❤️----අසම්මත මධුසමය------🖤 අවසන් කොටස | Asammatha Madusamaya 02 Kotasa
❤️----අසම්මත මධුසමය------🖤
විනාඩි පහළවකට විතර පස්සෙ තමයි රාහුල්ගෙ තොල් වලින් මං නිදහස් වුණේ..
"උඹේ ඔය අහිංසක ඇස් කතා කර කර ඉල්ලුවේ මේක නේද.....උඹට ඕන වුණේ මෙහෙම මගෙ ළග ඉන්න නේද....කතාකරපන් සිහේලි..."
තොල් රිදෙන තරමින්ම මං දැන ගත්තා ඒවා පැලිලා ලේ එනවා කියලා...වෙව්ලන ඇගිලි වලින් මං තොල් දෙක අල්ලලා බලද්දි රාහුල් මගෙ අතින් අල්ලගත්තේ මැණිකකටුව ළගින් කඩන්න වගේ තදින්..
"පිහිදාන්න එපා.......අතගනින්....මේ උඹෙයි මගෙයි ලේ......උඹ මට මේ කරපු දේට ලේ වලින් ගෙව්වත් මදි...ඇයි මගෙ ජීවිතේට ආවෙ උඹ....ඇයි......."
"ස.....ර්........මං................."
මට කතා කරගන්න බෑ ඇඩෙනවා...සර් දැනගෙනද ඉදලා තියෙන්නෙ මං එයාට ආදරෙයි කියලා..එයා මට වෛර කරනවද...
"නවත්තපන් බොරුවට සර් සර් කියන එක......නවත්තපන්....මං...දන්නවා...මං දන්නවා උඹේ හිතේ තියෙන හැමදේම.....හැමදේම දන්නවා......"
"ස....ර්.......මට.....සමාවෙන්න.........."
අමාරුවෙන් වචන ටික ගැටගහගෙන මං අඩා වැටුණා.ඊළග මොහොතෙදි රාහුල් පිස්සුවෙන් වගේ දොරත් ඇරගෙන යන්න ගියේ මගේ වේදනාවන්වල මං මිරිකෙද්දි.....පපුව පැලෙනවා වගේ දුකක් මට දැණුනේ රාහුල් මට වෛර කරන නිසා.....අනේ.....අනේ රාහුල්...මං කළේ වැරැද්දක්ද දෙයියනේ ...ඇයි මට් බනින්නෙ උඹ මෙහෙම කළා අරමකළා කියලා..මං මොකක්ද කළේ.....මං හිතලා කළේ නෑ....මගෙ හිත ඔයාට ආදරේ කරන එකට මං මොනවා කරන්නද රාහුල්....අනේ මට සමාවෙන්න.
රාහුල් විකලා දාපු තොල්,තදකරගෙන ඉදපු අතපය.....ඒවා රිදෙනවට වඩා රිදුනෙ මගේ හිත......රාහුල් කියපු වචන මට දෝංකාර දිදී ඇහෙන්න වුණා....
"උඹට මේක නේද ඕන වුණේ....උඹට මේක කරගන්න නේද ඕන වුණේ............."
මට ඕන වුණේ රාහුල්ගෙ ආදරේ...මෙහෙම දෙයක් නෙවෙයි....මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන විදිහෙ ජරා කෙල්ලෙක් නෙවෙයි දෙයියනේ මං....මගේ හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින් තිබුණේ....ෂූටින් ඉවර වුණාට පස්සෙ හැමෝම යනකල් ඉදලා මම මේකප් රූම් එකෙන් එළියට ආවෙ ඒ විදිහට කාටවත් මූණ දෙන්න තරම් මට ශක්තියක් නොතිබුණ නිසා..
ගෙදර ආපු ගමන් වැස්ලින් තට්ටුවක් තොල් වල ගාගෙන මං ඇදට වැටුණේ අව්වට තොල් පැලිලා කියලා අම්මට බොරුවක් කියාගෙනමයි....කාට බොරු කරත් මට බැරි වුණා මගේ හිතට බොරු කරන්න.......ගෙවෙන ගෙවෙන හැම තත්පරේකම මට රාහුල්ව මැවිලා පේනවා.....
