පාට අහිමි හීන...😥😥 කොටස් අංක..01 | Pata Ahimi Hina Kotasa 01


පාට අහිමි හීන...😥😥
කොටස් අංක..01

-ඈපෝ පත රිජෙක්ටර් කෙනෙක් බං...
ඇලෙක්ස් අරලිය ගහ ගාව මං ඉදගෙන ඉදපු බැම්මෙන් වාඩිඋනා.. පොරට අම්බානෙට දඩිය දාල.. ගහ වටේට බැම්ම. කොල එච්චරටම නැතත් අරලිය ගහ කියන්නෙ මගෙ ෆේවරිට්ම ගස් වලින් එකක්.. ඒකෙන් ආපු සුවද වෙන කිසිම මලකට වඩා හිත නිවනව කියලයි හිතෙන්නෙම..
+ඉතින් උල මීමො දැන් උබම නේද ගියෙ අර මොකද්ද.. බේබි ෆේස් කස්ටමර් කෙනෙක් කියල කාර් එකට...
- ගියා තමයි...බං ඒත් ඉතින් ඌ තඩි ලෝනයෙක්නෙ...
+මොකාද යකෝ ලෝනයෙක් කියන්නෙ😅😅 ලෝනයෙක් නෙවේ ලෝබයෙක් තොට සිංහල බැයිනං නොකියහිටපං. මාව මිනීමරුවෙක් නොකර. එක්කො දෙමලෙන් කියහං මං බැරි නිසා ඉවසන්නං...
ඇලෙක්ස් ඒකට හිනා උනේ අතේ තිබ්බ ලංකා 🇱🇰  කොඩිය හැඩේ එයාෆ්‍රෙශ්නර් එක කටට තියන්..
ඇලෙක්ස් දෙමල, ඌ සිංහලෙන් කතා කරද්දි අපිට අන්ඩර දෙමල...මමයි ඇලෙක්සුයි වැඩ කලේ ඩිරෙක්ට් මාකටින් කම්පැනි එකක දවසෙම බෑග් එක උස්සන් ටවුන් එකක් එකක් ගානෙ බඩගාල එක එක ජාතියෙ අයිටම් විකුනන එක ජොබ් එක උනත්, සෙට් වෙන එකා ෆිට් එකෙක් නම්  දවසම ගේමක් නැතිව අදින එක සිම්පල්.. 
හවස 6න් පස්සෙ අපි ගොඩක් වෙලාවට කලේ සුපර් මාකට් එකක් ලගට වෙලා එන කාර් වලට බඩු විකුනන්න හදන එක. දවසම එච්චර බිස්නස් එකක් නොවිච්ච නිසාම ඇලෙක්ස් වගේම මාත් හිටියෙ පට්ට බඩගින්නක... 
- ඕන්න උබගෙ වාරෙ 
ඇලෙක්ස් කලුපාට හයිබ්‍රිඩ් එකකට ඇගිල්ල දික් කලා..මං නැගිට්ටෙ ඕනවට එපාවට.. වාහනේ ස්ටාට් කරපු නිසා මං ටිකක් ඉක්මනට අඩිය තිබ්බ.. කලු පාට වීදුරු...මොකාද යකෝ මෙච්චර කලු පාටට කැමති එකා...කෝක වෙතත මොකෝ මං වීදුරුවට පොඩි තට්ටුවක් දැම්ම... වීදුරුව පාත් වෙද්දිම කතාව පටං නොගත්තොත් sorry ඩොට් කොම්.
+ ගුඩ් ඊවිනින්ග් සර්... අපි.. අ.. අ..
කාර් එක ඇතුලෙ හිටියෙ සර් කෙනෙක් නෙවේ මිස් කෙනෙක්.. හත් වලාමයි සීනි සීයයි.. සැත්කමක් කරන්න තමා වෙන්නෙ සර් කෙනෙක් කරන්න මෙයාව.. ඇරිච්ච මං දිහා බලන් උන්නෙ බටර් පාට ලස්සන කෙල්ලෙක්... මං ලත් තැනම ලොප් කරන්න තරම් බැල්මක් ඒ පුංචි ඇස් වල තිබ්බ... මේකප් ඕනම නැති තරම් මූන එක්ක... ලාම ලා රෝසපාටින් පාට කරපු නියපොතු... කලු පාටින්ම ඇදල.. මං උන්නෙ මේ ලෝකෙ නං නෙවෙයි... එහෙම කියල බෑනෙ බං බඩගින්න... මං අර පුරුස දහිරියද මොකද්ද එක අස්සකින් ඇදල ගත්ත... ඇයි යකෝ අතක් පයක් වගේද  කකුලක්..
