"කැම්පස් කෙල්ල" | Campus Kella
"කැම්පස් කෙල්ල"
"උබට බුදු සරණයි මගෙ පුතේ...උබ තමයි අපෙ පරම්පරාව අරං යන්ට ඉපදුන එකම දරුවා.. අපිට උබ ගැන ගොඩාක් ආඩම්බරයි...."
"මං ගිහිං එන්නම් අම්මා...බයත් වගෙයි අප්පා..."
"ඇයි උබ බය වෙන්නෙ..අවුරුදු ගාණක් දහ දුක් විදලා ඉගනගෙන මේ විශ්ව විද්‍යාලයට යන දවස...සතුටින් පලයං..."
"හ්ම්...."
ඉහලට ගත් හුෂ්ම පොද පහලට හෙලන්නට අමතකව මෙන් බලා උන්න "වර්ෂා..."මදක් විඩාව සංසිදවන්නට මෙන් හුෂ්ම පොද පහලට හෙලුවේ මහා බියක් අතරින්...
කාලය කොතරම් දේ කරලද මේ කෙටි කාලයට...පුංචි කෙල්ලකව උන්න වර්ෂා අද අවුරුදු වලින් ගෙවලා විශ්ව විද්‍යාල යන්න තරමටම වයසින් මුහුකුරා ගිය බවක් තම මවටනම් දැණුනේම නැත.එය හීනයක් මෙණි...
ඒත් ඇගේ අධ්‍යාපන කටයුතු සදහා වියදම් කරන්නට දහ දුක් විදිනා තාත්තාටනම් එය මහ මෙරක් තරමටම දැනී තිබුණා...පාසල් අධ්‍යාපනය මේ තරම් දුරක් ඇය ගෙන එන්නට ඔහු නොවිදි දුකක් නොමැති තරම්මයි....
"තාත්තේ මං ගිහිං එන්නම්...."
"හ්ම්...අනේ මංදා මටත් හිතට හරි නෑ උබ යද්දින්.."
"එහෙම ගානක් නෑ තාත්තේ මං ඇවිත් විස්තර කියන්නම්කො..."
"එක්කො මං එන්ටද උබ එක්ක ගොහිං එන්‍ට....?"
"ඕනි නෑ තාත්තේ..ලොක්කයියා යනවනෙ.."
"එහෙනම් පලයං..සල්ලි පරිස්සම් කරගනින්..."
දාඩිය මුදල් වී අතට එද්දී ඒ හිත නිතරම මවන්නේ නෝට්ටු කොල ටිකයි...ඒ තරම් සල්ලි කොලේ වටිනාකම දන්නා කෙනෙක් මේ ලොව තවත් නොමැති තරම්මයි......
තම දෙමාපියන් දෙදෙනාට දන නමා ආචාර කල ඇය ලග නෑවන අයියා කෙනෙකු සමගින් සරසවිය බලා පිටත්ව යන්නේ බියක්ද සමගින්...ඒ කුමක් නිසාවත් නොව..අඩුම තරමින් සරසවි ජීවිතය ගැන ඇය කෙනෙකුගෙන් අසාවත් තිබුනේ නැත..
ඒනම් ඇගේ ගමින් ඇය දන්නා කාලයක විශ්ව විද්‍යාලයට යන පලමු කෙල්ල ඇයයි...ඒ නිසාමයි....හැකි නොවුනද ඇය අද යන්නේ ගජරාමෙට ඇද පැලදයි...ලොකූ බෑගයකට ඇදුම් ටිකක් බහාගෙන ලොකූ ගමනක් යන ඇගේ සිත තාම ඇත්තේ ගම තුලමයි
තම නෑ හිතවතා සමගින්ම යන්නට හේතුව ඔහුගේ අක්කා කෙනෙකු ඒ ලග ලගම උන්න නිසා..දින කිහිපයක් සදහා වර්ෂා ඒ නිවසේ නතර කරන්නට වග බලාගෙනයි...
සිතූ ලෙසටම එය එලෙසින්ම සිදුවිය...වර්ෂා එහි නතර කරමින් ඒ පරිසර වට පිටාව පෙන්වා නැවත්තත් තම නෑදෑ හිතවතා ඇය දමා එන්නේ පසුදාට විශ්ව විද්‍යාලයට යන්නට ඉඩ හරිමින්....