රාහුල් සර් කසාද බැදපු කෙනෙක්...එයා කසාද බැදලා හිටියේ නිළියක්වමයි.....මං එකම එක සැරයක් ඒ නෝනව දැක්කා....හරිම ලස්සනයි...ඉටි රූපයක් වගේ....දවසක් ලස්සනට මේකප් කරලා රාහුල් සර් එක්ක කාර් එකේ කොහෙදෝ යනවා මං දැක්කා.......හැමෝම කතා වුණේ ඒ දෙන්නා නියම ජෝඩුවක් කියලා
.........ඒ වචන මගෙ පපුවට පිහිතුඩකින් අනිනවා වගේ වුණත් මගේ මුරණ්ඩු හිත තව තවත් රාහුල්ට ආදරේ කළා....පත්තරේක වුණත් රාහුල්ගෙයි ඒ නෝනගෙයි රූපෙ දකිද්දි ඒක ඉරලා විසි කරල සැනසීමක් ලබන්න මං බොළද වුණා........ඔව්....කොටින්ම කිව්වොත් මං පිස්සියෙක් වගේ රාහුල් ට ආදරේ කරනවා...
රෑ එළිවෙනකල් එක පැයක් නිදාගන්නෙ නැතුව අඩ අඩා ඉදලම මට උදේ වෙද්දි උණ හැදිලා තිබුණා..එක අතකට ඒකත් හොදයි කියලා හිතුණේ එදා වැඩට නොයා ඉන්න ලැබෙන එක සහනයක් බව දැණුන නිසා.
"සිහෙලි......වැඩට යන්නෙ නැද්ද පුතේ.............."
"අ....නේ....මගේ ඇගට ටිකක් හරි නෑ වගේ අම්මේ..............."
"ඒ මොකද කවදාවත් නැතුව......කෝ බලන්න............දෙයියනේ....සහළෝල උණ නේද........"
අම්මා මගේ ගිනි කබලක් වගේ රස්නෙ ඔලුවෙන් අත තිබ්බා....
"පුතේ...බෙහෙත් ඩිංගිත්තක් ගේන්න යමු....කෝ නැගිටින්න.....මං...මං..ත්‍රීවිල් එකකට කතා කරන්නම්...."
අම්මා කලබලෙන්ම එළියට දුවන දිහා මං අමාරුවෙන් ඇස් ඇරගෙන බලන් හිටියා.....අනේ අම්මට තේරුම් කරන්නේ කොහොමද...මට බෙහෙත් ඕන නෑ......මගේ හිතේ මේ තියෙන වේදනාව කිසිම බේතකින් සනීප කරන්න බෑ කියල අම්මට කොහොමද මං තේරුම් කරන්නේ...ටිකක් තනියමවත් ඉන්න තිබුණා නම්
අම්මා විනාඩි පහක් යන්නත් කලින් අයෙත් ආවා..පාරෙ ත්‍රීවිල් තියෙන්න ඇති...
"නැගිටින්න දුවේ....ඇදුමක් දාගන්න.....ත්‍රීවිල් එක ආවා....."
අම්මා ඇවිත් මාව හොලවද්දි මං අනිත් පැත්තට හැරුණේ කදුලු හංගන්න.
"පොඩි ළමයෙක් වගේ මොකද මේ....නැගිටින්න ළමයෝ......බෙහෙත් ගේන්න ඕන...."
"අනේ අම්මේ....තේ...රුම්....ගන්නකෝ....මට බෙහෙත් එපා....මට....මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න........."
තවත් පාලනය කර ගන්න බැරිම වුණ තැන මං අම්මා දිහා බලලා කෑ ගැහුවා..දුන්හිද ඇල්ල වගේ වැටෙන මගේ කදුලු දිහා අම්මා බලන් හිටියේ පුදුමෙන්.
"ඇයි මගෙ දුවේ මේ............"
