"ඝාතකයා කව්රැන්ද" දෙවනි කොටස | Gathakaya Kaurunda 02 Kotasa

"ඝාතකයා කව්රැන්ද"
දෙවනි කොටස

"මොකක් ...පුදුමයි ...මේක වෙන්න පුළුවන්ද ...හරි පුදුමයි...ජාලිය මට කියන්න මේ ඝාතණයට ලක් වෙලා තියෙන තරැණියගෙ මුහුනෙයි ...අර කාමරේ මුල්ලක තියෙන බෝනික්කගෙ මුනෙයි මුකුත් වෙනසක් හරි සමාන කමක් හරි පේනවද කියලා ..."
කපිලගෙ කතාවත් එක්ක SI ජාලිය ඒ වෙතට ලන් උනා ..ඔහු බෝනික්කා දිහා වගේම තරැණියගේ මුණ දිහත් මාරැවෙන් මාරැවට බැළුවේ කිසිම දෙයක් හිතා ගන්න බැරිව ...
"මට එහෙම කිසිම දෙයක් හිතාගන්න බැහැ සර්..."
අද එතැන් සිට....
ජාලිය කිව්වෙ ඇත්තටම කපිල කිව්ව විදිහෙ වෙනසක් ඔහුට පෙනුනෙ නැති බවයි...නමුත් කපිලගෙ තීක්ෂන දෑස් වලට මෙ වෙනකොට එක් දෙයක් අහුවෙලා අවසන්...
"හරි පුදුමයි ජාලිය ...මේ බලන්න ...මේ තරැණියගෙ මුහුනෙන් පහල ඉතාම දරැණු විදිහට විනාශ කරලා ...නමුත් මුහුණ විතරක් කිසිම දෙයක් කරලා නැහැ..ඒ වගේම හෙදට බලන්න ...මේ තරැණියගෙ මුහුනේ කන්තාවන් රැපලාවන්‍යය කටයුතු වලට පවිච්චි කරන පව්ඩර් වගෙ දෙයක් ගාලා තියෙනවා ...එතකොට ටිකක් හිතන්න ...මේ තරැණිය මිය යන්න කලින් මේ විදිහට මේකෆ් කලේ ඇයි?මේ කාමරයෙ තියෙන තත්වයත් එක්ක මට නම් හිතෙන්නෙ නැ ජාලිය මෙතන සාමකාමි විදිහට ඝාතණය සිද්ද වෙන්න ඇති කියලා ...වේදනාව හින්දා මේ කෙල්ල කෑ ගහන්න අැති ...පොර බැදිමක් වෙන්නත් ඇති ...නමුත් මේ මුහුනෙ තියෙන අලේපන වලට කිසිම හාණියක් වෙලා නැහැ...ඒ වගේම තමා ජාලිය අර බෝණික්කට ලන් වෙලා බලන්න ...මේ ඝාතණයට ලක්වෙලා ඉන්න තරැණියගෙ මුහුනේ වගේම ඒ බෝනික්කගෙ මුහුනෙත් අලේපන වර්ගයක් තවරලා තියෙනවා ...බලන්න ...ඒ බෝනික්කගෙත් පහල කොටස සම්පුර්ණයෙන්ම විනාශ කරලා..."
කපිල හරි ලස්සනට ඔහුට නිරික්ෂනය උන දේ අන් අයට පැහැදිලි කරන්න උනා ...ජාලිය කපිල කියපු විදිහට බෝණික්කගෙ මුහුන වගේම තරැණියගෙ මුහුනත් පරික්ෂා කලා ...
"ඔව් සර්...ඒක නම් හරි පුදුමයි...මේ කෙල්ලගෙ මුහුනෙයි අර බෝනික්කගෙ මුහුනෙයි තියෙන්නෙ එකම අලේපන වර්ගයක් ...මට හිතෙන්නෙ සර් තරැණියව ඝාතණයට ලක් කරලා තමා මේ විදිහට කරලා තියෙන්නෙ වගේ..."
ජාලිය ඔහුට හිතුන දේ ඒ විදිහට ප්‍රකාශ කලා ...ඉලගට කපිලගෙ අවදානය යොමු උනේ කාමරයෙ cctv කැමරාවක් සවි කරලා තියේද යන්න පිලිබදව හොයලා බලන්න ...මොකද සමහර විට එහෙම තිබුනානම් අනිවාර්යෙන්ම එහි මේ කාමරයෙ සිද්ද වෙච්ච දේ සටහන් වෙලා තියෙන්න ඕන ...
