අභිරහස් යුවති (අවසාන කොටස) | Abirahas Yuwathi 02 Kotasa
අභිරහස් යුවති (අවසාන කොටස)
අනුහස්ගේ රතු වූ දෑස් මා වෙතම එල්ල වී තිබුනි...
අනු...හ...ස්..මේ...
කටවහපන්....ඔහු එක්වරම මා අසලට පැමින ගැසූ කම්මුල් පාර කෙතරම් දරුනුද යත් මට දැනුනේ මගේ කම්මුල හූරනවාක් මෙනි....
උබ කවුද කියපන්....උබ මෙහෙ ආවේ ඇයි...කියපන් ගෑනියේ...අනුහස් මගේ කෙස්වැටියෙන් අල්ලා ගෙනය....ඒත් ඒක්කම මගේ මතකේ මීස සතියකට කලින් සිදු වු සිදුවීමකට ගියේය....
මිස් මීරා....
සර්...ඔයාට ශුවර් ද ඔයාට මේ වැඩේ කරන්න පූලුවන් කියලා...
සර් මන් මීට කලින් මිශන් ගානක් සක්සස් කරලා තියෙනවා...අනිත් එක මේ වැඩේට හරියන්නෙ මන්...මට පුලුවන් ඒ ගෙදරට සැකයක් නොහිතන විදියට ඇතූලු වෙන්න...
හරි මීරා..හැබැයි මේ ගැන රහසක් විදියට තියන් ඉන්න ඕන..මොකද ඩිපාර්ට්මන්ට් එක ඇතුලෙත් මෙතන ඉන්න සමහරු සුනිල් ඇමතිට ඔත්තු දෙනවා...එහෙම උනොත් ඔයාගේ ජිවිතේට අනතුරක් වෙන්න පුලුවන්...
ඕකේ සර්...මම ඔහුට අතට අත දී ආචාර කොට පිටව ආවේය...මගේ කල්ප්නා ලොව මිදුනේ අනුහස්ගේ කටහඩින්..
කියපන් හංසි උබ කවුද?කාගෙන් සල්ලි අරගෙනද මෙතෙන්ට ආවේ උබ...මාවත් උබ රැවැට්ටුවා නේද...යකෝ මන් උබට ආදරේ කලා...ගොඩක් ආදරේ කලා.....
හහ් හංසි...මගේ කදුලු අතරින් මම ඔහුට පැවසුවේය...මම හංසි නෙමේ අනුහස්...මගේ නම මීරා...ඉන්ස්පෙක්ටර් මීරා...මගේ වචන හමුවේ ඔහුගේ මූනේ ඉරියව් වෙනස් විය...
මො...මො...නවා...උබ...ඇයි මේ විදියට රැවැට්ටුවේ මාව...ඇයි උබ මෙහේ ආවේ?
මම මෙහේ ආවේ සුනිල් ඇමතිගේ ඔක්කොම හොර වැඩ අල්ලලා ඒ මිනිහව හිරේට දාන්න...ඌ නිසා අද පවුල් කොච්චරක් අමාරුවේ වැටිලා ඇද්ද..මුලු ලෝකෙටම හොද මූන පෙන්නගෙන ඔක්කොම ජරා වැඩ කරනවා....මගේ රාජකාරිය ඒ වගේ මිනිස්සු තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙනියන එක...
ඇති...නවත්තගන්න...ඉන්ස්පෙක්ටර් මීරා...තමුන්ට ඕන දෙයක් කියනකන් මන් බලන් ඉන්න ඕන නෑ...මීරා මට උබව එපා...මට මගේ හංසිව දියන්...මගේ චූටි කෙල්ලව...මට එයා විතරක් හිටියම ඇති...මට එයා එක්ක ජීවත් වෙන්න ඕන මැනික...ප්ලීස්....එන්න යමු මාත් එක්ක...අපි දෙන්නා වෙනමම ජීවත් වෙමු...මේ දේවල් එපා...අපි තාත්තලාගෙන ඈත් වෙමු හංසි....
ඔහුගේ වේදනාව මට නොදැනෙනවා නෙමේ...ඒත් එය මට කල නොහැකියි...ඔහුට ඔහුගේ තාත්තා වටිනවා සේම මට මගේ රාජකාරිය වටි...මම මේසේ මත් වූ සියලුම ලියකියවිලි ටික එකතු කරගෙන එතනින් පිටව ඒමට සැරසුනෙය...
