දරුවන් නොලැබ මවක් වූ මා | Daruwan Nolaba Mawak U maa


  -දරුවන් නොලැබ මවක් වූ මා -

"ඔයා එන්න ඕනේ නෑ යන්න.අපි ගිහින් එන්නම් ඇන්ඩ්‍රියා"
"ඇයි ඒ?මාත් එන්නම්.අක්කගෙ බබානේ ඒ ඔයාගේ"
"ඒත් ඇන්ඩ්‍රියා" 
"විනෝ මං එන්නම් මටත් ආසයි"
"අම්මා කියනවා ඔයාට ඉන්න කියලා ඇන්ඩ්‍රියා" 
"හ්ම්ම්ම්....කැමැත්තක් කරන්න"
"නෑ මෙයත් එනවනම් එක්කන් යං අපි"අපි දෙන්නගෙ කතාව මැදට හරස් උනේ අම්මා.අම්මා කියන්නේ විනෝශ්ගේ අම්මා.වෙලාවකට පුදුමයිත් වගේ අම්මා එහෙම කතා කරලා මාව එක්කන් යන්න කැමති උනාම.
"ඒකනේ විනෝ අම්මත් කැමති මාව එක්කන් යන්න.මාත් එනවා අපි යං බබා"
"කවුද එක්කන් යන්න කැමතී කිව්වේ?ගෙදර තනියම දාලා යන්න බෑනේ ඒ නිසා එක්කන් යන්නේ.නැත්තං ඒ වගේ තැනකට වඳ ගෑනු එක්කන් යන්න මට පිස්සු කියලා හිතුවද?"
"අනේ ඔහොම කියන්න එපා අම්මා මං උවමනාවෙන් කරපු දෙයක් නෙවේනේ"
"උවමනාවෙන් කලත් නොකලත් වඳ ගෑනී වඳ ගෑනීම තමා....ඒකේ වෙනසක් නෑ"
විනෝශ්ගේ අම්මා එහෙම කියනකොට විනෝශ් මුකුත් නොකියා හිතක් පපුවක් නැති එකෙක් වගේ අහක බලන් ඉන්නකොට මගේ පපුව පැලෙන තරම් වේදනාවක් ආවා....
කවදා කියලා මේ දුකෙන් නිදහස් වෙන්නද අවුරුදු ගානක් තිස්සේ මං ඔය කතාව අහනවා දෙයියනේ.
"ඔහොම කතා කරන්න එපා අම්මා.අම්මත් ගෑනීයෙක් නේද ඔහොමත් ගෑනීයෙක්ට තවත් ගෑනීයෙක්ව පෙලලා කතා කරන්න පුලුවන්ද?"
ඉවසීමේ සීමාවේ උපරිමේ තිබ්බ මම අද විනෝශ්ගේ අම්මගේ මූණටම මගේ හිතේ කකියන දුකටත් දරා ගන්න බැරි උන ආවේගෙටත් හිතේ තිබ්බ හැමදෙයක්ම කියලා දැම්මා...මම එහෙම්මම ඇස් දෙකෙන් රූටා වැටෙන මහා කදුලු කැට ටිකත් පිටි අල්ලෙන් පිහදන ගමන් ගියේ විනෝශ්ගෙයි මගෙයි නිදන කාමරයට.
*                     *                   *                        *
ඔව් මං තමයි ඇන්ඩ්‍රියා.ඇන්ඩ්‍රියා නිතේන්‍යා ෆර්නෑන්ඩෝ.දැනුම් තේරුම් ඇති දවසේ ඉදන්ම කන්‍යාරාමයක ලොකු සිස්ටර්ගේ වදනට අවනත උනේ.තවත් මං වගේම ලමයි කිහිප දෙනෙකු එක්ක තමයි මං කන්‍යාරමයේ ජීවත් උනේ.අම්මා තාත්තා කියන දෙන්නව අදුරන්නෙවත් නැති මම අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙන්න ගොඩක් ආස කලා.සමහර දවස්වලට පල්ලියට යනකොට මගේ වයසෙම තවත් ළමයි අම්මගෙයි තාත්තගෙයි අතේ එල්ලිලා එනකොට  එයාලට ළං වෙලා ඉන්නකොට දැනුන වේදනාව වචන කරන්න මට තේරෙන්නේ නෑ.ඒ වෙලාවට ඇස් අගින් කඩා වැටෙන කදුලු බිංදු හෙමීට පිහදගත්තේ කවුරු හරි දැකලා හිනාවෙයි කියන බයට.ඒ ළමයි දෙමව්පියෝ එක්ක එච්චර ආදරණීයව ඉන්නකොට අවුරුදු 15ක් උන මගේ හිත එදා හය හතර නොදන්න කාලේ වගේම අදටත් අසරණයි.ඔය මොන දෙයක් උනත් මට ගොඩක් ආදරේ කරන කෙනෙක් ඉදියා.ඒ තමයි ලොකු සිස්ටර්.මගේ ඕනම ප්‍රශ්නයක් මට ලොකු සිස්ටර් එක්ක කියලා හිත නිදහස් කරගන්න පුලුවන් උනා.මං අහපු හැම ප්‍රශ්නයකටම එයා ළග උත්තර තිබුණට මං අහපු එකම එක ප්‍රශ්නයක් ඉස්සරහා සිස්ටත් ගොලු උනා.ඒක වෙනස් නැතුව හැමදාම වගෙ උන දෙයක්.