+ සොරි මිස් ගුඩ් ඊවිනින්ග්.. අපි පුංචි ප්‍රමෝශන් එකක් කරනව මිස් චුට්ටක් බලන්න කැමතිද
- හා... බලමු...
මට හික් ගෑවුන..මාකටින් කරන එකෙක් දන්නව ඒ වචනෙ ඇහෙන්නෙ කොච්චර කලාතුරකින්ද කියල.. මං එහෙම පිටින්ම හිර උනත් ඒ බව නොපෙන්න ඔක්කෝම ගැන විස්තර කලා..
+ මසාජර් එක නම් මිස්ට ගැලපෙනව හෙඩ් මසාජ් එකකට උනත් ඇත්තටම හොදයිනෙ මිස්... අනික..
* මල්ලි මේ ඔයාල යන්නකො කස්ටමස්ලට කරදර නොකර යන්නකො
ඒ පාර පාක් එක බල ගන්න සික්ක ලගටම ඇවිත් මගෙ අතින් අල්ල ගත්ත... ඉතින් අපරාදෙ මගෙ වචන..මං සික්ක දිහා බැලුවෙ පරම්පරාගත හතුරෙක් දිහා බලන තරම් සංසුන් වෙල...
# එයාට ඉන්න දෙන්න 
කාර් එකෙන් ආපු සද්දෙට මගෙ ඇග සීතල උනා අහිංසක පාටට හිටපු කෙල්ලගෙ කටහඩ.. සික්කගෙ මූන මලගෙදර වගේ..ඉල්ලංනෙ කෑවෙ.. සතුටු නැතෑ පොරටත්.. බන්ඩක්ක වගේ මිනිහ ලෙස්සල ගියෙ.. මටත් හෙන තත්වෙ ඈ...😂😂
+ මිස්...අද විතරයි මේ ප්‍රමෝශන් එක.. 
#  ඔයා කාලද ඉන්නෙ...
ඒ එයාගෙ උත්තරේ.. මගෙ හිත කෑලි කෑලි වලට කඩන්න එයාට ගියෙ වචන තුනයි.. මම දෙකේ පංතියෙ පොඩි එකෙක් ඒකගෙ මිස් කවදාවත් අහපු නැති පුරස්නයක් ඇහුවම මිස් දිහා බලන් ඉන්නව වගේ එයාගෙ සුදු මූන දිහා බලන් උන්න...
# ඔයා කාලද ඉන්නෙ...
එයා ආයෙම අහනව... මං අසරන වෙනවනෙ..
+ඔ...ඔව් මිස් කාල ඉන්නෙ.. 
පත සයිස් බොරුවක් ඇද බෑව මං... 
# බොරු නේද... 
මට හිටි තැන වාස්ප වෙන්න ඇත්තම් හිතුනෙ ඒ වෙලාවෙ. ඇස් දෙක එක එල්ලෙ තිබ්බෙ මගෙ ඇස් දෙකේ අඩිරූලක් තිබ්බ නම් යා කරල සරලව ඉරක් ගහන්න තිබ්බ කැත නැතිව. මගෙ දාඩිය ගද කපාගෙන එයා ගහපු මොකද්දෝ නම නොදන්න සෙන්ට් එකක සුවදක්  ඒ පාර... මං තාමත් ගොලු වෙලා දුබුරු පාට ඇස් ලග.. හිගන කොල්ලෙක් වගේ වීදුරුවට මෙපිටින් හිටන් ඉන්න මං ගැණ මටම දුක හිතුන..
+ ඔ..ඔව් මිස්...
එයා හිනා වෙන්නෙ ඇස් වලින්ද කොහෙද.. එයාගෙයි මගෙයි අතර සටනකින් දිනුව වගේ එයාගෙ දුබුරු ඇස්.. හත් වලාමේ මට කවි සිතුවිලි ආවෙ කොහෙන්ද.. 