හංසි..උබ මෙතනින් ගියොත් කවදාවත් මේ අනුහස් උබට සමාව දෙන්නේ නෑ...ඒක මතක තියාගනින්...
හදවතට පිහියෙන් ඇන්නාක් මෙන් වේදනාවක් පැමිනීයද මම හිතත් දැඩි කරගෙන කාමරෙන් පිටව ආවේය...
අනුහස්...අ..අ..අනෙ මට සමාවෙන්න...එත් මන් මේ දේ නතර කලොත් වෙන්නේ ඔයාගෙ තාත්තා තව තවත් ජරා වැඩ කරන එක...මට ප්‍රශ්නෙ තියෙන්නේ තාත්තා එක්ක මිසක් ඔයා එක්ක නෙමේ...මන්...මන්...ඔයාට ආදරෙයි අනුහස්...මම බලන් ඉන්නවා ඔයා මාව හොයාගෙන එනකන්...මන් ආදරෙයි අනුහස්...මට සමාවෙන්න...මම එදා ඒ ගෙදරින් පිට වුනේ හදවත ගලක් කරගෙනය....
මීරා කාමරෙන් පිටවෙනවාත් සමග අනුහස් බිම ඉදගෙන අඩන්නට උනේය...ඔහු අසරනය...තම පියාගේ පුතු ලෙසත් මීරාගේ පෙම්වතා ලෙසත් ඔහු අසමත්ය...
අනේ මගේ මැනික...මොකක්ද මේ කලේ ඇයි උබ මේ වගේ මාව රැවැට්ටුවේ...එතකොට තාත්තා...මේ හැමදේම බොරුද....ඇයි හැමෝම මාව රැවැට්ටුවේ...දැනුනු ආවේගයත් එක්ක ඔහු කාමරේ තිබූ සියලු දේම පෙරලා දැමුවේය....
තම නිල නිවාසය වෙත ගිය මා සියලුම ලියකියවිලි සකස් කර CID එක වෙත යැව්වාය...ඉන්පසු පොලිස් ස්ථානයට ඇමතුමක් ගත්තාය...
සර්..මිශන් එක සක්සස්...ඔක්කොම ඩිටෙල්ස් මම සර්ට ඊමේල් කරලා ඇති...
ගුඩ් ජොබ් මීරා...ගුඩ් ජොබ්..මන් මේක අනිවාරෙන්ම ඉහල නිලධාරීන්ට වාර්තා කරලා ඔයාට උසස්වීමක් අරන් දෙනවා...
සර්...මට තව දෙයක් කියන්න තියෙනවා...මන් මේ කේස් එකෙන් පස්සෙ මේ ජොබ් එකෙන් අයින් වෙනවා සර්...
වට්...වට් ආ යු ටෝකින් මීරා..?
ඔව් සර්...මන් මේ තීරනේ ගත්තා සර්...මට දැන් ටිකක් නිදහසේ ඉන්න ඕන..මේ ජොබ් එක මට බර වැඩි සර්...
හ්ම්ම්...ඔයාගේ කැමැත්තක් මීරා...ඒත් ඔයා වගේ නිලධාරියෙකුගේ අයින් වීම අපේ ඩිපාර්ට්මන්ට් එකට ලොකු පාඩුවක් වේවි.....
--------------------------------------------------------------------
මා දුන් ලියකියවිලි අනුව සුනිල් ඇමති ගුවන් තොටුපලේදීම අත්ඩංගුවට ගත්තේය...කොටුවේ මහේත්‍රාත්වරයාට අනුව ඔහුව ඊලග නඩු දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර වෙත යැව්වේය...
මේ අතරවාරයේ මා හට එක් එක් ඇමතුම්වලින් මරන තර්ජන ආවේ මා සිත තුල අනාගතේ ගැන බියක් ජනිත කරමින්....
සුනිල් ඇමතිගේ නඩුව දවසේ උදෑසන මා නැගිටිද්දි ලොකු හිසරදයක් තිබුනි...මම හිසත් අල්ලගෙන නැගිටිද්දි බඩ කලතගෙන ආ ඔක්කාරය නිසා මා ඉක්මනින්ම නානකාමරය වෙත ගියාය..