"සිස්ටර් කෝ මගෙ අම්මයි තාත්තයි?ඇයි මං මෙහෙ ඉන්නේ?එයාලට බැරිද මාව එක්කන් යන්න"
"දැන් පාඩම් කරන්න ගන්න වෙලාවත් ළගයි.ගිහින් පාඩම් කරන්න ගන්න ඇන්ඩ්‍රියා" 
"සිස්ටර් අවුරුදු 15ක් තිස්සේ ඔය ප්‍රශ්නේ මග අරිනවා"
"ඔයාට දැනගන්න ඕන දෙයක් නම් මං ඒක අනිවාරෙන්ම ඔයාට කියනවා කියලා දන්නවනේ.දැන් යන්න"
"හ්ම්ම්ම් යන්නම් සිස්ටර්"
"මේ හැම ප්‍රශ්නෙකටම විසදුම හම්බෙන්නේ ඔයා ඉගෙන ගත්තොත් විතරයි ඇන්ඩ්‍රියා මං ඔයාට ඒක හැමදාම කියනවා"
"ඔව් සිස්ටර්  මතකයි"
සිස්ටර් හැමදාමත් කියනවා වගේ මේ හැම ප්‍රශ්නෙකටම විසදුම මං ඉගෙන ගන්න එක විතරයි ඒත් මට ඕන උනේ හොදට ඉගෙන ගෙන ලොකු තැනකට යන්න නෙවෙයි.මට බැඳීම් සේරම එපා වෙලා තිබ්බේ.පොඩි කාලේ ඉදන්ම අම්මගෙයි තාත්තගෙයි සෙනෙහස ආදරය අහිමි වෙච්ච නිසා.මට ඕනා වුණේ කොහොම හරි හොදට ඉගෙන ගෙන අපිව අම්මා කෙනෙක් වගේ බලාගන්න අපේ පාලිකාව වෙච්ච එලීශා සිස්ටර් වගේ ළමයින්ට ගොඩක් ආදරේ කරන ළමයි එක්කම ඉදන් එයාලට දුකක් නොදෙන හොද පාලිකාවක් වෙන්න.මං ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි උනා.හොදට ඉගෙන ගත්තා.
"ඇන්ඩ්‍රි ඔයාට මං පොඩි කාලේ කියලා දීපූ දේවල් හොදට මතක තියන් ඔයා හොදට ඉගන ගත්තා මට ඒ ගැන ආඩම්බරයි"
"මට මේ ගමන් එන්න මූලිකම හේතුව උනේ සිස්ටර් තමා සිස්ටර්.මටත් ඕන උනේ සිස්ටර් වගේම හොද පාලිකාවක් වෙන්න ළමයින්ට"
ඔව් අදට මට මගේ වයස විස්ස සපිරෙනවා.අදත් මං මගේ යෙහෙලියොත් එක්ක ගියා පල්ලියට.වෙනදා වගේම යැදලා පල්ලියෙන් එලියට එනකොටම දැක්කා ලස්සන රුවක්.ඔව් උසට සරිලන මහතත් එක්ක ලස්සනට දුර ඉදන් මං දිහා ගිනා වෙලා බලන් ඉන්න ඔහු දිහා හැරිලත් තවත් වරක් බලන්න තරම් හිතයන කඩවසම් තරුණයෙක්.
