"ඝාතකයා කව්රැන්ද" හතර වන කොටස | Gathakaya Kaurunda 04 Kotasa
"ඝාතකයා කව්රැන්ද"
(හතර වන කොටස)
"සර් මෙතන හරි පුදුම වැඩක් උනා ...දැන් ටිකකට කලින් අපිට මේ ගෙදරට පිටිපස්සෙන් කව්රැ හරි වැටෙනවා වගේ සද්දයක් ආවා ...ගිහින් බලනකොට කව්රැ හරි කෙනෙක් තාප්පෙට නගින්න හදනවා ...අපි එනවා දැකලා ඒ කෙනා හරි ඉක්මනට ආයෙ අනික් පැත්තට පැනලා යන්න ගියා ...අපි සර් වටෙන් ගිහින් බැළුවා එතකොට යන්න ගිහින් ...හැබැයි සර් ඒ ආව කෙනාගෙ සපත්තු දෙක තාප්පෙ එහා පැත්තෙ තිබිලා හම්බ උනා ...සර් ඒක කන්තා සපත්තු දෙකක් සර්..."
"මොකක් ?කන්තා සපත්තු දෙකක් ...ඒත් ...."
අද එතැන් සිට...
"එත් එහෙම කොහොමද ජාලිය වෙන්නේ...මේක වෙන්න පුළුවන්ද ?කන්තාවක් මේ මහා පාන්දර මිණිමැරැමක් සිද්ද වෙච්ච ගෙදරකට ඇතුළු වෙන්න හදන්නෙ මොකටද?හරි ජාලිය අපි දැන් ඔතනට එනවා ...මම එනකල් කිසිම දෙයක් එහා මෙහා කරන්න එපා ...තේරැනාද ..."
"හොදයි සර්..."
ජාලියගෙ ඇමතුමත් එක්ක කපිල පත් උනේ තව ,තවත් අපහාසුතාවයකට ...මොකද තරමක් දුරට මේ ඝාතණය පිලිබදව ගැටළුවා ලිහාගෙන එනකොට දැන් අළුතින් තවත් ගැටළුවක් එකතු වෙලා ...ඇත්තටම කන්තාවක් ඇයි මේ විදිහට ඒ නිවසට ඇතුල් වෙන්න උත්සහා කලේ කියන ගැටළුවටත් දැන් පිලිතුරැ සෙවිය යුතුයි...
"සාජන් ...අපිට ඉක්මනින් මිස්ටර් ප්‍රනාන්දුගෙ නිවසට යන්න වෙනවා ...මම හිතන්නෙ එතන අමුතු දෙයක් සිද්ද වෙනවා ...අපි යමු..."
"හොදයි සර්...මම ජිප් එක ලෑස්ති කරන්නම්..."
සාජන් කුරේ පිටව ගියාට පස්සෙ කපිල බැළුවේ ඒවන විට වෙලාව කීයද කියලා...උදෑසන පහටත් ලන් වෙලා තිබුනා ...දැන් පිටත් උනත් හත වත් වෙනවා ඒ නිවසට යන කොට .එතකොට මොන වෙලාවක් එයිද කියන්න බැහැ...සුළු මොහොතකට පෙරදි කපිල විසින් සාජන් කුරේට පවරපු කාර්යයන් පිලිබදවත් කපිලට මතක් උනා...
"බැ ...මේ ගමන අපි දෙන්නම ගිහින් බැහැ...සාජන් කුරේව යවන්න ඕන මේ අශිංෂනා ප්‍රනාන්දු ගැන පහුගිය අව්රැදු වල විස්තර හොයන්න ...මම තනියම යනවා ප්‍රනාන්දුගෙ ගෙදර ..."
ඒ අනුව කපිල ඒ තිරණය ගත්තා ...මොකද කපිලට අවශ්‍යය කලේ මේ කේස් එක පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න ...මොකද කපිල දැනන් හිටියා ඝාතණයක මිණිමරැවා ඉක්මනින් නිතියේ රෑහැනට හසු කර නොගතහොත් ඒ මිණිමරැවා තවත් අපරාධයක් කරන්න කිසිම අවස්ථාවක පසුබට වෙන්නෙ නැහැ කියන්න...
