❤❤ ආදරේ ❤❤ | Adare


❤❤ ආදරේ ❤❤
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    සනුකි කියන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ශිෂ්‍යාවක්. සනුකිගෙ මුලු ජීවිතේම වුනේ කලණ. ඒ තමයි සනුකිගෙ පළමු ආදරේ වගේම අවුරුදු පහක ආදරේ. කලණ කියන්නෙ ඉන්ජිනේරුවරයෙක්.
     කලණට සනුකිව හම්බවෙන්න ඕනි වුනත් කලණට නිවාඩු තිබුනෙ මාසෙකටම දවස් හතරක් විතරයි. ඒ නිසා අනිත් පෙම්වතුන්ට වගේ නිදහසක් කලණටයි සනුකිටයි තිබුනෙ නෑ. ඒත් කලණට සනුකිව බලන්න ඕනි හැම මොහොතකම කලණ කලේ සනුකිට වීඩියෝ කෝල් එක්ක ගන්න එක.
     සනුකිත් හරිම ආසාවෙන් බලන් ඉන්නෙ කලණගන් වීඩියෝ කෝල් එකක් එනකම්. කලණගෙන් එන පුංචි මැසේජ් එකකට පුලුවන් වුනා සනුකිගෙ ජීවිතේට ලොකු සතුටක් ලබා දෙන්න.
   හැමදාම හම්බවෙන්න.. ඇවිදින්න යන්න බැරි වුනත් සනුකිගෙත් කලණගෙත් ආදරේ ඒ දේවල් නිසා වෙනස් වුනේ නම් නෑ.
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
      හැම කෙල්ලෙක්ම වගේ සනුකිත් බලාගෙන හිටියෙ පෙබරවාරි 14 එනකම්. සනුකි ආසාවෙන් බලන් හිටියා වගේම ඒ දවස උදා වුනා. හරියටම රෑ 12 වෙද්දී සනුකිට කෝල් එකක් ආවෙ කලණගෙන්.
📱හැපි වැලන්ටයින් ඩේ මැණික..
📲සේම් ටු යූ අයියා..
📱සනූ... අනේ මට ඔයාව හෙට මීට් වෙන්න එන්න වෙන්නෙ නෑ මැණික.. අද ලොකු වැඩක් වැටිලා.. සයිට් එකේ මං ඉන්නම ඕනි.. අපි අනිද්දට මීට් වෙමුද
📲කමක් නෑ අයියෙ.. ඔයා වැඩ පාඩු කරගන්න එපා..
    සනුකි කලණත් එක්ක ටික වෙලාවක් කතා කරලා ෆෝන් එක තිබ්බෙ හිතට පුංචි දුකක් දැනෙද්දි.
"අනේ.. මං කොච්චර ආසාවෙන්ද බලන් හිටියෙ ටික වෙලාවක් අයියා ළගට වෙලා ඉන්න... ඒත් මොනා කරන්නද.. කමක් නෑ.. අයියා මට ආදරෙයිනෙ.. ඒකනෙ අනිත් දවසෙ මීට් වෙමු කිව්වෙ" 
     සනුකි එයාගෙ හිතත් එක්කම තර්ක කරලා අන්තිමට නින්ද ගිය වෙලාවක් එයාම දන්නෙ නෑ.
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
     සනුකි උදේ කැම්පස් එකට ගියත් එයාට උදේ ලෙක්චර් එකක් තිබුනෙ නැත්තෙ හදිස්සියේම ලෙක්චර් එක කැන්සල් වෙලා තිබුන නිසයි. ඒ නිසා සනුකි යාලුවො දෙන්නත් එක්ක බෙන්ච් එකකින් වාඩිවුනා. 
   සනුකිගෙ යාලුවො දෙන්නා තමයි සදුනියි රුවනියි. මේ දෙන්නා නම් අද එයාලගෙ බෝයිෆ්‍රෙන්ඩ්ලා එක්ක ඇවිදින්න යන්න තමයි ඉන්නෙ.
"සනූ.. මං කියන්නද වැඩක්"
"මොකක්ද සදුනි.."
"අද මායි අනුත්තරයි.. රුවනියි රොශානුයි ෆිල්ම් එකක් බලන්න යන්න ඉන්නෙ.. ඉතිං ඔයත් අයියා එක්ක යමු" 
"අනේ බෑ සදුනි.. අද අයියට වැඩ"
"අපෝ.. මොකක්ද සනූ.. ඔයාගෙ අයියට අදවත් ඔයා වෙනුවෙන් වෙලාවක් නැද්ද "
"ඒකනෙ සනූ.. අනිත් හැමෝම අද කොච්චර සතුටින්ද ඉන්නෙ.. ඒත් ඔයා "
"කමක් නෑ රුවනි.. අයියගෙ ආදරේ මට ඇති "
"අනේ සනූ මේ.. ඔන්න ඔය කලණව අතෑරලා ජීවිතේ විදින කොල්ලෙක් එක්ක යාලු වෙයන්" 
"මොනවද සදුනි ඔයා කියවන්නෙ.. මට කලණ අයියව ඕනි" 
"ඔයාට ඕනි වුනාට එයාට ඕනි නෑ.. ඒකනෙ අද වගේ දවසටවත් ඔයා ළග නැත්තෙ" 
"අනේ සදුනි.. මේකිට කියල වැඩක් නෑ.. අපි යමු අනේ යන්න"
     සදුනියි රුවනියි දෙන්නා සනුකිගෙ හිත හොදටම රිද්දලා එතනින් ගියෙ සනුකිගෙ ඇස් වලට කදුලු පිරෙද්දිමයි.