# බෑග් එකේම බඩු කීයක තියෙනවද.. 
+ මගෙද... 😱
# හ්ම්...😐
+හරියටම බැලුවොත් නවදාස් හයසීයක් වගේ.. ඇයි මිස් ඒත්…
වීදුරුව වැහුන. මට හිතුන හරවන් යයි කියල ඒත් ආයෙම වීදුරුව ඇරුන.. 
# බෑග් එකත් එක්කම දාන්න ඩිකියට මේ සල්ලි තියා ගන්න... කෑම කන්න තව අලුතින් බෑග් එකක් ගන්න...
එයා සුදු හිනාවක් මං ඉස්සරහින් තිබ්බ.. මං හිටියෙ නින්දෙන් නැගිට්ට එකෙක් වගේ... මගෙ බෑග් එකත් දාගෙන වාහනේ යන්න ගියත් මං පාක් එකේ හිටගෙන හිටිය..  ඇත්තටම උබ කවුද මිස් මං මෙච්චරට අසරණ කරපු...
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ලස්සන කලු පාට බෑග් එකක් අරගෙන මං ඇලෙක්ස් එක්ක නිදහසේ පාරදිගේ ඇවිදන් ආව ඔෆිස් එක පේන මානෙ 
- අද උම්බට හරිගියා නේ දෙනුවන්...
+ මොන හරියෑමක්ද බං බලපං තාම මගෙ ටීම් එකට ඉන්නෙ ලිහිනි විතරයි... තව 4ක් ඕන මැනේජ්මන්ට් එකට...
- බොල ගොනෝ මං කිව්වෙ උම්බට පෑදිච්ච ලක් එක්කට..
+ එයාට අපි ගැන දුක හිතෙන්න ඇති මචන්...
මං අතරමං වෙච්ච ලෝකෙ එලියෙන් තියල ඔෆිස් එකට ගොඩ උනා...
* වාව්  දෙනුවන් සර් ඔයාට අද ලක් එකක් වැදිල නේ... 
ලිහිනි මගෙ ලගට ආව.. විශ් කරන උන්ගෙන් බේරිල මං බොහොම අමාරුවෙන් මීටින් හෝල් එකට පැන්න.. මීටින් එකේදි අසංක සර් ඒ කියන්නෙ ගෲප් එකේ මැනේජර් හැමෝම ඉස්සරහ මාව වර්නනා කරල මුරුංග අතු අග්ගිස්සෙ තිබ්බ... නියමයි කඩන් වැටිච්ච වෙලාවට තමා ඇඩෙන්නෙ ඉතින්...
හැමෝගෙම අයිඩෙන්ටිය තියල යන්න ෆෝම් එකක් තියෙනව පුරවන්න...
අසංක සර් මීටින් එක මැදදි කිව්ව...
" හත්වලාමයි අයිඩෙන්ටිය බෑග් එකේ"
ඒ වෙලාවෙ තමා මට තරු වලත් තරු පෙනුනෙ. කෙලින්ම ඇපත් නෑ ඉතින් අයිඩෙන්ටිය හාන්න කන කට්ට... ලයිසන් එක හාන්න කන කට්ට මං ඉස්සරහ මැවි මැවි පෙනුන..
+ ඇලෙක්ස්.. බං...
මං ඇලෙක්ස්ට ඇගිල්ලෙන් ඇන්න ඌ මීටින් එක අස්සෙ 😴 නිදි උට තියෙන කුරිරු හැකියාව තමා ලෝකෙ ගිනි ගත්තත් සැපට නින්ද යන එක. වෙලාවකට ඉරිසියත් හිතෙනව උට නින්ද යන විදියට. ඇලෙක්ස් ඇහැරුනෙ මාව රෑ කෑමට ගන්න සයිස් බැල්මක් දාගෙන...
- මොක්කද බං නිදියන්න දියංකො...
මුට කියල ප්‍රස්නෙකට උත්තර හොයනවට ලේසී රනිල් ලොක්කට පුටුවෙන් අයින් වෙන්න කියන එක..
+ බූරුවො මගෙ  අයිඩෙන්ටි එක බෑග් එකේ...
- මොන.. ආන්ඩවනේ... යකෝ තෝ දැන්ද කියන්නෙ...