"සාජන් කුරේ ...ටිකක් බලන්න මෙතන cctv කැමරාවක් වගෙ දෙයක් හයි කරලා තියේද කියලා ...ආ අර තියෙන්නෙ ...හැබැයි ඒතන කැමරාව නැහැ...මේක අයින් කරලා ...කොහොමද එහෙම උනේ..."
සැබැවටම එම කාමරයෙ සවිකර තිබු කැමරාව ගලවා ඉවත් කරලා තිබෙන බව දකින්න ලැබුනා...කපිලගෙ හිතට ක්ෂණයෙන් නැගුන ප්‍රශ්නය නම් මේ කැමරාව ගලවලා ඉවත් කරන්නෙත් ඝාතකයද ?නැද්ද කියන එක...
තවත් සුළු වෙලාවක් ගෙන කපිල එම කාමරය පරික්ෂා කරනු ලැබු අතර නාස් පුඩු වලට දැනුන ලේ පිලි ගද තදින්ම දැනුනා...
"ජාලිය ...මෙතන කිසිම දෙයක් අව්ල් කරන්න එපා...අධිකරණ වෛද්‍යය වරයට දැනුම් දෙන්න ...ඔව්න් එනතුරැ අපිට සිද්ද කාලය තියෙනවා මේ ගෙදර අයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්න ..."
"හොදයි සර්...මම මරණ පරික්ෂන දේපාර්ථමේනතුවට දැනුම් දෙන්නම්..."
ඒ අනුව ජාලිය ඔහුට පැවරැ කාර්යයට යනකොට කපිල සාජන් කුරේ සමගින් ඝාතණය සිදු වි තිබු කාමරයෙන් පිටතට ගියා...
"සර් ...අපිට එකක් අමතක උනා නේද ..."
සාජන් කුරේ හදිසියේම දෙයක් මතක් වෙලා වගෙ කතා කලා...
"මොකක් ගැනද සාජන් කියන්නෙ..."
"සර් මේ මර්ඩර් එක වෙලා තියෙන හැටි දැක්කම මෙතන මේ තරැණියව රේෆ් කරලා ඇති කියලා සර්ට හිතෙන්නෙ නැද්ද ?අපිට ඒ ගැන බලන්න බැරි උනා නේද..."
"නැ සාජන් ...මම ඒක අමතක කරලා නැහැ...ටිකක් ඉන්න ...දැන් මරණ පරික්ෂනය කරන්න එයිනේ ...එතකොට අපි බලමු එහෙම දෙයක් සිද්ද වෙලා තියෙනවද කියලා...සාජන් ජාලියට ටිකක් කතා කරන්න..."
"හොදයි සර්...මම කතා කරන්නම්..."
කපිලගෙ අණ ඒ අයුරින්ම ක්‍රියාත්මක උනා ...SI ජාලිය ඉක්මනින් කපිල වෙත ආවා...
"සර් මට කතා කලාද ?"
"ජාලිය මට කියන්න පුළුවන්ද ඉයේ රෑ ඒ කියන්නෙ මේ ගෙදර ඉයේ රාත්‍රියේ හිටියේ කව්ද කියන එක ගැන ඔයා හෙව්වද කියලා..."
"ආ ...ඔව් සර්...මේ තියෙන්නෙ සර් ...මම ඒ ගැන ලියාගත්තා...ඉයේ රෑ මේ ගෙදර අට දෙනෙක් ඉදලා තියෙනවා ...මේ තරැණියයි..ඇගේ දෙමාපියන් දෙන්නයි...ගෙදර වැඩ කාරයෝ පස් දෙනයි විතරයි මේ ගෙදර ඉදලා තියෙන්නෙ..."
"එහෙමද ?හරි ජාලිය වැඩ කාරයෝ එක එක්කෙනා කැදවන්න..."
ඒ අනුව මුලින්ම ප්‍රශ්න කරන්න ගත්තෙ වයස අව්රැදු පනස් පහක් විතර වෙච්ච වයසක කන්තාවක් ...
"ඔබගෙ නම්.."
"යසවති මහත්තයෝ.."
"හොදයි යසවති මට කියන්න ඉයේ රෑ මේ සිද්ද වෙච්ච ඝාතණය ගැන ඔබ මොනවද දන්නෙ කියලා..."
කපිල ප්‍රශ්න කිරිම් කරනකොට සාජන් කුරේ විසින් ඒ සියල්ල සටහන් කර ගත්තා...
"සර් ...මම මේ ගැන මොකුත් දන්නෙ නැ සර්...පව් දෙයියනේ පුන්චි කාලේ ඉදන්ම අපිත් එක්ක හැදුන පුන්චි නෝනා ...මේ අපරාධය කරපු එකාට හෙන හතම ගහන්න ඕන සර්..."
