" ඝාතකයා කව්රැන්ද" | Gathakaya Kaurunda


" ඝාතකයා කව්රැන්ද"
(අභිරහස් කතාව)
"කපිල ගුණවර්ධන විසින් විසඳනු ලැබු තවත් එක් සුවිශේෂි අභිරහසක්..."
පලමු කොටස...
"මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්...මේරට කෝටිපති ව්‍යාපාරික සයිමන් ප්‍රනාන්දුගෙ වැඩිමහල් දියණිය ඉතා කෘර අන්දමින් පෙරදා රාත්‍රියෙහි ඝාතණයට ලක් වි ඇත ...පොලිසිය පවසනා අන්දමට සයිමන් ප්‍රනාන්දුගෙ නිවසෙහිදිම ඝාතණයට ලක් වි ඇත්තෙ අශිංසනා ප්‍රනාන්දු නම් විසි එක් හැවිරිදි තරැණියක්...ඇයව ඝාතණය කිරිමට පෙර කිසියම් අයුරකින් ඇයව දුෂණයට ලක් කොට ඇතිද යන්න පිලිබදව පොලිසිය පරික්ෂණ අරම්භ කර ඇත...වැඩි දුර විස්තර ලැබුන සැනින් ගෙන එන්නම්..."
එදින උදෑසනම සියළුම මධ්‍යය මගින් නිවේදනය කල ප්‍රවෘත්ති නිවේදනයන්හි මුල් තැනක් ගැනිමට සමත් උන පුවත එයයි...මොකද ඝාතණයට ලක් වි ඇත්තෙ සමන්‍යය පව්ලක සමාජිකයෙක් නොවින හේතුවෙන් මේ පිලිබදව වැඩි ප්‍රසිද්දියක් ගෙන දිමට හේතුවක් විය...
පොලිස් අපරාධ මර්ධන අංශය
වේලාව /උදෑසන 8.40
"ට්‍රිං ...ට්‍රිං...ට්‍රිං..."
දුරකථනය එක දිගට නාඳ උනා ...මේ අතර නිල ඇදුමෙන් සිටි එක් නිළදාරියෙක් පැමිණ දුරකථනය ගෙන ඇමතුම සම්බන්ද කර ගනු ලැබුවා...
"සාජන් කුරේ ...පොලිස් අපරාධ මර්ධන අංශය..."
දුරකථ ඇමතුම සම්බන්ද කර ගත් නිළදාරියා තම අනන්‍යය තාවය එසෙ හෙලි කරද්දි එහා පසින් ඇසුනෙ ගොරෝසු කටහඩක්...
"අයිසේ ...පෝන් එක අන්සර් කරන්න ඔය තරම් වෙලාවක් යනවද ?තමුසෙලා නිදාගෙනද ඉන්නෙ..."
සාජන් කුරේ ඒ කටහඩ කාගෙද කියලා ඉක්මනින් හදුනා ගත්තා ...මොකද පහු ගිය දවස්වල මධ්‍යය මගින් මේ කටහඩ හොදට අහන්න ලැබුන හින්දා...ස්වදේශ කටයුතු ඇමති වෙච්ච සාලිය දිසානයක ඇමති තුමා තමා ඒ කතා කලේ...සාජන් කුරේට හොද දෙකක් කියන්න කටට ආවත් කිසිම දෙයක් කියා ගන්න බැහැ...මොකද ඒ කතා කලේ ඇමති වරයෙක් නිසා...
"සර් සමාවෙන්න...මම වැඩක හිටියේ...ඒ උනත් දෙපාර රින්ස් යනකොට මම පෝන් එක අන්සර් කලා සර්..."
සාජන් කුරේ හිතට ආව කේන්තිය තඳ කරගෙන එහෙම කියනකොට එහා පස හිටපු ඇමති සාලිය ඒ කාරනාව අත් හැරලා තමන්ගෙ අවශ්‍යය තාවය ගැන කිව්වා...
"කෝ ඔතන ලොක්කා ...කව්ද මට නම මතක නැහැ...කපිල ...ඔව් කපිල ගුණවර්ධන...මට කෝල් එකක් ගන්න කියනවා මේ දැන්ම..."
එහෙම කියපු ඇමති පෝන් එක කට් කලේ ඒ වේගයෙන්මයි...
"මුගෙ අම්මගෙ අප්පගෙ බුදල් වගේ ...මුන් හිතන් ඉන්නෙ පොලිසිය උන්ගෙ දේපලක් කියලා වෙන්න ඇති..."
