන් එකට බඩු ටික පටවගත්තා.....
**--------------*******---------------******------------
නැන්දලාගෙ ගෙදර ඇවිල්ලත්  සති දින මාස ගෙවී ගියා.....නැන්දා ස්කෝල ගුරුවරියක් වුණත්  මාමත්  නැතුව දරුවන් පස්දෙනෙකුට කන්න අදින්න දුන්නෙ බොහොම අමාරුවෙන්..... ඒත්  ධනුක හැමදාම ස්කෝලේ ගියා ශිෂ්‍යත්ව විභාගය ලියන්න සූදානම් වුණා ......
ධනුක මල්ලි එන්න් නාන්න යන්න රෑවෙන්න කලින් ලිද ලගට......
අනේ අක්කෙ තව ටිකකින් යමු ...
එහෙනම් ඔන්න තනියම වතුර ඇදගන්න වෙයි  ඈ......
ආ ඉන්න එන්නම් එන්නම් අනේ කියා ධනුක දුවගෙන ආවා.....
කුඩා ධනුකගේ ඇදුම් සෝදා වතුර ඇද බේසමකට දාලා දුන්නා අක්කා.....
වැලි  එක්ක සෙල්ලම් කරකර හිටපු ධනුක එක පාරටම වැලි අහුරක් අරගෙන අක්කා දිහාවට විසික් කරා .... බිමට නැමිලා රෙදි ටික සෝදමින් හිටපු සදමාලිගේ ඇහේම වැලි ටික වැදුණා......
අනේ අම්මේ දනවා ඉන්න බෑ අම්මේ.....ඇස් නෑ වගේ.......
මොකද සදමාලි කෑගහන්නෙ .....
අනේ අම්මේ ධනුක මල්ලි මගේ ඇහැට වැලි විසික් කරා......
ධනුක උඹ සෙල්ලම් කරනවාද ඈ වැලි ඇස්වලට දමලා ගහලා.......
අනේ.... අනේ... නැන්දේ ..... මම හිතලා කරේ නෑ ..... මම .....
හා...හා උඹගේ හැටි මම නොදන්නවාද.....කටවහන් හිටු.....ආයේ සදමාලියෝ උඹ ඕකගේ ඇදුමක්වත් හෝදලා දෙන්න එපා..... ඕනෙ විදිහට හෝදගයි ......ළිදෙන් වතුර ඇදලා දීලා තිබ්බොත්  අරකට උඹ ආයේ මට අම්මා කියලා  කතාකරන්න එපා.......
එදා ඉදන් ධනුක ලිදට උස නැති නිසා ගල් දෙක තුනක් ගෙනවිත් එක උඩ එක තබා ඒ මත් නැග ළිදෙන් වතුර ඇද තමන්ගේ ඇදුම් හෝදගත්තා...... 
ශිෂ්‍යත්ව විභාගයෙන්ද විශිෂ්ඨ ලෙස සමත් වෙන්න ධනුකට පුලුවන් වුණා .....
ශිෂ්‍යධාර ධනුකට හම්බෙනන් නිසානැන්ද සතුටු  වුණා පොතක්  ගන්නවත්  සල්ලි දෙන්න  ඕනෙ නෑ ටිකක්  හරි වියදම්  අඩුවෙයි කියලා.......
උඹලට තමයි  ඉගෙන ගන්න බැරි බලපන් අර අම්මා අප්පා නැති එකා යස අගේට ඉගෙන ගන්නවා..... උඹලට සැප වැඩී ඒකයි වෙලා තියෙන්නෙ......
අනෙ අම්මේ මේ කටවහන් ඉන්නකෝ අප්පා...
මම කට වහන් හිටියා කියලා හරිනෙ දැන්....
ධනුක තනියම සෙල්ලම් කරලා හවසට පාඩම් කරලා  ගෙදර වැඩටත්  නැන්දට උදව් කරා සාමාන්‍ය පෙළ ලියන්නත් ලං වුණා .....ස්කෝලේ හවස අමතර  පංති වලට ඉදලා කොහොම හරි විභාගය ලියන්න සූදානම් වුණා ....මේ හැම දේකටම ධනුකට උදව් කරේ හොදම යාලුවා සමීර.....
ධනුක මචන් අනිද්දට විභාගය පටන් ගන්නවනේ උඹට ගෙදර ඉදන් පාඩම් කරන්න අමාරුයි නේද.... අයියලාගෙ සද්දෙත්  එක්ක එහෙම....