..........................................................................................................................................................
මේ අමුතු ලෝකයකි..වර්ෂාගේ දැන්නම් එන්න එන්නම ඇස් වර්ෂාවක්ම වී මහාමරයි...ඒ තරම්ම බියක් පමනයි ඇගේ සිතේනම් ඇත්තේ...මිත්තුරෙක්වත් අහලක නැති ඇය සරසවී මාවතේ ඇවිද විත් ගසක් යටටවී උන්නේ මේ කිසිවක් සිතාගන්නටවත් නොහැකිවයි....එකින් එක සිසුන් මේ සරසවියේ එහා මෙහා ගියද ඒ කවුරුන්ද කියා ඇය දැනන් උන්නේනම් නැත....
"මම අමායා...ඔයා අලුතින්ද ආවෙ...?"
"ඔව්..මම වර්ෂා..අද තමයි මේ ආවෙ..."
"අනේ මටනම් බයක්වගේ හලෝ..."
කිසිදු චකිතයකින් තොරව ඇය තම හඩ මුසුකලා...
"මාත් මේ බයේ ගැහි ගැහි ඉන්නෙ..අනේ මංදා මට යන්න හිතිල ඉන්නෙ..."
"නැ නෑ ඉමුකො මොකද වෙන්නෙ කියලා බලාගෙන.."
"හ්ම්...."
මේ කතාව අස්සෙන් කිසිදු පොතක් පතක් අතේ නැති මුහුණ පුරාම රැවුල වවාගත් අලුගෝසු වෙසක් ගමිනිමින් කොණ්ඩය අවුල් කරගත් නාබර තරුණයින් දෙදෙනෙක් ලගට පැමිණියා....
"අදද ඉස්සල්ලම ආවෙ...?"
ඒ හඩද පෙනුම තරම්ම ගොරෝසුයි...
"ඔව් අපි අද ආවෙ ඉස්සල්ලම.."
වර්ෂා කතා නැත..මේ හඩ ඇයට අහම්බෙන් මුන ගැසුන විනාඩි ගණනක හිතවතියගේ වචන ටිකයි...ඇයට වර්ෂාට මහත් හයියක් උනා...
"කවුද ගෙදර ඉන්නෙ....?"
ඒ ප්‍රශ්නයනම් වර්ෂාටයි....
"අම්මයි.තාත්තයි.මායි..."
"යකෝ ගෙදර ගෘහ මූලිකයා අම්මද...?"
එයට දෙන්නට පිළිතුරක් වර්ෂාට නැත...
"කියපිය තාත්තයි අම්මයි මායි කියලා දහ වතාවක්..."
වර්ෂා බියට පත්ව ඒ වචන පෙල එකිනෙක ගණන් කරමින් කියවන්නට වුණා...එය අසා උන්න ඇගේ ලගම උන්න මිතුරියට සිනා ගේන්නට සමත්වූ දෙයක් වුණා....
"ඇයි උබෙ තාත්තා අහවල් එක කොරන්ට දන්නෙ නැද්ද...?උබ කියපිය අල්ලපු ගෙදර මාමා වගේමයි මං කියලා දහ වතාවක්..."
කිසිදු නිහතමාණිකමක් නොමැති මොවුන්ගේ හඩට බිය වී ඇයද එය කියවන්නට වුණා.....
මේ වර්ෂාගේ විශ්ව විද්‍යාල ජීවිතයේ පලමු දිනයයි....
..........................................................................................................................................................
කාලය මෙලෙසින් ගලාගෙන් යද්දී.. දින සති වෙන්නට පටන් ගත්තා....වර්ෂාට දැන්නම් ටික ටික නුහුරු ගතිය නැතිව යමින් තිබුණා...මේ ගෙවෙන්නේ ඇගේ රැග් සීසන් කාලයයි...එය මහම මහ කට්ටක්.ඇයට සිතුනේ එලෙසින්....
හොස්ටල් ජීවිතය හරිම හිරිකිතයි...හරි හමන් දෙයක් කන්නට නැත...පරිප්පුවට පොල් සම්බෝලය හැදෙන්නේ කිරට සාදා ගන්නා පරිප්පුවට දමනා පොල් කුඩු ටිකෙන් මයි....
