"ඝාතකයා කව්රැන්ද" තුන්වන කොටස | Gathakaya Kaurunda 03 Kotasa

"ඝාතකයා කව්රැන්ද"
(තුන්වන කොටස)
ඔෆිසර් ඒ කාමරේ යතුර දුව ගෙදර එන්න කලින් තිබුනා ...මොකද දුව අව්රැදු ගානක් හිටියේ හොස්ටල් එකේ ...මාස හතරක් වගේ තමා දුව ගෙදර ඇවිත් වෙන්නෙ ...ඇවිත් සතියක් විතර යනකොට තමා ඔය කාමරේ යතුර නැති උනේ ...අළුතින් දොරක් දාන්න හැදුවත් දුව ඒකට විරැද්ද උන හින්දා ඒක අත් හැරලා දැම්මා..."
ඒ පිලිතුරෙන් නම් කපිල⁣ගෙ කුතුහලය වැඩි උනා...මොකද මේ කාමරේ දොරේ යතුර නැති වෙන්නෙ මේ තරැණිය ආයි ගෙදරට ආවට පස්සෙ  ...එතන හිතන්න දෙයක් තියෙන බව කපිලට වැටහි ගියා ...ඉලගට කපිල අතේ තිබුන මුද්ද ප්‍රනාන්දුට පෙන්නුවා...
නමුත් ඔහු පැවසුවේ ඒ මුද්ද පිලිබදව කිසිදු  දෙයක් නොදන්න බවයි..
අද එතැන් සිට....
"ඔබට හොදටම විශ්වාසද මිස්ටර් ප්‍රනාන්දු ඔබ මේ මුද්ද ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ කියලා...මොකද මේ වගේ චුටි චුටි කරැණු වලිනුත් අපිට ලොකු දෙයක් දැන ගන්න උදව්වක් වෙන්න පුළුවන් ..ඒ හින්දා මම ඔබෙන් කරැණාකරලා ඉල්ලනවා ...මොකක්ම හරි දෙයක් දන්නවානම් ඒක අපිට කියන්න ..."
කපිල කිව්වේ ඇත්ත ...දිර්ඝ කාලයක් තිස්සේ අපරාධ පරික්ෂන දෙපාර්ථමේන්තුවට අනුයුක්තව රාජකාරි කිරිම නිසා කපිලට මෙවන් දේ ගැන හොද අවබෝදයක් තිබුනා ...සමහර පරික්ෂන වලදි ඉදිකටුවකින් පවා මිණිමරැවා ලගට යන්න ⁣සක්ෂි හොයාගන්න පුළුවන් උන හින්දා...
"අනිවාර්යෙන් ඔෆිසර් ...මේ මැරිලා ඉන්නෙ මගේ දරැවා ...ඉතින් මම දන්න දෙයක් කියන එක මගේ යුතුකම ...මගේ බිරිදට නම් කතා කරගන්න විදිහක් නැහැ...ඔබට තේරෙනවනේ ...ඇයනෙ දරැවගෙ අම්මා ..."
ප්‍රනාන්දු පැවසුවේ සත්‍යයක් බවට කපිල විශ්වාස කලා ...මොකද තාත්තා කෙනෙක් මේ වගෙ අවස්ථාවක බොරැවක් කරයි කියලා කපිලට හිතුනෙ නැහැ...
ඒත් එක්කම කපිලට තවත් කාරනයක් මතක් උනා ...ඒ ඇගෙ කාමරයෙ තිබුන cctv කැමරාව ...කපිල ඒක ගැන මතකෙ තියා ගත්තා...මොකද ඒ කැමරාව විතරයි එතන නැත්තෙ ...අනෙක් සියළු දේ එතන තිබුනා ...ඒ ගැන සැකයක් කපිලගෙ හිතට ඇව්ත් තිබුනා...
"හොදයි මිස්ටර් ප්‍රනාන්දු මට ඔබෙන් අවසාන වශයෙන් දැන ගන්න එක කරැණක් තියෙනවා ...මට කියන්න ඔබේ නිවසේ හැම තැනකම cctv කැමරා හයි කරලා තියෙනවද ?..."
