අභිරහස් යුවති.. පළමු කොටස | Abirahas Uwathi 01 Kotasa


අභිරහස් යුවති..

ගැහෙන හදවතින් මූනත් බිම හරවාගෙන මම ඒ මාලිගාවක් වැනි නිවසට ගියේ ඇත්තෙන්ම බියෙන්...
සර්..මේ අය තමයි අලුතින් වැඩට ආවේ..
ඔහුගේ හඩින් මම ඔලුව උස්සා බලද්දි මම පලමුවරට ඔහුව දුටුවාය..ඝන ඇහි බැම..නපුරු ඇස්...කිසිවෙකුත් ගනන් නොගන්නා බැල්ම...මගේ හදවත ටිකකට නතර කලා වගේ....ඒ බස්නාහිර පලාත් ඇමතිගේ එකම පුතු අනුහස්...මම මේ මෙහෙකාර සේවයට පැමිනියේ සුනිල් ඇමතිගේ නිවසටයි...
හොදයි...මැනේජර්..ඔයා මෙයාලට මෙහේ නීති ගැන කියන්න...ඔහු අහක බලාගෙනම කියවගෙන ගියේය...ඔයාලා හොදට මතක තියාගන්න  ඔයාලට මෙහේ තියෙන ප්‍රධානම නීතිය තමා කිසිමදවසක සල්ලිවලට මෙහේ තොරතුරු පිටට යවන්න තහනම්..මොකද මගේ තාත්තගේ ජිවිතේට ආරාක්ශාව මට ගොඩක් වැදගත්...
ඒ කතාවටනම් මට හිනත් ගියා..සුනිල් ඇමති යනු අප රටේ සිටින තුප්පහිම දේශපාලන ඇමති කෙනෙකි...සමාජෙට හොද මූන පෙන්නගෙන සිටි ඔහුගේ මෙම යටි කූට්ටු ගැන දැනගෙන සිටියේ කිහිප දෙනෙකි..නැවතත් ඔහු කතා කරන්නට ගත්තේ මගේ සිතිවිලි බලට බාධා කරමින්....
ඔයාලට කිසිම විදියකට තාත්තගේ කාමරේට යෑම තහනම්...ඒක තමා ප්‍රධානම කොන්දේසිය...ඒක කඩකරන ඕනම කෙනෙක් රස්සාවෙන් අස් කරන්න දෙපාරක් හිතන්නේ නැ....තාමත් කා දෙසවත් නොබැලු  ආඩම්බරකාර අනුහස් එතනින් යන්න ගියේය...
ඇත්තෙන්ම අනුහස් යනු තම තාත්තාට පන සේ ආදරය කරන කෙනෙකි..සුනිල් ඇමතිට අනුව අනුහස්ගේ මව ඔහුව කුඩාකලම දමා වෙනත් පිරිමියෙකු සමග ගොස් ඇත...ඔහු පවසන පරිදි සුනිල් අනුහස්ව ගොඩක් කරදර මැද්දේ උස්මහත් කර ඇත...ඒ නිසාම කුඩාකල සිටම තම පියාට අනුහස් මහත් සේ ආලය කලේය....
--------------------------------------------------------------------
ඇමති නිවසේ සේවකයන්ට නවාතැන් ගැනීමට එක් එක්කෙනාට කාමර විය..මම ඒ නිවසට මෙහෙකාරිය ලෙස ආවේ ගෙදර අතුපතු ගෑමටත්,උවුම් පිහිම් වලට උදව් දීමත් සදහායි...මම මට වෙන්කර තිබු කාමරයට ඇදුම් බෑගයත් රැගෙන පැමිනියේය..සේවකයන් සදහා වෙන්කර තිබූ මෙවැනි සුවපහසු කාමර නිසා ඔහුගේ වත්පොහොසත්කම් කොතෙකුත්ද යන්න මට සිතාගත හැකි විය....
කරන්න තියෙන ඔක්කොම ජරා වැඩ කරලා මිනිස්සුන්ගේ සල්ලි හූරන් කාලා රජා වගේ ඉන්න කැත..මේ වගේ මිනිස්සු මේ ලොකේ ඉන්න හොද නෑ...මම සිතුවේ දැඩි කෝපයෙන්..ඒ සමගම මගේ මතකයට යමක් නැගුනි..මම ඉක්මනින්ම මගේ ඇදුම් බෑගය ඇද එහි වූ යමක් ගෙන ඇද අසල වූ ලොකරයට දමා ලොක් කලේය...
