#අවසන්_දූශන_නඩුව දෙවන හා අවසන් කොටස | Awasan Dushana Naduwa Kotasa 02

…………………………………
මගෙ උගුරෙන් පල්ලෙහාට කෙල ගිලින්නෙද නැති උනා..දා බිදු වැටෙන්න ගත්තෙ මෙතනින් ඉදිරියට මොනා වෙයිද කියලා මට හිතන්න කිසිම දෙයක් ඉතිරි නොකර.වෙව්ලන දෑතින් ඒ රුපය දෙස බැලුවෙ එ හිටියෙ වෙන කවුරුත්ම නෙමෙ තේමිය නිසා..ඔව් ඒ මගේ ආදරනීය සැමියා නිසා. දෙයියනේ මේ තරම් වංචාවක් .මට මන් ගැනම ඇති උනේ පිලිකුලක්.එදා මම මේ සිද්දිය කියද්දිත් නිසොල්මන්ව සිටි ඔහු කොයි තරම් වංචාකාරයෙක්ද.මම එතනින් නික්මුනෙ කදුලු මට ඉස්සර වෙද්දි.
නිවසට පැමිනි වහාම මම ගියෙ නාන කාමරයට..එවැනි සැමියෙකු හා නිදි වැදි මගෙ ගත මට පෙනුනෙ මහා පිලිකුලෙන් .ලෝකයටම ඉස්තරම් සිතු මගෙ ස්වාමියා දෙයියනේ ..
"ඇයි.......................මට මෙහෙම කලේ ඇයි දෙයි....යනේ.......ඇ.....යී?"
නාන කාමරය පුරා මගෙ විලාපය දෙදරා යන්නට විය..මට දැනුන පිලිකුල නිසාවෙන්ම වියරුවෙන් මා ගත අතුල්ලා ගන්නට වුනේ ඔහු හා නිදි වැදි සිරුර මට මාවම පිලිකුල් කරන්නට විය..බිත්ති පුරා සිරුරෙ ලේ පැල්ලම් මතු වෙන තුරු පිරිමැද්දත් මට සහනයක් නොවීය  .මේ වනවිටත් තේමිය රැගෙන ඇත.හෙට උසාවි බිම තුලදී මා කොතරම් අසරනද?..
රිදුම් දෙන සීරුම් තුවාල ගත පුරා ඇදුම් කද්දී මා සුදු සාරිය එහෙන් මෙහෙන් පටලා ගත්තෙ අවසිහියෙන්මයි..රත් පැහැයෙන් ඉදිමි තාමත් පුපුරු ගසමින් වෙදනා දෙන දෑසට වඩා පපුව ඇදුම් කයි..
තොරතුරු අනුව ශෙහාරා කියන්නෙ තෙමියගෙ පලවෙනි දඩයම නෙමෙ ..මෙවැනි පුන්චි ජිවිතෙ ගනනාවක්ම තේමිය රාගය ඉදිරියෙ පරවී ගිහින් තිබුනත් තේමියගෙ බල පුලුවන් කාරකම් හමුවෙ ඒවා වියැකී ගියත් මා දෛවය ඔහු වෙත එවන්නට ඇත්තෙ මෙයට නිසි දඩුවම දීමටම වෙන්නැති..
මා උසාවි බිමට පිවිසෙන විටම තේමියද මාංචු දෑතින් පැමිනියෙ පොලීසිය සමග..මා ඔහු දෙස කෙලින්ම නෙත් යෙමුවෙ පුපුරන දෑසින් කදුලක්ද නික්මෙද්දි..ඔහු මා දෙස හිස,ඔසවා බලන්නටවත් වූයෙ නෑ..
නඩු අංක 245 .කැදවන්න............
පුරා අඩ හෝරවකින් සියල්ල නිමා වූයෙ මගෙ සැමියා මගෙ අතින්ම ජිවිතාන්තය දක්වා හිරෙ ගිහිල්ලා..සමාජය ආදරය,රාගය මට ලෝකය ගැන ඉතිරි කලෙ කලකිරීමක් පමනයි.
උසාවි භුමියෙක් පිටතට එන විටත් මගෙ තිරනය මන් අරගෙන තිබ්බෙ..දූශිතයෙක් වෙවා නොවෙවා තෙමිය මගෙ සැමියා ඔහු හිර බත් කන්නෙ මන් නිසා..තවත් එවැනි තැනක මට රැදෙන්න හයියක් නැ..නැවත මෙවන් නඩු කතා කරන්න කරන්න මම වලදාන්න හදන මගෙ අතීතය බුරා බුරා නැගේවි.. 
මගෙ කලු ලෝගුව සදහටම මම මේ උසාවි භූමියෙදිම ගලවලා දැම්මෙ හැමදේකින්ම ඇත් වෙන්න ඔනෙ වුන නිසා..
ශෙහාරට වගේම කලිදුට අලුත් ජීවිතයක් පටන් ගන්න හැම උපකාරයක්ම කරන්න කැප උනෙ මම ..
……………………………………………………………
රාගය මට ඉතිරි කලෙ මෙච්චරයි .උසාවි භූමිය  ලග හීන බොදවෙද්දි ඒ තමා මම කතා කරපු #අවසන්_දූශන_නඩුව........
…………………………………………………………
උසාවි භූමිය කියන්නෙම නඩුවක්.....
හුගක් අය වෙන් කරන අවනඩුවක්...
රාගය කියන්නෙම විස කඩුවක්........
මගෙ පපුවටම ඇන්න ලොකු රිදුමක්..
සුදු සාරියයි කලු ලෝගුවයි ලොකු බරක්.....
හැමදාම තැලෙන ජීවිත එක්ක කරන සටනක්......
මතකය කියන්නෙම රිදුම් දෙන වේදනාවක්.........
වෙන්වීම ලෝකෙන්ම හිතට සැනසිමක්.............
නිමි....................
පාරමි කවී..


Comments System WIDGET PACK