වැරදි පෙම | Waradi Pema
වැරදි පෙම
මගේ මහත්තයෝ
අද මගේ කෙල්ලගේ ලස්සන
අනේ යන්න බොරු නොකියා
බොරු නෙමෙයි මගේ මැණික ගොඩක් ලස්සනයි.
අද අපි කොහෙද යන්නෙ මහත්තයෝ
එන්නකො යන්න මාත් එක්ක බය නැතුව.
මම මොකටද ඔයත් එක්ක යන්න බය වෙන්නේ ඔයා මගේ ආදරේ .
පිස්සු කෙල්ල බයික් එකට නගින්න.
හරි මහත්තයා යමු අපි...
ඇයි මගේ මහත්තයා අපි මේ ගැස්ට්ක් එකට ආවේ?
මගේ පණ බය ද මගෙත් එක්ක මෙහෙම ගමනක් එන්න
බය නම් නැහැ ඒ උනාට
ඒ උනාට කියන්නේ මාව විශ්වාස නැද්ද?
ගොඩක් විශ්වාසයි මහත්තයෝ
නිසංසලා ෂෙහාන්ට ගොඩක් ආදරේ කළා ඒ උනාට ශෙහාන් සෙල්ලක්කාර කොල්ලෙක් එයාට නිසංසලා එක කෙල්ලෙක් විතරයි..
එහෙනම් යමුකෝ
මට ගොඩක් ආදරෙයි නේද මහත්තයෝ?
ගොඩක් ආදරේ මගෙ මැණික. ගලවන්න මේ ඇඳුම
මට බයයි මහත්තයෝ
බයවෙන්න එපා කවදා හිටියත් මේ දේවල් මම දකිනවනේ ඒ නිසා ගලවන්න රත්තරන්
මං කවදාක්වත් දාලා නම් යන්න එපා රත්තරං මම මැරේවි
කවදාක්වත් නෑ මැණික.
(එදා ශෙහාන්ගේ අතින් නිසංසලා ගෑනියෙක් වුණා එදායින් පස්සේ නිසංසලව නිතරම ශෙහාන් room වලට එක්කගෙන ගියා.
මහත්තයෝ ඔයාට කියන්න දෙයක් තියෙනවා
ඒ මොකක්ද මැණික?
තාම මට අසනීප වුණේ නැහැ දැන් දවස් පහුවෙලා.
ඒකත් එහෙමද? හරි හරි බය නැතුව ඉන්නකෝ මම චූටි වැඩක් මම ඔයාට ටිකකින් කෝල් එකක් ගන්නම්.
හරි මගේ මහත්තයෝ පරිස්සමින්
ශෙහාන් ටික ටික නිසංසලාව මග ඇරියා. මේ අතරේ නිසංසලා දැනගත්තා නිසංසල අම්මා කෙනෙක් වෙන්න යන්නේ කියලා.
මහත්තයෝ මාව ඇවිත් එක්කන් යන්න
පිස්සුද හලෝ?
ඇයි මහත්තයෝ මට ඔහොම කතා කරන්නේ මගේ බඩේ ඉන්නේ ඔයාගේ ළමයා මහත්තයෝ
කවුද දන්නෙ උඹ තව කීදෙනෙක් එක ගියාද කියලා?
මොනවද දෙයියනේ කියවන්නේ.
ජරා ගෑනියේ මට මගේ පාඩුවෙ ඉන්න දීපං වදයක් නොවී පලයන්.
(නිසංසලා කොච්චර වැද වැටුනොත් බොරු හේතු මවාගෙන ශෙහාන් නිසංසලව අතහැරලා ගියා)
නිසංසලාගේ බඩට මාස 9 කුත් වුණා...
නිසංසලාගේ තාත්තා ටිකක් කේන්ති යන කෙනෙක්.
බලනවා මේකිගෙ වැඩ නිසා මට පාරෙ බැහැල යන්න බැරි වෙලා තියෙන්නෙ
කෙල්ලට බණින්න එපා ඒ කෙල්ලට ළමයෙක් හම්බ වෙන්න ඉන්නේ.
ඒක මම දන්නවා තාත්තෙක් නැති ළමයෙක්නේ.
අඬන්න එපා මගෙ දුවේ තාත්තා ගැන ඔයා දන්නවනේ. ඒ නිසා හිතන්න එපා
මේක මගෙ වරද අම්මේ මම නිසයි ඔයාලා කතා අහන්නේ.
දැන් හොඳටම රෑ වෙලා මගේ දුව කාල නිදා ගන්න කල්පනා කරන්නත් එපා අඩන්නත් එපා ඒක බඩේ ඉන්න ළමයට හොඳ නෑ.
