ඇගේ දෛව්‍යය#### | Age Daiwaya


ඇගේ දෛව්‍යය####

සත්‍ය කතාවක් ඇසුරින්*****
දුප්පත් පවුලක උපත ලැබු සෙව්වන්දි තම දෙමාපියන්ට සිටි එකම දරුවා විය.තම දෙමාපියන් කූලී වැඩ කර කීයක් හරි හොයා ගෙන තම ජීවිත ගැට ගහ ගනී.අම්මා ගෙවල්වල  වැඩද තාත්තා කොහු මෝලේ වැඩට ගියා.එයින් ලැබෙන සොච්චමෙන් වේලක් ඇර වේලක් කාල තම එකම දරුවා ගේ ඉගෙනීමේ කටයුතු වලට වියදම් කලා. දෙමාපියන් ගේ එකම සිහිනය වුයේ තම දියණිය ආන්ඩුවේ රැකියාවක් කරනවා දැකීමයි... සෙව්වන්දි තම දෙමාපියන් ගේ සිහිනය සැබෑ කර දීමට උත්සාහ කලා.ඇය ඉගෙනීමට දක්ෂ වුවා කුඩා කල සිටම පැවති කඩයිම් පසුකරා උසස් පෙළ විභාගයෙන්ද ඉහලින් ම සමත් වී විශ්ව විද්‍යාලයට යාමට වරම් ලැබූවා.ඒත් ඇය ගේ දුප්පත් කම එයට එරෙහි උනා...... 
            ඇයට අවශ්‍ය උනේ තමාගේ සුදුසුකම් වලට සරිලන රැකියාවකට යාමයි.නිතර ඇය රැකියා පුරප්පාඩු බලා එයට ඉල්ලුම් පත් දැම්මා . කාලයක් බලා සිටියා . බැරිම තැන ඇය තීරණය කලා ගාමන්ට් රක්ෂාවකට යන්න.ඒත් එයට අම්මා එරෙහිව නැගී සිටියා.ලොක්කියේ ටිකක් ඉවසල හිටපන් මටයි තාත්තාටයි තාම ✋ පය හයිය තියෙනවා උඔට කන්ට දෙන්ට.සෙව්වන්දිට ගොඩක් දුක හිතුණා දැසට කදුළු ඉනුවා.ඇය හැම දාම පියුම් මාමා එනකම් මග බලන් හිටියා.මාමේ මට ලියුම් තියෙනවද ??අනේ නැහැ දූවේ . දවසක් සෙව්වන්දිට සයිකලයේ බෙල් එක නාද වෙනවා ඇයට ඇසුනා ඇය එක පිම්මේ දුවගෙන ආවා ...මාමේ මට ලියුම් තියෙනවද??? ඔව් දුවේ තියෙනවා හැබැයි මයි හිතේ ආණ්ඩුවෙන් ආපු ලියුමක් වෙන්න ඇති.සෙව්වන්දි එතනදීම ලියුම් කැඩුවා ඈට හරිම  සන්තෝසයි.ඇය අම්මා ලගට දුව ආවා අම්මේ මට රක්ෂාවක් ලැබිලා.දිසාපති කාර්යාලයේ ලිපිකරු තනතුරක්.අම්මා ඇයව තුරුල් කරගෙන සිප ගත්තා.දෙන්නගේ ඇස් වල සතුටු කදුළු******
                            තාත්තා හවස වැඩ ඇරිලා ගෙදර ආවා තාත්තාට මේ සූභ ආරංචිය කිවා.. තාත්තාට හරිම සතුටුයි ඇස් වලට සතුටු කදූළු ආවා උර හිසේ තිබුන තුවායෙන් කදුළු පිසදා ගත්තා .****"කොහෙටද රක්ෂාව ලැබිලා තියෙන්නේ ලොක්කියේ ?? අපේ ගමේ දිසාපති කාර්යාලයේ. අනේ හොදයි මයේ දුවට ගෙදර ඉඳන් වැඩට යන්ට පුලුවන් ඔව් තාත්තා... ලොක්කියේ මගේ ලග ඇති  උඩහ නෝනා දුන්න සාරි තුනක් ඒක දැනට ඇදපන් .මේ නාකි මට මොන සාරිද කොහෙ කියල යන්ටද. *****
