#දෙලොවක අසරණ වු ඈ #1වෙනි කොටස | Delowaka Asarana U Aya Kotasa01


#දෙලොවක අසරණ වු ඈ
                  
                             #1වෙනි කොටස
හ්ම් මේ ප්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇසෙප්ට් කරනවද නැද්ද.ම් ඔන්න ඔහෙ ඇසෙප්ට් කරනවා. හිනෝෂ් මදුවන්ත හ්ම් නම වගේම මෙයත් ලස්සනයි. මෙහෙම හිත හිත fb එකේ ඇවිත් තිබුනු රික්වෙස්ට් ගොඩකින් මාස ගනනාවකට පස්සෙ එකම එක ප්‍රෙන්ඩ් රික්⁣වෙස්ට් එකක් ඇසෙප්ට් කරා. 
ආහ් ඉතිං මම කවුද කීවේ නෑනේ. මම තමයි ෂනායා. ඉතිං අර හැන්ඩ්සම් හාදයා රික්වෙස්ට් එක ඇසෙප්ට් කරා විතරයි Thax for the accept my request කියලා මැසේජ්  කරා.මමත් සෙකන්ඩ් වෙන්නයැ හිතලා Thx for the requested for me කියලා මැසෙජ් කරා. ඒ පාර මෙන්න  හහ් හා කියලා මැසෙජ් එකක් එව්වා.
 එතනින් පටන් ගත්තු කතා බහ අවුරුදු ගානක් ඇදුනා වගේම ඒ වෙනකොටත් ⁣අපි පෙම්වතුන් වී ඉවරයි. ඒයාව හම්බෙනකොට මම හිට්යෙ පිටරටක මගෙ අම්මා තාත්තා එක්ක.ඉතිං මම පොඩි ජොබ් එකක් කරා ස්ටඩි වලට අමතරව.ජොබ් එක ඉවර වෙලා ගෙදර එන්නෙ හවස 6ට.ආපු වෙලේ ඉදන් මං කරේ හිනෝෂ් එක්ක ස්කයිප් කතා කරන එක. ගෙදරිනුත් දැනගෙන හිට්යා අපි ගැන.තාත්තානම් ටිකක් අකමැති උනත් අම්මාගෙනම් අකමැත්තක් තිබුනෙ නැ. ඔහොම කාලය ගෙවුනා අවුරුදු 3නක්. මට හිතුනා දැන් ඇති මට හිනෝෂ්ව බලන්න ලංකාවට යන්නම ඕනා කියලා.
ඉතිං මම නොකියම ලංකාවට ආවා.මගෙ පිටරට නම්බරේ වැඩ කරන්නැතුව ගියාම හිනෝෂ් හරියට බය වෙලා තිබුනා. මම ගෙදර ආපු ගමන්ම නම්බර් එකක් දාගෙන එයාට කතා කලා
හායි හිනෝෂ්ද මේ. 
ඔව් මේ කවුද
අදුරන්න පුළුවන්ද
ම් හිතාගන්න ටිකක් අමාරුයි.ඒත් මේ.. 
ෂනායා බබා ඔයාද මේ
ඔව් බබා මම
ඔයා ලංකාවේ?? මට නොකියම 
ඔව් බබා මම ඔයාව බලන්න ආවේ
ඉතිං ඔහොම කතා බහ කරගෙන ෂනායා පලවෙනි වතාවට හිනෝෂ්ව ඇත්තටම දකින්න යන දවස උදාවුනා. නිල්පාට රෙද්දෙ සුදු බෝල තියන කොට ගවුමක් ඇදලා කොන්ඩෙ කඩලා දාලා ලෑස්ති උන ෂනායා ඉක්මනටම ගියේ බස් එකේ ටවුන් එකට යන්න. ඉතිං එයා ඉක්මනින්ම කතා කරගත්තු තැනට ආවා ඒ වෙ⁣නකොටත් හිනෝෂ් ඇවිත් හිට්යා.බබා යමුද?? යමු බබා.  ෂනායා ඇවිත් හිනෝෂ්ගෙ බයික් එකේ නැගලා දෙන්නා එක්කම බීච් එකට ගියා. ගිහින් එතනට වෙලා ගොඩක් වෙලා කතා කර කර ඉදලා ෂනායා ගෙදර ආවා. ඉතිං ඔහොම තවත් අවුරුදු තුනක් ගෙවුනා.ෂනායා ආයේ රට යනවට හිනෝෂ් අකමැති උන නිසා ෂනායා ලංකාවෙම හිට්යා. දැන් අවුරුදු 6ක ආදරේ තවත් ශක්තිමත්.
2016  දෙන්නා ගෙවල් වල ආශිර්වාදයෙන් විවාහ ගිවිස ගත්තෙ තවත් අවුරුදු දෙකකින් විවාහ මංගල උත්සවය ගන්න පොරොන්දුව මත. හරිම ලස්සනට ගලාගෙන ගිය ආදර කතාවක්.හැල හැප්පීම් නොතිබුනාම නෙවේ.. ඉතිං ඔහොම කාලය යන අතර 2018 wedding එක ගන්න කතා කරගත් විදියටම ලක ලෑස්ති උනා. 