අපේ අම්මා කිව්වා උඹට අපේ ගෙදර එන්න කියලා විභාගෙ ඉවර වෙනකම්... 
අනේ බන් ඕනේ නෑමම පුලුවන් විදිහට පාස් වෙන්නම්  කරදරයක් උඹලට  මම  අවොත්.....
පිස්සු බන් පොත් ටික ලෑස්ති කර ගන්න මම එන්නම් හෙට උදේම නැන්දට කියපන් ... හරිද...
හරි බන්.....උඹලට පින්බන් මම ගැන හිතනවට මෙහෙම....
පින් ඕනේ නෑ විභාගය ගොඩදාගනින්කො බන්  ඒ ඇති.......
✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️
නැන්දේ මම රාළහාමි මාමලාගෙ  ගෙදර යන්නම් ඈ සමීර එක්ක පාඩම් කරන්න අනිද්දා ඉදන් විභාගය පටන් ගන්නවානේ....
හරි හරි යමන් වූත් එක්ක නට නට ඉන්නෙ නැතුව පාඩම් කරපන් එක පාරයි විභාගය ගන්නෙ පේල්  වුණොත් අයියත්  එක්ක යමන් වී මෝලට......
හරි නැන්න්දේ මම පාස් වෙන්නම් කොහොමද හරි......
හොදට ලියපන් විභාගය ...පාස් කියන්නවත් ...... නැත්නම් උඹට කන්න අදින දුන්න එකටත්  පාඩුයි... මම ගුරුවරියක් වෙලා උඹ පාස් වුණේ ...නැත්නම් මට ලැජ්ජාවේ බෑ......
අනේ ඇත්තට දියවෙලා යන්න ලග ඒවා මම අදින්නෙ ....සමීර ඇදුමක් දුන්න හින්දා.. හැම අවුරුදුද්දෙම ස්කෝලේන් දෙන රෙදි ටිකේ පිහිට  මට...අයියලාගෙ පරණ ඒවා අදින්නෙ මම... නැන්ද ගුරුවරියක් වුණා කියලා කවදාවත් මට අකුරක් කියලා දීලා තියනවාද...  අනේ ඇත්තට... මේ නැන්දත්.. කියා තමාටම කියාගත්  ධනුක 
හරි නැන්දේ බය නැතුව ඉන්නකෝ කියා සමීරලාගෙ ගෙදර යන්න පොත්  ලෑස්ති කරගත්තා....
ධනුක ධනුක  
ආ සමීර උදෙන්න්ම ඇවිල්ලා නේද 
ඔව්...... ගිහින් පාඩම් කරන්න පුලුවන් නේ....යමු එහෙනම් ඕනේ ඒවා ඔක්කොම ගත්තනේ නේද.........
නැන්දටද කියා ධනුක සමීරලාගෙ ගෙදර ගියා.........
ආනේ ධනුක පුතා ගොඩක් දවසකින් දැක්කේ .......ඔන්න දෙන්නත්  එක්ක පාඩම් කරන්න මම සාලෙට මේසයකුත්  දැම්මා....
ආනේ ඇයි නැන්දේ  මම වෙනුවෙන් මහන්සි වුණේ.......
මට වෙන මොකුත් ඕනේනෑ ඔයා හොදට විභාගය පාස් වෙන්නකෝ..... ඒ ඇති.......
විභාගය අවසන් වුණේ ධනුක සමීර පාඩම් කරපු නිසා ඉහළින්ම සමත් වෙයි කියලා බලාපොරොත්තු ඇති කරලා.......
***-*----------******-----------******--------------*----
මාස කිහිපයක් ගෙවීගොස් රිසාල්ට් එන දිනත් ලගා වුණා ...... ධනුක හොයාගෙන සමීර ආවා .......
මචං ධනුක මොනවද බං උසස් පෙළට කරන්න  ඉන්නෙ..... 
අනේ මම දන්නෙ නෑ බන් රිසාල්ට් ආවහම බලමු........
ඒ මොකද සුවර්නෙ  බන් පාස් වෙනවා කියලා දැන්ම ඉදන් හිතපන් කරන සබ්ජෙට් එක......
අනේ  බන්  ක්ලාස් යන්නෙ නැතුව කරන්න පුලුවන් එකක් කරන්න ඕනේ 
ඒත් බන්  එහෙම කරන්නෙ කොහොමද දැන්  ඉස්කොලේ විතරක් උගන්නන එකෙන් විභාගය ලියන්න බෑ......... 
