පාට අහිමි හීන...😥😥 කොටස් අංක..02 | Pata Ahimi Hina Kotasa 02


පාට අහිමි හීන...😥😥
කොටස් අංක..02

පුදුමෙකට වගේ අදත් මං එක්ක අයිටම් විකුනන්න යන ගමනට වැටුනෙ ඇලෙක්ස්.. පානදුරෙන් බැහැල මං ආයෙම ෆෝන් එකට ඇහැදැම්ම... හරියට හොයා ගන්න අමාරුයි ඇඩ්‍රස් එක... අම්මප කොහොම හොයන්නද මේ පිදුරු ගොඩේ තනකොල කෑල්ලක්..
+ ඇලෙක්ස්.. මං මේ පාරෙන් යන්නම් උබ ඔතන ඉදන් වැඩ ටික කරගන යමන් ඕකේ...
- මේ බලපං අඩේ.. මම උබ තරම් සක්සස් නෑ තමා.. ඒත් අපි යන විදියක් තීනවනෙ බං අපි එකටනෙ යන්න ඕන...
+ කියන දේ අහපං බං අදට විතරයි..
- ශරි ඔකේ ඒත් ශාප් දොලහට බස් ස්ටෑන්ඩ් එකට වරෙන් හරිද..
ගැලවෙන්න සයිස් ඔලුවත් වනාගෙන මං ඌ ගාවින් ඈත් උනා... බුවාල කීප දෙනෙක්ගෙන් ඇහුවත් උන් ගෑනුන්ට වඩා ඇබරුන මිසක් හරි පාරක් කිව්වෙ නෑ... පැයක් ඇවිද්ද මෙලෝ වැඩක් නෑ ලිපිනෙ හොයනවට වඩා ලේසී ඒ ලිපිනෙ දාල අලුතින් ගෙයක් හදන එක... කෝල් එකක් ආයෙම ගන්නවද කියල හිතල හිතල ඔන්න ඔහේ ඕන පුපක් පන්සීයයි කියල ගත්ත... බෑග් එක එහෙම පිටින්ම ඉතුරුයි... මට හිතා ගන්න බැරි උනේ මං පර්ස් එක ගන්නද මෙච්චර කට්ටක් කන්නෙ එහෙමත් නැත්තම් එයාගෙ ලස්සන ඇස් දෙක දකින්නද කියල...
- හෙලෝ... හෙලෝ... 
+  ආ සොරි මිස් මම මම මේ...
- මම කියන්නෙ කවුද...
කෙල්ල මාව බයිට් කරනව වත්ද...
+ අදුනන්න බැරිද මිස් 
- කටහඩින් අදුරගන්න ජෝතිපාලද ඔයා... නම කියන්න...😂😂
සිකේ හත්මුතුපරම්පරාවටම ඇහුන වගේ ලැජ්ජාවක් ආවෙ මට..
+ මං මිස් මේ දෙනුවන්.. මට ලිපිනෙ හොයා ගන්න අමාරුයිනෙ...
එහා පැත්තෙන් ඇහුනෙ ලොකු හිනාවක්.. 
- අනේ මංද දෙනුවන්... ඔයානම්....
+  ඇ.. ඇයි මිස්...
- ඔයා ඉන්නෙ මගෙ ගේට්ටුව ඉස්සරහ ලමයෝ... ගේට් එක ඇරල තීන්නෙ ඇතුලට එන්න..
හත්වලාමයි සීනි සීයයි කිව්වලු තාප්පෙ රත්තරන් පාට අකුරෙන් ගෙදර අංකෙ ගහල නිකන් නෙවේ ලොකුවට.. මං ඉතින් හත්පොලේ ගා ගත්ත වගේ සීන් එක.. විලිලැජ්ජැවේ සංතෝසෙ බෑ.. සයිඩ් ගේට් එක ඇරම් මම ඇතුලට ගියා..  ඒකට ගෙයක් කියන්න බෑ පුංචි හීන මාලිගාවක් චූටි පූල් එකක් එක්ක... පෝටිකෝ එක ලග එයාගෙ හයිබ්‍රිඩ් එක නවත්තල තිබ්බ...