අම්මගේ ඒ වචන දෙක තුන ඇහෙද්දි මං පොඩි කාලෙ වගේම අඩාගෙන අම්මගෙ තුරුළට පැන්නා.....මගේ හැමදුකක්ම තුනීවෙනකල් මං අම්මට තුරුළු වෙලා ඇඩුවා...අම්මා මගෙන් මුකුත්ම ඇහුවේ නෑ....මට ඇති තරම් අඩන්න දීලා මාව තුරුළු කරගෙන ඔළුව අතගෑවා....බෙහෙත් ගේන්න යං කියලා වද කළෙත් නෑ....
උදේට කන්නෙත් නැතුවම නින්ද ගිහින් මං අවදි වෙද්දි දවල් දොළහටත් කිට්ටුයි.ඒකත් මේ අම්මා කාත් එක්කද උස් හඩින් කතා කරනවා ඇහිලා ඇහැරුණේ....මං ඇදේ ඉදගෙනම කෑ ගහලා අම්මගෙන් කවුද කියලා ඇහුවේ නැගිටින්න හිතක් තිබුණෙ නැති නිසා.
"කවුද අම්මේ..................."
වැඩි වෙලාවක් යන්න කලින් අම්මා පෙට්ටියකුත් උස්සගෙන පස්ස හැරි හැරි බලමින් ආවා.
"කවුද මන් දන්නේ නෑ...ඇහුවට කියන්නෙත් නෑ....මේක සිහෙලි මිස්ට දෙන්නලු.....මං කී සැරයක් නම් ඇහුවද කාගෙද මේක සිහෙලිට මොකටද මොකක්ද කියලා.....මූ නෙවෙයිනෙ කට හෙල්ලුවෙ....අම්මපා මට ආපු කේන්තියක්......."
අම්මා බැන බැනම මගේ ඇද උඩින් තිබ්බේ රෝස පාට පෙට්ටියක්..මං හාන්සි වෙලා ඉදගෙනම ඒක අරින්න හදද්දි අම්මා ආයෙත් කෑ ගහනවා.
"බලාගෙන ලමයෝ...බෝම්බයක්ද දන්නෙත් නෑ ඕකෙ....මේ කොළඹ රටේ කවුරුවත් විස්වාස කරන්න බෑ..."
"අනේ අම්මේ...අපිට කවුද බෝම්බ එවන්නේ...පිස්සු නැතුව ඉන්න....."
පෙට්ටිය දිහා බලපු ගමන් මට තේරුණා මේකේ මොකක් උනත් ලස්සන දෙයක් තමයි තියෙන්නෙ කියලා.
"ගවුමක්........?"
අම්මටයි මටයි කියවුණේ එකට...ඔව් ඒක ඇතුළේ තිබුණේ ගවුමක්....ලස්සනම ලස්සන දිග රතු පාට ගවුමක්.....පබළු අල්ලලා ඒක තවත් දිලිසෙනවා...ජීවිතේටම මමවත් අම්මාවත් ඒ තරම් ලස්සන වටින ගවුමක් අදින්න තියා අල්ලලාවත් තිබුණේ නෑ........කවුද මේක එව්වේ...
"මේ තරම් වටින ගවුමක්.....!කවුද කෙල්ලේ මේක එව්වේ......?"
අම්මත් අහන්නෙ හරි කතා තමයි..මාත් මේ හිතාගන්න බැරුව ඉද්දි.
"අනේ මං දන්නෙත් නෑ අම්මේ.....මටත් හිතාගන්න බෑ ......."
මං කල්පනා කර කරම ගවුම ඒකෙන් එළියට ගත්තා....ඒකත් එක්ක තිබුණ කොළ කෑල්ලක් ඇද උඩට වැටුණේ ඒ වෙලාවෙ.
💌..මේකත් ඇදගෙන වයිට් හිල් හොටෙල් එකට එන්න...කෙනෙක් ඉන්නවා අදුන්වලා දෙන්න...මේක ගොඩක් වැදගත්....නාවොත් බලාගන්නම්.......
.....................................රාහුල්..💌
ඒකෙ තිබුණෙ එච්චරයි...ඉල්ලීමකට වඩා අණ කිරීමක් තිබුණ ඒ කොළ කෑල්ල දිහා මං හිස් බැල්මෙන් බලන් හිටියා.ඇයි රාහුල් ඔයා මට වෛර කරලත් මාව තව තවත් මහන්සි කරවන්නේ....ඔයාගෙන් ඈත් වෙන්න හිතහදාගන්නම් මං...
