වැරදුනු මනාලි | Waradunu Manali
වැරදුනු මනාලි
අනේ ලොකු බලන්නකෝ..මේකි අපිව විනාස කලා....අම්ම අඩාගෙන ආවේ මගේ දිහාවට....
අනේ ඇයි අම්මා මේ...මොකද උනේ කියන්නකෝ...අඩන්නේ නැතුව...
අනේ බලන්නකෝ පොඩි එකි පැනලා ගිහින්....අම්මා කිව්වේ ලියුම් කෑල්ලක් මට දික් කරන ගමන්...
මො..ක..ක්....දෙවියනෙ...මේ මොනාද වෙන්නේ...මුකුත් හිතාගන්න බෑ...
මගෙ නම සෙනුරි...මගේ නංගිගේ නම මිහිරි...හැමගෙදරකම අක්කට වඩා නංගි ලස්සන උනාට අපේ ගෙදර එකෙ අනිත් පැත්ත...මම නංගිට වඩා ගොඩක් ලස්සනයි...නමුත් ගතිගුණ අතින් මන් වගේම එයත් ගොඩක් වෙනස්...
මම අහිංසකයි..හොදට ඉගෙන ගත්තා...නංගි ගොඩක් දගයි...වැඩිය ඉගෙන ගත්තේ නෑ....ඒ නිසාම නංගි ගොඩක් නරක වැඩ කලා ...කොල්ලො ගොඩක් එක්ක යාලු වෙලා ගෙදරටත් එක්ක ලැජ්ජ කලා...ඒ නිසා ගෙදර අය එකතු වෙලා නංගිට කසාදයක් කරන්න තීරනය කලා...නංගිත් අකමැත්තක් පෙන්නුවේ නෑ...
තව දවස් දෙකකින් නංගිගේ වෙඩින් එක තියෙද්දියි නංගි මේ විදියට පැනලා ගිහින් තිබ්බේ....
අනේ අම්මා..මොනාද දැන් කරන්නෙ ..පොලිසියේ ඇන්ට්‍රියක් දාමු...
දෙන්නත් එක්ක පොලිසියට ගියාම එකේ හිටිය අය කියපුවා ඇහුවම අපරාදේ කියලා හිතුනා මෙහෙ ආවේ....කෝමහරි අපහාස මැද්දෙ දැම්මා පැමිනිල්ලක්...
මායි අම්මයි ගෙදර ආවමයි අම්මා එකපාරට මගේ අතින් තදින් ඇල්ලුවේ...
මම බය උනේ අම්මට ලෙඩක්ද කියලා...
ඇයි අම්මේ මේ...අනේ කියන්නකෝ..නොදැනුවත්ම මගේ ඇස් වලින් කදුලු එනවා....
දුව අර ලමයි හෙට එනවා කිව්වා උදේම...දැන් මොකද කරන්නේ...
අම්මා කිව්වමයි මටත් මතක් උනේ...නංගිට කතා කරලා තිබ්බේ ගොඩක් සල්ලිකාර පවුලක කොල්ලෙක්...එයලාගේ පවුලේ අය මෙහෙ දෙතුන් පාරක් ආවත් ඒ වෙලාවේ නංගි හිටියේ නෑ...ක්ලාස් ගිහින්...එයාලත් කිව්වා පාඩම් වැඩ දිගටම කරගෙන යන්න කියලා ඒ දේවල් වලට බාදා කරන්න එපා කියලා දැන්ම...ඒවගේම මේ එක දවසකවත් ඒ මනමාලයා ආවෙත් නෑ...ඉතින් දැන් වෙඩින් එකට දින දාගත්ත නිසා හෙට එයාලා මෙහෙ එනවා කිව්වා නංගිව බලන්න...
මට හීන් දාඩියත් දැම්මා...අනේ දෙවියනේ..මේක එයාලා දැනගත්තොත්...අපේ පවුලෙ නම්බුව...මගේ අම්මගේ පපුව පැලිලා යයි...
අනේ ඇයි පැංචියේ උබ මෙහෙම දෙයක් කලෙ..උබට අම්ම ගැනවත් හිතන්න තිබ්බා...😭😭😭
අපි දෙන්නම රෑට කෑවෙවෙත් නෑ..පොලිසියෙන් තොරතුරක් ලැබුනෙත් නෑ...අඩලා අඩලම දෙන්නටම මහන්සියි...මාත් රෑ පුරාම කල්පනා කලා මොකද කරන්නේ කියලා...
අන්තිමට උදේ වෙන්න මන් නැගිට්ටේ මගේ ජීවිතේ ඉරනම වෙනස් කරන තීරනෙත් අරගෙන....