සාජන් හිතින් එහෙම කිය කියාම තම ප්‍රදානිය වෙත යන්නෙ මේ අරන්චිය කියන්න ...නමුත් තම ප්‍රදානියා මේ කිසිම කෙනෙක් ගනන් ගන්නෙ නැ කියන්න සාජන් දන්නවා ...දිර්ඝ කාලයක් තිස්සෙ පොලිස් අධිකාරි කපිල ගුණවර්ද එක්ක වැඩ කරපු හින්දා සාජන් කුරේ හොදින්ම දන්නවා ඔහු ගැන ...සෙමෙන් සෙමෙන් කපිල ගුවර්ධනගෙ කාර්යාල කාමරය අසලට ලන් වෙච්ච සාජන් කුරේට දැක ගන්න ලැබුනේ පරිඝණකයට මුහුණ ඔබන් හිටපු කපිලව ...
"සර් සමාවෙන්න ...මම ඇතුලට එන්නද..."
කපිල කර කර හිටපු වැඩේට ඔහුගෙ අවදානය කොයි තරම් යොමු වෙලා තිබනද කියනවනම් සාජන් කුරේ පැමිණ කතා කරන එකවත් කපිලට ඇහුනේ නැහැ...
"සර් ...සමාවෙන්න ...මම ඇතුලට එන්නද..."
එවර නම් සාජන් කුරේ ඇහුවේ කටේ ශද්දෙ ටිකක් වැඩි කරලා ...පරිඝණකයට යොමු වෙලා තිබුන දෑස් දොර දිහාට යොමු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ...
"ආ ...සාජන් එන්න ...එන්න ...මම මේ නෙට් එකෙ ප්‍රවෘත්ති වගයක් බල ,බලා හිටියේ ...වගයක් කිව්වට එකක් ..."
"සර් අර මර්ඩර් එක නේද...අශිංෂනා ප්‍රනාන්දු ..."
"ආ ...ඔව් සාජන් ...මේක පුදුම විදිහේ ඝාතණයක් සාජන්...ඒ කෙල්ල ඉදලා තියෙන්නෙ ගෙදර ...ගෙදර අයත් රෑ ගෙදර ඉදලා තියෙන්නෙ...ඒත් කෙල්ලව මරලා ...හරි පුදුමයි සාජන්..."
සාජන් කුරේට ඒ කතාවෙන්ම පැහැදිලි උනා මේ වෙනකොට කපිල මේ සිදු විම පිලිබදව හොයලා තියෙනවා කියන්න...
"ආ...දැන් කියන්න ...සාජන් මොකටද ආවේ ...නිකම් වෙන්න බැහැ..."
කපිල අහන්නෙ සාජන් කුරේ නිකරැනෙ මේ විදිහට කලඹලයෙන් එන්නෙ නැති බව දන්න හින්දා...
"සර් කෝල් එකක් ආවා...සාලිය ඇමති තුමාගෙන් ස්වදේශ කටයුතු ඇමති...සාලිය දිසානායක..."
සාජන් කුරේ ඒක කියනකොට නම් කපිලගෙ ඇස් වල මේක බලාපොරොත්තුවෙන් හිටපු බවක් දක්නට ලැබුනා...
"ආ...කෝල් එක ආවද සාජන්...මොකද ඇමති තුමා කියන්නෙ...අනිවාර්යෙන් මට කෝල් එකක් ගන්න කියන්න ඇති..."
"ඔව් සර්...කතා කලේ මහා නරක විදිහට ...සර්ට පුළුවන් තරම් ඉක්මනට කෝල් එකක් ගන්න කිව්වා..."
"අපි කෝල් එකක් අරන්ම බලමු...මොනවද කියන්නෙ කියලා..."
ඒ අනුව කපිල ස්වදේශි කටයුතු අමත්‍යංශයට ඇමතුමක් ගත්තා...වැඩි වෙලාවක් යන්න කලින් ඇමතුම සම්බන්ද උනා...කතා කලේ ඇමති තුමාගෙ ලේඛම් වරයෙක් ...විනාඩියක් විතර යනකොට ඇමති තුමා සම්බන්ද උනා...
"ඇමති තුමා...මම කපිල ගුණවර්ධන ...ඔබ තුමා මට කෝල් එකක් ගන්න කිව්වා..."
