#දූශිතයාගෙ_මරන_වාර්තාව පළමු කොටස | Dushithayage Marana Warthawa 01 Kotasa
#දූශිතයාගෙ_මරන_වාර්තාව
…………………………………
මෙතරම් වෙලා සුදු රෙදි කඩවල් වලින් වසා දමා තිබු මෘත ශරීරාගාරයට පැමිනි වෛද්‍ය තුමිය අංක 21දරන ඇද මත සිටි මෘත ශරීරයෙ සුදු රෙදි කඩ පසෙකට කලා..
ඔව් එතන හිටියෙ ඩෙව් සිල්වා.මීට පෙර දින අසාමන්‍ය ලෙස ඔහුව ඝාතනය කර තිබුනෙ.ඔව් ඩේව් සිල්වා කියන්නෙ නීතිය ඉදිරියේ වරද කරුවෙක් .කෙලින්ම කිවොත් දූශිතයෙක් .නීතියෙන් හොයමින් හිටපු මේ දූශිතයව ඊයේ දිනයේ මහරගමට නුදුරු මාවතක ඝාතනය කරලා දාලා ගිහින් තිබ්බා..
මරන වාර්තාවට අනුව ඔහු පනපිටින් සිටියදීම ඔහුගෙ පුරුශ බාවය කපා ඉවත් කරලා තිබ්බෙ සාහසික විදිහට.
වෛද්‍ය වාර්තාව එසෙ නිකුත් වෙද්දි හඩ අවදි වෙන්නෙ පොලිස් පරීක්ශකගෙ..
"හරිම පුදුමයි ඩොක්ටර්.මගෙ සේවා කාලෙ තුල ඇති වෙනකන් දූශන නඩු ගැන අහලා තියනවා.එත් දූශතියෙක් කියලා හංවඩු ගහපු නීතියෙන් හෙව්ව කෙනෙක්ගෙ මරනය ගැන හොයන්න වෙයි කියලා.."
"ඔව් සර් මාත් දූශන වල ඇති තරම් වාර්තා අරන් තියනවා..ඒත් මෙහෙම දූශිතයෙක් සාහසික විදිහට මරලා හිතා ගන්න බැ
කවුරු වෙන්න පුලුවන්ද? සර්"
"හිතා ගන්න බැ ඩොක්ටර් ..මිනිහට හතුරො හැමතැනම ..කී දෙනෙක්නම් රේප් කරලද .ඒ අයගෙ පව්ල් වල අය කොච්චරනම් වෛරයක් ඇත්ද..නිතිය ඉදිරියට ලැජ්ජාවට නාපු තව කීයක් ඇත්ද. මේක මාරම සීරියස් කේස් එකක්"
පොලිස් පරීක්ශක තුමා පොලිස් පොත දිග හරින්නෙ ඩේව් සිල්වාට විරුද්දව ලියවුන දූශන චෝදනා බලන්න..ඒ නම් එකින් එක ඔහු ගොනු කරගන්නවා..
එතනින් ඔහුගෙ නම් ගැටෙන්නෙ විශේශ නම් තුනක් ලග..ඔව් ඒ මහරගමට කිට්ටුව ඉන්න තිදෙනෙක්ගෙ..
සෙව්වද්දි වීරකෝන්
අයේශා නිපුනි
තනූ විරසූරිය
මේ තමයි ඒ තුන් දෙනා ..තුන් දෙනා තනි තනිව අරන් පොලිස් පරීක්ශක කට උත්තර ගන්නවා..විශේශම කට උත්තරෙ ලැබෙන්නෙ තනූ වීරසූරියගෙන්..
තනූගෙ කට උත්තරය....
…………………………
ඩේව් සිල්වා දන්නවද ?
(තනුට හීන් දාඩිය දන්නට වුනේ පරන අමිහිරි මතක නිසාවෙන් ඈ බිම් බලාගෙනම පිලිතුරු දුන්නා).
හුම්ම්ම් සර්...
"පව්ලේ කවුද ඉන්නෙ ..ඊයෙ වෙලාව 8- 11ත් අතර පව්ලේ හැමොම කරපු දේවල් පිලිවෙලට කියන්න .."
"මමයි අයියයි අම්මයි නංගියි සර් ඉන්නෙ....මම දවසම ගෙදර හිටියෙ සර්"
"එතකොට අයියා කොහෙද හිටියෙ"
"ඊයේ නන්ගිට නයිට් ඩියුටි සර්..වැඩ ඉවර වෙද්දි හුගක් රැ උනා..අයියා නන්ගිව එක්කන් එන්න ගියා"
"ම්ම්ම්ම්ම්ම්ම්......අයියා කියටද ගෙදර ආවෙ.."