"ඔව් ඔෆිසර් ...මේ ගෙදර හැම තැනකම cctv කැමරා හයි කරලා තියෙන්නෙ ...මොකද ඒක ගෙදර අරක්ෂාව ගැන හිතලා කරපු දෙයක්..මම ඒක කලේ නිවස හදපු දවස්වලමයි..."
ප්‍රනාන්දු මහතා කපිල විමසු පැනයට ඒ විදිහට පිලිතුරැ දෙනකොට කපිලගෙ හිතට නැගුන ප්‍රශ්නය නම් අනේකුත් කැමරා තිනේනත් ඝාතණය කරලා තිබුන තරැණියගෙ කාමරයෙහි විතරක් නැති වෙන්නත් හේතුව මොකක්ද කියන එක ...සමහර විට අළුත් වැඩියා කටයුත්තකට වත් ගලවලා ඉවත් කලාද කියන සැකය කපිලගෙ හිතට ආවා...
"මිස්ටර් ප්‍රනාන්දු ඔබ කියනවා නිවසේ හැම තැනකම කැමරා හයි කරලා තියෙන්නෙ කියලා ...එහෙමනම් මට කියන්න ඔබේ දුවගෙ කාමරයේ තිබ්බ කැමරාවට මොකද උනේ කියලා...මොකද ඒ කාමරයේ කැමරාව ඇර අනේක් කොටස් තියෙනවා ...කැමරාව විතරක් නැහැ..."
කපිලගෙ ප්‍රශ්නයෙන් ප්‍රනාන්දු මහතා අන්දුන් කුන්දුන් වි ඇති බවක් දක්නට ලැබුනා ...ඔහුගෙ මුහුනේහි ඇති වෙලා තිබුන හැගිමෙන් කිය ව්නේ ඔහු මේ සම්බන්දව කිසිම දෙයක් නොදන්න බවක්...කපිලගෙ ඒ නිගමනය ඉලග මොහොතේ ප්‍රනාන්දු විසින් සහාතික කලා...
"ඇයි ඒ කාමරේ කැමරාව නැද්ද ?පුදුමයි...ඒක තිබ්බනේ ...මට මතක හැටියට ඒ කැමරාවේ දොෂ තිබුනෙත් නැහැ...එතකොට ඒ කැමරාවට මොකද උනේ..."
"සාජන් මේ කරැණත් රතු පැනෙන් සටහන් කර ගන්න ...හොදයි මිස්ටර් ප්‍රනාන්දු ඔබේ සහායෝගයට ගොඩක් ඉස්තුතියි...අපි නැවත අවශ්‍යය උනොත් ඔබව හමුවෙන්නම් ..."
ඒ අනුව කපිල නිවසේ සිටි සියළු දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන අවසන් කලා ...මේ වෙනකොට මල සිරැර පශ්චාත් මරණ පරික්ෂනයෙ වැඩි දුර කටයුතු සදහා රෝහලට රෑගෙන ගොස් තිබුනා ...
"සාජන් අපේ තුන් දෙනෙක් මෙතන තියන්න ...ඒ අයට කියන්න මගේ අවසර නැතිව මේ කාමරයට කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න දෙන්න එපා කියලා ...කාමරේ සීල් කරන්න ...රස පරික්ෂක දේපාර්ථමේන්තුවට දැනුම් දුන්නද වායු සමිකරණ යන්ත්‍ර පරික්ෂා කරන්න කියලා..."
ඒ වන විට SI ජාලිය විසින් ඒ ගැන දැනුම් දිලා තිබුනා ...ඔහු ඒ ප්‍රශ්නයට පිලිතුරැ ලබා දුන්නා...
"ඔව් සර් ...මම ඒ ගැන දැනුම් දුන්නා ...ඉක්මනට කණ්ඩායමක් එවන්නම් කිව්වා..."
