#දෙලොවක අසරණ වු ඈ #අවසාන කොටස | Delowaka Asarana U aya
#දෙලොවක අසරණ වු ඈ
#අවසාන කොටස
හායි නංගි ඔව් ඉන්නවා... ඉතිං ඔයා මොකද කරන්නෙ කෝ හිනෝෂ් ගෙදර නැද්ද??
මමත් ඔහෙ ඉන්නවා අයියා.. නැ එයා අද වැඩනේ.. ෂනායා පිලිතුරු දුන්නා..
මමනම් අද වැඩ නැ නංගි.මම මේ ගමේ ගිහින් එන්න ගියා ලොකු වැඩකට දැන් තමා ආවේ..
දනෝෂ් එහෙම කිව්වේ එයා ෂනායාගෙ පලාතේ නොවන නිසා.රැකියාවට ෂනායාගෙ පලාතට අැවිත් තිබුනේ කුලියට කාමරයක් අරගෙනයි. ෂනායා ජිම් යන්න මාස තුනකට කලිනුයි දනෝෂ් ඒ පැත්තට ඇවිත් තිබ්බෙි.. කලින් හිටපු තැන්වලත් ලොකු ලොකු ප්‍රශ්න දාගෙනයි ඇවිත් තිබුනෙ කියලා ෂනායා කොහෙත්ම දැනගෙන හිට්යෙ නැ...
මේ විදියට විස්තර චැට් කරන අතරෙ එකපාරම දනෝෂ්....
පොඩ්ඩක් ඉන්න නංගි කව්ද දොරට ගහනවා බලලා එන්නම්..
හරි අයියේ...
පැය භාගයක් ගියත් දනෝෂ්ගෙන් පිලිතුරක් තිබ්බේ නැ.. ඉතිං ෂනායා හිතුවා යාළුවෙක් ඇවිත් කතාව ඇති කියලා.ෂනායා ගියා දවල්ට කෑම හදාගන්න.මොකද එයා විතරනේ ගෙදර ඉන්නෙ..
ලේසී දෙයක් හදනවා..හිනෝෂ් එනකොටත් රෑ වෙනවනෙ.. ම් මම ආසම පොල් සම්බෝලයි කරෝල තෙල් දාලයි හදනවා..
හිනෝෂ් නැත්තම් විතරනෙ මට මේවා කන්න පුළුවන්... එයා කැමති නෑනේ ඒ වගෙ කෑමට..
(දුරකථනය නාද වෙමින්)
අයියෝ උයන්න ලෑස්ති උනා විතරයි කව්ද මන්දා...
හෙලෝ...
හෙලෝ ෂනායා නංගි..
ඔව් කතා කරනවා කව්ද මේ...
ජිම් එකට යද්දි තොරතුරු ගත්තු එකෙන් තමා නම්බරේ අරන් තියන්නෙ..
මම ජිම් එකේ හෙඩ් කෝච්
ආ අයියෙ කියන්න...
නංගි දනෝෂ් ඔයාට කතා කලාද දැන්..
නැ අයියේ.. චැට්නම් කෙරුවා.කව්ද ඇවිත් ඒ අයියා ගියා..
ආ එහෙමද... මේකයි නංගි ඔයාගෙ යාළුවානේ.. මේකයි සීන් එක.. දනෝෂ්ව පොලිස්යෙන් අරන් ගිහින්... මමත් හේතුවක් දන්නෙ නැ මටත් දැන් පොලිසියට යන්න වෙනවා ඊට කලින් ඔයා හේතුවක් දන්නවද බැලුවේ..
අනේ නැ අයියෙ මම මුකුත් දන්නෙ නම් නැ...
හරි නංගි එහෙනම් මම තියනවා කලබල නැතුව ඉන්නකො මම ගිහින් ඇවිත් විස්තරයක් කියන්නම්...
හරි අයියේ.
දුරකථනය විසන්දි කර දමා ෂනායා කල්පනාවට වැටුනි.