මම ආර්ට් කරනවා බන් මියුසික්..... සිංහල... ඉකෝන්.... 
උඹේ කැමැත්තක් ඒත් බන් මම කොමස් කරන්න  හිතාගෙන  ඉන්නෙ උඹත් ඒක කරයි  කියලා හිතුවේ .... මට එහෙම වුණානම්  නෝට් ටික හරි  දෙන්න තිබ්බා.....
කමක් නෑ බන් අපි මේ සබ්ජෙට් කරලා කොහොම  හරි පස්වෙමුකෝ කැම්පස් යන්න...... මම ඉකෝන් වලට විතරක්වත්  ක්ලාස් යනවා බන් අනිත් සබ්ජෙට් ඉස්කෝලන් කොහොම හරි අල්ලගන්නවා.
නැන්දා එක සබ්ජෙට් එක්කටවත්  යන්න දුන්නොත් හොදයි.......
උඹ  බයවෙන්නෙ නැතුව හිටපන් නැන්ද ඔහොම හිටියට උඹට ආදරෙයි බන්.......
ඒක මාත්  දන්නවා ඒත්  මද්දු අයියා මම මේ ගෙදර ඉන්නවාට කැමති නෑ .... මම  ඉගෙන ගන්නවාට නැන්දා මට උගන්නන්න මහන්සිවෙනවට එයා කැමති නෑ.......
මේක එයාගෙ ගෙදරක් නෙවෙයිනෙ බන්....ඒක  හරි වැඩක්නේ කැම්පස් යනවා උඹ කවදාහරි  මට සුවර් ඒ වෙනක්ම් ඉවසන් හිටපන්....... නැත්නම් යමු අපේ ගෙදර .......
බෑ බන් මම ඉන්නම්  මෙහෙම ..... ඉවසලා  ඉවසලා තවත් ඉවසන් ඉන බැරි දවසක් මම මෙහෙන් යනවා........ 
ඉක්මන් වෙන්න එපා  බන්  ඕනේ දේකට......
එහෙනම්  මම  ගිහින් එන්නන්  රිසාල්ට් බලන්න  අනිද්දට ඉස්කෝලෙට යමු ඈ....
✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️
ධනුක ඒ8  යි  බී 1 සමගින්ද...... සමීර ඒ7 බී2 සමගින්ද සාමාන්‍ය පෙළ විභාගය ඉතා  විශිෂ්ඨ ලෙස  සමත්  වී තිබුණි ........ උසස්පෙළද  එම  පාසලේම කිරීමට දෙන්නම එකගවිය...... සමීරට නිවසින් නගරේ පාසලකට යන්න කියද්දිත්  එම පාසලට ගියොත් ගමන් මහන්සිය නිසා පාඩම් කිරීමට අපහසුයි කියා ගමේ පාසලටම ගියා.......
සති අන්තයේ ධනුක ඉකෝන්  ක්ලාස් එක්කට සහබාගී වුණා ...... අයියලාගෙ  ලොකු කලිසමකට තමන්ගෙ ලග තිබ්බ බෙල්ට් එකක්  දාන් ...... සමීර දුන්න සර්ට් එකක් ඇදගෙන  යටි පතුලෙන්   හිල් වෙන්න ලග බාටා සෙරෙප්පුව දාන් ක්ලාස් යන  ධනුකට ක්ලාස් එකේ ලමයි එක් එක් ඒවා කිව්වත් ඒවා ඇහෙන්නෙ නෑ වගේ ඉගෙනීමට  පමණක් මුල්තැන දුන්නා.....
ආන්  බන් අදත් අර ගොඩේ පොර  එනවා හැටි බලපන්කෝ..... අපේ ගෙවල් ලග වෙලේ පඹයෙකුට හිටවන්න හොදයි  වූ....... අර වූත් එක්ක  එන අනිත්   එකත්  එහෙමම  තමයි........
උඹ ඕවා ගනන් ගන්න එපා බන් .... අපි දෙන්නට ඕනෙ එක්ක කියපුදෙන් අපි යමු ක්ලාස් එකට....... ඒ නදුන්..........
උන්  හිතන් ඉන්නෙ  ඒ තරම්  උන් කොහෙවත්  නෑ කියලා ..... දෙමාපියන්ගෙ සල්ලි නාස්ති කර කරරගන වුන්...... අපි කවදාහරි වුන්ට  හොද පාඩමක් උගන්නන්න ඕනේ නදුන්  එක මතක් තියා ගනින්..........