හිනෝෂ් බබා මම ආසම කැන්ඩියන් අදින්න ඔයාට බැරිද නිලමේ ඇදුම අදින්න.අම්මලත් කියනවා එහෙම ලස්සනයි.උඩරට මනමාලියක් වෙනවා බලන්න ආසයි කියලා.. 
අනේ මේ බබා මටනම් බෑ නිලමේ ඇදුම ඇදන් ඉන්න.අම්මෝ මාර බරයිලු එ්ක. මම සුපුරුදු පුල් කිට් එකම අදිනවා.
හපෝ අනේ මේ දවසටවත් මම ආස දෙයක් මට කරන්න බැරිද හිනෝෂ් මුණ පුලුටු කරන් ෂනායා කියද්දි 
ඔයත් ඔය අර හෙන ලොකු තැලි දාලා මාල ගොඩක් එල්ලන්නම් ඉන්න ලෑස්ති වෙන්න එපා.⁣ හිනෝෂ් කිව්වා.
හිනෝෂ් එහෙම කිව්වම ෂනායාට ගොඩක් දුක හිතුනා. ඒත් ඒක පෙන්නුවේ නැ. හරි මම හිනෝෂ්ට ආදරෙයි එයා කියන දේ අහනවා. එහෙම හිතපු ෂනායා මොර්ඩන් කැන්ඩියන් අඳින්න සුදානම් කරගත්තා. 
ඉතිං කොහොමින් කොහොම හරි ඔන්න වෙඩින් එක දවස උදා උනා. හිනෝෂ් පොටෝග්‍රැපර් කෙනෙක් ඉතිං එදා එයාගෙ යාළුවෝ තමා වෙඩින් එකෙ පොටෝ කරේ. ඒත් හිනෝෂ්ට ෂනායා එක්ක සතුටින් ඉන්න වෙලාවක් තිබ්බේ නැ. හිනෝෂ් හිට්යෙ පොටෝ ගහන සිහියෙන් වැඩිපුරම.
ඉතිං අඩුම තරමේ කෑම කන්න ගිය වෙලෙත් හිනෝෂ් ලැප් එක බදාගෙන පොටෝ හැදුවා තෑන්ක්ස් කාර්ඩ් වලට. ෂනායාට බඩගිනින්න තදටම තිබ්බත් හිනෝෂ් නොකන නිසා ෂනායත් බෙදාගත්තු ප්ලේට් එක දිහා බලන් සැනසුනා විතරයි කෑවේ නැ.
ඉන්පස්සෙ ඔන්න දැන් පිටත් වෙන වෙලාව.. කොහොමින් හරි වැඩ ටික ලස්සනට ඉවර කරලා දෙන්නා එක්ක ආවා හොටෙල් එකට. ඒ ඇවිත් රූම් එකට ආපු හිනෝෂ් සුපුරුදු වැඩේ ප⁣ටන් ගත්තා අද දවසෙ ගහපු පොටෝස් එක්ක ඕට්ටු වෙන්න. ඉතිං තනියම සාරිකටු කොන්ඩ කටු ගලවලා දවසම තිබ්බ මහන්සිය යන්න එක්ක ෂනායා තනිවම වොෂ් දාගෙන කෙටි ගවුමකින් සැරසි ඇවිත් යහනෙ ටිකක් අලවුනා. හිනෝෂ් තවම ලැප් එක ඔබනවා.
බබා මට බඩගිනි. දවසම මුකුත්  කෑවේ නැනේ ෂනායා කිව්වා. 
ආ හරි යමු කියලා හිනෝෂ්ද එවලෙ වොෂ් එකක් දාගෙන ඇවිත් දෙන්වා එක්කම රූම් එකෙන් එලියට ඇවිත් කන්න ගියා. කෑම කාලා ඉවර කරලා දෙන්නම ආපහු ආවා රූම් එකට. 
අද වගේ දවසක් කෙල්ලෙක්ගෙ වගේම කොල්ලෙක්ගෙත් හිතෙ තියන දවසක්. ඉතිං ෂනායා ඇවිත් නයිට් ඩ්‍රෙස් එකකට මාරු වෙලා බෙඩ් එකට ගියත් ෂනායාට නින්ද යනකන්ම හිනෝෂ් නෙවේ ලඟටවත් ආවේ.එයා හිටියෙ ලැප් එකේ සිහියෙන්. 
බබා බබා ඔයා නිදිද. හිනෝෂ් නින්ද ගිය ෂනායාව ඇහැරවන්න උත්සහ කරා. පාන්දර 1යි ⁣වෙලාව ෂනායා නිදිමරගාතේම
 ඇයි බබා  
බබා ඇයි අනේ දැන්ම නිදි ,....හිනෝෂ් අහනවා
මම ඊයේ දවසම නිදි නැනේ හිනෝෂ්.අනික දවසම අර බර සාරිය එල්ලන් ඉදලා හරිම මහන්සියි. 
ඊට පස්සෙ හිනෝෂුත් ලඟින්ම ඇලවුනා. ඉතිං ලස්සනම නැති උනත් පලවෙනි රැය ඒ විදියට ඉවර උනා. මොකද ෂනායා හිටියෙ නිදිමරගාතේනෙ 
ඉතිං දෙවෙනි දවසෙත් ලස්සන මනාලියක් ලෙසට හැඩගැන්විලා හිනෝෂ්ගෙ ගෙදර ගිය ෂනායා එතන ඉදන් හිනෝෂ්ගෙ බිරිඳ විදියට සියලු වැඩ නොපිරි හෙලා ඉටු කරා. නමුත් යම් යම් වෙනස්කම්ද සිදුවෙමින් පැවතුනා.
මතුසම්බන්ධයි.



Comments System WIDGET PACK