#අදුරු_දඩයක්කාරයා පළමු කොටස | Aduru Dadayakkaraya 01 Kotasa


#අදුරු_දඩයක්කාරයා

…………………………………

මහා ධානපති පුත් රමේශ් සහ ඔහුහෙ මිතුරන් පස් දෙනා..එක සේම ධනවතුන්.එදත් සුපුරුදු පරිදි මේ 6දෙනාම නුවරඑලියෙ රමෙශ්ගෙ හොටෙල් එකක පාටියක් ඉවර වෙලා එකම රූම් එකෙ සී සී කඩ බීමතින් වැටිලා නිදි..

රූම් එකෙ බෙල් එක නොනවත්තමා වදින්න ගන්නවා.හරියට මාරයා ඇවිල්ලා ඉවරයක් නැතුව දොරට තට්ටු කරනවා වගෙ.

"මගෙ බල්ලෙක් බන් බෙල් කරන්නෙ .මම කවුද කියලා නොදැන මුගෙ අම්මට ####"..

කුනුහර්පයක් කියාගෙනම රමෙශ් දොර ලගට යන්නෙ කෙලින් ඉන්නවත් බැරි තරම් වෙරි මතින්.දොර ඇරල හොද පදයක් කටට ගත්‍තත් දොර ඇරියාම කියන්න එකෙක් හිටියෙ නෑ..ඇස් පොඩි කරලා පිහ දාගෙන ආය වට පිට බලද්දි පාර්සලයක් දැක්කෙ..වෙරි මතින්ම පාර්සලෙ අරන් රමේශ් ගියෙ රූම් එකට ...

"ඒයි අඩො නැගිටපන් ..පාර්සලයක් .කවුද ඕඩර් කලෙ."

එක එකා වැටුන තැන් වල මිසක් එකෙක්වත් උත්තර දෙන්න සිහියක හිටියෙ නැ.රමෙශ් පාර්සලේ දිග අරිනවා.එකෙ තිබ්බෙ ෆොටො එකක් .ඔව් ඒ අදීත්‍යා.රමෙශ්ගෙ වෙරිත් හිදුනේ ඒක දැකලා.ධාන පති කොල්ලො 6ය දෙනා මීට අවුරුද්දකට කලින් ඒ කෙල්ලව අමු අමුවෙ දූශනේ කරලා මරලා විසික් කරලා දනවා.අදටත් ඒ කෙල්ලගෙ කොල්ලා මල්ලි තාත්තා එයා එනකන් බලන් ඉන්නවා..රමෙශ් ෆොටො එක හරවලා බලනවා.එකෙ තිබ්බෙ

"ලේ වලට ලේ වලින් පලිය..

පැය විසිහතරයි හැම පැය 4කට පාරක්ම එක මරනයක්..උබලා කොච්චර නැටුවත් වැඩක් නැ.. ධානපති බල්ලො මැරෙන්න ලෑස්ති වෙයන්..

රමෙශ් යාලුවො ඔක්කොම ඇහැරවන්නෙ ඇති උන බය සාදාරන නිසා..යාලුවො 6දෙනා

රමෙශ්,සමීර,ක්‍රිශ්,ලැරී,නිසල්,කවීශ ඔක්කොම පිස්සො වගෙ බය උනෙ කොයි වෙලෙ කවුරු මැරෙයිද කියන බයෙන් ..වෙලාව මධ්‍යම රත්‍රි 12හට තිබුනෙ විනාඩි 6යි..

කවිශගෙ ෆෝන් එකට මැසෙජ් එකක් එනවා අදිත්‍යාගෙ ෆෝන් නම්බර් එකෙන්

එකෙ තිබ්බෙ

"විනාඩි 6යි"

ඉලගට නිසල්ගෙ දුරකනය නාද වෙනවා

එහි තිබුනෙ "විනාඩි 5යි" යනුවෙන්

ලැරි "විනාඩි 4යි "..

ක්‍රිශ් "විනාඩි 3යි"

සමීර "විනාඩි 2යි"

රමේශ් "විනාඩි 1යි"

හැමෝම වෙව්ලන්න ගන්නෙ ඉලග විනාඩියෙ මොකක් එයිද කියලා ..හොටෙල් එකෙ වෙලාව 12හා බට්ටා ඔරලෝසුවක් වදින්න ගත්තෙ ඔවුන්ගෙ බය තව තව වැඩි කරමින්...ඒ එක්කම හැමොටම එක වරම මැසෙජ් එකක් එනවා...

"ගේම් බිගින්..දිස් ටයිම් ෆො යූ..."

