---❤අසම්මත මධුසමය ---------🖤 පළමු කොටස | Asammatha Madusamaya 01 Kotasa


---❤අසම්මත මධුසමය---------🖤

"තව තදින් සිප ගන්න...."
රාහුල්ගේ තොල් නතාෂාගෙ තොල් සිපගත්තේ ලතාවකට...බෙල්ල දෙපැත්තෙන් දාගතපු නතාෂාගෙ අත් රාහුල්ගේ පිට පහුරු ගාමින් තිබුණා.......දෙන්නගෙම ඇස් වල තිබුණේ උතුරලා යන තරම් ආදරයක්...
ඩිරෙක්ටර් ගෙ විධානයත් එක්ක රාහුල් සිප ගැනීම තව ටිකක් වේගවත් කළා.
ලයිට්ස්,කැමරා,ඒ වගේම සෙට් එකේ හැමෝගෙම ඇස් ඒ දෙන්නා දිහාවට යොමු වෙලා තියෙද්දි එක කෙල්ලෙකුත් ඒ දෙන්නා දිහා බලන් හිටියා....ඒත් අනිත් හැමෝටම වඩා ඒ කෙල්ලට රාහුල්ගෙයි නතාෂාගෙයි ආලිංගනය දිහා බලන් ඉද්දි අතපය වෙව්ලන්න ගත්තා...කියාගන්න බැරි දුකක් ඒ කෙල්ලගේ හිතේ ඇවිලෙමින් තිබුණා....
ඔව්....ඒ කෙල්ල තමයි මම...මම  සිහෙලි නෙතුලිමා...මේ වෙද්දි වයස අවුරුදු විසි දෙකක් වෙන මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ නිළියක් විදිහට නම් නෙවෙයි....මම මේකප් ආටිස්ට් කෙනෙක්...මේකප් ගැන වැඩිය ඉගන්ගෙන නොතිබුණත් රාහුල් සර් මාව ජොබ් එකට ගත්තේ මගේ කන්නලව්වෙන් බේරෙන්නම බැරි නිසා වෙන්නැති..තාත්තත් නැති මට මේ ජොබ් එක ගොඩක් වැදගත්...මොකද මගෙ අම්මයි මමයි ජීවත් වෙන්නෙ මේකෙන් ලැබෙන සල්ලි වලින්...
නතාෂාගෙ මේකප් වැඩ ටික ඉවර කරලා මම බලන් හිටියෙ එයා රාහුල් එක්ක රගපාන විදිහ....ඒ දිහා බලන් ඉන්න එක තරම් වේදනාවක් මට තවත් නොතිබුණත් ඒක කරන්නම සිද්ධ වුණා....ශොට් එක ඉවර වුණාට පස්සේ ආයෙත් මේකප් කරන්න මම එතන ඉන්නම ඕනි..
රාහුල් නතාෂාව උස්සලා අරන් ඇදෙන් තිබ්බා....කකුල පැටලිලා ගිහින් දෙන්නම ඇදට වැටුණේ නතාෂා රාහුල්ගෙ ඇගට යටවෙද්දි...ස්ක්‍රිප්ට් එකේ තිබුණේ එහෙමයි...ඒත් ඒක රගපෑමක් කියලා හිතන්නවත් මානසිකත්වයක් මට තිබුණේ නෑ....මාව වෙව්ලනවා...ඔව් මට මේක බලන් ඉන්න බෑ..
"දඩාස්.................."
අතේ තිබුන මේකප් බොක්ස් එක මහ හඩින් බිමට වැටුණේ හැමෝගෙම ඇස් මගේ දිහාට හැරෙද්දි.
"අයිසෙ වට් ද හෙල්.....තමුසෙ කෑවා ෂොට් එක..මොන තරම් මහන්සියෙන්ද මේක ෂූට් කළේ...අන්තිම තත්පරේදි කෑවා..........මොන සිහියෙන්ද ඉන්නේ....."
"සො.....සොරි සර්...ම...මගෙ...අත ලි....ස්සුවා......."
ප්‍රොඩියුසර්ගෙ කෑ ගැහිල්ලට මගෙ ඇස් වල කදුළු පිරුණා...හැමෝම මගෙ දිහා බලගෙන මට හෙමි හෙමින් බනිනවා....වෙව්ලන අත් දේකෙන් මම මේකප් බඩු ටික එකතු කළා..ඒවා බොක්ස් එකට නෙවෙයි වැටෙන්නෙ එළියට.