"10.30ය විතර උනා සර් "
"නන්ගිව දාලා අයියා කොහෙ හරි ගියාද "
"ඔව් සර් කඩේට ගියා .වැඩකට කියලා"
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
………………………………
ඇත්තෙන්ම මරන වාර්තාව අනුව ඩේව් සිල්වාව ඝාතනෙ කරලා තිබ්බෙ 10ත් 11ත් අතර වෙලාවක..
මෙය විය හැකි දෙයක් .තනූගෙ සහොදරයා සුරේශ් තමන්ගේ නංගිට උන අපරාදය එක්ක හිටියෙ හුගක් වෛරයෙන්.ඒ නිසාම ඩෙව් සිල්වාව ඝාතනේ කරන්න ඔහු දෙපාරක් හිතන්නෙ නැ.
ඇගිලි සලකුනක්වත් නොහිටින්න ඉතා සූක්ශමව අත් ආවරන භාවිතා කරමින් ඝාතනය කරලා තියනවා..
මේ අනුව සුරේශ්ව අත්තඩංගුවට ගන්න පොලිස් පරීක්ශක සූරේශ්ගෙන් ප්‍රශ්න කරනවා..
"ඔව් ඩෙව් සිල්වා දූශිතයෙක් .නිතියෙන් පවා හොයන..හැබැයි හැගීම් මුල් කරන් කිසිම කෙනෙක්ට වූව මරන්න අයිතියක් නෑ...තනූ ඔයාගෙ නංගි..එයාට උන දේ ගැන කනගාටුයි..ඒත් උබ ඩේව් මරපු එක වැරදී..
"ඩෙව්...............ඔකගෙ නම මතක් කරන්න එපා සක්කිලි බල්ලා...මගෙ නංගිව කෑවා..ඔව් මම දුක් වෙනවා මට ඌ ව මරන්න බැරි උනාට..ඔව්....................ඔකා මට අහු උනානම් මම ඔකව මරලා හිරෙ යනවා.."
එසෙනම් කවුරුන්ද ඝාතකයා..????
ඩේව් දූශනය කල කිසිදු ස්ත්‍රියක් මිය ගියේ නැ .කවුරුන් වන්නට ඇත්ද..කියක් වෛරයෙක් ඇත්ද..
පොලිස් පරීක්ශකගෙ හිතෙ ප්‍රශ්න දාමයක් කැලඹෙද්දී ඔහු හඩ අවදි වෙනවා
"කොස්තාපල් වහනේ ගන්න ..අපි යමු තනූගෙ ගේ චෙක් කරන්න ඔනෙ"
ඒ අනුව මහරගමට නුදුරුව ජීවත් වූ තනුගෙ නිවසට පොලිස් පරීක්ශක තුමා පැමිනෙනවා.
මුලු නිවසම අවුස්සා දමන පොලිස් පරීක්ශකට පලවන හා හොදම හෝඩුවාව හම්බෙනවා..
ඔව් ඒ තනුගේ බෑග් එකෙ තියන ග්ලව්ස් දෙක.තාමත් වියලී ගිය ලේ පැල්ලම්ද ඒ මත වේ..
ඒ කියන්නෙ ඩෙව් තමන්ට කරපු දේට තනූ පලිගත්තද..
නෑ..ඇත්තටම තනූ කියන්නෙ ඒ තරම්ම හිත හයිය කෙනෙක් නෙමෙ..ඇත්තෙන්ම එදා තනූ හිටියෙත් ගෙදරමයි.
අවට නිවසක cctv චෙක් කරනවා..
පොලිස් පරීක්ශකට යමෙක් නිවසට එනවා පෙනවා ඒ අවස්තාවෙ ..වෙලාව හරියටම 10.37යි .
පොලිස් පරීක්ශක හඩ අවදි වෙනවා..
"හෝව් හොව් සූම් කරන්න ..තව සූම් කරන්න..............................යස් ගේම් ඔවස්"
ඔව් ඒ තමා ඝාතකයා .කවුද ඒ එන්නෙ .මොකක්ද තියන සම්බන්දය තනූ එක්ක.ඇයි ඩෙව් සිල්වාව මරන්නෙ ...කවුද ඒ ඩෙව්ගෙ ඝාතකයා ..
දෙවන හා අවසන් කොටසෙන්..
…………………………………
කමෙන්ට් එකක් දාන් යන්න.හැම කමෙන්ට් එකක්ම මම කියවනවා...
මතුසම්බන්ධයි .
පාරමි කවී