හාට් එක බ්ලෙන්ඩර් එකකට දැම්ම වගේ ගැහෙන්නෙ ඇයි කියන්න 
මම දැනන් උන්නෙ නෑ... ඒක කොහොමදහත් වලාමෙ මං දන්නෙ හාට් එකෙන්ම අහන්න ඕන පස්නයක්නෙ ඕක...
මම වැරැඩ එකට අඩිය තියද්දිම එයා දොරෙන් එලියට එබුන... රෝස පාට මල් වැටිච්ච රතුපාට ගවුමක් ඇදන්..  මල්පෝච්චියක් වගේ...😂😂 
* ආ මේ ඇවිත් තියෙන්නෙ ඔයා..... එන්න ඇතුලට... අමාරු උනෙ නෑ නේද හොයා ගන්න...
+ නෑ මිස්..
මම අහසපොලව නූහුලන බොරුවක් ඇදබෑව.. ලිපිනයක් හොයා ගන්න එකත් දුකක් කියල තේරුනෙ මෙයාගෙ ලිපිනෙ හොයන්න ගිහින්..😂 මෙයා තව අහනව අමාරු උනාද කියලත්. ඇගේ අවයව නෑ මෙව්වට හිනා වෙන්න...
ගේ පුරාම තිබ්බෙ රෝසමල් සුවදක්.. කෙල්ලොනෙ ඉතින්.. හිතන් ඉන්නෙ මල් කියලනෙ..😴😴 
* දෙනුවන් මොනවද බොන්නෙ... 
එයා මගෙ ඇස් වල මොනවදෝ හොයනව...  මට එයාගෙ කට හඩ ඇහෙන්නෙ ගව් ගානක් ඈතින් වගේ... 
+ මේ... ම්... 
- මොකෝ දවල් හීන දකිනවද...
කෙල්ල ඒ පාර නම් ඇහුවෙ ටිකක් සැරෙන් වගේ... එයාට තරහ ගන්න බෑ ආයෙමත් හිනාවක් පිරුන මූනෙ.. 
+සර්.. දන්නවද.. මං එයා එක්ක එදා සෑහෙන දේවල් කියෙව්ව... පිස්සෙක් වගේ එයත් එහෙමයි හරියට අපි ගොඩාක් කල් ඉදල දන්න කෙනෙක් වගේ... හරියට අපි කාලය නොදැක ඉදල ආයෙම හම්බුන වගේ...
" එදා ඔයා එයාට ආදරෙයි  කිව්වද.."
+සර්  එහෙම හිතනවද...
" නෑ ඇත්තටම නෑ දෙනෙත්" 
+ අතීතෙට යන්න පුලුවන් මැශින් එකක් කවුරු හරි එකෙක් හැදුවොත් සර් දන්නවද මං කරන පලවෙනි වැඩේ...
" නෑ"
+ සරලයි සර් අතීතෙට දුවල ගිහිල්ල අර ගේට් එකෙන් ඇතුලට යන තැනින්ම ඒ ගේ දිහාවෙවත් නොබල මං දුවනව සර් යන්නම යනව..
" කිව්වට තරහ වෙන්නෙපා එතන ආදරයක් නෑනෙ දෙනුවන්.. මංද මට පේන්නෙ ඒ විදිය
+ ෆිල්ම් එක ඉවර නැතුවනෙ සර් ඔහොම කියන්නෙ... 
" ඒ කිව්වෙ"
+ මං එහෙම ගියා නම් ඒ අහිංසකී තාමත් ජීවත් වෙනව සර්.. තාමත්...
දෙනුවන් වෙව්ලන්න ගත්ත... 
" ඔ.... ඔයා කියන්නෙ දේදුනු මැරුන කියලද..."
ඒත් එක්කම ෆෝන් එක රින්ග්ස් යන්න ගත්ත... "my lovely bunny" 
ෆෝන් එකේ ස්ක්‍රීන් එක පුරාවට වැටුනෙ අහිංසගෙ මූන... ෆෝන් එක ආන්සර් කරනවද නැද්ද කියල දෙගිඩියාවකින් ඉද්දි මටත් වඩා උනන්දුවෙන් ඒ දිහා බලන් හිටියෙ දෙනුවන්..