හ්ම්ම්..අපි බලමුකෝ...මොනා කරන්නත් දැන් හොදට නිදාගන්න ඕන...මම  දිග ඈනුමක් යවා ඇද මත වැතිරුනේය...
--------------------------------------------------------------------
අනුහස් සිටියේ මිටින් රූම් එකේ...එතෙන්ට මැනේජර් පැමිණ ලියකියවිලි වගයක් අත්සන් කර පිටවෙනවත් එක්කම අනුහස් ඔහුව ඇමතුවේය...
සර්..
මැනේජර්..අර අද වැඩට ගත්ත මිනිස්සු එක්ක පොඩි ගෑනු ලමයෙක් හිටියා...කවුද ඒ?ඇයි මේ වගේ ජොබ් එකකට ඇවිත් තියෙන්නේ...
අහ් එයාගේ නම හංසි සර්..අපි දවසක් මිටින් එකකට ගිහින් එද්දි එයා මේ ගේ ගාව වැටිලා හිටියේ..ඩොක්ටර්ස්ලා කිව්වේ බඩගින්න නිසා තමා එහෙම වෙලා තියෙන්නෙ කියලා...ඒ කෙල්ලට සිහිය ආවම ජොබ් එකක් දෙන්න කියලා ඉල්ලලා..ඉතින් එහෙම තමයි ඒ කෙල්ල ආවේ සර්..එයා ගොඩක් දුප්පත් අහිංසක කෙනෙක්...
අනුහස්ගේ සිතට හංසිව දැක්ක මොහොතේ සිට අමුත්තක් දැනුනි...ඇගේ ලස්සන දෑස්..දෙතොල්..ප්‍රථම වතාවට අනුහස්ගේ හදවතේ කෙනෙක් වෙනුවෙන් ඉඩක් පෑදුනා...
--------------------------------------------------------------------
උදෑසනම තියපු එලාර්ම් එකට ඇහැරුනු මන් නානකාමරයට ගොස් හොදින් නාගත්තේය...පිරිසිදු ඇදුමකින් සැරසුනු මන් කොන්ඩෙත් කඩාදමා කාමරෙන් එලියට ආවේ බැල්කනිය වෙතය....අම්මලට පිංසිද්ධ වෙන්න මන් ඉනතෙක් දිග් වූ වරලසකට හිමිකම් කිව්වේය...
මුලු ගෙදරම අදුරේ ගිලි තිබුනේ අනිත් අය නිදිබව අගවමින්...බැල්කනිය වෙත යන විදුරු ජනෙල් පියන ලොක් කර නොතිබූ නිසා මන් ජනෙල් පියන් විවෘත කර බැල්කනියේ වැට මත දෙවැලමිට තබා කල්පනා කරන්නට විය....
රාත්‍රියේ හරියාකාර නින්දක් නොතිබු අනුහස් උදේම නැගිට උනු කිරි කෝපි එකක් රැගෙන බැල්කනිය මත අයිනකට වි සිට කල්පනා කරමින් සිටියේය.ඒත් එකවරම ඔහුට බාධා කරමින් එතෙන්ට ආවේ හංසි..දිගම දිග කොන්ඩෙත් කඩා දමා සිටි හංසිගේ පෙනුමෙන් ඔහු වශි වි ගියේය..සදලුතලයද අදුරේ ගිලි තිබු නිසා හංසි අනුහස්ව නුදුටුවෙය...
හ්ම්..හරිම සනීපයි..ඒත් කොහෙද කවදාවත් එහෙම ඉන්න හම්බෙලා නෑනේ මට...
තමුන් මේ ගෙදර කුමාරිහාමිද ආආ?
එක්වරම ඇසුනු හඩින් මා ගැස්සිලා ගියේය...දෙවියනේ..මා අසලම බිත්තියට පිට දී හිටියේ අනුහස්ය...නෑ නෑ...අනුහස් පුංචි මහත්තයාය..මම ඉක්මනින්ම මුහුන  පහත් කරගනිමින් සමාව අයදින්නට විය..
සමාවෙන්න පුංචි මහත්තයා...අනේ සමාවෙන්න...අනිත් අය ඇහැරිලා නැති නිසයි..මන් මේ..මේ...