නානකාමරෙන් එලියට ආපු මම අමාරුවෙන් ඇද මත ඉදගත්තේය...මා හට සැකයක් ඉපදී තිබුනි...මම වහාම සේවකයෙකු ලවා ප්‍රෙග්නන්ට් ටේස්ට් එක කිරීමට අවශ්‍ය උපකරණ ගෙන්වා ගත්තේය...හිතේ අමුතුව සතුටක් ඉතිරෙද්දි මා මගේ ලේ බිදුවක් ගෙන එහි තබා දෑස් වසාගත්තේ මා ගැබිනියක් වේවා යැයි පතමින්...
මා සිතුවා නිවැරදිය...මා කුස තුල අනුහස්ගේ දරුවා ඇවිත්..අනේ අනුහස් අපේ දරුවා....එයා ඇවිත්...මම දුරකතනය ගත්තත් එක්වරම යමක් මතක් විය....
ඒක කරන්න බෑ...එයා එයාගේ තාත්තගේ පැත්ත ගන්නවා කියන්නේ තාත්තගේ කීමට මගේ දරුවා.. නෑ නෑ ඒක වෙන්න දෙන්න බෑ..මම...මම මගේ දරුවව හදාගන්නවා..මම දුරකතනය පැත්තකට දමා කුස මත අත තියමින් හැඩුවේය...
මගේ පැටියො..මට සමාවෙන්න...ඔයාගේ අම්මා ඔයාගෙන් ඔයාගේ තාත්තව වෙන් කරනවා...ඒත් මගේ පුතු කවදහරි ඇත්ත දැනගනිද්දි ඔයාගේ අම්මට සමාව දේවි...ඒ වගේම මගේ පුතු දැනගනි ඔයාගේ අම්මා ඔයාගේ තාත්තට ගොඩක් ආදරේ කරපු බව...මට පුලුවන් මගේ පැටියව පරිස්සමට බලාගන්න...
මම ඉතාමත් පරිස්සමින් ලැස්ති වී උසාවියට ගියේ අද සුනිල් ඇමතිගේ නඩුවේ අවසාන දිනය අද නිසායි...මා පොලිස් ස්ථානයට එද්දිම මට හමුවුයේ අනුහස් හා ඔහුගේ පියායි...අනුහස්ගේ ඇස් දෙකම ඉදිමි රතු වී තිබුනේ ඔහුගේ හිතේ වූ වේදනාව මොනවට පෙන්වමින්...
හහ්...පොලිස් නෝනා...උබ හිතන් ඉන්නේ උබ මට පාඩමක් ඉගැන්නුවා කියලද...ඔහු කීවේ මා දෙසටම ලං වෙලායි...මන් උබ ගැන පස්සේ බලාගන්නම්...මා දෙස වියරුවෙන් මෙන් බලා සිටින ඔහුව පොලිස් නිලධාරින් විසින් රැගෙන ගියේය...
මන් උසාවියට යනවිට අනුහස් ඇතුලු පිරිස ඔවුන්ට වෙන් වු ස්ථානවල අසුන් ගෙන සිටියේය..නඩුව ආරම්භ විය...දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ නීතීවේදීන් තර්ක ඉදිරිපත් කරමින් සිටියේය...මා එයින් ඇස් ඉවත් කර අනුහස් දෙස බැලුවාය.. පුදුමයකි...ඔහුත් මා දෙස බලා සිටි..මගේ හිතේ හිරකරන් සිටි වේදනාව මගේ හිත හාරමින් උඩට පැමිනෙමින් තිබුනි...
අනේ අනුහස්...මන් දන්නවා ඔයා මට ආදරෙයි කියලා...ඒත් මට බෑ ඔයා ලගට එන්න..මම තමයි ඔයාගේ තාත්තට මේ විදියට හිරේ යන්න සැලැස්සුවේ...මන් ඔයා ලගට ආවත් ඔයා මාව ආදරෙන් බලාගත්තත් තාමත් ඔයාගේ තාත්තගේ ඇත්ත තත්වේ දන්නේ නැති ඔයා හිතින් විදවාවි.. මන් ආස නෑ අනුහස්...මට ඕන ඔයාගේ සතුටයි...අදින් පස්සේ මන් ඔයාට දකින්න නැති උනත් මගෙ ආදරේ ඔයාව පරිස්සම් කරයි...අහ් තව දෙයක්....ඔයාගේ පුතුව ආදරෙන් මන් මගේ පනටත් වඩා බලාගන්නවා අනුහස්...ඒක මන් පොරොන්දු වෙනවා...මන් පොරොන්දු වෙනවා...