"කවුද පුතේ...මොනවද ඕකෙ ලියලා තියෙන්නේ....."
"අහ්...අ....ම්මේ මේ....මේක මං වැඩ කරන තැනින් එවලා තියෙන්නේ...ම්....මේ......හවස පාටියක් තියෙනවලු....මට..මේකත් ඇදන් එන්නලු....."
"අපොයි දෙයියනේ.....මෙහෙම උණ හැදිලා තියෙද්දි යන්නෙ කොහොමද...බෙහෙත් ගන්න ගියෙත් නෑ......"
"තව ටිකකින් අඩුවෙලා යයි අම්මේ.....අම්මා ගිහින් බත් කන්නකෝ දවල් වෙලා.....මං හිතුනොත් විතරයි මේකට යන්නේ......"
වදෙන් පොරෙන්ම අම්මාව බත් කන්න යවලා මං ඒ චිට් එක ආයෙ ආයෙත් කියෙව්වා.
"කෙනෙක්ව අදුන්වලා දෙන්න තියෙනවා..."
කාවද මට අදුන්වලා දෙන්න හදන්නේ....අනේ මට යන්න බෑ...හිටගෙන ඉන්නවත් පණ නැති මම කොහොමද ඔතනට යන්නේ...මට බෑ...
ඔය විදිහට දහස් වතාවක් විතර හිතෙන් තර්ක කළත් අන්තිමට හිත කිව්වෙම යන්න කියලයි...ඒ ලස්සන ගවුමත් ඇදන් ලස්සනට රාහුල්ගෙ ඉස්සරහට යන්න ඕනෙ කියලා බොළද සිතුවිල්ලක් ආයෙත් මගෙ හිතට ආවා......මං නම් හැදෙන කෙනෙක් නෙවෙයි කියලා ඒ වෙලාවෙ මං තේරුම් ගත්තා.
අමාරුවෙන්ම නැගිටලා ගිහින් එළියේ තිබුණ ශවර් එකෙන් නා ගත්තට පස්සෙ ඇගට තරමක පණක් ආවා....ලස්සන රතු ගවුමත් පරිස්සමෙන් ඇද ගත්තේ මට ඒකගොඩාක් වටින නිසා....මොකද රාහුල් තමයි ඒක එව්වේ....මොන හේතුවකට එව්වත් එයා දෙන දෙයක් මට වටිනවා..පැත්තක් කුඩු වෙලා තිබුණ කණ්නාඩි කෑල්ලෙන් මගේ ලස්සන වෑහෙන අපූරුව මං බලන් හිටියෙ ඇස් දෙකත් ලොකු කරන්.....මෙච්චර කල් හැංගිලා තිබුණ මගේ ලස්සන මමත් දැක්කේ ඒ වෙලාවෙ...මේ ගවුම ඇන්දම ලස්සන කුමාරිකාවක් වගේ පෙනුනට අපේ ඇත්ත ජීවිතේ මොන තරම් කටුකද කාලකණ්නිද කියලා හිතෙද්දි මට ආයෙත් ඇඩුම් ආවා.
සපත්තු දෙකත් දාගෙන කොණ්ඩෙත් කඩා දාලා මං කාමරෙන් එළියට බහිද්දි අම්මා දුවලා ඇවිත් මාව බදා ගත්තා....
"අනේ දෙයියනේ ඇස් වහක් නම් වදින්න එපා....මගේ කෙල්ල සුරංගනාවියක් වගේ ලස්සනයි....දෙවිපිහිටයි මගෙ දුවේ......"
මං අම්මටත් වැදලා ත්‍රීවිල් එකකට නැග්ගේ රාහුල් කියපු හොටෙල් එකට යන්න.
විනාඩි තිහක විතර ගමනකට පස්සෙ මං එතනට ආවා....ලොකු හොටෙල් එකක්.......ඒක ලස්සනම ලස්සනයි....ගිය මාසෙ අපේ සෙට් එකේ වැඩ කරන මාලකගේ බර්ත්ඩේ පාටි එක තිබුණෙත් හොටෙල් එකක.......ඒක මේ තරම් ලොකු නෑ.....ඒ හොටෙල් එකෙන් පස්සෙ මං ආපු ලොකුම හොටෙල් එක තමයි මේක.....
