දෛවයේ සරදම් | Daiwaye Sarada


දෛවයේ සරදම්

මැණික...නැගිටින්න..මෙන්න.තේ ගෙනාවා..
කෝ,කෝ,නැගිටින්න,ඩොක්ටර් කිව්ව දේ මතකනේ වෙලාවට බෙහෙත් බොන්න..
හ්ම්ම් ,,කෝ නැගිටින්න..
අනේ..ධනූ.....
තව ටිකක් නිදාගන්න දෙන්නකෝ..
අහ්,,අනේ,,කම්මැළි ,සමනලී..නැගිටිනව ..කෝ...
ධනුක විමංසාව අවදි කිරීමට උත්සාහ කලද,ඇය තව,තවත් පොරෝනය යටට ගුලිවී..නිදන්නට වුනා.... වෛද්‍ය වරයා පැවසූ අන්දමට විමංසාට ජීවිත කාලයේම රෝද පුටුවට වී සිටින්නට සිදුවීම ධනුකගේ හදවතට ඇති කලේ මහත් වූ කම්පනයකි. විමංසාගේ හිස අතගාමින් ධනුක ඇය අසලින් වාඩිවිය. ඔහුගේ සිත මොහාතකට අතීතයට දිව ගියේය.විමංසා හා ගතකල සුන්දර අතීතය නැවත නැවතත් සිහි කරමින් තප්පර කිහිපයකින් ඔහු වසර තුනකට එහා මතකය වෙතට දිව ගියාය.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වසර 03කට පෙර...👇👇👇
 ඒ,,මචං උඹ දැක්කද.ඊයේ එකවුන්ට් සෙක්ෂන් එකට අලුතෙන් ආපු කෙල්ල..
අම්මෝ...බන්,ඒකී නම්,මාර කි්‍යුට් බන්..
නෑ...කොහෙද ඊයේ වෙන වැඩකට හිර වුනානේ බොස් එක්ක.මම එහෙමම ගෙදර ගියා බන්..
ඒක නෙවයි..කෝ දැන් ඒ,කෙල්ල,අද ඇවිල්ලද?..
නැතුව...
මේ ,එහෙනම්,යමන්ද,පොඩි,රවුමක් ,දාල බලල එන්න..
යමන්...
ධනුක රැකියාව කරනු ලැබුවේ පෞද්ගලික ආයතනයකය. එහි සේවයට පැමිණි අලුත් තරුණියක් පිළිබද ධනුකගේ මිතුරා වන ලහිරු පවසන්නට වූයේ රස කරමිනි.එනිසාම.ඇය දැක ගැනීමේ අභිලාශයෙන් යුතුව ධනුක ලහිරු සමග ඇය ⁣සිටි දෙසට යන්නට විය.
ආ...අර.අර .අතන ඉන්නේ අර ලා නිල් පාට සාරි එකක් ඇදල ඒ තමයි කෙල්ල.
හොදයිනේ..ඒ කියපන්කො.මට ගැලපෙනවනේ..
ධනුකය..උඹ රහත්වෙලාද බන්...
ම්ම්ම්ම් ..නෑ.නෑ..යමන් මෙතන ඉන්න එක හරි නෑ..
බොසා ආවොත් දන්නවනේ...
ටික වේලාවක් ඇසිපිය නොහෙලාම ඇය දෙස බලා හුන් ධනුක ඇයගේ රූපය හදවතේ මවා ගනිමින් එතැනින් පිටවීය..
කොහොමද..ධනුකය .ඒකී මට කැපෙනව..නේ..
පුහ්....
මොකද?,ඇයි,,උඹ හිනාවෙන්නේ.
අනේ,මේ,උඹ රටේම ඉන්න කෙල්ලන්ටයි ,ගෑනුන්ටයි..ලයින්.දදා මෙතන..
අහිංසක කෙල්ලො .අමාරුවෙ දාන්නැතව ඉදහන්..
අම්මා...මෙයා බලහන්කො..උඹ සිදුහත්ද?..
මේ,ලහිරු.ඇත්තටම.මම උඹට කියන්න හිටියේ.උඹේ ඔය ක්‍රියා පටිපාටියට මම ඒ තරම් කැමති නෑ..
