#විශාඛා 2 කොටස.. | Vishaka 02 Kotasa (Awasanaya )
#විශාඛා 2 කොටස..
සාලෙ මැද්දේ මහ හයියෙන් අඩ අඩ හිටපු විශාඛා එයාගෙ ජීවිතේ ගැන අන්තිම තීරණේ ගත්තා..
"ම්ම් අමිල ඔයා මට මෙහෙම කරාට ඔයාට පව් නෑ.ඔයාගෙන් පලිගන්න මටත් පුලුවන්.හැබැයි බුදු දහමේ හැටියට මන් ඒ වගේ වැඩ කරන්නෙ නෑ.මොකද මට ඕනි නෑ ඔයා වගේ පව් පුරවගන්න.😔මන් කොහොම හරි මගෙ හිත ශක්තිමත් කරගන්නවා.ඔයා වගේ පිරිමි කෙනෙක්ගෙන් මට වැඩක් නෑ අමිල.මන් කොහොම හරි මගෙ හිත හදාගන්නවා.ඔයා මටනෙ තාර පීප්පෙ කිව්වෙ නේද.මට මොලේකුත් නෑ කිව්වනෙ නේද.හරි බලාගන්න.මේ විශාඛා අදින් පස්සෙ ගොඩක් වෙනස් වෙයි"
මොන දේ උනත් කෙල්ලගෙ හිත ගොඩක් ශක්තිමත් වුණා.අද කාලෙ ගොඩක් කෙල්ලන් ගාව නැති ශක්තිමත් හිතක් විශාඛා ගාව තිබුණා.නැත්නම් කෙල්ල මේ වෙනකොටත් ජීවිතේට මොනවාහරි කරගෙන...
කෙල්ල හිටපු තැනින් බොහොම අමාරුවෙන් නැගිට්ටා.ඉක්මන් කරලා තමන්ගෙ 4න් එක අරගෙන call එකක් ගත්තේ තමන්ගෙ හොදම යාලුවා කුෂානිට.
"හෙලෝ..කුෂී මේ මන්"
"ආ ඔව් කියපන් මොකෝ හදිස්සියෙන් වගේ"
"ඔව් හදිස්සියක් තමා.මේ බන් මට ඉක්මනින්ම උඹ වැඩ කටන bank එකේ job එකක් set කරලා දීපන්කෝ plzz"
"විශාඛා..😮 මොකෝ මේ එක පාරටම අමිල කැමති නෑනෙ උඹ රස්සා කරනවට"
"ඒවගෙන් වැඩක් නෑ මට පුලුවන් තරම් ඉක්මනට job එකක් හොයලා දීපන්.."
"ම්ම් හරි හරි මන් වැඩේ කොහොම හරි කරලා දෙන්නම්.උඹ ප්‍රශ්නයක ඉන්නෙ කියලා දන්නවා මට පස්සේ කියපන් එහෙනම් "
"හ්ම්ම්.."
දරා ගන්න බැරි දුකක් කෙල්ලට දැනුනා නෑ කියන්න බෑ.ඒත් මොනවා කරන්නද.ජීවිතේට මූණ දෙන්න අපිට ලෑස්ති වෙන්න වෙනවනෙ 🙂
විශාඛා ඉක්මනට දුවලා ගිහින් රෑට කෑම හැදුවා.හැබැයි ඒ සේරම කෙල්ල කැමති කෑල ජාති තමයි හදා ගත්තේ.කාලෙකට පස්සෙ දැනුනේ නැති අමුතු සතුටකින් කෙල්ලගෙ හිත පිරිලා තිබ්බේ.ඊලගට phone එක අරන් fb එකෙන්,internet එකෙන් තමන්ට ගැලපෙන creams වර්ග ගොඩක් හොයාගෙබ මූණ අතපය සෝදලා.ගෙදරත් වහලා කෙල්ල ඉක්මනට ගියේ town එකේ තියෙන හොද cream කඩේකට..