කපිල ඔහුට ගරැ කරලා කතා කලේ මොනවා උනත් ඔහු ඇමති වරයෙක් හින්දා...
"කපිල...ඇයි මෙච්චර වෙලා ගියේ කෝල් එක ගන්න..."
"ඇමති තුමා ...මම මෙතන නිකම් නෙවෙයි ඉන්නෙ...මටත් වැඩ ගොඩක් පැවරිලා තියෙනවා ...ඔබ තුමා කතා කරපු කාරනාව මට කිව්වානම් ..."
කපිල නාහේට අහන්නෙ නැති නිළදාරියෙක් බවට ඇමතිත් දන්නවා...ඒ හින්දාමද කොහේදො ඇමති ආයි ඒ ගැන කතා කරන්න යන්නෙ නැතිව කාරනාව කියනවා...
"කපිල ඉයේ රෑ අශිංෂනා ප්‍රනාන්දු කියන තරැණියව මරලා දාලා...ප්‍රනාන්දු පව්ල මේ රටේ ඉන්න සල්ලිකාරයෙක් ...අගමැති තුමා එක්කත් සම්බන්දයි...මට අගමැති තුමා පෞද්ගලිකව කතා කරලා කිව්වා මේක කපිලටම බලන්න කියන්න කියලා...ඒ ගැන දැනුම් දෙන්නයි කතා කලේ..."
"ඇමති තුමා ...අගමැති තුමා මේක ඔබතුමාට කියලා වැඩක් නැහැනේ...මොකද පොලිසිය භාරව තියෙන්නෙ ඔබ තුමාට නෙමෙයිනේ...මට ඉහලින් නියෝගයක් අවොත් මම මේ ගැන බලනවා ...මොකද ඒක මගේ රාජකාරිය...එහෙනම් මම තියන්නද ඇමති තුමා..."
කපිල දුරකථනය තිබ්බේ එහෙම කියලා..මේක සාජන් කුරේ බලන් හිටියේ හිතින් සතුටු වෙන ගමන්...ඒ වගේම තම ප්‍රදානියා ගැන අඩම්බරයක් සාජන් කුරේගෙ හිතට අැවිත් තිබුනා...එතකොටම කාර්‍යාල සහායක තැන පැමිණියා ...ඔහුගෙ අතේ විශේෂ ලිපියක් තිබෙනු කපිල දැක්කා...
"සර් ...මේක මේ දැන් මුලස්ථානයෙන් ලැබුනේ...සර්ගෙ අතටම දෙන්න කියලා..."
කපිල ඒක අරගෙන දිග ඇරලා බැළුවා...හිනියට හිනාවක් දෙතොල් අතර මතු උනේ ජයාග්‍රාහි විදිහට ...
"සාජන් ...ඔන්න තවත් අභිරහසක් විසදන්න භාර වෙලා ...අශිංෂනා ප්‍රනාන්දු කියන තරැණියගෙ ඝාතණය ගැන ...එහෙම නම් සාජන් අපි මේ දැන්ම මේ සිදුවිම වෙලා තියෙන තැනට යමු...ජිප් එක ලෑස්ති කරන්න කියන්න...පස් දෙනෙක් විතර යන්න ලෑස්ති වෙන්න ...හරිනේ..."
ඇවිත් තිබුනෙ⁣ අගමැති තුමා විසින් මේ ගැන හොයන්න කපිලට භාර දුන්නා කියලා දන්වලා එවපු ලිපිය ...එහි පොලිස්පති වරයාද අත්සන් තඹා තිබ්බා...
ඒ අනුව සාජන් කුරේ ඇතුළු නිළදාරින් පස් දෙනෙකු රෑගත් ජිප් රථය අශිංෂනා ප්‍රනාන්දු කියන තරැණිය ඝාතණයට ලක් වෙලා තිබුන කොටිපති ව්‍යයාපාරික ප්‍රනාන්දුගෙ නිවස බලා පිටත්ව ගියා...යන මග අතර තුර කපිල එකදු වචනයක් වත් කතා කලේ නැහැ...සාජන් කුරේ දන්නවා දැන් කපිලගෙ හිතේ තියෙන්නෙ මේක ගැන විතරයි කියන්න...ඒ හින්දම සාජන් කුරේ කපිල එක්ක කතාවට ගියෙත් නැහැ...