"සාජන් මෙහෙම කරන්න ...මම තනියම මේ ගමන යන්නම් ...තමුසේ මම කියපු දේ කරනවා ...මතකනේ ...මේ තරැණියගෙ හැම විස්තරයක්ම මට ඕන ...විශේෂයෙන්ම පහු ගිය අව්රැදු නමයේ ...මම හිතනවා මේ ගැන මෙයාගෙ ඉස්කොලෙන් සහා හොස්ටල් එකෙන් හොයන්න පටන් ගත්තනම් හොදයි කියන්න ...මම ගිහින් බලන්නම් මේ ජාලිය කියන කන්තා සපත්තු දෙක ගැන ...මොකක්ම හරි වැදගත් දෙයක් දැන ගන්න ලැබුනොත් මට දැනුම් දෙන්න ...හරිනේ ..."
කපිල සියළු කරැණු කාරනා ඒ අකාරයට සාජන් කුරේ හට ආයි වතාවක් පැහැදිලි කර දිමෙන් අණතුරැව ජිප් රථයට ගොඩ උනේ ඉක්මනින් ප්‍රනාන්දු නිවසට යාම සඳහා...
කපිල කල්පනා කලා වගේම උදෑසන හත වෙනකොට ඒ සුවිශාල නිවස අසලට ලන්වෙන්න හැකි උනා ...ඈත තියාම කපිල දැක්කා SI ජාලිය අනෙක් පොලිස් නිළදාරින් තුන් දෙනා එක්ක තමන් එනතුරැ බලා සිටින අකාරය ...ජිප් රථය නවතනවත් එක්කම ජාලිය කපිල හමුවට ආවා...
"සර් good morning..."
"ආ..ජාලිය morning..මොකක්ද උනේ...ජාලිය ඉයේ ඕෆ් එක නේද ?ඇයි ගෙදර ගියේ නැත්තෙ..."
කපිල ජාලියගෙන් අහනකොට කපිල දැක්කා ජාලියගෙ මුහුණින් වෙනස්ම දෙයක් ...කපිලට මතකයි තමන් මේ කාලයෙත් මේ විදියටම වෙහෙසුන බව ...ඒ අතින් මෙවැනි නිළදාරින් පිලිබදව කපිලට අඩම්බරයි ...මේ හැම දේකින්ම කපිලට දැනුනේ තමන්ගෙන් පස්සෙත් මේ රටේ අපරාධ කාරයින්ව නීතියේ රෑහැනට හසු කර ගන්න හොද නිළදාරිායක් බිහි වෙනවා කියන එක...
"සර් මම ගියේ නැ සර්...මම නැවතුනා ...ඒක නෙමෙයි සර්...මේ වෙච්ච දේ ගැන නම් හිතාගන්න බැහැ...කාව්රැ වෙන්න ඇත්ද සර් මේ?සමහර විට හොරකමේ ආවාද ?ඒත් මේ සිද්දිය මුළු රටම දන්නවා .හොර කමේ එන්න තරම් බය නැතිව කව්රැ හරි එයි කියලා හිතන්න අමාරැයි .අනික සර් කන්තාවක්..."
ජාලිය ඒ අකාරයට කපිල ඉදිරිපිට සිය අදහස් දක්වනකොට කපිල හිටියේ නොඉවසිල්ලෙන් ...ඒ මේ සපත්තු දෙක දැක ගන්න...
"ජාලිය අපි එතනට යමුද ?මම හිතන්නෙ ඒ සපත්තු දෙක එතනම ඇති නේද ?වෙනසක් කලේ නැහැනේ..."
"යමු සර් ...සර් කිව්වට පස්සෙ අපි ඇල්ලුවේ වත් නැ සර්...කොහොමත් සර් ඒක හම්බ උන වෙලාවෙත් මම අපේ කාටවත් අල්ලන්න වත් දුන්නෙ නැ..."
"ඒක හොදයි ජාලිය...අපි යමු එතනට..."
ඒ අනුව කපිල ජාලියද සමගින් පෙර කී සපත්තු යුගලය හමු උන තැනට ගියා ...ජාලිය කී විදිහටම ඒ සුවිශාල නිවස වටා ඉදිකොට තිබු තාප්පය අසල ඒ සපත්තු දෙක ඒ අකාරයටම තිබුනා...සපත්තු යුගලය දුටු ගමන්ම කපිල එක් දෙයක් නිරික්ෂනය කලා...ඒ සපත්තු යුගලය තිබුන අකාරයට අනිවාර්යෙන්ම මෙය නිවසේ සිට පිට පැත්තට විසි කොට ඇති බව ...කපිල ඒ අසල බිම දණ ඔබා ගත්තෙ ඒ බව හරියටම සහාතික කර ගන්න ...විනාඩි දෙකක් විතර ඒ අසල පරික්ෂා කල කපිල ජාලිය එක්ක කතා කලා...