අනුහස්ගේ මූනේ සිනාවක් ඇදුනේ ගැහෙමින් තිබු ඇගේ දෙතොල් නිසාය..අනුහස්ටනම් සිතුනේ ඇයව ලගට අරගෙන ඒ දෙතොල් ඇති වෙනකන් සිපගන්නයි....
මන් යන්නම් සර්..එහෙම කියලා මන් යන්න හදද්දිම සර් මාව ඇදලා ගත්තේය..මම ගිහින් නැවතුනේ ඒ මූනට සෙන්ටිමීටරයකටත් වඩා අඩු දුරකයි...හදවත හෝ ගා ගැහේ..මා කෙතරම් පිරිමි දැක තිබුනද මොහුගෙ ඉස්සරහ මගේ සිත නොසන්සුන්ය...ඇත්තම කිව්වොත් ඔහුගේ නපුරු පෙනුමට මා ආදරය කලාය...
තමුසේ ඇයි මෙහේ වැඩට ආවේ...?තමුසේ තාම තරුනයිනේ..ඕන තරම් ජොබ් තියෙනවනේ...ඇහි බැමකුත් උස්සගෙන මා දෙස සුපරීක්ෂාකාරී බලන ඔහුගේ බැල්ම මගේ හිත සසල කලේය...මගේ ඇත්ත...එය ඔහු දැනගත යුතු වේ...නමුත් දැන්ම එයට සුදුසු කාලය පැමින නැත...මා කල්පනා ලොවින් මිදුනේ ඉනවටා ගොස් තිබු ඔහුගේ දෑත්වලින් නැවතත් මා ඒ සිරුරට තද කරගද්දියි...
අහ්..නැ...සර්..මගේ අධ්‍යාපන සුදුසුකම් මදි නිසා..අ..අ..අනිත් එක සර්ලා මෙහේ ඉන්න දෙනවනේ නැවතිලා එතකොට මට බෝඩිම් ඔනිත් නෑනේ...ඒ..ඒ..ඒකයි...ගැහෙමින් උනත් ඔහුව මුලා කිරීමට හැකිවෙන සේ බොරුවක් කීමට මා සමත් විය..
හරි හොදයි...එක්වරම ඔහු මා අතඇරියේය..එහෙනම් දැන් ගිහින් වැඩ කරනවා...මෙතෙන්ට ආයේ එන්න එපා..මේක වැඩකාරයන්ට අයිති තැනක් නෙමේ...මා දෙස වරක් බලා මන් ලගට ඇවිත්  එකවරම මගේ කොන්ඩෙන් ඇල්ලුවේ මගේ ඔලුව පිටිපස්සට වෙන්නය...මගේ පිටුපසින් පැමින මගේ කන වෙත ලං වු ඔහු..,
කොන්ඩේ කපනවා නෙමේ...ලස්සනට ඒක තියන් ඉන්නවා..අනිත් එක කඩන් ඉන්න එපා...එසේ පවසා ඔහු යන්න ගියේය..
හප්පා...ඒක මාර වැඩක්නේ...මේ මගේ කොන්ඩෙනේ..මම නොක්කාඩු ස්වරයෙන්  මටම කියාගත්තේය...
මා මෙහි පැමින දැනට දින තුනකට ආසන්න විය...එදා සිදුවීමෙන් පසු අනුහස්ද වැඩිය ගෙදර නොසිටීම මගේ පාලුව දෙගුන කලේය...හිතටත් හොරා මගේ ආදරය ඔහු රැගෙනය..නමුත් එය කිසිදාක නොවෙන දෙයකි..මා කවුද ඔහු කවුද..අපි දෙදෙනාගේ තත්වයන් හාත්පසින්ම වෙනස් වේ.. අනිත් එක මා  මෙහි පැමිනි කාරනාව ඔහු දැනගතහොත් කිසිදිනකත් මට සමාවක් නොදේවි..මෙහි නිවසේ වැඩ රාජකාරී එතරම් අමාරු නෝවුයේ ගෙදර වැඩිපුර කවුරුවත් නොසිටිම නිසයි..සමහර දවස්වල නිවසේ පිසෙන්නේ එක් වේලක් පමනි...මේ අතර මාත් ඉතාම සෝදිසියෙන් සිටියේය...ඒ මගේ පැමිනි වැඩේ කරගැනීමටයි... 