පැය දෙකක විතර ගමනකින් පස්සෙ ජිප් රථය නතර උනේ තුන්මහල් විශාල නිවසක් ලග ...එතකොට තමා කපිල ඇස් අරින්නෙත් ...මේ මුළු කාලය පුරාම කපිල මධ්‍යව මගින් මේ පිලිබදව විස්තර කර තිබු දේ ගැන හිතුවා ...නමුත් ඒ සියළු දේ සුන් විසුනු වෙලා ගියේ නිවස දැක්කම ...
ජිප් රථය විවෘත උන දොරටුවෙන් ඇතලට යනකොටත් ඒ නිවසින් පිටත වාහන විශාල ප්‍රමානයක් නවතා ඇති බව දකින්න ලැබුනා...එතන පොලිස්පති තුමන්ගෙ වාහනයද ඇති බව කපිල දැක්කා...
"සර් ...මේක තමා තැන ...ඒත් සර් මෙච්චර සෙනගක් ..."
"සාජන් සල්ලි වල බලය සාජන්...දුප්පත් ගෙදරක මේ වගේ දෙයක් වෙලා තිබුනානම් මේ වගේ සෙනගක් එයි කියලා හිතනවද ...පෙන් නැද්ද ගෙදර ලොකු...යමු බලන්න ...මම හිතන් හිටපු හැම දෙයක්ම මෙතන වෙනස් සාජන් ..."
කපිල එසේ කියමින්ම ජිප් රථයෙන් බහිනකොටම කපිල දැක්කා එක දෙයක් ...මුළු නිවසම වට කරලා කහා පැහැති ඉරිරෙදි රෝලක් ඇදලා තිබුන බව ...ඒ අපරාධයක් සිද්ද වෙච්ච තැනක පොලිසියි විසින් අපරාධය සිද්ද වෙච්ච තැනට බාහිර කාටවත්ම ඇතුල් නොවෙන්න කරන වටකිරිම ...කපිලගෙ හිතට පුන්චිම හරි අස්වැසිල්ලක් අවේ එතකොටයි...මොකද කපිල හිත ,හිතා අවෙත් බැරි වෙලාවත් මෙතන මේ විදිහට කරලා තිබුනෙ නැත්තම් කිසිම දෙයක් කරන්න වෙන්නෙ නැහැ කියලා...මොකද මේ වගේ ඝාතණයන් සිද්ද වෙච්ච තැන් වල පුන්චි දේත් හරි ඉක්මනින් වෙනස් වෙනවා ...ඒ පුන්චි දේ මේ ඝාතණය සිද්ද කරපු අපරාධ කාරයා අදුන ගන්න සමහර අවස්ථාවල ලොකු පිටු වහලක් වෙලා තියෙනවා...
"සාජන් ...ඒ කියන්නෙ අපි පරක්කු නැහැ...අපේ කව්රැ හරි මෙතනට ඇවිත් තියෙනවා ...ලොකු දෙයක් ඒක නම් ...අපි යමු බලන්න..."
කපිල ඇතුළු පොලිස් කණ්ඩායම නිවස අසලට ලන් වෙත්ම දකින්න ලැබුනෙ පොලිස් නිළ ඇදුමෙන් සැරසුන පොලිස් නිළදාරින් කිහිප දෙනෙක් ගිණි අවිද සහිතව නිවස වටේම රඳවා තියෙන බව...ඒ වගේම එතන රෑස් වෙලා හිටපු ගොඩක් දෙනෙක් රටේ පිලි ගත්ත අය බවටත් කපිල හදුනා ගන්න කොට පොලිස් පති තුමා තමන් දෙසට පැමිනෙන අකාරයත් කපිල දැක්කා...
"සර් ...ගොඩක් වෙලාද ඇවිත් සර්..."
කපිල පොලිස්පති වරයාට අවශ්‍යය ගෞරව දැක්විමෙන් අණතුරැව ඔහුත් එක්ක කතා කරනවා...
"මමත් දැන් ටිකක් වෙලා ඇවිත් කපිල...මේක ටිකක් ලොකු කේස් එකක් කපිල ...මොකෙක් උනත් මේක කලේ ඇයි කියන එක ප්‍රශ්නයක් ...පව් කෙල්ල ...තිරිසන් විදිහට මරලා ..."
පොලිස් පති වරයා කියපු විදිහට නම් මෙතන මධ්‍යය වර්ථ කරලා තිබුනට වඩා දෙයක් තියෙනවා කියලා කපිලට දැනුනා...
"සර් බොඩිස් එක අරන් ගිහින්ද සර්..."