"ජාලිය මට කියන්න මේ තාප්පය කොච්චර විතර වට ප්‍රමානයකින් ඉදි කරලා තියෙනවද කියලා ?ඒ ගැන මොකුත් විස්තරයක් ඔබ දන්නවද ?.."
ජාලියට පුදුමයි...මේ වෙලාවේ ජාලිය කපිල මේ වගේ දෙයක් අහයි කියලා බලාපොරොත්තු උනේ නැහැ...ඔහු බලන් හිටියේ කපිල මේ ගැන ගන්න ඇක්ෂන් එක ...ඒ නිසාම ඔහු සපත්තු දෙකෙ ඇගිලි සලකුණු ගැනිමට අවශ්‍යය කරන දේ පවා සුදානම් කරලයි තිබුනේ...
"සර් ...ඒ ගැන නම් හරියටම මම දන්නෙ නැහැ...ඒත් සර් මේ ඉඩම සැහෙන ප්‍රමානයක් ඇති කියලා හිතෙනවා ...අර පහලට යන කල්ම පොල් වගාව ...මේ තාප්පෙ සම්පුර්ණ ඉඩමම වට කරලා තමා හදලා තියෙන්නෙ..."
"ඒකත් එහෙමද ..."
ඉට වඩා වචනයක් වත් නොකියු කපිල ඉලගට ජාලියව තව තවත් පුදුමයට පත් කරමින් සපත්තු දෙක තිබුන තැන එහෙමම තියෙන්නට ඇර ඒ සුවිශාල තාප්පය වටා ඇවිදින්න පටන් ගත්තා ...නමුත් ජාලිය දැක්කා කපිල කුමක් හො දෙයක් හොයමින් මේ යන්නෙ කියලා...කපිලගෙ ඇස් විමර්ෂනාත්මක විදිහට ගමන් කරපු නිසා...
මිටර් හයසියයක් පමන තාප්පය වටා කපිල ජාලිය සමගින් ගමන් කලේ නිහඩවම ...නමුත් නිරික්ෂනය කරමින් ...ජාලිය කපිල එක්ක නොයෙකුත් දේ ගැන කිව්වත් කපිල ඒ කිසිම දෙයක් ඇහුනෙ නැහැ වගේ ගමන් කලා ...මොකද මේ ජාලිය කපිල එක්ක ...ඒ කියන්නෙ අපරාධ අංශයෙ ප්‍රදානියා එක්ක පරික්ෂනයකට සහාභාගි උන පලමු අවස්ථාව ...ජාලියට පුදුමයි තම ප්‍රදානියා හම්බ වෙච්ච සාක්ෂිය එතනම තියෙන්න ඇරලා ඒක ගැන පරික්ෂා කරන්නෙ නැතිව මේ තාප්පයක් වටේ යන එක ගැන...
අවසානෙ කපිල එක් තැනක නතර උනා ...කපිලගෙ ඇස් දිලිසුනේ තමන් හොයමින් පැමිණි දේ හම්බ උනා වගේ...එම ස්ථානයෙ තාප්පයට කොටයක් හේත්තු කර තිබුනා ...ඒ කොටය මතින් ඕනම කෙනෙකුට හරි පහසුවෙන් තාප්පය මතට ගොඩ වෙන්න පුළුවන් බව බැළු බැල්මට කපිල දැක්කා ...ඉලගට කපිල ඒ කොටය අසලින් හිටගෙන අවට පරිසරය දිහා නිරික්ෂනාත්මක බැල්මක් හෙලුවා ...එතනදි කපිලට තේරැම් ගන්න පුළුවන් උනා මේ ස්ථානය කිසිම කෙනෙකුට පෙන්නෙ නැහැ කියලා ...මොකද ඒ අවට ඝාණ කෑලැවෙන් වැහිලා තිබුනේ ...ඒ වගේම කොටය මත දිය සීරාවන් වගෙ අපැහැදිලි කොල පැහැති සලකුණු වගවක් දකින්න ලැබුනා...කපිල ඒ දෙසත් නිරික්ෂනාත්මකව බැළුවා...එක් වරම වචනයක් වත් කතා නොකෙරැ කපිල ඒ කොටය මතින් තාප්පයට ගොඩ වෙනවා ...ජාලිය මේ වෙන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බැරිව කපිල කරපු දේම කලා ...තාප්පය මතට ගොඩ උන කපිල දැකපු දෙයින් ඔහුටම පුදුමයි...නමුත් ඒ ඇස් දිලිසෙන හැටියෙන් ඔහු මේ වගේ දෙයක් බලා පොරොත්තු උන බව තේරැම් ගන්න පුළුවන් ...