ආඋඹ කැමති නෑ  කියල මට පාන්ද?..
අනේ නිකන් වැදි බණ නොකිය පලයන් ධනුකය යන්න...
ධනුකගේ මිතුරා වන ලහිරු දහසක් කෙල්ලන්ට බොරු බලාපොරොත්තු දී රවටන්නෙකි.ඒ පිළිබදව ධනුකගේ සිතෙහි වූයේ දැඩි අප්‍රසාදයකි.ධනුක  ඒවා නවතා දමන ලෙසට ලහිරුට වටහා දුන්නද,"පයට පෑගෙන දූවිල්ලක් "තරමටවත් ඔහු ඒවා ගනන් නොගත්තාය..
රාත්‍රී නින්දට ගියද ධනුකගේ සිතෙහි කාර්‍යාලයේ දුටු සුරූපි යුවති⁣යගේ රුව සක්මන් කරන්නට විය..ඇය හා එකම වදනක් හෝ කතා කිරීමට  ධනුකගේ සිතෙහි ඇති වූයේ බලවත් අාශාවකි.පසුදින ධනුක රැකියාවට පැමිණියේ ඇය හා කෙසේ හෝ කතා කරමියි,බලාපොරොත්තුවෙනි.
ඔහු සිතූ පරිදිම තමා ගොඩවූ බසයේම ඇයද සිටියාය.
ඇය සිටියේ ජනේලයක් අසල වාඩිවී ජනේලයෙන් ඉවත බලාගෙනය.ඇය දුටු ධනුකට ඉවසුම් නොමැති විය.
ෂිහ්,මේ,නාකියෙක්,වාඩිවෙලානෙ මෙතන.
ධනුක තමාටම කියාගත්තාය.කෙසේ වෙතත් ඉදිරිපස නැවතුමෙන් තරුණිය අසල හුන් වියපත් මිනිසා බැසගත් පසු ධනුක "මිටින් හල කුරුල්ලෙකු සේ" පැමිණ ඇය අසල අසුන් ගත්තාය.
ඇය හා කතා කරන්නේ කෙසේදැයි සිතමින් ධනුක සිටියේ ලතැවුලෙනි.එක්වරම ඇය අත තිබූ කුඩය බිමට වැටීමෙන් ධනුක ඇයට පෙර ඉක්මන් වී එය අතට ගත්තාය..
ආ.මෙන්න.
තෑන්ක්ස් ..
ඊට්ස් ඕකේ.
මේ...ඔයා ෆර්ගසම් එකේ නේද.වැඩ කරන්නේ.
ඔව්.ඔයා කෙහොමද,දන්නේ.
මමත් එකේ වැඩ කරන්නේ.ස්ටෝර්ස් වල..
ඕ.... එහෙමද.
අදුරගන්න ලැබීම සතුටක්..
බහින්න ලගයිනේ,ඉස්සරහට යමුද?..
ධනුක ප්‍රථමව නැගිට ඇයට ඉඩ දුන්නාය.
ඇය අසලින් හමා ආ පියරු සුගන්දය ඔහු ඇයගේ ඇගෙහි ගෑවී,නොගෑවී විදගත්තේ ලෝබකමිනි.
ප්‍රධාන පාරේ සිට මීටර සියයක් පමණ ඇතුලට යායුතු බැවින් ධනුක තවත් වචනයක් වත් ප්‍රමාද නොකිරීමට උත්සුක විය.
ඔයාගෙ ගෙවල්,කොහෙද?
මම කඩවත.
ඔයා?
මම වත්තල.
හ්ම්ම් .
ඒක නෙවෙයි.තාම නමවත් අහන්න බැරි වුනානෙ.
මම විහංසා..
මම ධනුක..
එහෙනම්.මම අර පැත්තට යනවා..
හරි මමත් ගිහින් එන්නම්.
ධනුක ,විහංසා යන දෙස ඇසිපිය නොහෙලා බලා උන්නාය.ධනුකගේ සිතෙහි විහංසා ගැන ප්‍රේමයක් ඇති වූයේ නොදැනුවත්වමය.ඒ බව පවසන්නටද ඔහු එතරම් කාලයක් නොගත්තාය.