"එන්න මිස්..මොනවද බැලුවේ🙂"
"මල්ලි මේ list එකේ තියෙන creams වර්ග තියෙනවද ඔයාලා ලග"
"ම්ම්ම්..ඔව් මිස් තියෙනවා හැබැයි ටිකක් ගනන් මේව 😦"
"ඒකට කමක් නෑ මට මේ ඔක්කොම ටික දාලා දෙන්න🙂"
විශාඛා කරන්න යන දේ දැන් නම් හොදටම පැහැදිලි.තමන්ව කුණු මාලු කෑල්ලක් වගේ විසි කරලා දාපු කොල්ලට පේන්න කෙල්ල මේ දේවල් කරනවා.මේ වගේ දෙයකදි සියදිවි හානි කරගන්න කෙල්ලො අතරෙ විශාඛා කියන්නෙ එක්තරා වීරවරියක්.තම්න්ගෙ නැති වුණ හැමදේම ආපහු ලගට ගන්න උත්සහ කරන්න උතුම් කාන්තාවක්.
ආපහු ගෙදර ඇවිත් ඉක්මනින් නාල තමන් අරගෙන ආපු creams ගාලා .කණ්නාඩියෙන් හැඩ බැලුවා.
"අමිල මන් ඔයාය වෛර කරන්නෙ නෑ ඒත් මට පෙන්නන ඕනි ඔයා මොනවද ඔයාට නැති කරගත්තේ කියලා මට ඔයා ගැන ගොඩක් කලකිරිලා ඉන්නෙ.මන් දවසක අනිවාර්යයෙන්ම දිනලා පෙන්නවා අමිල.ඒ වගේම එදාට ඔයා මාව හොයාගෙන ආවත් මන් ආපහු ඔයා ලගට එන්නෙ නෑ කවදාවත්..😔
"කෝ බර කරත්තේ..😂😂.."
අමිල වැඩට ගිහින් ආපහු ඇවිත් තමන්ට කෑ ගහන විදිය විශාඛ්ට ඇහුනා.තමන්ගෙ අද ලස්සනට අමිල පෙන්නන්න ඕනි නිසාම කෙල්ල ඉක්මනට පහලට ගියා"
"අහ් අමිල කොහොමද ආවද ඔයා 😏"
විශාඛව දැක්ක ගමන් කොල්ලගෙ ඇස් දෙක කටේලු 😂😂.මීට කලින් මෙච්චර ලස්සනක් දැකලා තිබ්බෙ නෑනෙ කෙල්ලගේ.පොඩි ඉරිසියාවක් ලෝභකමක් අමිලට නැති උනාමත් නෙමෙයි ඉතිම්.😏
"අහ් දෝන කතිරිනා..උඹ දැන් නාඩගම් නටනවා වගේ නේද.කව්ද කියපන් ඒ මිනිහා.පුහ්.මේකිගෙ සුවද..මොකා එක්කද උඹ නටන්නෙ.ශික් උඹ වගේ ගෑණියක්.වටේ යන එක උඹට අම්මද කියලා දුන්නෙ උඹට මම..😠"
"ඒයි..නතර වෙනවා ඔතනින්.මගෙ ඇගට අතක් තියනවා බලන්න.ඔය වගේ පිරිමින්ට බය වෙලා ඉන්න ගෑණියෙක් නෙමෙයි මම.වටේ යනවා කිව්වා නේද.හහ්..මේ බලන්වා මන් ඔහේගෙ මහලොකු tab එකෙන් ඔහේගෙයි සොනායගෙයි හොද photos ටිකක් හොයාගත්තා.මට තමා ලැජ්ජ මනුස්සයෝ මේ වගේ වටේ යන මිනිහෙක් ලබන්න.ලැජ්ජයි චිස්.."
විශාඛ මේ කියපු දේවල් එක්ක.අමිල ගොලු වුණා.තමන් කියපුවගෙන් තමන්ටම බැනපු විදිය මතක් වෙද්දි කෙල්ල එක්ක එන්නෙ පුදුම තරහක්.
"උඹ මට ඔහොම කිව්ව එහෙනම් විශාඛා හරි බලාගනින් මන් උඹට කරන දේ..😠"..
........................................................................................................