"නියමයි...මම හිතපු විදිහටම වෙලා ..."
ඔව් නිවස පිහිටි භුමියට ඇතුල් වෙන්න ඒ තාප්පයට හේත්තු කරලා ඉණිමගක් තඹා ඇති අකාරය කපිල වගේම ජාලියත් දැක්කා...ජාලියයත් පුදුමයි මේ ගැන...
"ජාලිය මම හිතන්නෙ මේ පැත්තට අපේ අය අවේ නැහැ නේද ?"
"ඔව් සර් ...අනික මේ පැත්ත වල් වැදිලා තියෙන්නෙ සර් ...මේ තාප්පෙත් එක්ක කව්රැත් මෙහෙන් එන්න විදියක් නැහැ කියන මතෙ අපි හිටියේ..."
කපිල ඉලගට ඉණිමග මතින් බැස්සා ...ඒඅතර කපිල තවත් නිගමන කිහිපයක්ම හිතට අරගෙන තිබුනත් කිසිවක් කියන්න ගියෙ නැහැ ...ඉණිමගෙ අවසන් ලී කැබැල්ලට කකුල් තියා ගත්ත කපිල මොහොතක් ඒ අසල වල් වැදිලා තිබුන භුමිය පරික්ෂා කිරිමෙන් අණතුරැව වත්තට පය තිබ්බා ...
"ජාලිය මේ බලන්න ...මෙතන ඉදන් අඩි පාරක් තියෙනවා...මට හිතෙනවා කව්රැ හරි මේ අඩි පාර පවිච්චි කරලා තියෙනවා ...වැඩි කාලයක් නම් නැ ...අනික කව්රැ උනත් එක් කෙනෙක් තමා මේ අඩි පාර පවිච්චි කරලා තියෙන්නෙ ...ඔබය පේනවද මේ පලෑටි අතරින් එක්කෙනෙකුට විතරක් ගමන් කරන්න පුළුවන් අකාරයට සකස් වෙලා තියෙනවා ...සමාන්‍යයයෙන් එක දිගටකව්රැ හරි එනකොට යනකොට මේ වගෙ අඩි පාරක් හැදෙන එක සමාන්‍යය දෙයක් ...එන්න අපි යමු..."
ඒ අනුව කපිල සහා ජාලිය විනාඩි දහායක පමන ගමනකින් පසුව ඒ සුවිශාල නිවස අසලට ලන් වෙනකොට ඒ ඉඩමේ ඇති විශාලාත්වය ගැන අවබෝධයක් කපිල අරන් තිබුනා...අවසානෙ ඔව්න් පැමිණි අඩිපාර අවසන් උනේ නිවසේ දකුණු පැත්තෙන් ...
"අපි යමු ජාලිය ...මම හිතන්නෙ මම ගොඩක් දේවල් හොයා ගත්තා..."
කපිල පැවසු කාරනාව ගැන ජාලියට පුදුමයි ...මොකද කපිල පසු පස පැමිණියත් ජාලියට කිසිම අදහසක් තිබුනෙ නැහැ...
"ඒත් සර් අපිට කිසිම දෙයක් හම්බ උනේ නැහැනේ..."
"හම්බ උනා ජාලිය ...ගොඩක් දේවල් ...මම හිතන්නෙ මේ ජාලියගෙ පලවෙනි අපරාධ පරික්ෂන ඩිව්ටි එක වෙන්න ඕන ...අපි යමුකෝ ..."
ඔව්න් දෙන්නා නැවතත් ගමන අරම්භ කල ස්තානයට එනකොට පැය එකහාමරකටත් අදික කාලයක් ගත වෙලා තිබුනා ...ඒ වෙන කොට ප්‍රනාන්දු මහතාද අවදි වි අනෙක් පොලිස් නිළදාරින් සමගින් කතා බහා කරමින් ඉන්න අකාරය දකින්න ලැබුනා ...