රතු පාට කාපට් දාපු බිම දිගේ මං අඩි තිබ්බෙ පරිස්සමෙන්...බිත්තිත් ඔප දාලා වගේ ලස්සනට දිලිසෙනවා.....පළිගු කැට වගේ ලයිට් සිවිලිමෙන් පහලට එල්ලි එල්ලි තියෙන්නෙ දේදුනු වගේ.....හරිම ලස්සනයි..
ටික දුරක් යද්දි කළුයි සුදුයි යුනිෆෝර්ම් එකක් වගේ ඇදපු ගෑනු කෙනෙක් මට අත වනලා කතා කළා.
"මිස් ඇයි පරක්කු....සර් ගොඩක් වෙලා බලන් ඉදලා දැන් තමයි පබ් එකට ගියේ....මිස් මේ රූම් එකට වෙලා ඉන්නකො..මං සර්ට කතා කරන්නම්........"
ඒ කෙල්ල මාව එතන තිබුණ කාමරේකට එක්කගෙන ගියා...එතන තිබුණ පුටුවකින් වාඩිවෙලා මං කල්පනා කළේ රාහුල් ඇයි මට මෙතනට එන්න කිව්වේ කියලා.
"සර්...මිස් ඇවිත් ඉන්නේ......ඇතුළට යන්න........."
කළින් කතා කරපු ගෑනු කෙනාම කාටදෝ කියනවා ඇහුණ නිසා මං පුටුවෙ අනිත් පැත්තට හැරුණා...මට රාහුල් දිහා බලන්න බෑ.
එක සැරේටම මගේ අත්දෙක යටින් ආපු තවත් අත් දෙකක් මගේ පපුව හිර කරලා අල්ලගත්තා.....සද්ධන්තයෙක්ට අහුවුණා වගේ මට හෙල්ලෙන්නවත් බැරිවුනා...සැර අරක්කු ගදකුත් දැනුන නිසා මං හුස්මත් හිරකර ගත්තා....රාහුල් හොදටම බීලා නේද
"රා......රාහුල්......මොකද මේ......අතාරින්න.....මේක වැරදියි....ඔයා මට ආදරේ නෑනේ..මට ඕන මේ දේවල් නෙවෙයි...ඔයාගෙ ආදරේ............අනික ඔයා හොදටම බීලා නේද....ඔයා......ඔයා සිහියෙන් නෙවෙයි ඉන්නේ"
කියන්න හිතේ තියාගෙන ආපු දේවල් භාගයක් විතර මං කියාගත්තේ එයාගෙන් ගැලවෙන්න උත්සාහ කරන ගමන්.
"රාහුල් කියන්නෙ කවුද ආ.......ඔයාගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ් ද කෙල්ලේ......."
බලාපොරොත්තු නොවුණ ඒ කටහඩට මං ගොඩක් බය වුණා....මං පුලුවන් වෙර අරන් එතනින් එහාට පැන්නේ බය වැඩි කමට..
අවුරුදු පනහක් විතර වෙන මනුස්සයෙක් ගිනිපුළිගු වගේ ඇස් වලින් මගෙ දිහා බලන් ඉන්නවා.
"ක......කවුද තමුසෙ....."
"මොකද කෙල්ලේ බොරුවට කෑ ගහන්නේ........ආ..........ලැජ්ජ හිතුණද..............මාව මුණ ගැහෙන්නනේ ආවෙ.......ලැජ්ජ වෙන්න එපා.....අපි විනෝද වෙමු....එන්න..............."
මගේ ඇග සීතල වෙලා වෙව්ලන්න ගත්තා...උණ හොදටම වැඩි වුණා කියලයි දැණුනේ.....දෙයියනේ.....රාහුල් මට මෙහෙට එන්න කිව්වේ........?අනේ නෑ.....නෑ.....මේක වෙන්න බෑ
........රාහුල් ඔයා කොහොමද මේ විදිහට මගෙන් පලිගන්නේ.......