"හොදයි ජාලිය ...ඔබ මේ නිවසේ අරක්ෂාව ගැන බලන්න ...කිසිම කෙනෙකුට අර කාමරේට විතරක් යන්න දෙන්න එපා ...එතන පොටෝස් ගන්න ...කිසිම දෙයක් අත්හරින්න එපා ..ඒ පොටෝස් ටික මට එවන්න ...අපි දැන් යමු සාජන් ...මරණ පරික්ෂන වාර්ථාව ලිඛිතව එනකල් අපිට හිතන්න ගොඩක් දේ තියෙනවා ...මරණ පරික්ෂන වාර්ථාවෙන් අපිට දැන ගන්න පුළුවන් වෙයි මේ තරැණියව යම් කිසි අකාරයකින් දුෂනයකට ලක්කරලා තියෙනවද කියන එක ...ඒ ගැන ඉට පස්සෙ අපි බලමු ..."
ඒ අනුව ප්‍රනාන්දු නිවසේ අරක්ෂාව තර කිරිමෙන් අණතුරැව කපිල සාජන් කුරේ සමගින් පිටව ගියා ...යන ගමන පුරාවටම කපිල කල්පනා කලේ මේ ඝාතණයෙ ඇති පරස්පරතා පිලිබදව...
"සර් පොඩි දෙයක් කියන්නද ?"
සාජන් කුරේ හඩ විවෘත කලේ ජිප් රථය පදවමින්මයි...
"මොකක්ද සාජන් කියන්න යන්නෙ ...කියනවා බලන්න..."
"සර් මට නම් හිතෙනවා මේ මිණිමරැවා කව්රැ උනත් මේ ගෙදර කා එක්ක හරි සම්බන්දයක් තියෙන්න ඇති කියලා ...නැත්තම් කොහොමද සර් මේ විදිහට කිසිම කෙනෙකුට නොදැනෙන්න මිණිමැරැමක් කරන්නෙ ..."
සාජන් කුරේ දිගටම ඔහුගෙ අදහස් ප්‍රකාශ කරද්දි කපිලත් උවමනාවෙන්ම ඔහුගෙ කතාව අහන් හිටියා...
"සාජන් කොහොමද එහෙම කියන්නෙ..."
"දැන් ටිකක් හිතන්න සර් ...අපිට මේ ගෙදර වැඩ කාරයින්ගෙන් වගේම මියගොස් ඉන්න තරැණියගෙ දෙමාපියන් දෙන්නාගෙන් දැන ගන්න ලැබුන විදිහට වායු සමිකරණය ක්‍රියාත්මක කරන කොට අමුතු ගදක් දැනිලා තියෙනවා ...අපි නිකමට හිතමු මේ දැනිලා තියෙන්නෙ මොකක් හරි විෂ සහිත දෙයක් කියලා ...බලන්න සර් ඝාතකයා කව්රැ උනත් ඔහු මේ නිවස ගැන හැම දෙයක්ම දන්න කෙනෙක්...එහෙම නැතිව ඔහු කොහොමද දන්නෙ මේ ගෙදර හැම කාමරයකම වායු සමිකරණ යන්ත්‍ර තියෙන බව?එහෙම හරියටම දැනගෙන මේ වැඩේ කලා වෙන්න බැරිද ?මොකද අපි ප්‍රකාශ ගත්ත හැම කෙනෙක්ම කිව්වා සර් වායු සමිකරණ වලින් ආව මේ අමුතු ගඳ නිසා ඔව්න්ට ඉක්මනට නින්ද ගියා කියලා..."
සාජන් කුරේ දිගටම කතා කලත් කපිල හිටියේ ඔහුගෙ හිතට ආව වෙනත් අදහසක් ගැන හිතමින් ...ඇත්තටම මේ ගැන කලින් හිතුනේ නැති එක ගැන කපිලට දැනුනේ තරහක් ...
"සිට් ...සාජන් මට මේක කොහොමද අමතක උනේ ..."
සාජන් කුරේ කරමින් හිටපු කතාව නැවැත්තුවා ...ඔහුට හිතා ගන්න බැ මේ තමන්ගෙ ප්‍රදානියා කියන්නෙ මොකක් ගැනද කියලා...
