#සදවතියේ.. 2කොටස | Sadawathiye 02 Kotasa


ඔන්න ඉතින් කතාව පටන් ගන්නකොටම කියන්න යන්නේ සතීෂ්ගෙ හිත ගත්තු ලලනාව ගැන.තුෂිණි දෙව්සේයා කුලරත්න දුප්පත් පවුලක හැදුනු පළවෙනි ළමයා.තළෙලු හමත් කෙට්ටු ශරීරයක් එක්කම දිග කොණ්ඩයක් තුෂිණට තිබුණා.හැබැයි ඉතින් නෙත පිනවන රූ සපුවක් නම් කෙල්ලට තිබුණේ නෑ.දුකයි දුකයි දුකයි...😢
..................................................................................................................
උදේ පාන්දර sclz එකට ආව සතිෂ් bag එක තියලා වට පිට බැලුවේ තුෂිණි ඉන්නවද කියලා.
"ආ මේ ඉන්නේ නපුරි උදේම මොනවද ලියනවා වගේ.අම්මෝ පාඩම් කරනකොටත් නපුරුකම පේනවා"😁
"හූහූහූ.."
" අම්මා ගහයි ලැට් බාල්ලියෙන්,තොට පිස්සුද යකො කන් බීරි කරවන්න හදන්නේ මගේ"
සතීෂ්ගෙ අපාය සහායක මිතුරා ලසරු උදේම හූ කියලා තමයි ඔය  අහගත්තේ 😂😂😂
"ලැට් බාල්ලියෙන් නෙමෙයි ලැට් පෝච්චියෙන් ගහන්න ඕනී උඹට.අපිට මේව හංගනවට"
"මොනවද මන් හංගන්නේ දැන්"
" අනේ මේ බබා part දාන්නේ නැතුව හිටපන් උඹ අරකිට love.අපි දන්න්වා.ඔක්කොම"
" හ්ම්ම්ම"😋
"ඔය පැන්නේ බල්ලා මල්ලෙන් එළියට...ඒ වරෙල්ලා මෙන්න මේකා.."
"කෑ ගහන්න එපා යකෝ.ඔව් ඉතින් මන් ආදරෙයි එකීට ඒක මහ ලොකු දෙයක් ඈ.මේ මට පොඩි sup එකක් දීපන්කෝ"😉
"ඕකිව මෙව්වා කරගන්න එකනම් ලේසි වෙන්නෑ පුතී.කලින් එකා ඕකිව දාලා ගියේ ඕකි ලස්සන නෑ කියලනේ.ඒක තමයි නපුරු වෙලා ඉන්නේ ඔච්චර" 
ලසරු කිව්ව කතාව නම් කොල්ලාගේ හිතට තදින්ම දැනිලා වගේ.
" ඔයා නපුරු කෙල්ලෙක් නෙමෙයි තුෂිණි.මං ඒක දන්නවා.ඔයාගෙ හිත පෑරිලා ඇත්තේ.හ්ම්ම් ඉන්නකෝ මන් ඔයාගෙ හිත ඔයාටත් හොරෙන් හදනවා"😊
 කොල්ලා අහස දිහා බලාගෙන ඔහේ කල්පනා කර කර හීන ලෝකේ අතරමං උණා
....................................................................................................................
එදා දවසේ මුල් periods 2න් පස්සේ හම්බ උණ හිස් period එකේ හැමොම ටිකක් නිදහසේ හිටියා.ඒ අතරේ,
" මේ තුෂි මං උදේ ඉදලා බලාගෙන හිටියේ අර අරූ මොකාද... මේ..ආ.. සතීෂ් උඹ දිහා කන්න වගේ බලාගෙන ඉන්න්වා"
තුෂිණිගේ යාලුවෙක් උන සිතුමි එහෙම කියනකොටම කෙල්ල ඒ පැත්ත බැලුවා.කෙල්ල දිහා බලාගෙන හිටපු කොල්ලා ඉක්මණටම අහක බලාගත්තෙ ලැජ්ජාව මග හරවගන්න.( ඔක්කොම කොල්ලො ඔහොමයිලූ හී හී) 
කොල්ලෙක් ගැන හිතන්න තරම් කෙල්ලගේ හිත හැදිලා තාම.ඒක කෙල්ලගේ වරදක් කියන්නත් අමාරුයි ඉතින්..
" උඹ බලාගෙන හිටපන් මන් මොකක්ද කරන්න්නේ කියලා සිතුමි"
එහෙම්මම කියලා කෙල්ල කිසිම බයක් සැකක් නැතුව ගියේ සතීෂ් ගාවට.