"රාහුල්.....මන් කීප සැරයක්ම කිව්වා මේ කෙල්ල ෆයර් කරන්න කියලා..අහන්නේ නෑනේ....මොන තරම් ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට්ලා ඉන්නවද මේ රටේ...මොන එහෙකටද මේ කෙයාලස් මෝඩ කෙල්ලව තියාගෙන ඉන්නේ........."
මං ඇස් කොනකින් දැක්කා රාහුල් මගෙ දිහා බලන් ඉන්නවා..එයාට මූණ දෙන්න තරම් ශක්තියක් නැති නිසාම මං අඩ අඩා එතනින් දිව්වා...
අනේ දෙයියනේ ඇයි මං මේ තරම් අවාසනාවන්ත....මං රාහුල් ට කොච්චර ආදරේ කළත් මට එයාව ලැබෙන්නෙ නෑ....ඇයි මං මේ තරම් පව්කාරියක් වුණේ.....ඇයි....
මං මේකප් රූම් එක ඇතුළට ඇවිත් දොර වහගත්තේ මගේ හැම දුකකටම නිදහසේ ගලාගෙන යන්න ඉඩ දීලා....හැමවෙලේම බැනුම් වෙනස්කම් ඉවසගෙන මං තවදුරටත් මෙතනම වැඩ කරන එකට හේතු දෙකක් තියෙනවා......එකක් මට ජීවත් වෙන්න මේ රස්සාව ඕනේ......අනිත් දේ..................
මට රාහුල් දකින්නෙ නැතුව ජීවත් වෙන්න බෑ...දුරින් ඉදන් බලන් ඉදලා හරි මං ලබන්නේ කියාගන්න බැරි තරම් සැනසීමක්.
රාහුල් කියන්නේ රටේ නම ගිය නළුවෙක්...දක්ෂකම වගේම ජනප්‍රියත්වයත් එයාව හැමදාම ඉහළින් ඔසවලා තිබ්බා...කිසිම දවසක කාන්තා ආකර්ෂණයෙන් අඩුවක් නොතිබුණු එයා මගෙ හිතත් හොරකම් කරගෙනයි තිබුණේ..
මං ජොබ් එකට එනකල්ම දැනගෙන හිටියෙ නෑ රාහුල් මිහිරාන් කියන්නේ ප්‍රසිද්ධ නළුවෙක් කියලා....අපේ පළමු හමුවීම සිද්ධ වුණේ මීට මාස තුනකට කළින්.....
හදිස්සියෙ සිද්ධ වුණ තාත්තගෙ මරණෙන් පස්සෙ අම්මයි මමයි ගම අතෑරලා කොළඹට ආවා.....මොකද තාත්තත් නැති අපිට එහේ ජීවත් වෙන්න විදිහක් තිබුණේ නෑ...වඩු වැඩ කරලා දුක් මහන්සියෙන් මටයි අම්මටයි කන්න බොන්න දීපු තාත්තා වහලෙන් වැටිලා අපිව තනිකරලා යන්න ගියා....අපේ අසරණකම ගැන තඹ සතේකට මායිම් නොකරපු තාත්තගෙ නෑදෑයෝ මාවයි අම්මවයි ඒ ගෙදරින් එලෙව්වා.......රෙදි කෑලි දෙක තුනකුත් පොට්ටනි ගහගෙන පාරට බැස්සත් අපිට යන්න තැනක් තිබුණේ නෑ...ඒත් පුංචි මගේ හිතට ශක්තිය තිබුණා මගෙ වයසක අම්මාව බලාගන්න...කොළඹට ආවට පස්සෙ අපි ඉතුරු කරගෙන තිබුණ සල්ලි ටිකෙන් පොඩි කාමර කෑල්ලක් ගත්තා....ඒක කාමරයක්ම නෙවෙයි...පැල් කොටයක් වගේ....මොනවා කරන්නද.......අම්මයි මමයි එතන නතර වුණා..
පහුවදාම මං රස්සාවක් හොයාගෙන පාරට බැස්සේ රස්සාවක් නැතුව මිසක් ආපහු එන්නෙ නෑ කියලා හිතාගෙනමයි.