"යසවති ...ඔබ කියට විතරද නිදියන්න ගි⁣යේ...ඔබට අවසාන පාරට මේ මිය ගිහින් ඉන්න කෙනාව හම්බ උනේ කොතනදිද..."
"සර් මම තමා මේ ගෙදර පරනම වැඩකාරි ...මම ගෙදර වැඩ ටික ඉවර කරලා නිදියගන්න යනකොට වෙලාව දහායට විතර ඇති සර්...ඒ වෙලාවේත් පුන්චි නෝනා ටිවි බල බලා හිටියේ ..."
"ඔබ ඇගෙ හැසිරිමේ වෙනසක් දැක්කද ?ඔබට ඇය මොකුත් කිව්වේ නැද්ද..."
"නැ සර්...ටිකක් ඉන්න ...ආ සර් මට නෝනා කිව්වා එක දෙයක් ...ඉස්සරහා දොර ඇතුලින් අගුළු දාන්න කියලා කිව්වා සර්...මම ඒ කියපු දේත් කරලා තමා නිදියන්න ගියේ ...මේ ගෙදර හැම කාමරයක්ම AC කරලනේ තියෙන්නෙ සර්...මම කාමරේට ගිහින් ටික වෙලාවක් යනකොට අමුතු ගදක් ආවා සර් ...මම හිතන්නෙ AC එකෙන් තමා ඒ ගද අවේ ...ටිකක් වෙලා ඉන්න ඇති මට නින්ද ගිහින් තිබුනා හොදටම ...පාන්දර තමා ඇහැරැනේ ...පස්සෙ මම පුන්චා නෝනට කිරි එකත් හදන් යනකොට තමා මේක දැක්කෙ සර්...මම කෑ ගහාගෙන දිව්වේ ලොකු මහත්තයලගෙ කාමරයට ...ඒ යනකොට ඒ දෙන්නා නිදි සර්..."
"ටිකක් ඉන්න ...යසවති දැන් කිව්වා නේද නිදා ගන්න ඇදට යනකොට AC එකෙන් අමුතු ගදක් ආවා කියලා ...ඔබට හොදටම විශ්වාසද ඒක ..."
"ඔව් සර් ...මට ඒක හොදටම විශ්වාසයි ...මම ඒක වැඩිය ගනන් ගත්තෙ නැහැ සර්...අනේ සර් මේක කරපු එකාව ඉක්මනට හොයා ගන්න සර්...අපේ පුන්චි නෝනා කාටවත් කරදරයක් කරපු කෙනෙක් නෙවෙයි සර්..."
යසවතිගෙන් ප්‍රකාශය සටහන් කරගෙන අවසන් උනාට පස්සෙ පිලිවෙලින් වැඩ කරැවන් සියළු දෙනාගෙන්ම කපිල ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා ...ඔව්න් කියපු කතාවලින් තේරැන හැටියට ඔව්න් අව්‍යයාජ ගැමි මිනිසුන් බව වටහා ගන්න කපිලට හැකි උනා ...නමුත් වැඩ කාරයින් පස් දෙනාම කරපු ප්‍රකාශ වලින් එක් කරැණක් ගැන කපිලගෙ අවදානය යොමු වෙලා තිබුනා ...ඒ නිදාගන්න ගියපු පස් දෙනාටම අර අමුතු ගද ඇවිත් තිබුනා ...කපිලට ඇති උන ප්‍රශ්නය තමා මේ ආවා කියන අමුතු ගද මොකක්ද කියන එක...
"සාජන් මේ අය කිසිම දෙයක් දන්නවා කියලා මට හිතෙන්නෙ නැහැ..ඒ උනත් ටිකක් බලන්න ...මේ පස් දෙනාම එක කරැණක් කියලා තියෙනවා ...මොකක්ද ඒ ?ඔව්න් පස් දෙනාටම නිදා ගන්න ගියාට පස්සෙ අර අමුතු ගද දැනිලා තියෙනවා...ඒක රතු පැණින් සටහන් කර ගන්න සාජන් ...දැන් කැදවන්න මේ මිය ගිහින් ඉන්න තරැණියගෙ දෙමාපියන්ව ..."
නමුත් ඒ දෙන්නාගෙන් මවට සිහියක් පතක් තිබුනෙ නැහැ...ප්‍රනාන්දු මහතා විතරක් දුකෙන් උනත් යහාපත් මානසික මට්ටමක හිටියා...