"තාම නැ කපිල ...මම කෝකටත් බොඩිස් එක අරන් යන්න අවසර දුන්නෙ නැ...හැබැයි මේක ගැන අරන්චිය ආව ගමන්ම මම සාජන් SI ජාලියව එව්වා ...මොකද මේක ගැන පරික්ෂන කරන්න වෙන්නෙ කපිලට ...මේක ටිකක් ලොකු තැනක කේස් එකක් හින්දා ...කපිල එනකල් කිසිම දෙයක් කරන්න එපා කිව්වා..."
"ඒකනම් හොදයි සර්...සර් කෙල්ල රේප් කරලා කියලා හිතනවද ?"
කපිල ඒක ඇහුවේ මෙච්චර වෙලාවක් හිතේ අහන්නද ?නැද්ද කියලා තීරණය කරලා...
"තාම අධිකරණ වෛද්‍යය වරයා අවේ නැහැ කපිල ...මම දැනුම් දිලා තියෙන්නෙ ...මම නම් හිතන්නෙ බොහො දුරට රේෆ් වෙලා වගේ ...කපිල ඇතුලට ගිහින් බලන්න ..SI ජාලිය ඇතුලෙ ඉන්නවා ..."
ඒ අනුව සුවිශාල නිවසට කපිල ඇතුළු උනේ වට පිටාව නිරික්ෂනය කරන ගමන්මයි...නිවස වටේටමඋස් තාප්පයක් ...සමන්‍යයයෙන් මිනිහෙක්ට ලේසියෙන් වත්ත තුලට ඇතුල් වෙන්න බෑ කියලා කපිල නිර්ක්ෂනය කලා...නිවසේ අලින්දයට යනකොටම SI ජාලිය පැමිණියා කපිල ඉදිරියට ...
"සර් ...good morning ...මම දැනන් හිටියා සර් එයි කියලා ...ඒ හින්දා මම කිසිම දෙයක් එහා මෙහා කලේ නැහැ සර්..."
"Good job ජාලිය ...ඒක හොදයි ...බොඩිස් එක තියෙන්නෙ කොහෙද ජාලිය ..."
"උඩම තට්ටුවේ සර් ..."
"මොකක්...උඩම තට්ටුවේ...පුදුමයි...යමු බලන්න..."
ජාලිය සමගින් බොඩිස් එක තිබුන උඩු මහලේ තිබුන කාමරය වෙත ගමන් කරන අතර තුරත් කපිල හැම දෙයක් දෙසම නිර්ක්ෂනය කරමින් ගියේ...මොකද පුන්චිම හරි සක්ෂියක් අවශ්‍යයි කපිලට මේක ගැන හොයන්න ...දෙවනි මහලෙ පඩි පෙල අසලදි කපිල මොහොතකට නවතිනවා...හැම කෙනෙක්ම කපිල දිහා බලන්නෙ මොකක්ද උනේ කියලා අහන්න වගේ ...
"ජාලිය ...අර අතන ...මුල්ලෙ තියෙන්නෙ මොකක්ද අර ...ඒක ගන්න බලන්න..."
කපිල පෙන් උ දෙසට ගිය ජාලියට එතන තිබිලා කුඩා රන් මුදුවක් සොයා ගන්න පුළුවන් උනා...ජාලිය ඒ මුද්ද කපිල අතට දුන්නා...
"මුද්දක් ...මේක නම් අළුත්ම මෝස්තරයක මුද්දක් වගේ ...හම් ...අපි යමු ..."
කපිල ඒ මුද්ද තමන්ගෙ සාක්කුවේ බාහා ගන්න ගමන්ම නැවතත් ගමන් කලා...
උඩු මහලේ වසා දමා තිබු එක් කාමරයක් අසල ජාලිය නැවතුනා ...එතන අව් සහිත පොලිස් නිළදාරින් දෙදෙනෙකු හිටියා...
"සර් මේ රෑම් එකෙ තමා බොඩිස් එක තියෙන්නෙ ...ඒත් සර් අපිට මේ දෙරෙන් ඇතුලට යන්න බැහැ..."
ජාලියගෙ කතාව මොහොතකට කපිලගෙ කුතුහලය වඩවන්න සමත් උනා ...
"ඒ ඇයි ජාලිය ...මොකක්ද ප්‍රශ්නෙ..."