මං බඩගින්නෙන් පාරක් පාරක් ගානෙ ඇවිද්දා..ගොඩක් තැන්වලට ගිහින් රස්සාවක් ඉල්ලුවා...පාරෙ යන අයගෙන් ඇහුවා...සමහරු නම් මං දිහා බැලුවේ හොරෙක් දිහා බලන ගානට...ඒ අතරේ පිරිමි විහිළු කළා.....එයාලා එක්ක යං කිව්වා..ගමේ වගේ මෙහෙ කිසිම ආරක්ෂාවක් නෑ කියලා මට වැඩි වෙලා නොගිහින්ම තේරුණා......ටිකෙන් ටික හවස් වෙද්දි මගේ හැම බලාපොරොත්තුවක්ම බිදිලා ගිහින් තිබුණේ.....බඩගින්නෙන් එහෙ මෙහෙ ඇවිදලා මට කලන්තෙ නොහැදුනා විතරයි........
කල්පනා කර කර ඇවිදපු නිසා මට ඇහුණෙවත් නෑ මගෙ ළගින් වෑන් එකක් නතර කරනකල්......
"අඩෝ බලාපන් මේකිගෙ ලස්සන....උස්සපන් බන්..පට්ට කඳක් නේ....."
මං හැරිලා බලද්දි කළු පාට සද්ධන්ත මිනිස්සු දෙතුන් දෙනෙක් වෑන් එකෙන් බැහැලා මං දිහාට ආවෙ මං බයෙන් බිරාන්ත වෙද්දි. මගේ අත පයෙන් ඇද ඇද උන් හැදුවේ මාව වෑන් එකට දාගන්න...මොන තරම් පණ නැතුව හිටියත් මං ඒ වෙලාවෙ මට පුළුවන් තරම් ශක්තිය අරන් දැගලුවා.....මගේ ගවුම් කෑල්ල එහෙන් මෙහෙන් ඉරිලා ගියේ මහ පාර මැද්දෙදිමයි.....මං කෑ ගහලා උදව් ඉල්ලුවත් කවුරුවත් ආවෙ නෑ..
"ඒයි....මොකක්ද ඔය කරන්නේ...අතාරිනවා ඔය අහිංසකීව....අතාරිනවා මිනිහෝ....."
කවුදෝ කෑ ගහන සද්දයක් නිසා උන් මාව අතෑරියා.
"මචං...මෙතනින් මාරු වෙමු...රාහුල් සර් එනවා....ලෙඩක් වැටෙන්න කලින් යමන් මිනිහෝ...මීඩියා කාරයො එයි....."
එක එක්කෙනාට කෑ ගහගෙන උන් ටික වෑන් එක ස්ටාට් කරගෙන එතනින් යන්න ගියේ යකෙක් දැක්කා වගේ....මගේ ජීවිතේට මේ වගේ පිරිමින්ට තැලිලා පොඩිවෙලා නැති නිසා මං හිටියේ අවසිහියෙන් වගේ......මං එතනම බිම වැටුණේ තවත් හිටගෙන ඉන්න තරම් කකුල් වලට පණක් නෑ කියලා දැණුන නිසා...මට උදව් කළේ කව්ද බලන්නවත් මං ඔළුව ඉස්සුවෙ නෑ.
"කෝ එන්න....නැගිටින්නකෝ....ඔයාට කරදරයක් නෑ නේද......"
කාගෙදෝ අත් දෙකක් මාව උස්සන්නයි හැදුවේ..කලින් වෙච්ච දේට බය වෙලා ඉදපු නිසාම මං ඒ අත් මට ළං වෙන්නත් කලින් බිම දිගේම පස්සෙන් පස්සට ඇදුනා..
"බය වෙන්න එපා දරුවෝ..මං කරදරයක් කරන්නෙ නෑ...එන්න....නගින්න කාර් එකට..."
වැඩි වෙලාවක් යන්නෙම නැතුව ඒ කරුණාවන්ත කටහඩට මගේ මුළු හිතම නිවුණා....තවත් හිත හිත ඉන්නෙ නැතුවම මං ඒ ලොකු අත උඩින් මගේ පුංචි අත තිබ්බා...ඒ වාරුවෙන් තමයි මං නැගිට්ටේ.
අනේ ඒ ලස්සන...ඒ තත්පරේට මං ඒ රූපෙට වශී වුණා...ඒ ඇස් වල තිබුණේ කියාගන්න බැරි තරම් කරුණාවන්ත බවක්..නළුවෙක් වගේ ලස්සන පෙනුමක් තිබුණට මට හිතුනේ නෑ ඇත්තටම නළුවෙක් කියලා... අපේ ගමේ ගෙදර ටීවී එකක් තිබුණෙ නැති නිසා මං නළු නිළියො ගැන මුකුත් දැනගෙන හිටියෙ නෑ..මං සද්ද නැතුවම ගිහින් කාර් එකෙන් වාඩි වුණේ එයාගෙ බලකිරීමටමයි.