මගෙ කදුළු ආයෙත් අලුත් වෙද්දි ඒ මිනිහා එයාගෙ ඇදුම් එකින් එක ගැලෙව්වා....මං අත් දෙකෙන් මූණ වහගෙන බිම වාඩි වුනා නෙවෙයි වැටුණා.......අනේ ඇයි මට මෙහෙම වෙන්නේ......මං මොන පවක් කළාටද දෙයියනේ.....අනේ ඇයි මේ..
"ගලවපන් කෙල්ලේ ඔය ඇදුම්....උඹ කුමාරියෙක් වගේ ඇදගෙන ආවට වැඩක් නෑ.....මෙතනට උඹේ ඇදුම් ඕන නෑ....මට ආපු වැඩේ කරගෙන යන්න දීපිය....."
යකෙක් වගේ ගුගුරමින් ඒ මිනිහා මාව උස්සන්න උත්සාහ කළා......ගවුම ඇදපු පාරට මගේ බෙල්ල කැඩුනා වගේ මට දැණුනේ....
"අනේ මට යන්න දෙන්න.........අනේ..........රාහුල්ල්ල්ල්ල්ල්ල්ල්............................................"
ඇගේ මහන්සියටයි බයටයි මගේ ඇස් පියවේගෙන එද්දි මං දැක්කේ දොරත් කඩාගෙන ඇතුළට එන රාහුල්ව....ඒ පිටිපස්සෙන් අර කලින් ආපු කෙල්ලත් දුවගෙන ආවා.....එච්චරයි.....හැමදේම කළු පාට වුණා....මට සිහිය නැතිවුණා....
--------------------
----------
--------------------------------
"සිහෙලි.....සිහෙලි.....අනේ ඇස් අරින්න මැණික ඉක්මනට......මට පිස්සු හැදෙයි........"
කවුද මේ කෑ ගහන්නේ.....මං ඇස් ඇරලා බලද්දි රාහුල් මගේ ළගට වෙලා අඩ අඩා ඉන්නවා.....මං හිටියේ ඇදක..ඒකත් ඒ හෝටලේම කාමරයක් කියලා මං තේරුම් ගත්තේ බිත්ති,සිවිලිම දිහා බලලා..සිද්ධ වුණේ මොකක්ද කියල මට ටික ටික මතක් වුණා...........මං රාහුල්ගෙ අත ගසලා දැම්මේ මොනවා වුණත් ඒ කරපු දේට එයාට සමාවක් දෙන්න බැරිනිසා.
"සිහේලි....අනේ මගෙ මැණික....උඹ මාත් එක්ක තරහින්ද..........ඔය තරහා පිටවෙනකල් මට ගහපන් රත්තරනේ.......මට ගහපන්........මෙච්චර කාලයක් මහමෙරක් වගේ ආදරයක් හිතේ තියාගෙන උඹට විදවන්න දුන්නට මට ගහපන්.......... ,උඹව දැකපු දවසෙ ඉදන් උඹට ආදරේ කරලත් ඒක තේරුම් ගන්න මේ තරම් කල් ගියාට මට ගහපන්........උඹට රිද්දපුවට මට ගහලා දුක තරහා නැති කරගනින්.........ඒත්......ඒත් මැණික.....මගෙන් ඈත් වෙන්න එපා....මට....මට උඹව ඕන..."
රාහුල්ගෙ ඇස් වල කදුළු.....එයා ආයෙත් මගේ අත එයාගෙ අත් දෙකින්ම අල්ල ගත්තා........ඒ...කියන්නේ.........ඒ.......කියන්නේ රාහුල් මට ආදරේ කරනවද....මං මේතරම් කල් ප්‍රාර්ථනා කරපු දේ ඉෂ්ට වෙන්නද යන්නෙ...........................ඒත්............ඒත් එයාගෙ වයිෆ්.ඒක මතක් වෙද්දි මට ආයෙත් පණ නැතිවුණා.......
"එක්ස්කියුස් මී සර්................."
දොරත් ඇරගෙන ඇතුළට ආවෙ අර කෙල්ල..මාව මල යක්ෂයෙක් ගාවට අරන් ගියපු එකී.