+ කවුද සර් ඔය...
"මං බදින්න ඉන්න කෙනා"
මම ෆෝන් එක ආන්සර් කරල කනේ තියා ගත්ත...
¥ ඒයි වලස් පැටිය කොහෙද ඉන්නෙ...
" අහිංස පැටියො මම වැඩකට ඇවිල්ල ඉන්නෙ"
¥ මට වඩා එක්කෙමෙක්ට ඉතින් වැඩ ලොකුයිනෙ... හාකො තරහම තරහයි සුබ ආරංචි දෙකකුයි අසුබ ආරංචියකුයි කියන්න තියෙනව එකක් වත් කියන්නෙ නෑ.. නෑ.. නෑ.. නෑ..මයි
" ඔය ඉතින් මම අමතක කරේ නෑනෙ මම බ්ලොග් එකේ වැඩකටනෙ ආවෙ... කියන්නකො මොකද්ද කියල 
¥ ප්ලීස් කියල කියන්න වෙයි ඕනම නම්...
" හාකො හරි ප්ලීස් කියන්නකො පැටියෝ..."
¥ අන්න එහෙම එන්න හරිද අයියා...😂😂 මුලින්ම නරක එක...
" ඔව් ඕක කියන්නකො ඉක්මනට"
¥ මෙයාගෙ තදියම...🙄🙄 මේකයි තාත්තල ලංකාවට එනවා...
" ඒක නරක එකක් වෙන්නෙ කොහොමද හොදයිනෙ එතකොට අනික..." 
¥ අපේ තාත්ත ඔයාව මුන ගැහෙන්න ඕන කිව්ව ලබන සතියෙ..
" එතකොට අනිත් හොද ආරංචිය මොකද්ද.."
¥ මේක තමා හොදම එක... 
" කියන්න ලමයො ඉක්මන් කරල" 
¥ අහිංස කියල සස්ස්නම සස්සන ගැනු ලමේක් ඔයාට ආදරේ කරනෝ.... මං තියනෝ...
මට මුකුත් කියන්න නොතිය එයා ෆෝන් එක කට් කරල දැම්ම...
මං ආපහු මේසෙ ඉහා හැරෙද්දි දෙනුවන් මේසෙ හිටියෙ නෑ එතන හිස්... බන්දනාගාරෙ එක්කෙනෙක් එක්ක ඈතින් යන දෙනුවන් මං ලාවට දැක්ක... දෙනුවන්ට දුක හිතෙන්න ඇති මට හිතට දැනුනෙ පුංචි අවුලක්... මම එලියට එද්දි එතන ඉදහෙන හිටියෙ prison එකේ මට උදව් කරන සර්...
- අද මොකෝ කලින්ම මහත්තය තොරතුරු අරන් ඉවරද...
+ ඔව් මිනිහව මහත්තයෙක් එක්ක ගියා කලින්ම.... 
- නෑ සර් මිනිහම තමා අපේ ගාඩ්ට කියල තියෙන්නෙ යන්න ඕන කියල...
+ ඇයි ඒ...🤔 මොකද...
- දන්නෙ නැද්ද සර් ඕක ටිකක් අමුතු හාදයෙක්නෙ කිසිම සද්දයක් නෑ ඒත් සමහර වෙලාවට කිසිම පාලනයක් නෑ පිස්සෙක් වගේ...
+ ඇත්තටම ඒ මොකද...
- දෙයියො තමා මහත්තයො දන්නෙ..
එක දවසක් මිනිහගෙ නිදියන තැන යට තිබ්බ පත්තර කෑල්ලකින් අත පිහදාපු එකෙක්ගෙ ඉල ඇට කැඩෙනකම් ගහල තිබ්බ... දැන් ඕකගෙ කාලෙත් හරි තව දවස් තුන හතරෙන් නිදහස්නෙ ඕක..