"නම මොකක්ද.....?"
මං ඒ වෙලාවෙත් හිටියෙ හීන ලෝකෙක..මං කල්පනා කලේ මේ කොල්ලා කවුද කියලා.
මෙයා මැරයෙක්ද...?ඒකද දන්නෙ නෑ අර මිනිස්සු ටික බය වෙලා දිව්වේ......ම්ම්ම්.....නෑ නෑ ඒකත් වෙන්න බෑ....මේ වගෙ ලස්සන අහිංසක පෙනුමක් තියෙන කෙනෙක් මැරයෙක් වෙන්නෙ කොහොමද....නෑ...ඒක නම් වෙන්න බෑ.....ඒත්....ඇයි ඒ මිනිස්සු බය වුණේ...හ්ම්
"නමක් නැද්ද ළමයෝ....."
"ආහ්....සර්....මං...මං සිහෙලි....."
"ම්ම්ම්....නයිස් නේම්...මම රාහුල්...."
සර් වගේම සර්ගෙ නමත් ලස්සනයි...මට එහෙම හිතුනත් ඒක කියන්න ගියේ නෑ.
"සිහෙලි...හවස් වෙලා මෙහේ පාරවල් වල ඇවිදින එක ගෑනු ළමයෙක්ට හොද දෙයක් නෙවෙයි...මොකක්ද ඔයා හවස් වෙනකල් කළේ..ඒකත් තනියම...?"
"සර්.....මං..........."
"මං...මං නෙවෙයි..මීට පස්සෙ එහෙම තනියම එහෙ මෙහෙ යනවා නෙවෙයි.විශේෂයෙන් මේ පැත්තේ.....මොරටුව මොන වගෙද කියලා දන්නෙ නැද්ද ඔය ළමයා......හ්ම්..දැන් කොහෙටද යන්න ඕන....කියන්න මං ඇරලවන්නම්.
මං කියන්න හැදුවේ මං ජොබ් එකක් හොයන්න ආවා කියලා.ඒත් එයා මං උත්තර දෙන්නත් කලින්ම එයාට කියන්න තියෙන දේවල් කියවන නිසා මං නිහඩ වුණා.ඇරත් මගෙ ජීවිතේ බේරලා රාහුල් සර් කළේ ලොකු උදව්වක්...මට බෑ තවත් කරදර කරන්න.
කළු කලිසමකුයි සුදු පාට ෂර්ට් එකකුයි ඇදලා ඩ්‍රයිව් කරන රාහුල් දිහා මට හොරැහින් නොබැලුනා කිව්වොත් බොරු...මං විනාඩියෙන් විනාඩියට එයා දිහා හොරෙන් බැලුවා...රත්තරන් පාට ලොකු ඔරලෝසුව,උඩට උස්සලා තිබුණ කොණ්ඩේ...,ලස්සන හිනාව...මේ ඔක්කොමත් එක්ක මට එයාව පෙනුනෙ කුමාරයෙක් වගේ...ඔව්
..සුරංගනා කතාවල සුදු අශ්වයා පිටේ එන ලස්සනම ලස්සන කුමාරයෙක් වගේ....මං හොරෙන්ම ඒ ලස්සන වින්දා.....ඉස්කෝලෙ යන කාලෙවත් කොල්ලෙක් ළග නතර වුණේ නැති මගේ හිත මේ අමුත්තාගෙ ළග නතර වෙලා....
මං පෙන්නපු පාර දිගේ ඇවිත් සර් මාව බැස්සුවා..ග්ලාස් එකෙන් ඔළුව දාලා සර් වට පිට බැලුවේ මගේ ගෙදර කොහෙද කියලා වෙන්නැති...මං කැමති වුණේ නෑ මායි අම්මයි ඉන්න පැල් කොටේ සර් දකිනවට.....සර් හිතයි අපි හිගන්නො කියලා....අපේ ඇත්තම තත්වෙ ඒක වුණත් මට ඕන වුණා ඒක එයගෙන් හංගන්න..
ඒත්.......
