දෙවනි මධුසමය | Dewani Madusamaya


දෙවනි මධුසමය

අද මගේ මංගල රාත්‍රියයී....මම ගොඩක් පොහොසත් පවුලක කෙල්ලෙක්....මන් අද විවාහ උනේ මන් වගේම පොහොසත් කොල්ලෙක් එක්ක...ඒත්...මෙතන අවුලක් තියෙනවා...ඒ මේ විවාහය...
මන් බැදලා ඔන්නේ රවිදුව ....රවිදු ඉස්සර අපේ ගෙදර වැඩ කරපු ආන්ටිගේ පුතා...රවිදු ඒ කාලේ මගේ පස්සෙන් ආවේ ...මට පුදුම තරම් ආදරේකින්...ඒත් මගේ පවුලෙ කිසිම කෙනෙක් කැමති උනේ නෑ එයාට... මොකද ඒ කාලේ රවිදු දුප්පත්...මේ හේතුව නිසා රවිදුවයි අම්මවයි අපේ ගෙදරින් එලෙව්වා...
කාලයක් ගත උනා...ඒත් එක දවසක් උදේ අපි හැමොවම පුදුම කරමින් රවිදු ආවා අපේ ගෙදර...ඒ එනකොට එයා හිටියේ ලොකු තැනක ලොකු සල්ලිකාරයෙක් වෙලා...ඒ ඇවිත් මගේ දෙමාපියන්ගෙන් මාව මැරිකරන්න කැමත්ත දෙනවද ඇහුවා....අපේ ගෙදර මිනිස්සුත් සල්ලි කිව්වොත් ඕන දෙයක්...ඒ නිසාම මගේ විවාහය රවිදු එක්ක තීන්දු උනා ...මාත් ඒකට කැමති උනේ මගේ හිතේ වෙන ආදරයක් තිබ්බේ නැති නිසා....
මන් කල්පනා ලෝකෙන් මිදුනේ ...රවිදු නානකාමරයේ සිට එලියට එන හඩින්....
මගේ කෙල්ල මොනාද කල්පනා කරන්නේ...ඔහු ඇහුවේ හරිම ආදරෙන් මගේ ලගට එන ගමන්.....
ආආ..නෑ...රවිදු...මුකුත් නෑ...මම එහෙම කියලා බිම බලාගත්තේ අද අපේ මංගල රාත්‍රිය නිසා...අනිත් එක රවිදු හරි ඕනෑ කමින් මගේ සිරුර දෙස බලන් ඉන්න නිසා..
කො ඉතින් දැන් එන්නකො ලගට ....මෙච්චර කාලයක් ඔලුව උදුම්මගෙන හිටියා ඇතිනේ....😒😒😒
මන් පුදුම උනා...මොනා ගැනද මේ කියන්නේ කියලා...මන් හිතුවා මේ හැමදේම රවිදු හිතින් අයින් කරලා ඉවරයි කියලා....
මො..ක...ද්..ද...රවිදු ...ඇයි මෙහෙම කතා කියන්නේ...මන් මේ කසාදෙට කැමති උනේ ඔයා පරණ දේවල් අමතක කරනවා කියලා දුන්න පොරොන්දුව නිසයී......😥😥
මොකද්ද ගැනියේ උබ කිව්වේ ආආ...😤😤මෙච්චර වෙලා ආදරනීය මූනක් මවාගෙන හිටිය මූන වෙනස් උනේ හිතන්නවත් බැරි විදියට ......😤😤😤රවිදු මාගේ කොන්ඩෙන් අල්ලලා බිමට විසික් කලේ හයියෙන් හිනා වෙමින්....
උබ හිතුවද යකෝ...මන් එහෙම ලේසියෙන් අමතක කරයි කියලා ....ආආ හු###.....😤😤😤මතකද උබට ඒ කාලේ  උබයි මහ උන්දැලැ ටික මායි මගේ අම්මටයි දාපු ලොකුකම් ....මන් උබට ආදරේ කලේ ඇත්තට යකෝ....උබලට සල්ලියි ....තත්වෙයි ලොකු උනා නේද....😤😤
ඔහු මහා හයියෙන් කෑගහමින් මගේ කොන්ඩෙන් අල්ලලා ආයේ මාව තල්ලු කලා ...ඒ පාරනම් ඔලුව ගිහින් වැදුනේ ලග තිබු කබඩ් එකේ...ඔලුව වැදිච්ච පාරට ලේත් එන්න ගත්තා...ඒත් මන් ඇඩුවේ නෑ.....මන් ඔහු දිහාම බලන් හිටියා...