"හොදයි මුලින්ම මේ වෙලා තියෙන දේ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා ...නමුත් මේක අපිට අතැරලා දාන්න පුළුවන් දෙයක් නෙවෙයි ...අපරාධ කාරයාව අල්ල ගන්න ඕන..ඒ හින්දා මම බලා⁣පොරොත්තු වෙනවා මිස්ටර් ප්‍රනාන්දු අපිට සහායෝගය දෙයි කියලා..."
කපිල මානසික මට්ටම ගැන හිතලා කරැණු තේරැම් කලා ...
"අහන්න ඔෆිසර් ..මොකද මේ මගෙ දරැවා ...මම දන්න හැම දෙයක්ම මම කියන්නම් ...තාත්තා කෙනෙකුට මේක ලොකු දුකක්...ඒත් මම කියන්නම්..."
ඇස් වලට උණපු කදුළු පිසදාන ගමන්ම ප්‍රනාන්දු මහතා කිව්වා ..එතකොටම වාහන පෙලක් ඇවිත් නතර කරන අයුරැ කපිල දැක්කා ..මරණ පරික්ෂනය සදහා මහෙස්ත්‍රාත් වරයා ඇතුළු කණ්ඩායම ඇවිත් බව කපිල දැක්කා ...කපිල ඔහුට අචාර කිරිමෙන් පස්සෙ ඔව්න් මරණය වෙලා තිබුන කාමරයට ගියා ..කපිල දිගයම ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශය සටහන් කර ගත්තා...
ඔහුටත් කියන්න වැඩි දෙයක් නොතිබුනත් වැඩ කාරයින් පවසපු විදිහටම අර අමුතු ගද ඔව්න්ටත් දැනිලා තිබුනා ...වායු සම්කරන යන්ත්‍රය ක්‍රියාත්මක කරනකොට තමා මේ ගද ඇවිත් තියෙන්නෙ ..එතනින් එහාට ඔව්න්ටත් හොදටම නින්ද ගිහින් තිබුනා ...ප්‍රනාන්දු මහතාගෙන් තවත් වැදගත් දෙයක් හෙලි කර ගන්න කපිල සමත් වෙනවා ...ඒ මේ ඝාතනයට ලක් වෙලා හිටපු තරැණිය වසර නමයක් විතරම ගර්ල්ස් හොස්ටල් එකක නැවතිලා ඉගෙන ගෙන තියෙන බව ...සාජන් කුරෙ විසින් ඒ කරැනත් රතු පාටින් සටහන් කර ගැනිමෙන් අණතුරැව කපිල මහෙස්ත්‍රාත් පරික්ෂනය පැවැත්වෙන ස්ථානයට ගමන් කලා...
"සර් ...මේක මර්ඩර් එකක් කියලා පැහැදිලියි ...මට හිතෙන්නෙ නම් මේක මානසික රොගයකින් පෙලෙන කව්රැහරි කෙනෙක් කරපු මර්ඩර් එකක් වගේ ..."
මරණ පරික්ෂනය කරපු වෛද්‍යය වරයා මහෙස්ත්‍රාත් වරයාට කරැණු දක්වනකොට කපිලත් ඔව්න්ට ලන් වෙනවා ...
"ඔෆිසර් ...ඔයාද මේක බලන්නෙ..."
මහෙස්ත්‍රාත් වරයා කපිල වෙතට හැරිලා එහෙම අහද්දි කපිල ඉට පිලිතුරැ දෙනවා ...
"ඔව් සර් ...මම මේක ගැන බලන්නෙ ..."
"මේක මර්ඩර් කේස් එකක් ...ඉක්මනින් මේ ගැන පරික්ෂන පටන් ගන්න ..."
මහෙස්ත්‍රාත් වරයා එතනින් ඉවත් වෙන්නෙ ඔහුගෙ නිගමනය කියලා ...ඉට පස්සෙ තමා කපිල වෛද්‍යය වරයා ලගට යන්නෙ ...
"ඩෝකටර් මට කියන්න පුළුවන්ද මේ ඝාතණය වෙලා තියෙන්නෙ කීයට විතර වගේ කියලා නිගමනය කරනවද කියලා..."
"මේක වෙලා තියෙන්නෙ ඉයේ මධ්‍යයම රාත්‍රියෙන් පස්සෙ ...මොකද තාමත් කේෂ නාලිකා වැඩ කරනවා ...සමාන්‍යයයෙන් පැය විසිහතරක් යනවා මිනිහෙක්ගෙ සිරැරේ කේෂ නාලිකා විනාශ වෙන්න ඒ වගේම තමා මේ ඝාතණය සඳහා ඝාතකයා පවිච්චි කරලා තියෙන්නෙ මුවහත් පිහියක් වගේ අයුධයක්...මේ කැපුම් පාරවල් වලින් ඒක සහාතික වෙනවා ..."
