#අවසන්_දූශන_නඩුව පළමු කොටස | Awasan Dushana Naduwa Kotasa 01
#අවසන්_දූශන_නඩුව
………………………………
එදා මොරසූරන වැස්ස ..වැඩ ඉවර වෙලා ගෙදර එමින් හිටපු මට ඉස්සරහා පාර නොපෙන තරමටම තද වැස්ස. වැස්ස වගෙම තද සීතල නිසාම මම හිටියෙ වෙව්ලමින්.මගෙ මෝටර්රථය ඉදිරියටම ඇදෙන්නට වුනෙ පරිසරයේ තිබුන මුස්පේන්තු බව මට මොනාදෝ කියනවා හැගෙද්දි.
අවට ගැන ලොකූ හොදිසියක් නොමැති උනත් හදිසියේම පාර කෙලවරෙ යමෙක් වැටී ඉන්නවා දැක්ක මගෙ හිත සලිත වෙලා ගියෙ මුලු හිතම කීරි ගැහෙමින්.ක්ශනිකව මෝටර්රථය නවතා වැස්සෙම මා වෙගයෙන් එතනට දිව ගියේ ඈතට වූවද ලෙ විලක් මට පෙනුන හෙයින් ..
දෙයියනේ තරුන කෙල්ලෙක් .සීතලෙ ගැහෙමින් ලේ මැද පන අදිනවා..තොල් මත තිබු හැපුම් තුවාල..මුහුන පුරා තැලී පොඩි උන සටහන් දුටු ඔනෑම කෙනෙකුට එය දුශනයක් බව තේරුම් ගන්නට යන්නෙ සුලු මොහොතක් .ඇගෙන් අධික ලෙස රුධිරය වහනය වෙමින් තිබෙනු දුටු මා ඇ ඔසවන් රෝහලට රැගෙන ගියෙ ඉතා ඉක්මනින් .
කිසියම් පාපතරයෙක් මේ පුංචි තරුනියව සහමුලින්ම වනසලා දලා.ඇගෙ දුරකතයෙන්ම නිවසට දැන්වූ මා හට හැගුනේ මගෙම සහොදරියක මෙනි..
මම ලෝයර් කෙනෙක් .වයස 35ක් උන මම එතරම් පරිනත නැති උනත් ඉතා කුඩාකාලයකින් මේ මාවතෙ නමක් හදාගන්න මට අවස්තාව ලැබුනා...මම දේවිකා.විවාහක කාන්තාවක් විදිහට මට පන වගෙ ආදරෙ කරන සැමියෙක් ඉන්නවා.
සමාජෙ මේ තරම් දරුනුද කියලා හිතෙනවා.වැස්සට පෙගුන සුදු සාරියෙන් පේන මගෙ වත දිහාද රෝහලෙ ඇතමුන් බලන්නෙ කෑදර කමෙන්....
එක වරම එතනට විලාප තියමින් ආව කෙල්ලගෙ අම්මගෙ වැලපිල්ලෙන් මම කල්පනා ලොකෙන් මිදුනේ..
දරුවා තාමත් කෝමා තත්වෙක ..අම්මා අහරෙ විලාප තියනවා
"අනේ...............මගෙ කෙල්ල............කවුද දෙයියනෙ මේ අපරාදෙ කලේ"
ඒ අහිංසක අම්මා පොලවෙ පස් කන්නෙ නැති ටික විතරයි..මගෙ ඇස් වලටත් කදුලු ඉනුවෙ බලන් ඉන්න බැරි තැන..
මගෙ අසලට ඒ වෙලෙ ආවෙ කෙල්ලගෙ අයියා..
"නෝනට පින් .මගෙ නන්ගිව මෙහෙම හරි අරන් ආවට"
"ම්ම්ම්ම්ම්...ඔයාලට මේ ගැන නීතිමය දෙයක් ඔනෙනම් කියන්න ..මට සතපහක්වත් ඔනෙ නැ..තරුන ජිවිතෙකට සාදාරනයක් කරන්න උදව් වෙන්න කැමති"
මට ඔවුන්ට පිහිට වෙන්න තිබ්බෙ ඒ විදිහට විතරයි.
"අනේ පින් නෝනා"
ඔහු ඔහුගෙ නැගනිය ගැන මට කියන්නට වුනා.
"මගෙ නන්ගි ශෙහාරා..වැඩකලේ මේ ලග ගාමන්ට් එකෙ නෝනා..කාලෙක ඉදන් කියනවා සර් හරි කරදරෙ කියලා එත්......මේ.....මේ ...වගේ දෙයක්........"
ඔහුගෙ ස්වරය හැඩුම් ස්වර ගත්තෙ මටද කදුලු උනමින්..
මා නිවසට පැමිනෙන විට වෙලාව පාන්දර 3ත් පසු වී තිබිනි..ඒ වනවිටත් තෙමිය මගෙ සැමියා මා එනතුරු මග බලා සිටී..