එදින උදයේ මා සේවකයන්ට තහනම් කල පැත්තට ගියේ මා සොයනා කාමරය කොහේදැයි බැලීමටයි...මේ නිවසේ මේ පෙදෙස ඉතාමත් ලස්සන හා අලංකාර එකක් විය..මම ඉතාමත් පරීක්ශාවෙන් ගියේ කවුරුන් හෝ සිටීද බලමින්ය..එකවරම මගේ දෑස් නැවතුනේ කැටයම් කපා තිබු ලස්සන දොරක් වෙතය. ...එතකොට මේකද මා සොයන කාමරය...මා සෙමින් දොර මත අත තවා ඇතුලට යනවත් එක්කම මට ඇසුනේ කවුරුන් හෝ කාමරය වෙත එන ශබ්දයයි...
දෙවියනේ දැන් මොකද කරන්නේ...හැංගෙන්නවත් තැනක් නොමැත...මා බියෙන්ම බිත්තිය අසලට ගියේය..කෙතරම් ශක්තිමත් හිතක් තිබුනද මා මෙවෙලේ බිය විය...ඒත් එක්කම මගේ අතකින් කවුරුන් හෝ ඇදගෙන මාව නානකාමරයට තුලට ගත්තේය...
එහි සිටියේ අනුහස්ය...තුවායක් පමනක් ඇද සිටි ඔහුගේ දේහදාරී සිරුර මා ප්‍රථම වතාවට දුටුවෙමි..සිතේ ලැජ්ජාවක් වැනි අමුතු හැගීමක් ඇතිවෙද්දි මම බිම බලාගත්තේය...
ඔයා මොනාද මෙහේ කරන්නේ ආආ..?මගේ තාත්තගේ කාමරේ?මෙහේ එන්න තහනම්නේ...?
දෙවියනේ වැරදීමකින් හෝ ඇවිත් තිබෙන්නේ හරිම තැනටයි...අහ් නෑ..පොඩි මහත්තයා...මට මේ...මෙ...වැරදිලා...ස...ස..මාවෙන්න සර්...
එක්වරම මාව ඒ දෑත්වලින් සිරකොට මගේ දෙතොල් ඒ දෙතොල් ග්‍රහනයට ගත්තේ මගෙ දෑස් විසල් වෙද්දියි..මම දෑසත් ලොකු කරගෙන ඔහු දෙස බැලුවත් ඔහු පුරුදුකාරයෙකු මෙන් දෑස් වසාගනිමින් මා සිපගත්තේය..ඉනවටා යැවුනු දෑත් මගේ පිටපුරා දුවමින් ඒ සිරුරට මා තද කරගත් නිසා දැනුනු පහස  සමග මාත් ඔහු අකාරයට දෑස් පියාගත්තේය...මිනිත්තුවක් දෙකක් නෑ ඊටත් වඩා ඔහු මාව සිපගත්තේය.. අවසානයේ මගේ දෙතොල් වලින් ඈත් වූ ඔහු මා දෙස තරවටු න් බැල්මකින් බැලුවේය....
ආයේ මේ වගේ වැඩ කරන්න එපා..මන් උබව මගේ ලගට ගන්නකන්...හරිද?
එකවරම මගේ දෑස් විසල් විය..මොකක්..ඔහු මොනාද මේ කියවන්නේ..?
ඔව් හංසි මන් උබට ආදරෙයි...දැක්ක දවසෙයි උබ ගැන අදහසක් ආවේ...ඒත් ඒක ආදරයක් කියලා දැනගත්තේ අද..ඔහු නැවතත් මාව ඔහු වෙතට ඇද ගත්තේ සිපගැනීමටයි...ඒත් මන් ඔහුගෙන් ඈත් විය...
එපා සර්..මේක වැරදියි..මම මේ ගෙදර වැඩ කරන කෙනෙක්...සර් මෙහෙ ලොකු මහත්තයාගේ පුතා...ඒ නිසා මේක කීයටවත් වෙන්නේ නෑ...