මට ඒ හැටි ප්‍රසාදයක් නොතිබ්බ නිසා මම යන්නං පාරක් දාල එන්න මං අඩි දහයක් විතර ඇවිත් ආපිට හැරුනෙ ඔලුවට ආපු හැගීමක් නිසා...
+ මහත්තය මේ..... මොකටද දෙනෙත් හිරේ වැටිල ඉන්නෙ 
- කුඩු වලටනෙ සර්...
මම හිනාවක් තියල ආපිට හැරුන..
දේදුනුගෙ මරනෙ, කුඩු වලට හිරේ වැටිල ඉන්න දෙනුවන්... ඒ සේරම ගලපන්න ඉන්න එකම කෙනා දෙනුවන්... ඒත් මට හිතා ගන්න බැරි මේ සේරම සම්බන්ද කරන පුරුක මොකද්ද කියලයි.. මං කාර් එක වහ ගෙන පාරට දා ගත්ත...
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
සති දෙකක් ගෙවිල ගියෙ හෙනයක් ගහල වගේ වේගෙන්. කීප වතාවක්ම බන්දනාගාරෙ ගිහින් දෙනුවන්ව හම්බෙන්න ගියත් ඒ කිසිම වතාවක මං එක්ක කතා කරන්න දෙනුවන් කැමති තියා කූඩුවෙන් වත් එලියට එන එක ප්‍රතික්ෂේප කලා.. කතාවක අගක් ලියන්න බැරි එක තරම් ලේකකයෙක්ට අමාරු වෙන තැනක් නැති තරම් ඒ නිසා මම ආයෙ ආයෙම ගියා අන්තිම දවසෙ දෙනුවන් ආව... දාඩිය පෙරාගෙන... මං දිහා කිසිම තැකීමක් නැතිව බලල  වාඩි උනා
+ කියන්න සර් ඇයි මාව දකින්න ඕන කියල වද දෙන්නෙ. ඔහේ කොලු කාරයෙක්ද...
මාව එක පේලියකින්ම කපල පැත්තකට දැම්ම දෙනුවන්.. ඒත් මගෙ හිත අතාරින්න ලෑස්‍ති නෑ...
* දෙනුවන් මේ අහනව මනුස්සයෝ මං ඔහේට ඕන නම් සල්ලි දෙන්නම්... මට මේ කතාවෙ අවසානයක් දකින්න ඕන...
+ සර්ට ඕන උනාට මට ඕන නෑ ඒක නිකං දෙන්න...
මං දෙනුවන් ගැන හීනෙකින් වත් නොහිතපු දෙයක් මේ යකා සල්ලි ඉල්ලන්නද හදන්නෙ...
+ බය උනාද සර්.. 
- නැහ් මම මොකටද බය වෙන්නෙ... 
+ සල්ලි නෙවෙයි මට ඕන... 
- එහෙනම්... 
+ මං එලියට එන දවස තියෙනවනෙ අන්න එදාට මං කෝල් කරල උදව්වක් ඉල්ලනව... අන්න ඒක එක ප්‍රශ්නයක් වත් නාහ කරන්න පුලුවන් නම් සර්ගෙ කතාව සර්ට මං දෙන්නම්...
- හරි.. ඒත් ඒක මොන විදියෙ උදව්වක්ද...
+ සත 10ක් වත් වටින්නෙ නැති එකක්...
දෙනුවන් මගෙ ඇස් දිහා බලාගෙන නැගිටල යන්න හැරුන...
- මගෙ කතාව... 
මං කිව්වද කියවුනාද දන්නෙ නෑ... දෙනුවන්ගෙ මූනෙ තිබ්බෙ වේදනා බර හිනාවක්...
+ එදාට ලැබෙයි... ඒක සර්ට පොරොන්දුවක් දෙනුවන්ගෙ...
දෙනුවන් දැල් ගහපු අවකාශෙ ඇතුලට අඩි තියන් යදි මම ඔහේ බලන් හිටිය...
තුන්වෙනි ලිපියට මතු සබැදේ....💮💮

#Blackprince



Comments System WIDGET PACK