ඒ ඇයි දනෝෂ් අයියව පොලිසි ගෙනිච්චෙ.. එයා මොකක් කරලද පව් දෙයියනෙ වැරද්දක් නැතුව ඇති.එයා කාටත් උදව් කරන නිසා මොකකට හරි පැටලෙන්න ඇති. මගෙ හිතෙ තියන දුක තේරුම් අරන් මගෙ හිත හදපු එකම කෙනා.. එහෙමයි ෂනායා හිතුවේ.. ෂනායාට අැඩුනි.. ෂනායා හෙඩ් කෝච් මංජු අයියාගෙන් කෝල් එකක් බලාපොරොත්තුවෙන් දවල්ට කෑම හැදුවත් කන්න තරම් හිතක් තිබුනේද නැත..
දවල් 2කට පමන බලාසිටි දුරකථනය ඇමතුම ලැබුනි.
හෙලෝ අයියේ දනෝෂ් අයියට මොකද
නංගි ටිකක් බරපතල කේස් එකක්.. මිනිහා රිමන්ඩ්.. හෙට උසාවි දානවා කිව්වා.. ඊට පස්සෙ ඇප දෙන්න කව්රුත් නැත්තම් දවස් 14ක් බන්ධනාගාරේ..බලමු නංගි මටනම් උදව් කරන්න බෑ මම දැනටම සෑහෙන්න උදව් කරලා තියනවා..අනික මට ගෙදරින් ප්‍රශ්න.
හරි අයියා බලමු මමත් පුළුවන් උදව්වක් කරන්නම්කො.
පෝන් එක පැත්තකින් තබා ෂනායා කල්පනාවට වැටුනි.
මොකක්ද මේ කියන බරපතල වැඩේ. පව් මොනා උනත් දැන් ජිම් එන්නත් නැ.කන්නවත් තියනවද දන්නැ. එයා මාව සතුටින් තිබ්බා.. මගෙ දුක සැප හොයලා බැලුවා මේවෙලෙ මම එයාට උදව් කරන්න ඕනා..
ෂනායා මෙහි බරපතල කම වටහාගත්තෙ නැ.ඒ මොකද කියනවනම් ෂනායා කවමදාවත් ඒ වෙනකන් පොලිසියටකට ගිහින් තිබුනෙ නැති නිසා.
ඊලඟ දවස උදා උනා ෂනායාට මාරම දුකයි. ෂනායා දනෝෂ්ට ආදරය කරන්නට පටන් අරන් තිබ්බා ඒ ආදාරයද අනුකම්පාවද කියන්න ඇය දැන සිටියෙ නැ.. කාත් කව්රුත් නැතිව තනියම ජීවත් වෙන දනෝෂ් කරන කුපාඩිකම් නොදැන හිටි ෂනායා දනෝෂ් ගරන දුක් උනා. නඩුවෙදි ඇප නොලැබුන අතර දවස් 14කට දනෝෂ්ව බන්දනාගාරයට නියම උනා..
ඉන්පසු ෂනායා කෝච් මංජු අය්යාට කෝල් කරා.
හෙලෝ අයියේ අද මොකද උනේ..
ආ නංගි ඇප දුන්නෙ නැ මම ගියෙත් නැ මගෙ ලෝයර්ව සම්බන්ධ කරා එයා කිවා ඇප දුන්නෙ නැ කියලා.දවස් 14ක් තව රිමාන්ඩ්. ඊට පස්සෙ බලමු..
නංගි දන්නවද වැරද්ද මොකක්ද කියලා..
නැ අයියේ..
දනෝෂ් හිටපු බෝඩීම කාමෙරේ වෙන කෙනෙකුට උගස් තියලා එයාගෙ කියලා.. මොකද ඒ වත්තටම තියන්නෙ ඒ කාමර කෑල්ල නිසා..
හයියෝ එහෙමද අයියා.. ඇයි එහෙම කරලා තියන්නෙ.. පව් සල්ලි ප්‍රශ්න වෙන්න ඇති නේද..
ඔව් එහෙම තමා ලෝයට කියලා තියන්නෙ..මම තමා නංගි ලෝයර්ට සල්ලි බැන්දෙ. බලමු ඉස්සරහට මොකද කරන්නෙ කියලා..
හරි අයියා ok බායි.