පිස්සුද බන්  ඔය  කුණුගොඩවල්  අවුස්සගන්න.......
එහෙම නෙවෙයි නදුනෝ අපි ක්‍රියාවෙනේක කරලා පෙන්නන්න ඕනේ ....... අපි එක්සෑම් ගොඩ දාලා පෙන්නමු අපිට  හොනා වෙන වුන්ගෙ   තටු ඇරෙන්නෙ එතකොට.......
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
කාලය ගෙවිලා ගියේ ධනුක සංගීත  ගායන  වාදන අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණය පවා අත්කරගෙන......... උසස් පෙළ විභාගටද කැපවීමෙන් පාඩම් කරා........ පාසලේ බාහිර දේවල්  කරා...... නැන්දලාගෙ ගෙදර අය ඇනුම් පද කිය කිය ධනුකට උදව් කරා.... ඒත් අලුත් ඇදුමක් තරග වලට යද්දි ඇදගෙන යන්න කියලා සමීර ගෙනල්ල දුන්නා.........
උසසපෙළ විභාගය සතියක් කාලයයි තව ඉතිරි වී තිබුණේ දනුක මහන්සි වී පාඩම් කරා  ඒ වගේම විභාගයත් හොදින් ලිව්වා.....
රිසාල්ට් එනකම්  ටවුන් එකේ ක්ලාස් කරන තැනක පොඩි අයට සංගීතය උගන්නන්න පංතියක් පටන්ගත්තේ සමීරගෙ උදව්වෙන් ......
හෙට  ඉදන් ධනුක සර් නේද..... මට ආඩම්බරයි බනුඹ ගැන තියෙන උත්සහවන්තකමට.......
උඹටත්  පින්  බන්  මගෙත්  එක්කම ඉන්නවාට .......
පසුවදා ක්ලාස් එක කරන්න ගියත්  එක ළමයෙක්වත් පංතියය ඇවිල්ලා හිටියේ නෑ හවස් වෙනකම් ඉදගෙන ඉදලා පංතියේ තනියම ගෙදර ආවා.......
ආ ඔන්න අම්මේ අම්මගේ ටියුෂන් මාස්ටර් ආවා මහන්සිය ඇති පංතියට ළමයි එනක්ම් ඉදගෙන ඉදලා තේ එකක්වත්  දෙන්න........ ඒ මද්දු අයියා....
ධනුක කිසිත්  නොකියා කටවහන් ගේ ඇතුලට ගියා.........
ධනුක  ධනුක .....
එන්න සමීර ......
ඊයේ කොහොමද ක්ලාස් එක  ...........  ළමයි හිටියද...... 
ඇයි උඹට ආරංචි නැද්ද... ක්ලාස් එක  ගැන...
නෑ බන්  මොකක්ද අවුල...... කියහන්කෝ...
එක ළමයෙක්වත් නෑ බන්  ආවේ 
හරි බන් කට්ටිය දන්නෙ නැතිව ඇති බන්  දන්නවානම්  ඉස්කෝලේ සංගීත තරග වලින් දිනලා ඉස්කෝලේ ඉස්සරහා බැනර් වල හිටපු උඹ සංගීත ක්ලාස් කරනවා කියලා අනිවා එනවා .... බලපන්කෝ මේ සතියේ ඉදනෙන්නෙ නැද්ද කියලා.... 
සතියකුත් ගෙවී ගිහින්  ඊලග  දිනයේ ධනුක ක්ලාස් එකට යන  විට ළමුන්  පස්දෙනෙකු  ක්ලාස් එකේ ඉදගෙන  හිටියා.....  
ධනුක මුල ඉදන් සංගීතය  උගන්නන පටන්ගත්තා....  ළමුන්  එක්ක  යාලුවෝ වගේ ක්ලාස් එක කරන්  ගියා.... දවසින්  දවස ක්ලාස් එකට ළමයි වැඩිවුණා .....
දවසක් ධනුක ක්ලාස් ඉවර කරලා ක්ලාස් එකේ වාඩි වෙලා ඉද්දි  ධනුකලාගේ ඉස්කෝලේ පහළ පංතියක  හිටපු නංගි කෙනෙක් වෙන නෙත්මි ආවා ධනුක හොයාගෙන  ධනුක එක්කම ස්කෝලේ සංගීත කණ්ඩායමෙත් හිටියා....
අයියේ මට අයියගෙන් උදව්වක් ඕනේ අනේ... අයියේ කරනවද ඒ උදව්ව .....