"සර් මේ දොරේ යතුර නැහැ සර්...මේක ඇතුලින්ම ලොක් කරලා ...අපි ගියේ මේ කාමරෙට අනික් කාමරෙන් මේ කාමරෙට යන්න තිබුන දොරෙන්...මෙහෙන් යමු සර් එන්න..."
හැම දේකින්ම උනේ කපිලගෙ හිත මේ සිදුවිම ගැන තව ,තවත් උනන්දු වෙච්ච එක ...අනෙක් පස තිබුන කාමරයට ඇතුළු උන පිරිස එහි ඇතුලත තිබු දොරෙන් ඝාතණය සිදු වෙලා තිබුන ස්ථානයට ඇතුළු උනා ...කපිලට මොහොතකට ඇස් අදහාගන්න බැරි උනා ...මුළු කාමරයම ලේ විලක්...හැම තැනකම රැධිරය ගලා ගිහින් වියලිලා තිබුනා ...ඒ මදිවට අමුතු ගදක් කාමරයෙන් නික්මුනා...නාස් පුඩු හකුලවමින් ඇදි ආ ඒ ගද අමු මස් වැදලි වල සිලි ගඳ බවට වටහා ගැනිමට කපිලට වැඩි වෙලාවක් ගියේ නම් නැ...
"ජාලිය ...මට හිතෙන්නෙ මේක නිකම්ම මර්ඩර් කේස් එකක් නෙමෙයි වගේ ..."
"ඔව් සර් ...ටිකක් නෙමෙයි හොදටම ඩේන්ජර් සර්...දරැණු විදිහට මරලා ...හිතා ගන්න බැ සර් මේ වගේ කෙල්ලෙකුට මේ වගේ තිරිසන් විදිහට මරලා දන්න තරම් මේ කෙල්ල මොන වරදක් කරලද කියන්න..."
කාමරය විශාල කාමරයක්...අති සුපෝභ බෝගි බඩු භාණ්ඩ රෑසක් ඒ කාමරය පුරා තිබුනා ...වායු සමිකරණ යන්ත්‍ර දෙකක් සවි කර තිබුන අතර මේ වන විට ඒ දෙකම ක්‍රියා විරහිත කරලා තිබුනා...එත් එක්කම කපිලගෙ ඇස් කාමරය පුරාම දිව්වෙ මොකක්ම හරි වෙනස් දෙයක් දැක ගන්න තිබුන අශාව හින්දා...
"මෙතනින් එහාට කව්රැත් ඇතුල් වෙන්න එපා...ජාලිය මට කියන්න මෙතනට අපි එන්න කලින් කව්ද ඇවිත් තියෙන්නෙ කියලා..."
"සර් වැඩි කව්රැත් ඇවිත් නැහැ...මුලින්ම ඇවිත් තියෙන්නෙ ගෙදර වැඩ කාරි ...ඇය තවමත් සිහිය නැතිව මේ දැකපු දේ නිසා හොස්පිටල් ...ඉට පස්සෙ තමා ගෙදර වැඩි හිටියො පොලිසියට දැනුම් දිලා තිබුනේ ...අපිට මේක දැනුම් දිපු ගමන්ම අපි ඇවිත් මෙතන අපේ යටතට ගත්තා ..."
"එතකොට මට කියන්න ජාලිය ඒ වෙලාවේ ඒ කියන්නෙ ඉයේ මේ ගෙදර හිටපු හැම කෙනෙක්ම දැන් අපි යටතේ ඉන්නවද?.."
"ඔව් සර් ...ඉයේ උදේ ඉදන් මේ ගෙදර හිටපු හැම කෙනෙක්ම අපි යටතේ ඉන්නෙ...කිසිම කෙනෙකුට යන්න ඉඩ දුන්නෙ නැහ..."
"නියමයි ජාලිය ...එහෙම තමා වැඩ කරන්න ඕන ...දැන් මේ අය මෙතන ඉන්න ...මට බොඩිස් එක බලන්න කලින් කාමරේ ඇතුල ටිකක් බලන්න ඕන..."
ජාලිය ඇතුළු පිරිස පිටත නතර කරපු කපිල පරිස්සමින් ඝාතණය සිදු වෙලා තිබුන කාමරයට ඇතුල් වෙන්නෙ වියලි ගිහාන් කාමරය පුරා විසිරි තිබුන රැධිර පැල්ලම් වලට කිසිදු අයුරකින් හානියක් නොවන අකාරයට අඩි තඹමින්...හරියටම කාමරය මැදට ගියපු කපිල කාමරය මැද හිට ගත්තේ එවිට මුළු කාමරයම ඔහුට හොදින් පේන හින්දා...