                                                  පසුවදා   සෙව්වන්දි උදේම නැගිට ඉස්සෙල්ලාම වැඩට යන්න ලැස්ති උනා අම්මා ලහි ලහියේ ඇයට ගෙනියන්න පොල් සම්බෝල කුයි කරෝල කෑල්ලකුයි කෙසෙල්. කොලේක ඔතල බත් මූලක් බැද දුන්නා.සෙව්වන්දි දෙමාපියන් දෙදෙනා ගේ දෙපා නැමද ආසිර්වාද ගෙන යන්න ලෑස්ති උනා.***ලොක්කියේ හිටපන් දැම්ම මිදුලට බහන්ට එපා තාත්තා කෑ ගැහුවා.අම්මා වතුර කලේ අරගෙන සෙව්වන්දි ගේ ඉස්සරහට ආවා අපේ දූවට තුරුණුවන්ගේ සරණයිදෙමාපියන් දෙන්නට හරිම සතුටුයි .සෙව්වන්දි වැඩට ගියා.... එහිදී සෙව්වන්දිට ගංගා හමුවිය.ඇය සෙව්වන්දි ගේ හොදයි යෙහෙළිය වුවා.සෙව්වන්දි සුපුරුදු පරිදි වැඩට ගියා********
                                    අමිල සෙව්වන්දි ගේ ගමේ ඉන්න මැරවර චණ්ඩියෙක් .ගමේ කවුරැත් ඔහුව ප්‍රිය කලේ නැහැ.ඔහුගේ පවුලේ අයටද ඔහු එපා වි ගෙදරින් පන්නා දමා තිබුණි.අමිල ජීවත් වුයේ ටව්මේ ලෑලි ගහපු කඩ කාමර කෑල්ලක.ඔහු නිතරම වැඩට යන එන සෙව්වන්දි දෙස ඇහ ගහගෙන සිටියා.ඔහුට ඇය කෙරෙහි පැහැදීමක් ඇති වෙලා.දවසක් ඇය එන මඟ රැකගෙන සිටියා ඇය දුර සිටම එය දැක්කා.ඔහු ඇයගේ  ඉස්සරහට ආවා.සෙව්වන්දි ... පොඩ්ඩක් ඉන්න ???? ඇයි මොනවටද???මට ඔයා එක්ක ටිකක්  කතා කරන්න ඕන.. මොනවද??? මම ඔයාට කැමතියි... ඇය කවදාවත් බලාපොරොත්තු නොවු දෙයක් ඇය තැති ගත්තා... උගත්තරයක් නොදී බිම් බලා ගත්තා කමක් නැ.ඔයා දැන් යන්න පස්සෙ මට උත්තරයක් දෙන්න... සෙව්වන්දි අඩියට දෙකට ගෙදර ආවා මේසේ  උඩතිබු වතුර ජොග්ගූවේ වතුර එක හුස්මට බීගෙන ගියා.අම්මා එය දැක්කා..... මොකද ලොක්කියේ උඔ යකෙකුට වත් බය උනාද.. නැතිනම් මොකෙක් හරි පස්සෙන් පැන්නුවාද???? මුකුත් නෑ අම්මා.කියා ගෙන කාමරේට රිංගුවා  ඇයට රැ නින්ද ගියේ නැහැ දස අතේ කල්පනා කලා.ඇය කිසිම දවසක ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගෙන තිබුනේ නෑ.ඇ සිතුවා අම්ල චන්ඩියෙක් උනත් හොද කඩවසම් තරුණයෙක්.ඇ ඔහු කෙරෙහි පැහැදීමක් ඇති උනා.කාලය ගෙවි ගියා.සෙව්වන්දිත් අම්ලත් දැන් පෙම්වතුන්. සෙව්වන්දිත් අමිලත් දෙන්නට දෙන්නා ආදරේ කලා.ඒත් ඒ බව ඇය ගේ දෙමාපියන් දැන් සිටියේ නැ#####නිවාඩු දවසක් හවස් යාමයේ සෙව්වන්දිත් අමිලත් ✋ වැල් අල්ලා ගෙන වැව් බන්ටකේ වාඩි වෙලා කතා කර කර හිටියා.