මේසේ මත ඔලුව තියන් ඉන්න අම්මගේ උරහිසට අත තියලා නැගිට්ටුවා...
අම්මා...මන් මනමාලි වෙන්නම්....
මොනා...ද...ලොකු...මොකක්ද කිව්වේ...
අම්මා අහන්න මේකට මොනවත් කරන්න නැ වෙන...දැන් නංගිත් නැති එකේ..මට වෙන කරන්න දෙයක් නෑ..අම්මා...ලැස්ති වෙන්න...මම මේ කසාදේ කරලා මගේ පවුලේ නම්බුව රකිනවා අම්මේ..😭😭😭මම අම්මගේ අත අල්ලගනෙම කිව්වා...
ඉතින් මම අද කාමරෙට ගොස් ලැස්ති උනේ මගේ ඉරනම් ගමන යන්න...ලස්සන ඔසරියකින් සැරසුනු මම...නංගි වෙනුවෙන් හදලා තිබ්බ බුලත් හෙප්පුවද අරගෙන පහලට ගියේ මලමිනියක් වගේ...
මම ගිහින් ඇවිත් තිබු මනමාලයා දෙස බලන්නේවත් නැතුව ඔහුට හෙප්පුව ඇල්ලුවේ...හිත ගින්දරෙන් පිච්චි පිච්චි ....
එයාලා අම්මා එක්ක මොනාද කතා කරත් මන් හිටියෙම බිම බලාගෙන...එයාලා යන මොහොත වෙනකන්ම මන් හිටියේ එහෙම..... එයාලා යන්න පිටත් වෙනකොටයි මන් ඔවුන් දිහා බලලා හිනා උනේ...
ඔවුන් දෙස බලද්දි එක් රුවක් අබියස මගේ නෙත නතර උනා... ඒ මනමාලයා... ඔහු ගොඩක් කඩවසම් ...ලස්සනම ලස්සන ඇස් දෙකක් එයාට තිබ්බේ...මන් දෙස මොහොතක් බලා සිටි ඔහු අහක බලාගත්තේ මගේ හිතට දුකක් දැනෙද්දි...
ගෙවුනු දවස් ටික මන් ගෙව්වේ පන නැති කදක් වගේ...නංගි ගැන තොරතුරක් නැහැ...ඒ මදිවට...දන්නේවත් නැති කෙනෙක්ව බදින්නත් වෙලා...හෙට මගේ වෙඩින් එක...
ගෙදර මිනිස්සු ලෑස්ති වෙනවා හොදටම...අම්මත් ඉන්නේ සතුටින්...අම්මට නංගිව අමතක වෙලාම ගිහින්...නැදැයන්ට කියලා තිබ්බේ නංගි යාලුවෙක්ගේ ගෙදර ගියා කියලා එක්ස්සෑම්වලට....
හවස මට මගේ වෙඩින් සාරිය ලැබුනේ මනමාලයගේ පැත්තෙන්...ඔසරිය ගොඩක් ලස්සනයි...ඔහු සල්ලිකාරයෙක් නිසා හොදම විදියට හදලා තිබ්බේ...මට එක්වරම ඔහුගේ රුව මතක් උනා..ඒ ඇස් ඉස්සරහ මන් අසරන උනාදැයි හිතුනා...
එදින රාත්‍රියේම ඔවුන් කියු සැලුන් එකට ගිය මම උදේ වෙද්දී ලස්සනම ලස්සන මනමාලියෙක් වෙලා....අම්මාගේ ඇස් වල කදුලු..ඒ සතුටට...ඒත් මටනම් සතුටක් නෑ එහෙම....
ඉතින් ඔහොම වෙඩින් එකෙ වැඩත් ඉවර වෙලා අපි දෙන්නා හනිමූන් එකට ගියා....
රාත්‍රියේ කෙටි ඇදුමකින් සැරසිලා කල්පනා කරමින් ඇදේ වාඩි වෙලා හිටිය මම ඔහුගේ හඩින් ගැස්සුනා..
ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ...?මම දැක්කා වෙඩින් එක වෙලාවෙම ඔයාගේ මූනේ වෙනසක්....
දෙවියනේ මෙයා කොහොමද එහෙම දැක්කේ...මගේ අම්මවතටවත් ඒක තේරුනේ නෑනේ...