   මේ මොකුත්ම නොදන්න කලණ සනුකිට කෝල් එකක් ගත්තා. ඒත් සනුකි කෝල් එක ආන්සර් කලේ නෑ. ආයෙත් වතාවක් කලණ කෝල් ගත්තත් සනුකිගෙ ෆෝන් එක ඕෆ් වෙලා තිබුන. කවදාවත් නැතුව කලණගෙ හිතට ලොකු බයක් දැනුනා. ඉවසගෙන ඉන්න බැරි නිසා කලණ සයිට් එකේ බොස්ට ලොකු බොරුවක් කියලා කැම්පස් එකට ආවෙ සනුකිව බලන්න.
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
      කලණ කැම්පස් එකට ඇවිත් බලද්දී එයා දැක්කා කැම්පස් එකේ බෙන්ච් එකක වාඩිවෙලා කල්පනා කරන සනුකිව. කලණ ඉක්මනින් සනුකි ළගට ආවා.
"සනූ ඇයි මේ.. මොකක් හරි ප්‍රශ්නයක්ද" 
"ආහ්.. ඔයා.. මේ වෙලාවෙ.."
"ඔව්.. ඔයාගෙ ෆෝන් එක ඕෆ් වෙලා නිසා මං හොදටම බය වුනා.. ඒකයි.. දැන් මට කියන්න ඇයි මේ කියලා.."
"ඇත්ත කියන්න ඔයා මට ආදරේ නෑ නේද.. මොකටද මගෙ ළගට වෙලා ඉන්නෙ" 
"සනූ මගෙ යකා අවුස්සන්න එපා...ආදරේ නැත්නම් මොන මගුලකටද අවුරුදු පහක් ඔයා එක්ක ඉන්නෙ.. කියනවා මොකද අද වුනේ" 
"මගෙ යාලුවො දෙන්නා එයාලගෙ බෝයිලා එක්ක  ෆිල්ම් එකක් බලන්න ගියා.. එයාලා මට එක එක ඒවා කිව්වා.. ඔයාට මං වෙනුවෙන් අදවත් මා එක්ක ඉන්න බෑ කිව්වා" 
"ඔව් ඔව්.. උන් දෙන්නා ෆිල්ම් එක විතරක් බලලා නිකන් හිටියොත් ඇති.. "
"ඇයි.. තව මොනා කරන්නද "
"මේ අහන්න සනූ.. ආදරේ කියලා කොල්ලො එක්ක යන හුගක් කෙල්ලන්ගෙ ජීවිතේ වටිනම දේ අද තමයි නැති වෙන්නෙ.. මේ සමාජෙ මිනිස්සු හරි වෙනස් සනූ.. "
"ඒත් එයාලා.."
"සනූ.. මටත් පුලුවන් අනිත් කොල්ලො වගේ ඔයාවත්.. මටත් හැගීම් කියන දේ හොදට දැනෙනවා.. ඒත් මැනික ඔයාගෙ ජීවිතේ විනාශ කරලා මොහොතකට විතරක් සතුටු වෙන්න මට ඕනි නෑ මැනික.. මොකද මගෙ ජීවිතේ ඔයා... ඒක අදටත් හෙටටත් හැමදාටමත් එහෙමයි.. කවදාවත් වෙනස් වෙන්නෙ නෑ" 
"මට සමාවෙන්න අයියෙ.. මං ඔයා ගැන වැරදියට හිතුවා.."
"නෑ සනූ සමාව ඉල්ලන්න එපා.. මගෙත් වැරදි ඇති අපි හැමෝම මිනිස්සුනෙ.. "
"හ්ම්ම්.. "
"මොකෝ ඒ පාර කල්පනා කරන්නෙ.."
"අවුරුද්දට දින 365ක් තියෙනවා.. ඉතිං ඒ අවුරුද්දේ එක දවසක් විතරක් ආදරේ පෙන්නලා මොකටද.. එතකොට එයාලා ආදරේ එක දවසයි.. අනිත් දවස් 364 ම ආදරේ නෑ.."
"අන්න මගෙ මැට්ටිට තේරුනා "
"ආදරෙයි අයියෙ.."
"මාත් ආදරෙයිනෙ මගෙ මෝඩිට.. දන්නවද සනූ...ජීවිතය ජීවත් කරන උණුසුම වෙන්න හැමෝටම බෑ  ඒත් හැමදාම ළගින් ඉන්න හැමදේටම ළගින් ඉදන් ශක්තියක් වෙනව නම් ඒ තමයි #සැබෑ_ආදරේ…."
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
      හදිසියේම හිතට ආපු අදහසක් අකුරු කලා. ඉතිං හොදයිද කියන්න නම් දන්නෙ නෑ. ඒත් අන්තිමට හැමෝටම හිතන්න දෙයක් කියන්නම්..
ආදරේ කරන අයට හැම වෙලාවෙම අපේ ළගින් ඉන්න බැරි වෙන්න පුලුවන්.. ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ එයලා අපිට ආදරේ නෑ කියලා.. ඒ නිසා කෙනෙක් කියන දෙයක් අහලා ඒ ආදරේ නැති කරගන්න කලින් දෙපාරක් හිතන්න.
    පොඩ්ඩක් හිතන්න.. අවුරුද්දට දවස් 365 ක් තියෙද්දී ආදරේ එක දවසකට විතරක් සීමා කරන්න ඕනිද.. එතකොට අනිත් දවස් 364 දි ආදරේ කියන දේ වචනයක් විතරද..
    📝📝 තරූ 📝📝


Comments System WIDGET PACK