නඩුවේ තීන්දුව අනුව මා සිතු තරම් දඩුවක් ඔහුට නොලැබිනි...එයට හේතුව ඔහු සල්ලි බලෙන් එහි සිටින කිහිපදෙනෙකු අල්ලාගෙන සිටිමත් ඔහුට විරුද්ධව සෘජුවම ඉදිරිපත් කල හැකි චෝදනා නොතිබීමත්ය....
කෙසේ හෝ මගේ රාජකාරින් අවසන්ය...අවසන් වතාවට අනුහස් දෙස බැලු මා මගේ ප්‍රධානින් වෙත මගේ අස්වීමේ ලිපිය භාර දී මගේ රාජකාරියට සමු දී බසයක නැගී මා කුඩාකල වාසය කල ගම වෙත පිටත් උනේය....
අනුහස්ගේ සිත හොදටම පෑරි තිබුනි...තමන් පන වගේ ආදරෙ කරන දෙදෙනෙකු ඉස්සරහ ඔහු අසරන වි තිබුනි...තම පියාගේ වැරදි හසුවී තිබුනද ඔහු තවමත් පියාට ලෙංගතුය...ඒ ඔහුව කුඩාකල සිටම ආදරෙන් බලාගත් තමාගේ පියා නිසයි...නමුත් මේ සියල්ලන්ටම දෙයක් මග ඇරී තිබුනි...ඒ එදා මීරා සොයාගත් පෙන් එකය...එදා සුනිල් ඇමතිගේ කාමරේ දී මීරාගේ අතින් අතැරුනු පෙන් එක තවමත් ඔහුගේ කාමරේ ඇද අසල වැටි තිබේ...
මාස කිහිපයක් ගත විය...සුනිල් ඇමතිගේ තිබූ සල්ලි බලය නිසා ඔහුට ඇප ලැබුනි...අනුහස් සිටියේද පිස්සෙක් ලෙසය...ඔහු මීරා ගැන සෙව්වත් ඇයව සොයාගැනීමට නොහැකි වු නිසා අවසානයේ සියලු දේ අතෑර රට යෑමට තීරනය කලේය....
රට යෑමට පෙර දින ඔහු තම පියාගේ කාමරයට පැමිනියේ ඔහුගේ ලියකියවිලි වගයක් ගෑනිමටයි...මේ අතර සුනිල් ඇමතිට ඇප ලැබී තිබූ අතර ඔහු පුලුවන් උපරීමේම මීරාව සොයමින් සිටියේය...
කාමරයට පැමිනි අනුහස් ලියකියවිලි රැගෙන යද්දි පියාගේ ලැප්ටොප් එක පරීක්ශා කලේ ඔහුගේ ලියකියවීලි ටික ඊ මේල් එක හරහා ඒජන්සියට යැවීමටයි...ඒත් එක්කම දුටුව දෙයින් ඔහු පුදුම විය...
එහි සදහන් වූයේ මීරාගේ ඊමෙල් ගිනුමයි...ඔහුගේ සිත එක්වරම කීවේ එය පරීක්ශා කල යුතු බවයි..පොලිස් නිලධාරින් වෙත යැවු හා ඔවුන් එවූ ලියකියවිලි ගොඩක් තිබු ඔහුට එකවරම එක ලිපිගොනුවක් ඇස ගැටුනේය..එහි තිබුනේ මීරාගේ අස්වීමෙ ලිපියයි...එහි තවත් ලියකියවිලි වලට අමුනා තිබු එක් ලියවිල්ලක් පරීක්ශා කල ඔහුට උන් හිටි තැන් අමතක විය...එහි තිබුනේ ඇයගේ ප්‍රෙග්නන්ට් රිපෝර්ට් එකයි....