"ආ ඔෆිසර්..මට මේ දැන් තමා මේ අරන්චිය ලැබුනේ ...මාර දෙයක් නේද වෙලා තියෙන්නෙ..."
ප්‍රනාන්දු මහතා කපිලගෙන් එහෙම ඇහුවත් කපිල ඒ ගැන පුදුමයක් දැක් උයේ නැහැ...කපිල ඔහුගෙන් විමසුවේ ඔහුගෙ බිරිඳගෙ සෞඛ්‍යය තත්වය ගැනයි...
"මිස්ටර් ප්‍රනාන්දු ,දැන් කොහොමද මිසිස් ප්‍රනාන්දුට ..."
"දැන්නම් ටිකක් අඩු ගතියක් තියෙනවා ඔෆිසර් ..."
"ඉක්මනින් ඇය හොද අතට හැරැනොත් හොදයි ...මොකද අපිට බැරි උනානේ ඇයගෙන් ප්‍රකාශයක් ගන්න ...ආ මිස්ටර් ප්‍රනාන්දු ...ඔබේ දුව හොස්ටල් ඉන්න කාලේ ඔබ වත් ,මිසිස් ප්‍රනාන්දු වත් ඇය බලන්න හොස්ටල් එකට ගිහින් තියෙනවද ?ඔබට මතකයක් එහෙම තියෙනවද ඒ ගැන ..."
කපිල පෙරලා ඔහුගෙන් විමසු දේ ගැන ඔහුගෙ හිතෙත් ඇති උනේ මවිතයක් ...මොකද ඒ වගෙ තොරතුරැ වලින් මිණිමරැවෙක් අදුන ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ඔහුගෙ හිතේ තිබුනා...
"මම දෙපාරක් තුන් පාරක් විතර ගිහින් තියෙනවා ...හැබැයි දුවගෙ අම්මා නම් සතියකට සැරයක් විතර යනවා දරැවාව බලන්න ...මම ඉතින් බිස්නස් වැඩත් එක්ක හිර වෙලා හිටියේ..."
"ආ ...හරි මිස්ටර් ප්‍රනාන්දු ..."
තවත් විනාඩියක් දෙකක් ඔව්න් අසල ගත කරපු මිස්ටර් ප්‍රනාන්දු නැවතත් නිවස තුලට යනකොට ජාලිය තමන්ගෙ හිතෙ තිබුන ප්‍රශ්නය ගැන අහන්න කපිල අසලට ලන් උනා ...කපිල ඒ බව දැන ගත්තා ...ඒ නිසා කපිලම කතාව පටන් ගත්තා...
"මම දන්නවා ජාලිය මගෙන් අහන්න හදන්නෙ මොකක්ද කියලා ...මේකයි ජාලිය ...මම ඒ සපත්තු දෙක දැකපු වෙලාවේම නිගමනය කලා මේ වත්ත ඇතුලෙන් පිටතට විසි කරපු සපත්තු දෙකක් කියන්න ...ඒ කාරනාව මම එහෙම කියන්නෙ ඔබ දැක්කද සපත්තු දෙක තිබුන හැටි ...ඉදිරිපස කොටස තිබුනෙ විරැද්ද පැත්තට ...එතකොට මම එතනින් පහසුවෙන්ම නිගමනය කලා අනිවාර්යෙන්ම මේ ඇතුලෙ ඉදන් පිටතට ආව කෙනෙක් කියන එක ...ඉලගට ජාලිය මම බැළුවා ඇගිලි සලකුනු ගැන ...නමුත් මේ ආව කෙනා පරිස්සමට ඇවිත් තියෙනවා ...අත් වැසුම් දෙකක් පාවිච්චි කරලා තිබුනා ...ඉලගට මම බැළුවේ ගේට්ටුවේ අපේ අය ඩිව්ටි හිටියා ...එහෙම නම් ගේට්ටුවෙන් කිසිම කෙනෙකුය ඇතුලට එන්න බැහැ ...එහෙම නම් අනිවාර්යෙන්ම මේ තාප්පයෙන් පැනලා තමා එන්න ඕන ...ඒ නිසායි තාප්පය වටේ අවේ ...එතනදි මම හිතපු දේ ඒ විදියටම වෙලා තිබුනා ...අර තාප්පයට හේත්තු කරලා තිබුන කොටය තමා ඒකට සාක්ෂි ...