ගමේ ගුණේ මාමා දැක්කා ඈ බොල මේ අර කීරාලගේ දෝනි ඇන්දෑ නේද අර නොසන්ඩාලයා එක්ක කතා කර කර ඉන්නේ..ඔහු හතිද්‍රගෙන සෙව්වන්දි ගේ ගෙදරට දුව්වා. මොකද බං අර හති දාගෙන මොකෙකුට හරි උඔ බය උනා ද.??.ඔහු සෙව්වන්දි ගේ දෙමාපියන්ට සියල්ල සැලකර සිටියා.අම්මා කෑ ගහන්ට පටන් ගත්තා.වරෙන්කෝ ඕකි අද ගෙදර අම්මපා මේකිව අමු කැවිලද මැණිකේ.ඇය ගෙදර එනකම්  අම්මයි තාත්තායි මග බලන් හිටියා.සෙව්වන්දි මුකුත් නොදැන ගෙට ගොඩ උනා. මෙහෙ වරෙන් මොකක්ද  උබෙ තියෙන ගනුදෙනුව අර නරුමයා එක්ක.එකා මැරයෙක් තාත්තා බැන වැදුනා..ඇය මුකුත් නොකියා බිම බලා ගත්තා.කතා කරපන් උබේ කටේ පිට්ටු ද??.සෙව්වන්දි වචන ගොත ගහ... මම එයාට කැමති... මොනවා බොල  හත් ඉලව්වයි මේකිව අමු කැවිලද මැණිකේ.අම්මා ඉකි ගසනවා අපි නොවිදිනා දුක් විදල උගන්නලා මේ තත්වෙට ගෙනාවේ මේ වගේ එකකුට දෙන්නටද බොල????? තිදෙනාම එදා රෑ ට කෑම නොකා නින්දට ගියා.පසුවද්‍ර සෙව්වන්දි වැඩට ගියේ නෑ.ලොක්කියේ උඔ අද වැඩට යන්න නැද්ද.ඇය උත්තර නොදි නිස්සබ්දව සිටියා.දවල් වෙලා නැගිට අම්ල සොයා ගියා.ඈත සිට එන ඇය දැක අම්ල කලබල උනා මොකද සුදු අද වැඩට යන්න නැද්ද.ඊයේ මොකද උනේ.රාත්‍රියේ උන් සියල්ල අම්ලට කියා සිටියා.දෙන්නට දෙන්නා ආදරේ කලා.අම්ලගේ චන්ඩි කමට ඇය බොහෝ ආදරේ කලා.සෙව්වන්දියි අමිලයි තීරණය කලා කසාද බදින්න.*** මගේ පඩියෙන් අපි දෙන්නට ජිවත් වෙන්න පූළුවන්  කියා ඇය නිතරම කියා සිටියා... දෙදෙනා ගත් තීරණය ඇය ගෙදරට කියන්න තීරණය කලා.රෑ කෑම කන වෙලාවේ ඒ ගත් තීරණය දෙමාපියන්ට කියා සිටියා.නැවතත් දෙමාපියන් දෙදෙනා බැන්නා.අවසාන වශයෙන් අම්මා කියා සිටියේ උඔට කවදාහරි දවසක අපිට මේ දුන්න ගින්දර උබටත්  උහුලන්න වෙනවා..පලයන් එකා එක්කම ගෙදරට කවදාවත් එන්න එපා. උඔ මැරුණයි  කියල පන්සලට දානේ දෙනවා.. ඒත් සෙව්වන්දි නොවේ ඇගේ තීරණය වෙනස් කලේ. පසුවදා උදෑසන නැගිට ඇදුම් බෑගය ලෑස්ති කරගෙන දෙමාපියන් දෙදෙනාට වැන්දා .. මම යනවා අම්ල ලගට අද අපි බදිනවා අම්මයි තාත්තා යි ඇඩුවා ඒත් ඇයට ගානක් නෑ.හරිම සන්තෝසෙන් අම්ල සොයා ගියා ඈ එනතුරු ඔහු බලා සිටියා.දෙන්නා රෙජිස්ටර් ලගට ගිහින් කසාද බැඳලා අමිලගේ නවාතැන් පොලට නැන්දගෙන ආවා.සෙව්වන්දි සිතුවා මහ මන්දිර වල නැති සතුට මේ පොඩි පැල් පතේ ඇතියි කියා.ඇයට හොඳ වැටුපක් ලැබුණා ඒ නිසා ඈ  පහසුකම් තිබෙන කාමර කෑල්ලක් කුලියට ගත්තා.