(එදා රෑම නිසංසලා ගෙදරින් ගියා ඒ තවත් එයා නිසා අම්මාටයි තාත්තාටයි දුකක් දෙන්න බැරි නිසා හැබැයි එදා ගොඩක් වැස්ස. නිසංසලා කිසි දෙයක් හිතන් නැතුව පාර දිගේ ඇවිදගෙන ගියා මහන්සිය වැඩි කමටම ඇස් දෙකක් බොඳ වෙලා තිබුණේ ඒ නිසා එයාටම ඉස්සරහින් එන වාහනය පෙනුනෙ නෑ එයා කලන්තේ දාලා වැටුනා...)
(පැය දෙකකට පසු)
නිසංසලාට සිහිය එනකොට හිටියේ හොස්පිටල් එකේ එයාගෙ එයාගෙ ලග හිටියා.
මිස් කලබල වෙන්න එපා ඔයාටයි ඔයාගේ දරුවටයි කිසිම කරදරයක් නෑ. අපි ගොඩක් බයවුණා ඔයාට සිහිය තිබුනේ නැති නිසා. ඒ උනාට ළමයගෙ වාසනාවට වෙන්න ඕනේ කිසිම කරදරයක් නෑ දෙන්නටම.
මව කවුද මෙහාට අරගෙන ආවේ .
ඔයාව මෙහෙට අරගෙන ආවේ doctor ගයාෂාන් එයාම තමයි ඔයාගේ ඔපරේෂන් එකත් කරේ. සර් තව ටිකකින් මෙතනට ඒවි ඔයාව චෙක් කරන්න එතකන් හාන්සි වෙලා ඉන්න ඔයා ටිකක් දුර්වලයි ඒකයි.
(ටික වෙලාවකට පස්සෙ doctor ගයාෂාන් ආවා)
දැන් කොහොමද ඇඟට අමාරු ද ?
දොස්තර මහත්තයෝ ඔයාට ගොඩක් පින් ඔයා නිසා තමයි මමයි මගේ පුතා ජීවත් වෙන්නේ.
හරි ඒ උනාට මේ වගේ තත්ත්වයක් තියාගෙන මහ රෑ තනියම කොහෙද යන්න හැදුවේ? කෝ මේ ලමයගෙ තාත්තා.
(නිසංසලා අකුරක් නෑර හැමදේම කිව්වා)
හරි දැන් ඔයා කල්පනා කරන්න එපා ඔයාගේ ඇඟ තාම ගොඩක් දුර්වලයි ළමයට කිරි දෙන්න ඕනේ ඒ නිසා කල්පනා කරන්න එපා.....
ඔහොම ටික දවසක් ගෙවිල ගියා නිසංසලා ටිකට් කපාගෙන ගෙදර යන දවස ලං වුණා
දොස්තර මහත්තයෝ මම යන්න කියලා
දැන් කොහෙද යන්න හිතාගෙන ඉන්නේ?
අම්මා ලඟට තමයි මහත්තයෝ. මම කියලා වෙන කොහේ යන්නද මට තියෙන එකම දුක මගේ දරුවට තාත්ත කෙනෙක් නැති එක ඒ උනාට මම කොහොම හරි මගේ ළමයව හදාගන්නවා.
හරි මං එක්ක යං මම ගෙදරට ගිහින් දාන්නං
අනේ මහත්තයෝ මම නිසා කරදර වෙන්න එපා
එහෙම කරදරයක් නෑ අපි යමු.
(නිසංසලා ගෙදරට ආවා)
අනේ මගේ දුවේ කොහෙද ගියේ අපි කොච්චර බය වුනාද?
මම නිසා ඔයාලා කතා අහන නිසා මට ගෙදර ඉන්නේ හිතුන්නෑ අම්මේ.
මගෙ දුවේ මට සමාවෙයන් එදා කෑගැහුවට හිතේ වේදනාව ටයි දුකටයි එදා මට කේන්ති ගියේ.
මගෙන් සමාව ගන්න එපා තාත්තේ ඔයාලා මට කොච්චර ආදරේද ඒක මම දන්නවා. එදා මේ මහත්තයා නැති වෙන්න මම අද මේ ලෝකේ නැහැ මගේ ළමයත් නෑ.
මහත්තයෝ ඔබතුමාට ගොඩක් පින් මගේ කෙල්ලගෙ ජීවිතය බේර ගත්තට.
මට පින් ඕනි නෑ අම්මේ. මම කැමතියි නිසංසලාට හොඳ මහත්තයෙක් වෙන්න ඒ වගේම එයාගේ පුතාට තාත්තා කෙනෙක් වෙන්න.
මං වගේ කාලකන්නි කෙල්ලෙක් නිසා දොස්තර මහත්තයෝ ඔයාගෙ ජීවිතේ විනාශ කරගන්න එපා.
මම මේ තීරණය ගොඩක් හිතලා ගත්ත දෙයක් මම දන්නවා මම වැරදි නෑ කියලා මම කරන්නේ හරි දේ කියලා.