ආආ ...නැ...මේ...මට කියන්න හම්බුනෙ එච්චරයි...ඔහු එක්වරම මගේ දෙතොල් සිපගත්තා..ප්‍රථම වතාවට පිරිමියෙක්ගේ පහස ලැබූ මම උමතු වූවා යැයි සිතමි...ඔහුගේ දෙඅත් මගේ පිටපුරා සැරිසරද්දී....ඔහුගේ ගතටම හිර වෙන සිරුරත් සමග ඒ මොහොම මාව අනන්තෙකට ගෙනගියා කිව්වොත් නිවැරදි..මම කෙදිනකවත් සිතුවේ නෑ...ඔහුට මෙවැනි ලෙස ආදරනීයව මා අසල ඉදී කියලා...
මොනවත් දැනගන්න ඕන නෑ මට...දැන් ඔයා මගේ වයිෆ්...අම්මල මට ඔයාව තේරුවේ හොදට හිතලා බලලා...ඒ නිසා පරන දේවල් ගැන හිතන්න එපා...
අනේ දෙවියනේ ඔහු දන්නවනම්...එයාලාගේ අම්මලා කතා කලේ මගේ නංගිව කියලා...😭😭😭
ඔහු එක්වරම මාව ඇද මත දමා මගේ සිරුරට බර උනා...ඔහුගේ රලු දෙතොල මගේ ගෙල පාමුල දග කරද්දී...දැනුනු පහස මම දරාගත්තේ...ඔහුගේ පිටමත නියරටා අදිමින්...
කෙමින් කෙමින් ඔහුගේ අතින් මගේ රාත්‍රි නිදන ඇදුමේ පටි ලිහිල් වෙද්දී...අපි දෙදෙනා අතර තිබු එකම බාදකයත් ඉවත් විය...මෙතරම් වෙලා නොසන්සුන්ව සිටි අපේ සිරුරු එකිනෙකා වෙලා ගත්තේ ආදරේ උච්චතම අවස්ථාව විදගැනීමටයි...
උදෑසන ඇහැරෙද්දි...මුලු ඇගම රිදුම් දුන්නත් මම යහන මත බැලුවෙමි... මගේ ලැම මත ඔලුව තියාගෙන නිදාසිටින ඔහුගේ රුව දුටුවිට හිතේ හැගිමක් ඇති නොවුනායැයි කිව්වොත් බොරු...සිරුරේ තැනින් තැන ඔහුගේ ආදරයේ සංකේත රැදී තිබුනා...මෙසෙ ඊයේ රාත්‍රියේ නංගිගේ මනමාලයාගේ අයිතිකාරි වෙන්න මට සිදු උනා...
හිතේ දුකක් තිබ්බත් ඔහුගේ ආදරය හමුවේ මම හිටියේ ගොඩක් සතුටින්...ඇත්ත..හිතාගත නොහැකියි...ඔහු මට මෙතරම් ආදරේ කලේ කොහොමද...එක්වරක් දැක තිබ්බත් දහස්වතාවක් දුටුවා මෙන් ආදරේ කලා මෙන් ඔහු මට ආදරේ කලා..😍😍
වැඩක් කරන්න ගියත් ඔහුගේ ආදරේ අඩුවක් නොමැත...
අනේ මැනික බලාගෙන අත කපාගන්නේ නෑ හරිද...අම්මා ...අම්මා...ටිකක් බලන්නකෝ සෙනුරි තුවාල කරගනි කියලා බයයි...
අනේ අනේ දරුවෝ...ඔහුගේ අම්මා මගේ මූන අතගාන ගමන් කිව්වා..
දුව ආපු දවසේ ඉදන් හරිම සිරියාවන්තයි අපේ ගෙදර..මගේ පුතා කවදාවත් මෙච්චර සතුටින් ඉදලා නෑ.. .😍
මම කුස්සියේ ඉදලා එලියට ආවේ ගෙදර මොප් කරන්න කියලා..එක්වරම ඔහු මගේ අතින් ඇල්ලුවා..
මොනාද ඔය කරන්නේ...උදේ ඉදලම වැඩ ...මන් මට වැඩකාරියෙක් නෙමෙ ගත්තේ...වැඩත් කරන්න ඕන ඒත්....ටිකක් මහන්සියි අරින්න මැනික...නැත්තන් මාවත් උදව් කරගන්න...අපි දෙන්නා බැන්දේ ඔයා මගේ ආසාවල් ඉශ්ට කරගන්න තියාගන්න විතරක් නෙමෙ...අපි දෙන්නා එකට බැදුනේ ආදරේ කරන්න..එකිනේකාට උදව් කරගන්න...මම මගේ මැනිකට ගොඩක් ආදරෙයි...ඔහු කිව්වේ මාව ඔහු ලගට අරගෙන මගේ නලල සිපගනිමින්..