මොකක්ද නංගී  මගෙන්  ඕනේ උදව්ව ..... කොහොමද දැන් පාඩම්  එහෙම කරනවාද ...... එක්සෑම් ලබන අවුරුද්දෙ නේද.... 
ඔව් අයියේ..ඒත්... මේ දවස් වල අයියේ කළා උළෙල නිසා මියුසික් රූම් එකේමයි අනේ..... මට  ක්ලාස්  යන්නත්  බැරි වුණා ..... අයියේ වැඩ ගොඩක් මග ඇරුණා භූගෝලයට එහෙම අයියට පුලුවන්ද මට ඒ ටික කියලා දෙන්න.....
ඕක  මොකක්ද නංගි මම කියලා දෙන්නම්.... මගෙ ලග  තියෙන නෝට් ටිකත්  දෙන්නම් ...  පාඩම් කරන්න ඕනේ ඈ හොදට කියා  ධනුක කිව්වා.... කාලය  ගෙවිලා ගියේ  ධනුක හා නෙත්මි අතර ආදරයක් දලු  ලා වැඩෙමින්......
ධනුක උසස් පෙළ  ඉහළින්ම සමත් වී තිබුණා  කැම්පස් දැන්ම පටන්ගන්නෙ නෑනෙ කියා ධනුක ක්ලාස් කරගෙන ගියා දිගටම..... 
දවසක් ධනුක ක්ලාස් ඉවර කරලා  ගෙදර  ගියේ  ජීවිතේට විශාල පෙරළියක් ඒ දිනේ  සිද්ධ වෙයි  කියා  නොසිතා.....
ආ  ඔය  එන්නෙ මහලොකු  ටියුෂන් මාස්ටර්  ගෙදරට  එන්නෙ අත්දෙක වන වන නිකන් පිනට කකා ඉන්න බත්  බැලයා....
මොකද මේ  ලොකු අයියේ .... මම හැම මාසෙම   නැන්ද  අතට මට පුලුවන් විදිහට  ගානක්  දුන්නා .....
ඒවා  දන්නෙ නෑ මම හෙට අනිද්ද උඹ  කොළඹ  කැම්පස් එකට  යනවානේ ආන්  ලිවුමක් ඇවිල්ලා ..... ඊට පස්සෙ මේ ගෙදර  ආවෙ  නැතුවට  කමක්  නෑ ..... උඹ  ගාණට වැඩී මොකද  උඹ මේ ටවුමේ ක්ලාස් කරා කියලා රට අල්ලන්නද......
තවත් මොකද  ඔතෙන  ඉන්නෙ අම්මා එන්න කලින්  පළයන්  මේ ගෙයින් එළියට  බැහැලා.....
යනවා තමයි  ....  තව මෙ කතා අහන් ඉන්නෙ නෑ මම.... ඊර්ෂ්‍යාව උඹලගෙ තියෙන්නෙ අයියේ ඒකයි  උඹලා හැමදාම ඔයවගේ ඉන්නෙ.... 
මචන් සමීර පුලුවන්නම් අපේ ගෙදර වරෙන්කෝ බයික් එක අරන් ......
හලෝ හලෝ ධනුක .... මූ තියලත්  ඉවරයි  හදිස්සියක්ද  දන්නෙ නෑ ගිහින් බලන්න ඕනේ.. කියා ඉක්මනින් ආවා....
තමන්ගෙ  ලග තිබ්බ පොත් ටික හාල් තිබූ මල්ලක් අස්කර  ගන්න පුලුවන් වුණේ ගොඩක් පොත් නෙත්මිට  දීලා තිබ්බ නිසා.... තිබ්බ  පොත් දාගත්ත ධනුක අයියලා දුන්න කලිසම් සර්ට්  ඔක්කොම එහෙමම තියලා තමන්ගෙ කියලා තිබ්බ සපත්තු  දෙක..... සර්ට් හතර...  සමීර දුන්න ඇදුම් වගයක්  බෙල්ට්  එක පමණක් අරගෙන බෑග් එකට දා ගත්‍තා  එපමණක් විතරක් අරගෙන  ගගෙදරින් එළියට බහිද්දිම සමීර ආවා බයික්  එකේ.... 
ධනුක මොකද මේ අවුල..... 
යමන්කෝ  බන් මම කියන්නම්... 
ඒත්  එක්කම  කොහේදෝ ඉදන් නැන්දත් ගෙදර ආවා.....
මේ මොකද  කදමලු  බැදන් එළියට  බැහැලා........