හංසි මැනික...ඔහු මගේ අතින් අදලා අරගෙන මගේ නලල මත හාදුවක් තැබුවේය..මගේ තාත්තා මට ගොඩක් ආදරෙයි...එයා මන් කියන දේ අහන්නේ නැතුව ඉන්නේ නෑ...ප්ලිස් මැනික මන් ගාවට එන්න...මන් පරිස්සමට ආදරෙන් බලාගන්නම් ඔයාව...මගේ කම්මුලක් ආදරෙන් පිරිමදිමින් ඒ සිටි ඔහුගෙ දෑස්වල තිබු ආදරය මා හොදින්ම දුටුවේය..නමුත් මෙය කල නොහැකියි...කිසිදිනක කල නොහැකියි...
මම සර්ගෙන් ඈත් වුනේය..සර්..මේ අදහස අමතක කරන්න...සර් ආයේ මේ විදියට කියන්න ගත්තොත් මන් මෙහෙන් යනවා...එසේ පවසා මන් එම කාමරෙන් පැමින මගේ කාමරයට ගොස් ඇද මත මූන හොවාගෙන අඩන්න විය...
අනේ අනුහස්..මට සමාවෙන්න...ඒත් මේක වෙන දෙයක් නෙමේ..අපි දෙන්නට එකතු වෙන්න බෑ...අනේ...මම අඩන්න ගත්තේ ඔහුගේ ආදරේ ගැන සිහිවෙද්දියි..එතරම් ආදරයක් ලැබුනත් මට ඒ ආදරෙ ලග රැදෙන්න බැරි විදිහ...හිතේ දුක යනතෙක් අඩා අන්තිමට  මා තීරනයකට ආවේ මා කරන්නට ආ වැඩේ ඉක්මනින් කරගෙන මෙහෙන් පිටත් විය යුතු යුතු බවයි...
එදින රාත්‍රියේ මහ හයියෙන් අකුනු ගසා වහින්නට විය...එතරම් සැර වර්ශාවක්...මගේ හිතට කුමක් හෝ සිදුවන්න යනබව ඉවෙන් වගේ තේරුනි...ඒත් එක්කම ගසපු අකුනක් නිසා මුලු ගෙදරම කරන්ට් එක ගියේය...අපි සිටියේ කුස්සියේය..
චුට්ටේ...ඉක්මනින් ගිහින් ජෙනරේටරේ දාපන්...
අයියෝ එකත් වැඩ නෑ බන්...ඒක කැඩිලා..ඔය කුස්සියේ ඉන්න දෙන්නා දැන් කාමර වලට යන්න...උයන්නත් බෑනේ..මන් මේක හදාගන්නකන් කාමරවලට යන්න...ඔහුගේ විධානයෙන් අපි තම තමන්ගේ කාමරවලට ගියේය..කාමරයට ආව මට දැනුනෙ පුදුම සීතලකි...ධාරානිපාත වර්ශාව තාමත් නොකඩවා ඇද හැලේ...නානකාමරයට ගිය මම උනුවතුරින් ස්නානය කරන්න විය...
මේ අතර අනුහස් සිටියේ තම නිවසෙම තිබු තාත්තාගේ කාර්යාලයේය..සුනිල් ඇමති මේ දවස්වල සිටියේ පිටරටය..අනුහස් දැනගෙන හිටියේ ඔහු බිස්නස් වැඩකට ගොස් ඇති බවයි..නමුත් ඔහු රටින් පැනගොස් තිබුනේ කුඩුවලට සම්බන්ද සිදුවීමකටයි...නමුත් සුනිල් ඇමති තම පුතුහට මේ කිසිවක් ආරංචි නොවීමට වගබලාගත්තේ එසේ වුවානම් අනුහස් අනිවාරෙන්ම තමාට විරුද්ධ වනබව දන්න නිසායි...
අනුහස් කාර්යාලයේ තිබු ලිපිලේඛන පරීක්ශා කිරීමෙදි එකවරම ලිපිගොනු කිහිපයක් බිමට වැටුනි...ඒත් එක්කම කාමරේ ලයිට් සියල්ල නිවී ගියේය..ඕ ශිට් කරන්ට් එකත් මේ වෙලාවෙම ගියානේ...ෆෝන් එකේ ටෝර්ච් එක ගසාගත් ඔහු බිමවැටුනු ලේඛන  ඇහිදගෙන අරන් තියද්දි එහි තිබු හංසිගේ බයෝ ඩේටා එක හම්වුනේය...ඔහු එදෙස බලා කල්පනා කලේය...ලිපි ලේඛන අනුව ඇය එතරම් ඉගෙන ගෙන නොතිබුනද ඔහුට එය පරීක්ශා කිරීමට අවශ්‍ය විය...ඔහු ඇගෙ විභාග අංකය ගෙන අන්තර්ජාලයේ පරීක්ශා කලේය...දෙවියනේ ඔහුගේ මුව බාගෙට ඇරුනි...ඇයි මට බොරු කිව්වේ?ඇයි එතකොට මෙහෙට බොරු ලියකියවිලි?අනුහස් ඉක්මනින්ම ගියේ හංසිව සොයා ගෙනයි....