"මොකක් ගැනද සර්..."
"සාජන් රස පරික්ෂනය කරන්න ඒ ඩිපාර්ට් මන්ට් එකෙන් ගියාද කියලා අහන්න ...ඉක්මන් කරන්න..."
සාජන් කුරේ ඉක්මනින් ඒ අංශයට කතා කලා ...විනාඩියක් දෙකක් විතර ඔහු කතා කරලා ඇමතුම විසන්දි කලා...
"සර් එහෙන් කට්ටිය ගිහින් ...විශ්වකිර්ති සර් තමා ගිහාන් තියෙන්නෙ..."
කපිල වචනයක් වත් කියන්නෙ නැතිව විශ්වකිර්තිගෙ අන්කයට කෝල් එකක් ගත්තා...
"මචන් ...උඹද අර ප්‍රනාන්දු පව්ලෙ ගෙදර යන ටිම් එකේ ලිඩර් ...ඔව් ඔව් බන් මම තමා ඒක ගැන බලන්නෙ ...මේ අහපන් ...වැඩක් කරපන් ...උඹ පර්කෂනයට වායු සමිකරණ වලින් නියැදි ගන්නකොට වෙන වෙනම ගන්නවද ?මර්ඩර් එක වෙලා තියෙන කාමරේ වෙනම ගනින් ...අනික් ඒවා වෙනම ගනින් ...හරිනේ ...මට හෙට වාර්ථාව දෙන්න පුළුවන් වෙයි නේද ...ආ හරි හරි තැන්කියු මචන් ...තැන්කියු..."
කපිල ඇමතුම විසන්දි කරන කොට සාජන් කුරේ තමන් දිහා පුදුමයෙන් බලා සිටින බව කපිල දැක්කා ...
"සාජන් ...මොකද යකෙක් දැක්කා වගේ ...ආ..."
"නැ සර් ඇයි එහෙම කිව්වේ කියලා හිතාගන්න බැහැනේ..."
"සාජන් දැන් සාජන් කියපු කතාව තියෙනවනේ ...අපි මෙහෙම හිතමු ...වෙන කව්රැ හරි ඇවිත් ඒ විදිහට කලා නම් අනිවාර්යෙන්ම ගෙදර හැම වායු සමිකරණ යන්ත්‍රයකටම මේ වායුව එකතු කරන්න පුළුවන් ...නමුත් මට පොඩි සැකයක් තියෙනවා ...මේ ඝාතණය වෙච්ච කාමරේ තිබුන වායු සමිකරණ යන්ත්‍රයෙත් මේ විදිහේ දෙයක් වෙලා තියේ නම් අනිවාර්යෙන්ම ඒ වායුවෙත් මේ ආවා කියන ගඳ එන්න ඕන ...එහෙම වෙලා තිබුනොත් අපිට හිතන්න පුළුවන් මේ වැඩෙ කරලා තියෙන්නෙ මේ ගෙදරම කෙනෙක් කියලා ...එහෙම නැති උනොත් එතන ප්‍රශ්නයක් තියෙනවා ..අපි බලමු සාජන් ...මම මේක ගැන කලින්ම කිව්වේ අපේ අය දන්නෙ නැතිව කලවමට නියැදි ගනියි කියලා හිතිලා ..."
තවත් පැයක පමන ගමනකින් පස්සෙ කපිල සහා සාජන් කුරේ මධ්‍යයස්ථානය වෙත ලන් උනා ...ජිප් රථයෙන් බැහැපු ගමන්ම කපිල තමන්ගෙ කාර්යාලයට වැදුනේ ඔහුට මේ ගැන හිතන්න ගොඩක් දේ තිබුන හින්දා...