"මේ තමුසෙ කවුරු උනත් මට වැඩක් නෑ.මීට පස්සේ ම්ං දිහා බලන්න එන්න එපා.මට තමුසෙලා වගේ කොල්ලෝ පෙන්න බෑ.තමුසෙ වගෙ උලමෙක් තමයි මගේ ජීවිතේ කෑවේ ඒ නිසා පාඩුවේ ඉන්නවා"😠
තුෂිණි මේ කියවන දේවල් අහගෙන ඉන්නත් පුදුමයි කොල්ලට.මොකද සාමාන්‍යයෙන් කෙල්ලෙක් මෙහෙම කොල්ලෙක්ට කියන්නේ නෑනේ.අසරණයා බය වෙලා ඉන්නේ දැන්.කෙල්ල කියවලා කියවලා ගිහින් ඉදගත්තා හරියට මුකුත් උණේ නැති ගානට.😮
" සතීෂ් මන් උබට කිව්වනේ මේක හරියන්නේ නෑ කියලා.බලපන් සේරම බලාගෙන ඉන්නවා.උඹ පාඩුවෙ හිටපන්"
මේ වැඩේ ලසරුත් බලාගෙන හිටියේ.ලසරු විතරක් නෙමෙයි clz එකෙ හැමෝම බලාගෙන හිටියෙ මේ උන දේ ගැන🙄
"නෑ ලසරු ඔහොම හිටපන්.මන් කරන්නම් හොද වැඩක්"
"සතීෂ් කොහෙද යන්නේ මේ ලැජ්ජා කරන්න එපා යකෝ හැමෝම බලගෙන ඉන්න්වා.ඒ යකෝ වරෙන්කෝ" 
ලසරුගෙ කීමවත් අහ්න්නේ නැතුව සතීෂ් ගියේ තුෂිණි ඉන්න තැනට.එතනට ගිහින් කෙල්ලට ඉස්සරහින් පුටුවක් ඇදලා කොල්ලා වාඩි උනා.කොච්චර වීරකම් පෑවත් කෙල්ල ටිකක් බය වෙලා තමයි හිටියේ ඒ වෙලාවේ..😮
"තමුසෙට මොකද වෙලා තියෙන්නේ ආ..බලනව මුලු clz එකම බලාගෙන ඉන්නේ.පිස්සු හැදීගෙන එනවද? මේ අහ ගන්නවා තමුසෙ හිතාගෙන ඉන්.."
" i love you"😮
කෙල්ල හිතුවෙවත් නැති විදියට සතීෂ් කෙල්ලට ආදරෙයි කිව්වම තුෂිණි වගේම clz එකේ හැමෝමත් පුදුම වෙලා බලාගෙන හිටියේ මේ මොකක්ද වෙන්නෙ කියලා
"මො..මො..ක්ක්ද තතමුසේ කිව්වේ"
"තුෂිණි මං ඔයාට ආදරෙයි"
" plzz මට කරදර කරන්න එපා"
කෙල්ලගේ මුලු හිතම බර වෙලා වගේ.😓සතීෂ් වගේ කොල්ලෙක් තමන්ට මෙහෙම කියයි කියලා කෙල්ල කවදාවත් හිතන්න නැතුව ඇති.කොල්ලා ඉන්න තැනින් නැගිටල තුෂිණි ඉක්මණටම දුවලා ගියේ library  එකට.  
මේ විදිහට දවස් ගෙවිලා ගියා.ඒ හැම දවසකම කොල්ලා තුෂිණිට පිස්සු වැටිලා හිටිය කිව්වොත් ම්ං හරි.පාඩම් වැඩක්වත් හරියට කරගන්න කොල්ලාට ලැබුණේ නෑ.මොන දේ කිව්වත් කෙල්ලට කොල්ලා ගැන පැහැදීමකුත් තිබුන.හැබැයි ඉතිං කෙල්ලට බයයි.ජීවිතේ එකපාරක් දුක් විදලා ආයෙත් පාරක් දුක් විදින්න වෙයි කියලා
...............................................................................................
"සතීෂ් පොඩ්ඩක් එනවද මට ටිකක් කතා කරන්න ඕනී ඔයත් එක්ක"
  තුෂිණිගෙ හොඳම යාලුවා ඒ කියන්නේ සිතුමි දවසක් interval එකේදි සතීෂ් ට කතා කරේ වැදගත් කතාවකට
" ම්ම් කියන්න"
"උඹ තුෂිණිට ආදරේ කරන්නේ සිරාවටමද?"