ආ අම්මේ මේ මල්ලි  ගෙදරින්  යන්න කියලා  මේ....  
ඒ මොකද  මේ හිටපු ගමන්
අනිද්දාට කැම්පස් පටන් ගන්නවා නැන්දේ මම යන්නම් කියා නැන්දට කියා.... අයියලා කිව්වෙ ඇත්තක් නොවිණත්  නැන්දට ඒකවත්  නිවරදි නොකර සමීර එක්ක ගියා....
නවත්තපන්කො  බන් ටිකක්  ඉස්සරහින්....
මොකද  බන් වුණේ කියපන්කෝ  දැන්වත් ..
සම්පූර්ණ විස්තරේම සමීරට  කියපු  ධනුක සුසුමක්  හෙලුවා ....
මේ  බන් දැන් අනිද්දට කොළඹ යන්න ඕනේනේ  හොස්ටල් හම්බෙනවානේ  එතකන් ඉන්න යමන් අපේ ගෙදර...
  බෑ බන්  මම ටවුන් එකේ කාමරයක් බලලා තිබ්බෙ කවදා හරි  මට ළගදිම නැන්දලාගෙ ගෙදරින් යන්න වෙන බව දැනගෙන හිටියෙ මම......
යමුකෝ එහෙනම් කියා සමීර  කොල්ලා  කාමරයේ  කුලිය ගෙවා අස්කරගත්තා ගෙනාපු  බඩු ටික  අස්කරගන්නකම්  ඉද  ගෙදර ගියා.....
ඒ අතර  කොල්ලා කැම්පස් ගියා....  තව තව ක්ලාස් වලට ළමයි  වැඩිවුණා .... දැන් නගර දෙකකම ක්ලාස් කරනවා... කැම්පස් යන්නවා... මහහැරෙන ඒවා යාලුවෝන්ගෙ නෝට් ඉල්ලම්  සම්පූර්ණ කරගත්තා.....
තමන්ගෙ වියදම්  තමන් විසින්ම සපයා  ගන්නට  ජීවන අරගලයක් යෙදෙන්නට මහන්සිය  වෙන්න ධනුකට සිද්ද වුණා ....
නෙත්මිත්  උසසපෙළ ලියලා ගෙදර ඉන්න නිසා ධනුකව  හමුවෙන්නවත්  බැරි  වුණා ... ධනුක ගන්න කෝල් එකකටවත්  නෙත්මි කතා කරේ නෑ....  
මචන්  සමීර  උඹ මේ සතියෙ ...  ගෙදර  යනවද....  සමීර ජපුර  කළමනාකරණ උපාධිය හදාරනවා....
ඔව්  බම් යමන්මගෙත්  එක්කම මම එන්නම්  කොටුවට... 
හරි  බන් මට නෙත්මි  හම්බෙන්න යන්න ඕනේ බන්... නෙත්මිලාගෙ අම්මට මේ සම්බන්ධය  කියනවා  බන් නැත්මන් මට  නෙතිමිට කතා කරන්නවත්  විදිහක්  නෑ බන්...... ෆෝන්  එක අම්මා දෙන්නෙ නෑ කෙල්ලට...
හරි  බන් අනිද්ද  උඹ ක්ලාස් කරන්නෙත්  නෑනේ  පෝය.... නිසා අපි  යමු  නෙත්මිලාගෙ ගෙදර...
හරි බන්මම බයික්  එකක් ගන්න බැලුවේ  එහාට  මෙහාට  දුවලාම මහන්සි බන්.....
ආ ඒක හොදයි  කොල්ලෝ උඹට වරදින්නෙ නෑ කවදාවත්..... 
**---------***------------------******----------------****--
පසුදා  දෙන්නා නෙත්මිලාගේ ගෙදර ගියා...
දොරවල්  වහල්නේ බන් ...
නැද්ද  දන්නෙ නෑ සමීර මුන් ගෙදර....
ගොහින් බලපු කියා ගිහින් දෙරට තට්ටු  කරා....  
දොර  ඇරියේ නෙත්මි ...
ආ නෙත්මි ...
අම්මේ  මෙන්න කවුදෝ ඇවිත්  ...ඉක්මනට එන්නෝ  කියා ..නෙත්මි ධනුකලාව ගණන්වත්  නොගෙන ගේ ඇතුලට ගියා....
කවුද මේ ළමයි...  සල්ලි  එකතු  කරන්නද  මාරු නෑ...කියා දොර වසන්නට සූදානම් වුණා .....