හොදින් නාගත් මන් තුවාය ඇදගෙන එලියට එනවත් එක්කම කාමරේට කඩාගෙන ආව අනුහස් නිසා අයෙත් නානකාමරයට ගොස් දොර වසාගත්තේය...තවමත් අදුරේ තිබු නිවස දැඩි නිහඩතාවක් ඉසිලූහ...අනෙ දෙවියනේ දැන් මොකද කරන්නේ?ඇයි අනුහස් ආවේ?මොනාද වෙන්නේ?
මම හීමීට දොර පොඩ්ඩක් ඇර ඔහු දෙස බැලුවේය...ඔහු ඇද මත වාඩි වී බිමබලාගෙන සිටියේය..ඔහුගේ අතේ වූ සුදුපැහැති කඩදාසි කිහිපයක් මගේ ඇස ගැටුනි...ඒ මොනාද ඒ?ඇයි ඒවත් අරන් මෙහේ ආවේ..?මගේ කල්පනා ලෝකය බිදිගියේ අනුහස් මගේ ලොකර් එක අරින්න උතසහ කරද්දියි...එය කල නොහැක...එහි මගේ සියලු රහස් සැගවි ඇත...මට ක්‍රියාත්මක වෙන්න උනී...
එපාපාපාපාපාපා...තුවාය පිටින්ම මන් ගිහින් අනුහස්ව තල්ලු කලේය...ඔහු ගොස් ඇද මත වැටුනේය...කෙටි තුවායක් පමනක් ඇද සිටි මා දුටු ඔහුගේ දෑස් ගැස්සෙන ආකාරය අදුරේ වුවත් මට දැකගත හැකිවිය...මම එක්වරම එතනින් පිටත් වන්න ගියත් අනුහස්ගේ අතක් මාව අල්ලාගත් නිසා මම ඔහුගේ ඇග මත වැටුනි....
මොකද ඔච්චර හයියෙන් කෑගැහුවේ ආආ...?ඔහු දගකාරකමෙන් අසන්නට විය...ඇති වූ බයට තාමත් මා ගැහේ..
මොකෝ මැනික මේ..සීතලද මෙච්චර ගැහෙන්නේ...? 
මම ලැජ්ජාවෙන් ඔහුගෙන් ඉවත්වීමට උතසහ කලත් එයින් උනේ ඔහු මාව ඇද මතට තද කරගැනීමයි...ඔහුගේ උනුසුම මගේ සිරුරේ දැවටෙද්දි සීතලව උන් මගෙ සිරුරද ප්‍රබෝධමත් විය...
අ..නු..හ...ස්...මට කිව්වා නෙමේ කියවුනා...මගේ වදන් හමුවේ ඔහුගේ දෑස් විසල් විය...
ඕඕ කෙල්ලත් මට ආදරෙයි වගේ...මගෙ හදවත කියෙව්වාක් මෙන් ඔහු එය දැනගත් ආකාරයට මා පුදුම විය...ආදරේ කියන්නේ හංගගෙන සිටිය නොහැකි දෙයකි...මම ඔහු දෙස බලා සිනාසෙද්දි එක්වරම ඔහු මගෙ දෙතොල් රලු ලෙස සිපගත්තේය...සිපගැනීම තව තවත් රලු වෙද්දි අපි දෙදෙනාගේ හැගීම් අපි දෙදෙනාටම පාලනය කරගත නොහැකි විය..මටද ලෝකයම අමතක වූවාක් මෙනි...හවස සිටම ඇදහැලුනු වර්ශාවද මේ මොහොතට අපිව පෙලඹවූයේය...ඔහුගේ අතින් මා ගත වූ තුවාය ඉවත් වෙද්දි ඒ තොල් මගේ සිරුර පුරා දිවගියේ නොයිවසිල්ලකිනි...ඔහුගේ ස්පර්ශයන් හමුවේ මගේ මුලුගතම හිරිවැටි ගියේය..කෙමෙන් කෙමෙන් මධයම රාත්‍රිය උදාවෙද්දි මම ගතින් ඔහුගේ වූයේ අපි දෙදෙනාගේ දෛවය අපි ඉදිරියේ මහා විනාසයක් නිර්මාණය කරද්දි...ගතින් දැනුනු දැඩි විඩාවත් සමග මට ඔහුගේ නිරුවත් පපුව මතම නින්ද ගොස් තිබුනි...