මේ බත් ටික දකිද්දී වර්ෂාට අම්මා මතක් නොවුනානම් තමයි පුදුමය..එහෙම උනේ නැත..ඇයට අම්මගේ බත් පතේ රස හොදින්ම වැටහී තිබුණා....මේ තරම් කරුම ජීවිතයක් නොමැතිතරම් දැණුනේ ඇයට පමනක්ම නොව.....
"ඒ යකෝ...නැගිටු...වෙලා ගිහිං තියෙන්නේ..."
"අප්පදබොල හිටු හිටු..."
ඔයා මෙයා කතා රැගෙන ගමෙන් ආ කෙල්ලන්ගේ අද වචන හරිම වෙනස්වෙලා.....
"මොකද තොපි පරක්කු අද...?"
"පොඩ්ඩක් වෙලා ගියා අක්කේ ..."
"අක්කේ...මං තොගෙ අක්කා උනේ කොහොමද කියපිය ජේස්ට උත්තමයා කියලා...ඈ....මේ බලකො මේකිගෙ කකුල් දෙක..තෝ හෙට එද්දින් පොල් ගහ ලකුණ තියන බාටා දෙකක් දාන එන්ට ඕනි...."
මේ කතා කරන්නේ වර්ෂා ලෙසින්ම ගමෙන් විශ්ව විද්‍යාලයට ආ අහිංසක කෙල්ලක්..ඒත් ඔවුන් අද තම හැදියාව අහස්කුස දෙසටම යවා අවසන්...මේ අධ්‍යාපනයේ අද අවසන් පුරුක හෙවත් ඉගෙනුමේ ඊහලම ඵලය රැගෙන යන්නට ආ කෙල්ලගේ වර්තමාන තත්වයයි....
"අම්මේ....මේ බලකො...මේකි දකිද්දින් මට හද බලන්නමයි හිතෙන්නේ..."
ඔවුන්ගේ කතාව අස්සට ආ තරුණ ජේස්ට උත්තමයෙකුගේ කතාවයි මේ....වර්ෂාට මේ කියන්නෙ කුමක්ද කියා දැණුනේ නැත..ඒත් අහන්නද අයිතියක් ඔවුනට නැත...නිහඩවම අසාගෙන උන්නා...
පිරිමි ළමුන් සදහා මාස ගණනක් යනතුරු අණ්ඩවෙයා දමන්නට අවසරයක් නැත..ගැහැණු ලමුන්ටද එසේමය....යට ඇදුමක් අදින්නේනම් එය ඉරුණු පරන එකක් ඇදිය යුතුයි......
..........................................................................................................................................................
නීතිමය රාමුවක් ඔස්සේ කිසිදු රැකවරණයක් නැති මේ විශ්ව විද්‍යාල ජීවිතයේ ගමෙන් එන කෙල්ලන් මේ සමාජ වෙනසට මුහුණ දෙන්නේ කෙසේද කියා දන්නේ ඔවුන්ම පමණයි...
කාලය ගෙවී රැග් සීසන් අහවර කරන මොවුන් ඉන් පසුව තම සුන්දරම කාලය ආරම්භ කරයි...එනම් තිබූ තහංචි පසෙකලා සියල්ල එකා ලෙසින් අධ්‍යාපන ජීවිතය ආරම්භ කරන්නේ මෙම කාලයෙන් පසුවයි...
කොල්ලන්ගේ හොස්ටල් කාමර තුල ආතල් කෝටියයි...හරියටම කියන්නේනම් කූඩුවෙන් ගිලිහුණු කුරුල්ලන් ලෙසින් තම ජීවිතය ගෙවා දමයි....
"තුහූ නොදොකින් බලකො මේ සම්බෝල හැටි.."
"අනේ මේ ඕකුන්ගෙ අහවල් එක කන්ට කියලා යමල්ලා කඩේට ගිහිං පරාට ටිකක් අරං එමු..."
"ඒ බං ඒක නෙවේ අද ගුලිය අබරන්නෙ නැද්ද...?"
"යම යම අද දෙකක් කමු..."