විශාල යුගල යහන මත පොරෝනා දෙකක් තිබුනා ...ඒ දෙකම විසිරිලා තිබුනා...ඒ වගේම රාත්‍රි කන්තාවන් නිඳගන්න යන විට අදින නිඳන ඇදුම් දෙකක් දකින්න ලැබුනා...යහාන මත දකින්න ලැබුන දෙයින් කපිල හිතා ගත්තෙ කව්රැන් හරි මේ යහන මත පෙරදා රාත්‍රියේහි දගලලා තියෙන බවට ...
"ජාලිය ...ඔයා මේ ගෙදර ඉයේ හිටපු අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තද ?"
"තාම නැහැ සර්..."
ඉට පස්සෙ කපිල නැවතත් තමන්ගෙ නිරික්ෂනය දිගටම කරන් ගියා...ඉලගට කපිලගෙ තීක්ෂන ඇස් දෙකට අහුවෙන්නෙ ඇද වියල මත තිබුන රතු පැහැති සලකුණක්...
"ඔහ්...මේ මොකක්ද? මොකක්ද මේ පැල්ලම..."
අපරාධ ගැන හසල දැනිමක් තිබුන කපිලට මේ ලේ පැල්ලමක් බවට හදුනාගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ...
"ජාලිය මේක ලේ පැල්ලමක් ...ඒ  කියන්නෙ මේක මේ තරැණියගෙ ඇගෙන් ගියපු ලේ වෙන්න ඕන ...නමුත් මේ විදිහට ඇද වියලේ වැදුනේ ඇයි ...මේක සටහන් කර ගන්න සාජන් කුරේ..."
සාජන් කුරේ එය සටහන් කර ගන්න කොට කපිල ඒ මත සක්ෂි අන්ක 01 ලෙස දක්වන බොර්ඩ් එක රෑදෙව්වා ...ඉලගට කපිලගෙ අවදානය යොමු උනේ කාමරයෙ තැන තැන විසිරිලා තිබුන උපකරණ කිහිපයක් වෙත ...උපකරණ කිව්වට ඒවා සෙල්ලම් බොනික්කො වගයක්...සෙල්ලම් බෝනික්කන් පස් දෙනෙක් කාමරය පුරා විසිරිලා තිබුනා ...එකක් ඇද මත ...තවත් දෙකක් තිබුනෙ කාමරයෙ තිබුන සෝපා සෙට් එක ලග ..හතර වෙනි එක තිබුනෙ මළ සිරැර තිබුන තැනම ...නමුත් පස් වෙනි එක ...ඔව් පස් වෙනි එක වෙත කපිලගෙ සම්පුර්ණ අවදානය යොමු උනා ...මොකද පස් වෙනි එක තිබුනෙ කාමරයෙ මුල්ලකට වෙන්න ...ඉටත් වඩා ඒ බොනික්කාව අසමන්‍යය විදිහට මේකප් කරලා තිබුන බව කපිල දැක්කා ...ඇහි බැමි තද කළු පටින් ...ඒ වගේම කන්තාවන් මුහණු මත ගල්වන පියර වර්ගයක්...ඒඅසලම පියර බොතලයකුත් වැටිලා තිබුනා...කපිල ඒ අසලට ලන් උනා මිටරයක් විතර දුරින් ඒ අසලට ලන් උන කපිල ඒ බෝනික්කව නිරික්ෂනය කරන්න ගත්තෙ පොලිසි නිළදාරින් පිරිස පුදුමයට පත් කරමින්...
"සාජන් ...මේක නම් මහා පුදුමයක් ...මේක වෙන්න පුළුවන්ද ?ජාලිය මට කියන්න මේ ඝාතණයට ලක්වෙලා ඉන්න තරැණිය මානසික රෝගයකින් පෙළුන කෙනෙක්ද කියලා දැන ගන්න ලැබුනද?.."
"නැහැ සර් ...මේ තරැණිය මේ පාර කැම්පස් සිලෙක්ට් වෙච්ච කෙනෙක් ...කිසිම රෝගයක් තිබුනා කියන්න නම් අරන්චියක් නැහැ..."
ඉලගට කපිල කව්රැත් පුදුමයට පත් කරමින් එම බෝනික්කා අසල දෙවනි සලකුණ තැබුවා...තවත් එවැනිම භාඩු භාණ්ඩ කිහිපයක් මත අන්ක තහාඩු සලකුණු කොට ඉලගට කපිල ලන් උනේ මළ සිරැර අසලටයි...