මේ ආව කෙනා ඒ කොටයය නැගලා තාප්පෙට ගොඩ වෙලා තමා ඇවිත් තිබුනේ ...එතනදි තවත් පුදුම සහාගත දෙයක් මම දැක්කා ...ඇත්තටම මම ඒ තාප්පෙට නැගලා ඒක දකිනකල් විශ්වාස කලේ නැහැ ඒ ගැන ...අර ඉණිමග ...ආව කෙනා ඒ ඉණිමගින් වත්තට ඇතුළු උනා...එතකොට ජාලිය මෙතනදි තව දෙයක් නිරික්ෂනය කලා මම කව්රැ උනත් හොදට මේ ගැන දන්න කියන කෙනෙක් තමා මේ ඇවිත් තියෙන්නෙ ...ඒ වගේම තමා කාලයක් තිස්සේ මේ පාරෙන් ඇවිත් තියෙනවා ...ඔබත් දැක්කා ,මමත් දැක්කා අඩි පාරක් හැදිලා තිබුනා ...එහෙම වෙන්නෙ සතෙක් හරි කාලයක් එකම මාර්ගය පවිච්චි කලාම ...ඒ ආව කෙනා මොකක් හරි වැඩකටඅවේ ...නමුත් අපේ නිළදාරින්ව දැක්කා ...පස්සෙ ඔහු ආපහු ආව පාරේන්ම ආවා.. තාප්පය දිගෙ එනකොට අපේ අය දැක්කා ...පස්සෙ හදිසියට තාප්පයෙන් පැනලා ඔහු යන්න ගියා ...ඒ වගේම ජාලිය මේ කන්තාවක්...කන්තාවක් උනත් ඇය තරැණියක් වෙන්න ඕන ...මොකද සමන්‍යයයෙන් ක්‍රිඩා සපත්තු විවාහක අය පවිච්චි කරන්නෙ නැහැ...අර තිබුනේ ක්‍රිඩා පාවහන් යුගලයක්...දැන් ඔබට පැහැදිලි ඇති මම කතාවක් බහක් නැතිව මොකද කලේ කියලා ..."
කපිල හරි ලස්සනට මේ දේවල් විස්තර කරන කොටඅපරාධ පරික්ෂන රාජකාරියට නවකයෙක් වෙච්ච ජාලියට පුදුමයි ...ඔව් අපරාධ පරික්ෂනයන් වලදි නිරික්ෂනය තමා වැදගත් ...හැම දෙයක් දිහාම සැකය කියන මතෘකාවෙන් බලන්න ඕන ...
"එතකොට සර් කියන්නෙ මේ ආව කෙනා කාලයක් තිස්සෙ මේ පාර පවිච්චි කරලා තියෙනවා කියන එකද ?ඒ වගේම මේ තරැණියක් කියලද ?එතකොට සර් ඇයි ඇය මේ විදියට ඝාතණයක් වෙලා තියෙනකොට අවේ ..."
ජාලිය නැවතත් කපිලගෙන් ප්‍රශ්නයක් විමසුවා...
"ජාලිය ඔබ හරි ඒ අනිවාර්යෙන් තරැණියක් ...අඩු වයසක තරැණියක් ...නමුත් ඇය අවේ මොන අදහසකින්ද කියන්න මම දන්නෙ නැහැ...ඒ වගේම ඇයට මේ පාර හොදට හුරැයි ...අපි බලමු ජාලිය ඉස්සරහට මොනවා වෙයිද කියලා...කව්රැ උනත් අපරාධ කාරයෙක්ට වැඩි අයුෂ නැහැ...ඉක්මනට අපිට පුළුවන් වෙයි මේ හැම දෙයක්ම විසදන්න..."
ඒ වෙනකොට උදෑසන දහායට අසාන්න වෙලා තිබුනා ...ප්‍රනාන්දු මහතාගෙ ඇරයුමෙන් කපිල ඇතුළු නිළදාරින් තේ පානය සඳහා ඒ සුවිශාල නිවසට ඇතුළු උනා ...එහිදි කපිල දැක්කා බිත්තියේ රාමු කරලා තිබුන විශාල ප්‍රමානයේ ජායා රැපයක් ...කපිල මොහොතක් ඒ දිහා බලන් හිටියා ...එහි තිබුනේ ඝාතණයට ලක් වෙලා හිටපු තරැණියගෙ යහාළුවන් පිරිසක් එක්ක ඇය ගත්ත ජායා රැපයක් ...