"අනේ මිස්.......අනේ අපිට සමාවෙන්න.......මිස්ව වැරදි තැනකට යැව්වට.....අනේ මිස් ඒ මනුස්සයා එනකල් බලන් ඉදපු කෙල්ල ඔයා කියලයි මම හිතුවේ....එ....එයා කිව්වා මෙතනට කෙල්ලෙක් ආවොත්....කාමරෙන් ඉන්න කියන්න කියලා....අනේ මිස් මට සමාවෙන්න.....රාහුල් සර් ආවෙ නැත්තන්.......අනේ මට සමාවෙන්න රාහුල් සර්.....අනේ මිස්..........."
එතකොට තමයි මට තේරුණේ රාහුල්ගෙ වැඩක් නෙවෙයි කියලා ඒක....රාහුල් අත වනලා කිව්වා ඒ කෙල්ලට යන්න කියලා....මාත් අමාරුවෙන් ඇදෙන් වාඩි වුණා...රාහුල් ආයෙත් කතා කරන්න ගත්තේ මගෙ ඇස් දිහා බලාගෙන......ඒ ඇස් වල මං දැක්කේ ආදරයක්......ෆ්ල්ම් වල නිලියොත් එක්ක රගපාන වෙලාවට රාහුල් මවාගන්න ආදරේ වගේ නෙවෙයි....ඒ බැල්ම මගෙ පතුළටම කිදා බැස්සා...
"මැණික.....සමාවෙන්න....මංනිසයි උඹට මේ හැම කරදරයක්ම......"
"එහෙම කියන්න එපා රාහුල් සර්....ඔයා නිසයි අම්මයි මමයි මෙහෙමවත් ජීවත් වෙන්නේ....අපි සර්ගෙ ණයකාරයෝ......"
"ෂ්ෂ්ෂ්.............නෑ මැණික නෑ....එහෙම කියන්න එපා........මමයි ණයකාරයා....මං උඹේ ආදරේට ණයයි මගෙ රත්තරනේ.............මං ණයයි....මට....මට ජීවිතකාළෙටම උඹ ළගට වෙලා ඒ ණය පියවන්න දීපන් සිහේලි.......මට ඉඩ දෙන්න............."
ෆිල්ම් වල සුරංගනා කතාවල කොල්ලා කෙල්ලට ආදරේ කියනවා වගේම රාහුල් මගෙ ළග දණ ගහගෙන එයාගෙ ආදරේ ගැන කියනවා මට දැනෙන්නේ හීනයක්වගේ..........අනේ මේක ඇත්තක්මද......
"රා....හු...ල්....ඔයා....මට කාවද....මුණගස්සවනවා....කිව්වේ............."
ඒ හැමදේමත් අස්සෙ මං ඒ ප්‍රශ්නෙ ඇහුවෙ මට ඒක කුතුහලයක් නිසා......
"ආහ්......ඒකත් අමතක වුණා......එයා එළියෙ ඉන්නවා...........රියා......රියා.....එන්න ඇතුළට............."
රාහුල් සර් කතා කළාට පස්සේ ඇතුළට ආවෙ අර නෝනා......රාහුල් සර්ගෙ වයිෆ්......අනේ.....මොකක්ද මෙතන වෙන්න යන්නේ.......මේ නෝනා මට හොදටම බනීවී.........මගේ ආදරේ එයා කොහොම තේරුම් ගන්නද.....මං ආදරේ කරන්නෙ එයාගෙ මහත්තයට කියලා....
මගේ ප්‍රශ්න වලට තව ප්‍රශ්නයක් එකතු කරමින් තව කෙනෙක් ආවා......පිරිමි කෙනෙක්......එයාත් රාහුල් සර් තරමටම වගේ කඩවසම්.....පුදුමෙ කියන්නෙ එයා රියා මැඩම්ගෙ අතින් අල්ලගෙන ආවෙ නිකන් කපල් එක එනවා වගේ.
"මෙයාද රාහුල් ඒ ගර්ල්........ලස්සනයි......ඔයාගෙ චොයිස් එක ගැන මට ඇත්තටම සතුටුයි......නැද්ද ශිහාන්........"