ඒත් නොදැක්ක ගානට අහක බලන් එන්න සිද්ධ උනේ මගේ හිතේ තියන අකමැත්තකට නෙවේ මගේ හිතම මට මගේ සීමා ගැන මතක් කරලා දෙද්දීයි.මගෙ හිතෙත් ටිකෙන් ටික ඔහු පිලිබද ආදරයක් මෝරා වැඩෙනකොට ඔහුත් ඇවිත් මං ගැන කතා කරලා මාව විවාහ කරගන්න කැමැත්ත අහලා තිබ්බා.ඒ තමයි විනෝශ්...#විනෝශ්_රත්නායක...ඒ ආපු ගමන තමයි මං අදටත් මෙහෙම අවුරුදු හතරක් තිස්සේ දුක් විදින්නේ....
*                        *                        *                      *
"ඇන්ඩ්‍රී....."
අතීතයේ මතක ගොන්නක අතරමං වෙලා ඉදපු මං එකපාරටම ගැස්සිලා වගේ පියවි සිහියට ආවේ විනෝශ්ගේ තරවටු කිරීමක් වැනි ආමන්ත්‍රණයෙන්.
"ඔයා අම්මට කතා කරපු විදියනම් හරි නෑ ඇන්ඩ්‍රි"
"මාත් ගෑනීයෙක් විනෝ.මං හැමදාම ඉවසන් ඉදියා.ඒත් අද මට ඉවසන් ඉන්න බැරි උනා.අපී හැමෝම හොදටම දන්නවනේ මට දරුවෙක් හදන්න බෑ මගෙ ගර්භාෂයේ ප්‍රශ්නයක් කියලා"
"මට තේරෙනවා ඇන්ඩ්‍රියා ඒත් මෙහෙම ජීවත් වෙන එක මට එපා වෙලා තියෙන්නෙ.ඔයාව මැරි කලේ සතුටින් ඉන්න හිතාගෙන මිසක් තවත් දුක් විදින්න නෙවේ"
"මං හැම බැඳීමක්ම අතැරලා ජීවත් උන කෙනෙක් විනෝ.ඔයා එක්ක ආවට පස්සෙ තමා ආදරයක් ගැන මං හිතුවේ"
"මට තේරෙනවා මට තේරෙනවා ඇන්ඩ්‍රි" 
මුකුත්ම නොකියා නෑහුන ගානට ගිහිම් මං ඇදේ ඇල උනේ තවත් ඒ ගැන කතා කරාම වෙන්නේ මගේ හිත තවත් පෑරෙන එක විතරයි නිසා.
*                      *                              *                    *
රෑ ඇදට වැටුණ පාර ඉකිගැස්මත් එක්කම මට නින්ද ගිහින් ඇහැරෙනකොට අම්මලා අක්කලගෙ ගෙදර යන්න ලෑස්තිවෙනවා.මාත් වොශ් එකක් දාන් ඇවිත් විනෝශ්ව ඇහැරවලා ලෑස්ති වෙලා පහළට බැස්සා.
"හැමදාමත් කියනවා ඔය මූණ පෙන්නන්න එන්න එපා කියලා වැදගත් ගමනක් යනකොට ඉස්සරහට"
"ම..මං හිතුවේ අම්මලා ඇතුලේ කියලා.තාම පාන්දර තුනයි.අපි තුනහාමාරට යන්න කතා උනේ ඒකයි"
"නිදහසට කාරණා නම් කෝටීයයි"
"හ්ම්ම්ම්ම්"කියාගෙනම මං ආවේ අපෙ කාමරේට.ඔක්කොම ලෑස්ති වෙලා ගිහිම් කා එකට නගිනකන් මං එළියට ආවේ නෑ...
*                    *                         *                       *
"ඇන්ඩ්‍රියා...."
"ඇයි අම්මේ?"
"ඔයා ඔය කාමරේටම වෙලා ඉන්න.එළියට එන්න එපා."
"ඇයි අම්මේ?දුවගේ දරුවා ලැබුන එක වෙනුවෙන් පත්තිනි මෑණීයන්ටනේ අපි මේ කිරි අම්මලා වඩම්මලා දානයක් දෙන්නේ"
"ඉතින් අම්මේ?මාත් ඇවිත් බලාන ඉන්නම්.මටත් ආසයි"
"ඔයා කිරි අම්මෙක් නෙවේනේ.රට්ටු හිනස්සන්නේ නැතුව මෙන්න මේ කාමරේ ඇතුලට වෙලා ඉන්නවා මං යනවා"
කියනවත් එක්කම විනෝශ්ගේ අම්මා කාමරෙන් එළියට ගියේ මටත් රවාගෙන.