හංසි මගේ මැනික...මොනාද ඔයා මේ කරේ...මගේ දරුවා..ඔයාට කොහොමද එහෙම කරන්න පුලුවන් උනේ...ඔහු තම මිතුරෙකුට අමතා මීරාගේ ඊමේල් එක යවා ඇය සිටින තැන පරීක්ශා කලේය...ඇය සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේයි...වහාම තමන්ගේ ගුවන් ගමන අහෝසි කල ඔහු කාමරෙන් පිටවෙද්දි ඔහුගේ කකුලේ වැදි පෙන් එක විසි වී ගියේය...
මේ මොකක්ද..?අනුහස් පෙන් එක අතට ගත්තේය.....
-------------------------------------------------------------------
හංසි.....
එනවා මාමේ...පස්මසක් වු කුසත් සමග මම අමාරුවෙන් සෝමේ මාමා ලගට ගියෙමි...මම එදා කොලඹින් පැමින කුඩා හෝටලයක වැඩ කර එම ලැබෙන ආදායමෙන් ජිවිත් වුනෙමි...මම මගේ මීරා යන නම අමතක කර හංසි නම පාවිච්චි කලේ අනුහස් එදා සිටම මට ආමන්ත්‍රණය කලේ හංසි නිසායි...ඒ වගේම ඔහු ආදරේ කලේ අහිංසක හංසිට මිස දැඩි සිතක් තිබු මීරා පොලිස් නිලධාරිනියට නොවන නිසා...
දුව දැන් ඇති දුව...ඔයාට ඉන්නත් අමාරුයිනේ...අද දුව වෙලාසනින් ගෙදර යන්න...නැන්දා අද පොලොස් හදනවා කිව්වා දූට කන්න...දරුවටත් හොදයිනේ...ඒ නිසා දුව යන්න...අද වැඩිය සෙනගත් නෑනේ...ඔහු මගේ හිස අතගාමින් පැවසුවේය...ඔවුන්ගේ මේ කාරුනිකත්වය,ආදරය මගේ අනුහස්ගේ ආදරේ මට ලං කලේය...මා ඔහු නොමැතිව පාලු වු හැමවෙලාවකම මගේ සෝමේ මාමා ලගට ගොස් වැඩ කලේය...එවිට ඔහු පවසන වදන්වලින් මගේ හදවතේ රිදුම් සුවපත් වෙ...
අනේ මාමේ...ඒනම් ඔයත් යන්කෝ...අද අපි තුන්දෙනාම එකට කමු...මට අද ඔය දෙන්නම කවන්න ඕන...අදට මේක වහලා එන්නකෝ මාමේ...අනේ මන් වෙනුවෙන්...මම කදුලු පුරෝගනිමින් ඔහුදෙස බැලුවේ ඔහුව කැමති කරවා ගැනීමටයි.......
අනේ මේ කෙල්ලනම්...හරි දු ඔයා දැන් යන්න...මම මේ ඩිංග අස්පස් කරලා දාලා කඩේ වහලා එන්නම්කෝ මගේ දූට කවන්න...
මගේ හොද මාමා...මම ඔහුව බදාගෙන රැගෙන ආ කුඩා බඩුමල්ලද අතේ එල්ලාගෙන පාරට ආවේය...කඩේ සිට ගෙදරට ඇත්තේ පොඩි දුරකි...ඒ නිසාම මා පයින්ම ගෙදර යෑමට පාරට සිතුවාය...හැමෝම පවසන විදියට මට කොල්ලෙක් ලැබේවිලු...ඔවුන් එසේ කියන්නේ මා දිනෙන් දින ලස්සන වන නිසායි...මටත් එය දැනුනි...විටින් විට කුස මත දග කරන පුංචි පුතුගේ ස්පර්ශය මා වෙනම ලොකෙකට ගෙන ගියේය...දිනෙන් දින ඉදිරියට නෙරා එන කුසත් පිරිපුන් ලෙස වැඩෙමින් තිබු ලැම දෙසත් මා බලා සිටියේ පහන් හැගීමකිනි...මවක් වීම කෙතරම් ආශ්චර්යජනකද.....
මම කුස මත අත තාබගෙනම කල්පනා කරමින් පාරේ ගමන් කලාය.. එක්වරම මා පසුකර ගිය වෑන් රථයක් මගෙ මග හරස් කලේය...මගේ සිතට බියක් දැනුනේය...මා ඉක්මනින් එතනින් යන්න හැදුවත් එයින් බැසගත් පුද්ගලයින් දෙදෙනෙක් මාව අල්ලාගෙන වාහනේ වෙත ගෙන ගියේය...