"අනේ මගෙ දුවේ.....කොහෙද රත්තරනේ ගියේ...මං කොච්චර බය වුණාද....කොළඹට ඇවිත් තවම දවසයි...රස්සාවල් හොයන්න කියලා උඹ මේ නොදන්න පළාතෙ ඇවිදලා කරදරයක් වුණා නම් එහෙම........"
මාව දැකපු ගමන් අම්මා කෑ ගහගෙන දුවගෙන ආවා....මං ඉක්මනින්ම බැලුවෙ රාහුල් දිහා....සර් අපෙ දිහා බලාගෙනයි ඉන්නෙ..අයියෝ එයා දැනගත්තනෙ.
"ඇයි කතා නැත්තෙ පුතේ...මේ...මේ ඇයි මේ ගවුම ඉරිලා....අනේ කතා කරන්න දුවේ...මොකක්ද වුණේ...."
"අම්මේ...මං හොදින්...මං මං....පාරෙ එද්දි වැටුණා....ඒකයි...ඉරුණේ....."
මං බොරුවක් කිව්වත් අම්මා නම් ඒක පිළිගතපු බවක් පේන්න තිබුණේ නෑ....අම්මා ඊළගට බැලුවේ රාහුල්ගෙ කාර් එක දිහා..අම්මා තවත් මුකුත් අහන්නත් කළින් රාහුල් කාර් එකෙන් බැහැලා අපේ දිහාවට ආවා.
"අම්මේ....ප්‍රශ්නයක් නෑ..මෙයා පාරෙ ලිස්සලා වැටුණා...තුවාලයක් නම් නෑ වෙලාවට...මං එතනදි දැක්කා මෙයා වැටෙනවා.මොනවා වුණත් ගෑනු ලමයෙක්නෙ....ඇරලවලා යන්නයි ආවෙ....."
සර් බොරු කිව්වෙ අම්මා බය වෙයි කියලා හිතලා බව මං දන්නවා.
"අහ්....අනේ මහත්තයාට ගොඩක් පින්...මං බය වෙලා හිටියෙ මහත්තයෝ..යන එනමං නැතුව අපි ඊයෙ කොළඹට ආවේ........මේ කෙල්ලට මොනවාහරි වුණා නම් මං ඉදලා මොකටද...හ්ම්......"
"හරි අම්මේ මං එහෙනම් යන්නම්....."
රාහුල් ආපහු හැරිලා කාර් එක තියෙන තැනට ගියේ අම්මටත් වැදලා.අනේ මොනතරම් හොද කොල්ලෙක්ද.....මේ හිගන්නො වගේ ඉන්න අපිටත් ගරු කරනවා හ්ම්ම්....
එයාගෙන් සමුගන්න වෙන එක ගැන පපුවෙ තිබුණෙ ලොකු බරක්....අමතක කරන්න බැරි වෙන්නම ඒ රූපෙ මගේ හිතේ පැළපදියම් වෙලා....
"රස්සාවල් හොයන්න යන්නේ නෑ මීට පස්සෙ...මං කොහෙහරි ගෙදරක වළං හෝදලා හරි උඹට කන්න අදින්න දෙන්නම් මගෙ දුවේ....උඹ විතරයි මට ඉන්නේ...."
අම්මා කදුළු පිහිද පිහිද මගෙ ඔළුව අත ගෑවේ පැල් කොටේට යන ගමන්.අම්මා කියන දේවල් මට ඇහුණත් ඒවා මොළේට යන්නේ නෑ....මං කල්පනා කර කර හිටියෙ රාහුල් ගැන...
"සිහෙලි....සිහෙලි.........."
රාහුල් සර් නේද....දෙයියනේ ඔව්..එයා ආයෙත් ඇවිත්....මං අඩියට දෙකට පාර ළගට දිව්වේ හුස්ම ගන්නෙත් නැතුව...සර් ඇයි දන්නේ නෑ ආයෙත් ආවෙ.
"ස.....ර්....ගියේ නැද්ද.........."
"යන්න තමයි ගියේ....ඒත් මගේ හිත මෙතන දාලා යනවා වගේ දැණුන නිසා මං ආයෙත් ආවා...."
"ස.....ර්......"
මං ඇස් දෙකත් ලොකු කරන් රාහුල් දිහා බැලුවේ මගෙ කන් වල දෝෂයක්ද නැත්තන් මට ඇහුණ දේ ඇත්තමද කියල හිතාගන්න බැරුව.
