#දෙලොවක අසරණ වු ඈ 2 වෙනි කොටස | Delowaka Asarana U Aa Kotasa 02

#දෙලොවක අසරණ වු ඈ
                                2 වෙනි කොටස
ඉතිං බිරිඳක් විදියට ගෙදර හැම කටයුත්තක්ම   ෂනායා අතින් වෙද්දි හිනෝෂ් හිට්යෙ එයාගෙම ලෝකේක.එයාටම කියලා ගෙදර තිබ්බා ඔපිස් කාමරයක්. ඒ⁣කේ තමා එයා වැඩිපුරම කාලය ගත කරපුතැන. හිනෝෂ්ට ෂනායාව මඟ ඇරෙද්දි ෂනායාට හිනෝෂ්ව වෙනදටත් වඩා අවශ්‍ය උනා.
බබා කෑම කන්න.. ෂනායා කතා කලා
හා මම එන්නම්
පැය භාගේට වඩා ෂනායා බලන් හිට්යත් හිනෝෂ්ට කන එක ගානක් වුනේ නැ. 
හිනෝෂ් මේ කෑම සීතල වෙනවා එන්න කන්න
හරි හරි වද දෙන්න එපා මම වැඩක් ෂනායා
ලේසියකින් ෂනායාට නම කියලා කතා නොකරන හිනෝෂ් තරහෙන් කෑ ගැහුවේ එහෙම කියලා.ෂනායාට දුකට වඩාදැනුනෙ තරහක්.. එතනින් පස්සෙ හැමදාම පුංචි දේට උනත් ෂනායා තරහා ගත්තා. හිනෝෂුත් ඊට දෙවෙනි නැ. 
හැමදාම මට කියලා එපා වෙලා තියන්නෙ හිනෝෂ් ඇයි ඔයාට මාව වැඩක් නැද්ද....
මං ගැන දුක නැද්ද බබා. ඔයා මාව අමතක කරලා දාලා. ෂනායා අඩ අඩම කියවනවා. 
දැන් අවුරුද්දකුත් ගියා ඔයා හිටපු කෙනා නෙවේ.. මට පුංචිවත් අනුකම්පාවක්වත් නැද්ද හිනෝෂ්..
හැමදාම මම තනියම නිදාගන්න යනවා ඔයා ඔපිස් රෑම් එ⁣කට වෙලා ඉන්නවා එන්නෙ නැ. කෑ ගහලා අඩන ගමන් ෂනායා කියාගෙන කියාගෙන ගියත් හිනෝෂ්ට ඒක වදයක් උනා ම්සක ඒ කතාව ගැනවත් ෂනායා ගැනවත් දුක හිතුනෙ නැ. 
ඔහොම කාලය ගෙවිලා ගියා ෂනායා ගෙදර වැඩ එක්ක තනි උනා වගේම හිනෝෂ් එයාගෙ වැඩ එක්ක තනි උනා. 
දෙන්නා ගොඩක් දුරට කතා කරේ කෑම කන වෙලාවට විතරයි. එතනින් එහාට යමක් කියන්න ඕනනම් ෂනායා ඔපිස් රෑම් එකට ගියත් හිනෝෂ් ෂනායාට ඇහුම්කම් දෙනවාට වඩා කලේ එයාගෙ වැඩ ගැන කිව්ව එක. ඉතිං ෂනායාට ඔපිස් රූම් එකට යන එකත් එපා උනා. 
එක දවසක් කෑම කන වෙලාවේදී හිනෝෂ් කිව්ව දෙයින් ෂනායාට එයා ගැන ටිකක් කලකිරුනා.. 
ෂනායා ඔයාගෙ බඩේ අනේ කැත බලන්න. 
හ්ම් හිනෝෂ් මටත් හිතුනා මම මහත් වෙලා කියලා.. 
මම ජිම් එකකට යන්නද හිනෝෂ් 
හා ඔයාට වැඩ එක්ක යන්න පුළුවන්නම් යන එකයි 
හිනෝෂ් එහෙම කිව්ව නිසා ෂනායා ලඟම තිබ්බ ජිම් එකට පහුවදා ඉදන්ම යන්න තීරනේ කලා. 
ෂනායා හැමදාම හවස ජිම් එකක⁣ට යන්න ගත්තෙ හිනෝෂ් බඩ වැඩී කිව්ව එකටයි. ඇඟ ටිකක් ශේප් කරගන්න ඕන හිතුන නිසයි.
ඉතිං ටික දවසක් යද්දි ෂනායාට තේරුනා ජිම් එකේ කෙනෙක් ෂනායා දිහා උනන්දු බව. ඒත් ෂනායා ඒ ගැන කෙයාර් කරේ නැත්තෙ දැනටමත් ෂනායා කසාද බැදපු කෙනෙක් නිසයි.. 