කාලය හෙමින් ගත වෙලා ගියා.විශාඛට බැංකුවක රස්සාවක් ලැබුනා.ඒත් විශාඛ්ට ඕනි වුනේ තමන්ගෙම කියලා දෙයක් කරන්නයි.ඒ නිසාම කෙල්ල සති අන්තයේදි beauty culture course එකක් කරා කවදාහරි තමන්ගෙම දෙයක් පටන් ගන්න.මොන දේ උනත් බිරිදක් විදිහට තමන්ගෙ අතින් සැමියට වෙන්න ඕනි හැම යුතුකමක්ම කෙල්ල ඉෂ්ඨ කරා.මොකද තම අමිල ආදරේ කරේ ඇත්තටමයි.ඒ ආදරේ හැමදාමත් හිතේ තියාගෙන හිටියට අමිල ගැන ලොකු කලකිරීමක් තිබුනේ.
"විශාඛා..කෝ උඹ"
දවසක් කෙල්ල courese එකේ notes වගයක් පාඩම් කර කර ඉන්නකොට.අමිල හයියෙන් කෑ ගහගෙන ආවා හැබැයි තනියම නෙමෙයි සොනායත් එක්ක.
"අ..අ..මිල..මේ.😦"
"😂😂 මොකෝ උඹෙ රැස් ටික බැස්සද.මන් අද මගෙ මැණිකව එක්කනාවා මගෙ ගෙදර.මට ඉක්මනින් divorce එක දුන්නොත් හොදයි.😌මට මගෙ පැටියව
මගෙ ලගට ගන්න පුලුවන් ඊට පස්සෙ.අහ් තව එකක්.උඹ අදම වෙන කාමරයකට පලයන්.මන් අද සොනායා එක්ක මගෙ කාමරේ ඉන්නෙ 😏.divorce එක ලැබෙනකන් උඹ මෙහෙ හිටියට කමක් නෑ.."
අමිල සොනායව ඉඹ ඉඹ කාමරයට එක්කන් යද්දි සොනායා විශාඛා දිහා බැලුවේ කට කොණකින් හිනාවෙමින්.😏
කෙල්ලෙක් කඩාගෙන වැටෙන එකම තැන තමා මේක තම්න් ආදරේ කරපු පිරිමියා වෙන කෙල්ලෙක් ඉස්ස්‍රහම මෙහෙම හැසිරෙන එක.ඉතින් ඒක ඒ විදියටම කෙල්ලටත් දැනෙන්න ඇති...මහ රෑ වුණත් ම්දුලට දුවගෙන ගියපු විශාඛා. බිම ඉදගෙන ගිඩක් වෙලා ඇඩුවා..😔වෙන මොනවානම් කරන්නද...
.......................................................................
මාස 5කින් පස්සේ අමිල කෙල්ලගෙන් divorce වුණා.විශාඛට ඉතුරු වුණේ තම්න්ගෙ අවුලේ අය විතරයි.හැම දේම දරාගෙන ශක්තිමත්ව හිටපු නිසා කෙල්ලට තමන්ගෙම කියලා beauty salon එකක් පටන් ගන්න පුලුවන් වුණා.මේ අතර තුරේදි අමිල සොනායව කසාද බැන්දා.ඒත් ඒ මස 2 විතරයි.සොනායා තවත් මනුස්සයෙක් එක්ක පැනලා ගිහිල්ලා.අමිලට හැමදේම නැති වුණා කියලා දැනුනා.කොහොම හරි කොල්ලට විශාඛගෙ අගේ තේරුනේ අන්තිමට.ඒත් හොදටම පරක්කු වැඩි.ආපහු විශාඛව තමන් ලගට ගන්න ඕනි කියලා හිතාගෙන අමිල විශාඛා ගාවට ගියා..