බුලත් විටක් පවා පිලිකුල් කල පාසල් ජීවිතය හා විශ්ව විද්‍යාල අධ්‍යාපන ජීවිතයේ වෙනස කියාපාමුන් මොවුන් මේ අධ්‍යාපනය ලබන්නේ ඔවුනට රිසි පරිදීමයි...
එක එකා වෙන වෙන ක්‍රමයට නොව හැම එකාම ආතල් ගන්නේ එකම ක්‍රමයටයි...අද මදන මෝදකයට සතුටු වෙන කොල්ලා හෙට කන්සා කට්ටෙට ආදරය කරයි...පසුදා බියර් ටිං එකට මන බදිනා මොවුනට එය කර ගන්නට මහපොල යම් සේවයක්ද නොකරනවාම නොව...
තම දෙමාපිය දෑතේ කරගැට නොපෙණෙන මොවුන්ගේ ජීවිතය තුල ඇත්තේ සතුට පමනයි...නින්දක් මැත.එකෙකුට නිදන්නට අවසර නැත...ඔහු නිදාගන්නේනම් අනෙකුන්ට එය ආතල් ගන්නට මගක් පාදයි.....
"යකෝ තොපි දැක්කද ඊයෙ අර දෝනට ලෙච්චර් කාරයා හැලුව පැණි ටික...?"
"අම්මෝ...මාත් බාලාන උන්නෙ. ලගටම ගිහිං ඇගිල්ලෙන් ඇනලා ලෙච්චර් දෙන්නේ..."
දෝන...ලෙච්චර් කාරයා...මේ සියල්ල විශ්ව විද්‍යාලය තුල පමනක් අපට දක්කනට ලැබෙන වචනයි...ඔවුන්ගේ ගුරුවරයා ලෙච්චර් කාරයා වෙද්දී රත්නපුරෙන් සරසවී ආ ලස්සන කෙල්ල දෝනා විය..
විශ්ව විද්‍යාල ජීවිතයේ සියල්ලටම උරුම කාඩ් එකක් ඇත.ඒ ඔවුන් හදුන ගැනීම සදහා ඇති කෙටි නමයි...මෙවන් නමක් නොමැති කෙනෙක් නැත....තම උප්පැන්නයේ ඇති නම ඔවුනට අදාලම නැත.එලෙසින් කියුවද සමහර විට එය දන්නේද නැත...
සමාජ වෙනස තුල සමාජ අද්දැකීම්ද වෙනස් වේ...ඒ වෙනසට ආදරය කොයිතරම්ද කියන්නේනම් තම වර්ෂ පූර්ණය ලබා සරසවි සහතිය ගන්නා දා සියල් ළමුන් ඉන් පිටවෙන්නේ හැඩූ කදුලින් යුතුවයි...එදා අමිහිරි සියල් දෑ මිහිරි වෙන්නේ එහි ඇති සතුට විදිනා දවසටයි....
හිතුන කෙනා ලෙච්චරවලට යද්දී අකමැති කෙනා කොහේ හෝ ගියද ඔහු හෝ ඇය ගැන සොයන්නට කෙනෙක් නැත...
"මේ අද උබ මගෙ අහවල් එක රැකගන්න එක ඇදගෙන තියෙන්නෙ යකෝ..බලකො තොගෙ එකේ හිල් කැටිය.."
"අනේ තොගෙ ඕක පරිස්සම් කරලා වැඩක් නෑ ඔහෙ තියෙට දීපිය ඕක."
"අනේද කියන්නෙ තොගෙ එක විතරයි හද බලන්නෙ.."
"මගෙ එක කොහොමත් පෙට්ටි කාමරේ පරිසර සිරිය බලනවා..මේ අදත් දෙකයි..."
මොවුන් මේ කතා කරන්නේ ගමෙන් ආ මල් කැකුළු ගැනම තමයි...පරිස්සම් කල අම්මා අද නැත..ඇයට ඉතිරි කාලය පරිස්සම් කර ගෙවා ගන්නට අද බාර වී ඇත...එහෙත්.....
..........................................................................................................................................................
"ඒ මේ බලකො මේකිගෙ...නිකන් කුරුලෑවක් වගෙයි...."