මුලින්ම කපිල ඒ ගෙදර අයගෙන් සටහන් කර ගත්ත සක්ෂි ප්‍රකාශයන් එකින් එක හොදින් කියෙව්වා ...ඉට පස්සෙ කපිල ඒ ප්‍රකාශයන් වල විශේසයි කියලා හිතෙන කරැණු වෙනම කොලයකට ගත්තා...එතනදි කපිලට දැනුන දෙයක් තමා අර වායු සමිකරණ යන්ත්‍ර තුලින් ආවා කියන අමුතු සැරගතියක් තිබුන දුර්ඝන්දය ..
ඉලගට කපිලගෙ නිරික්ෂනයට අහු උනේ මිස්ටර් ප්‍රනාන්දුගෙ ප්‍රකාශය ...එතනදි ඔහු කිව්ව විදිහට මේ මිය ගිහින් ඉන්න තරැණිය දිර්ඝ කාලයක් තිස්සෙ නිවසින් පිට තමා ජිවත් වෙලා තියෙන්නෙ ...ඒ ඇගෙ ඉගැන්විම්  කටයුතු සඳහා ...හරි පුදුම විදිහට ඇය නිවසට ආවට පස්සෙ ඇගෙ කාමරයෙහි ප්‍රදාන දොරේ යතුර නැති වෙලා තිබුනා ...එතකොට මිස්ටර් ප්‍රනාන්දු ඒ දොරට අළුතින් අගුලක් දාන්න උත්සහා කලත් ඝාතණයට ලක් වෙලා හිටපු තරැණිය ඉට අකමැති වෙලා ...ඒකත් හරි පුදුම කාරනාවක් ලෙස කපිලට දැනුනා ...ඒ වගේම ඇගෙ කාමරයෙහි තිබුන කැමරාවට මොකක්ද සිද්ද උනේ?මේ හැම දෙයක් ගැනම කපිල ගැඹුරින් හිතුවා ...
එතකොටම කපිලට මතක් උනේ ඇගෙ කාමරයෙහි යහනෙහි තිබුන පොරෝනා දෙක ගැන ...ඇය විතරක් ඒ කාමරයෙහි හිටියානම් පොරෝනා දෙකම දිග ඇරලා තිබ්බේ ඇයි?ඒ වගේම ඇය නිවසට ආවට පස්සෙ තමා එහි තිබුන cctv කැමරාව අතුරැදන් වෙලා තියෙන්නෙ ...ඒකට මොකද උනේ ...ඇයි ඝාතකයා ඇගෙ මුහුනෙන් පහල කොටස විතරක් විනාශ කලේ ...එතකොට අර බෝණික්කාන්ට අර විදිහට කලේ ඇයි ...උත්තර නැති ප්‍රශ්න ගාලක කපිල පැටලිලා එකින් එක ප්‍රශ්නයට උත්තර හොයන්න පටන් ගන්න කොට වෙලාව රෑ දහායත් පහු වෙලා තිබුනා ...මේ වෙනකොට කපිල තනියම කල්පනා කරන්න අරන් පැය පහකටත් වැඩි කාලයක් ගත වෙලා තිබුනා ...
"මුද්ද ...මට අමතක උනා ...මට මතකයි මිස්ටර් ප්‍රනාන්දු කිව්වා මේ මුද්ද ඒ ගෙදර කව්රැත් පවිච්චි කරපු එකක් නෙවෙයි කියලා ...එතකොට මේ මුද්ද කාගෙද ?"
කපිල හදිසියේම ඒ නිවසේ පඩි පෙල ලගදි ඔහුට හමු උන මුද්ද ගැන මතක් වෙලා තමන්ටම කියාගෙන අසුනෙන් නැගිටලා කාමරයෙහි සක්මන් කරන්න ගත්තා...ඒත් එක්කම කපිල ඇවිදිමින් හිටපු එක නතර කලේ කුමක් හො දෙයක් පිලිබදය මතක් උනා වගෙ ...ඔහු ඇමතුමක් ගත්තා...
"සාජන් කුරේට ටිකක් එන්න කියන්න ..."
සාජන් කුරේ එදින රාත්‍රි රාජකාරිවල හිටපු හින්දා ඔහු පොලිසිය තුල සිටියා  ...කපිලගෙ දැනුම් දිමට අනුව සාජන් කුරේ ඉක්මනින්ම කාර්යාලයට ආවා...