උදෑසනම මා ඇහැරුනේ මගේ කම්මුල මත දැනුනු සීතල පහසත් එක්ක..අනුහස් සිටියේ තවමත මා අසලයි..ඔහු මගේ කම්මුල් ආදරෙන් සිපගන්නට විය..
මගේ මැනික...අනේ මට සමාව දෙන්න...හිතුවේ නෑ මෙහෙම දෙයක්...මට  ඊයේ මාවම කොන්ට්‍රෝල් කරගන්න බැරි උනා..අනේ සමාවෙන්න හංසි...මන් මේක හරිගස්සනවා මාව විස්වාස කරන්න...මේ හිත උබට ආදරේ කරන්න ගත්තේ කවදාවත් අතාරින්න නෙමේ...දැන් උබ මගෙම වෙලා ඉවරයි..දැන් උබ මගේ පන ටික...ඔහු එසේ පවසා මාව සිපගත්තත් මන් සිටියේ ගිනිගොඩක පිච්චි වේදනා විදිමින්ය.. 
අනේ අනුහස් ඔයා දන්නේ නෑ මන් කවුද කියලා...ඒක දැනගත්ත දාට ඔයා මට වෛර කරයි අනුහස්...අනේ මට ඒක දරාගන්න බැරි වෙයි අනුහස්..අනිත් එක දැන් මන් ඔයාගේ වෙලා ඉවරයි...ඒත් ඒත්...දෙවියනේ...ඇයි මාව මෙ තරම් අමාරුවක දැම්මේ...මම සිත අතුලින් විලාප දෙද්දි අනුහස්ගෙ සිපගැනීම් මාව තවත් අනුරාගි හෝරා කිහිපයකට ගෙන ගියේය... 
දෛවය මොනතරම් හාස්‍යජනක ද...පසුදින රාත්‍රියේ මා අනුහස්ගෙ වී අවසන්...ඔහුගේ ආදරයේ කිසිදු අවිස්වාසයක් නොතිබුනි...නමුත් ඔහු දනිනම් මා මෙහි ආවේ ඔහුගේ වටිනාම වස්තුව උදුරාගැනීමට කියලා...නෑ ඔහු කවදාවත් මට සමාවක් නොදේවි...මේ තියෙන ආදරේ වෛරයක්ම පමනක් වේවි...නමුත් දැන් ප්‍රමාද වැඩිය...මොන දේ උනත් හිත හදාගත යුතුයි...මට පුලුවන් අනුහස් ඔයා වෙනුවෙන් මේ ජිවිත කාලෙම උනත් බලන් ඉන්න...මන් මෙහෙට ආපු කාරනේ අදම ඉශ්ට කරගෙන යනවා අනුහස්...අයේ ඔයාගේ ඇස්වලට පෙන්න එන්නේ නෑ මන්...කවදහරි මාව තේරුම් ගත්ත දවසක ඔයා මාව හොයාගෙන ඒවි...මම දිගු සුසුමක් හෙලා සිතත් දැඩිකරගෙන ගියේ සුනිල් ඇමතිගේ කාමරයටයි...ඔහු අද හවස රට ඉදන් පැමිනීමට ප්‍රථම අවශ්‍ය දේ කරගත යුතුයි...
මේ අතර අනුහස් සිටියේ තාත්තාගේ පැමිනීම අපේක්ශාවෙන්...තම පියාට සෑහෙන්න ආදරේ කරපු අනුහස් සිටියෙ ගොඩක් සතුටින්...ඒ වගේම හංසි ඔහුගේ වීමත් ඔහුගේ සතුට දෙගුන තෙගුන කලේය...ඔහු සිටියේ තාත්තාගේ පැමිනීමෙන් පසු ඔහුට ඇය ගැන පවසා ඇයව විවහ කරගැනීමටයි...තාත්තාගේ පැමිනීමට අවශ්‍ය සියලුම වැඩ අවසන් කරගත් ඔහු වාහනෙන් නැවත නිවස වෙත යද්දි පාරේ වූ ආභාරණ කඩයක් දුටු ඔහු එයින් ලස්සන මුද්දක් ගත්තේ හංසිට දෙන්නයි...