ඇය වැඩ ඇරිලා ගෙදර ආවත් අම්ල හැමදාම ගෙදර ආවේ රාත්‍රියේ දොලහත් පහුවෙලා.දැන් ඔහුට ඇය ගැන ගානක් නෑ.දවසින් දවස් අම්ල ටික ටික  වෙනස් උනා.සමහරදාට බීගෙන ඇවිත් ඇයට පහර දෙනවා.ඇය ඒ සියල්ල විදදරා ගෙන ඉන්නවා.දවසක් ඇය සේවා ස්ථානයේ දී කලන්තේ දාලා ඇද වැටෙනවා.ඇයගේ යෙහෙළිය වු ගංගා ඇයව රෝහලට ගෙනියනවා . එහිදී වෛද්‍යවරයා කියා සිටියේ මෙයාට ලෙඩක් නෑ මේක සාමාන්‍ය දෙයක් අම්මා කෙනෙක් වෙන්න යන්නේ.එ වදන් සෙව්වන්දි ගේ කනට ඇහුනා ඇයට සතුට උතුරා ගියා ගංගා.සෙව්වන්දිව ගෙදරට ඇරලූවා.සෙව්වන්දි අම්ල ගෙදර එනකම් මග බලන් හිටියා මේ සුබ ආරංචිය කියන්න... ඒත් ඔහු වෙනදා වගේම කට ගොන්නක් බීගෙන රැ 12ට විතර ගෙදර ආවා.සුබ ආරංචිය කියන්නේ කොහොමද උදේට කියනවා.පසුවදා ඇය වැඩට ගියේ නෑ.අම්ල උදේ 10ට විතර නැගිට්ටා....... අමිල ඔයාට කියන්න සුබ  ආරංචියක් තියෙනවා...??? මොකක්ද ??? ඔයා දැන් තාත්තා කෙනෙක්...ආ එහෙමද...ගානකට නොගෙන කීවා....**"**"සෙව්වන්දි ගේ හදවත කඩා වැටුණා*****විශාල දුකක් ඇති වුණා.නෙතගින් කදූ ලැලි රූරා ඇද හැලුනා****ඒත් ඇය අහිතක් සිතුවේ නෑ ඒ තරම් ඔහුට තම පණට වඩා ආදරය කල නිසා.දැන් දරු ගැබට මාස 5යි. අම්ල දරුවා නිසා වත් හොදයි මිනිහෙක් වෙයි කියල හිතුවා ඒත් ඔහු නොවෙයි වෙනස් උනේ.** සෙව්වන්දි දරුවා නිසා සියල්ල විදදරා  සිටියා.***ඔය  අතරේ මහනුවර බහුතාක්ෂනික ආයතනයට පාඨමාලාවක් සඳහා තම    යෙහෙළිය හා සෙව්වන්දිත් ඇතුලත් උනා . යෙහෙළියන් දෙදෙනාගේ පහසුවට ඒ අවට බෝඩ්මක නතර උනා.එහිදි සෙව්වන්දි තමාට අම්ල ගෙන් වන කරදර සියල්ල හෙලිකලා.....අනේ සෙව්වන්දි තවත් ඔය නරුමයා එක්ක ජීවත් වෙන්න එපා.ඒ මිනිහට හිතක් පපුවක් නැ  ඔයාගේ ජීවිතේ නැති වෙයි කාලකන්නියා ගංගා තරයේ කියා සිටියා... මොනවා කරන්නද ගංගා මේක මගේ දෛවය මම මගේ දෙමාපියන්ට දුන්න ගින්දර මට ආපසු ලැබිල තියෙන්නේ.. ඒත් මගේ අමිලට මම තාමත් ආදරෙයි.එහෙනම් ඔයා පරෙස්සම් වෙන්න ඔයා මේ ඉන්නේ තත්වෙත් එක්ක ගංගා කියා සිටියා.දෙදෙනාට නිවාඩුවක් ලැබුණා සෙව්වන්දි ගෙදර යන්න ලෑස්ති..මේ කොහෙ යන්නද ගංගා ඇසුවා .. ගෙදර අම්ල බලන්න අනේ ඔයාට පිස්සුද සෙව්වන්දි මට බයයි ඔයාට කරදරයක් වෙයි කියල එපා යන්න මමත් ගමේ නොගිහින් ඉන්නම් ඔයත්  එක්ක. යෙහෙලියගේ පෙරෙත්තය නිසාඇය නැවතුනා.දැන් සෙව්වන්දි ගේ බඩට මාස නමය සම්පුර්ණයි.. ආයෙමත් නිවාඩුවක් ආවා.