"අහ්...මං අදහස් කළේ මේකයි...මට හිතුණා මං ඔයාලා වෙනුවෙන් කරන්න ඕන දෙයක් ඉතුරු වෙලා තියෙනවා කියලා....මම ඔයාට මගෙ ළග ජොබ් එකක් දෙන්නම්..."
සර් මෙහේ හිත දාලා ගියා කිව්වම මං හිතුවෙ සර් මට කැමතියි කියලා...අනේ මං වගේ මෝඩියක්.මේ රාජකුමාරයෙක් වගේ ඉන්න සර් මට කැමති වෙන්නේ මොන හේතුවකටද.....එහෙම හිතද්දි නම් මට දුක හිතුණා....ඒත්...ඒත් සර් එයා ළග මට රස්සාවක් දෙන්නම් කිව්ව එක නම් මට ඉහේ මලක් පිපුණා වගේ දෙයියනේ...ඒ කියන්නේ මට හැමදාම සර්ව බලන්න පුළුවන්.............ඒ අහිංසක බලාපොරොත්තුවත් එක්ක මං රාහුල් දිහා බලන් හිටියෙ එයා ඉතුරු ටිකත් කියනකල්...
"මුලින්ම කියන්න ඔයා කැමතියිද කියලා....."
"අ......අනේ සර්....සර් මට එක වතාවකුත් උදව් කළා....ආයෙත්
.....ආයෙත් සර්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද මන්......"
ඒ යෝජනාව මට සතුටක් ගෙනාවත් රාහුල්ට කරදර කරන එක හොද නෑ කියල හිතුන නිසා මං බිම බලාගෙනම එහෙම කිව්වේ..
"මට කරදරයක් නෑ ළමයෝ..ඒ කියන්නෙ ඔයා කැමතියිනේ නේද..හරි...මට කියන්න ඔයා සාමාන්‍යයෙන් ඉගනගෙන තියෙන්නෙ මොනවද....මං එහෙම අහන්නේ ඔයාට නොවැදගත් රස්සාවක් දෙන්න අකමැති නිසා....."
"සර්..මං.....ඒ ලෙවෙල් කළා...ලොකුවට නැතත් මං සාමාන්‍ය තරමට පාස්..ඒ ඇරෙන්න මං ටවුමෙ ටෙක් එකේ කෝස් එකක් කළා සර්....බියුටි කල්චර් ගැන...."
"ෂාහ්.....ග්‍රේට්....එහෙනම් මට වැඩේ ලේසි වෙයි..."
"සර්...මට...ඒ කෝස් එක මග නතර කරන්න වුණා තාත්තා නැතිවුණාට පස්සේ...."
මගේ ඉගනීම ගැන ඇහුවට පස්සෙ රාහුල්ගෙන් ලැබුණ ප්‍රතිචාරේට සෑහෙන්න දෙයක් මං ඉගනගෙන නෑ කියලා මට තේරුණ නිසයි මං කෝකටත් එහෙම කිව්වේ..
"හරි ඒකට කමක් නෑ....පුරුදු වෙද්දි වැඩ අල්ලගන්න පුලුවන් වෙයි..මං ඔයාට මේකප් ආටිස්ට් කෙනෙක් විදිහට ජොබ් එක දෙන්නම්..ඒක තමයි මට ලේසිම...මොකද මම නළුවෙක්නේ...කම්පනි එකක අයිතිකාරයෙක් වුණා නම් ඔයාට ඔෆිස් ජොබ් එකක් දෙන්න තිබ්බා....."
ඒ වෙලාවෙ තමයි මං දැනගත්තේ මේ දේවදූතයා නළුවෙක් කියලා...එයා ළගයි මට රස්සාව ලැබුණේ..