"අනෙක් නිකන් ඉදහං..බොට මොකද. තොගෙ වට්ටක්කා උනාට මං මක් කොරන්ටද...."
"කෝ කෝ දීකො ටිකක් අල්ලන්ට..."
"මරනව තෝ මං..."
."අනෙහ්හ්හ් පල යන්ට...තෝ ඕක පෙට්ටියක දාලා රකී දැන්..."
"මේ අහපිය....මං එද්දින් අරං ආව ඔක්කම අයෙත් අරං යන්නෙ ගෙදර...."
"ඔව් ඔව් ඉතිරි කරගෙන ගිහිං ගොණි තපිපිය...යකෝ දත් තියන කාලෙ උග්දඩු කාපිය..."
හොස්ටල් කාමරයට දෙදරා යන ඒ හොනා අස්සේ පොඩි කෙල්ලන් අමුතුම වචන මැද නිදහස් ජීවිතයක් ගතකලා....
"අඩේ හෙට මහපොල...ගහමුද බියර් හුණ්ඩුවක්....?"
"යස යස ගහමු..තව කොච්චර කාලෙද බං තියෙන්නෙ..මේ ආතල් ටික අරං යම ගෙදර..."
මේ සියල්ල වර්ෂාටනම් ගැලපුනේම නැත.එකට කාගෙන එකම කාමරේක උන්නද ඔවුන් හා වර්ෂා අතර ගෙවෙනා ජීවිතය වෙනස් උනා....
"මේ ඒක නෙවේ...කවුද යකෝ ඊයෙ වැලේ තිබ්බ ජංගි කාපු එකා....?"
මේ කැම්පස් ජීවිතයේ බොහෝ කෙල්ලන් අත්විදිනා දෙයකි...රැයේදී ඔවුන්ගේ යට ඇදුම් සියල්ලට වෙන දෙයක් නැත..කවුරුන් හෝ අසහන කාරයෙක් මෙවන් දේ කරයි....
"අනේ බං මේකලාට ඇවිත් අපිට කියකො...අපිත් මේ වේලි වේලි ඉන්නෙ..."
"අනේ තොගෙ වේලිල්ල...තව පොඩ්ඩකින් එයින් අරං පයින්ට රූම් එකට..."
"හැක්ක්ක් ඒකනම් ඇත්ත..අද හිටු නාන්නෙත් නෑ ඔහොම්ම යනවා..."
"ඊයා.....මේකිගෙ තියන ජරාකම.."
"තෝ දන්නෙ නෑනෙ..ඕක ගාණක් නෑ ඒ වෙලාවට...ඇද පත්තත් කඩන්ට හදන්නෙ..."
"ෂික්...."
මේ කියවෙන්නේ කුමක්ද කියා කියන්නම වෙනවා...තමා කවුද තම අනාගතය කුමක්ද කියා හරි හැටි නොදන් ගම්වල කෙල්ලන් මේ අධ්‍යාපනය අස්සේ තම අනාගතය සහතිකයකට පමනක් සීමා කරන්නේ තිබෙනා නිදහසේ සුන්දර තැන් විවරනය කරන නිසයි....තම ආදර වන්තයින් හා යාවෙන මොවුන් කාමර අස්සේ සුර සැප සොයන්නේ ආදර වන්තයා කරනා සියල්ලද අත් හදා බලමින්...එනම් බියර් ටිං එකේ පහස ඇය ලබන්නේ මේ කාමර තුලයි...
එයට ලොල්වෙන මොවුන් පසුව තම කාමර මත පවා බියර් හුණ්ඩුවේ සුවය සොයන්නේ තිබෙනා කෙලිලොල් ගතිය නිසාමයි...තම කාමර මතට පිරිමි මිතුරන් ලවා ගෙන්වා ගන්නා මොවුන් එහි පහස ලබයි...
"අන්න වලා ආවා....දැන් පල.."
වටින් පිටින් කරුවල ආවා පමනයි..ඇය ජැන්ඩියට ඇද ඔහු සමගින් කාමරයෙන් පිටව ගියා..ආයෙත් ඇය එන්නේ පසුද එලිවෙන යාමයටයි...ඒ බව දන්නේ තම කාමරයේ උන්ම පමනයි.....
..........................................................................................................................................................