ආන්ටි අ ආවෙ  ආන්ටි  හම්බෙන්න මගෙයි නෙත්මිගෙයි  සම්බන්ධයක් තියනවා....
ආ නෙත්මි මෙහෙ එනවා ... මූ කියන්නෙ ඇත්තද  මේ..
අනේ  අම්මේ මම මේ අයියලා අදුරන්නෙ නෑ කවුද මේ....
ආ දැක්කනේ බොරු කියාගෙන එන්න එපා හරිද.....
ආන්ටි නිසා නෙත්මි පිළිගන්නෙ නෑ ධනුක එක්ක නෙත්මිගෙ සම්බන්ධයක්  තිබ්බා කියලා ඔක්කොම දන්නවා යාලුවොන්ගෙන් අහලා බලන්න බොරුනම් කියා සමීර කිව්වා ....
කොල්ලගේ විස්තර අහගත්ත  නෙත්මිගෙ අම්මා ආවේගයෙන් කතා කරන්න ගත්තා....
අනේ මේ බහිනවා එළියට තමුන් වගේ අනාතයෙක්ට දෙන්න අපි ළමයි හදලා නෑ ... අපේ එකම ළමය තමුසෙට දෙයි කොයලා හිතන්න එපා... මෙයා ලබන අවුරුද්දේ අට ටවුන් එකේ ලොකු  බිල්ඩින් එක අයිති මහත්තයාට බන්දන්න අපි  තීන්දු  කරලා ඉවරයි...  තමුන්  කවුද ඒ මහත්තයා එක්ක බලද්දි  යනවා යන්න හිගන්නු  එනවා ලැජ්ජා නැතුව ගෑණු ඉල්ලන් කියා බැණලා එලවගත්තා....
දවස් ගාණක් කුලී කාමරයට වී බි  බී  කැම්පස් යන්නෙ නැතිව  හිටියා ... 
මේ ධනුක පිස්සු කෙලින්නෙ නැතුව යමන් කැම්පස් ...  මේ ලෝකේ ඉන්නෙ එක කෙල්ලෙක්ද... ඕකිට පේන්න උඹා දියුණු වෙයන්... උඹට  හිගන්න කිව්ව  මිනිස්සුන්ට පෙන්නපන් උඹ කවුද කියලා.... බීලා නාස්ති වෙන්න එපා මෝඩයෙල් වගේ...
හරි  බන් මාත් ඒක කල්පමා කරා ආයේම බොන්නෙ නෑ මම තව දවස් දෙකයිනේ ක්ලාස් එකට ඒකට ඉදඅ එන්නම්.බන් මම සදුදම කියා කොල්ලා කිව්ව...
නුවර,කැගල්ල,රත්නපුර , රඹුක්කන ..යන ප්‍රදේශ ගණනාවකම ගෙවී ගිය අවුරුදු තුනේ ක්ලාස් ආරම්භ කරා...  කැම්පස් ජීවිතය වගේම ක්ලාස් කිරීමත්  හරියා කාරව කිරීමට ධනුකට පුලුවන් වුණා ....  පොඩි  කාර් එකක්  අරගන්න තරම්  ධනුක ටිකෙන්  ටික දියුණු වුණේ ...නෙත්මිට පෙනෙන්න වගේම උත්සහවන්තකමට නිසයි 
සර්  කොහෙද ඉන්නෙ මට වෙලාවක් වෙන්කරගන්න පුලුවන්ද ධනුක කර්  හම්බෙන්න.... 
අනේ  පල යන්න සමීර  උඹ මාව ජෝක් එකට ගන්නෙ නැතුව... 
මේ වැදගත්  දෙයක් කියන්න කතා කරේ බන් කොහෙද ඉන්නෙ උඹලගෙ ගෙවල්  පාරේ...
 ඇත්තද මේ කියන්නෙ ...
ඔව් බන් මම උඹලගෙ අම්මා හීනෙන් දැක්කා ඊයේ ඒ නිසාම අද නිවාඩුනේ මම ආවා බලලා යන්න
ආ එහෙනම් එන්නකෝ අවහම කතාකරමු..
ධනුක පුතා දැකපු  දවසක්...
අනේ නැන්දේ  වෙලාවක් නැති කම නැතුව මට නැන්දලා අමතක වෙලා නෙවෙයි...
හොදයි පුතේ මට සතුටුයි  පුතා ගැන කියා සමීරගෙ අම්මා ධනුකගේ හිස අතගෑවා..  පුතා යන්නෙ නැද්ද නැන්ද බලන්න....