හංසි සිටියේ සුනිල් ඇමතිගේ කාමරෙයි...ඔහුගේ සේප්පුව හොර යතුරකින් ඇරගත් ඈ එහි තිබූ සියලුම ලිපිගොනු පරික්ශා කරන්න විය...මෙහි සේප්පුවේ තිබුනේ ඇමතිගේ සියලුම වංචා වැඩවලට සම්බන්ධ තොරතුරුයි...අනුහස් කිසිදා මේ ලියකියවිලි දැක නැත...ඒ අතර තිබුන ෆෝටෝස් කිහිපයක් වෙත හංසිගේ අවධානය යොමුවිය...එහි සිටියෙ අනුහස් හා ඔහුගේ මවගේ පිංතූරයි..ඒ පිංතූර අතර එක් පෙන් එකක් තිබුනි..
මේ මොකක්ද..මම ඒ පෙන් එක රැගෙන ඔහුගේ කාමරේ මෙසේ උඩ වූ තිබූ පරිගනකයට සම්බන්ධ කලේය...එහි තිබුනේ වීඩියො පටයකි...එම විඩියෝ පටය බාගෙට නැරඹු මම මුවවසාගෙන පසෙකට විය...
දෙ...දෙ..වියනේ...මේ...අනුහස්ගේ අම්මා....අනේ...දෙවියනේ...එහි තිබුනේ අනුහස්ගේ මවව ඇමති සහ ඔහුගේ යාලුවන් කිහිපදෙනෙකු විසින් අමු අමුවේ දූශනය කරන වීඩීයෝ පටියකි...මගේ දෑස්වලින් කදුලු හෝ හා කඩාවැටෙන්නට විය...මා පරිඝනකයෙන් පෙන් එක ගලවගත්තේය...
මේ අතර හංසිට අනුහස්ගේ වාහනේ පැමිනි ශබ්දය ඇසුනේ නැත...අනුහස් නොයිවසිල්ලෙන් නිවසට පැමින හංසිව සෙව්වේය...නමුත් ඇය කොහෙවත් නොසිටි නිසා ඔහු තම අත වූ ෆයිල් එකත් රැගෙන පියාගේ කාමරය වෙත පියනැගුවේ කල්පනාබරවය...
අනේ මන්දා මේ කෙල්ලනම්...කොහේ ගියාද දන්නේ නෑ...මගේ කෙල්ලව මෙහෙන් එක්ක යන්න ඕන..මෙහෙ ඉන්නවට මන් කැමති නෑ...එයාව බදිනකන් වෙන ගෙදරක තියන්න ඕන....
විඩියෝ පටයේ තිබු දර්ශනත් එක්ක අසිහියෙන් මෙන් සිටි මට අනුහස් එන ශබ්දය නොඇසුනි...
හංසීසීසීසී...
ඔහුගේ හඩින් ගැස්සි ගිය මා අත වු පෙන් එක අතින් ලිස්සා බිම වැටුනි...
අ..අ...අනු..හ...හ..ස්..මගෙ හඩ ගොතගැසුනි...මා දුටු ඔහුගේ නෙත් රැදුනේ අවුස්සා තිබු ඇමතිගේ ලියකියවිලි මතයි...ඔහුගේ අත වු කුඩාපෙට්ටියක් බිම වැටි කුඩු වී ගොස් එයින් එලියට විසිවුනේ කුඩාගල් ඇල්ලු ලස්සනම ලස්සන මුද්දකි...දෙවියනේ...මගේ හදවත නැවතුනා වැනිය...මම කදුලු අතරින් ඔහු දෙස බලද්දි දුටුවේ ඔහුගේ අත්මිට මෙලවී දෑස් කෝපයෙන් රතුවෙන ආකාරයයි...
අ...අනේ..අනුහස්..ම..ම..මම මේ...මට කියාගන්න හැකි උනේ එච්චරයි...ඒත් එක්කම....,
-------------------------------------මතු සම්බන්දයි--------------------------



Comments System WIDGET PACK