"වයි බබා ලේට් අද..බලන්න මම කී පාරක් ගත්තද"
මා දිගු සුසුමක් හෙලුවෙ පාපතරයන් ඉදිරියෙ මගෙ සැමියා ඉස්තරම් වූ හෙයින්..
සියල්ල ඔහු හා මා පැවසූයෙ මා හිත තුල පැවති වෙදනාව පහ කර ගැනීමට..
ඔහු මගෙ නලලෙ හාදුවක් තබා මා අස්වාලන්නට විය..
දිනෙන් දින නඩුව ඇදෙන්නට වූයෙ සිද්දියට මාස 3ක් නිවා වීත් තාමත් ශෙහාරා කෝමා තත්වයක සිටීම නිසාවෙන් කිසිදු තොරතුරක් නැතුව ගාමන්ට් එකෙ අයිතිකාරයාට විරුද්දව තීන්දුවක් දීමට නීතියටද නොහැක..ඇයට සිහිය එනතුරු මා කල් ඉල්ලූවද දැනටම එසෙ මාස3 කටත් වඩා නඩුව දිග්ගස්සා අවසානය..
එදින අවසන් නඩු වාරයට ඇත්තෙ සතියකි..මෙසෙ වුවහොත් ඔහු නිදහස් වනවා නොවනු මානය.
මෙතෙක් කල් ශෙහාරාගෙ වටපිටාව පිරික්සූ මට දැනගන්නට ලැබුනෙ ඔහුගෙ පෙම්වතා ගැන .නමින් ඔහු කලිදු .නමුත් ශෙහාරාගෙ දූශනයෙන් පසු ඔහු ගොලු වී තිබුනෙ ඇති වූ පීඩනයට..ඇත්ත වශයෙන්ම කරුනු අනුව ඔහුගෙ ඉදිරියෙ ශෙහාරා දූශනය කර තිබුනේ..
දින දෙකක මගෙ මහන්සියෙන් මම කලිදුව හොයාගත්තත් කිසිම වැඩක් උනෙ නැ..දුශනය සම්බන්ද කිසිම දෙයක් ඔහුට මතක තිබුනෙ නැ..ඇත්තෙන්ම ඔහුගෙ හිසට වැදුන පහරකින් ඔහුට සියල්ල අමතක වෙලා තිබුනෙ..
මගෙ අවසානම උත්සහය මම ගත්තෙ ඔහුගෙ මතකෙ ආපහු ගන්න..ඔව් මම ශෙහාරා ගාවට කලිදුව එක්කන් ගියා..
ටික වෙලාවක් ඈ දෙස බලා සිටි ඔහුට ටිකෙන් ටික මතකය එනවාක් මෙන් දැනුනා..
ඔහු හඩා වැලපෙන්නට උනා තමාගෙම කෙස් වැටියෙන් ඇද ගත්තා..මාස තුනකට පසු පලමු වචනය කියා කෑ මොර දුන්නෙ රෝහල දෙවනත් වෙන්න..
"ශෙ.....හා......රා......"
කලිදුගෙ බෙරිහන් දීම හමුවේ ශෙහාරට සවි කල මැශින් වල ධාවනය වෙනස් වෙන්න ගත්තා.ඔව් ශෙහාර ඇගිල්ලක් හෙල්ලුවා..
ටිකෙන් ටික දැස් විවර කරපු ශෙහාරට විවෙක ගන්න දුන්න සියලු දෙනා එතනින් ඉවත් වෙන්න උනා..
නඩුවට ඉතිරි වෙලා තිබ්බෙ තවත් එක දවසක් විතරයි..
පොලිසියෙන් ආව කෙනෙක් ශෙහාරගෙන් හැඩරුව අහන් දූශිතයාගෙ හැඩ රුව අදින්න උනෙ ඒ කිසිසේත්ම ගාමන්ට් අයිතිකාරයා නොවන බව ඈ ප්‍රකාශ කල නිසා..
එතෙක් ඇයව මුන ගැසීමට කලිදුටවත් පව්ලේ අයටවත් ඉඩ දෙන්න නීතියෙන් අවසර දුන්නෙ නැ..රූපය චිත්‍රයට නගා අවසානෙ මාව ඇතුලට ගෙන්නුවෙ රූපෙ පෙන්නන්න.
මගෙ ඇස් අදහන්න බැරි උනා.මේ තරම් රැවටීමක්..මගෙ සර්වාංගයම වෙව්ලන්න උනෙ ඒ රූපෙ දැකලා ..ඔව් ඒ ගාමන්ට් අයිතිකාරයා නෙමෙ...
එහෙනම් ඒ කවුද?..නඩුවෙ අවසානය කුමක්ද..මගෙ තීරනය මොකක්ද ..
දෙවන හා අවසන් කොටසෙන්
මතුසම්බන්ධයි .
පාරමී කවී