"සර් මට එන්න කිව්වද ?"
"ආ ඔව් සාජන් ...මේක හොදට අහාගන්න ...සාජන්ට මතකද මිට අව්රැද්දකට කලින් අපි විසඳපු කේස් එකක් ගැන ...අර මානසික රෝගයකින් පෙළුන සහොදරයා තමන්ගෙ සහොදරයාව මරලා දාලා තිබුනේ ...සාජන් මතක් කරලා බලන්න ...මේකත් ටිකක් ඒකට සමානයි කියලා හිතෙන්නෙ නැද්ද?සමහර විට සාජන් මේකත් ඒ වගේ ඝාතණයක්ද කියන්න බැ ...ඒ නිසා සාජන් මට මේ තරැණිය සම්බන්දව හැම විස්තරයක්ම ඕන ...මොකද මෙතන අපි පඹ ගාලක පැටලිලා ඉන්නෙ ...ටිකක් හිතන්න මේ තරැණිය නිවසට ඇවිත් තියෙන්නෙ අව්රැදු නමයකින් ...ඒ ඇවිත් මාස කිහිපයක් යනකොට ඇයව ඝාතණය වෙනවා ...මිස්ටර් ප්‍රනාන්දු කියන විදිහට ඇය මේ මාස හතර නිවසටම වෙලා ඉදලා තියෙනවා ...මම නම් හිතන්නෙ නැ මේ කාලය තුලදි මේ ගෙදර හිටපු කව්රැත් ඇයත් එක්ක වෛරයක් ඇති කරගන්න ඇති කියලා ...මොකද ඒ ගෙදර වැඩ කාරයො ගොඩක් කල් ඉදන් ඒ ගෙදර වැඩ කරන අය ...එතකොට අපිට ඒ වැඩකාරයින් ගැන තිබුන සැකය අතාරින්න වෙනවා ...ඉලගට අපිට යොමුවෙන්න සිද්ද වෙන්නෙ ඇය නිවසින් පිට ගෙවපු කාලය දිහාට ...අපි ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නැ...අපිට ඒ ගැන හැම විස්තරයක්ම හොයන්න වෙනවා සාජන් ...අර දොරේ යතුරට මොකක්ද සිද්ද උනේ ...ඒ කාමරේ තිබුන කැමරාවට මොකක්ද සිද්ද උනේ ...මේ හැම දෙයක් ගැනම අපිට හොයන්න සිද්ද වෙනවා සාජන්..."
කපිල දිගින් දිගටම ඒ ගැන විස්තර කරනකොට සාජන් නිහඩවම ඒ ගැන අහන් හිටියා ...අවසානේ කපිල සාජන් කුරේට මේ විදිහට උපදෙස් දුන්නා...
"සාජන් අපිට මේ තරැණියව රේෆ් කරලද ?නැද්ද කියන එක හෙට දැන ගන්න ලැබෙයි...ඒ වගේම රස පරික්ෂන වාර්ථාවත් හෙට ලැබෙයි ...අපි ඒක හෙට බලමු ...දැන් සාජන් මම කිව්ව විදිහට කරන්න ..හොයන්න ඇය හිටියේ මොන හොස්ටල් එකේද ?ඇය එහි ගත කරපු ජිවිතය ?ඇයට හිටපු යාළුවෝ ,පෙම්වතුන් ,තරහාකාරයෝ ,ගුරැවරැ මේ හැම කෙනෙක් ගැනම හොයන්න...මේ දැන්ම ..."
කපිල සාජන් කුරේට එහෙම උපදෙස් දෙනකොට සාජන් කුරේ බැළුවේ බිත්තියේ තිබුන ඔරලෝසුව දිහා...එහි පාන්දර තුනට විනාඩි පහලවක් ඇති බව සටහන් වෙලා තිබුනා...මේ වෙලාවේ මේ කියන විදිහට වැඩ කරන්න බැ කියලා සාජන් කුරේ දන්නවා...