වැඩි කාලයක් නොගොස්ම විහංසාත්,ධනුකත් ප්‍රේමවන්තයින් විය.
මේ ,හෙට නිවාඩුනෙ.අපි කොහෙ හරි ඇවිදින්න යමුද?.
අනේ ,ධනුක.මේ දවස් ටිකේම ඇදපු රෙදි එහෙමමයි,මම හිතන්හිටියෙ හෙට ඒව හෝදල දාල ටිකක් නිදහසේ ඉන්න.
ආ,⁣එහෙමද,ඒ කියන්නේ මගෙත් එක්ක ඉන්න එක ඔයට නිදහස කැතිවීමක්ද? විමූ..
අයියෝ ,මෝඩයෝ එහෙම දෙයක් මම කිව්වද?
හරි,මම මෙට එන්නම්.
කොහෙද යන්නේ ඉතින්.
නෑ ,ඕන නෑ.ඔයාගෙ වැඩක් කරගන්න.
ධනුක එසේ පවසමින් පිටවී යන්නට හැදුවේ හිත් අමනාපයෙනි.
ධනුක,ඔයා,පොඩිළමයෙක් වගේ.
ඔව්,ඔව්,මම පොඩි ළමය,ඔයා ආච්චි අම්මනේ..
අම්මෝ.මූණේ කැත.
පිස්සියෙ මහ පාර..
ඉතින්,මට මොකද?
ඔයා මගේනේ..
විහංසා මහ පාර යැයි නොසිතා ධනුකගේ මුව සිපගත්තේ නිර්ලෝභීවය.
ධනුක විහංසාට පණටත් වඩා ආලය කලාය.විහංසාත් එසේමය.ඇයද ධනුකට බොහෝ සෙයින් ආලය කලාය.
විමූ,හදිසියෙන් හරි මම මැරුනොත්..
ස්ස්ස් .......
මෝඩ කතා කියන්නෙපා ධනුක..
නොමැරෙන මිනිස්සු කව්රුත් මේ ලෝකෙ නෑ.ඒක වෙලාවට සිද්ධවෙයි..
අනික ඔයා හිතනවද ඔයා නැති ලෝකෙක මම ඉදියි කියල..
අනේ ඕව ,සතියයි පස්සෙ ඔයා වෙන කෙනෙක් මැරි කරයි..
ඉතින් මට මොනව හරි වුනොත් ඔයත් එහෙමම තමයි..
නෑ මම එහෙම නෑ..
ඉතින් මමත් එහෙම නෑ.
ධනුකගේත් විහංසාගේ ආදරණීය රණ්ඩු සරුවල් වල ප්‍රථිඵලය වූයේ දෙපැත්තේම කැමැත්තෙන් විවාහයට දින නියම වීමෙනි.
ඒ ලස්සන දවසට දින නියම කරගනිමින් ධනුකත් ,විහංසාත් ඉදිරි අනාගතය ගැන සිහින මවමින් කල්ගෙවන්නට වුනා..
සුන්දර මනමාලියක් ලෙස සැරසී පෝරුව මතට නැගි විහංසාව දුටු ධනුකට ඇති වූයේ නිහතමානී ස්නේහයකි...
පවුලේ සියල්ලන්ගේම ආශිර්වාදය මැද.මනාල යුවල.මධුසමය සදහා නුවරඑලිය බලා පිටත් වී යන සුබ මොහොත උදා ව්ය.තම මවගේත්,පියාගේත් ගෙල බදාගෙන හඩා වැලපෙන විහංසාව දුටු ධනුකගේ නෙතටද කදුලක් පැමිණියා කිවහොත් නිවැරදිය.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ධනූ,,,ම්ම්ම්ම් ...මට ආදරෙයිද?..
මටත් වඩා.....
මමත් ..
පණටත් වඩා..
හන්තාන අඩවියේ.මද මුදු සීතල කැටිවූ ඒ සුන්දර රාත්‍රියේ ඔවුනොවුන් එකිනෙකාගේ ප්‍රේමයේ විශ්වසනීයත්වය උරගා බැලීය..
විමූ..ඉක්මන් කරන්න වෙලාව හරි..
මේ,එනවා..