# ඔය ගයිස්ල දෙන්න වෙනම මීටින් එකක්ද.. මං මෙතන මීටින් කරද්දි ඔය දෙන්න වෙන් මීටින් එකක් නම් ඒක කරන්න බෑනෙ දෙන්නම නැගිටල යන්න එලියට... එස්කියුස් මේක් කරන්න හදන්නෙපා දෙන්නම යන්න..
අසංග සර්ට යක්සයගෙ වද පුංචි අම්මගෙ පුතා වැහිල, දෙන්නම එලියට වාස්ප උනා තත්පරේට.. වස නෝන්ඩි හතයි ඇලෙක්ස්ගෙ මූන මලගෙදර වගේ..
-බලපං උබ හින්ද මට මීටින් එක මිස් උනානෙ..
බලකො මේ ගදයගෙ කතාව මූ හිටියෙ ගනබ්බයෙක් වගේ ගොරවන්න ඔන්න මෙන්න සයිස් නින්දක මූ ඒ අස්සෙ කියනව මුට මීටින් එක මිස් උනාලු...😂😂 මෙව්වට හිනාවෙන්න ඇගේ පාට්ස් නෑ දෙන්න හොද උත්තරයක් ගලපගන්න කොටම සරබරාං ගාල වයිබ්‍රේට් දාගෙන මගෙ LG ෆෝන් එක අඩන්න ගත්ත... නොදන්න ඩෑලොග් නම්බරයක්... ඔන්න ඔහේ ඕන පුපක් පන්සීයයි කියල ආන්සර් කරල කනේ තියා ගත්ත...
* හෙලෝ... 
ෆෝන් එක එහා පැත්තෙන් ආවෙ ලාමක ඩබල් ටිං හඩක්.. නිකම් පීකරේ ගැලවිලා වැටෙයි වගේ කටහඩට.. කවුද ඒත් යකූ මේ වෙලාවෙ... මොකක් හරි බඩුවක් විකුනපු එකෙක්ද දන්නෙ නෑ ගහපු බොරු හැටියට ඉතින් ෆෝන් එකෙන් අත දාල ගහන්න උනත් බැරි නෑ..
+ හෙලෝ කවුද මේ.. 
- මේ ඔයා නේද දෙනුවන් සිහින දෑලබන්ඩාර කියන්නෙ
+ ඔ... ඔව් කවුද මේ...
මගෙ වයර් සේරම එක පාර අවුල් ගියෙ වාසගම එක්ක නම කියන්න තරම් දන්න මේ සුවීට් වොයිස් එක තියෙන කෙල්ල කවුද කියල
- මම නේද මම තමයි හවස ඔයාගෙන් ඔයාගෙ බෑග් එකම අරගෙන ඔයාගෙ පර්ස් එකත් හොරෙන්ම අරගෙන ආව එක්කෙනා...
එහා පැත්තෙන් හීනි හිනාවක් ආව... දෙයියනේ මගෙ පර්ස් එක... මගෙ ඔලුවෙ තිබ්බ ලොකූ බරක් එහෙම පිටින්ම රිලැක්ස් වෙලා ගියා...
+ අනේ Thank you soo much මිස් මම හිතා ගන්න බැරිව හිටියෙ කොහොමද පර්ස් එක හොය ගන්නෙ කියල... 
- නිකම්ම පර්ස් එක දෙන්න බෑ ඇවිල්ල අරගෙන යන එකයි ඇත්තෙ.. 
+ හොදයි මිස් මං එන්නම්...ඒත් කොහොමද මගෙ නම්බරේ හොයා ගත්තෙ...
- කෙල්ලො අමාරුවෙ දාන්න චූටි චූටි කොල කෑලි වල නම්බරේ ලියල පර්ස් එකේ දාන් ඉන්නව නේ ඔයා.. අන්න ඒකෙන් කෝල් කලේ...
සිරාවට සවලක් තිබ්බ නම් පොලව හාරගෙන භූගත වෙලා යන්න හිතුන මට. කෙල්ල දීපු උත්තරේට මට ඇප නෑ.. එහා පැත්තෙන් ආයෙ හිනාවක්...
- කොල්ලට ලැජ්ජ හිතුන නේ... ඕකේ බායි ගුඩ් නයිට්...