පත්තිනි මෑණීයන්ගේ පූජාවක්.වද ගෑනූන්ට එන්න හොද නෑ කියලා පත්තිනි මෑණීයන්ට පූජා පවත්වන කවුරුවත්ම දන්නේ නැද්ද දෙවියනේ පත්තිනි මෑණියො කියන්නෙත් වද ගැහැනියක් වග....ඇගෙත් උතුම් උනේ පතිවත බව.....
හිතේ බුර බුරා නැගෙන වේදනාවත් එක්කම අතේ තිබුණ හෑන්ඩ් බෑග් එකත් අරන් එළියට බැස්සේ තවත් දරාගෙන ඉන්න බැරිකමට.
කිසිම බැදීමකට ආසා නොකරපු මං උබ නිසා බැදීම් වලට ආසා කරන්න පටන් ගත්තා.ඒත් දරුවෙක් හදන්න බෑ කියලා දැනගත්තම මුලු ලෝකෙම වද ගෑනියක් කියලා ඇගිල්ල මට දික් කරනකොට බැදීම් කියන්නේ තවත් දුකයි විතරයි කියලා තේරුනා.මට උබ වෙනුවෙන් පත්තිනි වගේම පේ වෙන්න පුලුවන් උනාට උබට මගේ ආදරේ වටිනාකමක් නැති හැඩයි මහත්තයෝ.....ඉතින් හැමෝගෙම ජීවීත වලින් මං ඈතටම යනවා......
*                           *      *                      *                *
"අම්මී අනේ මගේ අත වැදුනා"
"අම්මී අනේ තේනූ මට ගැහුවා"
"අනේ අම්මී මාව පොඩ්ඩක් වඩා ගන්නකෝ"
ඔව් දරුවො එක්කෙනෙක්ගේ නෙවේ විසි තිස් ගානක අම්මා කෙනෙක් මං.
මගේම කියලා ඉඩමක මගේම කියලා පුංචි ගෙයක් හදන් මං අද දරුවො ගනනාවකට අම්මෙක් වෙනවා.මගේම නිවාසෙක මමම ප්‍රධාන පාලිකාව වෙලා.ඒ ඔක්කොම මං වගේ අම්මා තාත්තා නැතුව අසරණ වෙච්ච දරුවෝ.
උඹටත් ඕන උනා නම් අපේම කියලා දරුවෙක්ගෙ හුරතල් බලන්න.මං වගේම තව දරුවෙක්ව අරන් හදාගෙන ඒ  දරුවට තාත්තා කෙනෙක් වෙලා.ඒත් උබට ඒකට පින නෑ මහත්තයෝ.ඒත් මේ දරුවො ඔක්කොගෙම අම්මා වෙන්න මට පින තිබුණේ උබව අතඇරලා මං ඒ ගෙයින් එළියට තියමු මුල්ම අඩියේ ඉදන්....
අද මං දරුවෝ තිහකගේ අම්මෙක්.ඔක්කොටම එක විදියට එක වගේ ආදරෙන් සලකන.
වඳයි කියලා වඳ ගෑනූන්ටත් දරුවො ගැන ආදරයක් නැතුව නෙවේ උන් තමා දරුවන්ට වැඩියෙන්ම ආදරේ කරන්නේ.ඉතින් මට මං ගැන සතුටුයි.මං වගේ වෙන්න නොදී ඒ දරුවන්ට මට අම්මයි තාත්තයි කියන දෙන්නම වෙන්න ලැබුනු එක ගැන......
#ඉතින්_දරුවන්_නොලැබ_මාත්_දරුවන්_ගනනාවකට_අම්මෙක්.....
එය නොවේමද විය යුත්තේ.අද මං සතුටින්.ජීවීතේ සතුටින් ඉන්න නම් ඔබව දුකට පත් කරන බැඳීම් වලින් ඈත්වී සිතට ඔසුවක් මෙන් සිත සුවපත් කරන බැදීමකට ළං වන්න.......
-සමාප්තයි -
🌸ආසයි ඔබත් අකුරු කරනවනම් දැනුන හැගීම එක් වචනයකින් හෝ.....
🌸ළමයි කියවලා ලයික් එකක් දාගෙන යන්න 
 ✍️ඩිල්ගේ පන්හිඳ