ඔහුගේ වචන හමුවේ මගේ දෑස්වලින් කදුලු කැට කඩා වැටුනේ...මගේ නංගිගේ ආදරය සතුට මම මේ විදියට උදුරගත්තා යන හැගීම හිත පෑරුව නිසාවෙන්....
ටික කාලයක් ගත උනේ මගේ මේ ලොකේ සතුට පුරවමින්..ඔහු මගේ හෙවනැල්ල මෙන් ලගින්මයි...ඒ හිතේ මන් ගැන ආදරේ දවසින් දවස උනනන්නේ හරියට උල්පතකින් දිය උනනවා වගේ....😍😍😍
දිනක් උදේ මම ඇහැරෙද්දි...ඔහු ඇදේ සිටියේ නෑ..ඊයේ රාත්‍රියේ පැවසුවා ඔහු අද උදේම නුවර යන බව...දුකයි හිතට.... අද තමා ඔහු ගෙදර නැතිඋනේ පලවෙනී පාරට..ඊයේ රාත්‍රියේ ගලවා දැමු රාත්‍රි ඇදුම ඔහුට පුලුවන් විදියට මට අන්දලා තිබ්බේ මට තිබූ ආදරයටමයි....
අනේ දෙවියනේ මේ තරම් ආදරයක්...😍😍මේ ආදරෙ එක හුස්මක් වෙනස් උනොත් මම මැරිලා යයි...😥😥
මෙසෙ සිත සිතම මම ඇදෙන් බහිද්දි..හිස කැරකෙන ගතියක් එක්ක උගුරට ආවේ ඇස්වලින් කදුලු පිටාරගලද්දි...බඩත් අල්ලගෙන මම දිව්වේ වොශ්රූම් එකට ...හරි අමාරුවෙන් එයින් එලියට ආපු මම ඉක්මනින් ප්‍රෙග්නන්ට් ටෙස්ට් එක කරන්න ගත්තා...
දෙවියනේ...මගේ අත කෙලින්ම ගියේ කුස වෙත ....අපේ දරුවා..😍😍😍එයා ඇවිත්...😍😍අනේ...
මම හයියෙන් කෑගහන්න ගත්තා...
අම්මේ...අම්මේ...අනේ මම පිස්සුවෙන් වගේ කෑගැහුවා....
මොකද දරුවෝ මේ..අම්මත් ආවේ මගේ කෑගැහිල්ල ඇහිලා.....
අනේ අම්මා...මන් ප්‍රෙග්නන්ට් ....😍😍😍අනේ අම්මා මට මාරම සතුටුයි...අම්මත් ඇවිත් මාව බදාගත්තේ පුදුම ආදරේකින්...
ෆෝන් එක ගත්තේ මගේ පනට කතා කරන්න....ඒත්...හිතට පොඩි දගකාරකමක් ආවා ඔහුව පුදුම කරන්න....
ගෙදර අයවත් උදව් කරගෙන...මම මගේ කාමරේ ලස්සනට සැරසුවා....පොඩි ලමයිගේ පින්තුර ගහලා ....බිත්තියේ ලස්සනට අකුරු ටිකක් ඇලෙව්වා...
මගේ පනට සුබපැතුම්....😍😍ඔයා දැන් තාත්තා කෙනෙක්....😍😍
සතුටට මට පිස්සු වගේ... ඔහු එනවෙලාව එනකන් මම ගෙවුවේ පිස්සුවෙන් වගේ...ෆොන් එකත් ඕෆ් කරලා දැම්මා කෝල් කරොත් මගේ වෙනස අහුවෙයි කියලා තිබ්බ බයට...මම මගේ කුස අතගාමින් තනියම කියවමින් කාලේ ගෙව්වේ පුදුම නොයිවසිල්ලකින්....😍😍😍
එක්වරම දොරේ බෙල් එක රින්ග් උනා...මම දුවලා ගිහින් දොර ඇරියත් දුටුව රුව නිසා කකුක් දෙකත් පන නැති උනා....
නංගි...
ඔව් නංගි තමා ...උබට මම ...නංගි කේන්තියෙන් ඇවිත් ගැහුවේ මගේ කම්මුලට ...
උබ මගේ මිනිහාව හොරෙන් ගත්තේ කෝමද ආආ....😤😤😤උබ මගේ අක්කා වෙන්න බෑ...මෙච්චර ලොකු රැවටීමක්...😤😤ඇය නැවත්තත් ගහන්න මට අත ඉස්සුවා...
ඒත් ඒ අත මගේ කම්මුල වෙත පතිත උනේ නැත්තේ කවුරුන් හෝ එම අත අල්ලගත්ත නිසා...