" හ්ම්ම් ඔව් බන් එයාට ඒක තෙරෙන්නේ නෑ.ලස්සන පස්සේ දුවන කොල්ලෙක් නෙමෙයි මන්.මං එයාට ගොඩක් ආදරෙයි "❤
"ම්ම් මට ඒක තේරෙනවා බන්.තුෂිණිටත් ඒක තේරෙනවා.හැබැයි ඒකි බයයි කලින් වෙච්ච දේ වෙයි කියලා.උඹ ඒකිත් එක්ක ටිකක් කතා කරපන්.ඒක තමයි හොඳම දේ"
එදා දවස ගෙවිලා ගිහින් sclz ඉවර උනාට පස්සේ සතීෂ් ඉක්මණටම බැලුවේ තුෂිණි කෝ කියලා.එතකොටම 
කොල්ලා දැක්කා කෙල්ල sclz bus එකට නගිනවා.කොල්ලත් ඒ පස්සෙන්ම ඇවිත් bus එකට නැගලා සෙනග අස්සේ තෙරපිලා කෙල්ල හිටගෙන ඉන්න තැනට ආවා.
" ඔ..ඔයා මො..මොකද ම්මෙතන කරන්නේ?"😦
බය වෙචච පාරට කෙල්ලට වචනත් එන්නේ නෑ වගේ.
" ඇයි අපිට එන්න බෑද?"😏
"මෙ.මෙ තමුසෙට ම්ං කියන්නෙ නෑ.."
" ශ්ශ්ශ්ශ්ශ්..ඔයා මට කොච්චර නපුරු වචනින් බැන්නත් මං දන්නවා..
" මොනවාද"
"ඔයා ගොඩක් අහින්සක කෙල්ලෙක් කියලා" 
කොල්ලා එහෙම කියලා කෙල්ලගෙ පිටි පස්සෙන් ගිහින් හිටගත්තා.
" එහාට වෙන්න"
" බෑ"
 " එහාට වෙනවා"
" බෑ කිව්වනේ "
" ඉන්නවකෝ ම්ං අත හපනවා"
"ඒයි,එපා කොටිච්චී.."
"හීහීහී"😁
කෙල්ලත් නොදැනිම කොල්ලට ලං වෙලා.හිතා ගන්න බැරි උණා කොහොමද තමන්ට එහෙම උණේ කියලා.ඊළග විනාඩි 2ක 3 නම දෙන්නා අතර කතා බහක් ඇති උණේ නෑ.ඒ නිහඬතාවය බින්දේ සතිෂ්. 
"තුෂි,අහන්න මන් ඔයාට ආදරෙයි ගොඩක්.ඔයාව දැකපු පළවෙනි දවසෙම ඔයාගෙ ඔය හීනෙ දුඹුරු ඇස් වලට මං ආදරේ කරා.ලෝකෙට ඔයාව කැත වෙන්න පුලුවන් හැබැයි මට මේ ලෝකෙ ලස්සනම කෙල්ල ඔයා.මං ඔයාට පොරොන්දු වෙන්වා ඔයාට කිසිම දුකක් දෙන්නේ නෑ කියලා.හැමදාම මගේ ලගට වෙලා ඉන්න තුෂී. I love you තුෂිණි"
" ඔයා ඔය ඇත්තමද කියන්නේ සතීෂ්.මට ආයෙම්ත් දුක් විදින්න බෑ.ඔයා දන්න..
" ශ්ශ්ශ්ශ්..ඇති මට පරණ දේවල් වැඩක් නෑ.මට ඕනී ඔයාගෙ වර්තමානය වගේම අනාගතය වෙන්න.ඔයා එනවද මාත් එක්ක ඒ ගමන යන්න"
" හ්ම්ම්ම්"
" පිස්සී කෝ ඉතින් අර magic වචන 3 මට කියන්නේ නැද්ද?
"හී හී..ii..lovee youu සතිෂ් "❤
" මාත් ආදරෙයි මැණික ගොඩක්" 💖
කොල්ලා කෙල්ලගේ අතින් අලගෙන ඒ ඇස් දිහාම බලාගෙන හිටියේ ජීවිතේ හැමදාමත් මේ ඇස් තමන් ලගින් තියෙන්වා කියන හැගීම හිතේ තද කරගනිමින්..💙💜💛❤
ආදරේ කියන්නේ හරි පුදුමාකාර දෙයක්..ජීවිතේ ලස්සන කරන්නේ ආදරය.හැබැයි අවංකත්වය වගේම විශ්වාසයත් එතන තියෙන්නම ඕනී.අන්න එතකොට තමයි ආදරේ ආදරෙන් ලස්සන වෙන්නේ...☺☺
                                         -නිමි-
*ඉවරාආආආආආයී....😂
*කතාව ගැන දැනුන දේත් කියාගෙන යන්න මැණිකෙලා..😍
*අඩු පාඩු තියෙනවනම් මට කියන්න හොදේ.එතකොට ඊලග පාර ගොඩක් ලස්සනට ලියන්න පුලුවන්නේ 😁😍😍

                                         - තාරු-