අනේ යන්න දෙනවා...තමුසෙලා කවුද..අතාරිනවා...බේරගන්න බේරගන්න..මා පුලුවන් වෙර යොදා කෑගසන්න විය...ඒත් එක්කම මගේ මුවට ලේන්සුවක් ඇල්ලු හෙයින් මගෙ දෑස් බොදවී ගියේය...
දෑස් අරිනවිට මා සිටියේ යහනක් මතය...මා අසලම සිගරට් එකක් දල්වමින් මා දෙස බලාසිටියේ සුනිල් ඇමතිය...
අහ් මැඩම්..හිතුවේ නෑ නේද ආයේ අපි හම්බෙයි කියලා....
මට යන්න දෙනවා...අනේ ප්ලීස්...මම අඩන්නට විය...එක්වරම මා ගාවට පැමිනි ඔහු මගේ නිකටින් අල්ලග්ත්තේ මට රිදෙන්නටය...
කෝමද ගෑනියේ උබව අතාරින්නෙ මන්...මන් ගානට කරන් ආපු මගේ වැඩ ඔක්කොම අවුල් කරලා මාව හිරේ යවපු උබව අතාරින්නද කියන්නේ මට...
අනේ මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ අනේ ඒ නිසා මාව අතාරින්න...අනේ මන් වදින්නම්...මම ප්‍රථම වතාවට මැරයෙකු ඉස්සරහ පිංසෙන්ඩු වුයේ මගේ දරුවා නිසයි...
නවත්තපන් ඔය අඩෝවැඩියාව බැ#$%…එසේ කියු ඔහු මාව තල්ලු කලේය...සමබරතාව ගිලිහුනු මා වැටෙන්නට ගියත් මා ගොස් නැවතුනෙ උනුසුම් පපුතුරකය...ඒ උනුසුම මට හොදටම පුරුදුයි...ඒ මගේ අනුහස්ය....මම ඔලුව උස්සා බලද්දි ඔහු සිටියේ ගිනිගෙන දැවෙන බැල්මකින් ඇමති දෙස බලාගෙනය...
පුතා...?ඔහු එක්වරම බිය විය...පුතා මේ ගෑනි තමා මාව හිරේට යැව්වේ...උබේ තාත්තව බොරු කියලා හිරේට යැව්වේ මේ ගෑනි තමා...මරලා දාපන් ඒකිව....
මම එක්වරම අනුහස්ව බදාගත්තෙමි...අනේ අනුහස්...මට සමාවෙන්න මන් ඔයාගේ දරුවව ඔයාගෙන් ඈත් කරලා ලොකු වරදක් කලේ...ඒත් එයා කියන දේ අහන්න එපා අනුහස්...මම දන්නව ඔයා ඔයාගේ තාත්තට ආදරේ කරනවා කියලා ...ඒත් එයා තමයි ඔයාගේ අම්ම...
ඔහු එක්වරම මගේ මූන ඔසවා මගේ තොල් සිපගත්තේ මට කිසිවක් කියන්න නොදියි..මිනිත්තු කීපයක්ම මාව සිපගත් ඔහු මගේ දෙතොල් මත ඇගිල්ල තබා නිශ්ශබ්ද වෙන ලෙස පැවසුවේය...
පුතා මොනාද ඔයා මේ..
කටවහපන් බ$#%...යකෝ උබ මගේ තාත්තා වෙන්නේ කෝමද ආආ...උබ මගේ තාත්තව මරලා දැම්මා නේද යකො ආආ...උබ මගේ අම්මවත් දූශනය කරලා මරලා දැම්මා නේද...? ඔහු එකවරම ගොස් සුනිල් ඇමතිගේ බෙල්ලෙන් අල්ලගත්තේය...
උබලා මොනාද බලන් ඉන්නේ මූව අල්ලගනින්...එක්වරම කාමරේට ආවේ සුනිල් ඇමතිගේ සහචරයන් දෙදෙනෙකි..ඔවුන් දෙදෙනා පැමින අනුහස්ව අල්ලගත්තේ කිසිවක් කරගැනීමට නොහැකි වන සේයි...