"ම්ම් කොහොමද අමිල මොකද මේ පැත්තේ 🙂"
"ම්ම් කොහොමද විශාඛා..ඔයා නම් හොදින් වගේ කෙට්ටු වෙලා ලස්සන වෙලා 🙂"
"Thankz..ඉතින් මොකො මෙහෙ සොනායා ආවෙ නැද්ද 😏"
"හ්ම්ම් සොනාය වෙන මිනිහෙක් එක්ක ගියා විශාඛා..දැන් මන් තනියම😔"
"ම්ම් එහෙමද මොනවා කරන්න්ද බලෙන් යන අය නවත්තන්න බෑනෙ නේද.ඇයි ඔයා මෙහෙ ආවේ දැන් 🙂"
"විශඛා..අනේ මැණික මට සමාවෙන්න මන් ඔයාට ලොකු වැරැද්දක් කරේ.ඒත් මට දැන් තේරෙනවා ඔයාගෙ අගේ.මන් ගාවට එන්න ආපහු.මන් ඔයාට ආයෙ රිද්දන්නෙ නෑ.ඔයා නැතුව මේ ජීවිතෙ විනාශ වෙලා ගිහින් තියෙන්නෙ.මට තව එක අවස්තාවක් දෙන්න 😭😭"
කෙල්ලගෙ හදවත පිච්චිලා ගියා.තම්න් ආදරේ කරපු පිරිමියා මෙහෙම අඩා වැටෙනකොට දරාගන්න අමාරුයි.
"අමිල නැගිටින්න..🙂ඔයා මට වැද වැටෙන්න ඕනි නෑ.මේ මගෙ කරුමේ.අද මන් හොදින් ඉන්නවා.මගෙ පවුලෙ අයට සලකගෙන මගෙ salon එකත් බලාගෙන ඉන්නවා.ඔයා නිසා මන් ගොඩක් දුක් වින්දා.මාස ගානක් දුක් වින්දා.තවත් නම් බෑ.අනික සොනායා ගියේ නැත්නම් ඔයා ආපහු එන්නෙ නෑ මන් ගාවට.ඒක මන් දන්නවා.කැඩුණු විශ්වාසය ආයෙ ඇති කරන්න බෑ අමිල.plz ඔයා මගෙන් ඈත් වෙලා ඉන්න.ඔයා හෙව්වෙ බාහිරින් ලස්සන රූපයක් විතරයි.හදවතේ ලස්සන ඔයාට දකින්න බැරි වුණා.මන් තාර පීප්පයක් කිව්වා.මට මොළයක් නෑ කිව්වා.මට මොළයක් නැත්නම් මන් campus යන්න තේරෙයිද අමිල එත් ඒ හීනෙ ඔයාම බිදලා දැම්මා මන් ඒකට ගොඩක් පසු තැවෙනවා අද.ඒ වගේම මතක තියාගන්න අනිත් ගෑණු වගේ මන් හැඩ වැඩ වෙවී ඉන්න ගියානම් ඔයාට කන්න හදලා දෙන්නවත් ගෑණියෙක් නැති වෙනවා.ඒත් ඔයා ඒව තේරුම් ගත්තෙ නෑ.මට පාඩුවෙ ඉන්න දෙන්න වදින්නම්.ආයෙ මගෙ ඇස් ඉස්සරහටවත් එන්න එපා.මට පිරිමි ගැන අප්පිරියයි.යන්නම්"😔
කියන්න ඕනි හැමදේම කියලා.අමිලගෙ මූණ දිහා බලාගෙනම
විශාඛා තමන්ගෙ ඇස් වලින් වැටෙන කදුලු අල්ලෙන් පිහදාගෙන ඈතට ඇවිදගෙන ගියේ අමිල උණුසුම් සුසුම් පොදක් වා තලයට පිට කරදියි...ම්
-නිමි-
*අද සමාජෙ ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි ලිව්වෙ.ඒ වගේ වෙලාවකදි ශක්තිමත්ව ඉන්න පුලුවන් නම් ඒක තමයි එයා ලබන ලොකුම ජයග්‍රහණය.🙂
*කතාව ගැන දැනුන දේ comment එකකින් කියන්න වස්තුලා..😙
*කතාවේ අඩුපාඩු තියෙනවන්ම් පෙන්නලා දෙන්න 🙂 මොකද ඊලග පාර ඊටත් වඩා හොදට ලියන්න පුලුවන් වෙනවනෙ..😚😘
*හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරණයි ..
-තාරු-