ගංගා මේ පාර මාව නවත්වන්න එපා මට ගෙදර යන්න ඕන මගේ අම්ල ගොඩක් දවසකින් දැක්කේ නෑ මට එයාව දකින්න ඕන ඇය තරයේ  කියා සිටියා... මං කියන දේ අහන්න තව දවස් කීපයයි ළමයා හම්බවෙන්න තියෙන්නෙ මුරණ්ඩු වෙන්න එපා සෙව්වන්දි.?????ගංගාට මේ වතාවෙ ඇය වැලැක්වීමට හැකියාවක් නැත.ගංගාට හරිම දුකයි  සෙව්වන්දිට මොනවා හරි කරදරයක් වෙයි කියල.සෙව්වන්දි ලෑස්ති උනා ගංගා ඇයව බස් ස්ටෑන්ඩඩ් එකට ගිහින් ඇරලූවා.සෙව්වන්දි ඔයා පරෙස්සමෙන් ගිහිං එන්න...මගේ හිතට හරි නෑ සෙව්වන්දි මට දැනෙනවා මොකක්දෝ නරකක් අත ලග වගේ.... සෙව්වන්දි සිනා වෙලා*** මට මොනවත් වෙන් නැහැ ගංගා ඒ ඔයාගේ හිතේ තියෙන දේ.යෙහෙලියන් දෙදෙනා සමුගත්තා... ගංගා වත් සෙව්වන්දිවත් දැන් සිටියේ නෑ මේ ඔවුන්ගේ අන්තිම සමු ගැනීම බව.. සෙව්වන්දි ගෙදර යනවිට හොදටම හවස් වී තිබුනා.. ගෙදර දොර වසා තිබුනා සෙව්වන්දි හැන්බෑගය විවර කර යතුර ගෙන දොර ඇරියා පිස්සන් කොටුව වගේ ගෙදර දවස් ගානකින් අස් කරල නෑ.ඇයට හොදටම මහන්සි මහන්සිය පැත්තක් කියල ගේ පිලිවෙලට අස්කරා .තෙහට්ටුව යන්න ටිකක් නාගෙන පොඩ්ඩක් ඇදේ හාන්සි උනා සෙව්වන්දිට මහන්සියට හොදටම නින්ද ගියා හීනයක් දැක්කා තිගැස්සී ඇහැරුනා.. වෙලාව රාත්‍රී 8යි කුසට මහා බඩ ගින්නක් දැණුනා.ඉක්මනට බතයි එළවළු දෙකකුයි  හැදුවා.බඩ ගින්න තිබුණත් කෑවෙ නෑ අම්ල එක්ක එකට කන්න බලන් හිටියා ඒත් තාම නෑ රාත්‍රියේ දොලහත් උනා සෙව්වන්දිට හොදම බඩගිනි කෑම ටිකක් බෙදා ගෙන කටවල් දෙක තුනක් කුසට දාගත්තා විතරයි*** අම්ල දොර ඇරගෙන ගෙතුලට ආවා ඔහු වියරුවෙන් ඇස් දෙක ගිනි බෝල දෙකක් වගේ සෙව්වන්දි තැති ගත්තා උගුරේ බත් හිර උනා******තෝ ආවද පරට්ටී කියා ගෙන එක අතකින් ඇයගේ කොන්ඩෙන් අල්ලා ගත්තා.අනිත් ✋ ඉල්ලම් කූරක්.. ඒ යකඩ කූරෙන් සෙව්වන්දි ගේ බඩට හත් අට පාරක් ඇන්නා ... සෙව්වන්දි මහ හයියෙන් ලතෝනි දුන්නා ඒ හඩ සුලගට මුසු වෙලා මුළු පලාතම දෙදුරුන් දුන්නා *****ඒත් ඒ හඩ කිසිවෙකුටත් ඇසුනේ නෑ . ඇයගේ සිරුර ලේ විලක් මැද ඇද වැටුණා ටික වෙලාවක් ඇය ගැහුනා ඇයගේ හුස්ම පොද නතර උනා  සෙව්වන්දිත් නූපන් දරුවාත් මොලොවින් සදහටම සමු ගත්තා.  ######### ඇයගේ දෛවය කුරිරු ලෙසින් නිමා  දවිය #කුරිරූ මිනිසා සිරභාරයට ගනු ලැබුවා*******###


Comments System WIDGET PACK