ඔව් යකෝ මන් තමා උබේ අම්මවයි තාත්තවයි මැරුවේ ..දැන් උබ බලාගනින් උබේ ගෑනිවත් මන් එ විදියට මරන හැටි...ඔහු එක්වරම මා දෙස බැලුවේය...
දුවන්න හංසි...යන්න මෙතනින්...අනුහස්ගේ හඩත් එක්ක මා දුවන්න හැදුවත් ඔහු මගේ අතින් අල්ලගෙන මාව බිත්තියට තද කලේය...උබ කොහොම ගැලවෙන්නද මගෙන්...?ඔහු එකවරම පහත් උනේ මගේ ලැම මතටයි....
එපා අතෑරපන්...මගේ හංසිව අතෑරපන්...අනුහස් කෑගසන්නට විය...ඒත් එක්කම වෙඩි හඩක් එක්ක කාමරේට ආවේ පොලිසියයි...ඔවුන් සමග සෝමේ මාමාද පැමිනියේය...සෝමේ මාමා පොලිසියට කතා කර තිබුනේ මගේ බෑග් එක පාරේ වැටි තිබු නිසයි...මාව අතෑරපු සුනිල් ඇමති පැනලා යෑමට උත්සහ කල හෙයින් ඔහුගේ දනහිස හරහා ගිය වෙඩිල්ලක් නිසා එතනම බිම වැටුනේය...
මා සිටියේ විශාල බියකිනි...කාමරේ සිදුවු සියලු දේ නිසා මට කතාකරගත නොහැකිව වට පිට සියල්ල බොදවි ගොස් සිහිසුන් විය.....
--------------------------------------------------------------------
මාස දෙකකට පසු
මා සිටියේ ටිවි එක අසලය..දැන් මගේ කුසට මාස හතකි...එදා සිදුවීමෙන් පසු අනුහස් මේ පෙදෙසින්ම නිවසක් මිලට ගත්තේය...අනුහස් මාව ගොඩක් ආදරෙන් පරිස්සම් කලේය..
හංසි මැනික...ඔහු කවදත් කතා කලේ එසේයි...ඔහු ආදරේ කලේ හංසිටයි...ඒ නිසා මමද මගේ කලින් නම අමතක කලේය....කවදහරි මගේ දරුවන්ට මෙය ප්‍රශ්නයක් විය හැකිය...එතකොට ඔවුන්ට කියා දෙන්න අපි දෙදෙනා සතුව දිගු කතාවක් තිබේ.....
එක්වරම ටි.වි එකේ ගිය බ්‍රේකින් නිවුස් එකක් නිසා මගේ කල්පනා ලොව බිදුනි...
''මෙන්න දැන් ලැබුනු පුවතක්...රක්ශිත බන්ධානාගාරගතව සිටි හිටපු අමාත්‍ය සුනිල් මහතා මීට සුලුවේලවකට පෙර සිරමැදිරියේදි ගෙලවැලලාගෙන මියගොස් ඇති බව බන්ධනාගාර නිලධාරින් විසින් තහවුරු කලේය..''
මැනික මොකක්ද නිවුස් එක...අනුහස් මට තේ එකක් හදාගෙන සාලය වෙත එද්දි මා ටිවි එක ඕෆ් කලේය....අනුහස් මා අසලින් වාඩි වූ විට මා ඔහුගේ ඉනවටා අතදමා පපුවට තුරුල් වුනෙමි...
මුකුත් නෑ අනුහස්...මුකුත්ම නෑ..මම ඔහුට කිසිවක් නොපවසා ඔහුගේ පපුවට තුරුල් වූයේ මින් පසු මගේ ජිවිතේට පෙරවැනි අදුරු මතකයන් නැවත නොපැමිනෙන බව හොදින්ම දන්නා නිසායි....
----------------------------------නිමි-----------------------
ඔන්න කතාව ඉවර කලා ලමයි...කතාවගැන මොකද කියන්නේ?කමෙන්ට් කරන්ම යන්නකෝ ඒනම්...
එහෙනම් තවත් කතාවකින් හම්බෙමු...😍😍එතකන් වස්තුලා ටික පරිස්සමින් ඉන්නලා...😍😍😍