6දෙනවා හොටෙල් එකෙන් පිට වෙන්නෙ ස්කිරුටි එකක් වත් නැතුව ආව නිසා කාර් 2 එක අරගෙන තුන් දෙනා ගානෙ වාහන වලට නැග්ගෙ කොයි වෙලෙ මැරෙයිද .කවුද මේ කියන බය හිතෙ බුර බුරා නැගෙද්දී..

හොටෙල් එකෙන් ඇවිත් පැය බාගෙක විතර දුර එද්දි වාහන දෙකෙම තෙල් ඉවර වෙන්නෙ ෆුල් ටෑන්ක් තිබ්බ තෙල් වාශ්ප උනාද හිතාගන්න බැරුව..වෙලාව 12.30පහු උනා විතරයි .අනිවාරෙන් පාන්දර 4ට කලින් එකෙක් මැරෙනවා..පෙන මානෙක සෙඩ් එකක් නෑ..

6දෙනාම වාහන වලින් බැහැලා උදව්වක් ගන්න කෙනෙක් දහ අතේ හෙව්වෙ පිස්සු බල්ලො වගෙ.
පේන මානෙ ඝන වනනන්තරෙ මිසක් එකෙක් පෙන්න නෑ. ඒ අස්සෙ තමා කවීශ හඩ අවදි වෙනවා..

"ඒ බන් වොශ් රූම් යන්න ඔනේ..කැලෑවටවත් ගිහින් එන්නම් හිටහන් "

බය නිසාම වැඩිය කැලෑව ඇතුලට රින්ගන්නෙ නැතුව ඉක්මනින් යන්න හැදුවත් කවීශගෙ මූනට වදින්නෙ ටෝච් එලියක් ..එක එක පාරටම නැති වෙලා යද්දි කවීශ කැලෑව ඇතුලටම රිංගන්නෙ කවුද බලන්න..

විනාඩි 10යකට පසු ඉතිරි පස් දෙනාගෙ දුරකතන නාද වෙනවා. ඒ කවීශගෙන් පනිවිඩයක්.

"නෙක්ස්ට් යූ"

දෙයියනේ කවීශයා ..පිස්සො වගේ කැලෑව පුරා කවීශව හොයනවා හම්බෙන්නෙ නැ.. රමෙශ් ,ක්‍රිශ් ,සමීර එක පැත්තකටත් නිසල් ,ලැරී කැලෑවේ තව පැත්තකටත් යන්නෙ කවීශව හොයන්න ..ටිකෙන් ටික වෙලාව ගෙවිලා යන්නෙ ඔවුන්ටත් නොදැනි කැලැවෙ දෙපිලට ඔවුන්ව හොයන්නවත් කැලෑවෙ කෙලවරක් හොයන්නවත් බැරි තරම් දුර ගිහින්..වෙලාව 4පසු වී සුලු වෙලාවක් ගත විය .ඔවුන්ට ඇමතුමක් ගන්නවත් සින්ගල් කනුවක් වත් පෙන්නුවෙ නැ..

බෙදී ගොස් අවසනයේ ඔවුන් එක එකා ඝාතය වන්නට විය..අත්බූත ලෙස හෝ සූක්ශම ලෙස..අවසානෙ ඉතිරි වන්නෙ රමෙශ් හා ලැරී පමනයි ..කෙසෙ හෝ පාර සොයන් රමෙශ් පැමින්නෙනෙ කැලැවෙන් රාත්‍රි 8ට විනාඩි 2ක් තිබියදී..එවිටම එහා කෙලවරෙන් ලැරීද කැලැවෙන් පිටතට එද්දිම රමේශ්ගෙ දුරකනය නාද වෙනවා..

"දිස් ඉස් ෆයිනල් රවුන්ඩ්"

රමෙශ් ඇස් උඩ යන්නෙ හරියටම වෙලාව 8වනවා සමගම උන්ඩ සද්දයක් නගමින් ලැරි ඇද වැටෙනවා .

මේ කතාවෙ ඝාතකයා කවුද..ආදිත්‍යාට සාධාරනය ඉශ්ට කරන්නෙ කවුද..ප්‍රශ්න දාමයක රමෙශ් පැටලෙද්දි කලු ඇදුමකින් මුහුන වසන් පිහියක් කලුවරෙ වූවද දිස්නේ දෙන රැගෙන යමෙක් ඔහු දෙසට එනවා..

රමේශ් මිය යාවිද.කවුද ඒ අවසන් කොටසෙන්

මතුසම්බන්ධයි .

පාරමි කවී See less


Comments System WIDGET PACK