මොනවද මේ කියවන්නේ....තමන්ගෙ මහත්තයගෙ කෙල්ලව වර්ණනා කරන බිරිදක් මම මේ දැක්කමයි......මං රාහුල් ගේ මූණ බැලුවෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්.
"පුදුමයිද සිහෙලි.....හ්ම්.....ඕක තමයි අපේ විවාහ ජීවිතේ....මේ ඉන්නේ ශිහාන්.......රියාගෙ ආදරේ.....අපි මැරි කරලා දැනට අවුරුදු දෙකක් වුණාට රියා ආදරෙ කරන්නේ ශිහාන්ට...................."
ඒක වෙන්න පුලුවන් දෙයක්ද.....මං හිටියේ නූල් බෝලෙක පැටලිලා වගේ.
"රියායි මමයි කසාද බැන්දේ අපේ ගෙවල් වල උවමනාවට සිහෙලි....රියාගෙ අම්මයි තාත්තයි මගෙ අම්මයි තාත්තයි මේ ෆීල්ඩ් එකේම අය.......ඉතින් එයාලගෙ බලකිරීමට අපි මැරි කළා....අපිට ඩිවෝස් වෙලා අපේ ජීවිත තනියම හොයන් යන්න අපේ දෙමව්පියෝ ඉඩ දුන්නේ නෑ....ජනප්‍රියත්වය රැක ගන්න ඕනෙ නිසා හැපී කපල් එකක් වගේ මවා පාන්න අපිට සිද්ධ වුණා....මේ බොරු බැදීම මට තිත්ත වෙලයිතිබුණේ...රියාට ශිහාන් හිටියා......ඒත්....මං.......තනියම......දෙවියන්ට පිංසිද්ද වෙන්න මට ඔයාව මුණ ගැහුණා සිහෙලි...ඔයා නැත්තම් මම මෙලහකට මේ ලෝකෙන් ගිහින්.....අපි.....අපි කතා කරලා තීරණයක් ගත්තා......අම්මලා කැමතිවුණත් නැතත් අපි අපේ සතුට ළගට යනවා........."
රාහුල් කතාව නැවැත්තුවට පස්සෙ රියා කතා කළා.
"ඔව්.....මගෙ සතුට ශිහාන් ළග.......රාහුල් ගෙ සතුට ඔයා ළග කෙල්ලේ................ඔයා ගොඩක් වාසනාවන්තයි.....රාහුල් ගොඩක් හොද කෙනෙක්......ඒත් ඉතින් මගේ හිත කලින්ම හොරකම් කළේ මගේ ශිහාන් තමයි...........එහෙනම්...අද ඉදන්...රාහුල්ව ඔයාට බාරයි....සතුටින් ඉන්න....."
රියා මැඩම් ඒ පිරිමි කෙනත් එක්ක යන්න ගියේ මාවයි රාහුල්වයි කාමරේ තනිකරමින්.
"සිහෙළි.......දැන්වත්.....දැනවත් මගේ වෙනවද සදහටම......."
වචනෙන් කියාගන්න බැරි තරම් සතුටක් මගේ පපුවෙ හිරවෙලා වගේ දැනෙද්දි මං ඔළුව වැනුවා......ඔව්....මං කිව්වේ කැමතියි කියලා......රාහුල් මාව වඩාගෙන කාමරේ පුරාම නැටුවා..........අන්තිමේදි මගේ ආදරේ මටම අයිති වුණා......
මේ වතාවෙ රාහුල් මාව කිස් කළේ කලින්වගේ නෙවෙයි...මට රිදෙන්නෙ නැතිවෙන්න ආදරෙන්.
රාහුල්ගෙ අම්මලා තාත්තලත් හරි දේ තේරුම් ගතපු නිසා අපිට පුලුවන් උනා ඉක්මනින්ම කසාද බදින්න...........නීත්‍යානුකූලව කසාද බැන්දට පස්සේ අපේ හනිමූන් එක දවසෙ මං හිතින් වගේම ගතිනුත් රාහුල්ගෙ වුණා.......ඔව්...ඒක තවදුරටත් අසම්මත මධුසමයක් වුණේ නෑ.....
.............(නිමි)..........
මං.............හංසි✍️