ඔහු එක්වරම මගේ මූන දෙස ලං උනේ රකුසු මූනත් එක්ක....
උබට මතකද යකෝ...එදා උබලා මාවයි මගේ අම්මවයි ගෙදරින් එලවලා දාපු විදිය...එදා උබලට මන් කොච්චර කිව්වද එහෙම කරන්න එපා කියලා....උබලා ඇහුවද ගෑනියේ....😤😤එදා උබලා එලෙව්වට පස්සේ අපි දෙන්නට යන එනමන් නැති උනා...මගේ අම්මා අසනීප උනා...මන් හිගා කෑවේ නැති ටික විතරයි මගේ අම්මව සනීප කරගන්න....
මගේ හදවතට මොකකින් හරි ඇන්නා වගේ...😭😭මෙච්චර වෙලාවක් මොනවා රවිදු කිව්වත්  මගේ හිතට වැදුනේ නෑ...ඒත් ...මේ දැන් කිව්ව දේ...රවිදුගේ අම්මගේ අතේ මන් පොඩි කාලේ නැලවුනු අවස්ථා අනන්තවත් ඇති...💔💔💔💔මගේ දෑසින් හෝ ගාලා කදුලු ආවා..කතා කරන්නවත් අමාරුයි....😭😭😭
රවිදුගේ දෑස්වලත් කදුලු උනපු බව මන් හොදටම දැක්කා...
අනේ ර...වි..දු...මට...සමා...වෙන්න...
මට කියන්න හම්බුනේ එච්චරයි...මගේ කන රත් වෙන්න රවිදු ගැහුවා...ඒ ඔහුගේ කේන්තියත් එක්ක...ගෙදරින්වත් ගුටි කාපු නැති මට ඒ පාර මාරාන්තික එකක් වගෙයි දැනුනේ...ඒ දැනුනු කම්පනයන් නිසාම මට සිහිය නැති උනා...සිහිය එද්දිත් මන් හිටියේ එතනමයි.....රවිදුගේ අතේ වතුර කෝපයක් තිබ්බා...
නැගිටපන් යකෝ...උබව මරලා පවු පුරෝගන්න මට ඕන නෑ...උබට මට වෙච්ච දේට අන්ත දෙයක් වෙන්න යන්නේ...බලන් හිටපන්..ඔහුගේ මූනේ තිබ්බේ වියරු බැල්මක්....ඒ සමගම අප සිටි කාමරයේ දොරට යමෙකු තට්ටු කරනවා ඇහුනා...රවිදු ගිහින් දොර අරිනවා බලන් හිටියත් මන් හිටියේ තාමත් කම්පනෙන්....😥😥කම්මුල පහුරු ගානවා වගෙ රිදෙනවා...
කාමරේට ආවේ හැඩිදැඩි සිරුරක් තිබූ පුද්ගලයෙක්..ඔහු සිටියේ මුව ආවරණය කරගනිමින්....මම ඔහු දෙස බලාසිටින විට රවිදු මාව පෙන්නු බැවින් ඔහුත් මන් දෙස බැලුවා...ඒත් එක්කම ඒ ඇස් ගැස්සෙනවා දැක්කා....ඔහු වහාම අහක බලාගත්තේ මොන හේතුවකට කියන්න මන් දන්නේ නෑ...මොකද ඒ වෙලාවේ මන් හිටියේ වෙන්නේ මොනාද කියලා හිතා ගන්න බැරුව...ඒත් එක්කම අර හැඩිදැඩි පුද්ගලයා ආවේ මන් ලගට ...මන් ඔහු දෙසත් බලා රවිදු දෙස බැලුවා....ඔහු හිටියේ අහක බලාගෙන....