"ඔෆිසර් ...ඔය පොටෝ එක දුව හොස්ටල් එකෙ හිටපු අවසාන දවසේ ගත්ත පොටෝ එකක් ...ගෙදර අාව ගමන්ම ඕක ලොකු කරපු එක තමා කලේ..."
"ආ...ඒක තමා ...මමත් මේ බැළුවේ..."
එවිටම කපිල දැක්කා මිසිස් ප්‍රනාන්දු රෝද පුටුවක තියන් නිවසේ වැඩ කාරිය ඔව්න් සිටි දෙසට එන අකාරය වගේම තවත් දෙයක් කපිලගෙ නිරික්ෂන ඇසට අහු උනා ...ඒ මිසිස් ප්‍රනාන්දුගෙ ඇස් යොමු වෙලා තිබුනේ ඔව්න් බලන් හිටපු ජායාරැපය දෙසට බව...ඒ වගේම ඒ ඇස්වල යම් කිසි බියක් සටහන් වෙලා තිබෙන අකාරයත් කපිල දැක්කා ...නමුත් කපිල ඇගෙන් කිසිම දෙයක් අහන්න ගියේ නැහැ...මොකද ඇය යහාපත් ශරිර සෞඛ්‍යය තත්වයක නොසිටිය හින්දා...
තේ පානයෙන් අණතුරැව කපිල ජාලිය ඇමතුවා ...
"ජාලිය අර කාමරේ ලොක් කරලා නේද තියෙන්නෙ ..."
"ඔව් සර් ...ඒක ලොක් කරලා තියෙන්නෙ..."
"අපි ටිකක් යමුද එතනට ...මට නිකමට හිතුනා අපි ඒ කාමරය පරික්ෂා කලොත් හොදයි කියලා...".
ඒ අනුව කපිල නිළදාරින් සමගින් ඒ කාමරය පරික්ෂා කිරිම සඳහා යොමු උනා ...
"බලන්න ...හැම තැනක්ම ...අපිට චුටි දෙයක් උනත් වැදගත්... කිසිම දෙයක් අත් හරින්න එපා..."
පැය භාගයක් විතර කාමරය පරික්ෂා කලත් කිසිම දෙයක් හොයාගන්න බැරි උනා ...
"ඔය කබඩි එක අදින්න ...ඒ වගේම මේ සැටිය ...හැම දෙයක්ම බිත්තිය ලගින් මෙහෙට ඇදලා බලන්න ..."
කපිලගෙ අණ ක්‍රියාත්මක වෙද්දි එක් වරම කපිලගෙ දුරකථනය නාද උනා ...
"හෙලෝ ..කපිල ගුණවර්ධන..."
"ඔෆිසර් ...මම ඩෝක්ටර් එදිරිමාන්න ...අර අශිංසනා කියන ගර්ල්ගේ ඩෙත් බොඩිස් එක පරික්ෂා කලේ මම ...මම මිස්ටර් කපිලට කතා කලේ විෂේස දෙයක් ගැන කියන්න ...මේක මිස්ටර් කපිලට වැදගත් වෙයි කියලා හිතුන හින්දා.."
"ඔන් ඩොක්ටර් කියන්න ...මොකක්ද කියන්න තියෙන්නෙ..."
"මිස්ටර්කපිල ..මේ තරැණිය රේෆ් කරලා නැහැ...නමුත් මිස්ටර් කපිල වෙන දෙයක් වෙලා තියෙනවා ...ඇගෙ ලිංගික ප්‍රදේශයෙ අසමන්‍යය විදිහට ශ්‍රාවයක් තිබුනා ...සමන්‍යයයෙන් අඹු සැමි ඇසුරකට පස්සෙ කන්තාවක්ගෙ ශරිරයෙන් පිට වෙන්නෙ ..ඩිම්බ අන්න ඒ වගේ...නමුත් ඇය තාම කන්‍යයාවියක් ...මේක හරි පුදුමයක් මිස්ටර් කපිල ..."