මධු සමය නිමවී මනාල යුවල සූදානම් වූයේ ධනුකගේ  නිවස කරා යන සුබ මොහොතටය.රක්ත වර්ණයෙන් බබලන අලංකාර ගවුමකින් සැරසුණු විහංසාව දුටු ධනුක ඇයගේ මුව සිපගත්තේ කාටත් හොර රහසේය.
නගින්න.,මහත්තය..
නෝනා..නගින්න..
ධනුකගේ පියාගේ ආයතන සේවකයෙකු ඔවුන්ව රැගෙන යාමට කාරයද සූදානම කරගනිමින් ධනුක ,හා විහංසා වාහනයට නැගී පසු.හෝටලයෙන් පිටත් වීය..
නොසිතූ ලෙස අධික වර්ෂාවක් ඇද⁣හැලෙන්නට වූයෙන් පාර දෙපස පැවතියේ මීදුමෙන් වැසී ගොස්ය.විහංසා උන්නේ ධනුකගේ උරහිස මත හිස තබාගනිමින් අඩ නින්දේ පසුවෙමිනි..
ලී පටවා ගනිමින් ඉදිරියෙන් පැමිණි ට්‍රක්රථයකට ඉඩ දීමට යාමේදී නොසිතූ ලෙස එය කාරයේ ගැටී එය ප්‍රපාතයකට ඇ වැටූනේ සියල්ලන්ම කම්පා කරමිනි..
පියවි සිහියට පැමිණෙන විට ධනුක උන්නේ රෝහලක ඇදක් මතය.ඔහුගේ මව ඇතුළු සියල්ලන්ම ඔහු වටා රොක් වී උන්හ..
හිස මත අත තබා ගනිමින්ම නැගිට ගත් ධනුකට විමංසාව සිහිවයේ එවිටය.ඔහු කලබලයෙන් ඇදෙන් බැසීමට උත්සාහ කලද ධනුකගේ මව එය වැලැක්වීය..
විමු...
විමූ..
අනේ ම⁣ විමූ..
එයාට මොකද?
මටඑයා බලන්න ඕන..
ඩෝන්ට් වොරි පුතා බය වෙන්න එපා
 දුව ⁣හොදින් ඉන්නවා.ඉස්සෙල්ලම පුතා සනීපවෙන්න.
දින දෙකතුනක් ගෙවී ගිය තැන ධනුකට සිදුවූ කුඩා තැලුම් තුවාල සුව වූ අතර ඒ වන විටත් විමංසාට පියවි සිහිය එළැඹ නොතිබුනේය..
විමූ..
අනේ කතා කරන්න මගෙ රත්තරනේ..
ඔයාට මුකුත් වෙන්නෑ මගෙ පණ.මම ඉන්නව ,මගෙ මැණික ලගින්ම..
ධනුකගේ විහංසා අසලට වී හඩා වැටෙන්නට විය.ඔහුගේ නෙතින් ගලා ගිය කදුලු බිදුවක් විහංසාගේ මුව මත පතිත වීමෙන් හාස්කමකට මෙන් දින හයක් පුරා පියවි සිහිය නොලත් විහංසාගේ දෙනෙත් විවර විය..
විමූ..මගෙ පණ .නැගිටිනවා ..⁣ඩොක්ටර්..නර්ස්...
මගෙ විමූ නැගිට්නවා එන්නකො ප්ලීස්..
වෛද්‍යවරයාත් හෙදියන් ඇතුළු සියල්ලන්ම ඇතුළුට දිව ආයේ ධනුකගේ කෑ ගැසිල්ල ඇසීමෙනි..
පොඩ්ඩක් ඉඩ දෙන්න..ලෙඩාව බලන්න..
ඔයා එලියෙන් ඉන්න..
හරි ඩොක්ටර්..
ධනුක දොරට පිටින් ඇති කවුලුවෙන් නොඉවසිලිවන්ත දෑසින් යුතුව බලා උන්නේ විහංසා හා එකම වචනයකුදු කතා කිරීමේ අභිලාශයෙනි.
ඔයාට..ඩොක්ටර්.කතා කරනවා..
මේකයි.ඔයා ලෙඩාගේ....
ම හස්බන් ඩොක්ටර් ..