"ජාලිය ...මේ රෙද්ද අයින් කරන්න...බොඩිස් එක බලන්න ඕන..."
කපිලගෙ අණ මත මළ සිරැර වසා තිබුන සුදු රෙඩි කඩ අයින් කරන් ලැබුවා ...එක් වරම කපිල ඉවත බලා ගත්තෙ මනුස්සයෙකුට මොන තත්වයකදි උනත් මේ වගේ දසුනක් බලන්න බැරි නිසා...මිට කලින් මොන තරම මිණිමැරැම් දැකලා තිබුනත් මේ මළ සිරැර දැකපු ගමන්ම කපිලට ඉබේම අහක බැළුනා...කාමරයට පිවිසෙන විට ආ පිලි ගඳ මොකක්ද කියලා කපිලට වැටහුනා...
"ඕ සිට්..."
කපිලගෙ මුවින් ඒ වචන ටික පිට වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ...
තරැණිය සුරැපි තරැණියක් බව මුහුනෙන් දක්නට ලැබුනා ...නමුත් මුහුණ පමනක් ඉතිරිව තිබුනා ...මුහුනෙන් පහල මුළු සිරැරම මුවහත් අයුධයකින් කැලි කැලි වලට ඉරලා තිබුනා ...කැපුම් පහර කොයි තරම් මුවහත් අයුධයකින් කරලා තිබුනද කියනවානම් මස් වැදලි එල්ලෙමින් තිබුනා ...ගලා ගොස් තිබු රැධිරය සිරැර වටේටම වේලිලා ගිහින්...හදවත් රෝගියෙක් මේ දසුන දැක්කනම් අනිවාර්යෙන්ම හාර්ට් ඇටෑක් හැදෙන තරම් බිහිසුනු විදිහට තරැණියගෙසිරැර විනාශ කරලා ...
"සාජන් ...මේක ගොඩක් ලොකු වෛරයකින් කරලා තියෙන්නෙ...මේ වගේ මිණිමරන්න මොන අපරාධකාරයෙක්ට උනත් පුළුවන්ද දෙයියනේ..."
හැම කෙනෙක්ම ඉක්මනින් මළ සිරැරෙන් අහක බලා ගත්තෙ ඒ දසුන බලන්න තරම් හොද එකක් නොව්න හින්දා ...එතකොටම එතන හිටපු එක් පොලිස් නිළදාරියෙක් වමනය කරමින් පිටතට ගියේ දැනුන ගද ඉවසන්න බැරිව ...කපිල ඒ අසලට ලන් උනා ...එක පාරම කපිලගෙ තියුණු ඇස් වලට අහු උනේ තවත් එක් සුවිශේෂි දෙයක් ...ඒ සිරැරට හානි කරලා තිබුනත් මුහුනට කිසිදු හාණියක් කරලා නැහැ කියන්න...ඒත් එක්කම කපිල නැවත වතාවක් බැළුවේ කාමරයෙ මුල්ලට වෙන්න තිබිලා හමු උන බෝනික්කා දිහා...
"මොකක් ...පුදුමයි ...මේක වෙන්න පුළුවන්ද ...හරි පුදුමයි...ජාලිය මට කියන්න මේ ඝාතණයට ලක් වෙලා තියෙන තරැණියගෙ මුහුනෙයි ...අර කාමරේ මුල්ලක තියෙන බෝනික්කගෙ මුනෙයි මුකුත් වෙනසක් හරි සමාන කමක් හරි පේනවද කියලා ..."
කපිලගෙ කතාවත් එක්ක SI ජාලිය ඒ වෙතට ලන් උනා ..ඔහු බෝනික්කා දිහා වගේම තරැණියගේ මුණ දිහත් මාරැවෙන් මාරැවට බැළුවේ කිසිම දෙයක් හිතා ගන්න බැරිව ...
"මට එහෙම කිසිම දෙයක් හිතාගන්න බැහැ සර්..."
ඉතින් මොකක් කියලද හිතන්නෙ කපිල මේ දකින්නෙ ...ගොඩක් කාලෙකින් අභිරහස් කතාවක් ලිව්වෙ ...ඉලග කොටසත් ගොඩක් ඉක්මනට දෙන්නම් ...කතාව ගැන වචනයක් කියන් යන්න....