වෛද්‍යය වරයා පැවස දේ ගැන කපිලටත් පුදුමයි ...ඇය දුෂනයය ලක් වෙලා නැත්තම් කොහොමද ඒ වගෙ දෙයක් වෙන්නෙ ...කපිලගෙ හිතට යම් දෙයක් ඇතුළු වෙලා තිබුනා ...එවිටම කාමරය පරික්ෂා කරමින් සිටි නිළදාරින් කෑ ගැහුවා ...ඒ වන විට ඔව්න් කබඩි එක පිටතට ඇදලා තිබුනා ...
"සර් මේ බලන්න ..පුදුමයි.."
"හරි ඩොක්ටර් ඔබට ගොඩක් ඉස්තුතියි ...මේ ගැන දැනුම් දුන්නට ...මම අවශ්‍යය උනොත් ඔබට කෝල් එකක් ගන්නම්..."
ඇමතුම විසන්දි කල කපිල ඉක්මනින් නිළදාරින් සිටි තැනට දිව ගියා ...පුදුමයි දක්නට ලැබුන දේ ගැන ...
"සර් මේ අර කාමරේ හයි කරලා තිබුන cctv කැමරාවේ කැම් එක ,එතකොට සර් මේ යතුර ..."
කපිල මෙවැනි දෙයක් බලාපොරොත්තු උනේ නැහැ...කපිල නිළදාරියා අතින් ඒ යතුර සහා කැමරාව ගත්තා ...යතුර දිහා මොහොතක් බලන් හිටපු කපිල යතුරත් අරන් ගියේ මෙච්චර කාලයක් වහලා දාලා තිබුන කාමරයට ඇතුල් වෙන්න තිබුන දොර ලගට ...යතුරැ හිලට යතුර ඇතුල් කර කරකැව් විට "ටක්"හඩක් නගමින් අගුල විවෘත උනා ...ඒත් එක්කම කපිලගෙ අන්කයට ඇමතුමක් ආවා...ඇමතුම සාජන් කුරේ ගෙන්...
"සර් .. මේක නම් පුදුමයක් ...මම සර් කිව්ව විදියම කලා ...හරි අසාමන්‍යයයි සර්..මෙහෙම කියන්න බැ ..මම ඉක්මනට එන්නම් සර්..."
"හරි සාජන් ඉක්මනට එන්න ..ආ ..සාජන් එන්න කලින් බලන්න මිසිස් ප්‍රනාන්දු මොනාම හරි කාරනාවකට හොස්ටල් එකෙන් පණිවිඩ යවලා ගෙන්නලා තියෙනවද කියලා..."
"හරි සර් ඒ හැම දෙයක් ගැනම විස්තර මම ගත්තා ...ඒ ගැනම තමා පුදුම සර් ..හිතා ගන්න බැ ...මම ඉක්මනට එන්නම්..."
කපිලට හිතා ගන්න බැ ...මෙච්චර දවසක් කව්ද මේ විදිහට මේ කැමරාව සහා යතුර හන්ගලා තිබ්බේ කියන එක ...ඒ වගේම වෛද්‍යය වරයාගෙ කෝල් එක ...ඇය දුෂනයට ලක් වෙලත් නැහැ...එතකොට ඇගෙ සිරැරෙන් කන්තාවන්ගෙ ඩිම්බ තිබුනේ කොහොමද ?
තවත් විනාඩි දහායක් විතර කාලයක් ගෙන කාමරය පරික්ෂා කලත් ඇල්බම් කිහිපක් ඇරෙන්න වෙනත් කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා ...
"ජාලිය මේ ඇල්බම් ටිකයි ,අර කැමරාවයි ,ගන්න ...අපි ඉක්මනින් යන්න ඕන ..."
සවස තුන පමන වන විට කපිලට කාර්යාලයට එන්න පුළුවන් උනා ...කාර්යාලයට යනකොට රස පරික්ෂනයෙ වාර්ථාව ඇවිත් තිබුනා ...කපිල ඒක බැලුවා...
"මොකක් ...හරි පුදුමයි ...මේක නම් ...එතකොට ඇත්තටම මොකක්ද උනේ?..."
ඇත්තටම මොකක්ද උනේ ?ප්‍රශ්නයක් ...රෑදෙන්න අවසන් කොටස එක්ක ...ඔබට හිතෙන්නෙ මොකක්ද ?අදහස් ප්‍රකාශ කරන් යන්න