මට ගුඩ් නයිට් කියන්න ඉඩක් වත් නොතිය එයා කට් කලා... පපුවෙ තිබ්බ බර මොකද්දෝ පරිමානෙකින් වැඩි උනාද මන්ද... ඇලෙක්ස් මොනවදෝ කිව්වද මංද මං හිටියෙ පර්ස් එක හම්බුන සතුටෙන්ද.. වෙන හේතුවකටද කියල නොදැනුනත්... හයිබ්‍රිඩ් එකේ වීදුරුව පාත් වෙද්දි දැක්ක ලා දුබුරු ඇස් දෙක හරි තදට මගෙ ඔලුවෙ තැන්පත්වෙලා තිබ්බ...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
වෙලාව රෑ 01.40 යි බිත්ති ඔරලෝසුව... ලිපිය කෙලවරම පුල්ස්ටොප් තුනක් තියල මං ලොකුවට හුස්මක් ගත්ත... හදා ගත්තු නෙස්කැෆේ එක ඇල් වෙන්නම නිවිල ගිහින්. 
*  අඩෝ සනුකයා... උබ මොකද කරන්නේ.. ආයෙත් උබ කතා ලියන්න ගත්තද...
මහා හයියෙන් කාමරේ දොර  ඇරගෙන ඇතුලට ආපු විශ්ව නිසා මං ඉදපු කල්පනා ලෝකෙන් මාව පහලට ඇදගෙන වැටුන.. විශ්වට කලින් ආවෙ අරක්කු ගද... මූ නම් එකෙන්ම වැට් එකක බස්සල තියන්න ඕන පොරක් තමා... ඌ එන්න කලින් මං ලැප් එක එහාට කලා නැත්තම් ලැපට සොරි ඩොට් කොම්..
+ ඔව් බං පාලුවත් එක්ක මං ආයෙම බ්ලොග් එක ලියන්න ගත්ත... 
- බොරු කතා ලිය ලිය මිනිස්සු රවට්ටන්නෙපා යකෝ...😂😂
+ බොරුවක් නෙවේ බං මේ පාර...
- අනෙ ප්..පලයං යන්න අපි නොදන්න ස්ටෝරි..😴😴 ඒක පැත්තකින් තියහම් මොකටද උබ අපේ බන්දනාගාරෙ ඉන්න එකාගෙ නම්බරේ ඉල්ල ගත්තෙ කෝල් කරල... 
විශ්ව හිටියෙ හොදටම බීල මුට මේ වෙලාවෙ දෙයක් පැහැදිලි කරාටවැඩක් නෑ ඕකට උදේට අමතකයි. හැබැයි පැහැදිලි නොකලොත් වසන්න වෙන්නෙ නෑ මල වාතයක් වෙන්නෙ.. 
+ නෑ මචන් මම ඒකෙ ඉන්න කොල්ලෙක් ගැන බ්ලොග් එකක් ලියන්න යන්නෙ... මාර ස්ටෝරියක් බං ඌ මට කිව්වෙ... මං හෙටත් යනව බං...
මං කතා කරන්නෙ කාමරේ ගෘහ භාන්ඩ හා... මාලු ටැංකියෙ මාලුන්ට බව තේරුනේ ඒ වෙලාවෙ විශ්වය නිදි...😊😊 ලා ගෙරවිල්ලකුත් එක්ක..  හරියට ඇලෙක්ස් වගේ මට කවුදෝ හිත යටින් කෙදිරිල්ලක් ඇහුන... 
නිමක් නැති අකුරු ඇමිනිල්ල ආයෙත්... අද නින්දක් ගන්න වෙන්නෙ නෑ ඉතින්.. මං විශ්වගෙ සපත්තු ගලවල.. බටන් තුනක් පන්නල ෆෑන් එක ඌ දිහාට හරවල ආයෙත් ලැප් එකට එබුන... වචන වලට කවදා හරි පුලුවන් වේවිද යතාර්තයකට, හැගීමකට හරිහමන් සාධාරණයක් කරන්න.. අන්න එදා වෙනකම් මම ලියන්නම්.. ආදරනීය දෙනුවන් මම නුබව අකුරින් සිත්තම් කරමි...
දෙවනි ලිපියට මතුසබැදේ...


Comments System WIDGET PACK