නමුත් කාලයත් එක්ක fb ප්‍රෙන්ඩ් කෙනෙක් උන ඒ කෙනා ජිම් එකේ සෙකන්ඩ් කෝච් විදියට වැඩ කල කෙනා.මුලින්ම හොඳ යාළුවෙක් උන ඔහු නමින් දනෝෂ් කියලා විතරක් ෂනායා දැනන් හිට්යා. Fb එකේ තිබ්බෙත් ඒ  නම.
හායි මාව අදුරනවද දනෝෂ් එක දවසක් චැට්,කරා
හායි ඔව් ජිම් එකේ කෝච්නේ. 
ඉතිං මේ විදියට පටන් ගත්තු චැට් එකේ කතා කලේ ජිම් එකේ එක්සසයිස් ගැන විතරමයි. නමුත් දනෝෂ් ඊට වඩා දෙයක් හිතේ තියන් ඉන්න බව ෂනායා දැනන් උන්නෙ නැ. 
දනෝෂ් ෂනායා බැදපු කෙනෙක් බව දැනගත්තත් දනෝෂ් කාමාතුරයෙක් බව ෂනායා දැනගත්තෙ නැ.
ෂනායා දුකින් කාලය ගත කරන බව දනෝෂ් පුල පුලා කීවත් ඒ බව එලි කරන්න ෂනායා බය උනා.නමුත් සූක්ෂවම දනෝෂ් ෂනායාගෙ හිතේ දනෝෂ් ගැන විශ්වාසය ගොඩ නැගුවා. 
මේ වගේම ජිම් එකේ හෙඩ් කෝච්ගේත් හිත රවටලා  කෝච් කමක් දනෝෂ් අරන් තිබ්බේ කෝච් කමට සුදුකම් සපුරා ඇති බව කියමින්. 
ඔහු වැඩිපුර ජිම් එකට ඒම පුරුද්දක් කරගත්තෙ දෛනික ව්‍යායාම වලට අමතරව ජිම් එකට එන ලේඩීස්ලා දැලේ දා ගැනීමේ ප්‍රයත්නය පසක් කරගනිමින්. 
ඒ අතරට ෂනායාද වැටුනෙ ෂනායාගෙ මුහුණින් දුක් ස්භාවයක් පෙනුන නිසයි. මෙලෙස පටන් ගත් යාළුකම සූක්ෂවම දනෝෂ් ෂනායාගෙ හිතෙ හිර කරන් හිටපු දුක එලියට ගැනීමට සමත් උනා. 
දනෝෂ් ෂනායාට දුක බෙදා ගැනීමට ආ මිතුරෙකු ලෙස රඟපෑවා විතරක් නෙවේ ෂනායාව වැරදි මාර්ගයට ගන්නට විස පොවමින්ද හිටියා. 
ෂනායා පන වගේ ආදරේ  කල හිනෝෂ්ව එපා වෙන තැනට දනෝෂ් ෂනායාව එක්ක ඇවිත් තිබුනා.නමුත් ෂනායා කොපමන කලත් හිනෝෂ්ව අමතක කරන තැන හිට්යෙ නැ. මෙලෙස කාලය මාස 4ක් පමන ඉක්ම ගොස් තිබියදි හිනෝෂ්ට ෂනායාගෙ වෙනස තේරෙමින් තිබුනත් එය සෙවීමට තරම් කාලයක් හෝ උත්සහයක් ගැනීමට තරම් උනන්දුවක් තිබුනේද නැ. 
ෂනායාද යුතුකම් එලෙසම ඉටු කරමින්ද හිටියා. 
මේ අතර දනෝෂ් තවත් සල්ලාල වැඩකට අත ගසා තිබුනා..  මේ කිසිවක් නොදන්න ෂනායා සුපුරුදු පරිදි කාලය සතුටින් ගෙව්වා වෙනදාට වඩා. ඒ ඇගෙ අලුත් මිතුදම හේතු කොටගෙන. 
ම් අද දනෝෂ් අයියා මොකද දන්නෙ නැ කරන්නෙ නිවාඩු දවසනෙ.අද ජිම් යන්නත් නැනේ.. මැසෙජ් එකක් දාලා බලන්න ඕනා.. 
හායි දනෝෂ් අයියා ඔයා ඉන්නවද.??
මතුසම්බන්ධයි..
අනේ සමාවෙන්න කොටස් දෙකෙන් ඉවර කරගන්න බැරි උනා ඊලඟ කොටසින් ඉවර කරනවා.. 
අවසාන කොටසින් හමු වෙමු..


Comments System WIDGET PACK