දුරකථනය විසන්දි කරපු ෂනායා ඇඩුවා.අනේ පව් සල්ලි නැතුව එහෙම කරන්න ඇති. මිනිස්සුන්ට කොච්චර සල්ලි ප්‍රශ්නද. එයා තනියමනෙ ඉන්නෙ. දැන් රූම් එකේ එයාගෙ බඩු විසික් කරයි එතන ඉන්න දෙන එකක් නැ ආපුවාමත්.එක එක විකාර දේවල් ෂනායා හිතන්න ගත්තා. මේ කාලය අතරතුර ෂනායාට හිනෝෂ්ව ගානක් නැතුව හිටියෙ. සියළු වැඩ කරත්.ඒ වගේම තමා හිනෝෂ්ටත් ෂනායා මොනා කරනවද ගානක් තිබ්බේ නැ.
මෙහෙම තවත් දවස් 9යක් ගෙවුනා. මේ අතරතුර දනෝෂ් බන්දනාගාරයෙ සිටින කීප දෙනෙකුටද තමන්ගෙ දුක කියා සුපුරුදු පරිදි රවටාගෙන ඒ අයගෙ ගෙවල් වල අයට කියලා ඇප අත්සන් කරගෙන එලියට ඇවිත් තිබ්බා. හැබැයි ප්‍රධාන නඩුවට තවත් දවස් 5ක් ඉතුරුව තිබුනා. මේ බව ෂනායා දැනගන්නෙ කෝච් මංජු හරහා. මේ වන විට ෂනායා දවස් දෙක තුනක් විතරයි ජිම් එකට ගිහින් තිබුනේ .ඇයට එය පෙනුනෙ පාළු සෙහොන්ක් වගෙයි.වෙනදා හිනාවෙලා කතා බහ කර දනෝෂ් නැති එකයි හේතුව.
දනෝෂ් එලියට ආ ගමන්ම ගියේ මංජුව හම්බෙන්න.එතනින් දනෝෂ් දැනගත්තා ෂනායා වද වු හැටි උදව් කල බවත්. ඉතිං එදා ෂනායාගෙ නම්බර් එකට කෝල් අරන් දනෝෂ්..
සුදු මැණික මම ආවා මට සමාවෙන්න.. මටකන්න සල්ලි තිබ්බේ නැ.රස්සාවෙන් දවස් දෙකකට කලින් එලියට දැම්මා රන්ඩුවකට.ඒකට මම වැරදි නැ. ඒකයි මම එහෙම කරේ කීවා..
ෂනායාට සුදු මැනික කිව්ව වචනය එච්චර ඇල්ලුවේ නැතත් ඇය ඔහුට අපමණ ලෙස අනුකම්පා කරා. ආයේ එවැනි වැඩ නොකරන ලෙසත් ඉදිරියට උදව් කරන්නම් යයි කියාද පොරොන්දු උනා..
දනෝෂ් හිරේ ඉදන් එනවිට අසනීප වී සිටි නිසා බෙහෙත් පවාෂනායා අරන් දුන්නා. නැවත ජිම් ගියත් හෙඩ් කෝච් දනෝෂ්ට කෝච් කම නොකර තමන්ගෙ ව්‍යායාම ටික කරගෙන විතරක් ඉන්න කිව්වා. මේ අතර නඩු දිනයද එලබුනා. කෝච් මංජු සහ ෂනායා එකතුව ඇප මුදල ගෙවා එම නඩුවෙන් දනෝෂ්ව නිදහස් කරගනු ලැබුවා..
නමුත් දනෝෂ් කියන්නෙ සර්පයෙක් බව දෙදෙනාම තවමත් නොදැන හිටියා.
වෙසක් පෝයට තව දවස් දෙකයි.දනෝෂ් ෂනායටෙ වෙසක් කුඩු වගයක් සැදු බවත් එය ගන්නට පාරට එන්නට කියාත් දන්නවා සිටියා..ෂනායාද හරිම සතුටු උනා.හිනෝෂ් කවදාවත් අවුරුදු 8ක් එකට හිටියත් එවැනි දෙයක් කර තිබුනේ නැ.ඉතිං ෂනායා දනෝෂ් කිව්ව තැනට ගියා වෙසක් කූඩු ගේන්න. පාර ගාවට ගියත් දනෝෂ් එය කාමරයේ ඇති බවත් එහි එන ලෙසත් කියා සිටියා.ෂනායා මේ වන විට දනෝෂ්ව උපරිම තත්වයට විශ්වාස කරා.ඉතිං බය නැතුව ඇය ඔහුත් සමඟ කාමරය ගාවට ගියා. දනෝෂ්ට කාමර අයිති කාරයාද සමාව දී තිබුනේ ඔහුගෙ කපටිකමට යටව. ඉතිං වෙසක් කූඩු ඇතුලේ ඇති බවත් අරන් එනකන් ඉන්න කියා දනෝෂ් ඇතුලට ගියා..