"සර් ඒ උනත් දැන් වෙලාව පාන්දර තුනට ලගයි ...දැන් යන්න බැහැ නේද සර්...තව පැය දෙකකින් එලිය වැටෙනවා ඉට පස්සෙ පරික්ෂන පටන් ගන්නද..."
සාජන් කුරේ මතක් කරනකොට තමා කපිලට වෙලාව බලන්න මතක් උනේ ...ඔහුටම පුදුමයි ...රාත්‍රිය උදා වෙලා තියෙන බව වත් ඔහුට මතක නැහැ...
"ඕ ...සාජන් මට ඒ ගැන මතකයක් තිබුනෙම නැහැනේ ..."
එතකොටම කපිල වගේම සාජන් කුරෙත් දැක්කා හදිසි ඇමතුම් අංශයේ රාජකාරි කරපු නිළදාරියා කාර්යාලය වෙත එන අකාරය...
"සර් මම ඇතුලට එන්නද ..."
"ආ ...එන්න එන්න ...මොකද මේ හදිසියෙම ..."
"සර් දැන් ටිකකට කලින් SI ජාලිය කතා කරා ...සර් කිව්වා මොකක් හරි ඇහුවේ සර්ව ...අර ප්‍රනාන්දු කියන කෙනාගෙ ගෙදර ගැන මොකක් හරි දෙයක් කිව්වේ ...හරියට ඇහුනෙත් නැහැ ...පෝන් එක කට් උනා ...පස්සෙ මම ගන්න හැදුවා ...අන්කෙ වැඩ නැහැ සර්..."
"මොකක් ?ජාලිය ?මේ පාන්දර ...සාජන් සමහර විට ජාලියගෙ පෝන් එකේ ප්‍රශ්නයක්ද දන්නෙ නැ ...තව කව්ද එතන ඩිව්ටි හිටියේ  ...ඒ කෙනෙකුට කෝල් එකක් ගන්න ...ජාලිය එතකොට ගිහින් නැද්ද ?මාර කෙනෙක්නෙ ජාලිය..."
සාජන් කුරේ ඉක්මනින් එහි රාජකාරි වලට රදවා පැමිණි පොලිස් සාජන් දිසානායකට ඇමතුමක් ගත්තා...
"හෙලෝ දිසානායක ...ජාලිය සර් සර්ට කෝල් එකක් අරන් තියෙනවා මොකද දන්නෙ නැ..."
"ආ ...කුරේ ඉන්න සර් මෙතන ඉන්නවා මම පෝන් එක දෙන්නම්..."
සාජන් කුරේ අතින් පෝන් එක ගත් කපිල ජාලිය සමගින් කතා කරා...
"ජාලිය මොකක්ද ප්‍රශ්නේ ..."
"සර් මෙතන හරි පුදුම වැඩක් උනා ...දැන් ටිකකට කලින් අපිට මේ ගෙදරට පිටිපස්සෙන් කව්රැ හරි වැටෙනවා වගේ සද්දයක් ආවා ...ගිහින් බලනකොට කව්රැ හරි කෙනෙක් තාප්පෙට නගින්න හදනවා ...අපි එනවා දැකලා ඒ කෙනා හරි ඉක්මනට ආයෙ අනික් පැත්තට පැනලා යන්න ගියා ...අපි සර් වටෙන් ගිහින් බැළුවා එතකොට යන්න ගිහින් ...හැබැයි සර් ඒ ආව කෙනා⁣ගෙ සපත්තු දෙක තාප්පෙ එහා පැත්තෙ තිබිලා හම්බ උනා ...සර් ඒක කන්තා සපත්තු දෙකක් සර්..."
"මොකක් ?කන්තා සපත්තු දෙකක් ...ඒත් ...."
කතාව කියවලා වචනයක් කියන් යන්න ...ඝාතකයා ගැන කුතුහලයක් තියෙනවද ?මගෙ හිතෙත් ඒ කුතුහලයම තියෙනවා ...ඉක්මනට ඉලග කොටස් දෙකත් අරන් එන්නම් ....