අරන් පලයන් මේ ගැනීව මේකේ තියෙනවා උබලට කිව්ව ගාන...ඔහු ඇද මත තිබු සල්ලි පෙට්ටියක් පෙන්නුවා...එම පුද්ගලයා සල්ලි බෑගයත් රැගෙන මන් වෙත ඇවිත් මගේ අත් බාහුවකින් අල්ලලා නැගිට්ටුවා....
මාත් ඒ පුද්ගලයාට අවනත වෙලා ඔහුත් එක්කම කාමරේ දොර ලගට ගියා....  ඒත් දොර ගාවට යනවත් එක්කම මන් ආපහු හැරිලා බැලුවේ රවිදු දිහා....ඔහු ජනේලයෙන් පිටත බලා හිටියා...ඔහුගේ ඇස්වල කලුලු තියපු බව මන් හොදටම දැක්කා...
මාව ඒ මනුස්සයා අරගෙන ගිහින් දැම්මේ වාහනේකට....වෙන කෙනෙක්නම් මේ වේලාවට කෑ ගහලා අඩනවා....ඒත් මන් කලේ නිහඩව බලන් ඉන්න එක...මට වෙන්නෙ මොනාද කියලවත් දන්නෙ නැති උනත් මන් වැරදිකාරියෙක් කියලා මගේ හිත කිව්වා....
මාව පාලු පාරක තිබු නිවසකට අරන් ගියපු ඒ මිනිස්සු කාමරේ දොර වහලා යන්න ගියා....මන් කාමරයේ මුල්ලකට වෙලා හොදටම ඇඩුවා...මන් කොච්චර වෙලා එහෙම හිටියද කියලා මන් දන්නේ නෑ...මන් හිතන්නේ මට සිහි නැති වෙන්න ඇති....
සිහිය එනකොට මන් හිටියේ සුවපහසු ඇදක...මගේ ලගම හිටියේ අර මනුස්සයා..මේවරනම් ඔහු ලේන්සුව ගලවලා...හරිම ලස්සනයි ඒ මුන ...මූනටම හරියන්න දගකාර ඇස් දෙකක්....
කොහොමද ඔයාට.....ඔහුගේ අතක් මගේ නලලට තිබ්බා...හරිම ආදරනීය ස්පර්ශයක් මට දැනුනේ....
මම කතා කලේ නෑ...ඒ වෙනුවට ඇස් දෙකෙන් කදුලු ගලනවා හොදටම...
ඔහු එක්වරම මාව ඔහුගේ තුරුලට ගත්තා...ප්‍රථම වතාවට මන් පිරිමි පපුවක උනුසුම වින්දා..
දැන් අඩන්න එපා...මන් දන්නේ නෑ...ඔයා කවුද කියලවත්...ඔයාට මොනාද උනේ කියලවත් ....මට ඒවා වැඩකුත් නෑ....ඒත් ඔයාට පුලුවන්ද මගේ වෙන්න...මගේ වයිෆ් විදියට.... ඔහුගේ වචන වල පුදුම ආදරයක් මට දැනුනා...මන් මුකුත්ම නොකියා ඒ උනුහුමට තුරුල වෙලා හිටියා....ඔහුගේ නම විහේන්...පලාතෙම චන්ඩියා තාමා ඒ....
දවස් තුනක් මේ විදියට ගත උනා...ඔහු කිසිදිනක මගෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නෑ...මන් නීතියෙන් ඔහුගේ වෙනකන්...
දිනක් මන් හිටියේ කාමරේ අස් කරමින්...ඒත් එක්කම දෝර කඩාගෙන වගේ ඇතුලට ආවේ විහෙන්....ඔහුගේ අත බාහුව ගාව කැපිලා ලේ එනවා...
අනේ විහෙන් ඇයි මේ...මොකද උනේ..මන් ඔහුව වත්තන් කරගෙන ගියේ ඇදට.....
කලබල වෙන්න එපා දෝනි ...මේක මේ පොඩි දෙයක්...මීට වඩා දෙවල් වෙන්න පුලුවන්...මේ රස්සාවේ හැටි මේක....
මන් විහේන්ගේ මූන මගේ පැත්තට හැරෙව්වා...
මට ආදරෙයිද....මන් ඔහුගෙන් ඇහුවා....
මොනාද මැනික මේ අහන්නේ..මේ ලෝකෙ මන් වැඩියෙන්ම ආදරේ ඔයාට ...