වෛද්‍යය වරයා කරැණු දක්වන කොට කපිල ඉලගට අහන්නෙ තවත් වැදගත් කරැණක් ...
"ඩෝක්ටර් මට කියන්න පුළුවන්ද මේ තරැණියව ඝාතණය කරන්න කලින් දුෂනය කරලා තියෙනවද නැද්ද කියලා..."
"මිස්ටර් කපිල ...මේකයි මේ සිරැර හොදටම ඩැමේජ් ...අපිට මෙතනදි ඒ ගැන කියන්න බැහැ ...අපි බොඩිස් එක අරන් ගිහින් පරික්ෂා කරලා ඒ ගැන කියන්නම්..."
ඒ අනුව මරණ පරික්ෂනය අවසන් උනේ මේ ඝාතණය සාහාසික මිනිස් ඝාතණයක් බවය තීරණය කරමින් ...සිරැර එම නිවසින් ඉවත් කිරිමට කටයුතු කිරිමෙන් පසුව මරණ පරික්ෂනය සඳහා පැමිණි කණ්ඩායම පිටවෙලා ගියාට පස්සෙ සාජන් කුරේ කපිල ලගට ආවා...
"සර් අපිට මේ නිවසේ තියෙන වායු සමිකරණ යන්ත්‍ර ටික පරික්ෂා කරන්න වෙයි නේද...මොකද අපි ප්‍රකාශ සටහන් කරගත්තු හැම කෙනෙක්ම කියලා තියෙනවා අමුතු ගදක් දැනුනා කියලා...සමහර විට..."
"ඔව් සාජන් මටත් ඒක හිතුනා ...සමහර විට ඝාතකයා විසින් මොනා හරි බෙහෙතක් එකතු කලාද දන්නෙ නැහැ ගෙදර අනික් අයට නින්ද යන්න ...මොකද මේ තරම් දෙයක් වෙලා තියෙනකොටවත් කිසිම කෙනෙකුට ඇහිලා නැහැනේ...කෝකටත් රස පරික්ෂක ඩිපාර්ට් මන්ට් එකට දැනුම් දෙන්න ...ආ ...සාජන් මට එක දෙයක් ගැන අමතක උනා ...අර කාමරේ යතුර නැති උනේ කොහොමද කියලා දැන ගන්න ...ඒ වගේම අපිට හම්බ උන මුද්දෙ අයිති කාරයෙක් හොයාගන්නත් ඕන..."
ඒ අනුව ප්‍රනාන්දු මහතා නැවතත් ගෙන්නු කපිල මිය ගිය තරැණියගෙ කාමරයෙහි දොර පිලිබදව විමසා සිටියා....ප්‍රනාන්දු මහතා මේ විදිහට ඒ ප්‍රශ්නය උත්තර දුන්නා ..
"ඔෆිසර් ඒ කාමරේ යතුර දුව ගෙදර එන්න කලින් තිබුනා ...මොකද දුව අව්රැදු ගානක් හිටියේ හොස්ටල් එකේ ...මාස හතරක් වගේ තමා දුව ගෙදර ඇවිත් වෙන්නෙ ...ඇවිත් සතියක් විතර යනකොට තමා ඔය කාමරේ යතුර නැති උනේ ...අළුතින් දොරක් දාන්න හැදුවත් දුව ඒකට විරැද්ද උන හින්දා ඒක අත් හැරලා දැම්මා..."
ඒ පිලිතුරෙන් නම් කපිල⁣ගෙ කුතුහලය වැඩි උනා...මොකද මේ කාමරේ දොරේ යතුර නැති වෙන්නෙ මේ තරැණිය ආයි ගෙදරට ආවට පස්සෙ  ...එතන හිතන්න දෙයක් තියෙන බව කපිලට වැටහි ගියා ...ඉලගට කපිල අතේ තිබුන මුද්ද ප්‍රනාන්දුය පෙන්නුවා...
"මිස්ටර් ප්‍රනාන්දු ...මට කියන්න මේ මුද්ද ඔබ දැකලා තියෙනවද ...සමහර විට ඔබේ දියණියගෙ මුද්දක්ද දන්නෙ නැහැනේ..."
ඔහු සුළු වේලාවක් ඒ මුදුව දිහා බලන් හිටියා ...නමුත් ඉලගට ඔහු පැවසුවේ ඒ ගැන කිසිම දෙයක් නොදන්න බවයි....
කතාව කියවලා වචනයක් කියන් යන්න ...මේ ඝාතකයා කව්රැ වෙයිද ?