කලබල වෙන්නෙපා.මෙහෙම කිව්වට අනතුරින් පේෂන්ගෙ අස්ථි වලට හුගක් හානි සිද්ධ වෙලා..
ඒ කිව්වෙ ඩොක්ටර්..
ඉතින්...එයාගෙ ඉනෙන් පහල පණ නැතිවෙලා.
මොකක් ,දෙයියනේ ,මේ මොන අපරාදයක්ද?
බෑ ,ඩොක්ටර්,මට මගෙ විමූව කොහොම හරි හිටපු විදියටම ආය ඕන..මගෙපමැණිකව මට ආයෙමත් ඕන.
බිම හිදගනිමින් ධනුක අතදරුවෙකු සේ හඩාවැටෙන්නට විය.වෛද්‍යවරයා.ඔහුව උරහිස්වලින් අල්වා නැගිටුවීය.
මේ අහන්න, පේෂන්ට මේ වෙලාවෙ ඕන කරන්නේ ආදරය,සෙනෙහස,රැකවරණය, ඒ දේවල් වලින් තමයි එයාට මානසික සුවය ලැබෙන්නේ ඔයාට සිද්ධ වෙනවා එයාව හොදට බලාගන්න..
ධනුක හිමින් ,හිමින් විහංසාගේ ඇද අසලට කිට්ටුවිය..
ධනූ....
ඇයි මගෙ මැණික..
අපිට මොකක්ද මේ වුනේ දෙයියනේ..
ස්ස්ස් ...
අඩන්න ඔට්ටු නෑ..
මගෙ මැණිකට මම ඉන්නව,අදට,හෙටට,විතරක් නෙවයි,හැමදාටම..
ඔයා මම නිසා ජීවිතේ කාලකණ්නි කරගන්නෙපා ධනූ.ඔයා වෙන කෙනෙක් මැරි කරල හොදින් ඉන්න..
මේ බලන්න..
මගෙ ඇස්දිහා බලන්න විමූ.
මාව කාටවත් දෙන්න පුළුවන්ද?.
ඔයාගෙම විතරයි කිවුවේ බොරුවටද.
විමංසාට කදුලු නවතා ගත නොහැකි විය.ධනුක අතොරක් නොමැතිව ඇය සිප සනසන්නට විය.ජීවිතයේ මොන යම්දෙයක් සිදු වුවද.ධනුක වැන්නකු කිසිදා මුණ නොගැසෙන බව විමංසා සිතන්නට විය..
අදට වසර තුනකි.විහංසා සිටින්නේ රෝද පුටුවේය.
ධනුක තවමත් ඇය ලග පහන් ටැඹක් සේ සිටින්නේය.
ධනුක පෙරටත් වඩා ඇයට ආදරය කලාය.
මිල ,මුදල්,නිසාවෙන්,ආදරය මුදලට සින්ක වී යන යුගයක,ධනුක ,හා විමංසා වැනි ආදරවන්තයින්ද නැතුවාම නොවේ.
නිමි...
පසුවට👇👇👇👇👇👇👇 
ආදරය නම් පුදුමයකි.ඒ අතරේ සැබෑ ආදරය ගැන ලෝකයට පාඩමක් කියාදෙන්නට විහංසාටත් ,ධනුකටත් හැකිවිය.වසර ගණන් ආලය කර,විවාහ වී.කෙටි කලකින් එය දික්කසාදයකින් කෙළවර කරගනිමින්,තව තවත් වුන්ට හදවතේ ලැගුම් දෙන.බොහෝ ආදරවන්තයින් සිටින ලෝකයක තමා ලද ආදරයද.මොන තරම් කරදර බාධක ,පැමිණියද,එකසේ මියෙනතුරුම රැකි විහංසලා,ධනුකලා වැන්නවුන්ද ලෝකයේ නැතුවාම නොවේ.එවැනි වුන් හිමිවීමටද,හිමිකරගැන්මටද,මියෙන තුරු රැකගැනුමටද පෙර පින් බලයක් තිබිය යුතුමය.
කතාව කියවපු ඔයාලටත් හදවතට දැනුනු දෙයක් ඇති කිාගෙන යමු බලන්න..
බුදුසරණයි ...
මම නිශූ....