ඒ ඔහුයි....😍ඔහු ඇවිත්...😍😍
මොකද මෙතන වෙන්නේ..ආආ...කවුද උබ...මගේ ගෙදරට ඇවිත් මගේ වයිෆ්ට අත උස්සන්නේ කොමද....
මටනම් නිකන් සිහිකල්පනාව නැ වගේ...මගේ ඇත්ත එලිවෙන්නයි යන්නේ..අද සතුටු වෙන්න ඕන දවසේ මෙච්චර දුකක්....😭😭😭
නංගි මගේ පන ටිකට ඔක්කොම කතාව කිව්වේ එක දෙක කරලා...ඒ ටික කියලා ඉවර වෙනවත් එක්ක මුලු ගේම නිශ්ශබ්ද උනා...ටික වෙලාවක් යද්දි ඒ නිහඩතාව මට දරාගන්න බැරිඋනා...මම අඩ අඩම කට්ටියගෙන් සමාව ඉල්ලුවා...
අනේ සමාවෙන්න ...ඒ වෙලාවේ මන් මේ දේවල් කලේ මගේ පවුලේ නම්බුව රකින්න...සමාවෙන්න ...මම යන්නම්....මගේ ඩිවෝස් එක මන් දෙන්නම්...මම කිව්වේ කදුලු අතරින් මගේ පන දිහා බලලා...තවත් එතන හිටියොත් පපුව පැලිලා මැරෙයි කියලා හිතුන නිසා...මන් දොර වෙත් යන්න ගියා...
මැනික....ඔහු මගේ අතින් අල්ලලා ඔහු වෙත ගත්තා..
කොහෙද මේ යන්න හදන්නේ...😍😍මගේ මැනික...මම ඔයාට වැරැද්දක් කිව්වේ නෑනේ...මන් මෙ හැමදෙම දැනගෙන හිටියේ මැනික...
මට මුකුත් හිතාගන්න බෑ...ඔහු කොහොමද දන්නේ...😍😍
ඔහු මගේ නලල සිපගත්තේ හරිම ආදරනීයව...
දන්නවද මැනික...මන් ඔයාගේ නංගිව පලවෙනියට දැකපු දවසේ ඔයත් එතන හිටියා ...දන්නවද මන් ඒ වෙලාවේ කැමති උනේ ඔයාට....😍😍ඒත් ඔයා නෙමෙ බන්දවන්න හිටියේ ඔයාගේ නංගිව...මට ඔයාවයි බදින්න ඕන උනේ එදා මන් ආයේ හැරිලා යන්න හදද්දි...මන් දැක්කා ඔයා ගියාට පස්සේ ඔයාගේ නංගි බයික් එකක නැගලා කොල්ලෙ එක්ක එතනින් යනවා...ඉතින් මන් වගේම අම්මා දැනගත්තා..මේ වගේ දෙයක් වෙයි කියලා...නොවුනත් කෙලින්ම ඇවිත් ඔයාව ඉල්ලන්න අපි හිතන් හිටියේ😍😍...ඒත් අපි හිතපු විදියට ඒ දේ උනා...මුල ඉදලම මන් ආදරේ කලේ ඔයාට මැනික...😍😍
අනේ.....😍😍මන් ඔහුගේ පපුවට තුරුල් උනා..නංගි නිවසින් පිටව ගියේ හැමොටම සාප කරමින්...
මම කෙලින්ම ඔහු දෙස බැලුවා...මහත්තයා යන්කො දෙයක් පෙන්නන්න තියෙනවා...මම ඔහුවත් එක්කගෙන ගියේ කාමරේට...දොර ගාවදී මන් ඔහුට ඇස් වහන්න කියලා දොර ඇරියා....
දැන් බලන්නකො මහත්තයා....😍😍😍
මැනික ...මෝනාද මේ ...ඔහුගේ කට බාගෙට ඇරුනේ බිත්තියේ තිබු වචනේ දැකලා...😍😍
ඔහු එක්වරම මාව අරගෙනා මාව අතොරක් නැතුව සිපගන්න ගත්තා...😍😍
අනේ මැනික ....මේ තරම් සතුටක් මට...😍😍ඔහු කිව්වේ උතුරා යන සතුටින් මාව බදාගෙන....
මමත් ඒ උනුහුමට තුරුල් උනේ පුදුම සැනසීමකින්....හැම ආත්මෙම මේ ආදරේ මගේ වෙන්න කියලා හිතලා...😘😘ඒත් මේ කතාවෙදි මන් එක දෙයක් දන්නවා...
ඒ...මන් නෙමේ....වැරදුනු මනමාලි....😍😍කියලා...