හුම්.මේකී මෙතනටම ආව එකේ නිකන් යවන්න බෑ. මෙච්චර කාලයක් මම මේකීව ඇන්දුවේ මේකටනෙ..අද කොහොම හරි මේක ඉවර කරනවා.. මෙහෙම හිතපු දනෝෂ් පිටුපස හැරී හිටපු ෂනායාව අල්ලා ගත්තා..
අයියේ මේ මොකද අනේ අත අරින්න. මාව අත අරින්න.. අනේ අනේ..
ෂනායාට එපමණයි කියන්න වුනේ.ඔහුගෙ හැඩි දැඩි බාහු සමඟ ඇයට ඔට්ටු වීමට නොහැකිව බිම ඇදගෙන වැටුනා. ඇයගෙ ඇඩුම් මැද දනෝෂ් ඇයව දුෂනයට ලක් කරා.
ෂනායා දනෝෂ්ගෙන් මීදී අඩ අඩම ගෙදරට ආවා.ඇවිත් ඇයි කෑ ගහලා අඩා වැලපුනා. හිනෝෂ්ට ඇය වැරද්දක් කල බව ඇයට ඒ වන විට තේරී අවසන් වගේම.ඇයට වීමට ඇති දේද සිදුව අවසන්...
අඬ අඬ හිටපු ෂනායාට fb මැසෙජ් එකක් ආවා.ෂනායා වෙවුලන දෑතීන් එය අරන් බැලුවේ හිතේ තිබ්බ බයටමයි.. ඔව් ඒ ඔහුයි.දනෝෂ්...
උබ දැන් මා එක්ක ජීවත්වෙන්න ඕනා.උබේ මිනිහව අත ඇරලා මං ගාවට වරෙන්.. නැත්තම් මම මේ සේරම උබේ මිනිහට කියලා උබේ පවුල කොහොමත් විනාශ කරනවා. නැත්තම් උබ මිනිහා එක්ක ඉද්දිම මාත් එක්කත් ජීවත් වෙයන්..
එම තර්ජනාත්මක කෙටි පනිවිඩය කියවු ඈ අඩා වැලපුනේ ඇය මිදීමට නොහැකි ගැටලුවකට මැදි වු බව දැනුන නිසායි.
ඇය තීරණයක් ගෙන බය නැතුව වෙන දෙයක් උනදෙන් සිතා ඔහුට පිලිතුරක් ටයිප්කරා..
මම එන්නැ උබ ගාවට.. පුළුවන් දෙයක් කරපන්.. මම යනවා පොලිසි.. මට මගෙ පාඩුවේ ඉන්න දියන්..
ආ බලපන් උබට මම කරන දේ.උබ එහෙමනම් එහෙමයි නේද?? දනෝෂ් නැවතත් මැසෙජ් එකක් එව්වා..
මම වැදලා කියන්නෙ මට මගෙ පාඩුවේ ඉන්න දියන් ෂනායා කිව්වත් දැන් සිදුවන දේ ඇයටවත් හිතා ගැනීමට නොහැකි උනා.
ඒ දවස එසේ අවසන් වෙද්දි.පසුදාට දවස උදා උනා.. හිනෝෂ් සුපුරුදු පරිදි ගෙදරට වී වැඩ කරමින් හිටියා. ෂනායා පිච්චි පිචිචි ගෙදර වැඩ කරමින් සිටියා.
ගෙදර කවුද... ඒ දනෝෂ්ගෙ හඩයි...