ඒ උනාට මහත්තයෝ
ඒ උනාට නෙමෙයි මම කැමති ඔයාව බඳින්න.
(ගයාෂාන් නිසංසලාව කසාද බැන්දා ලොකුවට කසාදෙ ගත්තෙ නැති වුනාට ගොඩක් ලස්සනට තිබුනා ඒක)
අවුරුදු පහකට පසු
පුතා ලැහැස්ති වෙන්න තාත්ත අද කලින් එනවා කිව්වා පන්සල් යන්න..
හරි අම්මේ මම ලෑස්ති වෙන්නම්
කියනකොටම ඔය ආවෙ තාත්තා. මහත්තයෝ ඉඳගන්න මම තේ එකක් හදාගෙන එන්නම්
මහන්සි වෙන්න එපා මේ චූටි පැටියත් බඩේ තියාගෙන..
අනේ මොන මහන්සියක් ද මගේ මහත්තයට තේ එකක් හදලා දෙන එක .
මගේ තාත්තා ආවද මොනාද ගෙනාවේ මට????
ආව මගේ පුතේ ආ මගේ පුතාට ගොඩක් ආදරෙයි මගේ පුතාට මම. තව ටික දවසකින් පුතාට සෙල්ලං කරන්න චූටි මල්ලියෙකුත් එනවා.
අම්මා කිව්ව අද පන්සල් යනවා කියලා තාත්තා
ඔව් පුතේ අපි යමු. සුදු නෝනා අපි යමු නේද රෑ වෙන්න කලින් ගිහිල්ලා එමු.
යමු මගේ මහත්තයෝ...
(ඒ තුන්දෙනා පන්සලට ආවා)
සුදු නෝනා ඉන්න මම හඳුන්කූරු පහන්තිර එහෙම අරගෙන එන්නම්.
පරිස්සමෙන් මගේ මහත්තයෝ..
අම්මේ අර අංකල් ලග කඩල තියෙනවා මට අරගෙන දෙන්නකෝ.
හරි යමු අපි
මට කඩල ගොට්ටක් දෙන්නකෝ
නිසංසලා
මොනවා ශෙහාන් ඔයා කඩල විකුණනවා?
ඔයාට කරපුව ට තමයි
මොකද උනේ ඔයාට
ඔයාගෙන් පස්සෙම තව කෙල්ලෙක් එක්ක යාළු වුණා ඒ කෙල්ල වත් රූම් එක්කගෙන ගියා මම මේ කෙල්ල එයාගෙ අයියට කෝල් එකක් දීලා කියලා එක එදා ඔයාගේ තිබුන පිරිසුදුකම එයාලගේ තිබුණෙ නෑ මට තේරුණා මම රැවටුනා කියලා ඒ උනාට පරක්කු වැඩියි ඒ කෙල්ලගේ අයියලා මාව බලෙන්ම ඒ කෙල්ලට බන්දලා දුන්නා. මේ කෙල්ල දෙතුන් දෙනෙක් එක්කම ගිය කෙල්ලෙක් හැමදේම දැනගන්නකොට මම ගොඩක් පරක්කු වැඩි වුණා නිසංසලා. දැන් ඒකිට තව මිනිහෙක් ඉන්නවා මගේ හැමදේම නැති වුණා ඒකිව අතාරින්න බෑ මට එහෙම කරොත් මාව මරණවා එයාගෙ අයියලා මට මගේ ගෙදරක් නැති වුණා ඒ කෙල්ලව බැන්දා නිසා මොනවා කරන්නද මේක මගේ කරුමය.
ඔයා නිසා මට රත්තරං වගේ මනුස්සයෙක් හම්බවුණා දැන් බඩේ ඉන්න එයාගෙ ළමයෙක් අනිත් කෙනා කවුද කියලා දන්නවනේ නේද ඔයා. අපි ගිහිල්ල එන්නම් පරිස්සමට ඉන්නකො මගේ හිතේ තරහක් නෑ.......
සුදු නෝනා අපි යමු එන්න පුතේ වඩා ගන්න.
නිසංසලා ගයාෂාන් ට ලං වෙලා යන විදිය ශෙහාන් බලාගෙන තමන් කරපු පවු ගැන කල්පනා කරා ...
ආදරය කියන්නේ පූජනීය බැඳීමක් ඒකට බොරු කළොත් ජීවිතෙන් ඇත්ත ආදරයක් හම්බ වෙන්නේ නෑ....
ඒ වගේම වැරදි පෙමකට පස්සේ හරි පෙමත් හම්බවෙනවා ඒක අනිවාර්යයි
වැරදි අඩුපාඩු ගොඩක් ඇති ඒකට සමාවෙන්න
මම අසින්ත සෙනෙවිරත්න