එහෙනම් මන් වෙනුවෙන් ඕනම දෙයක් අහනවා නේද....ඔහු ඔව් කියන්න මෙන් ඔලුව වැනුවා...
එහෙනම් අද ඉදන් ඔයා රස්සාව නතර කරන්න ඕනේ...නැත්තන් මන් යනවා මෙහෙන්....මම ඔහු දෙස බලාගෙන ඇඩුවා....එක්ශනයෙන් ඔහු මගේ බද වටා අත දමා ඔහුගේ දෙතොල් වලින් මගේ දොතොල් අල්ලගත්තා...දැනුනු පහස සමග මගේ දෑස් පියඋනේ නොදැනීම...තත්පර කීපයක් ඔහු මාව රලු ලෙස සිපගත්තා...
දෝනි....ඔයාට බෑ මාව දාලා යන්න...මට මේ ලෝකේ ඕනම දෙයක් කරන්න පුලුවන් ඒත් ...ඔයා මාව දාලා ගියොත් ඒක දරාගන්න මට බැරි වෙයි...ඔහු මගේ පපුවට තුරුල් උනා...මමත් හරි ආදරෙන් ඔහුගේ ඔලුව අත ගෑවා.....😍😍
මාස කීපයකට පසු ඔහු තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා...විහෙන් කලින් කල ජොබ් එක නිසා බිස්නස් එකෙ වැඩ පහසු උනා...ඒ නිසාම මාස කිහිපයකින් පසු ඔහු හොද තැනකට ආවා....
අවුරුද්දක් කිට්ටු වෙන්න වෙනකොට විහේන් තමන්ටම කියලා ගේකුත් වාහනේකුත් ගත්තේ බිස්නස් එකේ දියුනුව එක්ක...ඒ හැමවෙලාවෙම මන් ඔහුගේ ලගම හිටියා....
ඊටත් මාසෙකට පස්සේ අපේ වෙඩින් එක තිබ්බා....ඒ කියන්නේ අද...විවහයේ වැඩකටයුතු ඉවර වෙලා අපි හෝටලයට ආවේ මගේ දෙවෙනි මධුසමය වෙනුවෙන්..😍😍😍
එදා වගේම අදත් මන් හරි සතුටින් හිටියේ මේ අවස්තාව විදගන්න ඒත් පරණ මතකය නිසා මගේ හිතට බර ගතියක් දැනුනා...ඒත් එක්කම මගේ ඉනවටා විහෙන්ගේ දෙඅත් ස්පර්ශය උනා...
මොකො මගේ දෝනි....😍😍මේ කල්පනාව...එසෙ කියා විහේන් මගේ ගෙල සිපගත්තා...මුලු ඇහම හිරි වැටිලා ගියා ඒ පහසින්..😍😍
නෑ විහේන්...මට පරන දේවල් මතක් උනා....😥💔💔
දෝනි ....මේ බලන්න..විහේන් මාව ඔහු වෙත හරෝගත්තා...😍😍😍හරිම ආදරනීයයි ඒ ඇස් දෙක....😍😍
මගේ මැනික කවදාවත්  දුක් වෙන්න එපා...ඔයා කවදාවත් වැරැද්දක් කලේ නෑ කාටවත්ම...ඔයා මාව මේ තත්වෙට ගෙනාපු එකම ලොකු පිනක්...මැණික....😍😍😍අද ඉදන් මගේ පන තියෙනකන් ඔයා මගේම විතරයි....😍😍මගේ ඇස් දෙක වගේ බලාගන්නවා...හරිද මැනික....😍😍මම ඔහුගේ පපුවට තුරුලු උනේ හිතින් රවිදුට පින් දෙමින්...
ඒත් එක්කම ඔහු මාව දෝතට අරගෙන යහන මත තැබුවා....ඔහු මගේ දෙතොල් මත දගකරද්දී....ඔහුගේ අතින් මන් නිර්වස්ත්‍ර වෙද්දි හෝරා කීපයකට පසු මන් ඔහුගෙම උනා....😍😍😍ඒ මගේ දෙවෙනි මධුසමයෙදී.....😍😍😍
----------------------------නිමි---------------------------

Kalpani Gamage