මම නැනදටනම් කතා කරනවා අක්කත් හිටපු ගමන්  මගේ දුක සැප අහනවා.. අයියලා එක්ක මම වැඩිය නෑ බන්... ඒත් පොඩි අයිය  කඩයක් දාන්න කොයලා මගෙන් සල්ලි වගයක් ඉල්ලිවා මම එව්වා බන් කඩේ දාලද දන්නෙ නෑ....
ඔන්න බලපන් උඹ එපා කිව්ව වුන් උඹගෙන් උදව් ඉල්ලන් එනවා ... කරන ඒවා වුන්ටම පලිසන් දෙනවා බන්...
මේකයි  බන් මම උඹට කියන්න තියනවා කිව්වෙ නෙත්මි ...
මට වැඩක් නෑ බන් ඒකි ගැන කතා කරන්න එපා.... 
නෑ බන් ඒකිගේ මහලොකු මහත්තයා බීලා බීලා මැරිලා ගිහින් බන් ...
මොකක්  ඇත්තමද බන් 
ඔව්  බන් හවස්  වෙලා යමු  අපි ඒ පැත්තේ ගිහින් එමු.. කාර් එකේම යමු  බන් පේන්න..  ඒ මනුස්සයා සූදූ ගහන්න අර කඩකාමර වගයකුත්  උකස් තියලලු  බන්... 
අපිට මොකද  බන් ඕවා  ගියා කියන්න යමු.
**************-------------******-**-***-----------
අනේ පුතේ බලන්නකෝ මගෙ කෙල්ල තනි වුණා ..  මට සමාවෙයන් පුතේ කියා ධනුක දැකපු  ගමන් නෙත්මිගෙ අම්නා හඩා  වැළපෙන්නට වුණා ...
මළගෙදර මිනිස්සු කතාවක් හදන්න කලින් යමු කියා ධනුක එක්ක සමීර ගෙදර ආවා..
අඩේ ධනුක දැන්නම් නෙත්මිගෙ අම්මට හොතෙන්න ඇති  අපරාදේ මම මේ කොල්ලට කැමති නොවුණේ කියලා බන් .. දැක්කද  බදාගෙන අඩපු  හැටි... දැන් තටු ඇරිලා බන් හොද  වැඩේ..  ලොකු අතු අල්ලන්න යනවට කොයා සමීර කිව්වා......
දැන් ධනුක සත්සර කිව්වොත්  නොදන්න කෙනෙකු  නෑ උපකාරක පංති කේෂත්‍රයේ නමක්  දිනාගෙන අවසන් ධනුක ... අවුරුදු හතරක් මහන්සිය වී උපාධිය වගේම ධනුක හම්බකරගත්ත  දෑ බොහෝමයි..... තවත් වසරක් පමණ ගෙවී ගියා
අද සමීරලාගෙ අම්මාලා  යෝජනා කරපු සවනි දිසානායක පාසල් ගුරුවරියක් ...  මොවුන් දෙදෙනාගේ විවහයයි....  විවහය උත්සවාකාරයෙන් නැන්දලාටද ආරාධනා කර හොටෙල් එකක පැවැත්වූවා....
අම්මා තාත්තා ළග නැති අඩුව ධනුකට දැනෙන්නටවත්  නොදුන්නෙ සමීරලාගෙ අම්මයි තාත්තයි.... 
අම්මේ තාත්තේ කිව්වට මට පව් නෑ ඔය දෙන්නට කියා සවනිත්  සමගම් ධනුක දණනමා අම්මටයි තාත්තටයි වැන්දා.....
සමීර උඹ නිසා තමයි බන් මේ හැමදෙයක්ම මට හම්බුනේ උඹට මම  ණයයි  බන්.....  මගේම සහෝදරයෙක් උඹ කියා සමීර වැළදගත්තා... සමීර දැන් ගණකාධිකාරිවරයෙක්....
ධනුක තමන්ගේ මහන්සියෙන් තමන් උගත්  දේ තව පිරිසකට උගන්නා උගුර ලේ  රහ වෙනකම් ..හම්බකරගත්  ධනයෙන් ගොඩනගපු  ගෙදරටම  සවනිත්  කැටුව පියනැගුවේ  සියල්ලගේම මංගල සුභ පැතුම් මධ්‍යයේය...... 
     ----------------------- නිමි. --------------------------
        📌️📌️ප්‍රමෝදි ඒකනායක 📌️📌️
උපුටා ගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න 
⚠️️⚠️️⚠️️✔️