ෂනායා උඩ විසි වී ගියේ ඒ හඩට ඇය බයෙන් වෙවුලුවා.කමක් නැ එන දේකට මූණ දෙනවා සිතමින් ඇය ඉස්සරහට යද්දි හිනෝෂ් ඉස්සරහට ගිහින් හිට්යා.
දනෝෂ් රකුසු බැල්මක් ෂනායාට එල්ල කර හිනෝෂ් එක්ක කතාව ඇරඹුවා. ජිම් එකට ගිය දා ඉදන් සියල්ල ඔහු හිනෝෂ් ඉදිරියෙ කියා සිටියේ බොරුද එකතු කරමින්. ෂනායා ඔහුට පෙම්කල බවත් සැමියා බිරිද ලෙසින් ජීවත් වු බවත් හිරේ ගිය විට බලන්න පැමිණි බවත් ෂනායා හිනෝෂ්ගේ සල්ලි වලින් ඔහුව බේරාගත් බවත් කියා සිටියා.
මේවා අසා සිටි ෂනායාට උන් හිටි තැන් අමතක වුවා.
බොරු කියන්න එපා යකෝ උබ හිරේ ගියාට මම උබ බලන්න ආවේ නැ .උබව බේරගත්තු බව ඇත්ත කියා ෂනායා කෑ ගැසුවා.. උබට හොදක් වෙන්න එපා.
ආහ් මාත් එක්ක බුදියද්දි උබට ඕවා තේරුනේ නැද්ද දනෝෂ් ඇසුවා.ෂනායා වගේම හිනෝෂ් අසරණ වුවේ ඒ කතාවෙන්ය. ඒත් ෂනායාට ශක්තියක් නැ ඇත්ත කීමට තරම්.මන්ද යත් හිනෝෂ් කුමන තීරනයක් ගනීවිද කියන බය නිසා..
ඇයි මචන් එහෙම කරේ අපි බැදලා නේද ඉන්නෙ යයි හිනෝෂ් එකම එක ප්‍රශ්නයක් දනෝෂ්ගෙන් ඇසීය.
එපමණකි.දනෝෂ් හිනෝෂ්ගෙ නම්බර් එකද ඉල්ලගෙන පිටව ගියේය.
ෂනායා හිනෝෂ් ඉදිරියේ වැද වැටී සමාව අයැද සිටියේය.
කලින් විදියට නැතත් තමුන්ට මෙහෙ ඉන්න පුළුවන් බව පවසා හිනෝෂ් එතනින් ඉවත් විය.
කාලය වේගයෙන් නික්ම ගියේ ෂනායාව තවදුරටත් තනිකරමිනි. ෂනායාගෙ අතින් පුංචි වැරද්දක් වුවද හිනෝෂ් ඇයට බැන වැදුනෙ වේ#%& අවලමේ ගිය බැල්ලි යන වචන වලින්ය.මේවා දරාගැනීමට නොහැකිව අසාමාන්‍යය ලෙස හඬා වැලපුන ෂනායා මෙවැනිම බැනුම් ඇසීමකින් පසු දරාගැනීමට නොහැකිව ජීවීතයෙන් සමුගැනීමටතීරණය කලේය.
හිනෝෂ් සුපුරුදු පරිදි ඔපිස් රෑම්එකට වී සිටියේ තරහෙන් පුපරමින්ය.ඒ ෂනායාට සුපුරුදු වචන ටික අත ඇරීමෙන් පසුවය. ෂනායාගෙ පපුව පැලෙන්නට තරම් වේදනාවක් ඇති වුයේ තමන්ටවු අසාධාරණය කියාගැනීමට නොහැකිව. සහ ඇගේහිතේ තියන දුක ඈටම දරාගැනීමට නොහැකිවය.ඇය අවසාන තීරණයට එලඹිණී.ඇ ඇගේ සාරියක් ගෙන ගෙල වැලලා ගත්තෙ ඈටවු ආසාධාරණය ඈතුලම සඟවා ගනිමින්ය.
නිමි..
මෙවන් වු කතා අප සමාජයේ නැතිවම නොවේ.මෙවැනි අය අපටද හමු වී ඇති. මෙය සත්‍යයක් වුවද විය හැක. ආදර්ශක් කරගනිමු. යම් අයෙක් විශ්වාස කිරීමට මත්තෙන්.