මෙලෙසින් ආදරයේ පහස සොයනා ඇය හා හාදවන තරුණයා...ඇය හා ඉන්නේ කෙටි කාලයක් පමනයි...ඉන් පසුව ඔහු වෙන මගක් තනා ගනී...මේ නිසාම ඇයට සිදුවෙන්නේ තවත් පෙමක පැටලෙන්නටයි....ඒත් එහි ඇත්තේ ආලයම නොව රාගය පමනකි.....
කාලය ඉන් පසුව බොහෝ දේ ඇයට කියා දෙයි...ඇයත් නොදැනිම ඇය සියල්ලගේ ආදර වන්තිය බව පත්වෙන්නේ සියල්ලගේ ඇස් ඇයට යා වෙමින්....
"මේ අද යමුද හවසට....?"
ඇගේ වතට අත තැබූ තරුණයා ඒ වචන පවසන්නට දෙවතාවක් සිතන්නේ නැත...
"හා හා අත තියන්නෙපා...සල්ලි සල්ලී...."
ඇය මේ කියන්නේ තම ගත අද මුදලට විකිණෙන බවයි........මේ නිසි අධ්‍යාපනය ලද දහස් ගාණක් අතරින් තරගයෙන් දිනා අධ්‍යාපනයේ පරතෙරට යන්නට සැරසෙන කෙලිලොල් දියණියකගේ කතාවයි....
තම දෙමාපියන් මොවුන් උස්මහත් කරන්නට ගත් වෑයම අස්සේ ඉගෙනුමට දුන්න මග පෙන්වීම ඇයට අද මතක නැත...මසකට දහදාහකට ආසන්න මුදලක් ඇයට දෙන්නට ඔවුන් නොවිදිනා දුකක් නැත...
ඇය මෙලෙසින් මුදල් කඩාගන්නට මාන බැලුවද පිරිමි ඉදිරියේ එය තම අධ්‍යාපනයට යොදාගන්නේ නැත..එය තම විනෝදය සතුට ලග වියදම් වෙයි...
..........................................................................................................................................................
කොටසක් නොව කතන්දරයක් ලෙසට දිගට දිග කතාවක් කියන්නට හැකිය....ඒත් මේ විවරණය අස්සේ මේ කතා අස්සේ වෙනම මග ගොස් තම ජීවිතය හා චරිතය රැකගෙන නැවත ගම්බලා යන අයද නැතුවාම නොව...මොන දේ කලද ඔවුන් එයින් එලියට එන්නේ මේ රටේ වටිනාම දේද රැගෙනයි....
ඒත්...ජීව්ත කතාව හා රැකියාව අතර වෙනස එන්නේ මේ නොසිතූ අනාගතය නැවත මතකයට එන දවස එලබෙනදාටයි...රැකියාවෙන් කොතරම් ඉහලට ගියද ජීව්ත ගමනෙන් මග නතරවෙන් ආදරණීය කෙල්ලනේ.....
උබලගෙ අධ්‍යාපනය දිහා බලා සතුටක් ලබන දෙමාපියන්හට උබලගේ ජීවිත දෙසත් බලා සතුටක් ලබන්නට හැකි ලෙසින් මේ වසර කිහිපය ගෙවා එලිය එන්නේනම් මේ රටම ලස්සන වේවි ....
කලෙච්චර් කට්කරමින් කුප්පි ගසා..සටහන් ලියාගෙන පාඩම්කර හදන්නට හැක්කේ තරගයෙන් දිනීම පමනයි..ඒත් හැදියාව යහපත් බව එලෙසින් ගන්නට නොහැකිය....
ගමෙන් එන කෙල්ලනේ...එන දවසට අරං ආ සියල්ල යන දවසටත් අරං පලයල්ලා..මොකද උබලා විවාහ වෙන්නෙත් උබලා වගේම ඔතනට ආව කෙනෙක් එක්ක...උන්ද මේ ජීවිත කතාව නිසි ලෙසින් දන්නවා...අන්න එදාට අඩුම උබලගෙ පිරිසිදුකම හෝ ඉතිරියිනම්...රැකියාව ලෙසින්ම ජීවිතයද සුරක්ෂිත වෙනු ඇත....