----------------------
----------🌸
මේ විදිහට මට රාහුල්ව මුණ ගැහුණේ මීට මාස තුනකට කලින්....ඒ කාලෙ ඇතුලත මං ගොඩක් හැලහැප්පීම් වලට මූන දුන්නා....මේකප් ගැන හරි හැටි අවබෝධයක් නැති මං මෙහෙම තැනක වැඩ කරද්දි එහෙම වෙනවා තමයි....මං හැමවෙලාවෙම එක එක දේවල් වලට බැනුම් ඇහුවා....ඒත්....ඒ හැමදේම දරාගන්න මට තිබුණේ අර හේතු දෙක තමයි...............ඒ මිනිස්සු මට බනිද්දි රාහුල් පුලුවන් පුලුවන් වෙලාවට මං වෙනුවෙන් පෙනී හිටියා..අනේ ඒ මනුස්සයා රත්තරන් මනුස්සයෙක්...එයාට පිංසිද්ධ වෙන්න මායි අම්මයි අර පැල් කොටෙන් තරමක් හොද ගෙදරකට ආවා.....එයාට කෘතගුණ සලකන්න නම් මං හොදින් රස්සාව කරගෙන ඉන්න ඕන වුණත් මට වරදිනවා....අද නම් මගෙ අතින් වුණේ වැරදීමක් නෙවෙයි....හ්ම්....රාහුල් අර විදිහට නිළියක් එක්ක ඉද්දි මට දරාගන්න බෑ....මට බෑ...
මං අඩන එක නතර කළේ කවුරුහරි මේකප් රූම් එකේ දොරට තට්ටු කරනවා ඇහුණ නිසා...දෙයියනේ රාහුල් සර් ද....සර් නම් මම දොර අරින්නේ නෑ....මං කොහොමද සර්ට මූණ දෙන්නෙ...මං හැමදේම අවුල් කළා....අද නම් සර්ට හොදටම තරහා ගිහින් ඇති..
"සිහෙලි....සිහෙලි....."
ඒ රාහුල් සර් තමයි..දොර අරින්නෙ නෑ කියල හිතන් හිටියට දෙතුන් සැරේ කතා කරද්දි මට දොර අරින්නෙ නැතුව ඉන්න බැරි වුණා.දොර ඇරලා මං ඇතුළට ආවෙ රතු වෙච්ච ඇස් සර්ට පේන්නෙ නැති වෙන්න.
"ඇඩුවද......."
"න්....නෑ සර්............"
"ඇයි බොරු කියන්නේ.....මොනවද දරුවෝ ඔයා මේ කරන්නේ........උඹ මට මාව කන්ට්‍රෝල් නැති කරවනවා සිහෙලි..........."
මං ඔළුව උස්සලා රාහුල් දිහා බැලුවේ එයා මේ මොකක්ද කියන්නේ කියලා නොතේරුණ නිසා.
"උඹ ඇයි හැමවෙලේම මාව උඹ ළගට ඇදලා ගන්නේ.....ඇයි........."
මං මුකුත් කියන්නත් කලින් රාහුල් මගේ තොල් වලට බර වුණා...තරමක් ඈතින් ඉදපු මම එක ක්ෂණයකින් එයාගෙ ශක්තිමත් අත් වලින් ඒ තුරුළට යැවුණා....බය වෙච්ච පුංචි හා පැටියෙක් වගේ මං ඒ තොල් වල පහස විඳ ගත්තේ කදුළු වැස්සක් ඇස් වලින් වැටෙද්දි.....කෙලවරක් නැති සිපගැනීම අතරේ රාහුල් මගේ ඔළුව හෙමින් පිරිමදින්න වුණා...මං හොදටම දැනගෙන හිටියා මං මේ කරන්නේ වැරැද්දක් කියලා.....ඔව්....මේ හීනෙ වෙනුවෙන් මං ගොඩක් පෙරුම් පිරුවත් ඒක මට අයිති හීනයක් නෙවෙයි.....රාහුල් කසාද බැදපු කෙනෙක්........මං කළේ අනුන්ගේ හස්බන්ඩ් කෙනෙක් ගැන බොළද හීන මවපු එක තමයි.
"උඹ මෙහෙම නේද කැමති....උඹට මේක නේද ඕන උනේ....කතා කරපන් සිහෙලි......"
රාහුල්ගෙ ග්‍රහණයත් ටිකෙන් ටික දැඩි වෙද්දි මගේ තොල් වලින් ලොකුවේදනාවක් දැණුනේ එයාගෙ ශක්තිමත් දත් වලට හිර වෙලා...
රාහුල්......අනේ රාහුල්..මට රිදෙනවා....ඇයි...ඇයි මට රිද්දන්නේ....
මගෙ හිත ඇතුළේ ඒ වචන ටික කෑ ගහමින් තිබුණත් මට ඒක කියාගන්න බැරි වුණේ රාහුල් මගේ තොල් අතාරින්නෙ නැති නිසා...
එයා හිටියේ වියරුවෙන් වගේ.....
(මතුසම්බන්ධයි)
---------------------
මං............හංසි✍️


Comments System WIDGET PACK